Tuesday, April 2, 2013

ටෙන්ඩර් (දෙවන කොටස)

පළමු කොටසින් අපි කතා කලේ ටෙන්ර් හෙවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ න්‍යායාත්මක පැත්ත ගැනයි. මෙම කොටසේදී ප්‍රායෝගික අත්දැකීම් ගැන විස්තර කිරීමට බලාපොරොත්තු වේ.
පසුගිය සටහනට පසුව අදහස් දැක්වූ බොහෝ දෙනෙකු කී පරිදිම නීතියෙන් රිංගා යාමට විවිධ උපක්‍රම භාවිතා කරයි. මේ ඉන් කිහිපයකි.

එක් භාණ්ඩයකට අනන්‍යවූ පිරිවිතර(specification) යොදා මිල කැඳවීම.
මෙහිදී සිදුවන්නේ කලින් හඳුනාගත් යම් භාණ්ඩයකට අදාල යම් යම් ලක්ෂණ මිල කැඳවීම් ලිපියට ඇතුලත් කිරීමයි. එහි අනිවාර්ය ප්‍රතිඵලය ලෙස අදාල භාණ්ඩය පමණක් ඉතිරිවන ලෙස අනෙකුත් සියල්ල ඉවත් කලහැකිය. මෙය කාඩ් කුට්ටමෙහි සලකුණු යොදා කරන සූදු ක්‍රීඩාවට සමානය. නීතියෙන්ද රිංගා යා හැකිය :)

එකම ස්ථානයකින් මිල ගනන් කැඳවීම.
සමහර ව්‍යාපාරිකයන් සතුව ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරයට අමතරව තවත් ලියාපදිංචි ව්‍යාපාර නාම ඇත. එවන් ස්ථානයකින් නීත්‍යානුකූල ලෙස මිල කැඳවුම් තුනක්(අවම වශයෙන්) ලබාගත් විට ඕනෑම භාණ්ඩයක් නීතිමය රාමුව යටතේම මිලදීගැනීමට හැකිය.

කලින්ම විවෘත කිරීම.
මෙය සිදුවන්නේ මිල ගනන් භාරදුන් ආයතනවල නියෝජිතයන් සහභාගී නොවන අවස්ථාවලදීය.

රජයේ කොන්ත්‍රාත්
ප්‍රසම්පාදන විෂය සම්බන්ධව ඇති චෝදනා බහුල ක්ෂේත්‍රයක් වන්නේ ඉදිකිරීම්, මාර්ග නඩත්තු, පාලම් බෝක්කු ඉදිකිරීම වැනි ව්‍යාපෘතීන්ය. ප්‍රාදේශීය පාලනය යටතේ පවතින මෙවැනි දෑ සම්බන්ධ කොන්ත්‍රාත් කරුවන් වන්නේ ප්‍රාදේශීය දේශපාලකයන් බව ඔබ දකින්නට ඇත. මීට හේතු වන්නේද නීතියෙහි පවතින යම් යම් අඩු ලුහුඩුකම්ය. උදාහරණ ලෙස යම් ගමක සිදුකලයුතු මාර්ග අළුත්වැඩියා කටයුත්තක් එම ගමේම ඇති සමෘද්ධි සමිතියකට හෝ ගොවි සමිතියකට ලබාදිය හැකිය.(කොන්දේසි සහිතව). ගම්වල අක්‍රිය තත්වයේ ඇති මෙවන් බොහෝ සමිතිවලට මෙවැනි කොන්ත්‍රාත්තුවක් කිරීමේ හැකියාවක් නැත. මෙවිට යම් අයෙකු විසින් සමිතියේ නමට කොන්ත්‍රාත්තුව ලබාගෙන කාර්ය සිදුකරන අතර සමිතියේ සභාපතිට ලේකම්ට භාණිඩාගාරිකට සුළු මුදලක් අතමිට මෙලවූ පසු ගණුදෙනුව අහවරය. මෙම නීති වෙනස් නොවන තාක් අක්‍රමිකතා වැලැක්වීම උගහටය.

ටෙන්ඩර් සම්බන්ධ මගේ විෂය පථය වූයේ මිලදීගැනීම් කටයුතු පමණි. මිලදීගැනීම් මූලිකව, කාර්යාලයේ අවශ්‍යතාවයන් සඳහාත් මන්ත්‍රී ප්‍රථිපාදන යටතේ විවිධ සමිතිසමාගම්- පුද්ගලයන්ට බෙදීමටත් මිලදීගන්නා ලදී. කාර්යාලයේ අවශ්‍යතාවයන් සඳහා කල මිලදීගැනීම් සම්බන්ධයෙන් ගැටළුවක් නොවූ අතර ආයතනයේ ප්‍රධානීන්ගේ උපදෙස් අනුව කලහැකි විය. මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිපාදන යටතේ මිලදීගැනීම් සිදුකිරීම තරමක් අභියෝගාත්මක වූ අතර එයට දේශපාලකයින් සම්බන්ධවූ අවස්ථාද විය. මීට කලින් මෙම කටයුතු සිදුකල නිලධාරියා දේශපාලකයන්ගේ අප්‍රසාදයටද ලක්විය. කෙසේ වුවද අපට උපදෙස් ලැබී තිබුනේ "භාණ්ඩය ලබාගන්නා තැතැත්තා සෑහීමකට පත්විය හැකි ආකාරයෙන්" කටයුතු සිදුකරන ලෙසයි. මෙවන් අවස්ථාවලදී වුවද ප්‍රශ්න පැනනැඟීම වැලැක්විය නොහැකි විය. උදාහරණයක් ලෙස යම් සමිතියක් සඳහා ප්‍ලාස්ටික් පුටු මිලදීගෙන ඔවුන්ට ලබාදියයුතු යයි සිතන්න. සමිතියේ ඉල්ලීම X නම් වෙළඳ නාමයේ පුටු ලබාදෙන ලෙසයි. වෙළඳ නාම යටතේ මිල කැඳවීම් කලවිට විගණනයේදී කරුණු දැක්වීමට සිදුවේ. එවිට සිදුවන්නේ සාමාන්‍ය පරිදි මිල කැඳවුම් කර අදාල වර්ගයෙන් පමණක් මිල ගනන් එවන මෙන් වෙළඳ ආයතන වලට දැන්වීමයි.
සමහර අවස්ථා වලදි ප්‍රථිපාදන වෙන්වන්නටද කලින් අවශ්‍ය භාණ්ඩ පිළිබඳව සොයාබලන පුද්ගලයින් ඇත. ඔවුන් කාර්යාලයට පැමිණෙන්නේ "මහත්තය, මම කොටේෂන් තුනකුත් අරගෙන ආවෙ" යයි කියාගෙනය. ඔවුන් අසතුටු නොවන ආකාරයෙන්ද දූෂණයක් සිදු නොවන ආකාරයෙන්ද කටයුතු කිරීමේ හැකියාව නිලධාරියා සතුව තිබිය යුතුය. උක්ත වාක්‍යට පිළිතුරු වාක්‍යක් මා සකස්කරගෙන තිබුනි.
"මෙහෙමයි මහත්තය, අපිට ටෙන්ඩර් ගෙන්නගන්න ඕන තැපෑලෙන්, ලියුම් කවර එහෙමත් තියෙන්න ඕන, හරි ඔයාට ඕන හොඳම බඩුව ගන්න නේද? අපි මේ තැන් වලටත් දාන්නං මීට වඩා අඩු තැනක් ලැබුනොත් එතනිං ගනිමු, නැත්තං මෙතනිං ගනිමු"
එවිට චෝදනාවක් එල්ලවීමේ අවදානම අඩුය.‍

දිනක් එක්තරා තරුණයෙක් මාවෙත පැමිණි අතර ඔහු අපූරු යෝජනාවක් කලේය.
"මහත්තය මං හාව පැන්න ගමේ, අහවල් මන්ත්‍රීතුමාගෙං රුපියල් විසිපන්දාහක් ඇවිල්ල තියනව වතුර මෝටරයක් ගන්න. මට ඒක අහවල් හාඩ්වෙයාර් එකෙං ගන්න බැරිද?"
"ඒ මොකද"
"ඇත්තම කියන්නං මහත්තයට, මට ඕන සල්ලි ගන්න" මෙවන් අවස්ථා බොහොමයක් ඇත. (මේ යෝජනා කරන්නන්ගෙන් බහුතරය සංඝ්‍යා වහන්සේලා(?)ය. වරද මෙම "බඩු බෙදීමේ" ක්‍රමවේදය බැව් හිස අතගා ටොක්කක්ද ඇන ප්‍රකාශ කලේ අරුණි ෂපිරෝය)
"සල්ලි දෙන්න නං අපිට බෑ. ඒ වගේම ඔයා කියන තැනින් බඩු අරන්දෙන්න පුළුවන් කියල පොරොන්දු වෙන්නත් බෑ. මෙහාට බඩු ගෙනල්ල තමයි අපි ඔයාට භාරදෙන්නෙ. ඊ‍ට පස්සෙ අපේ වගකීම ඉවරයි" කතාව එතැනින් අවසන් වූ අතර උපකරණය භාරගැනීමෙන් පසුව එය "මුදල් කලබව" පසුව ආරංචි විය.
තවත් දිනක එක්තරා සංඝ්‍යා වහන්සේ කෙනෙක්ද උක්ත යෝජනාවම කල අතර උන්වහන්සේද හාවා පැන්න ගමේ විහාරස්ථානයේය.
තවත් දිනක මිනිසෙක් පැමිණ එවැනිම යෝජනාවක් කලේය. මා එක්වරම විමසුවේ ඔහුගේ ගම පිලිබඳවය.
"මහත්තයෝ මම හාව පැන්න ගමේ" :)

මේ තවත් හාස්‍යජනක සිද්ධියකි.
දිනක් කාර්යාලයට ආසන්න ව්‍යාපාරික ස්ථානයකින් මිල ගනන් තුනක් රැගෙන නියෝජිතයෙකු පැමිණියේය.
"මෙන්න මහත්තය අර වතුර මැෂින් ගන්න එකට මිල ගනං ගෙනාව" ඒ වනවිට මෙම මිලදීගැනීම මාවෙත පැමිණ තිබුනේද නැත.(හොරාට කලින් කෙසෙල්කැන වැට පැනීම)
"මොකද්ද? එහෙම එකක් මං දන්නෑ"
"මේක දෙන්න කිව්වෙ .........මන්ත්‍රීතුමාගෙ කාර්යාලෙං, එහෙනං මහත්තය ලඟට තාම එන්න නැතුවැති". (අනේ එයාල කොච්චර කාර්යක්ෂමයිද)
"මම මේක තියාගන්නං. මගේ ලඟට ආවම ආයෙත් ටෙන්ඩර් දාන්න ඕන" මිල ගනන් මා තබාගත් අතර මිලදීගැනීම ලක්ෂ හතර හමාරක පමණ විය. එම මුදලින් එක්තරා වර්ගයක වතුර මෝටර මිලදීගතයුතු විය. ආයතන හයක් හතක් පමණ අඩංගුකොට මිල කැඳවඋ අතර අඩුම මිලගනන් ඉදිරිපත් කර තිබුනේ වෙනත් ආයතනයකිනි. මුලින් මා වෙත පැමිණි නියෝජිතයා නැවත මා හමුවිය.
"මහත්තය මේ මැෂින්එක ගෙන්නන්නෙ අපි. අපේ බොස්ගෙ නමේ අකුරු වලින් තමයි මේ xyz නම හැදිල තියෙන්නෙත්. ඉතිං පිට කෙනෙක් අපිට අඩුවෙන් දෙන්න බෑනේ, එක්කෝ මේක හොර එකක් වෙන්න ඕන" ඔහුගෙ කතාව සත්‍ය විය හැකි නමුත් එක් ඒජන්තයෙකු අයිතිකරුටත් වඩා අඩු මිලට සපයයි නම් අපි කුමක් කරන්නද? මා ඔහුට එය පැහැදිලිකල පසු ඔහු පිටවී ගියත් ප්‍රශ්නය අවසන් නොවුනි. ඉන්පසු කතා කලේ මන්ත්‍රීවරයාගේ කාර්යාලයෙනි,
"මහත්තයා අපිට අර වතුර මෝටර වගයක් ගන්න ඕන. ටෙන්ඩර්එක ගිහිල්ල තියෙන්නෙ අහවල් තැනට නෙවේලු නේද?"
"ඔව් ඊටත් අඩුවෙන් මිල ගානක් ඇවිල්ල තියනව"
"ඒ උනාට මහත්තයා අපිට ඕන ඒ වර්ගෙන්, අවුරුද්දක වොරන්ටියකුත් ඕන. ඒක දෙන්නෙ අරගොල්ල විතරයි නේද?"
"ඒ වර්ගෙම තමයි, වොරන්ටිය මාස හයයි දෙගොල්ලගෙම, මේගොල්ලගෙ රුපියල් පනහක් අඩුයි ඉතිං අපිට දෙන්න වෙන්නෙ අඩු තැනට"
"මහත්තය අපිට ඕන අවුරුද්දක වොරන්ටියක් අරගොල්ල කිව්ව දෙන්නං කියල"
"නෑ මට එවපු මිල ගනනෙ තියන්නෙ මාස හයයි කියල. එහෙම උනොත් ආයෙ ටෙන්ඩර් දාන්න වෙනව" ඉන්පසු මා කතාකලේ අඩුව ලංසුකරු වෙතය.
"මහත්තය මම ඇත්තම කියන්නංකො, ඔය මෝටරේ අපි ගන්නෙත් xyzල ගෙන්ම තමයි. මම 50ක් අඩු කරල දැම්ම"
"xyzල කියනව අවුරුද්දක් වොරන්ටි දෙනව කියල?"
"එයාලට එහෙම කරන්න බෑ. එයාල අපිට දෙන්නෙ මාස 6ක වොරන්ටියක්. අපිට එකකුයි තවත් කෙනෙකුට තවත් ගානකුයි දෙනව නං එයාගලෙන් බඩුගන්න එක අපි නවත්තනව"
කෙසේ හෝ නැවත ටෙන්ඩර් කැඳවූ අතර අවුරුද්දක වගකීම් කාලයට අමතරව අනෙක් නියෝජිතයාට වඩා රුපියල් සීයක්ද අඩුකර භාණ්ඩ මිලදීගැනීමට අපට හැකිවිය.

රජයේ ගණුදෙනු බොහොමයකදී දෙසැම්බර් තිස් එක් වැනිදායින් මුදල් වර්ෂය අවසන් වන අතර අන්තිම දිනයේදීද මිලදීගැනීමට අදාල යෝජනා පැමිණේ. මෙහිදී අපට සිදුවන්නේ අඩුම මිලගනන් කෙසේ වුවත්, කෙසේ හෝ මිලදී ගැනීමටය. දුරකථනයෙන් මිල විමසා අදාල චෙක්පත් ලියා පසුව මිලදීගැනීම් සිදුවන අවස්තා බොහෝය.

18 comments:

  1. හැම දේටම වඩා ඔය අන්තිමට දාපු ජේදේ කියන දේවල් නං සහතික ඇත්ත. වවුචර නැතිව චෙක් ලියනවා ඉතුරු සල්ලි ටික ඉවර කරන්න...

    ReplyDelete
  2. හම් හම්... රාජ්...

    ReplyDelete
  3. මෙව්වගෙ සෑහෙන්න කැපිල්ල තියෙනවා අපේ කොම්පැනි වලනම් රජයේ චාන්ස් අඩුයි නේ... :) හැබැයි සප්ලයර්ස්ලත් එක්ක බේරෙන්න බැරි මාසේ අන්තිමේ සල්ලි ගෙවන කොටයි.

    ReplyDelete
  4. මේක රාජ් මොළේ සැහැල්ලු වෙලාවක බලන්න ඕනේ..
    දැන් ලෝඩ් කරොත් අම්මප පුපුරනවා...

    ReplyDelete
  5. මෙහෙව් රටකට කෙදින පායයිදෝ සුර්යයා....

    ReplyDelete
  6. Loopholes කියන එව්වත් නීති සම්පාදනය කරන කොටම හිතලා දාපුවා වගේ බාං. :D

    ReplyDelete
  7. ශ්‍රේෂ්ඨ ගොරබචොව් ගේ පෙරෙස්ත්‍රොයිකා ආණ්ඩුව මතක් වුනා. :D

    ReplyDelete
  8. රාජ්‍ය ආයතනවල මේ ක්‍රියවලිය ගැන මගේ අත් දැකීම් ලියන්න ගියොත් පොතක් ලියන්න වෙනවා. කොටින්ම ටෙන්ඩරේ කියන්නෙ හොරකමට තවත් නමක් වගෙයි.. අවංකව වැඩ කරන මිනිස්සු වැඩිකල් රාජ්‍ය සේවෙ ඉන්නෙ නෑ. එක්කො අවංකකම නැතිවෙනවා නැත්නම් මිනිහා යන්න යනවා./යවනවා. .. හාමුදුරුහොරු ගැන නම් කියලා වැඩක් නෑ. අර තීරුබදු රහිත.. ඕං ඕං වැට පැන්නා.

    ReplyDelete
    Replies
    1. privet company wala apeta may wage post watinawa.
      Ayyandi Tender gana post ekak liyana.
      Jayawewa

      Delete
  9. දෙසැම්බර් 31 ඉවර වෙන්නෙ ජනවාරි කීවෙනිදායින්ද

    ReplyDelete
  10. ඇත්තටම රාජ් මෙහෙම සේවාලාභීන්ට මහත්තයා කියන වචනෙ පාවිච්චි වෙනවද රාජ්ය සේවෙ? නැත්නම් මේ ඔයා පුද්ගලිකව කතා කරන හැටිද?

    ReplyDelete
    Replies
    1. ඒක මම කරන දෙයක්. මම කිව්වට මම විතරක්ම නෙවේ. එහෙම කියන උදවිය ඕන තරම් ඉන්නව. සමහර නිලධාරීන් ඉන්නව තමුන් සාමාන්‍ය මිනිස්සුන්ට ඉහලින් ඉන්නව කියල හිතන උදවිය. එයාල නං එහෙම කියන්නෙ නෑ.

      මහත්තය කියනවට අමතරව අයියේ මල්ලී නංගී මාමේ ...ආදී වශයෙනුත් කියනව. :-)
      මනුස්සයෙකුට නම්බු දීල කතා කලාම එයා සතුටු වෙනව වගේම අපි එක්ක ඇරගන්න එනවත් අඩුයි. (අතින් යන එකක්යැ)

      Delete
    2. ස්තුතියි..තව ප්‍රශ්නයක් අහන්නද? ඔබතුමා 1999-2000 කාලෙ ගම්පහ පැත්තෙ කරක් ගැහුවද රිවිශන් පන්ති වල එහෙම :)?

      Delete
    3. නැහැ. මම හම්බන්තොට බුවා. ගම්පහ ගිහින් තියෙන්නෙත් අතේ ඇඟිලි ගානට. :-)

      Delete
    4. Public Services eky oyla wage tawa 1000 hityanam.
      Jayawewa

      Delete
  11. අපූරුයි... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  12. අම්මපා වැදගත් ...
    ටෙන්ඩර් කැදවීම සහ එස්තිමේන්තු ක්‍රියාවලිය ගැන කරුණු කාරනා සිංහලව දැන ගැනීමේ ඉඩ අඩුයි. අයියණ්ඩි මේ කරන දේ වටිනවා ! ජය වේවා

    ReplyDelete