Tuesday, June 30, 2015

මේ සිටින්නේ ඇත්තම මහින්ද රාජපක්ෂයි.

මේ අන්තර්ජාලයේදී අහම්බයෙන් මුනගැසුන ඡායාරූපයකි.

හිටපු ජනාධිපතිවරයා පන්සලක් තුලදී සපත්තු පැලඳ සිටින බව සඳහන් කරමින් එය පලවී තිබිනි. පන්සල් ඇතුලේදී වුව එක එක්කෙනාගේ සපත්තු පැලඳීම් හෝ ගැලවීම් ගැන අමාරුවක් අපට නැතත් ඡායාරූපය වටහා ගැනීම පැත්තෙන් වැදගත්ය. සටහන කියවීමට මත්තෙන් ඡායා රූපය මිනිත්තුවක් පමන නරඹන්න. ඔබට වැටහෙන්නේ කුමක්ද? දැන් රේඛාවෙන් පහල සිලෙක්ට් කර සටහන කියවන්න.

-------------------------*-------------------------*------------------------------
මහින්ද රාජපක්ෂ මහතා නිරන්තරයෙන් පන්සල් ඇසුරු කරන්නෙකි. සංඝයාට ගරු කරන්නෙකි. අතේ බරට පිරිත් නූල් බැඳ සිටින්නෙකි. බෝධි පූජා සඳහා සහභාගී වන්නෙකි. සංඝ්‍යා වහන්සේලාගෙන් නම්බු නාම ලැබූවෙකි. නිතර දන්ත ධාතුව-ශ්‍රී මහා බෝධිය වඳින්නෙකි. කොටින්ම මහින්ද රාජපක්ෂ යනු සිංහලබෞද්ධයන්ගේ අසහාය නායකයාය. ඒ අපට දෘශ්‍යමාන වන මහින්ද රාජපක්ෂයි.

ඡායා රූපයේ සිටින මහින්ද රාජපක්ෂ පන්සලේ සිටින්නේ සපත්තු පැලඳගෙනය. ගමේ සිරිපාලලාට සුමනාවතීලාට ආගම, ධර්මය, පන්සල පිළිබඳව ඇති ගෞරවය-භක්තිය මහින්ද මහතාට අැති බවක් පෙනෙන්නට නැත. සිරිපාලලා සුමනාවතීලා මෙන් සංඝයා පිළිබඳ ගෞරවයක් ඔහුට නැති බව වටහා ගැනීමට ඔහු හිඳගෙන සිටින (සංඝයා වහන්සේ වැඩසිටින අසුනට සම) අසුන දෙස බැලීම ප්‍රමාණවත්ය. මේ සිටින්නේ සංඝ නායකයන්ගේ කීමට පිටින් දලදා මාලිගාව වටා කාර් රේස් පැවැත්වූ පුතාගේ ජනාධිපති පියාය. දේශපාලන පලිගැනීම් නවත්වන්නැයි සංඝ නායකයන් කියද්දී ෆොන්සේකාගෙන් එලව එලවා පලිගත් හිටපු නායකයාය.

ඡායා රූපයේ පහලට ඇස් යොමු කරමු. පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර තම ස්වාමියාගේ සරම පහලට අදින්නේ සපත්තුව වැසීමටය. නැතිනම් සුලඟ නිසා දිස්විය හැකි වැල්ල වසීමටය. ස්වාමියාගේ අසූචි ජිව්හයෙන් පිස දැමීමට සූදානමින් සිටින මෙවැන්නන් ස්වාමියාගේ නිරුවත වැසීමට නිරුවත් වීමට ඕනෑම විටෙක සූදානමින්ය. ඒ වෙනුවෙන් දෙපා මුලට මස් කටුවක් විසිකිරීම ප්‍රමාණවත්ය. මේ අධිකරණය සියතට ගත්, පාර්ලිමේන්තුව මිටට ගත්, රට සෙල්ලමට ගත් වැඩවසම් මහින්ද රාජපක්ෂය.

මේ ඇත්තම මහින්ද රාජපක්ෂ යයි කීවේ එබැවිනි.


-------------------------*-------------------------*------------------------------

[මහින්ද රාජපක්ෂට වඩා මහින්ද රාජපක්ෂ වීමට දඟලන සජිත් ප්‍රේමදාස වැනි පුස්සන්ටද මෙය මේ ආකාරයෙන්ම අදාලය]

-------------------------*-------------------------*------------------------------

බ්ලොග් දෙකක්:
01.ලිවීම නවතා සිටි දමිත් කේතක බ්ලොග් ලියන ලකුණු පෙනේ. නොදන්න මඟුල් කථා කිරීමට/දැනගැනීමට‍ ඔහුගේ බ්ලොග් අඩවියට ගොඩවිය හැකිය.

02.හෙට එච්චර කලුවර නැතැයි කියා "හැන්දෑවේ" ලිවිල්ල නැවැත්වූ මාලන් සමරවික්‍රම හා රැඩිකල් බ්ලොග්කරුවකු වන ජේමිස් බණ්ඩාගේ සටහන් තවමත් කියවා නැතිනම්, "(අ)සම්මත සටහන් | හෙට එච්චර කළුවර නොවන්නට!" වෙතින්.

35 comments:

  1. ඇමරිකාවේ සියලුම ප්‍රාන්ත වල සමලිංගික විවාහ සදහා අනුමැතිය ලැබීම පිලිබදව, සමලිංගික රනිල්ට ජන්දය දීමට සිටින රාජ් මොකද හිතන්නේ.

    රනිලා මේ ජන්දෙන් දින්නොත් වෙන්නේ මානසික ලෙඩක් වෙන සමලිංගික විවාහය මෙහෙත් පටන් ගන්න එක. එව්වට අපි ඉඩ දෙන්නේ නෑ. ජරා සමලිංගික නඩය පරදවන්න කටයුතු කරන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. උඹට කවුද අතවරයක් කරලා වගේ. පව්. මීට පස්සෙ ඇබයක් ගහගෙන හිටපන්.

      Delete
    2. සමලිංගික රනිල්ට ජන්දය දීමට සිටින රාජ් මොකද හිතන්නේ//

      මගේ ඡන්දෙ හොයාගන්න පුළුවන් උඹ ඔය ප්‍රශ්නයට උත්තරේ දන්නෙ නැද්ද?

      Delete
  2. මේ වගේ පර බල්ලෙක් ආපහු අගමැති කරනවට වැඩිය හොඳයි යම රජ්ජුරුවො අගමැති කරන එක. මහින්ද පරයා පරද්දන්න එක ඡන්දෙකින් හරි දායක වෙන එක හැම දේශප්‍රේමියකුගේම යුතුකම. එහෙම නොකර පෞද්ගලික ලාභ වලට මූට හා මුගේ හොරු රැළට ඡන්දෙ දෙන එවුන්ගේ දරුවන්ටත් සාප වදීවි.

    ReplyDelete
    Replies
    1. මෙ වැහිකාලෙ ඔය අයියාට කන්න තණකොල ඇති තරං වැවිල තියනවා

      Delete
    2. මහින්ද පරයා දැන් කන්නෙ තණකොළද? ඌටම ගැළපෙන කෑම!

      Delete
  3. මේ ඇත්තම මහින්ද...

    මට මතක් උනේ මැකියාවෙලි ගෙ කුමාරයා. “ආගම, සත්‍යය, ජාතිකත්වය වැනි ඕනෑම සංකල්පයක් යොදාගෙන හෝ, විනාශ කර බලය ඇල්ලිය යුතුය... බලය රැකගත යුතුය...“

    ReplyDelete
    Replies
    1. ඈ ගොන් පන්ඩිතයො ආගම ජාතිය විනාශය නැතුව බලය ලබාගත්ත ඒකම අවස්ථාවක්වත් තියනවද මනුෂ්‍යය ඉතිහාසේ... ඇමරිකාවෙ, රුසියාවෙ (සෝවියට් දේශයේ) , චීනයේ, ඉන්දියාවේ මැදපෙරදිග, දකුනු ඇමරිකාවේ, මෙක්සිකෝවේ, ජපානේ, අප්‍රිකා මහද්වීපේ.... වෙන කොහේහරි... ?

      නිකන් බොරු කයිවාරු නැතුව ඉදපන්

      Delete
    2. සිරිසේනය ජනාධිපති උනෙත් නැගෙනහිට තම්බින්ට වෙනම කලාපයක් දෙනවා කියල උතුරේ හමුදාව අයින් කරනවා, හිරේ ඉන්න කොටි එළියට දානවා, උතුර නැගෙනහිර එකතු කරල දෙමළුන්ට දෙනවා කියලනෙ. TNA එක ගෙයින් ගෙට ගිහින් සිරිසේනට ඡ්න්දෙ දෙන්න කියල කිව්වේ ඒකනෙ

      Delete
    3. දැන් වෙනම කලාප දුන්නෙත් නෑ හමුදාව අයින් කළෙත් නෑනෙ. තෝ වගේ බයියෝ කියාපු පච සෙට් එක දැන් පැහදිළියි නේද?

      Delete
  4. අපි මයින්දය හොරා බව දන්නවා. කතා විලාසයෙන්ම අපට ඒ ව්‍යාජබව පේනව. ඒක අතිබහුතරයක් දන්න් එකක්. ඒක නෙමේ පුරස්නෙ. අලුත් පරපුරේ කලාකරුවො කියන දේවල් වලට , පොංගු තමිල් සැනකෙලි පවත්වනකොට , සුළු ජාතික ජාතිවාදය ප්‍රධාන ප්‍රධාන බලපෑම් කණ්ඩායම් වෙනකොට කොහොමෙයි මයින්දයට චන්දෙ නොදී

    ReplyDelete
    Replies
    1. ඇයි සිංහල අයට වෙසක් පොසොන් සැණකෙලි තියෙනව නම් දෙමළ අයට තමන්ගෙ උත්සව සමරන්න බැරිද? ඒවට මහින්දගෙ අප්පොච්චිගෙන් අවසර ගන්න ඕනැද?

      Delete
    2. මහ බැංකුවට සුද්ද කලාට රනිල් නං හොරා නෙමෙයි,

      දෙමළ මිනිස්සුන්ගෙ සැනකෙළි වලට සිංහල මිනිස්සු කවදාවත් හරස් කපල නැ හැබැයි කොටි සැනකෙළි වලට රනිල්ගෙ පොන්න රැලයි NGO කාක්කොයි ඇරුනහම සිංහල මිනිස්සු විරුද්ධයි

      Delete
    3. කොහේද කොටි සැණකෙළි තිබ්බෙ මී හරකෝ? පච නොකියා හිටපන්. ජාතිවාදී සිංහල මිනිස්සු නෙවෙයි තෝ වගේ මහින්දගෙ බයි සෙට් එක.

      Delete
    4. මහින්දයා උස්මුරුත්තාවට එනකල් පවුලත් එක්කා කාලා ගිය රටේ තව හොරකම් ගැනත් මුන් කතා කරනවානෙ!

      Delete
  5. තැන්කුයි. වර්ඩ්ප්‍රෙස්.. ඉතිං කියවෙන්නෑ බං..

    ReplyDelete
  6. ඔහේ ලියනවට ලියන්නෙ කියවන්න යමක් ලියපංකො බං.උඹේ පෝස්ට් එකත් එකයි,දාල තියෙන ලින්ක් දෙකත් එකයි.

    ReplyDelete
  7. මමත් දැක්කා ඔය ඡායාරූපය ලංකාදීප නිවුස් සයිට් එකේ දාලා තියෙනව. ඒ දවස්වලම ඔය වගේ තව එකක් දාලා තිබුන. ඒක නම් වැරදීමක්, ඒත් ඉතිං පේන හැටියට එයත් හාමුදුරුවොන්ට වැඳල තියෙන්නෙ හැඟීමකින් තොරව. මහින්දගෙ පන්සල් යෑම වගේ තමා.

    http://www.lankadeepa.lk/index.php/articles/325198



    කොහොම උනත් මේ පාර මහමැතිවරණයෙන් පස්සෙ ඔය ඉසරදෙත් දෙකෙන් එකක් වෙයි. නැත්නම් සැත්තෑවිය පිරුණු එතුමා මේ පාරවත් විශ්‍රාමයයි. මේ මැතිවරණයෙන් මටනම් පේන එකම හොඳේ එච්චරයි.

    ReplyDelete
  8. මේ සපත්තු පිහදන්නේ විජයසිංහ ජයවිරු මුදියන්සේලාගේ උදිත ලොකුබණඩාර.. එයා ලෙසියෙන් එහෙම කෙනෙක්ගේ කකුල් ලෙවකන්න.. අහ්.. නෙවෙයි පිහදාන්න යන්නේ නෑයි කියල පස්සේ කියලත් තිබ්බ.

    ReplyDelete
  9. මොකාද මේ රාජ් කියන්නෙ, දෙමළෙක්ද ?

    තෝ වගෙ අපතයෙක්ට හිතේ අමාරුව හැදුනට මේ රටේ අවුරුදු 30 මැරි මැරී ඉපදිච්ච මහින්ද අමතක නෑ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. උඹලගෙ අම්මගෙ හොර මිනිහව කොහොම අමතක කරන්නද? හැබැයි මචං ඌ උඹේ තාත්තා නෙවෙයි නම් ඌට අප්පොච්චි කියලා උඹ කරන්නෙ උඹ මෙ ලෝකෙට හදාපු මිනිහට නින්දාවක්.

      Delete
  10. දෙමල මිනිස්සු යනු සිංහල මිනිස්සුන්ට වඩා පහත් පිරිසක් නොවේ. සිංහලුන්ට මේ රටේ යම් අයිතියක් හෝ වාසියක් ඇත්නම් ඒ සියල්ල දෙමල ජනතාවටද ලැබිය යුතුය..

    ReplyDelete
  11. අප්ප... මූ අදින්නෙ මොන ඇදිල්ලක්ද? බුකි බයියො ලොක්කගෙ සරම පහලට අදිනේනෙ ජංගියත් එක්කම ඇදිලා එන්න.

    ReplyDelete
  12. මේ සිටින්නේ ඇත්තම මහින්ද රාජපක්ෂයි.

    සරමෙන් සපත්තුව වසන්නේ නූතන සෙරෙප්පු සුපායි

    ReplyDelete
  13. අර අදින ඇදිල්ලට සරම කැඩිලම ආවනම් තමයි හොද..

    ReplyDelete
  14. ඇත්ත රාජපක්ෂ බොරු රාජපක්ෂ කෙනෙක් විදිහට පෙන්නුවේ ඔය සරම අදින හැත්ත තමයි. පපුවෙ තියන කුප්ප ගතිය වැහෙන්න ආටෝප වැපිරුවා. ගමේ එකා, හැඟීම් බර එකා, අරක මේක ඔක්කොම කිව්වෙ උන්. මහින්ද ගැන තංගල්ලෙ ෂෙඩ් එක කිට්ටුව ඉන්න උන් හොඳට දන්නව මන්ත්‍රීකම නැතුව හිටපු කාලෙ දිනචරියාව ගැන.

    ReplyDelete
  15. ඉතිං බුදුහාමුදුරුවොන්ගේ නෑදෑක් වෙන මහින්ද පන්සලේ සපත්තු දැම්මම මොකෝ, හාමුදුරුවන්ට උඩින් වාඩිවුනාම මොකෝ

    ReplyDelete
  16. සහයෝගයට ස්තූතියි රාජ් :)

    ReplyDelete
  17. ඒක ගැන ඒ වෙලාවේ එතැන හිටපු හාමුදුරුවන්ට ප්‍රශ්නයක් වුනේ නැත්තම් අපිට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද??
    ඒක කවුරු එතැන හිටියත වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රශ්නයක් වෙන්නෙ මෙයාගෙ හැසිරීමත් එක්ක. ආගම වැඩිපුර සීරියස් නොගන්න රනිල් නෙවේනෙ මේ ඉන්නෙ. බුද්ධාගම ඇඟ පුරාම තවරගත්ත මේ වගේ අයගෙ ඇත්තම තත්වය තමයි මේ.

      Delete
  18. හිටපු ජනාධිපති මහින්ද මහතාට මේ සපත්තු ලෙව කන අයගෙන් තමා වැඩිම අවැඩක් සිදු වුනේ කියල මට හිතෙන්නේ. එහෙම කකුල් හතරෙන්ම වැටිලා වැඳගෙන හිටි එක්කෙනෙක් දැන් ඉන්නේ කොහෙද?
    http://nelumyaya.com/?p=3392

    ReplyDelete
  19. මහා ජන්දෙන් පස්සේ ඔය හැංගිලි ඔක්කොම ඉවරයි.මරා සහා කණ්ඩායමට හැංගිලා තමයි ඉන්න වෙන්නේ.

    ReplyDelete
  20. සරම අස්සෙ බටහිර කුමණ්ත්‍රනයක්ද?

    ReplyDelete
  21. මේ ඉන්නේ ඇත්තම මහින්ද! සිරා කතාව!!

    ReplyDelete