Thursday, June 4, 2015

පොලිස් ගොන්කම්, පොලිස් නෝන්ජල්කම් සහ පොලිස් පිට කොන්ද

සිරි ලංකාවේ පොලිසිය ගැන මේ දවස්වල කතා කතා බොහොමය. යහපාලන ආණ්ඩුව කලින් ආණ්ඩුව තරම් ම පොලිසියට බලපෑම් කරන ආකාරයක් පෙනෙන්නට නැත. නමුත් සමහර දේවල් යහපාලනයට නම් එකඟ නැත.

කොටකෙතන ඝාතන සැකකරුවන් කිහිප දෙනෙකු පසුගිය සතියේ නිදහස් කල අතර ඔවුන් නිදහස් කිරීම අරභයා ගම්වාසීන්ගෙන් මතුවූ විරෝධය පාලනය කිරීමට ජල ප්‍රහාර එල්ල කිරීමට පවා සිදුවිය. සැකකරුවන් නිදහස් කිරීමට හේතුවූයේ ඩී.එන්.ඒ නොගැලපීමයි. එහෙත් ඝාතනය කල ශරීර වලින් ලබාගත් සැක කටයුතු ඩී.එන්.ඒ වලට ගැලපෙන ඩී.එන්.ඒ. වෙනත් අයෙකු සමඟ ගැලපුනද ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම විශ්මයජනකය.

සිරිලිය නම් ගිණුමක් විවෘත කිරීමේදී සිදුවුනා යයි කියන ව්‍යාජ හැඳුනුම්පත් අංක පිළිබඳ සිද්ධියක් වෙනුවෙන් කට උත්තර ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම් ලැබ තිබූ හිටපු ජනාධිපති ආර්යාවට, පොලිසියට යාම වෙනුවට කථානායක [මස්සිනාගේ] නිල නිවසට පොලිසිය යාම තවත් විහිළුවකි. ගමේ ඉන්න සිරිපාලලා පොල් හොරකමක් කලද, පොලිසියට ගෙනගොස් ඇටකටු කුඩුකර ප්‍රශ්න කරන ශ්‍රී ලංකා පොලිසිය ජනතා මුදල් වංචා කල කම්බා හොරුන්ගේ දෙපතුලට යාම හොඳම විහිළුවයි.

දකුණු පළාත් ධීවර අමාත්‍ය ඩී.වී. උපුල්ගේ ප්‍රකාශයකින් නින්දේ සිටි පොලිසිය නිදිගැට කඩා අවදි වූ ආකාරයක් පෙනෙන්නට තිබුනි. මහින්ද රාජපක්ෂ අගමැති කර පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයේ නිලධාරීන්ට ගල් ගසා මරන බව රැස්වීමකදී ඔහු ප්‍රකාශ කලේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකට අනුව මේ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

මෙම ඇමතිවරයා සම්බන්ධ සිද්ධි දෙකක් මගේ මතකයේ ඇත. පසුගිය පළාත් සභා ඡන්දයට කලින් ඡන්දයේදී ගනන් කිරීමේ මධ්‍යස්ථානයේ ශාලාවක් අසල මෙම පුද්ගලයා කලහකාරී ලෙස හැසිරුන අයුරු දක්නට හැකි විය. මනාප ගණනයේදී සිදුවූයේ යයි කියන අක්‍රමිකතාවයක් හේතුවෙන් තමන්ට අසාධාරණයක් වූ බවත් ශාලාවේ රාජකාරී කල නිලධාරීන්ගේ ඡායාරූප ලබාගෙන 'එලියේදි ගනුදෙණු බේරාගන්නා බවත්' ඔහු ප්‍රකාශ කලේය. එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් කසාය බිව් ගොළුවන් සේ සිටියා විනා කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු නොලැබීය.

අනෙක් අවස්ථාව ලංගම බස් සේවකයෙකුට ඇමතිවරයාගේ ගෝලයෙකු පහරදුන් අවස්ථාවයි. සේලයින් ගනිමින් රෝහලේ සිටි ලංගම සේවකයා බලහත්කාරයෙන් එලියට ඇදදමා ගෝලයා බේරා ගැනීමට ඇමතිවරයා කටයුතු කරද්දී ද පොලීසිය සිටියේ නිහඬවය. තර්ජනය පොලිසියට එල්ලවී ඇති මේ අවස්ථාවේ පොලීසියේ 'පිටකොන්දේ' ශක්තිය බලාගත හැකි වනු ඇත.

41 comments:

  1. ඔය යකා වගේ ඇග තිබුනට මොලේ නැති හරක් ඕන තරං හම්බන්තොට තව ඉන්නවා

    ReplyDelete
  2. අයිසෙ රාජ්, මොනවද මේ?
    තැන් තැන් වලින් අහුලගත්තු නිවුස් කෑලි ටිකක් අමුණල පොස්ට් එකක් දාල.
    පත්තරේ විස්තරේ මීට වඩා හොඳයි අයිසෙ.

    ReplyDelete
    Replies
    1. අයිසෙ මේ ලිපිය බාගෙට ලියද්දි ඔය කතාව මටම හිතුන බං. :-)
      මේ දවස්වල රයිටර්ස් බ්ලොක් වගේ. ඔන්නොහෙ දැම්ම. කොහොම උනත් අව්‍යාජ ප්‍රතිචාරයට බොක්කෙන්ම ස්තුතියි.

      Delete
    2. අයිසේ ඇනෝ පහුගිය දවස්ටිකේ මොකද පෙන්න හිටියේ නැත්තේ ?

      Delete
    3. අයිසෙට සමර් එක උදාවෙලා!

      Delete
  3. අර DNA ගැලපෙච්චි කතාව මොකක්ද ඒක මං දැනං උන්නේ නෑනේ? ඩී වී උපුල් නම් අමුම අමු හරකෙක්නේ. මේක දැකල උඹයි මායි එක්කත් එළියේදි බේර ගන්න එයිද දන්නෑ.. හැක්.

    ReplyDelete
    Replies
    1. නිදහස් වුන සැකකරුවන්ගේ ඩීඑන්ඒ ගැලපිලා නෑ. නමුත් වෙනත් අයෙකුගේ(කලින් පරීක්ෂා කල) ඩීඑන්ඒ, මරණ වලින් ලබාගත්ත ඩීඑන්ඒ එක්ක ගැලපිලා තියනව. පරීක්ෂණ කරපු ආයතනය මේ බව දන්වලත් තිබුන. නමුත් පොලිසිය නිසි ක්‍රියාමාර්ග අරගෙන තිබුනෙ නෑ.

      Delete
    2. //ඩී වී උපුල් නම් අමුම අමු හරකෙක්නේ.//
      ඒ විතරක් නෙමේ මෝඩ මූසලයෙක් :D

      Delete
  4. කොන්ද පණ නැතිකම පොලිස්පති කමටත් වඩා ලොකුයිලු.

    ඔය ඇමතියයි මුතුහෙට්ටියයි එකට ඈඳල ගත්තනං හරි රටේම කුඹුරු ටික හාගන්න.

    ReplyDelete
    Replies
    1. තව දෙතුන් දෙනෙක් ඉන්නව ඔ්න නං

      Delete
  5. ශාලාව ඇතුලෙ හිටපු නිලධාරීන්ගේ පිංතුර ගන්නෙ කොහොමද බං.

    ReplyDelete
    Replies
    1. එලියට එද්දි. උදේ මේ සීන් එක උනේ. නමුත් පින්තුර ගැනීමක් උනේ නෑ.

      Delete
  6. ඉරාජ්ගෙ "පොලිසිය" සින්දුව මතක්කුනා.

    ReplyDelete
    Replies
    1. යූ ටියුබ් නැති නිසා ලින්ක් එක හොයාගන්න බැරිවුනා. නැත්තං දානව.

      Delete
  7. උපුල්වගේ තමයි ඔහුගේ රජතුමාත් ඒකාලෙ. රාජ්ට මතකද රන්ජිත් අතපත්තුට ගහපු එක?

    ReplyDelete
  8. 'සැකකරුවන් නිදහස් කිරීමට හේතුවූයේ ඩී.එන්.ඒ නොගැලපීමයි. එහෙත් ඝාතනය කල ශරීර වලින් ලබාගත් සැක කටයුතු ඩී.එන්.ඒ වලට ගැලපෙන ඩී.එන්.ඒ. වෙනත් අයෙකු සමඟ ගැලපුනද ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු නොකිරීම විශ්මයජනකය.'

    මේ කාරණේ නං පැහැදිලි මදි. ඝාතනය වූ අයගේ ශරීර වලින් ලබාගත් භාහිර ද්‍රව්‍යය වල වූ ඩීඑන්ඒ වෙනත් අයෙකු සමගගේ ඩීඑන්ඒ සමග සමපාත වුවා නං, ඒ කියනා අයගේ ඩීඑන්ඒ ලබාගත්තේ කොහොමද? මට දැනගන්න තියෙන විදියට ඔය කියන පුද්ගලයාගේ ඩීඑන්ඒ ලබාගෙන තිබෙන්නේ මුල් වටයේ ඝාතන සිදුවූ අවස්ථාවේ ඒ අසල තිබු බුලත් කෙල පහරක ඩීඑන්ඒ පරික්ෂා කිරීම මගින් බවයි. ඒ ඇරෙන්න කිසිවෙක් අත්තඩංගුවට අරන්, ලබාගත් ඩීඑන්ඒ ඔය කියන ඝාතන සමග සම්බන්ධ නෑ. ඉතින් එතකොට පොලිසියට දොස් කියන්නේ කොහොමද අත්තඩංගුවට ගන්නේ නෑ කියලා. පොලිසිය දන්නවායැයි මේ කවුද කියලා.

    පොලිසිය මේ ගැන හොයන්න ඕනි නිසා සැකකටයුතු අය අත්තඩංගුවට අරං ඒ අයගේ ඩීඑන්ඒ සමග පරික්ෂා කරන කොට මාධ්‍යය කෑ ගහනවා මෙන්න මිනිස්සුන්ව නිකන් අත්තඩංගුවට ගන්නවා කියලා. ආයේ බනිනවා අත්තඩංගුවට ගන්නේ නෑ කියලා.

    අනික රාජ් ඩීඑන්ඒ කියන සාක්ෂි මතම ලංකාවේ උසාවිය වැරදි කරු තීරණය කරන්නේ නෑ. අනිකුත් සාක්ෂි සමග මේ කාරණය සමපාත වෙනවාද කියන එකයි මුලිකවම බලන්නේ. දන්නේ නැත්තන් නොදන්නා ගෙවල් ගැන දන්නවා වගේ ලියන්න එපා. ඩීඑන්ඒ මගින් වැරදිකරු උනත් අනෙකුත් සාක්ෂි නැත්තම් ලංකාවේ නිතිය අනුව දඩුවම් ලැබීමේ අවස්ථාව ඉතාම අඩුය. ලැබෙන්නේ නැතිම තරම්ය.

    ReplyDelete
    Replies
    1. මේක එච්චර හිතන්න අමාරු දෙයක් නෙවේ ඇනෝ. මල සිරුරු වලින් ලබාගත් dna සහ මුලින් ගත්ත dna එකක් සමාන බව පෙනුන නං මුලින්ම කරන්න ඕන දේ තමයි ඒ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම. නමුත් ඒ වගකීම පැහැර හැරිය පොලිසිය.
      මේ ගැන ඇහුවම පොමාප්‍ර. කිව්වෙ ඒ පුද්ගලය‍ෙ හොයාගන්න බැරිවුනා කියල. අන්න ඒ කතාවෙන්ම තේරෙනව පොලිසිය වගකීම පැහැරහැරල කියල.

      Dna වල තාක්ෂනය නං හරියටම දන්නෙ නෑ. නමුත් dna සමාන නං එයාගෙන් ප්‍රශ්න කලයුතුයිනෙ.

      Delete
    2. අනේ මේ රාජ්, තමුසෙත් හරියට අර ජේවීපී කාරයො වගේනෙ? බොරු නීති හදනව තමුන්ට ඕනෙ එවුන්ට මඩ ගහන්න ඕනෙ වුණාම. ඊට පස්සෙ බොරු තර්ක දාල උන්ව වැරදිකාරයොත් කරල ඉවරයි. ඉස්සෙල්ලාම රටේ අපරාධ නීතිය, අපරාධ නඩු විභාග කාර්යය පටිපාටිය, සාක්ෂි අඥාපණත, සඥෙය වරද සහ සඥෙය නොවන වරද සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න සහ අපරාධ සම්බන්ධයෙන් පොලීසියේ කාර්යභාරය ගැන දැනුවත් වන්න. මෝඩ කතා කියල නිකන් රට්ටු හිනස්සන්න එපා.

      Delete
  9. කරුමේ කියන්නේ රාජ් තවමත් අපේ සම හරක් මුන්ට චන්දෙ දෙන එකනේ. අන්න ඒ ආසේ යූ ඇන් පී පලා බබෙක්ගේ හත්තක්ම අල්ලලා කුඩු එක්ක. මේ වගේ සෑම පක්ෂයකම ඉන්න ජන තුරන් වඳ කිරීමේ වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි.

    ඔන්න ඔයාගේ පහසුව සඳහාම මගේ බ්ලොගර් අඩවියට පිවිසීමට ලාංකීය සිතුවිලි සින්ඩියේ පහසුකම් සැලැස්සුවා.

    ReplyDelete
    Replies
    1. //ඒ ආසේ යූ ඇන් පී පලා බබෙක්ගේ හත්තක්ම අල්ලලා කුඩු එක්ක//
      මොකක්ද විචා මේ හත්ත? එතන හු යන්න වියයුතුයි නේද?

      Delete
    2. බලන්න එක වයසෙ මාමල දෙන්නෙකුගෙ වෙනස. :-)

      විචා,
      අන්න එහෙම එන්න.

      Delete
    3. හැලපේ.

      ජහ ජහ ඔහොම යං..

      Delete
    4. හිහ් හිහ් හී........ හදිස්සියට ටයිප් කොරන්න ගියාම හුණුකරුප තමා වදින්නේ. හත්තක්ම නෙවෙයි හැත්තක්ම. ජන තුරන් නෙවෙයි ජන සතුරන්

      Delete
    5. * බලන්න එක වයසෙ මාමල දෙන්නෙකුගෙ වෙනස. :-) *

      හි හි හි හි හි හි ....:D //

      Delete
    6. \අන්න ඒ ආසේ යූ ඇන් පී පලා බබෙක්ගේ හත්තක්ම අල්ලලා කුඩු එක්ක./

      මේ වගේ සද්ගුණවත් වැඩ පටන් ගන්න අදාළ කාලේ එනකල් කොච්චර අමාරුවෙන්ද ඉවසන් ඉන්න ඇත්තේ.
      පව් අප්පා...... පුදනකොටම කාපියකා කියන්නෑහේ ඌව අහුවෙලා.

      Delete
    7. oya naaki hamaa wichaaraka innawa neda pol booruwek gal mayinek kolu baappek

      Delete
    8. අඩෝ විචාරක, නිකන් බොරු බේගල් කෙලින්නෙ නැතුව ඉන්නවා ඕයි. එක්සත් ජාතික පක්ශයෙ කුඩුකාරයො තක්කඩි නැහැ. එජාපයෙ ඉඳල පැනපු උන්නම් අනිත් පැත්තෙදි එව්වට ඇබ්බැහි උනා ඔය උඹලගෙ මහලොකු බයි රජාගෙ ආසිර්වාදෙන්. දැන් පක්ශෙ සුද්දයි ඒවගේම් කුඩ්ඩන්ට, හොරුන්ට තක්කඩින්ට නෝ චාන්ස්. ඔය කියන් එකා සුවර් මරාගෙ කාලකන්නියෙක්. උඹලට ඉතින් තමන්ගෙ වාසියට කබරයො තලගොයි කර කර මඩ ප්‍රචාරය කරන එකෙන් තොර පැවැත්මක් නැහැ නේද?

      Delete
  10. ඔව් දැන්වත් නීතිය ක්‍රියාක්මක කරයිද බලමු...

    ReplyDelete
  11. අප්පා ලංකාවේ මැර මැර ඒවානේ වෙන්නේ බලන් ගියාම

    ReplyDelete
  12. පොලෝසිය ගැන කතා කරලා වැඩක් නෑ. කාටවත් පැහැදීමක් නෑනෙ.

    ReplyDelete
  13. ඔය ඩී වී උපුල් කියන්නෙ මැරයෙක් වගේ පෙනුමක් තියෙන මනුස්සයෙක්. නමුත් උපුල් කිය්නනෙ හම්බන්තොට ඉන්න මැර දේශපාලකයින් රෑනක එක් අයෙකු පමණයි.

    ReplyDelete
  14. අර දෙමළ ෆිල්ම් වල හැම වෙලෙම ඉන්දීය පොලිසීය බාල්දු කරල දාල ෆිල්ම් හදනවා වගේ තව කාලයක් ගියාම මෙහෙ ෆිල්ම් වලත් එ විදිහට හැදේවි මේ යන විදිහට.

    ReplyDelete
  15. උපරිව්‍යුහගත දේශපාලනය හැම එකකටම බලපානවා. ජෝන් සෙනෙවිරත්න පරාල්මේන්තුවේ සෑහෙන ප්‍රමාණයකට බලපාන චරිතයක් වගෙයි පේන්නෙ...

    ReplyDelete
  16. පොලිසිය ගැන නම් තියෙන්නේ අපුලක්.අපරාධ පරීක්ෂණයෙදී පොලිසිය තරමක් ඉදිරියෙන් සිටියත් දේශපාලනය කරන්න ගිහින් චටර් වෙලා තියෙන්නේ.

    ReplyDelete
  17. අපේ මාරයා අයියටත් හොඳටම මළ පැනලා තියෙන්නෙ මේ දවස් වල ඔය කොළඹ පිරිසිදුව තබා නොගන්න සීන් කෝන් එක ගැන. මොකද අපේ මාරයා අයියා උපන්දා ඉඳලා හැදුනෙ වැඩුනේ සිංගප්පූරුව, ඩුබායි වගේ කුණු ඇබින්දක් වත් හොයා ගන්න බැරි බත් එක බිම දාලා කන්න පුළුවන් තරම් පිරිසිදු තැන් වලයි. ඉතින් කොළඹ නගරයේ පාරවල් අපිරිසිදු වෙලා තියෙනවා දකිනකොට මාරයා අයියාට මළ පනින එක අහන්නත් දෙයක්ද? අනික අපේ ආරක්ෂක හමුදාවේ රණවිරු අයියලාගෙන් රටට අවශ්‍ය දේශප්‍රේමී මෙහෙවර වන රාජපක්ෂ උතුමාණන්ගේ පවුලට සේවය කිරීම නොගන්න එක ගැනත් මාරයා අයියාට කණගාටුයිලු. පහුගිය දහසක අපේ මාරයා අයියා කොළඹ ගිහිල්ලා රෙන්ඩ බර හැදිලා බේරෙ වැව අයිනෙ කාරිය කොළාම ඒක සුද්ද කරන්නවත් කුරුළු හමුදාවෙ සාජන් කෙනෙක් වත් හිටියෙ නැතිලු. මේකද යකෝ යහපාලනය කියන්නෙ? අපේ මාරයා අයියා මහින්ද අගමැති කරන්න දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ ඒකයි. අපේ දුමී අයියාත් සෑහෙන සහයෝගයක් දෙනවා ඒකට.

    ReplyDelete
  18. අපේ පොලිසියේ අපරාධ පරීක්ෂණ හැකියාව ඉතා ඉහළ මට්ටමක තියෙනව කියලයි මට හිතෙන්නෙ. හැකියාව තිබුනට කොරන්නෙ නැත්තං වැඩක් නෑනෙ.
    අර සතාසිවම් නඩුවෙ වංගෙඩියයි මෝල් ගහයි මිනී මැරුවය කියල විත්තිකරුවන් නිදහස් වුනාට පස්සෙ ඇත්ත මිනී මරුව හොයන්න පොලිසිය කටයුතු කළාද දන්නෙ නෑ. මං හිතන්නෙ ඒ කාලෙ වුනත්, අල්ලගත්ත සැකකාරයා නිදහස් වුනොත් ආයේ හෙවිල්ලක් කරන්නෙ නෑ. අනිත් එක, අවුරුදු ගානක් ගිහින් නඩු තීන්දුව එනකොට ආයෙ සැකකාරයො හොයන්න සාක්කි හොයාගන්නත් අමාරුයිනෙ.

    ReplyDelete
  19. හැමතැනකටම ජරාව වල බැහැල තියෙන රටක ඩී එන් ඒ පරීක්ෂණය හරියට කලා කියල හිතන්න පුළුවන්ද රාජ් ? ඒ දෙපාර්තමේන්තුව විතරක් කාන්තාරයක ක්ෂේම භූමියක් වගේ වෙලා තියෙන්න ඇත්ද ?

    ReplyDelete
  20. කොටකෙතන ඝාතන උනේ පොලිස් පරීක්ශණ කළේ, නඩු ගොණු කලේ අහවල් උතුමාණන්ගේ කාලෙදි. ඒ ඝාතන වලට කවුද කෙනෙක් සම්බන්ධයි කියලත් කිව්වනේ. ලගකදි උනේ එම නඩුවේ තීන්දුව දීපු එක. ඒකට යහපාලනේට දොස් කියල හරියන්නේ නැහැ. වැරදි වාර්ථා ඉදිරිපත් කරපු අයට පොලිස් කොමිසමෙන් දඬුවම් කළ යුතුයි.

    ReplyDelete