පහුගිය දවසක රසික ලියල තිබුන එයා පාද යාත්‍රාවක් ගිය හැටි. කිලෝමීටර හයහමාරක් පැයකින් ගියා කියලයි කියන්නෙ. මමත් එක සැරයක් පාද යාත්‍රාවක් පටන් ගත්ත ඇඟේ බර කිලෝ දෙක තුනක් අඩු කරගන්න. මගේ බර දැනට කිලෝ හැත්තෑ හතරයි. උස සෙන්ටිමීටර එකසිය හැත්තෑ දෙකක්ද කොහෙද. ඒක දැනගත්තෙ ලඟදි අල්ලපු ඔෆීස් එකේ තිබුන චෙකප් එකකට ගිහිල්ල. ලේ, මුත්‍රා ආදිය චෙක් කරල අවසානයේ ඔක්කොම අරගෙන යනව දොස්තර නෝන ලඟට. එයා තමයි කිව්වෙ කිලෝ දෙකතුනක් අඩුකරගන්න කියල. ඊට අමතරව දීපු උපදෙස් ටික තමයි, (කවදාවත් නොකෙරෙන) මතෙන් සහ දුමෙන් වැලකීම, තෙල් කෑම අඩුකිරීම, ව්‍යායාම කිරීම,... ආදිය. තෙලෙන් බැදපු කෑම, කෘතීම රසකාරක යෙදූ බීම ආදිය ගැන විශේෂයෙන්ම කිව්ව. ලස්සනම කතාව ඊට පස්සෙ කිව්වෙ අල්ලපු ඔෆිස් එකේ, අපේ පැමිණීම අත්සන් ගත්ත නිලධාරිනිය.
"අපි උදේ නං රෝල්ස්, මයිලෝ එහෙම දුන්න මහත්තය,.... දැං නං ඉවරයි"
හරිි, ආයෙත් කතාවට. මම ඔය ඇවිදින්න පටන්ගත්ත කාලෙ (ඒ කියන්නෙ ඔය කිව්ව චෙකප් එකට සතියකට විතර කලින්. එන්ජිම අවුලක් නැති නිසා බර අඩුකරගැනීමේ ආසාවත් නැතුව ගියා ඒකෙන්) වැඩට ගිහිල්ල එන ගමන් ගෙදරට කිලෝමීටර එකහමාරක් විතර මෙහා හන්දියෙ බැහැල පයින් එන්න ගත්ත. ඒකට තවත් හේතුවක් වුනේ ටවුමෙ බස් නැවතුමේ බස්එක නවත්වගෙන ඉන්න කාලය ටිකක් වැඩිවීම. පයින් යාම සහ බසයෙන් යාම අතර වෙනස විනාඩි පහක් වෙයි ඕනනං.
හැබැයි මගේ පාද යාත්‍රාව එක දවසෙන් නැවතුනා වාහන තදබදය නිසා. ඇවිදීම නිදහසේ කරන්න නං නොනැවතී එක දිගට යන්න ඕන. ඒකට මේ රසිකලාගෙ වගේ වාහන අඩු පාරක් ඕන. වාහනවලට අයින් වෙවී මොන ජොගින්ද! ලඟදි අපේ කාර්යාලෙ නෝන කෙනෙකුගෙ අසල්වැසියෙක් ව්‍යායාම කරන්න ගිහිල්ල මැරුන කියල කිව්ව. එයා උදේ පහට විතර බයිසිකලක් පැදගෙන යද්දි පස්සෙන් ආපු වාහනයක හැපිල මැරිල!
ඊයෙ රුවන් ජයතුංග බ්ලොග් එකේ දාල තිබුන රිය අනතුරු ගැන. ලංකාවෙ රිය අනතුරු වැඩි බවත් ලංකාවෙ රියදුරන් විනයක් නැති පිරිසක් බවත් බොහෝ දෙනෙක් කියනව. ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මම අධ්‍යයනය කරල තියන විදියට නං රිය අනතුරුවලට හේතුව රියදුරන්ගේ වැරැද්ද විතරක්ම නෙවේ. ලංකාවේ මාර්ග පද්ධතියේ තියන අවුලක්. පහුගිය කාලෙ හිටු කියල පාරවල් හැදුන, කාපට් කලා, කොන්ක්‍රීට් කලා. නමුත් පාරවල්වල මතුපිට ඇතිවුන දියුණුව පුළුල් කිරීම පැත්තෙන් ඇතිවුනේ නෑ. තිබුන පාරවල් හොඳට හැදුව. දැං පිඹගෙන යන්න පුළුවන්. නමුත් වැඩිවුන වාහනවලට සාපේක්ෂව පාරේ පළල එහෙමකට වැඩිවුනේ නෑ. ඉතිං අනිවාර්ය ප්‍රතිපලය තමයි රිය අනතුරු. මේවගේ අසහනකාරී පාරවල්වල යන ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් ආදිය අස්සෙන් ගහගෙන නොගියොත් පුදුමයි. අනිත් අවුල තමයි මාර්ග සංවර්ධනයට සාපේක්ෂව පොදු ප්‍රවාහනය දියුණු නොවීම. ඒකෙත් අවසාන ප්‍රතිපලය පෞද්ගලික වාහන වැඩිවීම.
අන්නේකයි ලංකාවෙ පාද යාත්‍රා ඕස්ට්‍රේලියාවෙ වගේ ලේසි නැත්තෙ.
ප/ලි: පාද යාත්‍රාවල යද්දි ගුටි කන්න වෙන්නෙත් ලංකාවෙදි.
ප/ප/ලි : රසික මහතා පමණක් නොව "සා රස" මහතාද ඕස්ට්‍රේලියාවේ ගොස් ඇති බව දන්වන ලදී.
පාද යාත්‍රා නැත්නම් අහස් යාත්‍රාෙව ගිහින් හරි කමක් නෑ ඇඟේ බර ටිකක් අඩු වෙනවානම්. කරැමෙ කියන්නේ ඇවිදින්න හිතෙන්නේ ටික දවසයි. ඊට පස්සේ මොකක් හරි වෙලා වැඩේ නතර වෙනවා.
ReplyDeleteඅන්නේකනේ
Delete// අන්නේකයි ලංකාවෙ පාද යාත්‍රා ඕස්ට්‍රේලියාවෙ වගේ ලේසි නැත්තෙ. //
ReplyDeleteඑක දෙයක් අනෙක් දේට වඩා හොඳයි හෝ නරකයි කියා සන්සන්දනේ කොරන්න පුලුවන් දෙකම දන්න කෙනෙකුට....
මේ ප්‍රශ්නෙදි සිරි ලන්කාවෙ සහ ඔස්ට්‍රේලියාවේ දෙකේම පාරවල් වල ඇවිදපු කස්ටියට ට...
සොරි. ප/ප/ලි දාන්නං.
Deleteවාහන වලින් පිටවන දුමෙන් පිරුණු වීදිවල ඇවිදින්න එපා. නැති ලෙඩත් හැදෙනවා. ගෙදර කාමරයකට වෙලා, ෆෝන් එකේ හෙඩ් සෙට් එක දාගෙන හෝ, ගෙදර සී.ඩී. ප්ලේයරයෙන් දාගන්න මහ හයියෙන් සින්දුවක්. නටන්න තමන්ට තේරෙන විදිහට නොකඩවා විනාඩි 45ක්. අන්න බෙහෙත.
ReplyDeleteකන්දෙක බීරි වෙන්න හරි, අල්ලපු ගෙවල් වලින් ගුටි කන්න හරි වෙන සීන් එකක් තමයි. හැක්..
Deleteඒකත් නරක නෑ.
Deleteරටේ පොදු ප්‍රවාහනයේ හැටියට අපිට පාද යාත්‍රා යන එක තමයි කරන්න වෙලා තියෙන්නේ බොහෝවිට.
ReplyDeleteනැතුව.
Deleteමගෙ පාද යාත්‍රාවට නම් සෑහෙන ඉතිහාසයක් තියෙනව රාජ්. මම පවර් වෝක් සහ ජොගිං සංකලනයක් කරන්නෙ. ඕය වැඩේට අලුතෙන් කට්ටිය නිතර එකතුවෙනවා. ඇවිත් දවසක් දෙකක් සතියක් දෙකක් ඉඳලා හිටලා මාසයක් දෙකක් එන අය ඉන්නවා. සමහරු වේගයෙන් දුවනවා. මටත් කියනවා දුවන්න දුවන්න හයියෙන් කියලා. මම හිනාවෙලා මගේ ගමන යනවා. අරුන් අර ඉහතින් කිව්ව විදියට දවසෙන් දෙකෙන් සතියෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් හැලිලා යනවා. කට කොනට හිනාවක් නගාගත්ත මම තාම හෙමිහිට ජොග් කරනවා. හැබැයි බං බඩ නම් එහෙමමයි.
ReplyDelete//හැබැයි බං බඩ නම් එහෙමමයි./ :D
Deleteහොඳ ප්‍රතිඵලයක් ගන්න ඕනෑ නම් ඔළුවට දාඩිය වැටෙන වේගයෙන් යන ඕනෑ.
Deleteබඩ එහෙමම නං ව්‍යායාමය වෙනස් කරපං.
Deleteමට අඩි 20 ක් 30 ක් පයින් ගියත් ඔළුවට දාඩිය දානවා...
Deleteතෙල් බෙහෙත් බලයෙන් බඩනම් හැමදාම වැඩි වෙනවා, ජොගින් පටන් ගන්න දැන් අවුරුදු තුන හතරක ඉඳල හිතාගෙන ඉන්නවා...
තාම එක දවසක්වත් යන්න බැරි උනා, ඇවිදින්න යනවනම් ඇවිදින මංතීරුවක් පවා තියෙනවා පයින් යන දුරක... :(
අපේනං ඉතිං මොනව බස්සගන්නද ඇවිද්ද කියල. ඒත් කොහොමත් දවසකට කිලෝමීටරක් විතරනං ඇවිදෙනව කොහොමත්.
ReplyDeleteබස්සගන්න මොකුත් නැද්ද?
Deleteඉස්සෙල්ලා නග්ග ගන්න එපායැ!
Delete/* උස සෙන්ටිමීටර එකසිය හැත්තෑ දෙකක්ද කොහෙද. ඒක දැනගත්තෙ ලඟදි අල්ලපු ඔෆීස් එකේ තිබුන චෙකප් එකකට ගිහිල්ල. */
ReplyDeleteඑතකොට බර කීයද කියලා දැන ගත්තේ අල්ලපු ගෙදරින්ද,අර කැලණි පාලම නාට්‍යයේ වගේ?
:-) බර මනින්න නං මෙව්ව එකක් ගෙදර තියනව.
Deleteඅසල්වැසියෙක් ව්‍යායාම කරන්න ගිහිල්ල මැරුන කියල කිව්ව. එයා උදේ පහට විතර බයිසිකලක් පැදගෙන යද්දි පස්සෙන් ආපු වාහනයක හැපිල මැරිල!
ReplyDelete---------------------
උදේ පාන්දර බයිසිකල් පදින ඒක තරම් හොඳ ව්‍යායාමයක් තවත් නැහැ. එත ප්‍රශ්නය තියෙන්නෙ පාන්දරම පිම්මේ යන වාහන වලින් බේරෙන එක. මම ඉදිරියෙන් එන වාහන වලට පෙනෙන්න බයිසිකලයට ඩයිනමෝවක් දාගෙන ඉන්නවා. තව පසු පසින් සහ ඉදිරියෙන් රතුපාට ආලෝකයකින් බයිසිකලය අනෙක් රියදුරන්ගේ ඇහැට ලක් කිරීමට බැටරියකින් බලය දෙන ගැජට් එකක් සවි කරලා තියෙනවා. මීට අමතරව මම බයිසිකලය පදින කොට හෙල්මට් එකක්ද පළඳිනවා. මෙ නිසා මා මුහුණපාන අවදානම අඩුවී ඇතැයි ම හිතනවා.
පෙනීමටත් වැඩිය බයිසිකලයට තියෙන්නෙ නොසැලකිල්ලක්. ඒ නිසා බයිසිකල් පැදීම හොඳ නෑ. හොඳම දේ ග්‍රාමීය මාර්ගයක් තෝරාගැනීම
Deleteඔය හෙල්මට්, ලයිට් මොකටෙයි? ගැටඹේ පන්සලට කප්පම් පඬුරක් දාලා ගියා නම් අහවරයි නේ!
Deleteමෙහෙ ලොකුම ප්‍රශ්නෙ වායු දූෂණය නිසා ඇවිදින එකත් සෞඛ්‍යයට අහිතකර වෙන එක
ReplyDeleteඉතාලියේ පාරවල් වල ඇවිදින්න සහ කානු වල නිදාගන්න පුලුවං ලු
Deleteඉවාන්, කානුවල නිදාගන්නනං ඉතාලි යන්න ඕනයැ බොල. කන පාත්වෙන ගානට දාල තව ෂොට් එකක් ගත්තම ඉවරයිනෙ. හැක්..
Deleteව්‍යායාම කරද්දි වේගයෙන් හුස්ම ගන්න ගමන් දූෂිත වායුව ආග්‍රහනය හොඳ නෑ තමයි.
Delete//මතෙන් සහ දුමෙන් වැලකීම, තෙල් කෑම අඩුකිරීම, ව්‍යායාම කිරීම,... ආදිය. තෙලෙන් බැදපු කෑම, කෘතීම රසකාරක යෙදූ බීම //
ReplyDeleteජීවිතං අනියතං - මරණං නියතං
එතකං ජීවිතං - ජොලියෙන් ගතකරං
ආං හරි!
Delete//කවදාවත් නොකෙරෙන) මතෙන් සහ දුමෙන් වැලකීම, //
ReplyDeleteඋවමනාවක් නැති කමද ? ඇබ්බැහිවීමද ? බර අඩුකරගන්න ඕනෙම හින්ද මම මතෙන් ටිකක් ඈත් උනා ඒකෙන්ම තෙල් කෑමත් නැවතුනා, බරත් ටිකක් අඩු උනා. දැන් මතින් තොරව පාදයාත්‍රා කලහැකියි. ඒක හින්ද අපි වගේ එවුන්ව පාදයාත්‍රාවට අරන් යන එක ලාබයි , සල්ලියි කෑමයි විතරයි අරක්කු වල ගාන ඉතුරුයි.
පොඩ්ඩක් මත්වුනාට බර අඩුවෙන්නෙ නෑ බං. මෙන්න කතාවක් සැනසිලි ත්‍යාගයක් විදියට ඉතිරිය විස්තර කරන.
Deleteමිස්ට සිල්ව ගියා දොස්තර මුනගැහෙන්න. දෙබස් මෙහෙමයි.
"දොස්තර මහත්තයෝ, පරමායුෂ ජීවත් වෙන්න මම මොනවද කරන්න ඕන?"
"මිස්ට සිල්ව කියන්න බලන්න ඔයා දුම් බොනවද?"
"නෑ දොස්තර මහත්තයෝ මම කවදාවත් දුම් බීල නෑ"
"එතකොට අරක්කු?"
"ඔය ජරාව කටේ තියල නෑ"
"එතකොට මිස්ට සිල්ව බැඳලද?"
"ඔව් ඩොක්ට"
"ඉඳහිට පොඩි සැපක් ගන්න කොටුවක් එහෙම"
"පිස්සුද ඩොක්ටර්, මම කරන්නෑ ඔය ජරා වැඩ"
"එතකොට ව්‍යායාම එහෙම කරනවද?"
"ඔව් ඔව්, හැමදාම පැයක් විතර ව්‍යායාම කරනව"
"එතකොට තෙල් කෑම පිටි කෑම කෘතීම කෑම බීම එහෙම ගන්නවද?"
"අපොයි නෑ ඩොක්ට"
"ඔය එකක්වත් කරන්නෙ නැත්තං තමුසෙ මොකටද ඕයි ඔච්චර කල් ජීවත්වෙන්නෙ?"
ඔය කතාව අපි අහල තියෙන්නෙ මේ විධියට;
Deleteමිස්ට සිල්ව ගියා දොස්තර මුනගැහෙන්න. දෙබස් මෙහෙමයි.
"දොස්තර මහත්තයෝ, පරමායුෂ ජීවත් වෙන්න මම මොනවද කරන්න ඕන?"
"මිස්ට සිල්ව බැඳලද?"
"තාම නෑ ඩොක්ට"
"එහෙනම් මිස්ට සිල්ව ඉක්මනට කසාද බඳින්නකො"
"මම කසාදයක් කරගන්න කියල තමයි ඉන්නෙ, ඒත් ඩොක්ට කසාද බැඳිල්ලෙයි පරමායුෂ ජීවත්වෙන එකයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද ?"
"කිසිම සම්බන්ධයක්නම් නෑ මිස්ට සිල්ව, ඒත් කසාද බැන්ඳම ඔය වගේ සිතිවිලි එන්නෙ නෑ."
ලංකාවේ වැඩ කළ කාලේ කොල්ලුපිටියේ සිට දේහවලට පයින් ආවා. සමහර දවස්වල රත්මලානට. ටිකක් අමාරුයි තමයි. හැබැයි ගාලුපාරේ යන්න පුළුවන්.
ReplyDeleteදැන්නම් පයින් යනවා අ කෙලින්ම ඔෆිස් එකටම.
අපි මෙහෙ මුහුණ දෙන නිවැසි බල්ලෙක් හා මග යනෙන වාහනයකින් එහාට වෙනත් කිසිම සිද්ධියක් නැති පාලු පිළිවෙලට වඩා මම තාමත් ආසයි කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා පන ගැහෙන පාරක් දිගේ එනකොට පෙනෙන දකින දේවල්. පාර දිගට මිනිස්සු, පොළවල් කෝවිල්, ටන් ටකන් ටකන් කොත්තු කඩ, ත්‍රී වීලර් පුදුම සුන්දරත්වයක් සහිතයි.
එකම අවුල ලංකාවේ දිගටම පාද යාත්‍රා යන්න බැහැ. නිතර වහින නිසා. මෙහෙ නම් වහින්නේ අඩුවෙන් [පහුගිය දෙසතියේ හැර]. ඒ නිසා අ වැඩි වාර ගණනක් යා හැකි.
පාගමන් ගැන මගේ මතයනම් කියන තරම් බර අඩුවෙලා නැති බවයි. යන්තම් වැඩිවීම නවතා ගත හැකියි
ටයිපෝ: දේහවලට = දෙහිවලට
Delete(සන්තෝසයි මේ පැත්තෙ ආවට)
Deleteඇවිදීමෙන් බර අඩුවෙන්නෙ නෑ එහෙනං. හැබැයි පොඩි පාලනයක් වෙනව වගේ.
/* දැන්නම් පයින් යනවා අ කෙලින්ම ඔෆිස් එකටම. */
Deleteඅමු බොරු, මට අද මුණ ගැහුණා අහම්බෙන්. බැක් පැක් එක කරේ වුණාට ගමන කෝච්චියේ!
රාජ්, උඹව බුකියෙන් එලෙව්වද?
ReplyDeleteහැක, හැක!
Deleteඔන්න බලපල්ල, ලියන්නෙ නැතිකොට කියනව ලියන්නෑ කියල. ලිව්වම තව කතන්දර.
Deleteජොගින් කරන්න තියෙන වෝකින් පාත් ගලවලා දාද්දී බර අඩු කර ගන්න පාද යාත්‍රා කොහේ කරන්නද මහත්තයෝ.
ReplyDeleteඅපට නං මොන ජොගින් පාක්ද! කොළඹට කිරි ගමට කැකිරි
Deleteප්‍රධාන පාරට සම්බන්ධවෙන අතුරු පාරවල් ගොඩක් දැන් කාපට් කරලා තියෙන්නෙ.දෙපැත්තෙන් තාප්ප හරි වැටවල් හරි.අඩියක වත් ඉඩක් නෑ කාපට් පාර.ඇවිදන් යන්න ඕනෙත් කාපට් එක උඩ.ඒත් පාර හොඳ නිසා වාහන එන්නෙ පිම්මෙ.ඔන්න ඔතන තියනවා ලොකු අනතුරක්.කඩින් කඩ මාර්ග බාධක වත් ඉදි කලොත් අනතුරු අඩු වේවි.
ReplyDeleteපදිකයාටත් පාරේ ඉඩක් ලැබුනු දාට ඇවිදින එක ඇඟට ගුණයි.
ජයවේවා..!!
ඒ අවුල මාත් දැකල තියනව.
Deleteරාජ්, වාහන ගමන අඩු ගුරු පාරවල් නැද්ද ඔය පැත්තේ?
ReplyDeleteඅපි දැං ඉන්න කිට්ටුව නං ගුරු පාරක් ඇත්තෙම නෑ.
Deleteමම හරි ආසයි ඇවිදින්න.. හැබැයි කාමරේට ගියායින් පස්සේ අයි එලියට බහින්න හිතෙන්නේ නෑ.. ඒකට කරන්නේ වැඩ ඉවරවෙලා කාමරේට යන එක තියෙන දිගම පාරෙන් යනවා.. සමහර දවස්වලට නාරාහේන්පිට ඉඳලා කොල්ලුපිටියට පයින් එනවා.. ඇවිදින එක මාර ජොලි.. හැබැයි කියුවා වගේ කල්පනාවෙන් යන්න ඕනි..
ReplyDeleteප.ලි.. මම ඇවිදින්නේ බර අඩුකර ගන්න නම් නොවෙයි.. ජොලියට..
ප.ප.ලි. කොච්චර ඇවිද්දත් තාම මගේ බර කිලෝ 100යි.. වැඩිය නෑ කිලෝ 25ක් විතර ඕවර්වේට්.. කවුද ඕවා ගණන් ගන්නේ..
මම ඉස්සර හැව්ලොක් ටවුන් ඉඳන් වැල්ලවත්ත ස් ්ට්‍ෂන් එකට දුවනවා 5කිමි විතර එක දිගට හයියෙන් . නමුත් දැන් ඒ ෆිට් එක නෑ
ReplyDeleteකිව්වහම මතක් උනේ මෙදා සැරේ නිවාඩුවෙදිත් ෆුල් බොඩි චෙකප් එකක් දැම්මා . . කිසි රෝගයක් නෑ කිව්වා ඒත් කොලොස්ටොරෝල් 190ක් තව 10ක් එන්න කලින් දැන්ම ව්‍යායාම පටන් ගන්න කිව්වා.
ReplyDeleteලන්කාවේ පාරවල් වල ජොගින් වෝකින් කරන එක නම් සිරාවට මරන සහතිකේ අතේ තියාගෙන යනවා වගේ වැඩක්.
අහ් ඊයේ ලන්කාදීපේ තිබ්බා මාර්ග අනතුරු අඩුවෙන්න කියලා පිරිත් කියලා පිරිත් පැන් ඉස්සා කියලා. දැන් අඩුවෙයි මහිතේ . .