Monday, June 29, 2015

අනුර කුමාරගේ භීතිය....

ජේවීපී නායක අනුර කුමාර දිසානායක හිටියේ නින්දේ නොවේ. පැය කිහිපයක් තිස්සේ නිඳාගැනීමට වෙහෙසුන ඔහු එයින්ම වෙහෙසට පත්විය. විශ්ව විද්‍යාල සමයේ සිට විප්ලවීය ජවිපෙ දේශපාලනයට යොමුවූ කාලයන්ද, තැපැල් නයින්ටියේ ගිය කාලයන්ද, සෝමවංශ මහතාගෙන් නායකත්වය භාරගැනීමද, වාහනය අනතුරට පත්වීම ආදී මනස් සිතුවම් පෙනෙන්නට විය. අනෙක් පස පිහිටි දරුවන්ගේ කාමරයේ දල්වා ඇති විදුලි බුබුලෙහි මඳ ආලෝකයෙන් ටීපෝව මත තිබූ වතුර වීදුරුව ගත් ඔහු ඉන් අඩක් පානය කලේය. සැමිය‍ාගේ වෙනස දිසානායක මහත්මිය දුටුවාය.

"ඇයි, නිඳාගන්නෙ නැද්ද? බලන්න දැං කොච්චර වෙලාද?" නිහඬව සිටි සැමියා කුමක් හෝ ප්‍රශ්නයක බැව් වටහා ගැනීමට බිරිඳ සමත් විය.

"ඔයා මේ ටිකේ මහන්සි වුනා වැඩියි.... හරියට නිඳාගත්තෙත් නෑ....මොකද ප්‍රශ්නයක්ද?"

"හ්ම්..." ඇය මඳක් කල්පනා කලාය.

"විස්ස නේද? විස්ස ආවොත් අපිට අවාසිද? හැබැයි ඉතිං ලංකාවෙන්ම ඡන්ද වැටෙන නිසා ප්‍රශ්නයක් නෑ කියල සුනිල් කිව්ව නේද?"

"නෑ නෑ විස්ස නං ප්‍රශ්නයක් නෑ.... අනෙක ඕව කෙරෙයිද කවුද දන්නෙ!"

"එහෙනං.... සිරි අයියා ගිය එකද?"

"හ්ම්.....ඒකත් එකක් තමයි....."

"ඒකෙන් මොකුත් වෙන එකක් නෑ අනේ.... එයා ගිහිල්ල මොනව කරන්නද?"

"ඒත් නෝනා....."

"ඒත් නෙවේ අනේ.... එයා ගියා කියල ඡන්දෙ අඩුවෙන්නෙ නෑ..... බලන්න විමල්ලා ගිහිල්ලත් පස්සෙ කාලෙක ආයෙත් ඡන්ද වැටුනෙ!"

"නෑ නෑ මම කිව්වෙ ඒකම නෙවේ..... සිරි අයියත් ගියේ පන්සල් යන්න ඕන කියල....."

"අනේ ඒ මනුස්සය ගැන ඔච්චර වදවෙන්නෙ ඇයි? අවසාන කාලෙ පිනක් දහමක් කරගන්න හිතිල වෙන්නැති!" එවර ජවිපෙ නායකයා දුන්නක් මෙන් ඉහලට එසවිනි. ඔහුගේ වෙනස දුටු දිසානායක මහත්මියද බියපත් වූවාය.

"ඇයි? ඔයාට මොකද වුනේ එහෙම කිව්වම?"

"ඒක තමයි නෝන මටත් බය....."

"ඒ කිව්වෙ? මොකද්ද අනේ කියන්නකො කියන දේයක් හරියට"

"බලන්න සිරි අයියට ‍වුන දේ.... බලන්න වාසුදේවට වෙච්ච දේ.....බලන්න කාලෝ ෆෝනසේකට වෙච්ච දේ..... මේ ඔක්කොම වමේ නායකයො, පතාක යෝධයො...."

"ඉතිං.....?"

"ඉතිං කියන්නෙ, වයසට යද්දි මටත් මෙහෙම වෙයිද කියල කවුද දන්නෙ? ජීවිත කාලෙම රැකගත්ත ගවුරවේ මැරෙන්න කලින් නැතිවෙනව කියන්නෙ කොච්චර භයානක දෙයක්ද කියල ඔයාට තේරෙන්නෙ නැද්ද?"

24 comments:

  1. පන්සල් යන එක මෙච්චරම අගෞරවයක් උනේ නෑ මතක තිබ්බ කාලෙක .. හැක්.

    ReplyDelete
  2. වම නේ

    ලෙනින් මෘත ශරීරය මේ දවස් වල බැඳලලු තියෙන්නේ . මේවා අහලා නැගිටලා ගිහින් සියදිවි නසා ගනියි කියලා

    ReplyDelete
  3. එජාපය පරාජය කළ යුත්තේ ඇයි ?

    අපට සාමාන්‍ය එජාප පාක්‍ෂියින් සමග කිසිම ආරෝවක් නැත. සාමාන්‍ය එජාප ඡන්ද දායකයා තාමත් එජාපයට ඡන්දය ලබා දෙන්නේ ඩීඑස්, ජේ ආර් හෝ ප්‍රේමදාස සිහිකරමින් ය. එහෙත් එසේ කිරීමේ දී ඔවුන් නොදන්නා දෙයක්, නොදන්නා වෙනසක් එජාපයට සිදුවෙමින් තිබුණි. ඒ හුදු පුද්ගල වෙනසක් නොව දෘෂ්ටි මාරුවකි. ලලිත්-ගාමිණි මරණවලින් පසු එජාපයේ බලය අල්ලාගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. එජාපයේ බලය ගත් රනිල් වික්‍රමසිංහ මීට පෙර එහි සිටි අන් කිසිදු නායකයෙකු කෙරෙන් දිස් නොවූ තරමේ මෙරට ජාතික විඥානයට හා සංස්කෘතියට අතිශයින් ම පටහැනි දේශපාලන මගක් ‍‍තෝරා ගත්තේ ය. මතුපිට දේශපාලන මතිමතාන්තර පසෙකින් තබන්න. රටක ජාතික අභිලාෂයන් පිළිබඳ විවාදයක් කිසිවෙකුට තිබිය නොහැකි ය. එහෙත් වික්‍රමසිංහ මහතා නම් මේ සෑම අංශයක දී ම තමා වෙනස් බව පෙන්වා ඇත. රනිල් වික්‍රමසිංහ මනිත හැකි පැහැදිළි ම උදාරහරණය නම් කොටි අඩවිය තුළ ම ප්‍රභාකරන් හා ඔහුගේ සමිපතමයින් විනාශ කිරීමේ අතිශය රහසිගත මෙහෙයුමක නිරත ව සිටි දිගුදුර විහිදුම් (මහසොහොන්) බලකාය, ජනපතිනිය, හමුදාපති හා තවත් බොහෝ අයගේ ඉල්ලීම් ඉවත ලා මුග්ධ ලෙස මහදවල් පාවා දීම ය. මින් ජාතික ආරක්‍ෂාවට සිදු වූ හානිය අමුතුවෙන් කිව යුතු නොවේ. මෙහෙයුම හෙළි වීම නිසා රටට අහිමි වූ දක්‍ෂ බුද්ධි නිලධාරීන් ගණන පමණක් 56කි. මෙය එල්ටීටියට ලබාදුන් විසල් ත්‍යාගයකි.

    එජාප රජයක සියළු මූලෝපායික තීරණ ගනු ලබන්නේ රනිල්ගේ ම මතවාදය දරණ තවත් දෙතුන් දෙනෙකු විසිනි ඒ අතර, රවී කරුණානායක හා මංගල සමරවීර කැපී පෙනේ. යුධ සමයේ මොවුන්ගේ හැසිරීම මදක් නිරීක්‍ෂණය කරන්න. විවිධ අපහාසාත්මක ප්‍රකාශ හරහා යුධ සමයේ දී හමුදාවල හා රජයේ කකුලෙන් ඇදීමට අමතර ව මොවුන් විසින් මෙරට ජාතික අභිලාෂයන් නැංවීම සඳහා ගත් එකදු පියවරක් හෝ අපහසුවෙන් වුව අප මතකයට නගාගත නොහැක.

    එජාපය යනු රනිල්, රවී හා මංගල පමණක් නොවන බව කෙනෙකු සිතනු ඇත. ජාත්‍යන්තරය යනු මුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 192ක ම ද? කිසිසේත් ම නැත. ජාත්‍යන්තරය යනු ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා තවත් රටවල් කීපයකි. ඒ අනුව ජාත්‍යන්තරයේ මතය යනු මේ රටවල් කීපයක මතයයි. එජාපය ද එසේ ය. එජාපයේ මුදුන මෙ‍හෙය වන්නේ ඉහත තිදෙනා ඇතුළු තවත් නිශ්චිතව හඳුනා නොගත් දෙතුන් දෙනෙකු විසිනි. සාමාන්‍ය එජාප මන්ත්‍රිවරයාට හා ආසන සංවිධායකවරයාට ඇත්තේ දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටින්ට පමණි. කොටින් ම ඇතැම් නායක මට්ටමේ ප්‍රභලයින් හා සාමාන්‍ය මන්ත්‍රිවරු ද ගමේ ගොඩේ එජාප පාක්‍ෂිකයා ද ඉහත පුද්ගලයින් කෙරෙහි දැඩි නොරිස්සුමෙන් සිටින බව ප්‍රසිද්ධ රහසකි. ඒ කෙසේ වෙතත්, මෛත්‍රී ජයග්‍රහණයෙන් පසු රජයේ ප්‍රබලත ම ඇමති ධුර (මුදල්, විදේශ) ගියේ මෙම පිරිසට වීමෙන් පෙනෙන්නේ, එජාප පාක්‍ෂිකගේ මතය තඹ දොයිතුවකට හෝ මායිම් නොකරමින්, අදාළ පුද්ගලයින් පක්‍ෂය තුල කොතරම් ප්‍රබල ද යන්න ය.

    ඉහත තුන් කට්ටුව විසින් එජාපයේ පැරණි මදය සපුරා ඉවත් කොට නව විජාතික එකක් බද්ධ නොකරන්නට එජාප-ශ්‍රිලනිප භේදයක් මෙරට දේශපාලනය තුළ මෙතරම් පැහැදිළි ව පෙනෙන්ට නොතිබෙනු ඇත. අද එජාප-ශ්‍රිලනිප භේදය වඩාත් තීව්‍ර ලෙස කැපී පෙනෙන්නේ ආර්ථික ඈ කාරණා මත නොව මෙරට ඉතිහාසය හා සංස්කෘතික විඥානය පිළිනොගැනීම හා ඒ මතින් මෙරට ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නය දෙස බැලීම මත ය. ගාමිණි හෝ ලලිත් ජීවත් ව සිටින්නට මෙවැනි තත්වයක් එජාපය තුළ කිසි දිනෙක සිදු නොවනු ඇත. ඔවුන්ගේ මරණවල ද හේතු ව ඒ ය.

    මේ සියල්ලෙන් ම පැහැදිළි වන්නේ එජාපය පරාජය කිරීම යනු එජාපය නැමැති එම පක්‍ෂය පරාජය කිරීම ම නොවේ. ඉහත විජාතික මතවාදය පරාජය කිරීම ය. මෙය පක්‍ෂ වශයෙන් සිතා ගත යුතු තීරණයක් නොව රටක් වශයෙන් ජාතියක් වශයෙන් එක් ව ගත යුතු තීන්දුවකි. ‍

    ReplyDelete
    Replies
    1. මේ AnonymousJune 29, 2015 at 9:44 AM යනු අර ඉස්සර නයි ටී එන් එක ප්‍රමුඛ විමල්ගේ පච අසා මොලේ කොලොප්පන් වූවෙක් යැයි පෙනේ. මම වසර ගණනක සිට පිටරට වාසය කරන නිසා මේ විමල් නඩේ ප්‍රමුඛ දේශප්‍රේමීන්ගේ කථා විශ්වාස කරන්නේ හද්ද පිටිසර අඩු උගත්කමක් ඇති අයවලුන් යැයි සිතා සිටියෙමි. මගේ මතය වැරදි වූයේ, මෑතක මගේ බිරිඳට දරුවා ලැබුණ නිසා, ඇයගේ වැඩ කටයුතු සොය බැලීමට ඇගේ මෑණියන් හෙවත් මගේ නැන්දම්මා අප සමග වාසයට පැමිණි පසුවයි. රජය පෙරලෙන අවස්ථාවේ සිට මේ දක්වා ඇය අප සමග සිටී. ඇය ළඟදී පැන්ෂන් ගිය රජයේ ගුරු මාතාවකි. පදිංචිය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ අර්ධ නාගරික ප්‍රදේශයකි. මෙරටේ ඇති පාළුබව මැකීමට මම ඇයට අන්තර්ජාලයේ පත්තර, ලංකාවේ ටෙලිකතා, මූණු පොත ආදියට පිවිසෙන ආකාරය කියා දිනිමි. දැන් ඇය සැමවිටම විස්සෝප වන්නේ මහින්ද දිනා දුන් රට රනිල් පාවාදෙනබවට මැසිවිලි නගමිනි. කෙතරම් පැහැදිලි කළත් ඇය පච විමල් මතවාදයේ ගිලී සිටී, අන්තර්ජාලය හා සම්බන්ධ නොවූ ඇය පසුගිය කාලය පුරා රජයේ මාධ්‍ය සහ කඩේ යන පුවත්පත් සමග සම්බන්ධව මොලේ කොලොප්පන් කරගෙන ඇත.

      Delete
    2. රොබට්,
      පැන්ෂන් ගිය ඉස්කෝලේ හාමිනේ ගේ දුවට ඇත්තේ තාත්තාගේ ජාන යැයි සිතමි.

      ඔය වගේ පැන්ෂන් ගිය ඉස්කෝලේ හාමිනේලා තවත් ඉන්නවා!
      http://rasikalogy.blogspot.com/2015/03/mathematical-analysis-of-rajapaksites.html

      Delete
    3. හොඳ වෙලාවට තාත්තගෙ ජාන තිබුණෙ!! මම මේ පැන්ෂන් උන්දැ සමග වාදයට පැටළුනත් බිරිඳගේ අවවාදය, කොලොප්පන් වුණු ඇගේ මනස සැදිය නොහැකි බැවින් වාද කිරීම නිශ්ඵල බවයි. ඔය අන්ධ භක්තික මහින්දවාදීන් සමග ඇත්තෙන්ම වාදය නිශ්ඵලබව මගෙත් හැඟීමයි.

      Delete
    4. me mahinda pathirana kiyana gon nambane.

      Delete
  4. අනුර කුමාරලට මේ වින්නැහිය වෙලා ඉවරයි. ඇයි මතක නැද්ද, මහින්ද ව බලයට ගේන්න සංධාන අටවපු කාලේ කස්ටියම පිරිත් නූල් බැඳ ගෙන, පෝලිමට වැඳ ගෙන හිටියේ. විමල්ල වගේ ‘දේශහිතෛශී‘ කෑලි නිර්මානය වෙන්නෙත් ජවිපෙට මේ වගේ හීනෙක්න්වත් අගක්-මුලක් හිතා ගන්න බැරි නිසා.

    ReplyDelete
  5. වෑසට නොගියත් දැන් නං ටිකක් අවුල් නේද?

    ReplyDelete
  6. ඕක වුනේ ගුණදාස අමරසේකර ලා එක්ක මානෙල් මල් කඩපු කාලේ!

    ReplyDelete
  7. පාර්ලිමේන්තුවට පත්වීමට වයස අවු 70 හෝ අඩු වියයුතුයි කියල නීතියක් ආවොත් හොඳ නැද්ද රාජ්?

    හරි හරි අප්පච්චිට ඔය තරම්ම ආසාවක් තියනව නම්, මොකක් හරි ඕනැමයි කියල මැරෙන්න හදනවනම් 75 කරන්න බැරිය.

    ඒත් 80 -85 පැනපු එවුනුත් ඉන්නවනෙ. ඔහොම ගියොත් මුං ඔක්කොම කරුණානිධි වගේ මරණ මංචකයෙ ඉඳගෙනත් මංත්‍රී ඇමති වෙයිනෙ. ජාතික ලැයිස්තුවෙන් හරි

    ReplyDelete
  8. මෙයාට පන්සල් යන්න තව ගොඩක් කල් තියෙනවනෙ.දැම්ම ඉඳන් මොකට කලබල වෙනවද?අනික මේ හෙට අනිද්දම වාසියක් වෙන්නත් තියෙන එකේ මොකට බයවෙනවද.

    ReplyDelete
  9. ග්‍රාම්‍ය ධාරාවේ දේශපාලන සංස්කෘතියකින් පැවතෙන්නන්ගෙන් ඓහික අවසානයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔවුන් නිසැකවම ආගමික ගුබ්බෑයම් තමන්ගෙ දේශපාලන අනාථාගාර කරගන්නවා.
    ඒ නයින් ගත් විට අනුර, සෝමවංශටත් වඩා වයස්ගතයි.

    ReplyDelete
  10. අන්න නියම රාජ් ඉට්ටැයිල් එකට ලියවිලා තියෙනවා.
    විමලෙනං වයසට යන්න කලිංම නැතිකරගත්තනෙ. අනුරට නායකකම ලැබුණනිසා ටිකක් කල් අල්ලලා ඉඳීවි.

    ReplyDelete
  11. හෙහ් හෙහ්. ඔන්න බලන්න පිංවත්නි අර සර්දා වන් ත උපාසකයන්ට කියන කට කැඩිච්ච කතා.
    බුහැක්

    ReplyDelete
  12. දෙමළ බෙදුම්වාදීන් යුධ අපරාධ චෝදනා පරීක්ශණයක් ගැන මෙතරම් උනන්දු වන්නේ පසුගිය දශක දෙක තුල දෙකඩ උන රටවල් තුනෙන් දෙකක්ම කොසොවෝ සහ දකුණු සුඩානය, දෙකඩ උනේ මෙම මෙම ක්රදමය පාවිච්චි කිරීමෙන් නිසාය. සර්බියාවේ ස්ලොබොඩාන් මිලොසෙවික් සහ සුඩානයේ සුඩානයේ ඔමාර් අල් බශීර් මහින්ද මෙන්ම බටහිරට කට මැත දොඩවා තම රටවල් දෙකඩ කර ගත්හ. මාර්තුවේ ඉදිරිපත් වීමට තිබූ වාර්තාව ඇමෙරිකානු සහයෙන් කල් තබා ගත්තේ රනිල් ය. මහින්ද නැවත පාලකයා වුවහොත් මෙම වාර්ථාවෙන් පසුව ලංකාවට අපේ විශාලම ගැණුම්කරුවන් වන ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් ආර්ථික සම්භාධක පැනවෙනු ඇත. ඉන් පසුව එක්සත් ජාතීන්ගේ සහයෙන් ජනමත විචාරණ පවත්වා රට දෙකඩ වනු ඇත. මෙය වැලැක්වීමට බටහිර රටවල් අපේ පැත්තට නම්මව ගත යුතුය. සිහළුන් රැවටීමට පපුවට ගසා ගත්තාට බටහිර රටවල් මහින්දගේ බොරු වීට කථා වලට රැවටෙන්නේ නැත. රට බෙදීම වැලැක්වීමට හැකි බටහිරට හිතවත් රනිල්ට මිස බොරු ශෝ මහින්දට නොවේ.

    ReplyDelete
  13. දෙමළ බෙදුම්වාදීන් යුධ අපරාධ චෝදනා පරීක්ශණයක් ගැන මෙතරම් උනන්දු වන්නේ පසුගිය දශක දෙක තුල දෙකඩ උන රටවල් තුනෙන් දෙකක්ම කොසොවෝ සහ දකුණු සුඩානය, දෙකඩ උනේ මෙම මෙම ක්රදමය පාවිච්චි කිරීමෙන් නිසාය. සර්බියාවේ ස්ලොබොඩාන් මිලොසෙවික් සහ සුඩානයේ සුඩානයේ ඔමාර් අල් බශීර් මහින්ද මෙන්ම බටහිරට කට මැත දොඩවා තම රටවල් දෙකඩ කර ගත්හ. මාර්තුවේ ඉදිරිපත් වීමට තිබූ වාර්තාව ඇමෙරිකානු සහයෙන් කල් තබා ගත්තේ රනිල් ය. මහින්ද නැවත පාලකයා වුවහොත් මෙම වාර්ථාවෙන් පසුව ලංකාවට අපේ විශාලම ගැණුම්කරුවන් වන ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් ආර්ථික සම්භාධක පැනවෙනු ඇත. ඉන් පසුව එක්සත් ජාතීන්ගේ සහයෙන් ජනමත විචාරණ පවත්වා රට දෙකඩ වනු ඇත. මෙය වැලැක්වීමට බටහිර රටවල් අපේ පැත්තට නම්මව ගත යුතුය. සිහළුන් රැවටීමට පපුවට ගසා ගත්තාට බටහිර රටවල් මහින්දගේ බොරු වීට කථා වලට රැවටෙන්නේ නැත. රට බෙදීම වැලැක්වීමට හැකි බටහිරට හිතවත් රනිල්ට මිස බොරු ශෝ මහින්දට නොවේ.

    ReplyDelete
  14. උඹේ නිර්මාණශීලීත්වය අගයනවා. ඒ වගේම මිනිහාගේ මුහුණේ තියෙන තැතිගත් ස්වභාවයට මේක කදිමට ගැලපෙනවා.

    ReplyDelete
  15. අනුර කුමාර මම හිතන්නේ සෝමවංශට කලින් එතනට ඇවිත්

    ReplyDelete
  16. ජේ වී පී එක ගෙවිලා, කල් ඉකුත් වෙලා, නාස්ති වෙලා, හමාරයි. ආයේ කතා කරලා වැඩක් නැහැ.

    ReplyDelete
  17. අනුරට නම් දැනටම අවුල් වගේ..

    ReplyDelete
  18. අනුර කොහොමත් ඉන්නේ හීනෙන් බයවෙලා වගේ...

    ReplyDelete
  19. ජෙවීපි දිය කර හැරීම සම්භන්ධයෙන් අපි අනුරට ස්තූති කල යුතු වේ.....ජේ ආර් , ප්‍රේමදාසට බැරි උන දේ මේ කෙසඟ හාදයා කර පෙන්වන අයුරේ අපූරුව ....ආනන්ද සර්පයා දුටවාද?

    ReplyDelete
  20. අනුරයානම් මේ සම්මජ්ජාතියේ පන්සල් යවන්න පුළුවන් එකෙක් නෙවෙයි බං

    ReplyDelete