Wednesday, November 9, 2016

සුභපැතුම් තුරුම්පුවා!


ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගෙන ඇත. ඒ ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ තවත් එක් තියුණු සටනකින් අනතුරුවය. මේ මා දුටු නිරීක්ෂණ කිහිපයකි.

☞ අනාවැකි සියල්ලම පාහේ බොරු වී ඇත.
☞ දරදඬු හා විසුළු හැසිරීමක් පෙන්නුම් කල ට්‍රම්ප්ගේ ස්වභාවය ඇමෙරිකානුවන් සීරියස් ගත් බවක් නොපෙනේ.
☞ ජනාධිපතිවරණ සටන වෙනදාට සාපේක්ෂව මඩගැසීම්වලින් බහුල විය.
☞ මුස්ලිම් අන්තවාදය, සරණාගත ප්‍රශ්න වැනි කාරණා පිළිබඳව ඇමෙරිකානුවන්ගේ ආකල්පය, යුරෝපා සංගමයෙන් තම රට ඉවත් කරගැනීමට ඡන්දය පාවිච්චි කල බ්‍රිතාන්‍ය වැසියන්ට සමාන යැයි කිව හැකිය.
☞ ලංකාවේ විචාරක ඔස්තාර්ලා කුමක් කීවද ඇමෙරිකාවේ ආණ්ඩුව/ජනාධිපති කවුරුන් වුවද රාජ්‍ය ප්‍රතිපත්තිවල මහලොකු වෙනසක් සිදු නොවන බව කිවයුතුය.

20 comments:

  1. Frans Madappuli Arachchige > ‎ඔක්කොම ඇඩ්ඩිං ඔක්කොම මෙම්බර්
    ඇමරිකාවේ ජනාදිපති සටනේ ජනතා චන්දය ගැන මගේ අදහස....
    කතා ගොඩක් කියන්න තිබ්බත් මේ ටික විතරක් කියන්නම්.
    1. ඇමරිකාවේ ජනගහනයෙන් ට්‍රම්ප්ට සුදු චන්ද හම්බවෙලා තියෙනවා 65% පමණ, ක්ලින්ටන්ට කළු චන්ද 80% පමණ සහ ක්ලින්ටන්ට නැවතත් ලතින් ඇමරිකන් චන්ද 80% පමණ. අපිට මේකෙන් ගන්න පුළුවන් ලේසිම අදහස තමයි ඇමරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති හදන මට්ටමේ තවමත් තීරණාත්මක බලය තියෙන්නේ සුදු මිනිස්සු අත කියන එක. මේක තවත් විශේෂ වන්නේ මේ අවස්ථාවේ ඇමරිකාවේ ඉන්නේ කළු ජනාදිපති කෙනෙක්. ඇමරිකාවේ දුෂ්කර පලාත්වල සිටින සුදු මද්‍යයම පන්තිය තමයි ඇමරිකාවේ ප්‍රධාන දාරාවේ දේශපාලනය තවමත් තීරණය කරන්නේ. අපිට ඔය ටීවී වල, චිත්‍රපටි වලින් පේන තරම ලතින් ඇමරිකානු සහ කළු ඇමරිකානු ජනගහනයක් ඇමරිකාවේ නැහැ!
    2. අනිත් එක මේක දැන් ට්‍රෙන්ඩ් එකක්. මගේ දැනුමට අනිව මෙය මුලින්ම පටන් ගත්තේ ඉතාලියෙන්. 2013 ඉතාලි මැතිවරණයෙන් වැඩි චන්ද ගානක් අත් කරගත්ත ඉතාලි රුපවාහිනියේ විහිලු කාරයෙක්(comedian) ලෙස මුල් කාලයේ වැඩ කරපු බෙප්පේ ග්රිල්ලෝ.
    3. මේ නැඹුරුතාවය හඳුන්වන්නේ populism කියලා. සරලවම කිව්වොත් බලය අතේ ඇති ප්‍රබුවරුන් ජනතාව පාලනය කිරීම වෙනුවට සාමාන්‍ය ජනතාවගේ කැමැත්තට සාමාන්‍ය ජනතාව විසින් රාජ්‍ය පාලනය කිරීම.
    මේ නැඹුරුතාවය තමයි ජුනි මාසයේ බ්රෙක්සිට් එකට බලපෑවේ, ජ'මනියේ චාන්සලගේ පක්ෂය ප්‍රාන්ත මැතිවරණ වලින් පැරදීම, ජ'මනියේ නැවත නියෝ නාසි සංවිධාන ඉස්මතු වීම සහ ප්‍රංශයේ මතභේදාත්මක මරි ල පෙන් වැනි පුද්ගලයන් ජනප්‍රිය වීමත් මේ නම්බුරුතාවයේ හේතු.
    4. සමහර අය කියලා තිබ්බ ට්‍රම්ප් ඇමරිකාවේ ජනාදිපති වීම යනු ලෝක අවසානය, 3 වෙනි ලෝක යුද්ධය ආරම්භ වීම වගේ කතා. මට කියන්න තියන්නේ ඒ කතා තේරුමක් නැහැ කියලා. ඔය කියන ජාතියේ වෙනස් වීම් ඇමරිකානු ප්‍රතිපත්තියේ ඇතිවෙන්නේ නැහැ කවුරු ජනාදිපති වුනත්. මේ කතා වලට හොඳම උදාහරණය ජුනි මාසයේ පැවතිච්ච brexit. ඒ අවතාවෙත් එංගලන්තයේ මිනිස්සු හිතුවේ කොටස් වෙළඳපොල කඩා වැටිලා වෙළඳපොල විනාස වෙලා ගිහින් බඩු අහස උසට යයි කියා. සමහර මිනිස්සු ලෝක විනාශයකට ලැස්ති වෙනවා වගේ කෑම බිම ගෙනත් තමන්ගේ නිවාසවල පවා ගබඩාකර ගත්තා.
    5. ට්‍රම්ප් ජනතා චන්දයෙන් දැන් දිනලා තියෙන්නේ ඔහුට තියෙන්නේ දැන් චන්ද විද්‍යාලවලින් දිනන්න. සමහර පුද්ගලයෝ මම දැක්ක කියනවා 2000 වගේ සමහරවිට හිලරි ජනාදිපති වෙයි කියලා චන්ද විද්‍යාල වලින්. නමුත් එය විය හැකි සම්භාවිතාවය ඉතා අවමයි. මොකද සෙනෙට් එක සහ ඇමරිකන් පහල මන්ත්රි මණ්ඩලයේ මැතිවරණයත් දිනලා තියෙන්නේ රිපබ්ලිකන්. ඒ නිසා 2000 වගේ චන්ද විද්‍යාල වලින් හිලරිට එන්න අවස්තාව ඉතා අඩුයි විය නොහැකි කොටින්ම.
    6. අවසානයේ කියන්න තියෙන්නේ ඇමරිකාවේ ජනගහනයේ ඇති වාර්ගික පදනම මේ චන්ද ප්‍රතිපලයෙන් ලස්සනට ඉස්මතු වෙනවා. ඔවුන් කතා කරන සමානත්වතාවය, ජන වාර්ගිකයන් අතර සහජීවනය වගේ කරුණු ට්‍රම්ප් ගේ ජයග්‍රහණයෙන් කුඩු පට්ටම් වෙලා යනවා මම 1 කොටසේ දාපු කරුණු අනුව. මෙදා පාරවත් ඇමරිකන් පාලකයන් පාඩමක් කරගැනී අනිත් රටවල් වල ප්‍රශ්න වලට අතදාන්න ඉස්සර තමන්ගේ රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ගැන අවධානය යොමුකරන්න අවශ්‍යයි කියා. ඒ අතින් ගත්තොත් ඇමරිකානු සිසටම් එකේ තියෙන කුහකත්වය මරුවට නිරුපනය වෙච්ච අවස්තාවක් අද.

    ReplyDelete
    Replies
    1. //ට්‍රම්ප් ජනතා චන්දයෙන් දැන් දිනලා තියෙන්නේ ඔහුට තියෙන්නේ දැන් චන්ද විද්‍යාලවලින් දිනන්න. සමහර පුද්ගලයෝ මම දැක්ක කියනවා 2000 වගේ සමහරවිට හිලරි ජනාදිපති වෙයි කියලා චන්ද විද්‍යාල වලින්. නමුත් එය විය හැකි සම්භාවිතාවය ඉතා අවමයි.//

      මෙය වෙන්න කිසිම ඉඩක් නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ඇමරිකන් ජනාධිපති වන බව මේ වන විට තහවුරු වී අවසාන වී තිබෙන්නේ ඒ සඳහා අවශ්‍ය වන ඉලෙක්ටොලර් කොලේජ් ඡන්ද බහුතරය දැනට ගණන් කර අවසන් ප්‍රතිඵල වලින් ලැබී අවසන් නිසයි. ඒ වුනත්, සියලුම ඡන්ද තවමත් ගණන් කර අවසාන නැති නිසා එහි අනෙක් පැත්ත වෙන්නනම් සැලකිය යුතු ඉඩක් තියෙනවා. ඔබ සඳහන් කරන 2000 මැතිවරණයේදී මෙන්ම මෙවරත් ජයග්‍රාහක ට්‍රම්ප්ගේ මුළු ඡන්ද ගණනට වඩා පරාජිත ක්ලින්ටන්ගේ ඡන්ද ගණන වැඩි විය හැකියි.

      Delete
  2. ඇති යාන්තම්, ඔන්න සිරි ලංකාවටත් දියුනු රටක් වෙන්න පුලුවන්

    ReplyDelete
  3. වාර දෙකක් ඩෙමොක්‍රැට්ස්ලා දිනලා තිබුන නිසා වෙනසකට රිපබ්ලිකන් පාලනයක් ඕනෑවෙන එක ස්වාභාවිකයි.
    ඒත් සැන්ඩර්ස් ආවනම් ට්‍රම්ප් පරදින්න තිබුනා

    ReplyDelete
    Replies
    1. බම්බුව තමයි, ඩිමොක්‍රටික් ගොබ්බයින්ගේ දියාරු කයිවාරු බහුල කටින් බතල හිටවීමේ සෙල්ලම ඇමරිකානුවන්ට එපා වෙලා තිබ්බෙ, විශේෂයෙන්ම බහුතර සුද්දන්ට. හිලරිගෙ සටකපට ප්ලෑන් නිසා තමයි ඩිමොක්‍රටික් මෙහෙම හරි ජාමෙ බේරගත්තෙ.

      මේකෙන් වැදගත් පාඩමක් ලෝකෙට ලැබුණා ! තවදුරටත් මාධ්‍ය සහ සමාජ ජාලවල ගහන පට්ටපල් කෙබර ප්‍රොපගැන්ඩාවලට තැනක් නැහැ. ඉදිරියේ දී ලෝකයේ වගේම ලංකාවෙත් කොතරම් අශ්ලීල වුණත් කෙළින් කතා කරන සෘජු මෙන්ම වගකීමක් ගතහැකි මිනිසුන්ට බොරු කයිවාරුකාර ප්‍රෝඩාකාරීන්ට වඩා නිතැතින්ම තැනක් ලැබෙනු ඇති. විශේශයෙන්ම ජෙප්පො සහ සමහර 'පොර ටෝක්' සිවිල් සමාජ කාරයින්ටත් (මහාචාර්ය විජේසූරිය වැනි) ඉදිරියේදී තැනක් නොලැබී කොතරම් මඩ වැදුනත් වැඩ කළ හැකි මිනිසුන්ට අවස්ථාව ලැබෙන බව පෙනේ. සජිත් ලොක්කා ඒ අතින් ලකී නේද බන් රාජ් අයියේ.

      Delete
  4. හොඳ විග්‍රහයක්.
    කවුරු දින්නත් ඇමරිකාවේ ප්‍රථිපත්ති වල ලොකු වෙනසක් වෙන්නේ නැහැ මේ කතාව හරියටම හරි.
    හැබැයි ඇමරිකාවට කිවිසුමක් ගියොත්, අපිට උණ ගනියිද? සීතලේ හැදෙයිද?
    කියලානම් කියන්න බැහැ.

    ReplyDelete
  5. හිලරි ක්ලින්ටන් පැරදෙන බව නාථ දෙවියන්ගෙන් දැන ගෙන සිටියා. ජනතාව කළබල වෙයි කියා සිතුණු නිසා කිව්වේ නෑ.
    -රාජකීය දෛවඥ නලින්ද

    ReplyDelete
  6. බලමු ට්‍රම්ප් කිව්ව දේ කරන මිනිහෙක්ද කියලා.

    ReplyDelete
  7. සෝන්ඩර්ස් අපේක්ෂකයා වූවානම් ට්‍රම්ප් පරදින්න ඉඩ තිබුණ බව මගේ හැඟීම. මම හිතන්නේ සුළු එහෙත් තීරණාත්මක චන්ද සංඛ්‍යාවක් ට්‍රම්ට්ට වැටුනේ බොරුකාර, වංචාකාර හිලරිට විරුද්ධවයි.

    ReplyDelete
  8. ගිය සුමානෙ අමරදේව මේ සුමානෙ ට්‍රම්ප්. බැඳුම්කර ගැන කතා කරන්න වෙනෙම නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. දැන් ආපහු බජට් එක තියෙනවනේ...
      ඒ නිසා බැඳුම්කරේ ෆ්‍රීස් කරලා කල් තියාගෙන ඉන්නේ පස්සේ ගන්න...

      Delete
  9. ඒක ඇත්තය...ඔබාමා දිනුවද,හිලරි දිනුවද, ට්‍රම්ප් දිනුවද...... ඒ ඇමරිකාවය

    ReplyDelete
  10. ජෝකර්ලාට,ජාතිවාදීන්ට බලය දීම අතින් ඇමරිකානුවෝත් අපිට සමානයි.

    ReplyDelete
  11. සිහල බොදුනුවන්ගේ බැති හැඟුමට සවන් යොමා
    ජාතිකවාදී මහින්ද ගරු මැතිඳාගේ ආශිර්වාදයද ලබා
    තිස්තුන් කෝටියක් සම්‍යක් දෘෂ්ටික දෙවිඳුන් එකතු වෙලා
    තිසරණ බෙලෙන් ට්‍රම්ප් පුතා ලොව දිනා අබිසෙස් කළා

    රට දැය ගැන හිතැති මහින්ද ගරු මැතිඳු වාගේමයි ට්‍රම්ප් පුතා
    ගෝඨාභය ගරු මැතිඳු වාගේ නිර්භීත සිංහයෙකි ට්‍රම්ප් පුතා
    විමල් වීරවංශ ගරු මැතිඳු වාගේ ඔහුගෙත් කට සැරය ඉතා
    අපෙත් ආයු ගෙන ලොව දිගු කල් වැජඹෙන්න අදරැති ට්‍රම්ප් පුතා

    නැති මුත් ප්‍රතාපවත් උඩු රැවුල ඔහු එඩිතර කේසර සිංහ රාජයෙකි
    ගැහැනියට ලොව උරුම නියම තැන කියාදුන් සැබෑ පිරිමියෙකි
    අප ගෝඨාභය මැතිඳා මෙන්ම පෞරුෂයෙන් පිරි මහ ඉන්ද්‍රකීලයකී
    සිංහල බොදුනුවන්ගේ පුදටම නිසි මහ සක්විති රාජයෙකී

    ගෝඨාභය මැතිදා මතු මේ පින් බිම යළි රජ කරන දිනේ
    රම්ප් පුතාගේ ආශිර්වාදයයි ඔහුටත් නිබඳව පිහිට වුණේ
    අමරදේව ජාතියේ ගාන්ධර්වයා මළවුන්ගෙන් යළි නැඟිට ගෙනේ
    ගෝඨාභය මැතිදාට ජය පතා ගීත ගයනු මට මැවී පෙනේ

    මීට, කුමාර දිප්පිටිය මයා
    ගරු ලේකම්,
    තරුණ බෞද්ධ සංගමය,
    කොතලාවලපුර
    රත්මලාන.

    ReplyDelete
  12. බ්‍රිතාන්‍යන්ට නැවතත් බ්‍රිතාන්‍යන් වීමට අවශ්‍ය වූවා සේම ඇමරිකානුවන්ට නැවතත් ඇමරිකාවන් වශයෙන් ජීවත්වීමට අවශ්‍ය බව මෙයින් පෙන්වාදී ඇත.

    ReplyDelete
  13. ☞/// මුස්ලිම් අන්තවාදය, සරණාගත ප්‍රශ්න වැනි කාරණා පිළිබඳව ඇමෙරිකානුවන්ගේ ආකල්පය, යුරෝපා සංගමයෙන් තම රට ඉවත් කරගැනීමට ඡන්දය පාවිච්චි කල බ්‍රිතාන්‍ය වැසියන්ට සමාන යැයි කිව හැකිය.///////////

    මේ තත්වයන් යුරෝපයේ පුරවැසියන්ට තදින්ම දැනෙනවා. ඒ නිසා තමයි බ්‍රෙක්සිට් වුනෙත්. ඔබ හරි.

    ReplyDelete
  14. මමනං මුල ඉදම්ම කැමැත්තෙන් හිටියේ ට්‍රම්ප්ට.. ඊටත් වඩා හරි හිලරිට අකමැත්තෙන් හිටියේ කියුවනං.. දෙන්නගෙං මොකා දිනුවත් අපිට සෙතක් නැති උනත් එහෙම පොඩි මෙව්ව එකක් තිබ්බ..

    ReplyDelete
  15. උබලා මෙහේ පිස්සු කෙලිනවා... අන්න ඇමෙරිකාවේ අලුත් movement එකක් පටන් අරගෙන.. slogan එක "දිනූ මව්බිම අනතුරේ .. හිලරි සමග නැගිටිමු"

    ReplyDelete
    Replies
    1. හිරලි සමග බුදියමු නෙවෙද?

      Delete
    2. ඒකට පොඩි වයස ප්‍රශ්නයක් තියෙනවා ලු බන් ..

      Delete