Thursday, August 25, 2016

වැලන්ටයින් ජ්‍යෝතිශඥයා

අත බල‍ා සාත්තර කීම ගැන රසිකලොජිස්ට්ගේ ලිපිය සහ එහි ප්‍රතිචාරවලින් ජ්‍යෝතිශඥයෙකු ගැන මතකයක් අලුත් විය.
ඔහුගේ නම කුමක්දැයි දන්නේ නැතත් ගමේ ව්‍යවහාරයෙන් ඔහු ඩිංගි මහත්තයාය. අපට ඩිංගිමාමාය. මාගේ පියාගේ දීර්ඝකාලීන මිතුරෙකි. පවුලේ හිතවතෙකි. වයස දහයේදී පමණ, බ්ලොග්කරුවා හා හාපුරා කියා මධුවිතක් තොලගෑවේ ඩිංගිමාමාගේ නිවසේදීය. මොකක්දෝ කාර්යයක් අවසානයේ ඩිංගිමාමාත් පියාත් රහමෙර පානය කරද්දී, ඩිංගි මාමාගේ පුත්‍රයාත් සමඟ එකතුව අනවසරයෙන් වීදුරු දෙකක් පුරවාගෙන ඉන් බාගයක් පානය කලා මතකය.

ඩිංගිමාමා මාක්ස්වාදියෙකි. 71 කැරැල්ලට සම්බන්ධ වී සිර දඬුවම් ලබා පැමිණියෙකි. අසූ අට අසූ නවය කාලයේ එහෙමකට දේශපාලනයක් නොකලද ජවිපෙට හිතවත්ව කටයුතු කලේය. මගේ මතකයේ හැටියට පෙරටුගාමීන් ජවිපෙන් ඉවත්වන තෙක් ඔහු ජවිපෙ සමඟ සිටියේය. ඩිංගිමාමාද බොහෝ මාක්ස්වාදීන් මෙන්ම ආගම වෙනුවට මාක්ස්වාදය ආදේශ කරගෙන සිටි අයෙකි.

"තන්හාව ඇතිවෙන්නේ පුද්ගලික දේපල නිසා, දැං බලන්න මේ පාර තියනවනෙ, මේ පාර ගැන අපට තන්හාවක් තියනවද? නෑනෙ! අපට පාර ගැන තන්හාවක් නැත්තෙ ඒක පොදු දේපලක් නිසා. ඉතිං හැම දෙයක්ම පොදු දේපල නං, තන්හාව නැතිවෙනව ඉබේම. ඕකට භාවනා කරන්න ඕන නෑ, මාක්ස් කිව්ව දේ කලා නං එච්චරයි"

ඒ මට හොඳහැටි මතක ඇති ඔහුගේ කතාවකි. ඒ අසූ ගනන්වල අගභාගය හෝ අනූව දශකයේ මුල් කාලයයි. ඔහු පිළිබඳ යමක් සිතාගැනීමට පාඨකයාට හැකිය.

ඉන්පසු ඩිංගිමාමා ජ්‍යෝතිෂය ඉගනීමට පටන්ගත් අතර ජීවිතයේ අවසන් භාගය ගෙවමින් සිටි මාගේ පියාගේ මාමාකෙනෙකු ඔහුගේ ගුරුවරයා විය. ඔහු දක්ෂ ජ්‍යෝතිෂඥයෙකු බව මගේ පියා පවසා ඇත. මා ඉපදුනු දින ඉස්පිරිතාලයේ සිට ටවුමට පැමිණි පියාගෙන්, මා ඉපදුනු වේලාව අසා "දරුවගෙ ඔලුවෙ කෙස් නැහැ නේද?" යයි ඇසූ බව පියා කීවේය. ඇත්තය, මා උපන් තට්ටයෙකි. (මෙය බොහෝ බිළිඳුන්ට අදාලවන බව වෙනම කාරණයකි. මගේ පුතාද උපදින විට තට්ටයෙකි). ඩිංගි මාමා ජ්‍යෝතිෂය උගැන්නේ ඔහුගෙනි.

ඩිංගි මාමා ජ්‍යෝතිෂය ඉගනගන්නා සමයේ අප නිවසට පැමිණ, පියානන් සමඟ කරන කතාබහ හුරුපුරුදු දේශපාලනය නොව ජ්‍යෝතිෂයයි. නිවැරදිව කිවහොත් ගුරුවරයා පෑ හපන්කම්ය. වරක් දරුවෙකුගේ කේන්දරය පරීක්ෂා කල බවත් ඔහුට අපලයක් තිබූ බවත් රහසින් මෙන් කීවේය. හේතුව සොයාගෙන යාමේදී දරුවන්ගේ මාපියන් ලිංගිකව එක්වී තිබුනේ අඳුරු පාළු නිවසක් තුල බව ඩිංගි මාමා කියනු ඇසුනේය. තවත් කතාවකට අනුව මොකක්දෝ ක්‍රමයකට (තත්කාල කේන්දරය?) බැලූ විට පුද්ගලයෙකුගේ ඇ‍ඟේ ඇති රෝම කූප සංඛ්‍යාව පවා කිවහැකි බවත්, එම ශාස්ත්‍රය දන්නා දකුණු පළාතේ සිටිනා එකම ජ්‍යෝතිෂඥයා ඔහුගේ ගුරුවරයා බවත් කීවේය.

ඩිංගි මාමාගේ ජ්‍යෝතිෂ පන්තියට නැවතීමට තිත තැබුනේ ඔහුගේ ගුරුවරයා වූ මාගේ ඥාති සීයාගේ අභාවයත් සමඟය. කෙසේ වුවත් ඔහු ඒ වනවිට සැලකිය යුතු දුරක් ය‍ාමට සමත්ව තිබුනි. පසු කාලයේ කේන්දර-පොරොන්දම් බැලීම් වැනි කටයුතු කරගෙන සාමාන්‍ය ජ්‍යෝතිෂඥයෙක් ලෙස කටයුතු කලේය.

මෑත කාලයේ දිනෙක අප නිවසේ අලුත්වැඩියා කටයුත්තකට එක්වූ ඩිංගි මාමා මට මුණගැසුනේ සෑහෙන කාලයකිිනි. කලකට ඉහත මා ගෙනැවිත් තිබූ අතිවිශේෂ කාලේ කුප්පිය දිවා විවේකයේදී ඔහුට දුන් අතර ජ්‍යෝතිෂය කටයුතු ගැන විමසීමටද අමතක නොකලෙමි. ජ්‍යෝතිෂඥයෙකු ලෙස ඔහුගේ පිළිතුර "සාමාන්‍ය" එකක් නොවීය.

"මේව ඉතිං මිනිස්සුන්ගෙ ඔලුවල තියන දේවල්නෙ. ඔය මොනව හරි හිත හැදෙන්න කියල යවනව. යාළුවෙච්ච කෙල්ලො කොල්ලො එනව පොරොන්දම් බලන්න, අපි මොකටද අහිංසකයන්ගෙ කුරුළු කූඩු කඩන්නෙ, හොඳටම පොරොන්දම් ගැලපෙනව කියනව එයාලට, මේව බඩ වඩාගන්න තියන දේවල්නෙ"

39 comments:

  1. අනේ අායි මොකට කියවනවද ආයුබෝවන්ඩ... පොඩි තාර්කික දැනුමකුයි, හොද කටකුයි තිබුනන් අපිත් හොද ජොතිර්වේදියා් තමා.. හැක්..

    ඔය බ්ලොග්කරුවා ඉපදෙන කොට තට්ටයි උනාට අපේ රසික නං ඉපදිලා අවුරුදු 65 (මේ ගාන ඉතිං අපේ ගීතා ආන්ටිගේ ගනං වගේ තමයි) කට පස්සේයි තට්ටේ ලබාගත්තේ.. ඒකත් අතේ සඳහන් උනා.. හැක්..

    ReplyDelete
    Replies
    1. රසික 65 වෙනකම් හිටියොත් මම මම අත බලා සාත්තර කීමෙන් සාමුගන්නව. ඔය ඉලක්කම් දෙක මාරු කලත් බෑ. කීයක් ඔට්ටුද දේශා

      Delete
    2. @ ලැච්චරර්තුමා දැන් තේරෙනවා නේද මං බියවී වෙව්ලා ඉන්නේ ඇයි කියලා. මං දැන් කම්මල්තුමා ඉන්න තැනකට යන්නෙත් ග්ලවුස් දාගෙන

      @ කම්මල්තුමා, https://en.wikipedia.org/wiki/Tasseography
      හොඳම අනාවැකි leafy grades (above BOP) මගින් :-D

      Delete
    3. ඒ 56 ගනං කරන්නේ මීට වසර දහයකට කලින් මා මැරී ඉපදුණු දිනේ සිටයි. තව හතලිස් හයක් ඇත.

      මගේ අරමුණ අවුරුදු සීයක් ම ඉඳීමයි.

      Delete
    4. කම්මලට සාස්තර කීම නැවැත්වීම ලේසියි.

      මැරෙන එකනෙ ඕයි පන යන වැඩේ.

      Delete
    5. //මැරෙන එකනෙ ඕයි පන යන වැඩේ.//
      +++

      Delete
  2. මගේ යාලුවෙක් පොරොන්දම් ගැලපිලා මළා.

    ReplyDelete
    Replies
    1. පොරොන්දම් ගැලපුනොත්නං මළා ට වඩා හපං තමයි ඉතිං.

      Delete
  3. අපේ අම්මත් ජ්‍යෝතිෂවේදිනියක්. ඩින්ගි මාමා අමුවෙන් කියපු කතාව අපේ අම්මා වක්‍රාකාරයෙන් කියන්නේ "මේවා මේ ගනන් හැදුවාම ඒ ගනන් වලට අනුකූලව කලින් හිටියැයි කියන පන්ඩිතයෝ ලිව්ව ගති ලක්ෂන පැහැදිලි කිරීමක්නේ. මේ වා බලලා අනතුරු කාලවල පරිස්සම් වෙන එක ඇර වෙන කිසි දෙයක් ගනන් ගනන් නරකයි"
    කාලක හම්බකරන් දරු පවුල රැකපු සාස්තරේ නිසා අර විදිහට කියන්න ලෝභ ඇති හෙ හෙ හේ

    ReplyDelete
    Replies
    1. //ගනන් හැදුවාම ඒ ගනන් වලට අනුකූලව කලින් හිටියැයි කියන පන්ඩිතයෝ ලිව්ව ගති ලක්ෂන පැහැදිලි කිරීමක්නේ//
      එහෙමයි වෙන්නෙ නේද? ඕවා අරෙහෙමයි මෙහෙමයි කියලා කියන්න පුලුවන් හේතුවක් තියනවද කියලා හුඟදෙනෙකුගෙන් ඇහුවා. ඔවුන් කී දේ මට තේරුනේ නෑ. ඔබ ලියා ඇති දේ නිසා තේරුනා. අරක නිසා මෙහෙමයි කියලා ෆෝමියුලා එකක් තියනවා . ඒකෙන් කියනවා. කවුරුවත් හේතුව දැනගෙන හිටියනම් ඒ ඉස්සර ඕවා ලිව්වයි කියන අය විතරයි.
      ස්තුතියි.

      Delete
  4. අත බලා මරණ තර්ජන බහුල යයි කේන්දරේ ඇති නිසා කමෙන්ට් කිරීමෙන් වැලකෙමි

    ReplyDelete
    Replies
    1. ඉතා අනුවේදනීයයි..

      Delete
    2. සෝචනීයයි.. මං මේ ඇඬූ කඳුලෙං :D

      Delete
    3. 56 නමකට හත්දවසෙ දානෙ

      Delete
    4. මේ මනුස්සයට තේරෙන්නෙ නැති හැටි, කේන්දර බැලීමයි ,අත බලා සාත්තර කීමයි දෙකක් .
      සුළු දේකටත් මරණ බිය ඇතිවීමනම් හොද නෑ. ඕකට අත බලා සාත්තරක් අහනවට වඩා කේන්දරේ බලාගන්න එක තමයි හොද.

      Delete
    5. මරණ බයට වඩා තියෙන්නෙ මගෙ මෝඩකම කම්මල්තුමා. ඥාන රේඛාව මැකිලා.
      බුද්ධිවර්ධනය සඳහා මහා ගණදෙවි යන්ත්‍රසූත්‍ර දාන්නයි ඉන්නෙ.

      Delete
    6. ගණදෙවි මන්තරෙන් ජප කරපු පෑනක් ගනින් ප්‍රා

      Delete
    7. //ඥාන රේඛාව මැකිලා //

      ඉතුරු රේඛා ටිකටත් ඒකම වෙලා ඇති එහෙනං :D

      Delete
    8. මරණ භයෙන් මිදෙන්න මරණ රේඛාව මකා දමන්න.

      Delete
    9. රේකා මකනවට වඩා හෘද රේකාව් මත # මේ වගේ සලකුනක් කපා ගන්න, වෙදගිල්ලට පහලින් සමාන්තර ඉරි දෙකක් 4mm විතර ඇදගෙන ඉන්න, පරම ආයුෂ ලැබෙන බව විශ්වාසයෙන් සතුටින් ඉන්න.

      Delete
    10. ප්‍රා ගෙ අත නිකං කට්ට ගෙවිච්ච ටයර් එක වගේ වෙලා ද?

      Delete
  5. බ්ලොග්කරුවා කියන්නෙ කවුද? ඒ පැත්තෙ මනුස්සයෙක්ද?

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ප්‍රශ්නය වැදගත් හරී.. හැක්

      Delete
    2. අපේ පැත්තෙ ඉස්සර හිටිය බ්ලොග්ගල්මහත්තයා කියලා පොරක්. මට හිතෙන්නෙ මේත් ඒවගේ බ්ලොග් ගල්වලට සම්බන්ධ කරු වගේ නමක් තියෙන මිනිහෙක් වෙන්න ඕනා

      Delete
    3. බ්ලොග්ගල් ගහන අපේ කරු මල්ලි ඉස්සෙල්ලම ෂොට් එකක් දාල තියෙන්නෙ සාස්තරකාරයෙක් එක්කනෙ.

      Delete
  6. අද උදේ බස් එකේ රේඩියෝ එකේ ලග්න පලාපල කියනවා.මොකක්ද ලග්නයකට කිව්වා මුදල් සැලසුම් සහගතව භාවිතා කිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්න වලින් වැලකි සිටීමට හැකියි කියලා.
    බොරු වුනත් හොඳට ලස්සනට ගොතලා කියන්න පුළුවන් නම් නියම රස්සාව තමයි ඕක.

    ReplyDelete
  7. මේ වගේ දෙකයි පනහේ කාළකන්නි නිසා තමයි ඕකට කෙලවෙලා තියෙන්නේ..

    හැම දොස්තරටම රෝගය හරියට හඳුනගෙන නියම බේත් එක පාර දෙන්න බෑ.. ඒකට තමයි ඉස්පැසොලිස්ට්ලා ඉන්නේ.. ගොඩ වෙද්දුන්ටයො පැනඩෝල් ඩොකාලටයි ඒ බෙහෙත් දෙන්න බෑ..

    ReplyDelete
    Replies
    1. අනේ බෑනෝ උඹ මෙතැන්ටත් ආවද? ආවට කමක් නෑ මං ගැන බොරු හෙම කියන්න එපා. ප්‍රේමෙයි මායි දැන් මෙහේ එකට ඉන්නේ. ඌ මගෙන් අහනව යකෝ මං මැරෙන දවස දැනගෙන හිටියා නම් තෝ මට නොකිව්වෙ තෝ මොන යාලුවෙක්ද කියලා. මං කිව්වා අනේ නෑ බං ඒ අපේ බෑනාගෙ ලොරිටෝක් විතරයි කියලා

      Delete
  8. //යාළුවෙච්ච කෙල්ලො කොල්ලො එනව පොරොන්දම් බලන්න, අපි මොකටද අහිංසකයන්ගෙ කුරුළු කූඩු කඩන්නෙ, හොඳටම පොරොන්දම් ගැලපෙනව කියනව එයාලට.//
    පොරොන්දම් පරීක්ෂාව කියන්නේ නිශ්චිත ගණිතමය ක්‍රමවේදයක් (එහි තේරුමක් තියෙනවද නැද්ද කියන එක වෙනම කරුණක්). පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියලත් අවුට්පුට් එක ගන්න පුළුවන් එතරම් සංකීර්ණ නොවන ගණනය කිරීම් ටිකකුයි තියෙන්නේ. ඒ නිසා තමන්ට හිතෙන හැටියට එහි ප්‍රතිපලය වෙනස් කරන්න ඉඩක් නැහැ. එකම කේන්දර දෙක යොදාගෙන දහදෙනෙක් බැලුවොත් ප්‍රතිපල දහයක් එන්න බැහැ. පොරොන්දම් එකක දෙකක පමණක් ඇතැම් අවස්ථා වලදී ගණිතමය නොවන තීරණයක් ගන්න පොඩි ඉඩක් තියෙනවා.

    අනෙක් කරුණ, විසි පොරොන්දම කියන්නේ 'ඉතා අතීතයේ සිට පැවති' සෘෂිවරුන් හොයාගත් දෙයක් නෙමෙයි. මා දන්නා තරමින් එය ඉන්දියාවේ හෝ ජ්‍යෝතිෂය භාවිතා කරන වෙනත් රටක තියෙන දෙයකුත් නෙමෙයි. ජ්‍යෝතිෂය ඇතුළු සම්ප්‍රදායික දැනුම පිරිහී තිබුණු කාලයක් ලෙස සැලකෙන දහඅට වන සියවසේ අග භාගයේදී ජ්‍යෝතිෂය ගැන වැඩි දෙයක් නොදන්නා අයට පහසුවෙන් විවාහ ගැලපීම් තීරණ කරන්න උදවුවෙන්න කිසියම් නොදන්නා කෙනෙක් විසින් හඳුන්වාදුන් ෂෝට් කට් ක්‍රමවේදයක්.

    ReplyDelete
    Replies
    1. අද කාලේ පොරොන්දම් බලන්න හඳහන් බලන එකෙක් ළඟට යනවාය කියන්නේ, උන් කොයි තරම් හරක් වෙන්න ඕනද....?

      Delete
    2. මාතේ, ඒක ඇත්ත තමයි. නමුත් අපේ පැතිවල සම හරක් එහෙමත් කරනව. සමහර කපුවොත් බලනව.

      Delete
  9. ඒ උනාට ඊට පස්සෙ උඹේ කොන්ඩේ ආවනෙ නේද?

    ReplyDelete
    Replies
    1. යේස්. අවුරුදු දහයෙදි විතර පනාවෙන් පීරන්න බැරි ගනනට ඝනත්වයක් තිබුන. දැං නං බහින කලාව.

      Delete
    2. ඔය කියන්නෙ කොතන තියෙන කොණ්ඩෙ ගැනද?

      Delete
  10. පුරස්නය නම් මාමාගේ වැඩ නිසා හදහන පිලිගන්න මාතලන් ජොතිශයට සම්බන්ද ආත්ම සංකල්ප පිලි නොගැනිමය. රසික කිව්වා වගේ මාතලන් හිතන විදිය වෙනස් කරන්න බැ.මාතලන් දෙබිඩ්ඩෙක්.

    ReplyDelete
  11. හුහ්, කටේ තොලේ ගෑවෙන්නේ නැතුව මේකා කියපු හැටි අවුරුදු දහයේදී අරක්කු බුන්නා කියලා.

    අනේ අපිනං එදා ඉඳලම ලැයිට් දාගෙන තමයි කොයි එකත් කොරන්නේ. ඒ නිසා අපේ ළමයි සුදුම සුදුයි.

    අර එක සාස්තර මහත්තයෙක් කිව්වා, මේ ආණ්ඩුව මාස හයක් යන්න කලින් වැටෙනවා. එහෙම නොවුනොත්, මම සාස්තර කියන එකත් අතාරිනවා කියලා. ඉතිං උන්නැහේ සාස්තර කියන එක අතෑරියාදා දන්නේ නෑ නේද?

    ReplyDelete
  12. අවුරුදු දහයෙදිම බේබද්දෙක් වෙනවයි කියල ඩිංගි මාම කිවුවෙ නැද්ද? හැක්..

    ReplyDelete