Friday, August 26, 2016

බුර්කිනි ගැලවීම!


සංවාදය සඳහාමයි!
[සයිබර් වරිගෙ උණ්ඩියාගේ සටහනකි!]

ප්‍රංශය විරෝධය දක්වන්නේ කුමකටදැයි බොහෝ දෙනෙකුට හරි අවබෝධයක් නොමැති බව පෙනෙයි.ප්‍රංශය දක්වන විරෝධය ඊනියා බුර්කිනියට හෝ කාන්තාවන්ගේ වස්ත්‍ර පාලනයට ලඝු කළ යුතු නැත. ප්‍රංශය විරෝධය පාන්නේ ආගමික වශයෙන් නිර්-ධ්‍රැවීකරණය කරන ලද සමාජයක ඉස්ලාමයේ නාමයෙන් වර්ධනය කරමින් පවතින ආගමික ධ්‍රැවයටය. ආගමික වශයෙන් නිරාරෝපිත වූ ( නිෂ්ක්‍රීය වූ ) සංස්කෘතියක් පවතින නිදහස් රටක කෙරෙමින් පවතින ඉස්ලාම් ආගමට බැඳුණු මුස්ලිම් සංස්කෘතික ආරෝපණයටය.

ප්‍රංශය මේ මොහොතේ ආර්ථික, දේශපාලනික සහ සාමාජීය වශයෙන් ඓහික නැඹුරුවක, ලිබරල් ස්ථාවරයක පවතී. නමුත් යුරෝපයේ බොහෝ රටවල සිදුවෙමින් පවතින්නා සේම එරට තුළද ප්‍රධාන නගර වල මේ මොහොතේ මුස්ලිම් සමාජයේ "ඒකලනවාදයක්" (Isolationism of Islamic Community) සහ "සංරක්ෂණවාදයක්" (Conservatism of Islamic Principles) පදනම කරගත් "ඉස්ලාමික කළාප" බිහිවීම සිදුවේ. මෙය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි.
ඉස්ලාමය අදහන පිරිස් විසින් විශාල නාගරික තුළ තමන්ගේ සමාජය ජීවත් වන ප්‍රදේශ ඊනියා කළාප වශයෙන් තමන්ට වෙන් කරගැනීමත්, අනතුරුව ඒ තුළ ඉස්ලාමික සංස්කෘතික අනන්‍යතාවය අධිපතිවාදී ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමත්, එයට අභියෝගයක් වන අයට යම් යම් වාචික හෝ කායික ප්‍රහාර එල්ල කිරීමත් යුරෝපයේ මේ වකවානුව තුළ දසතින් වාර්ථාවන පැහැදිලි සත්‍යයක් බවට පත්ව ඇත.

ප්‍රංශය විරෝධය ඵල කරන්නේ මෙසේ ගොඩ නැගෙමින් පවතින "වෙනම ආගමික අනන්‍යතාවයටය". මක්නිසාද මේ ආගමික අනන්‍යතාවයේ සිට නොබෝදා ප්‍රංශයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ ආගමික ත්‍රස්තවාදයට ඇත්තේ කෙස් ගසක දුරක් බව ප්‍රංශුවන් දන්නා නිසාය.

යම් පිරිසක් යම් ප්‍රදේශයකට සංක්‍රමණය වීමෙන් පසුව එහි වෙසෙන ජනතාව සමග මුසුවී පොදු එකඟතාවයකට ඒම ප්‍රතික්ෂේප කරන්නේ නම් එතන ක්‍රියාත්මක වන්නේ ආක්‍රමණික අරමුණු විනා අන් කිසිවක් නොවේ. නමුත් එයට විරෝධය පෑම කළ යුත්තේ නූතනවාදී විද්‍යාත්මක පදනමක සිටගෙන විනා තවත් එක් ආගමික අන්තවාදයක් අස්සට රිංගා ගෙන නොවේ.

38 comments:

  1. පරිප්පුව කාපු එකාට ඇර අහක ඉන්නා උන්ට පරිප්පුවේ රස තේරෙන්නේ නැතිය.

    මෙහේ තිබුනු නීතී රීතී රාජ් මහතාට අමතකව ඇති බව පෙනේ.. දෙමළ ගෑණියෙකුට පොට්ටුවක් තියාගෙන යන්න බැරි උන රටක මෙවා ප්‍රශ්ණ කිරීමම පට්ට විහිළුවකි.

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩක් පැහැදිලි කරපංකො. උඹේ මතය මොකක්ද?

      Delete
    2. මතයක් තියෙන්න එපැයි බන් කියන්න. ඔහේ කටට එන මොනවා හරි කියල දානවා. හවසට තව එකක් කියනවා

      Delete
  2. සියළු ආගම් ලෝකයේ විනාශයට මුල වේ..

    ReplyDelete
  3. මම ගොස් තිබෙන රටවලින්, ජපානය කියන්නේ විදේශිකයන්ට දෙන්න පුළුවන් ඉහලම ගවුරවය දෙන රටක්. සමහර අවස්ථා වලදී විදේශීය ශිෂ්‍යයෝ වෙලා හිටපු අපිට ජපන් ජාතිකයන්ටවත් පහසුවෙන් ඇතුලට යන්න නොලැබෙන පන්සල් වල ඇතුලට යන්න ලැබිල තිබෙනවා. ඔබේ ලිපිය ගැන අදහස විදියට කියන්න තිබෙන්නේ මම ජපානෙට ආපු දවසෙම අපේ විශ්විද්‍යාලයේ සිටින චීන ජාතික මහාචාර්යවරියක් කියපු, මම ඉහලින්ම පිළිගන්න දෙයක්.

    Now you are in Japan. Japanese people will respect you and your culture. However, don't forget that Japan is their country.


    අපි වෙනත් රටක ජීවත්වෙනවා නම් ඒ රටේ සංස්කෘතියට හැඩගැසීමේ යුතුකමක් තිබෙනවා. පළමු පරම්පරාවට යම් මානුෂික සහනයක් ලැබීම සාධාරණ වුනත්, විශේෂයෙන්ම දෙවන පරම්පරාවල් ඒ රටේ සංස්කෘතියට හැඩගැස්වවීමේ වගකීම සංක්‍රමණිකයන්ට තිබෙනවා. කාලයත් සමග මවු රටට විශේෂිත හැසිරීම් තුනී වී ගොස් ජීවත් වන රටට විශේෂිත හැසිරීම් වැඩිවීමයි විය යුත්තේ. නමුත් බොහෝ සංක්‍රමණිකයන් සැලකුවාම සිදුවෙන්නේ කාලයත් සමග එන්න එන්නම කල්ලි ගැසෙමින් මවු රටට විශේෂිත හැසිරීම් වැඩි කරගනිමින් ජීවත් වන රටේ හැසිරීම් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීම සහ විවේචනය කිරීමයි. නිවෙස තුල අපේ නිදහස තිබෙන නමුත් ඉන් එපිට මෙසේ කල්ලිවාදය පතුරවන විට සංක්‍රමණිකයන් වශයෙන් අපට ලැබෙන නිදහස සහ ගවුරවය නැතිවී යන බවයි පෙනෙන්නේ. මෙතනත් එහෙම බවයි පෙන්නේ.

    ශ්‍රී ලාංකික බොහෝ කාන්ත්වන්ට වුනත් බටහිර සංකෘතිය ඇති රටකට සංක්‍රමණය වූ පමණින් බිකිනියක් ඇදගෙන ප්‍රසිද්ධ ස්ථානයක නාන්න අපහසු බවයි මගේ අදහස. කවුරුවත් අනවශ්‍ය විදියට නොබැලුවත් අනවශ්‍ය දේවල් නොකිව්වුවත් එක ඔවුන්ට නුපුරුදුයි. මෙතනත් ඔවුනට එයට මුහුණ දෙන්න වෙන්නේ ඔවුන්ගේ දැඩි කල්ලිවාදය නිසා. මානුෂික කරුණක් වන කාන්තාවන්ගේ නාන ඇදුම්, පාලනය කිරීම තරමක් අමානුෂික වුවත් කල්ලි වාදය ත්‍රස්තවාදය බවටද පත්වූ පසු රටක් එසේ කිරීම ගැන දොස් කියන්නට නොහැකි බවයි පෙනෙන්නේ. එතනදී, මට නැවත මතක් වෙන්නේ අපේ මහාචාර්යතුමිය කියපු කතාව.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ කතාව හරි.
      ප්‍රජාතන්ත්‍රවාදය අනුව සංස්කෘතික කාරණා ඉවසන්න පුළුවන් වුනාට සංස්කෘතික සැරයටි නහය ලඟින් රූං ගාගෙන යද්දි ඉවසීම පනිනව.

      Delete
    2. //ශ්‍රී ලාංකික බොහෝ කාන්ත්වන්ට වුනත් බටහිර සංකෘතිය ඇති රටකට සංක්‍රමණය වූ පමණින් බිකිනියක් ඇදගෙන ප්‍රසිද්ධ ස්ථානයක නාන්න අපහසු බවයි මගේ අදහස. //

      බොරු කියන්න එපා.... සිරි ලන්කාවට ඇවිත් පූල් එකකට බැහැලා බලන්න....

      Delete
    3. Sa rasa, ශ්‍රී ලංකික බොහෝ කාන්තාවෝ ස්විමින් පූල් වලට නොයන බව මගේ අත්දැකීම නම්. ශ්‍රී ලංකික ඉහලම මධ්‍යම පන්තියේ, ප්රභූ පැලැන්තියේ බොහෝ කාන්තවක්, ශ්‍රී ලංකික බොහෝ කාන්තවක් නිරූපණය නොකරන බවයි මගේ අදහස නම්.ස්විමින්ග් පූල් යන්න හැමෝටම පුළුවන් වුනත් බොහෝ කාන්තවන් හා පුරුෂයන් යන්නේ නැති බවයි මම දන්නේ නම්.

      Delete
    4. ඔහේ ලියන දේ මට විතරද තේරුම් යන්නේ නැත්තේ?

      Delete
    5. ඒක මට උත්තර දෙන්නට හැකි ප්‍රශ්නයක් නොවෙයි. ඔබට වෙනස් විදියට තේරුණ බව පෙනුන නිසා ඔබෙන් සමාව ඉල්ලුවා. ඔහේ මෙහේ කොහේ ලියපුවා තවත් නොතේරුන අය ඉන්නවා නම් කියවන්නට ඔවුන්ට ගත වුන කාලය ගැන සමාව ඉල්ලන්න පුළුවන්. :D

      Delete
  4. දුක හිතෙනවා මෙහෙන් අවුරුදු 15-20කට ඉස්සර පිටරට පදිංචියට ගිය සමහර අයටත් තාමත් එහෙ ඉන්න යාලුවො මෙහෙන්ම ගිය අය විතරයි කියල දැක්කහම. සමහරු වෙනස් අය, වෙනස් කෑම, වෙනස් කිසිම දෙයකට කැමති නෑ. අපිට දකිනකොට හිතෙන්නෙ මාර කම්මැලි දෙයක්නෙ මේතරම් චොයිසස් තියාගෙන වෙනස් දේවල් නොකරන ඔහොම ඉන්න එක කියල. අපරාදයක්නෙ මේවගේ අයට මෙහෙ ඉන්න ලැබිලා තියෙන්නෙ කියල
    ඒත් ඒගොල්ල ආස තනි සංස්කෘතික ghetto වල ඉන්න.

    සංකීර්ණ සමාජමය කරුණු පැත්තකට දැම්මත් බුර්කා ආරක්ෂාවට තර්ජනයක් - security threat.

    ReplyDelete
    Replies
    1. (කෙන්ක්‍යුෂාගේ කමෙන්ටුව බලපං)
      අවුල තියෙන්නෙ සංස්කෘතික වෙනස්කම්වල නෙවේ, ඒ වෙනස්කම් සීමාව ඉක්මවා යන්න ගත්තම. ලංකාවෙන් ගිය අය ගැන මගේ අදහස නං ඒ අයගෙ ලොකු අවුලක් නෑ. කොහොමත් මුල් පරම්පරාව සංස්කෘතික නැටි හලන්නෙ නෑ. නමුත් පසු පරම්පරාවල් අවුල් වීමයි අවුල.

      Delete
    2. // දුක හිතෙනවා මෙහෙන් අවුරුදු 15-20කට ඉස්සර පිටරට පදිංචියට ගිය සමහර අයටත් තාමත් එහෙ ඉන්න යාලුවො මෙහෙන්ම ගිය අය විතරයි කියල දැක්කහම. සමහරු වෙනස් අය, වෙනස් කෑම, වෙනස් කිසිම දෙයකට කැමති නෑ. //

      ඔයි ඉහලින් ලියලා තිබ්බෙ පොරසිද්ද ඉස්තානෙක බිකිනි එකක් වත් ඇඳගෙන්න නාන්නේ නැහැ කියලා... දුකයි රන්ජනී....

      Delete
    3. Sa rasa, සමාවෙන්න ඔබට එවැනි අදහසක් එන්නේ මගේ ලිවීමේ අඩු පාඩුවක් නිසා වෙන්න පුළුවන්.

      මම කියන්නේ එසේ කරන්න කියා නොවෙයි. එසේ නොකිරීම අඩුවක් බවත් නොවෙයි. සාමානයෙන් ශ්‍රී ලාංකිකයන් බොහොම විවෘත්ත බොහොම දේවලදී නම්‍යශීලී වෙන කොටසක් වුනත් අපේ බොහෝ දෙනාටත් එවැනි දේ අපහසු බවයි මම කියන්නේ. ඉතින් බොහෝ සංස්කෘතික කාරනාවලදී එතරම් නම්‍යශීලී නොවෙන දැඩි මුස්ලිම් භක්තික කාන්තවන්ට බුර්කාවෙන් බිකියට බැසීම ඊටත් අපහසුයි කියන එකට මධ්‍යගත උදාහරණයක් විදියටයි මම එම වාක්‍යය ලිව්වේ.

      Delete
    4. පෝස්ටුවට අදාළ නොවුනත් කොමෙන්ට් වල කතාකෙරුණු දේ සම්බන්දයෙන් මගේ අත්දැකීම මෙසේ ලියමි. මා වාසය කරන උතුරු යුරෝපියානු රටේ පොදු පිහිණුම් මද්‍යස්ථානයකට හෝ ස්පා එකකට යන ඕනෑම කාන්තාවක් පිහිනුම් ඇඳුම් මාරු කිරීමට පෙර පොදු නාන කාමරයක (එක පේළියට කරාම සවිකර ඇති ස්ථානයක) නිරුවතින් ස්නානය කරයි. මෙය කිසිසේත්ම awkward අත්දැකීමක් නොවේ. මෙහි එක් අරමුණක් වන්නේ ඔබට සමේ රෝගයක් හෝ එවැනි දෙයක් නැතිබව හැඟවීමයි. එය පොදු ස්ථානයක පාවිච්චි කිරීමේදී එහි සෞඛ්යආරක්‍ෂිත භාවය ගැන ඔබ තුල යම් ප්‍රමාණයක විශ්වාසයක් තහවුරු කරන බව මගේ හැඟීමයි. මුහුදේ පිහිනීමේදී හෝ ස්නානය කිරීමේදී මේ තත්වය අදාල නොවේ.

      Delete
    5. සංස්කෘතිය තේරුම් ගැනීම දත් ගලවනවා වගේ ලෙහෙසි නැහැ වගෙයි පෙනෙන්නේ!

      Delete
  5. ගැටුම්වලින් තොරව, මතවාදීව මේ කල්ලි (cult) සංකල්ප වලට එරෙහිව ක්‍රියා කලයුතුයි. මීට එරෙහිව, හොඳ සැලැස්මක් ඇතිව, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් දියත් කලයුතුයි.

    ReplyDelete
  6. ප්‍රංශයේ නීතිය අනුව මුස්ලිම් කාන්තාවන් වෙරළ ආශ්‍රිත මහජන ස්ථානවල බිකිනිය ඇඳීම අවශ්‍ය නොවන බවයි මගේ තේරුම් ගැනීම. එම ස්ථානවල දී හිස වසා සිටින කොටස පමණක් ඉවත් කල යුතු වීම පමණයි අවශ්‍යතාවය.

    ReplyDelete
  7. මම හිතන්නේ මුස්ලිම් කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල යන කොට ඔවුන් විසින්ම මේ සම්ප්‍රධායන්ගෙන් මිදෙයි කියලා. ඒක සමාජ විද්‍යාඥයන් විසින් අධ්‍යයනය යුතු කරුණක්, මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සහ ඔවුන්ගේ(සහ හබීලගේ) අධ්‍යාපන මට්ටටම ගැන අධ්‍යයනයන් කෙරිලා නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටම එදාට සාපේක්ෂව ඉහලයි.(ඒක ලෝකෙ හැම ජාතියකටම පොදුයි නෙව). නමුත් බුර්කා වගේ දේවල් මෙතරම් ප්‍රචලිත වුනේ මෑතක. ඒක විග්‍රහ කරන්නෙ කොහොමද?

      Delete
    2. //නමුත් බුර්කා වගේ දේවල් මෙතරම් ප්‍රචලිත වුනේ මෑතක. ඒක විග්‍රහ කරන්නෙ කොහොමද?//

      මටත් තියන ප්‍රශ්නෙ ඕකයි ...

      Delete
    3. @පත්තර මල්ලිතුමා
      හේතු කීපයක්
      එකක් https://en.wikipedia.org/wiki/Wahhabism

      ඔබතුමාලගෙ බැල්මෙ සැර නිසා කියලත් සමහරු කියනව :-D

      Delete
    4. පොතේ තියනවනං අවුලක් නැතුවැති :D

      Delete
    5. රාජ් මේ අර මොකද්ද එකක් හොයන අමාරුවෙන් එන ලෙඩක්. බලපන් දැන් ඉස්සර වගේ නෙවෙයි පන්සලත් තාලිබාන් තමයි. මොන නීතියක්වත් නැති බෞද්ධයො සුදු ඇඳගෙන පවුල් පිටින් යනව සහ ඒ ගමන් නිදහස් මිනිහෙක් හම්බ වුනාම ඌට තෙල බෙදන්නෙත් මුස්ලිම් එකා පෙන්නල ඌ උගේ ආගම අදහන විදියට උඹ බුද්දාගම අදහපන් කියල​.
      ලෝකෙ පුරාම තියෙන්නෙ ඕකයි. තුර්කිය අන්තවාදයට යටවෙන විදියෙන් තේරුම් ගන්න​.
      ප්‍රන්සෙ කරන්නෙ අත්හදා බැලීමක්. හරි ගියොත් නිදහස් යුරෝපය ගොඩ​.
      වැරදුනොත් අපිටත් කන්න වෙන්නෙ වටෙන්ම​.

      Delete
  8. ලංකාවෙ ඈයො කියලත් ඉතින් ලොකු වෙනසක් නෑ. සංක්‍රමණය වෙන මොන රටෙත් පන්සලක් අටෝගෙන ලංකාවෙන්ම ගණයො ටිකක් ගෙන්නගෙන සිංහල බෞද්ධ සංස්කෘතිය පතුරවන එක තමයි කරන්නෙ. අර කතෝලිකයන්ගෙ මුදුන් මල්කඩ වගේ තියෙන ඉතාලියට හොරෙන් පැනල, බොරු සරණාගතබවක් පෙන්නල වීසා එක හදාගෙන කරන්නෙත් පන්සල් අටෝන එක තමයි. හොඳ වෙලාවට එහෙ නානසාරල වගේ පූජකයො නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. රාජ්ගෙ කොමෙන්ටුවලට පැන පැන දෙන්නෙ, උඹ රාජ්ගෙ ගල් කොල්ලද ? අනිත් එක රාජ්තුමා අර නර්ස් ළමය බැඳලා, කාටවත් කරදරයක් නොවී, අයිස් පිට ඉන්න එකෙක් (ආණ්ඩුවක් බරක් වෙච්ච එක වෙනම කතාවක්). එහෙව් කොල්ලව එහෙම අල්ලගෙන අහිංසක පවුල් කඩන්නෙ නෑ, හරිය.

      Delete
    3. පත්තර කොල්ල බයවෙච්චි පාර කොමෙන්ටුවත් මකල පැනලා ගිහින්, හික්ස්...

      Delete
    4. හා මචෝ !! එහෙනං එහෙම කරන්නංකො.

      Delete
  9. මචෝ රාජ් ඕකට හේතුව වෙන මොනාත් නෙමේ ප්‍රන්ශේ ග්‍රහයෝ සවුත්තුයි.ප්‍රංශ ජනාධිපතිට මෙහෙ එන්න කියහන් කේන්දරෙත් අරන් දන්න පොරක් ඉන්නව නොදන්න දෙයක් නෑ.

    ReplyDelete
  10. ත්‍රස්ථවාදය තියෙද්දි ඔය හැම මානව හිමිකමක්ම රකින්න අපහසුයි..සත්‍ය වශයෙන්ම මුස්ලිම් අයට ඒ රටෝල ඉන්න බැරිනිසා නෙව මෙහෙ එන්නේ..ඉතිං එයාලට ඇවිල්ලත් එහේම ලොකු කරං සංස්කෘතික මෙව්වා එක තියාන ඉන්න බෑනෙව..ආවනං ආව විදියට හැ‍ඩගැහෙන්න එපාය..

    සරලව හිතන්න දැන් ඔන්න අර හනුමා පාලම ගැහුවට පස්සෙ තමිල්නාඩු ඩෑල් මෙහෙ බැහැල උන්ගේ රට වගේ පාරවල් වල රෙන්න ගත්ත කියමු..හැමදේම හරි උනත්..ඒක උන්ගේ සංස්කෘතිය වුනත්.කොහොමද පාන්දර එන ගූගද එක්ක අපි වැඩට යන්නේ..

    ඔය වගෙ වෙලාවක බහ්තරය වෙනුවෙන් සුළුතරය පෙලන්න වෙනවා කැමති වුනත් අකමැති වුනත්..නැත්තං ඉතිං කෙලවෙනවා ම තමයි..

    ReplyDelete
  11. මේක මේ මෑතකාලීනව මුස්ලිම් ප්‍රජාව තුල බහුලව ඇතිඋන ප්‍රවණතාවක්.ඒ ඒ රටවල සංස්කෘතීන්ට අනුව හැඩ ගැහිල හිටපු මුස්ලිම් ප්‍රජාව වෙනම ජාතියක් ලෙස අරබිකරණය වීම.උදාහරනෙකට ලංකාව ගන්නකො සාරි සරොම් ඇඳන් සිංහල/ දෙමල භාෂාවන් කතා කරගෙන සිංහල ,දෙමල ප්‍රජාවත් එක්ක එකට ජීවත් උන මුස්ලිම් ප්‍රජාව වර්තමානය වනවිට බුර්කා අර්බා අරාබි ලෝගු අඳින අරාබි භාෂාව කතාකරන රට ඉඳි ගස් වවා ගෙන අරාබි ස්ටයිල් පල්ලි හදා ගත්තු අමුතු ජන කොටසක් බවට පත් වෙලා සීග්‍රයෙන් ලාංකික සංස්කෘතියෙන් ඈත් වෙමින් යනව.රටක් හැටියට මේක නරක ප්‍රවණතාවක්.

    ReplyDelete
  12. මීට අවුරුදු විස්සකට තිහකට කලින් අපේ ගම් වල හිටි උන්ගේ නම් විතරයි මුස්ලිම් උනේ.. දැන් අමුතු සීං එකක්.. අන්න ඒක තමයි අනිත් එකාගේ නහය මුලිං ඉවර වෙන්න ඕනි..

    ReplyDelete
  13. 'මේක අපේ ඒරියල් එක ශරී..??
    ශඩ්ඩ බඩ්ඩ දාන්න බේ කපල දානවා පෙති පෙති..' න්‍යාය හැමතැනටම ඔබන්න ගියාම කෙල වෙනවා තමා.යහපත් මුස්ලිම්වරුන් සිටිත් නම් (ඉන්නවා.) ඔවුන් පෙරමුණ ගෙන මේ ව්‍යවසනය ඔඩු දිවීම නවතාගත යුතුයි. එන්න එන්න ලෝකෙ දෙකට බෙදෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
  14. //මෙය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි.

    ඉස්ලාමය අදහන පිරිස් විසින් විශාල නාගරික තුළ තමන්ගේ සමාජය ජීවත් වන ප්‍රදේශ ඊනියා කළාප වශයෙන් තමන්ට වෙන් කරගැනීමත්, අනතුරුව ඒ තුළ ඉස්ලාමික සංස්කෘතික අනන්‍යතාවය අධිපතිවාදී ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීමත්,// මේක බොරු නෙමේ නේද?

    ලන්කාවේ නම් මෑත කාලේ ඉතා නරක ආකාරයෙන් මේක පැතිරෙනවා. ඉස්සර අපේ ගම්වල උන්නු මුස්ලිම් ගෑනු මිනිස්සු මහා ලොකු වෙනසක් නැතුව අපි අතරේ ජීවත් උනා.

    ගෑනු අය සාරියෙන් ඔලුව වැහීමයි පල්ලි දාට පිරිමි අය තොප්පිය දාගෙන පල්ලි යෑමයි තමයි විශේෂ අනන්‍යතාවයකට තිබ්බේ. ඒත් දැන් ?? ගෑනු අය අරාබියේ වගේ ගෝනි බිල්ලා ඇඳුම්මයි අඳින්නේ, පිරිමි මැදපෙරදිග බන්ග්ලාදේශ් මිනිස්සු වගේම අරාබි කාරයින්ගේ ජාතික ඇඳුම කොපි කරලා.

    රටක සස්කෘතියට අනුගතවෙලා සීමාවකට තමනගේ ආගමේ ජාතියේ පැවැත්ම ගෙනියන එක වෙනම කතාවක්. ඒත් ඒක එක්ස්ට්‍රීම් යනවා නම් ???

    ReplyDelete
  15. ආගමික අන්තවාදයේ මූලික සංඥාවක් විදිහට හැඳීම් පැලදීම්වල විශේෂ ප්‍රකාශනයක් තිබෙන බව සත්‍යයයි. එතකොට මේ බුර්කාව සහ ගෝත්‍රික කාන්තාවන් අතර තිබෙන බෙල්ලට වලලු දැමීම,යට තොලට මැටි රවුම් දැමීම වගේ සංස්කෘතික ප්‍රකාශයන් පුරුදු කරන්නේ කුඩා කාලයේ සිට නිසා ඒකට ඔවුන්ගේ නැඹුරුවක් නැතිවුනත් පහුකාලීනව මේක පුරුද්දක් බවට පත්වෙනවා.

    අන්න එතනදි ආගමික අන්තවාදීත්වයේ රාජ්‍යයකට මූලික පදනම දාගන්නට මේක කරගන්න පුළුවන්. ප්‍රංශය ඇතුළු බොහොමයක් යුරෝපානු රටවල ව්‍යාප්තවාදය වලක්වන්න පාවිච්චි කරේ බුර්කා තහනමයි. මීට අවුරුදු 6කට කලින් ශිෂ්‍යයාවන්ට පාසල් සහ විශ්වවිද්‍යාල තුල බුර්කා තහනම් කලේ ඉස්ලාම් ආගම නොඅදහන තරුණියන් පවා විලාසිතාවක් විදිහට බුර්කාව පැළඳීම ආරම්භ කිරීමත් එක්කයි

    ReplyDelete
  16. ඕක ගැන මගේ අදහස මෙහෙමයි

    බුර්කාවක් හරි බුර්කිනියක් හරි ඇඳන් ඉන්න ගැහැණු කෙනෙක් අවශ්‍ය වෙලාවකදී තමාගේ අනන්‍යතාවය ඔප්පු කරන්න එකඟයි නම් ඉන් එහාට ඒ ඇඳුමට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ.
    මුස්ලිම් ව්‍යාප්තවාදයත් එක්ක එන ප්‍රධානම ප්‍රශ්නයක් තමා මුස්ලිම්වරුන් විසින් තමා ප්‍රතික්ෂේප කරන ප්‍රජාතන්ත්‍රවාදය/ ලිබරල් හර පද්ධතීන්(values) තුළ ඉඳගෙන ඒවා තමාගේ වාසියට හරවගමින් තමාගේ මුස්ලිම් හරයන් සමාජ ගත කරන එක.
    එහෙම ප්‍රශ්නයක් තිබ්බත්, බුර්කාව හරි බුර්කිනිය හරි ඇඳීම තහනම් කරන එක විහිලුවක්. හරියට අතීසාරයට අමුඩ ගහනව වගේ වැඩක්.
    මෙතන ප්‍රශ්න දෙකක් තියෙනව..
    එක,
    කාන්තාවකට අඳින හැටි ගැන නීති දාන්න රජයකට අයිතියක් තියෙනවද?
    දෙක,
    කාන්තාවකට අඳින හැටි ගැන නීති දාන්න ඉස්ලාම් ආගමේ පිරිමින්ට අයිතියක් තියෙනවද? (බුර්කාව ඇඳීම අනිවාර්‍ය කරන්න)
    පොදුවේ මෙවන් නීති, මුස්ලිම් ව්‍යාප්තවාදයේ හරයන් වලට විරුද්ධ වීමේ ප්‍රකාශනයක් කියන එකත් හරි. නමුත් ඕක කරන්න ගිහින් මෙතන සිද්ධියේදි වගේ ගොං පාර්ට් වෙන එකයි අවුල. මුස්ලිම් ව්‍යාප්තවාදයත් එක්ක බැඳුන මේ වගේ ප්‍රශ්නයවලට හරිහැටි ප්‍රතිචාර දක්වන විදිය ලෝකය තවම දන්නෙ නෑ (දන්නෑ කියන එකෙන් අදාල ප්‍රශ්නයට විසඳුමක් කියල ඉදිරිපත් වෙන ඕනෑම යෝජනාවක් නිවැරදියි කියල කියවෙන්නෙ නෑ)
    මුස්ලිම් ව්‍යාප්තවාදය හා බැඳුන ප්‍රශ්නයක් තියෙන බව ඇත්ත. නමුත් ඒ ප්‍රශ්නයට විසඳුම මොකක් වුනත්.. ඒ විසඳුම බීච් එකේ ඉන්න ගෑණුන්ගේ ඇඳුම් ගලවන එකවත්.. සම නිරාවරණය කරන සීමාවල් ගැන මෙහෙම නීති දාන එක නම් නෙමේ (වෙනත් වචන වලින් කියනව නම් බුර්කාව/බුර්කිනිය තහනම් කිරීම නෙමේ)
    එහෙම නැත්නම් අපට වෙන්නෙ
    "අඩනිරුවතින් ඉන්න තියෙන නිදහස, ඇඟම වහගෙන ඉද්දි නැතුව යනවා බ්‍රෝ"
    කියල හිතාගෙන හිත සනස ගන්න. නමුත් අන්තිමට වෙලා තියෙන්නෙ,
    ඉස්ලාම් ආගමේ ගැහැණුන්ට බුර්කාව ඇඳීම ඉස්ලාමීය අන්තවාදීන් විසින් අනිවාර්‍ය කලා වගේ ඉස්ලාම් ආගමේ ගෑණුන්ට 'බුර්කාව අඳින්නේ නැතුව' ඉන්න අනිවාර්‍ය කිරීමයි.
    ඔය කියපු දෙකම අන්තවාදය නැමති කාසියේ දෙපැත්තක් මිසක තර්කානුකූලව සිතා බලා එලඹ ගත්ත පිළිතුරු නෙමේ.
    ප/ලි - පුද්ගලිකව මමත් බුර්කාව ඇඳගෙන පාරෙ යනවට කැමති නෑ. නමුත් මෙවගේ දේවල් ගැන නිගමන වලට එන්න ඕන තමාගේ කැමැත්ත අකමැත්ත මත පදනම් වෙලා නෙමේ. (මම බුර්කාව අඳිනවට අකමැති වුනාට බුර්කාව තහනම් කල යුතුය කියන මතයේ මම නැහැ). කවුරුත් මම කැමති විදියට මම කැමති ඇඳුම් අඳින්න ඕන නැති නිසයි මම මේ මතයෙ ඉන්නෙ.

    ReplyDelete

  17. //බුර්කාවක් හරි බුර්කිනියක් හරි ඇඳන් ඉන්න ගැහැණු කෙනෙක් අවශ්‍ය වෙලාවකදී තමාගේ අනන්‍යතාවය ඔප්පු කරන්න එකඟයි නම් ඉන් එහාට ඒ ඇඳුමට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ//

    උණ්ඩියා කියනව:
    ප්‍රංශය දක්වන විරෝධය ඊනියා බුර්කිනියට හෝ කාන්තාවන්ගේ වස්ත්‍ර පාලනයට ලඝු කළ යුතු නැත. ප්‍රංශය විරෝධය පාන්නේ ආගමික වශයෙන් නිර්-ධ්‍රැවීකරණය කරන ලද සමාජයක ඉස්ලාමයේ නාමයෙන් වර්ධනය කරමින් පවතින ආගමික ධ්‍රැවයටය. ආගමික වශයෙන් නිරාරෝපිත වූ ( නිෂ්ක්‍රීය වූ ) සංස්කෘතියක් පවතින නිදහස් රටක කෙරෙමින් පවතින ඉස්ලාම් ආගමට බැඳුණු මුස්ලිම් සංස්කෘතික ආරෝපණයටය.


    විසඳුම ප්‍රාථමිකයි. හැබැයි මීට වඩා හොඳ එකක් තියනවද?

    ReplyDelete