Monday, December 21, 2015

කවුද එන්නෙ සේරු අල්ලන්න?

"කුස්සියේ වධය ඉවරයි, ලඟදීම සේරා එනවා" කියල ඇඩ් එකක් පහුගිය දවස්වල ටීවී එකේ පෙන්නුව මතක ඇති. අපිත් බලං හිටිය කවුද බොලේ මේ සේරා කියල. බැලින්නං පොල්කිරි පැකට් එකක්ද කොහෙද! ගහෙන් පොලේ කඩල අරගෙන බිඳල වතුර ටිකත් බීල, හිරමනයට අල්ලල බරස් බරස්ගාල පොල් ගාල කිරිටික මිරකල ගන්න අපිට මොන දියර පොල්කිරිද!

මේ කතාව සේරා ගැන නෙනවේ "සේරු" ගැන. රියර්ගේට් බ්ලොග් එක ලියපු චාමි බුකියෙ දාල තිබුන සේරු අල්ලන හැටි. සේරු කියන්නෙ කුරුල්ලො ජාතියක්. ඉරක් වගේ පේලි ගැහිල වේගයෙන් ඉගිල්ලිලා යන කුරුල්ලො වගයක් පෙන්නල පුංචි සන්දියෙ තාත්ත කිව්වෙ ඒ සේරු කියල. කොහොම උනත් මේ සේරු ගැන තියන කතන්දර ටිකක් මතභේදාත්මකයි. අපේ ගම්වල ගොවියන් "සේරු කාල" කියල කියනව අපි අහල තිබුන. "සේරු කාල" කියල කිව්වෙ වී වැපිරූ කුඹුරෙ තියන වී කෑම ගැන. ගොවියන් කියන විදියට සේරු එන්නෙ රෑ. එයාල ඇවිල්ල වී ටික කන්නෙත් අමුතු විදියට. වපුරල දවසක් නැත්තං දෙකක් ගියපු කුඹුරට ඇවිල්ල පියාපත් දෙක දිගහැරල වී ටික එකතු කරල පොඩි වතුර කඩිත්තකට දානව. ඊට පස්සෙ මඩ ටික එහෙම අයින් වෙන්න පොඩ්ඩක් කාල්ගාල ගිලල දානව.

මේක ජනප්‍රවාදයේ එන මොකක් හරි බින්නයක් කියල හිතන්න පුළුවන්. මොකද මේ පින්තූර වල තියන විදියට සේරුන්ගෙ ආහාරය වෙන්න පුළුවන් මාළු වගේ ආහාර විතරයි. කොක්කු, නැත්තං දියකාව වගේ සතෙක් වෙන්න ඕන මෙයා. සේරු ඇල්ලිල්ල කරන්නෙ මෙහෙමයි.

ඔන්න සේරු ටික වැවේ ඉන්නකොට මුට්ටියක් අ‍රගෙන ඒකෙ ඇස් කන් එක්ක මුහුණක් ඇඳල සේරු ඉන්න පැත්තට පා කරල යවනව. මුට්ටිය දකින සේරු භයවෙනව. ටික වෙලාවක් යද්දි උන්ගෙ භය නැතිවෙනව. ඊලඟට දෙවැනි මුට්ටියත් යවනව. ඒකටත් ඕනනං චුට්ටක් විතර භයවෙයි. අන්තිම මුට්ටියත් අර විදියටම හදල ඒක ඔලුවෙ දාගෙන සේරු ලඟට යන්න පුළුවන්. ගිහිල්ල කකුලෙන් අල්ලල වතුර යටට ඇදල ගන්නව. අරගෙන ඔඩොක්කුවට දාගන්නව. ඊලඟට තව එකෙක්.......

මෙතනදි හිතෙන්න පුළුවන් උඩ අතට එන මුට්ටයයි යට අතට එන මුට්ටියයි හඳුනාගන්න සේරුන්ට‍ බැරිද කියල ප්‍රශ්නයක්. හැබෑ සිංහ ලේ ඇති අපේ සිංහයා හෙවත් ඉන්දික උපශාන්ත කියන විදියට "උඩ අතට හැරිල එන මුට්ටියයි යට අතට එන මුට්ටියයි අඳුරගන්න බැරි සේරු, වඳවෙලාම යන එකමලු හොඳ". ඒක දේශපාලනික කතාවක් නිසා ඕන නෑ.



ඔය යටම ඉන්න, ගූගල් දෙයියා දීපු "සේරු" වගේ සේරු නං කකුල්දෙකෙන් අල්ලල සරම අස්සෙ ගහගන්න කවුද අකමැති නෙහ්!

---------------------------------------------------------

සංශෝධනය 2.15pm
සේරු කියන්නෙ මෙයාලට. රොකට් එකක් වගේ වේගයෙන් ඉගිල්ලෙන කුරුල්ලො ජාතියක්. ඉගිලෙනවිට පියාපත් ශබ්දය සෑහෙන්න ඇගෙනව. වී කන කතන්දරය හරි. රංචුව විශාල නිසා කුඹුරුවලට සිදුවන හාණිය වැඩියි. අවුරුදු දෙකතුනකට‍ කලින් මේ පැත්තෙ වසංගතයක් වගේ පැතිරිලා තියනව. ගොවියන් රෑ කාලෙයේ පහන්-රතිඥ්ඥා දැල්වීමත් කරල තියනව.

54 comments:

  1. Replies
    1. හහා...
      එතකොට අහලා නැද්ද
      හාල් සේරු
      ගැන???

      ආපෝ පොල් ගාන එක නම් සමහර වෙලාවට එපා වෙනවා...
      පොල් ප්‍රශ්නය හින්දා ම උයන වැඩේ අත ඇරලා දාලා කඩේට ගිහින් කාපු අවස්ථා වගේම තෙල් දාලා උයලා කාපු අවස්ථා නම් ඕනේ තරම්...

      ඒත් මිරිකලා කිරි ගත්ත ඒවා දාන තරම් අර කඩේ පිටි කළ පොල් කිරි දාපු කෑම රස නෑ...

      Delete
    2. හාල් සේරු නං මොකෑ නොදන්නෙ.

      Delete
  2. රාජ් ඔය තියන පින්තූරෙ නම් ඉන්නෙ දියකාවෙක්...
    සේරා කියන්නෙ තාරා වර්ගයට අයිති සතෙක්... common teal
    සේරු පන්ති පන්ති පීනති බෝ සේ... අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ....

    ReplyDelete
    Replies
    1. "සුවඳ පද්ම ඕලු ආදි - නොයෙක පුෂ්පයෙන් සැදී
      සරණ හංස සේරු බෝම - පොකුණු සීත පැන් බිබී"
      .............................................
      "මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
      ඇත්තෙ පොකුණුවල බෝ ජල පෑදී
      සේරු ද පන්ති පන්ති පීනති බෝසේ
      අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ"

      Delete
    2. චැහ් මං හිතාගෙන හිටියේ මාලු ජාතියක් කියලා

      Delete
    3. AnonymousDecember 21, 2015 at 11:59 AM
      ඇනෝ හරි. ඔන්න එඩිට් එකක් දැම්ම

      Delete
  3. මුට්ටිය කලින් දාල බලපු එක ඉස්සර ඉදංම කරපු දෙයක්නෙ. දැං උනත් කලින්ම මුට්ටිය දාල බලන එක හොදයි. හැබැයි හෙල්මට් එකක් විදිහට මුට්ටිය දාගත්තොත් නම් ඉවරයි.
    සේරු කන්නෙ පොඩි කෘමි සත්තු , ෆොටෝ එකේ ඉන්නෙනම් සේරෙක් නෙමේ මගෙ හිතේ ලොකු පුතා ආවනම් හරියටම ඕකගෙ ජාතකේ කියයි.

    ReplyDelete
    Replies
    1. සේරු ප්‍රශ්නය හරි.

      Delete
  4. මේ අද දවසට තුන්වෙනි කොම්න්ටුව පොස්ට් වල තියෙන පොටෝ ගැන ලියන ඒ සේරුත් එක්ක මේ පොටෝවල ඉන්න සේරුන්ගෙයි කිසි සම්බන්දයක් නැනේද බන්

    ReplyDelete
    Replies
    1. ඔන්න හරි එක දැම්ම. (අර යටම ඉන්න එකාට උඩින් ඉන්න දෙන්න නං ගූගල් දීපුව. අහිංසක මම දන්නෑ)

      Delete
  5. "මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි !!!!!

    ගෙදර හිටිය රෝස කැකුල රෝසා
    ඔමරි පොමරි දාපු මුකුළු රෝසා
    අපිත් එක්‌ක හරි යාළුයි රෝසා
    රෝසා නැතුව ගේ පාළුයි රෝසා
    රෝසා නැතුව ගේ පාළුයි රෝසා

    මල් මී පැණි සේරු සේරු
    පෙම් මදිරා සාරු සාරු
    මල් මී පැණි සේරු සේරු
    පෙම් මදිරා සාරු සාරු
    බීලා මොටද රෝසා නැතුව රෝසා
    දෑතට දී වාරු වාරු
    ගඟ මැද ඔරු පාරු පාරු
    පැදල මොටද රෝසා නැතුව රෝසා

    උණට කොත්තමල්ලි දුන්න රෝසා
    සෝඩා ටොනික්‌ කඩෙන් ගෙනා රෝසා
    අපිත් එක්‌ක හරි යාළුයි රෝසා
    රෝසා නැතුව ගේ පාළුයි රෝසා
    රෝසා නැතුව ගේ පාළුයි රෝසා

    සුවඳ සබන් ගාපු ගාපු
    ගාල නාල ආපු ආපු

    සුවඳ සබන් ගාපු ගාපු
    ගාල නාල ආපු ආපු

    පුසුඹ ගහපු රෝස නොන රෝසා
    කොණ්‌ඩෙ කඩන් පීරු පීරු
    රැජිණට අපි තේරු තේරු
    රෝස කැකුළ කොහිද ගියේ රෝසා

    උණට කොත්තමල්ලි දුන්න රෝසා...

    ගෙදර හිටිය රෝස කැකුල රෝසා...

    ගායනය - එම්.එස්. ප්‍රනාන්දු
    ගී පද - ධර්මසිරි ගමගේ

    ReplyDelete
    Replies
    1. මල් මී පැණි සේරු සේරු

      මොකද්ද බං මේ කියන සේරු. සේරුවද? මල්පැනි සේරු වලින් මැන්නෙ කවද්ද?

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මං හිතුවෙ අර සමුපකාර පරීක්ෂකල පනින්නෙ, හොර සේරු අල්ලන්න... ඒ ගැන ලියල කියලයි.

    අර දඩයම් ටෙක්නික් එකනං පංකාදුයි ඈ. ඒ ‍වගේ ටෙක්නික් වගයක් ගැන මාත් ලිව්ව කාලෙකට කලිං...
    http://drackey.blogspot.com/2013/05/blog-post_8.html

    ReplyDelete
  8. ඔය සේරු ගැනනං දන්නෑ ඔය ඩ්‍රැකිය කියල තියෙන සමූපකාර වල තිබ්බ ඒවනං අපේ ගෙදර තාමත් තියෙනව.

    ReplyDelete
    Replies
    1. මතක නෑ. ඒක බලන්න ඕන.

      Delete
  9. මම හිතන්නේ සේරු නොදැන හිටපු කෙනෙක් විදියට මගේ දැණුමේදුප්පත්කම තවත් ඔප්පු වුනා. ඒ කුරුල්ලෝ ඉන්නේ වියළි කලාපේ වැව් අවට නේද? මට එහෙම මතකයි අර චාමියා දාපු සේරු දැක්කම. මේ නම් දියකාවෙක් වෙන්න ඕනේ.
    හරියට රාජ් මහත්තයා සේරු නොදන්න අපිට දියකාවෝ පෙනනනවා වගේ කියලාවත් කියන්න වෙනවා... !
    හාල් සේරු නම් සිරිමා නෝනාගේ කාලේ ෆේමස් ටොපික් එකක් වෙන්න ඕනේ! ඒක එවෙලේ මතක් නොවුනට පස්සේ මට මතක් වුනා. ;)

    ReplyDelete
    Replies
    1. රංගිට නෙවේ මෙහේ ඉන්න මටත් පැටළුනා. සංශෝධනයේ දාල තියෙන්නෙ සේරු

      Delete
  10. සේරුවා කියල කියන්නේ Northern Pintail කියන කුරුල්ලට. උගේ සම්පුර්ණ සිංහල නම "උතුරු උල්පෙඳ සේරුවා", සංශෝධනයේ ඉන්න එකත් සේරුවා නෙමෙයි. ඌ Common Teal කියන කුරුල්ලා...
    ආපහු සංශෝධනය කරපන් (හරියට අයවැය වගේ), හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. උන් ඇට වර්ගත් කන නිසා කුඹුරකට බැස්සොත් ලොකු හානියක් කරනවා ඇති කියල අනුමාන කරන්න පුළුවන්...
      වැඩි විස්තර මෙතනින් බලා ගන්න ඇහැකි...

      https://en.wikipedia.org/wiki/Northern_pintail

      Delete
    2. ලොකු පුතා,
      කොටගම එහෙම නම දැම්මට, ගැමියන්ට සියලු පොඩි කැලෑ තාරාවර්ග සේරු?

      Delete
  11. බොලාලට මතක නැත්ද අපි බාල සංදියේ හිංගල අච්චු පොතේ සේරු එහෙම හිටපු කතාවක් තිබුනා??

    ReplyDelete
    Replies
    1. තිබුන නේන්නං. හීනයක් වගේ පොඩි මතකයක් තියනව.

      Delete
  12. අපි සේරු ඇල්ලුවෙ මෙහෙමයි. මුට්ටිය දාල බලන්න ගියෙ නෑ. දං අතු කිරිල්ල අතු වල් බෙලි අතු වෙල් ආත්ත අතු වගේ එකී මෙකී නොකී අතට අහුවෙන අතු ටිකක් කඩල ඔලුව වටේ බැඳ ගන්නව හරියට පඳුරක් වගේ හිටින්න. පී නාන්න පුලුහං තුං හතරදෙනෙක් සෙට් වෙලා සේරු රංචුව ඉන්න තැනට කිට්‍ටු කරනව. සේරු ක්ශනිකව පරිතිචාර දක්කොන කුලෑටි සත්තු. ඒ නිසා තුං හතරදෙනා එකවර වගේ අත් දෙකට අහුවෙන තරං කකුල් වලිං ග්ලුප් ගාල වතුර යටට ඇදල ගන්නව.අනිත් උං සිං ගාල පියාඹල යනව. ආයිත් එ හරියට එන්නෙ දවසකට දෙකකට පස්සෙ තමයි.

    ReplyDelete
    Replies
    1. හා ඔය ඉන්නෙ වැඩකාරයො.

      Delete
  13. ඔක්කොමත් හරි දැන් ඔය සේරු අල්ලන්නේ මොකටෙයි? වගා හානි කරන නිසා අල්ලනවද නැත්නම් මසට කන්න අල්ලනවද?

    ReplyDelete
    Replies
    1. මසට මසට! තාරාව වගේ සතෙක් නෙව. (තු:)

      Delete
  14. දන්නෝ බුදුන්ගේ සිංදුව මතක් වුණා.
    සේරූ පංතී පංතී.....
    ඉගිළෙති අහසේ....

    ReplyDelete
  15. රාජ් දන්නවද කිත්තො අල්ලන හැටි, එළකිරි එකේ කිත්තෝ නෙවී, ‍තංගල්ල/බටඅත පැත්තේ වැව්වගුරු වල ඉන්න එවුන්, ටිකක් විතර ලොකු වටුවෝ වගේ ඉගිලෙන්න කම්මැලි ජාතියක්, බර හොඳයි.ඔය වී වපුරපුවා අහුලන ජොබ් එක උනුත් කරනවානේ.

    කිත්තෝ අල්ලන්නේ ඔය පාරම්පරික හැලි වලං මුට්ටි ක්‍ර‍ම වලට නෙවේ දියුණු රසායන විද්‍යාත්මක ක්‍රම වලටයි, වී අහුරු කීපයක් කෘමිනාශක ද්‍රාවනයක පොඟවලා අරගෙන කිත්තේ ඉන්න අහලක වීසික්කරලා හැංඟිලා බලාන ඉන්නවා, වහ වී ඇහිඳින කිත්තෝ විනාඩි කීපයකින් කැරකිලා වැටෙනවා, වැටුනු කිත්තන්ව ටක්ගාලා අහුලාගෙන ගොජුර පලලා වස වී අහක්කරහන්න ඕන, පමාවුනොත් වස මසට කාවදිනවලු, ඔයි උපදෙස් ලැබුනේ අර අමුඩයා 2015 කොම්පෙටිසන් වගේ ඒවාට නොරදවා සහබාගී වෙන රුහුණේ ආදුරුසවත් ගොයි නායකයෙක්ගෙනි.

    වලව ගඟේ ඉස්සො බාන නූතන ක්‍ර‍මහේම දන්නැතිව ඇති නෙවෙද?

    ReplyDelete
  16. සේරුවාවිල කියා ගමක්ද ඇත..

    සාරුවා සුනිලුත් ඔයි පැත්තේ නේද...?

    සේරූ අල්ලලම් සේරූ නෑ.. දැන් ගේම දෙන්නේ කොක්කුන්ට..

    ReplyDelete
    Replies
    1. සුහද කොක්කුද????? කුහක කොක්කුද මාතා....????

      Delete
  17. අර උඩ ඉන්න සේරු අල්ලන්න නං මාත් එනවා.

    ReplyDelete
  18. අර සේරු ක්‍රමේට හැම සතෙක් ම අල්ලන්න බැරියැයි....?????

    ReplyDelete
  19. සේරු බැරිනම් හුණ්ඩු හරි කමක් නෑ අල්ලගන්න පුලුවන්නම්. සේරක්කලය කියන්නේ මොකක්ද කියලා දන්නවද?

    ReplyDelete
  20. අඩෝ මේ, නිකන් පිට කසන සීන් එපා හරී. චාමියගෙ බොරු බන් ඔය, ඕක කියන ඒව අහල ආණ්ඩුවක් පෙරලුව. පේනවනෙ දැන්.

    ReplyDelete
  21. උන් වී එකතු කරන ක්‍රමේ හරි අපූරුයිනෙ. කුරුල්ලො ගොඩක් උන්ගෙ ඔය වගේ හැකියාවන් තියෙනවා.
    රාජ් නරක් වෙලා තියෙන තරං...හැක්!

    ReplyDelete
  22. සේරු අල්ලන්න ඔච්චර කට්ටක් කන්න ඕනද බන්..

    සුබ නත්තලක් කිව්වා එහෙනං..

    ReplyDelete
  23. අනේ මන්දා බං ඒ දවස් වල හරක් මස් රහ කරන්න අපි සේරා කියල ජාතියක් නං දැම්මා. හැක්

    ReplyDelete
  24. White-Faced Whistling Duck...:P
    තාරාවෝ ඉගිලෙති...:D

    ReplyDelete
  25. සෙරු කියන්නෙ පොඩි තාරවන්ට.

    Grebe
    Whistling Teal
    Garganey

    ReplyDelete
  26. රාජ් , මම හිතුවා උඹ ලියයි කියලා . චාමියා නොලියන එක නම් අපරාධයක් . හැබැයි උගේ සටහනේ අන්තිමට තිබ්බ " අපේ ඇඟවල් වලත් ඔහේ පාවෙලා එන මුට්ටි කොච්චර වදිනවද ?" කියන කෑල්ල නැතිව සටහන අසම්පුර්ණයි දෝ කියලා හිතුනා

    ReplyDelete
    Replies
    1. ඔව් චාර්මිගේ සටහනේ අඩුව මෙතන්ට අඩුයි තමයි.
      ඒ වුනාට බලාගෙන ගියාම අපි නොදන්නවා වුනාට සේරු ගැන හැමෝම ඉන්ටෙරෙස්ට් වෙලානේ.

      Delete
  27. දැන් මේ සේරු ගැන මොනවද කියන්නේ කියලා මම කල්පනා කලේ.

    ReplyDelete
  28. සේරු වෙඩිතියන්න ලං වෙන්න බොහොම අමාරුයි.. වියලි කලාපයේ වැව් වල රංචු පිටින් ඉන්න සේරු දඩයම් කරන්න ලං වෙන්නෙ වතුරෙ කොලඅතු වලින් ඇඟ කවර් කරගෙන. නැත්තං උන් ඉගිල්ලෙනව ලංවෙන්න කලින්.. නොම්මර හතරෙ පතරොම තමයි වැඩේට අයිඩියල්..

    ReplyDelete
    Replies
    1. ඉස්සර මම ලංකාවට ආවම ශූට් කරන්න ගියපු අවස්ථා කිහිපයකම කොක්කු වෙඩි තියෙන කතාවක් ඇහුවා හා දැක්කා. ඒත් මේ වගේ පොඩි කුරුල්ලෝ මරන්නේ කැමට කියලා හිතිලා තිබුනේ නැ. (අපි වෙඩි තියන්නේ සත්තු මරන්න නෙමෙයිනේ. ෆන් ගන්න මිසක්ක ඔන්න මම සත්තු මරලා නැ‍තෝ) ඒත් මාන කොකා වගේ කළු ලොකු කොකෙක් නම් මසට ගන්නවා කියලා දැනන් හිටියා. ඒත් මේ වගේ පොඩි සත්තු කීයක් ඕනෙද කැමට? අපරාදේ මෙයාලව වෙඩි තියන එක නම්.
      සේරු මැරීම සපුරා තහනම් කරන්න කියලා ප්‍රොටෙස්ට් එකක් ගෙනියමු...!

      Delete
    2. පොඩියි කිව්වට පොඩිමත් නෑ බොස්... කැස් වටුවොලු වෙඩි තියන්න අමාරුම කුරුල්ලෝ... එක සීරුවට එක විදිහට එක දෙයක් දිහා බලාගෙන ඉන්නකොට අහන්නෙ "මොකද යකෝ නිකං කැස් වටුවො වෙඩි තියන්න වගේ ඉන්නෙ?" කියල. කැස් වටුවට ඉංගිරිසියෙන් කියන්නෙ ස්නයිප් (snipe) . ඕකේ අමාරුකම නිසා තමයි සුද්දො ඉන්දියාවට ආවම කැස් වටුවො වෙඩි තියන එක විනෝදෙට කළේ.. හොඳම කැස් වටුවො වෙඩි තියන එකා එතකොට ස්නයිපර්( sniper) උනා ඔටෝ... දක්ෂ ඉලක්ක කරුවන්ට ස්නයිපර් වචනය එන්නෙ එහෙමයි...
      අපේ ගෙදර ලයිසන් තුවක්කුවක් ඇත. සර්විස් කිරීම ඇරෙන්නට කිසිදා සතෙකුට තබා පෝල් ගෙඩියකට වත් වෙඩි තබා නැත. (ලැජ්ජයි ඕයි නේ).. නෑ ඒ මගේ ප්‍රතිපත්තිය... අපේ තාත්තට තමයි වෙඩික්කරු. මගේ පුංචි කෙල්ල ඉපදෙන්න ඉන්නව කියල දැනගත්ත දවසෙ ඉඳන් දඩයම් නැවැත්තුව...

      Delete
  29. හායි රාජ් අයියේ ඒ ෆොටෝ වල ඉන්නේ ලස්සන ගෑනූ ලමයිනේ. සේරූ වී කනවා වගේ වින්ටර් එක පටන් ගද්දි යුරෝපේ ඉදලා අප්‍රිකාවට පියාඹන මිලියන ගානක් කුරුල්ලෝ ඊශ්‍රායල් රටේ මාලු වගා වලට ලොකු හානියක් කරනවා. එයාලට කියන්නේ "සඛනිම්".මේ කුරුල්ලට ඉන්ග්‍රීසියෙන් කියන්නේ ෆ්ලෙමිං ගෝ වෙන්න ඕනේ.මේ කුරුල්ලෝ පැය ගානක් මාලු වගාවක් උඩ කැරකි කැරකි ඉදලා එක පාරට මාලු ගැන ඔත්තු බලන්න එක මාලුවෙක් යවනවා ටෑන්ක් එකට. එයා උඩට ඇවිත් දෙන නිව්ස් එකෙන් පස්සේ මුලුරෑනම එකම වේගෙන් ටෑන්ක් එකට ඇටෑක් කරලා මාලු සේරම කටේ තියෙන බෑග් එක වගේ කොටසට එකතු කරගන්නවා.
    මේ අවුරුද්දේ මිලියන 5ක් කුරුල්ලෝ උතුරු ඊශ්‍රායල් ප්‍රදේශය හරහා අප්‍රිකානු රටවලට ගිහින් තියෙනවා.මන් ලග ෆොටෝ ගොඩාක් තියෙනවා. හරිම ලස්සනයි උන් පියාඹනකොට.
    පෝස්ට් එකට අදාල නැතුව ඇති කුරුල්ලෝ කියන මාතෘකාව. හි හි

    ReplyDelete
  30. හායි රාජ් අයියේ ඒ ෆොටෝ වල ඉන්නේ ලස්සන ගෑනූ ලමයිනේ. සේරූ වී කනවා වගේ වින්ටර් එක පටන් ගද්දි යුරෝපේ ඉදලා අප්‍රිකාවට පියාඹන මිලියන ගානක් කුරුල්ලෝ ඊශ්‍රායල් රටේ මාලු වගා වලට ලොකු හානියක් කරනවා. එයාලට කියන්නේ "සඛනිම්".මේ කුරුල්ලට ඉන්ග්‍රීසියෙන් කියන්නේ ෆ්ලෙමිං ගෝ වෙන්න ඕනේ.මේ කුරුල්ලෝ පැය ගානක් මාලු වගාවක් උඩ කැරකි කැරකි ඉදලා එක පාරට මාලු ගැන ඔත්තු බලන්න එක මාලුවෙක් යවනවා ටෑන්ක් එකට. එයා උඩට ඇවිත් දෙන නිව්ස් එකෙන් පස්සේ මුලුරෑනම එකම වේගෙන් ටෑන්ක් එකට ඇටෑක් කරලා මාලු සේරම කටේ තියෙන බෑග් එක වගේ කොටසට එකතු කරගන්නවා.
    මේ අවුරුද්දේ මිලියන 5ක් කුරුල්ලෝ උතුරු ඊශ්‍රායල් ප්‍රදේශය හරහා අප්‍රිකානු රටවලට ගිහින් තියෙනවා.මන් ලග ෆොටෝ ගොඩාක් තියෙනවා. හරිම ලස්සනයි උන් පියාඹනකොට.
    පෝස්ට් එකට අදාල නැතුව ඇති කුරුල්ලෝ කියන මාතෘකාව. හි හි

    ReplyDelete
  31. Replies
    1. @Oma,
      Pelicans. Not Flamingos
      pra jay

      Delete