Friday, December 18, 2015

වරාය නගරය සහ රටේ ප්‍රතිපත්ති

අද උදෑසන ඇසුන ප්‍රවෘත්තියකින් කියවුනු පරිදි ඔබාමාගේ ඡන්ද පොරොන්දුවක් වන ග්වන්තනමෝ සිර කඳවුර ඉවත් කිරීමේ වැඩසටහනට, ජනාධිපතිවරයාගේ ප්‍රතිවාදී රිපබ්ලිකන් නියෝජිතයන්ගේ සහය නොලැබීම නිසා එම වැඩසටහන බලාපොරොත්තු වූ තරම් සාර්ථක වන ලකුණු පෙනෙන්නට නැත. අනෙක් අතට මීට හාත්පසින්ම වෙනස්, ලංකාවේ සිදුවන්නේ ආණ්ඩු මාරුවකට පසු දේශපාලන සිරකරුවන් පමණක් නොව මිණීමරුවන්, මංකොල්ලකාරයන්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ස්ත්‍රී දූෂකයන් වැනි අපරාධකාරයන් පවා දේශපාලනයේ ආනුභාවයෙන් නිදහස ලැබීමයි. දේසේ හැටියට වැඩ සිදුවන්නේ එලෙසිනි.

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ලංකාව හා චීනය අතර මේ දිනවල ඇත්තේ සීතල යුධ තත්වයක් වැනි මොකක්දෝ එකකි. මහින්ද ජනාධිපතිවරයාගේ කාලයේ ආරම්භවූ මෙම ව්‍යාපෘතිය ගැන වාද විවාද බොහොමයකි. ව්‍යාපෘතියට අදාල පරිසර වාර්තාවන්ට අනුව මෙයින් දැඩි පරිසර හාණියක් සිදුවන බවත්, ආරම්භක අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් නිසි ඇගයුමක් නොතීබූ බවත් ප්‍රධාන චෝදනාවකි. සමහර විට එය සත්‍ය වියහැකිය. පරිසර වාර්තා පමණක් නොව එකල සිදුවූ සෑම දෙයක්ම ලොක්කාගේ ඕනෑකම මත සිදුවිය. එහි වන්දිය දැන් ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවටය. ඒ, උනු නිසා බොන්නත් බැරි කිරි නිසා අහක දමන්නත් බැරි චීන කිරිවල හැටිය.

ඉහතින් සඳහන් කල ඇමෙරිකාවේ සහ ලංකාවේ සහ ලංකාවේ උදාහරණ වලින් පෙන්වන්නේ රටක ප්‍රතිපත්ති සම්පාදනයේ ඇති වැදගත්භාවයයි. ආණ්ඩු මාරුවන විට අංශක එකසිය අසූවකින් කරකවා පොලවේ ගසනු වෙනුවට යම් මෘදුභාවයකින් රාජ්‍යයේ කාර්යන් කරගෙන යාමට මෙයින් ඉඩකඩ සලසාගත හැකිය. විදේශයන් සමඟ සිදුවන ගණුදෙනු මෙහිදී ප්‍රධාන තැනක් ගනී. අතීතයේ තිබූ ආණ්ඩු මාරු සමඟ ප්‍රතිපත්ති වෙනස්වන ක්‍රමය ගෝලීයකරණයත් සමඟ අවසන් විය. ආණ්ඩු වෙනස්වූ පමණින් රජය හා විදේශයන් අතර ඇතිකරගන්නා ගිවිසුම් ඉරාදැමීමට මේ යුගයේ හැකියාවක් නැත. ලංකාවේ දැන් පවතින්නේ රාජ්‍යක් ලෙස ප්‍රතිපත්තියක් සකසාගැනීමට සුදුසු කාලයකි. ඡන්ද විමසීමක් ජයගැනීමට තරම් සෑහෙන තරමේ පාර්ලිමේන්තු නියෝජනයක් ඇති ජාතික(?) ආණ්ඩුවක් රට පාලනය කරන මේ අවස්ථාවේ මෙවැන්නක් සම්මත කරගැනීම අසීරු කරුණක් නොවේ. යම් මට්ටමක හෝ ලිබරල් ලක්ෂණ ඇති එජාපයත් එහි නායකයාත්(?) බලයේ සිටීම අමතර සුදුසුකමකි.

මූලිකව මෙරටෙහි ප්‍රතිපත්ති සැකසිය යුතු අංශ කිහිපයකි. ඉහතින් කතාකල විදෙස් සම්බන්ධතා වලට අමතරව අධයාපන ක්‍ෂේත්‍රය විශේෂය. සුද්දා හඳුන්වාදුන් පසු වසර කිහිපයකට වරක් පෙළපොත් පමණක් සංශෝධනය වන අධ්‍යාපන ක්‍රමය ඒ අතරින් ප්‍රධානය. ආර්ථික-නිෂ්පාදන අරමුණු වෙනුවෙන් හෝ අඩුම තරමින් ලෝකයට පුහුණු ශ්‍රමිකයන් සැපයීමටවත් හැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් අප රටෙහි සකස් වියයුතුය.

අධ්‍යාපනය තරමටම වැදගත් සහ පසුගිය දිනවල විවේචනයන්ට ලක්වූ රාජ්‍ය සේවය, ප්‍රතිපත්ති සම්පාදනය වියයුතු මූලික ක්‍ෂේත්‍රයකි. ආණ්ඩු මාරුවන විට දේශපාලනඥයන්ගේ හෙංචයියන්ගෙන් පිරී යන රාජ්‍ය සේවය සඳහා ප්‍රතිපත්තියක් සකස්වීම මහජනතාව මත පැටවෙන බර සැහැල්ලු කිරීමකි. අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ගිය රාජ්‍ය සේවය අඩුකිරීම පටන්ගත යුත්තේ බඳවාගැනීම් නැවැත්වීම, රාජ්‍ය සේවකයන් පාර‍ට ඇදදැමීම හෝ එසේත් නැතිනම් ඔවුන්ගේ වරප්‍රසාද කප්පාදු කර වැඩවර්ජන සිදුවන තැන‍ට තල්ලු කිරීමෙන් නොව ඒ වෙනුවෙන් සියල්ලන්‍ටම එකඟ වියහැකි ප්‍රතිපත්තියක් සැලසුම් කිරීමෙන්ය. දැනට සිටින කාඩරය එසේම සිටියදී ඉලක්කම් කිහිපයක් සංශෝධනය මඟින් මෙය සිදුකිරීම අපහසු නැත. අවුරුදු පහකින් හෝ දහයකින් රාජ්‍ය සේවකයන් ප්‍රමාණය ක්‍රමිකව අඩුකිරීමේ ක්‍රමයක් ‍සාදාගැනීම හිතකරය.

මෙවන් ප්‍රතිපත්ති ජාතික වශයෙන් සැලසුම් කලහැකි අංශයන් බොහෝය. ඒ සඳහා අවශ්‍ය වන්නේ අවංක උවමනාව පමණකි. සෑම ප්‍රතිපත්තියක්ම සංශෝධනය කර එය ඒඒ නීති පද්ධතීන්වලට ඇතුළු කිරීමත් ඒවා සම්බන්ධව සමාජ කතිකාවක් ගොඩනැඟීමට ඉඩ සැලසීමත් ප්‍රතිපත්ති සම්පාදනයේ අනිවාර්ය අංගයක් වියයුතුය. එවිට ආණ්ඩු මාරුවීම් සිදුවුවද බාහිරව සහ අභ්‍යන්තරව රජයන් අපහසුතාවයට පත්කරන යූ ටර්න්වලින් මිදීමට හැකිවනු අැත.

24 comments:

  1. පරිසර පුරස්නෙ දැං නැතෙයි කියන්නේ..

    ReplyDelete
    Replies
    1. එතොකොට ඉස්සෙල්ලා නාකයි කිව්වා මොකැයි...උන්නැහේ..

      Delete
  2. ඔහොම ප්‍රතිපත්ති හැදිල්ලක් හොදයි කියල හිතෙන්නෙ චන්ද දායකයො වෙච්ච උඹල අපි විතරයි.

    ReplyDelete
    Replies
    1. ෆේක් මචං කමෙන්ට් කරල , අවුලක් නෑ මම කිවුවත් ඕක තමයි කියන්ඩ තියෙන්නෙ.මම

      Delete
    2. ෆේක් මචං කමෙන්ට් කරල , අවුලක් නෑ මම කිවුවත් ඕක තමයි කියන්ඩ තියෙන්නෙ.මම

      Delete
    3. ජෙනුඉන් කම්මලයව ටක් ගාල හොයාගන්න පුළුවනි.ඩබල් කමෙන්ට් නිසා කිසි කරදරයක් නෑ.
      මීට ඔරිජිනල් හැලපයා.

      Delete
  3. ආණ්ඩුව සහ රටේ ජනතාව පොදුවේ රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියල කියුවට මොනව අකාර්යක්ෂම කියල කියන්නේ නැහැ. එලියෙ ඉදන් බලල ලියුමක් දිලා සතියෙන් උත්තරයක් නැහැ කියල කියුවට දැනට භාවිතාවෙන ක්‍රමවේදයන් එක්ක සතියෙන් ලියුම් යවන්න බැහැ. මොකද දැනට තියෙන සම්පත් සහ භාවිතාවෙන ක්‍රමවේදයන් අනුව සමහර දෙවල් ඉක්මනට කරන්න බැහැ. ඉක්මනට කරන්න ගිහිල්ල ටිකක් එහෙට මෙහට වුනොත් කෙලවෙලා යන්නේ යහපත් චේතනාවෙන් වැඩේ කරපු මිනිහට.

    දැන් තියෙන විදිහට ගමක පාරක් හදනවනම් රජයේ නිලධාරින් 100ක් විතර අතට ලියුම ගිහිල්ල තැන් 5කින් විතර අනුමතවෙලා ආයතන 5ක 6ක ලියුම උඩටයි පහලටයි ගිහිල්ල තමයි වැඩේ වෙන්නේ. දැනට තියෙන ක්‍රමවේදයන් වෙනස් කරමින් ක්‍රමයක් හදන්න උත්සහ නොකර රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි කියල කියුවට වැඩක් නැහැ.

    ReplyDelete
  4. රනිල් යනු මහින්දට වඩා ඒකාධිපතියෙක්ය. රනිල් කවුරු මොන විදිහට කෑ ගැහුවත් තමන්ට ඕන වැඩේ කාටවත් කියන්නේ නැතුව කරන පොරක්ය. එක නිසාම රනිල් ඇණ ගන්නවාය. රනිල්ට යහපත් බලාපොරෝත්තු තිබෙන්නට පුලුවන් වුනාට වැඩ කරන්නේ මොඩ පිලිවෙලකටය. මේ විදිහට යනකොට රනිල්ට 2005දී වුන දෙයම නැවත සිදුවිමට ඉඩ ඇත.
    රාජ් කියන විදිහට යෝජනාවලියක් සකස්කර කල්පවත්නා ප්‍රතිපත්ති සැදිමෙන් තොරව වැඩ කරගෙන ගියාට පසුව ඊලග ආණ්ඩුව ඕවා වෙනස් කරනවාය. 2002 ගෙනාපු දායක විශ්‍රාම වැටුපට වුන දෙයම නැවත සිදුවෙනවාය.

    ReplyDelete
    Replies
    1. //බඳවාගැනීම් නැවැත්වීම, රාජ්‍ය සේවකයන් පාර‍ට ඇදදැමීම හෝ එසේත් නැතිනම් ඔවුන්ගේ වරප්‍රසාද කප්පාදු කර වැඩවර්ජන සිදුවන තැන‍ට තල්ලු කිරීමෙන් නොව//

      Delete
  5. රාජ්ගේ කතාවට මම කොන්දේසි විරහිතව එකග වෙමි...
    ජය වේවා!!!

    ReplyDelete
  6. Replies
    1. කමියො මොකක්ද බං Post City කියන්නේ..?

      Delete
    2. ඒ තැපැල් කන්තෝරුවෙන් කෙරෙන දෙයක් ගැන අහලා තියෙන්නේ..... මේ ලිපියට සම්බන්ද නෑ

      Delete
    3. ඉස්සරහා දතක් ගලවලා සෑර්.. එතනින් හුලං යනවා කියනකොට.. සමාවෙන්නොනේ අපහසුතාවයට.. (නෙදකින්!.. අන්දිරිසා මාව කාලා..)

      Delete
  7. ඇත්ත.. අපේ රටවල් ආණ්ඩු මාරු වෙච්ච ගමන් ප්‍රතිපත්ති මාරු කරනව... හැබැයි දැන් ලෝකය යන විදියට එහෙම කරන්න බෑ... පෝට් සිටි එක හදන්නෙ නැතුව හිටියොත් වෙන්නෙ අපරාදයක්.. දැනටමත් ගොඩ කරපු හරිය ආපහු ගොඩ දාන්නද.. පරිසරය අනං මනං ගැන දැන් හිතන්න කාලේ ඉවරයි. අර කිව්ව වගේ චීන කිරි බිව්වාට දිරවගන්න බෑ වගේ නොබිත් බෑ.. හදන්න පටන් ගත්ත දේවල් ඉස්සරහට ගෙනියන එක වැදගත්. හදපු වරායවල් , එයාපෝට් වහනාවට වඩා ඒවා ඵලදායී කරගන්න ක්‍රම හොයන්න ඕන. මහින්ද උජාරුව පේන්න හැදුවත් එව්වා හදන්න ගෙව්වේ සහ ගෙවන්න වෙන්නෙ අපිට. මහින්ද ගෙදරින් ගෙනත් හදාපුව නෙවෙයි ඒ.. කොටසක් දැන් බලාගෙන ඉන්නව ආණ්ඩු වැටිල වර්ජන වෙලා නන්නත්තාර වෙලා ආයෙත් මහින්ද ඇවිත් අත් දෙක උස්සල වනල මේක බාරගන්නකල්... සමහර නිලධාරින් සහ රාජ්‍ය සේවකයො එව්වට උල්පන්දම් දෙනව.. කපේදී නොවෙන දේවල් ගැන අර එළුවගෙ අහවල් එක වැටෙනකල් බලා ඉන්නව වගේ ඉන්නෙ නැතුව හැමෝටම යුතුකමක් තියනව තමන්ගේ වැඩ කොටස කරන්න. දේශපාලුවන්ට වගේම රටේ මහජනතාවටත්...

    ReplyDelete
  8. ජේ ආර් ගේ ඕපන් ඉකොනොමි එකෙන් රට සම්පූර්ණයෙන් වෙනස් උනා වගේ.. වරාය නගරයෙන් පුළුවන් අපි ඉන්නවට වඩා ඉදිරියට ගිහින් ඩුබායි, සිංගප්පුරූ තත්වෙට එන්න. මට අපේ හිටං ලොක්කා ගැන සැකයක් තිබුනත්. අද උදේ අහපු උන්දැගෙ කතාවකින් පොඩි පැහැදීමක් ඇහි උනා.. එයා රාජ්ජ අංශයේ අයට කිව්වා පෞදගලික අංශයේ අය ආදර්ශයට ගන්න කියලා.. ඒක මම හිතන්නේ චින්තනයේ හොඳ වෙනස් වීමක්..

    ReplyDelete
  9. පොර්ට් සිටින ව්‍යාපෘතියේ විධායක මට්ටමේ රැකියාවක සේවය කරන මා හඳුනන විශ්‍රාමික හමුදා නිලධාරියකු දැනට මාස කීපයකට උඩදී මා සමග කිව්වේ, කිසිදු දුරදිග බැලීමකින් තොරව, චීනය සමග අත්සන්කර ඇති ගිවිසුම නිසා, කුමන ආණ්ඩුවක් බලයට පත්වුනත්, මෙම ව්‍යාපෘතිය කරන්නට සිදුවන බවයි. මෙයින් අපට ලැබෙන්නේ ඉතා සුළු ලාභයක් පමණක් බවත්. පාරිසරික හානිය දකුණු වෙරල තීරයේ සෑහෙන දුරකට බලපවත්වන බවත්, ඔහු කිව්වා.

    ReplyDelete
  10. දැන් බලන්න පෝර්ට් සිටිය ආපහු පටන් ගත්තු ගමන්ම කලින් වතාවේ පොර්ට් සිටියේ පලු අරිමින් සිටි දේශපාලුවෝ මේකේ හොඳ කියන්නේ නැත්ද කියලා. ඒක තමයි අපේ රටේ දේශපාලන අනන්‍යතාවය. මේක තමයි හැමදාම වෙන්නේ. මේ ඉන්න දේශපාලුවෝ රොත්ත එදා ඉඳන් අද දක්වා හැමදාම සහ හැමදේම කළේ ‘කන්න ගියාම කබරයා ද තලගොයා කරගැනීමේ‘ න්‍යාය ඔස්සේයි.

    ReplyDelete
  11. එත් සිංගප්පුරුවේ vivo city දකින හැම තිස්සෙම මට හිතුන දෙයක් තමයි ලංකාවේ මේවගේ දේවල් කවදා හැදෙයිද කියලා

    ReplyDelete
  12. අතිශය පෞද්ගලික කාරණාවක් සදහා රාජ් මහතාව හමුවීමට අවශ්‍යව ඇත. ඔබතුමාව හමුවන්නේ කෙසේද? ලබන සදුදා උදැසන අගනුවර සිට හම්බන්තොට තෙක් යෑමට මා සුදානමෙන් සිටි.

    ReplyDelete
    Replies
    1. ඊයක් එවන්න.
      raj1st80@gmail වලට

      Delete
  13. රජ්‍ය සේවයට විතරක් නෙමේ රජය අනුබද්ධිත ගොඩක් ආයතන වලට ආණ්ඩුවලින් පුරප්පාඩු ඇතුව හෝ නැතුව පුරවන බොහෝ දෙනා නිසා ඒවායේ බර මුළු රටටම දරන්න වෙලා තියෙනවා.අපි වැඩ කරන්නේ ඔය ජලසම්පාදනේ කොයි තරම් ඉන්නවාද පුරප්පාඩුවක් නැතුව පත්වීම් අරන් ඇවිත් ඉන්න අය.

    ReplyDelete