Friday, December 25, 2015

කාර් පර්මිට් සහ පුකේ ලිබරල්.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට, පාර්ලිමේන්තු පැමිණීම වෙනුවෙන් ගෙවන දීමනාව රුපියල් පන්සීයේ සිට විසිදහස දක්වා වැඩිකිරීමට යෝජනාවී අැති අතර ආරංචියේ හැටියට එයට විරුද්ධ වී ඇත්තේ ‍ජවිපෙ පමණි. අයවැයෙන් රජයේ සේවකයන්ගේ වාහන බලපත්‍රය, විශ්‍රාම වැටුප කපාදැමීමට එරෙහිව වර්ජනය කරද්දී පුක පොලවේ ගසාගත් මහත්වරුන් මේ ගැන කටේ කෙල හලනවා තාම දැක්කේ නැත. කමක් නැත! රජයේ සේවකයෝ කම්මැලියෝය. දොස්තරලා සල්ලිවලට බෙහෙත් දෙනවාය.

ඔය කියනා දීමනා ගැන කතා කරද්දී ආයතන සංග්‍රහයේ XIV වැනි පරිච්ඡේදයේ මෙසේ සටහන් වේ.

"4:5:1 ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සහ අභියාචනාධකරණ වි ශ්චයකාරවරුන් විසින් ගමන් බිමන් සහ යැපීම් කාර්යන් වෙනුවෙන් දරනු ලබන තථ්‍ය වියදම් ප්‍රතිපූරණය කල යුතුය"

එයාලා අපි වගේ නෙවේය. ලෝකේ ඕනෑම තැනකට ගොස් කා-බී බඩුගසා පැමිණි විට බිල ගෙවන්නේ ආණ්ඩුවෙන්ය. ඒකත් හරි අපූරුය.

නළුවෙක් නොව මොලයක් යැයි කියූ උන්නැහේගේ තියනවා යැයි කියූ "ලිබරල්", කෝඳුරු බිජ්ජක් තරමටවත් ඇත්දැයි සැක සහිතය. අපි මේවා දුටුවේ උන්නැහේ වැඩ අල්ලද්දීමය. පාරවල් වල වාහන වැඩි බව කියමින් ලීසින් කොම්පැණිවලට සීමා දැමීම හා ආනයන බදු වැඩිකිරීම, රජයේ සේවකයන්ගේ පර්මිට් කැපීම හා විශ්‍රාම වැටුප් කප්පාදුව, සමාජවාදීන් මෙන් බැංකුවලට සීමා පැනවීම් ආදී මෙකී නොකී සියලු කැපිලි අතරේ හොර රහසේම තමුන්ගේ ගොඩ වැඩිකරගැනීමට අරඅඳී.

ලිබරල් හොඳය. එහෙත් මේ පුකේ ලිබරල්ය.


30 comments:

  1. රජයේ සේවකයන්ගෙ විශ්‍රාම වැටුප් කපනව කියපුවම කට්ටියකට චූන් වුනා. රජයේ සේවකයො කම්මැලියො කියපුවම සමහර රජයේ සේවකයොත් ඇත්ත තමයි අපිටත් ලැජ්ජයි කිය කිය ඇඹෙරන එකනෙ ලොකුම අවුල.
    ඇත්ත රජයෙ සේවයෙ අනවශ්‍ය ආකර්ශන අවශ්‍ය නෑ. කොහොමද ඒක නැතිකරන්නෙ . රජයේ තියෙන සහන කපල නෙවෙයි. රජයෙ මොනවහරි සහන තියනවනම් ඒ වගෙ ඒව පුද්ගලික අංශයටත් දීලයි රජයේ ආකර්ශනය නැති කරන්න ඕන . වෙන්නෙ රජයෙ යි පුද්ගලික අංශෙයි හප්පන එක. ඒ අතරෙ හබන් කුකුලො තමන්ගෙ ගොඩ වැඩි කරගන්නවා. ඒ ගැන කවුරුත් කතා නෑ.

    වගන්තිය උපුටා දැක්වීම ගැන ස්තුතියි. එයාල ලබන වරප්‍රසාද ගැන මොකෙක්වත් කතා නෑ. ඒව ලැබිය යුතුලු. හැබැයි රජයේ පෙන්ෂන් එකයි පර්මිට් එකයි කපන්න ඕනමලු.

    රහස මේකයි. රජයෙ සේවකය නිතර දකිනව. හැබැයි අර වගන්තියෙ ඉන්න දෙවි දේවතාවො ඉන්නෙ ඉහලින් නිසා ඒ අයව පේන්නෙ නෑ. ඒ අය ගැන අධි තක්සේරුවක් තියන නිසා සැප වින්දට කාරියක් නෑ කියල හිතනවත් ඇති.

    පහල මට්ටමේ පුදගලික අංශයෙ සේවකයො අති දරුනු සූරාකෑමකට ලක් වෙනව. ඒ ගැන කතා කළ යුතුයි. අද වැඩකරන ජනතාව කෙටවිලා. රජයේ සේවකයන් ගැන ඉරිසියාවෙන් වෛරෙන් බලන පුද්ගලික සේවකයෙක් බිහිවෙලා. පුද්ගලික සේවකයගෙ අනෙකා රජයේ සේවකය නෙමෙයි.
    අර වගන්තියෙ ඉන්නෙ දෙවි දේවතාවො ටික.

    ReplyDelete
  2. පුකේ ලිබරල් නෙමෙයි රාජෝ

    "පකේ ලිබරල්"

    ReplyDelete
  3. // නළුවෙක් නොව මොලයක් යැයි කියූ උන්නැහේගේ තියනවා යැයි කියූ "ලිබරල්", කෝඳුරු බිජ්ජක් තරමටවත් ඇත්දැයි සැක සහිතය. අපි මේවා දුටුවේ උන්නැහේ වැඩ අල්ලද්දීමය. //

    අපි නම් මේවා කීවේ ජනාදිපතිවරනයටත් පෙර ය.....

    දැන්වත් සතා කවුදැයි අවබෝදවීම ගැන සතුටුය...

    කමක් නැහැ.. මහින්දව ගෙදර යැවුවානේ!

    ReplyDelete
    Replies
    1. ඔව් මහින්ද එලවපු එක විතරමයි ගත යුත්තකට වුනේ.
      මහින්ද ආයෙමත් ආවත් අර පරන මහින්ද වෙන්න බෑනෙ.
      ඒක ලොකු දෙයක්.
      කොහොමත් ඔයිට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ අම්මට සිරි ලංකාවෙ.

      Delete
    2. මේ අපේ අවංක අදහස්ය. රනිල්ගේ හොඳ සහ නරක දෙකම ඇත. මහින්ද ගෙදර යැවීමෙන් සිදුවූ සේවාව කියා නිමකල නොහැක. දැන් ඒ ගැන කතා කිරීම අවශ්‍ය නැත. මේවා ලියන්නේ මහින්දවාදීන්‍ට චූන්වීමට නොවේ.

      Delete
    3. @ Raj

      +++++++++++++++++++++++++++++++++++

      Delete
    4. //මේවා ලියන්නේ මහින්දවාදීන්‍ට චූන්වීමට නොවේ.//

      ඔබ කැකුන තලන්න....

      Delete
    5. රාජ් +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    6. රාජ්,
      රනිල්ගේ හොඳක් නම් මා දැක නැත.මහින්දගේ වැරදි දැක ඔබ ඇතුළු මිනිසුන් කලේ කොරහේ සිටි බබා විසින් කිළුටු කල වතුර දැක බබා බේරා ගෙන වතුර විසි කරනවා වෙනුවට බබා සමගම කොරහත් විසිකර කිලිටි වතුරෙන් නිදහස් උනා යයි පම්පෝරි ගැසීමය.
      60 පැන්න ඔස්ටින් ප්‍රනාන්දු වැනි රාජ්‍ය නිලධාරීන්ට තව දුරටත් රාජ්‍ය තනතුරු පිරිනමන මේ යහපාලනය යුද්දය ජයගත් විරුවාට සේවා දිගුවක් පිරි නොනමින් ඔහුගේ ජීවිතය අනාරක්ෂිත කර ඇත. මේවා දැක මට සතුටට ඇත්තේ මම හංසයාට චන්දය නොදීම ගැනය.
      සමරසේකර

      Delete
    7. යුද්ධය ජයගන්නට සිය පෞද්ගලිකත්වය කැපකරමින් කරයුතු කල අවංක, නිර්භීත, විරුවන් රැසක්, ත්‍රිවිධ හමුදාවේම සිටිති/සිටියෝය. අගයනවානම් ඔවුන් සියල්ල ඇගයිය යුතුය. නමුත් ඒ සියල්ලන්ටම සේවා දිගු ලබාදුන්නොත්, ඉතා විශාල පිරිසකට, ඊළඟ උසස්වීම පෙනී පෙනී විශ්‍රාම යන්නට සිදුවන්නේය.

      ගල්ෆ් යුද්ධය දිනු ඇමරිකානු ජෙනරල් ශ්වාර්ස්කෝෆ් පවා තමන් ලද සම්මාන තුලින් විශේෂ වරප්‍රසාද ගැනීමට උත්සාහ නොකළේය. මියයනතුරු ඔහු සිටියේ නිහඬවය. ගල්ෆ් යුද්ධය දිනු ජනාධිපති ජෝජ් බුෂ් තම සේවා කාලය දික්කරගන්නට හෝ, රජ පාට් එකට අඳින්නට හෝ, නියමිත වාර ගන්නට වඩා රැඳී සිටින්නට උත්සාහ නොකලේය. ඒබ්‍රහම් ලින්කන්, තියඩෝර් රූස්වෙල්ට්, බ්‍රිතාන්‍යයේ වින්ස්ටන් චර්චිල් වැනි අයද එසේ නොකළහ. නමුත් ඔවුන් ගේ නම කිසිකලෙකත් අමතක නොවේ. ඒ ඔවුන්ගේ මානුෂීය ගුණ මහිමය නිසාය.

      Delete
  4. අතීසාරෙට අමුඩ ගහන්න විතරක් කැමති කෙනෙක්ලු අපේ අගමැති තුමා

    ReplyDelete
    Replies
    1. විනෝදාන්ස වල ආනිසන්ස ලෙස Adult Diapers ඇඳීමට සිදුවීම අතීසාරෙට අමුඩ ගැසීමක් නොවේ!

      Delete
  5. මේවට කොමෙන්ට් කරන්න අපි ඕන නෑනෙ අායොබොවන්ඩ

    ReplyDelete
  6. මොන දහම් ගැටයක් ගහල හරි පාර්ලිමේන්තුවට ගියොත් ජීවිතේ ගොඩ !

    ReplyDelete
  7. ඉයන්ගේ බ්ලොගයේ දාපු කොමෙන්ටුව මෙතනත් දාන්නම්.. මුන්ගේ ඔය වැඩේට එකහෙළා විරුද්ධයි.. නමුත් මහින්ද වාදීන් චූන් වෙලා "ඇද්ද තොපිට.. අපි කිව්වෙ" කියන කතාවට උත්තරේ එතන ඇති...

    //වැරදි තියන බව හැබෑව... ලංකාවේ ඉන්නේ කිඹුල කනවා ඉවසන්න පුළුවන් කොහිල කටුව ඉවසන්න බැරි එවුං නෙ. අයවැය යද්දී ජනතා වාදීව වෙනස් වෙන එක බයියෝ දකින්නෙ " මුන්ට එක වත් හදාගන්න බෑ" කියන මානසිකත්වයෙන්. ගෝඨා හිටිය නං එකෙක් කටක් හොල්ලන්නෙ නෑ ඔය එකකට වත්. උද්ඝෝෂණ නෑ, අයවැය දැම්මොත් දැම්ම . ඊට පස්සේ 2500න් ජීවත් වෙන්න පොර ටෝකුත් දෙනවා. මිනිස්සු උස්සල මැරුව. නෑදැයෝ ලොකු තැන් වලට දැම්මෙ ප්‍රාදේශීය සභාවට ඉල්ලලා පැරදුන එකාගේ ඉඳල. මිනිස්සුන්ට මොන වරදක් දැක්කත් එළිපිට බනින්න නිදහස තියනවා අද. උද්ඝෝෂණ කරන්න පුළුවන්. එක පාරයි ළමයිට ගැහුවෙ ඊට පස්සේ පොලිසියේ ගහපු එවුන්ටත් යම්තාක් දුරකට හෝ නීතිය ක්‍රියාත්මකයි. දැන් අමුඩ ගහගෙන අරලිය ගහේ තාප්පෙත් නගිනව. ඕන එකෙක්ට කාටුන් අඳිනවා. ආණ්ඩුවේ ඉන්න එවුන්ම තමන්ගේ එවුං විවේචනය කරනව. ඔව්ව තිබ්බද ඉස්සර? මැරවියා අර සමුර්දි කාරය ගස් බඳිනකොට ආණ්ඩුවේ එකෙක් කට ඇරියද? අපේ කාලකන්නි හැත්ත කැමති රාජාණ්ඩු වලට. රජෙක් යටතේ ඉන්න ගෝත්‍රිකයෝ වෙන්න. රජා ඇරියත් කටක් හොල්ලන්නෙ නෑ... ප්‍රජාතන්ත්‍රවාදය ටිකක් හෝ පෙන්න තියන ආණ්ඩු කැඳ ආණ්ඩු. මහින්ද වගේ ගොර ගොර ගගා පපුවට තඩිබාගන්නේ නැති නිසා, රැවුලක් නැති නිසා,නිළියන්ට අරින්නෙ නැති නිසා මෛත්‍රී පෙන්දා.. රාජාණ්ඩුව තව ටිකක් තිබ්බ නං බලාගන්න තිබ්බ. 165 ට පෙට්‍රල් ගහගෙන දුවනකොට 2550ට ගෑස් වලින් උයනකොට කිරිපිටි ගිනි ගණන් දීල පොඩි උන්ට පොවනකොට මික් නොකියපු එවුං දේශගුණය සහ අවුරුද්දේ පලදාව ගැන ගැටළු නිසා දෙහි මිරිස් ගණන් යනකොට රෙද්ද උස්සන් කෑගහනවා. නිසාන් ලීෆ් තියා පුෂ් බයිසිකල් කටුවක් ගන්න සල්ලි නැති එකා විදුලි වාහන බද්දට බෙරිහන් දෙනව. අන්න ඒක අඩු කොරල. රවියගේ "කැඳ අයවැයෙන්". රිසානා නිදහස් කොරනවා කියල ඒකිව මරපු දවසෙත් පාර්ලිමේන්තුවේ කියපු පොන්න විදේශ ප්‍රතිපත්තියක් තිබ්බ රටේ, සජින් වාස්ල රටේ සල්ලි වලින් ඩිප්ලොමැටික්ස් වලට ගිහින් වැල බලපු රටේ, ක්‍රිස් නෝනිස්ට ගහපු රටේ, ප්ලේන් පුරවන් ගිහිං හෙළුවැල්ලෙන් නටන එවුන්ගේ රටවල් වලට ආධාර දීපු රටේ , අල්ලපු රටේ එකාව වත් යු එන් එකේදී චන්දෙ නොදෙන තත්වෙට ඩිප්ලොමැටික් බල්ලට දාල තිබ්බ රටේ අන්න ගල් ගහල මරන්න තිබ්බ ගෑණි හිරේට දාල ශේප් කරගෙන. වැරදි තියනවා ඕන තරම්. හැබැයි අරුගේ රාජාණ්ඩුවට වඩා තාමත් මට නං මේක දහස් වාරයක් හොඳයි..//

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකට එකඟයි. රනිල් ගෙ විදේශ ප්‍රතිපත්තිය ගැන මට පැහැදීම වැඩි වුනා. බොරු චන්ඩි කම් දාල පිස්සු කෙළිනවට වඩා මේ ක්‍රමය තමා සාර්ථක.
      මහින්දගෙ කාලෙට වඩා නිදහසක් තිබෙනව කියන කාරනේ ගැනත් යමක් කියන්න ඕන. එදා මහින්දට පක්ෂව හිටපු අපටත් මහින්ද ,ගෝඨාබහය ,නාමල් වගෙ වචන පෝස්ට් වල හෝ කොමෙන්ට් වල දාල යම් අදහසක් පළ කරන්න එඩිතරකමක් තිබුනෙ නෑ. මේව මොනිටර්කරයිද අපේ අදහස මොන විදියට තේරුම් ගනියිද කියන බය නිසා. අදහසක් දැම්මොත් ඒක 100% වන්දිබට්ට එකක්. අද එහෙම නෑ. ඒ කියන්නෙ නිදහස අපටත් දැනෙනවා. හැබැයි මේක දිගටම තියෙන්න ඕන. අන්න ඒකයි අභියෝගය.

      රටේ නීතිය ක්‍රියාත්මක වෙන බවත් පේනව.100% ක්ම නෙමෙයි.මහින්දගෙ කාලෙට වඩානම් හොදටම හොදයි. අනික් එක ඥානසාරලගෙ විකාර , සවුදි තායිලන්ත සිස්ටම් එකේ රජපවුලක ආකෘතියක් නැතිකමත් සහනයක්.


      මහජන අදහස් වලට නම්‍යශීලී වෙන එක දුර්වලකමක් නෙමෙයි ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදය. බයියන්ගෙ අන්තවාදීම පිරිස ඇර සෙසු අය මේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඊට ආකර්ශනය වෙනව. මෙය ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තුවුන දෙයක් නෙමෙයි.සමහරුන්ට පුදුමයි.

      ප්‍රජාතන්ත්‍රවාදයට යහපාලනයට රට හුරුකළොත් ආයෙ ආපහු යන්න වැඩිදෙනෙක් කැමතිවෙන්නෙ නෑ.

      Delete
    2. සජ්ජෝ,
      අයවැය හැදිල්ල ඔබට ටිකක් පටලිලිලා වාගෙයි.සියලු දෙනාගේ අදහස් අනුව අයවැය වෙනස් කිරීම යහ පාලනයේ යහපත් අංගයක් යයි ඔබට පෙනෙනවා නම් "මෙහි අලුත් මාළු විකිනීමට තිබේ" කියල ගහපු බෝඩ් ලෑල්ලේ අවසානයේ කිසිදු දෙයක් ඉතුරු නොවුනා වාගේ දැන් අයවැයේ අවසානය මොකක්ද කියා ඔබට පෙනෙනවාද? කපපු ආදායම් ලබා ගන්නේ කොහෙන්ද? අලුත් ආදායම් හොයා ගන්නවාද? නැත්නම් කියලා තියෙන වියදම් කපනවාද? අවසාන අයවැය පරතරය පියවන්නේ කොහොමද?පිට රටවල් වලින් නය ගන්නවාද? නැත්නම් අලුතින් සල්ලි අච්චු ගහනවාද? අලුතෙන් කරන්න අවශ්‍ය මේ දේවල් මම නම් දුටුවේ නැහැ. ඔබ දුටුවාද?
      සජ්ජෝ, අයවැය හදන්න රාජ්‍ය මුල්‍ය කියන විෂය දැන ගන්න ඕනෑ. මම නම් දන්නේ නැහැ. මම ඒක ඉගෙන ගෙනත් නැහැ.රවී කරුණානායකත් එක දන්නේ නැති බව පෙනුනා.පිරිවැය ගණකාධිකාරී වරයෙකු වන ඔහුට කොම්පැනියක අයවැයක් නම් හොඳින් හදන්න පුළුවන් කියල පෙනුන. කොම්පැනියකට නම් ශුන්‍ය පාදක අයවැයක් හදන්න පුළුවන් . මෙතන වෙලා තියෙන්නෙ රාජ්‍ය මුල්‍ය සහ පිරිවැය ගණකාධිකරණය කියන්නෙ එකම විෂයක් යයි කියල යහපාලන ලොක්කෝ හිතපු එකේ වැරැද්ද තමයි.

      සමරසේකර

      Delete
  8. 500/= වෙනුවට විසිදාහක්? වාහන තුන හතරයි, පෙට්‍රල්, ආරක්ශකයන්ට පඩි , ඕ ටී වලට අමතරව? මේකනම් වැරදියි.

    ReplyDelete
  9. මේ කතාව ඇත්තක්ද නැත්නං වෙබ් සයිට් කාරයන්ගෙ අතේ රෝලක්ද කියල පෝස්ට් ලියන්න ඉස්සෙල්ල හොයල බලපං.

    ReplyDelete
    Replies
    1. http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=137467

      Delete
  10. පුද්ගලික ලේකම්ටයි, උපදේශකයෝ ටිකටයි ගන්න බැරිවෙයිද දන්නෑ...........???? මොකද නෝනයි දරුවෝ ටිකයි පව්නේ..........

    ReplyDelete
  11. ඔය කොයි කවුරුත් එන්න කලින් කියන කතා ආවට පස්සේ නෑනේ රාජ් අයියේ.

    ReplyDelete
  12. අනෙහ් මෙහ්! අවුරුද්දකට කෝටි හතලිහකට වඩා පොඩ්ඩයි යන්නෙ ඕකට. ඇයි අප්පා මේ ඊරිසියාව?

    ReplyDelete
  13. මේ විදිහට ආණ්ඩුවේ ඉන්න සෑම පක්ෂයකම අයට බය නැතුව තම පෞද්ගලික අදහස් මාධ්‍ය වෙත ප්‍රකාශ කරන්න ලැබීම නිසා, රජය යාමට උත්සාහ කරන මාර්ගයෙන් තල්ලු වී, යායුතු නියම මාර්ගයට වැටෙන බව පෙනෙනවා. නමුත් එයින් යහපත් ප්‍රතිඵල ලබාගතහැක්කේ, රටෙන් මට නොව මගෙන් රටට යන ප්‍රතිපත්තිය ප්‍රායෝගිකවම තහවුරු කර පෙන්වනතුරු පමණයි. නැත්නම් රජයේ ගමන අවසාන වෙනවා.

    ReplyDelete
  14. එකම කාසියේ දෙපැත්ත වැනි ධනපති පක්ෂ තට්ටු මාරු ක්‍රමයට බලයට ආ විට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
    හෝව්.... අහන්න නං එපා එහෙනං මොකා බලයට ගේන්නද කියල...
    ඉස්සරහටත් මේ සෙල්ලම මෙහෙමම තමයි.
    මොකද..... අනෙක් උන් සේරම පිස්සු කෙළල අවලංගු වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. //ධනපති පක්ෂ තට්ටු මාරු ක්‍රමයට බලයට ආ විට//

      1971 සමාජවාදී N. M. Perera තමයි රජයේ රෝහල් වලින් බෙහෙත් ගැනීමට ශත 25 ක මුද්දර අලවන ලෙස නියම කලේ.
      සමාජවාදී ක්‍රමයද හොදයි කියන්නේ ? කොහෙද ලෝකේ ඔවැනි රටක් තියෙන්නේ ?

      Delete
  15. රාජ් මචෝ,

    ඉස්සල්ල බලන්න ඕනේ මන්ත්‍රී කෙනෙක්වෙන්න යන අවම වියදම ලක්ෂ 500 පමණ වෙනවා. දැන් වසර 6 ට මසකට ලක්ෂ 2 බැගින් වෙන්කලොත් ලක්ෂ 144 අපි මේක ලක්ෂ 200 කියමු. ඉතින් මචෝ මුන්ට (සමාවෙන්න මෙ දෙසපාලන්යයන්ට ) විශ්‍රාම වැටුප ලෙස රුපියල් 25000 සාම මසකම ලබා දෙනවා නම් , මේ කාලකන්නිය වසර 20 ඉදිරියට ජිවත් උනොත් තව ලක්ෂ 60 වියදම් වෙනවා. එතකොට මේවගේ එකෙක් (එකියක් ) වෙනුවෙන් රටට වැයවෙන්නේ ලක්ෂ 260 පමණ මුදලක්, උබට තේරෙන් නැද්ද මුන් අපිවෙනුවෙන් ලක්ෂ 240 පුජා කර ඇති බව.

    ටිකක් සාදාරනවා හිතපන්!

    ReplyDelete
  16. ඇයි බන් මෙහෙම හිතන්නේ??? පව් නේ බන් එයාලා!

    ReplyDelete
  17. Ranil ge oya penena namysheeli bawa podi chande dinanakam withari..kumbala malu kawa nam windawapalla...umbala ugath modayoo.... maha loku talks nari wadama berenewa ......chande prathipala aswama

    ReplyDelete
  18. http://3.bp.blogspot.com/-iyFk0pnxjq0/VnuncEHeG8I/AAAAAAAAlrU/JfBejhggX0E/s1600/cartoon015gossiplankanews.jpg

    ReplyDelete