Saturday, November 26, 2016

තාත්තගෙ බත් කැවිල්ල

අපේ ගෙදරට කෑමට වාඩිවෙන කෙනෙකුට අනිවාර්යෙන් විඳින්න වෙන අත්දැකීමක් තමයි තාත්ත‍ගෙ අතින් ඉස්මුරුත්තා බත් හැන්ද කන්න සිදුවීම. ඒක නොකා මාරුවෙන්න ආයෙ මොන රජාටවත් ඉඩ ලැබෙන්නෙ නෑ. මොකද්ද මේ ඉස්මුරුත්තා බත් හැන්ද?

මෙහෙමයි, ඔන්න කවුරුහරි අමුත්තෙක් ඥාතියෙක්-හිතවතෙක් ආවම තමයි ගෙදර සාලෙ මැද තියන මේසෙට බත එන්නෙ. නැත්තං ඉතිං කෙලින්ම හට්ටි මුට්ටිවලින්ම ‍පිඟානට දාගෙන කනව මිසක් අපේ කොහේද වැඩි කැටයං. දැං අමුත්ත කෑම මෙසෛට වාඩිවෙලා කෑම කනව. ටික වෙලාවකින් පිඟානෙ තියන කෑම ඉවර වෙද්දි තාත්ත කෑම බෙදන්න පටන් ගන්නව. බෙදාගත් කෑම ප්‍රමාණය කොච්චර වුනත් තවත් බත් හැන්දක් දෙකක් කන්න බැරිකමක් නෑනෙ කෙනෙකුට. හැබැයි ඊට පස්සෙ කෑම නවත්තන්න ඕනනෙ. හැබැයි තාත්තගෙන් ඉඩ ලැබෙන්නෙ නෑ. දිගටම තව කන්න කියල පෙරැත්ත කරනව.

"බත් තියනව කන්න" කියන්නෙ අන්න ඒ වෙලාවට තාත්ත පාවිච්චි කරන වාක්‍යය. මම වැඩිහිටි වෙලා යාලුවො එහෙම ගෙදර ඇවිල්ල බත් කන වෙලාවට තාත්ත ඇවිල්ල 'එපා වාහෙලාට බත් බෙදන්න යාම' මට ඇල්ලුවෙ නෑ. කිහිප වතාවක් තාත්තට ඒ ගැන ව්‍යංගයෙන් කිව්වත් තාත්තගෙ ව්‍යන්ජන බෙදීම අඩුවුනෙත් නෑ. බැරිම තැන තාත්තට පැහැදිලි කරන්න සිදුවුනා කෑම කන අමුත්තන්ට 'කරදර' කිරීම හොඳ නැති බව. ඊටත් අමතරව තාත්තගෙ කතාව මනෝ විශ්ලේශනයකින් පැහැදිලි කරන්නත් සිදුවුනා. ඒ කතන්දරය මෙහෙමයි.

තාත්තල‍ගෙ පවුලෙ දරුවන් නව දෙනෙක් ඉන්නව.(ලඟදි එක බාප්ප කෙනෙක් මියගියා) ඒ කුඩාකාලෙ මියගිය එක්කෙනෙක් හෝ දෙන්නෙකුට අමතරව. මේ නවදෙනාගෙන් කොල්ලොම හතක්. කොල්ලො හත් දෙනෙක් ඉන්න ගෙදරක කෑම කන වෙලාවට තවත් යහළුවන් කිහිප දෙනෙක් සිටීම පුදුමයක් නෙවේ. කොහොමටත් අපේ ආච්චි කෑම දීමට ප්‍රසිද්ධ කෙනෙක්. ඉතිං නොසිතූ වෙලාවක කටවල් ගනන වැඩි වෙද්දි පිඟන්වල බත් ප්‍රමාණය අඩුකරන්නම වෙනවනෙ. දරුවන්ගේ සහ මිත්‍රයන්ගේ බඩවල් පුරවපු ආච්චිලා බඩගින්නෙ ඉන්නත් ඇති සමහර වෙලාවට. ඉතිං වැඩිපුර බත් තියන වෙලාවට 'බත් තියනව කන්න' කියල ආයෙත් බත් බෙදන්න ඇති. තාත්තගෙ බත් කැවීම එන්න ඇත්තෙ ඔය විදියටයි කියල මම පැහැදිලි කලා.

ඒ කාලෙ ගම හරහා ගලන ඔයට පැනල පැය දෙකක් තුනක් නාල ගෙදර එන කොල්ලන්ට සහ හේනෙ කුඹුරෙ වැඩ කරල මහන්සි වෙලා ගෙදර එන පිරිමින්ට බත්කෑම කජු කනව වගේ වුනාට අද කාලෙ වයිට් කොලර් ජොබ් කරමින් තෙල් ආරපු බඩවල් එක්ක ගෙදරට එන පිරිමින්‍ එහෙමකට බත් ගිලින්නෙ නෑ නෙව. අනිත් අතට කෑමට එන එවුන් කලින් කියලනෙ එන්නෙත්. අනෙක බුෆේ ක්‍රමයට කෑම කන අලුත් ශිෂ්ඨත්වයේ කොයින්ද පෙරැත්ත කරල කැවීමක්!

37 comments:

  1. Replies
    1. අම්මො යාලුවොන්ගෙ ගෙවල් වල ගියාම සිරාවටම ඕක තමයි වෙන්නෙ. මම හිතන්නෙ එ් අම්මල තාත්තලාගෙ ආදරේ හැටි

      Delete
    2. මට නං යාළුවන්ගෙ ගෙවල්වල ගියාට එච්චර කරදර වෙලා නෑ.

      Delete
    3. ඒ වුනාට බීම සම්බන්ධයෙන් එහෙම වෙන්නෙත් නැත්ද?

      Delete
    4. නෑ මොකද මමනෙ පොවන්නෙ :-)

      Delete
    5. බීම සම්බන්දවනම් මට කවිරුත් පෙරැත්ත කරන්නෙ නෑ.

      වැඩිම උනොත් තොපි දෙන්න එනවනම් (මද්ද + උගෙ අති ජාත මිත්‍රයන්ගෙන් එකෙක්) අපි බිල ඉවරයි කියයි.

      Delete
    6. මට බීම සම්බන්දව කවුරුත් පෙරැත්ත කරන්න එන්නේ නැහැ. මොකද මම ඒක අවශ්‍ය ලෙස කරගන්නවා කියලා කට්ටිය දන්නවා.

      Delete
  2. මගේ යාලුවෙකු ගේ ගෙදර ගිය දවසක ඒ නිවසට ලංකාවෙන් පැමිණි සිටි ඔවුන් ගේ අම්මා අපේ දුවට පෙරැත්ත කර කර බත් බෙදූ හැටි ගැන මගේ දුව තාමත් කියනවා.

    අපි උගන්වා ඇත්තේ, අවශ්‍ය ප්‍රමාණයට බෙදා ගන්න සහ බෙදා ගත් සියල්ල ඉතුරෙ නොකර කන්න කියලා නිසා, එදා දුව ඒ සේරම කාලා තියෙන්නේ ඉතාම අමාරුවෙන්.

    ReplyDelete
    Replies
    1. මට මතක් වුනේ මේ දවස්වල යන කන්දෙ ගෙදර

      Delete
  3. පෙරැත්ත කරකර බත් ගිල්වීම මමනම් කෙලින්ම ප්‍රතිෂේප කරනවා...
    බලෙන් බෙදුවත් ඒ සෙතේම තමයි, ඒ බෙදපු ටික විසි කරන්න තමයි වෙන්නේ...

    ReplyDelete
  4. ඔය සීන් එක මට වෙලා තියෙන්නෙ පොළේ එලෝලු බිස්නස් කරන ගෙදරක මම යන්න අරන් තිබුණ කාලෙ. ඒ ගෙදර මාමයි නැන්දයි දෙන්න එක්ක බත් පිඟානක් බෙදල දෙනව කියන්නෙ ආයේ බෙදිල්ල කොහොම වෙතත් ඒ බත් පිඟාන කන්නම සෑහෙන ට්‍රයි එකක් දෙන්න වෙනව. මාම කියන්නෙ කොල්ලො වෙච්චම ඔහොම නොකා කොහොමද කියලයි.

    ReplyDelete
  5. නලියා මුහුණු පොතේ ලිපි පල කිරීම නතරකරලාලු. මේ තීරණයට චතුස තුෂාර කුමාරගේ යම් කමෙන්ට් වගයක් හේතු වී අතැයි කියවෙනවා. නලියා පහුගිය කාලයේ මංජුල පීරිස් ආසිරි වනිගරත්න ටයිප් එකේ දාර පරාල ඇනයක් වෙමින් තිබුනේ. ඒ නිසා මුලින්ම මේ මහලු මානසික රෝගියා එළවීම ගැන චතුසට ස්තූතිවන්ත විය යුතුයි.

    මෙතැන ඊට වඩා අපූරු ප්‍රශ්නයක් මගේ නම් හිතට එන්නේ. නලියා බයවී දුවන්න තරම් චතුස ඔච්චර පොරක්ද? එක කාලයකදී කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය නිර්මාල් දේවසිරි ආචාර්ය ජයදේව උයන්ගොඩ වැනි උගතුන්ටත් නිහඬ කරන්න බැරිවූ නලියා චතුස කුමාර නිහඬ කරන්නේ නාථ හා විපස්සක දෙවිවරුන්ගෙ බලයෙන්ද?

    මෙතැනදී නලියා හා චතුස අතර විවිධ සමානකම් සේම විරුද්ධ පැතිද මම දකිනවා.
    මුලින්ම සමානකම්. මේ දෙනාම ප්‍රවේණි බයියන්. ගිය අත් භවයේ ඩී. ඒ. රාජපක්ෂ, ඩී. එම්. රාජපක්ෂ සමයේ ඒ පවුලට බැළ මෙහෙවර කම් කරපු ප්‍රවේණි දාසයින් දෙන්නෙක් වෙන්න ඇති. මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂගෙන් තොර ජීවිතයක් මේ දෙන්නාටම නෑ. මේ දෙන්නාගේම පරම සැපත රාජපක්ෂ නිර්වානය නොව රාජපක්ෂ නැවත රජ වෙනවා දැකීමයි. ඒ රජ වීම තුලින් ලංකාවේ දෙමළ හා මුස්ලිම් මිනිසුන්ට කෙල වී යනවා දකින්න දෙන්නාම කැමැති බව පේනවා.

    මේ සමානකම් මැදින් මේ දෙදෙනා තුළ ලොකු විරුද්ධකම්ද දකින්න පුලුවන්. නලියා කියන්නේ ගණිත මහාචාර්යවරයෙක්. චතුස කියන්නේ අමාරුවෙන් සාපෙල ගණිතය ගොඩ දාගත්තු කෙනෙක්. නලියාට පී. එච්.ඩී. එකක් තියෙනවා. චතුස සාපෙල පාස් කරගෙන තියෙන්නෙ අමාරුවෙන්. නලියා රට රට වල ඇවිදලා තියෙනවා. චතුස එහෙම නෑ. නලියා ඉංග්ලිෂ් පොත් කියවනවා. චතුසට ඉංග්ලිෂ් බෑ.

    මේ හන්දා කියන කතාවල සමානකම් ඇතත් චතුස කියන්නේ අමුම අමු බයියෙක් වෙනකොට නලියා කියන්නේ ඊට වඩා වේලිච්චි බයියෙක්.

    ඒ වගේම කොයි තරම් ජාතික චින්තනය ගැන කියෙව්වත් නලියාට සුද්දෙක්ගෙන් සැටිපිකට් එක ලැබීම තරම් දෙයක් තවත් නෑ. නලියා බටහිර විද්‍යාව අතහැර දමා නාථ දෙවියන් සරණ යන්නේද බ්‍රිතාන්‍ය විද්‍යා සංගමයේ අධි සාමාජිකත්වය නොලැබීම නිසා කියා නලියාමයි කියන්නේ. මෙහෙම තලයක ඉන්න නලියා නිකම්ම නිකම් මෝඩ බයියෙක් වුණු චතුසට පැරදෙන්න කැමැතිවෙයි කියා හිතන්න බෑ. ඒ හිතේ අමාරුව නිසයි ඔහු නිහඬ වන්නේ.

    එහෙම වුණත් අපි චතුස කුමාරවත් අවතක්සේරු කරන්න නරකයි. ඔහු නලියාට වඩා පොළොවේ පය ගසා ගෙන ඉන්නා කෙනෙක්. නලියාට නැති ඉවක් චතුසට තියෙනවා. ඒකයි චතුසට නලියා පරද්දන්න පුලුවන් වෙන්නේ නලියාට පීඑච්. ඩී. එකක් තිබුණා වුණත්.

    ReplyDelete
    Replies
    1. මෙතෙන්ට අදාල නැතත් උත්තරයක් දෙන්නංකෝ.

      නලින්ම විවේචනාත්මක ස්වරයෙන් කියල තිබුන වෙනද විස්සක් විසිපහක් සම්මන්ත්‍රණයකට එද්දි, මගේ ලෝකය සම්මන්ත්‍රණයට පන්සීයක් විතර ඇවිල්ල තිබුනෙ තමන්ගෙ වර්තමාන දේශපාලනය මහින්ද එක්ක සමගාමී වීම නිසා කියල. ඉතිං මගේලෝකය වගේ දේවල් කතාකරන්න මහින්දලා සහ ඔහුගේ අනුගාමිකයන් ආවම, ඇවිල්ල ගොං ප්‍රශ්න අහනකොට, නලින්ගෙ කතාවට වැඩිය ඇල්ලේ ගුණවංශගෙ කතාවට කට්ටිය අප්පුඩි ගහනකොට,.... පොරට හිතෙන්න ඇති යකෝ මම මොනවද කරන්නෙ කියල.

      දේශපාලනය කරන්න ඕන කෙනෙකුට තියන අයිතිය යටතේ ‍ඔහු ඔහුට අවශ්‍ය දේශපාලනය කවුරුන් හෝ සමඟ කල යුතුයි. ඒ වගේම ඔහුගේ ප්‍රවාද වෙනම ආරකින් යා යුතුයි. මේ දෙක පටලවගත්ත එකයි අවුල වුනේ.

      Delete
    2. --- නලින් සිල්වා ගුරුතුමන් බුකියෙන් ඉවත්වීමේ සංවේගයෙනි --

      හේතුව කිමද බැලුකල මැති තැති ගත්තේ
      කුණු බස් දෙඩූ පල් හීරලුවෙකි ඇත්තේ
      උණුකර තාර ගා ඕකගේ පුක පැත්තේ
      සක්වළ ගලින් පහළට පැන්නිය යුත්තේ

      Delete
    3. වන්ස් අපොං අ ටයිං
      සිල්වා බිව්ව වයිං
      මාරයා ළඟට ගොයිං
      මාරයා දුන්න පයිං

      මාරයා බොහොම ලස්සන සිංහලෙන් කිව්වෙ වාහේ ඔය නාථ දේව කතා කියලා බයියන් වෙච්චි අපටත් අපහාස නොකර තොලොංචි වෙලා පලයං කියලා. ලොක්කට ලොකුවට වැදුණා ඒක.

      Delete
  6. පරණ වැඩිහිටි අය ආදරේ පෙන්නන ඒක ක්‍රමයක්. කෑමෙත් අවසානයක් තියෙනව කියල ඒ ගොල්ල හිතන්නෙ නෑ. ඔය කතාව මාටින් වික්‍රමසිංහයන් ඔහුගෙ උපන්දා සිට පොතේ කියල තියෙනවා. දරුවන්ව උනත් සිපගත්තේ ගේ ඇතුළේ කාටවත්ම නොපෙනී බවත් ආදරය පෙන්වුයේ කෑම පිඟානට ඉවරයක් නොමැතිව කෑම බෙදීමෙන් බවත් ඔහු ඒ පොතේ ලියා තිබෙනවා. රාජ් ගේ පියාත් ගෙදරට එන අයට තමන්ගේ ආදරය පෙන්වන්නේ ඒ විදියට වෙන්න ඇති.

    ReplyDelete
  7. පරම්පරා වෙනස. වැඩි ආදරෙත්, ඇණයක් වෙන චාරිත්‍රයක්.

    කාලෙට සමාජ චාරිත්‍ර වෙනස් වෙනවා. මං හිතන්නෙ ඉස්සර ලමයි, චාරිත්‍රයක් විදිහට , කුලෑටිකම නිසා බෙදා නොගෙන බාගෙට බඩගින්නෙ ඉන්න කොට , මේ ඉස්මුරුත්තා බෙදිල්ලෙන් යම් වාසියක් වෙන්න ඇති.අදට ගැලපෙන්නෙ නැහැ, හේතුන දැන් පරම්පරාව ඉස්සර කාලෙ ලමයි වගේ කෑමට කුලෑටි නැති කම.

    ReplyDelete
  8. ඔබ මාව අතීතයට ගෙන ගියා . ගමක නොහැදුනට , කෑම වෙලාවටම , ගොඩ වැදුණු යාලුවන්ගේ ගෙවල් තිබුනා

    ReplyDelete
  9. මටත් ඔය සීන් එක වෙන්නෙ අපේ ආච්චිලෑ ගෙදරදීය. මං කෙසේ හෝ ගිනි පිබලා 😉 ඔය සබ්ජෙක්ට් එකෙන් අයින් උනත් අපේ ගෙදර අනිත් අයට නම් ඕකෙන් ගැලවෙන්න බැරිය. විශේෂයෙන් අපෙ තාත්තාට ඔය සීන් එකෙන් ගැලවෙන්නම බැරිය. බත් නැති උනත් මාලු "හොද මාලු" යැයි කියා බෙදයි. අපේ ආච්චිලයි ගෙදරත් මාලු ඕසෙට තියෙන නිසා ඒ වැඩේ වැරදිත් නැතිය. 😄😄

    ජය වේ !

    ReplyDelete
  10. // පරණ වැඩිහිටි අය ආදරේ පෙන්නන ඒක ක්‍රමයක්. කෑමෙත් අවසානයක් තියෙනව කියල ඒ ගොල්ල හිතන්නෙ නෑ. ඔය කතාව මාටින් වික්‍රමසිංහයන් ඔහුගෙ උපන්දා සිට පොතේ කියල තියෙනවා. දරුවන්ව උනත් සිපගත්තේ ගේ ඇතුළේ කාටවත්ම නොපෙනී බවත් ආදරය පෙන්වුයේ කෑම පිඟානට ඉවරයක් නොමැතිව කෑම බෙදීමෙන් බවත් ඔහු ඒ පොතේ ලියා තිබෙනවා. රාජ් ගේ පියාත් ගෙදරට එන අයට තමන්ගේ ආදරය පෙන්වන්නේ ඒ විදියට වෙන්න ඇති. //

    සිරා කතාව හැලප මාමේ ^_~ 😜

    ReplyDelete
  11. ගෙදරට ගිය විටදි අපි කිරිඅම්මාගේ
    කොතකට වගේ බත් බෙදනා එකයි අගේ
    හනිකට නොකෑවොත් ඒ බත් කන්ද ඇගේ
    සවනට නිමක් නැති දොස් මැසිවිල්ල නැගේ......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ගෙදරට ගිය විටදි අපි කිරිඅම්මාගේ...
      කොතකට වගේ බත් බෙදනා එකයි රගේ...
      හනිකට නොකෑවොත් ඒ බත් කන්ද ඇගේ...
      චූන් පාන් කන්න මට කාසි නොදේ... 😉

      අන්න ඕකයි අපේ ගෙදර තත්වෙ...

      චූන් පාන් කන්න නම් අනිවා බත් කන්ද ගිලින්න වෙනවා. ඒකත් එකත් විදිහක අල්ලසක් එහෙම නැද්ද? 😎😎😎😎😎

      - රන්වන් මකරා -

      Delete
  12. මම සෑහෙන වයසක් එනකල් අමුත්තකුගේ ගෙදර ගියාම බඩ පිරෙන කම් බත් කන්නේ නැති පුරුද්දක් තිබුණා. මොකද මට පොඩි කාලේ ඉඳන්ම අම්ම කියපු වචනවක් තමයි, පිට ගෙදරක ගියාම බඩජාරියා වගේ කන්න ලෑස්ති වෙන්න නම් එපා කියලා. මේ කෑම කතාව අහලා මට ඒක මතක් වුණා.

    ReplyDelete
  13. නැවෙන් බැහැපු ගමන් මම රාජ්ගෙ ගෙදර තාත්තගෙන් බත්කන්න. කාෙහෙද ඉතිං නැවේ ටිං කෑමනෙ තියෙන්නේ. අදයි මේ පැත්තෙ අැංකරෙ ගැහුවෙ. වීසා ගහපු ගමන් අපි එනවා ඉස්මුරුත්ත වෙන්න බත් කන්ඩ.
    ජය වේ !

    ReplyDelete
  14. මගේ යාලුවෙක් බත් කාලා මළා.

    ReplyDelete
  15. මෙහෙම දීයක් තිබුණා රාජ්. ඒ කාලේ සමාජයේ හැඟීමක් තිබුණා තමන්ගේ අමුත්තන්ට කෑම මේසයේදී පෙරැත්ත කරමින් කැවීම හොඳ සමාජශීලී ගුණයක් කියලා. එහෙම නොකලොත් මහා කුම්මැහියෙක් කියලා හිතනවා සමහර අය. මා හිතනවා ඔබේ පියා ඒ අනුව තමයි ක්‍රියාකරන්න ඇත්තේ.

    ReplyDelete
  16. ඔය බෙදීමේ චාරිත්‍රය ඉස්සර මගුල් ගෙවල් වල තිබුනා.රාජ්ට කොහොම වෙතත් හැලපෙට,විචාරක වගේ අයට මතක ඇති. ඉස්සර මගුල් ගත්තේ ගෙදරමනේ දැන් වගේ හෝල්වල නෙමෙයිනේ.ගෙදරම පැත්තක පැත්තක මගුල් මඩුවක් හදලා ගෙදරම උයනවනේ.ඔය මගුල් මේසේ වටේට හිටියා කොටසක් ආවතේව කාරයෝ කියලා . මේසේ ඉවරවෙන කෑම දීසි එහෙම නැවත තැබීම වගේ දේවලට අමතරව කාලා ඉවරවේගන යන අයගේ පිඟන් වලට පෙ‍රැත්ත කරකර බත් බෙදීමත් ඒ අයගේ එක රාජකාරියක්.
    අපේ ආච්චිත් ඔය පරම්පරාවෙ කොටසක්.අම්මගේ අම්මව විතරයි අපි දැක්කේ. ඔන්න කවුරුහරි නෑයෙක් එනවා උදේ 10 ට විතර.ඉතින් අම්මා තේ එහෙම හදලා දීලා පැයකින් විතර ආවකෙනා යන්න යනකොට ආච්චිට කියනවා ලොකු අම්මේ හරි මොකක් හරි නෑ කම කියලා එහෙනම් මම ගිහින් එන්නෙම් කියලා. ඔන්න එතකොට ආච්චි පටන් ගන්නවා අම්මට කෑ ගහන්න මෙන්න මේ ලමයට කෑම ටිකක් කාල යන්න දීපන් කියලා.ඉතින් නෑයත් කියනවා තවම එකොලහනේ වෙන දවසක ආවහම බැරියැ කියලා එයා යනවා. එදා දවසම අම්මට දොස්මුරේ උඹලගෙ කුම්මැහි කමට අර ලමයට කන්න ටිකක් දුන්නෙ නෑ කියලා.

    ReplyDelete
  17. කීප තැනකදිම අත් දැකලා තියෙනවා. ලෙංගතු බවක් දැනෙනවා කවුරු උනත් එහෙම වැඩි පුර කන්න දෙන්න හදද්දි..ඇණයක් වෙලා නම් නැහැ

    ReplyDelete
  18. පෙරැත්තක් නැතිව කෑම කන්නේ hotalen withtjrai. Moko me sinhala kotanta bari?

    ReplyDelete
  19. පෙරැත්තක් නැතිව කෑම කන්නේ hotalen withtjrai. Moko me sinhala kotanta bari?

    ReplyDelete
  20. කරදරයක් වෙන තරමට කෑම කන්න කියලා අපේ කවුරුවත් මට නම් පෙරැත්ත කරපු බවක් මතක නැහැනේ.එකෙන් අදහස් වෙන්නේ අපේ ඥතීන් කුම්මහි බවද? නැතිනම් මට කෑම ගැන පෙරැත්ත කරන්න තරම් දෙයක් නැති බවද ?

    ReplyDelete
    Replies
    1. මනෝජ් කෑම කකා ඉද්දි කවුරුවත් කියල නැද්ද " හොද කිරි පැණි තියනව " කියල

      Delete
    2. හෙහේ,එත් නැහැනේ

      Delete
  21. බල කරලා බෙදීම නිසා කෑම එපාවෙලත් තියනවා.

    ReplyDelete
  22. මේ විදිහට බෙදන්න අපේ පැත්තේ නෑදෑයෝ ඔක්කොමත් රුසියෝ ... ඔය කිව්වත් වගේ ඒක ලෙන්ගතුකම පෙන්වන විදිහක් ....

    කාලා ඉවර කරේ නැත්තම හිතත් හොඳ මදි ... ඉතින් ඉවර වෙලා නැගිටිනකොට බඳ පටියේ කට්ටයක් පන්නන්නේ නැතුව බැරිමය ...

    මේවගේ සිරිත් බටහිර අදහස් සහ සිරිත් කාන්දු වීම සහ අපේ ජිවන රටාවේ වෙනස් වීම මත සෑහෙන්න අඩුයි ...

    ඒ වගේම අපේ යාලුවොන්ට කන්න බොන්න නම් කවදත් ආරාධනා අවශ්‍ය උනේ නැහැ ... අදටත් යාලුවෙක්ගෙ ගෙදර හියහම ඉස්තෝප්පුවට වඩා කුස්සියේ සහ ශීතකරණය වටේ කැරකෙන එවුන් ඉන්නවා ... පරණ පුරුදු යවන්න අමාරුයි :)

    ReplyDelete
  23. මචං රාජ්.....තාත්තලා කියන්නේ මාර පොරවල් ජාතියක් බං. උඹලගේ ඩැඩී බිව්වද?

    අනිත් එක අපේ තාත්තා කාටවත් බෙද බෙද ඉන්නෙ නැහැ.අපි තමයි කමු කමු කියලා එයාට කවන්නේ.

    ReplyDelete
  24. ඔය "තව බත් තියනව කන්න" කියන එක මගේ ප්මනෝවිශ්ලේශනයට අනුව විසංයෝජනය කරන්නේ මෙහෙමයි (;-)).

    ඕක දකුනෙ බොහෝවිට (මම දන්න ඕනෑම ගෙදරක ) නිතරම කියන වාක්‍යයක්. ඉතින් 9 දෙනෙක් ඉන්න පවුලකට විශේශිත වුන හේතුවක් වගේ එකක් වෙන්න බැහැ. එච්චර ගැඹුරට යන්න ඕනෙ නැහැ, ඕකෙ වචනාර්තය අරන් බලන්න. ඔවැනි සංග්‍රහයකදි සංග්‍රහය කරන්නා/නිය, හිතනවා අමුත්තා/තිය ගෙදර අයට කෑම මදිවෙයි කියලා හිතලා අඩුවෙන් බෙදාගනී කියලා! ඉතින් අමුත්තා අඩුවෙන් බෙදාගෙන කෑවොත්, ඒක ගෙදර අයට මාර මදිකමක්. ඔය දකුනෙ මිනිස්සු පිට අය අරම හිතයි මෙහෙම හිතයි කියලා හිතන්න තැවෙන්න කැප්ටන්ලා. ඉතින් "තව කෑම කන්න" කියලා පෙරැත්ත කරන අතරේම තමන්ගේ පරිභෝජනයට ස්ටොක් එක ඇතිවෙන්න තියෙන බව (තමන්ගේ ආහාර සුරක්ශිතබාවය පිලිබඳ අදහසක්!?! ) කියලා අමුත්තා තුල ඇතැයි කියල හිතන සැකය දුරුකරනවා. මේක ඔච්චර දුර හිතලා නෙමෙයි දැන් කියන්නේ, පුරුද්දට.

    සමහර විට ඔය වාක්‍යය ඉස්සර කියන්න ඇත්තේ කෑම කන වෙලාවට අහම්බෙන් ගෙදරකට ආපු කෙනෙකුට සංග්‍රහ කරන කොට වෙන්න පුලුවන්. එහෙම අවස්ථාවක ඒකෙ ඇත්තටම තේරුමක් තියෙනවානේ. දැන් වෙනකොට ඒක සාමාන්‍ය වාක්‍යයක් වෙලා.

    කෙනෙක් (රාජ්ගෙ තාත්තා හීනෙන්වත් එහෙම හිතන්නේ නැතිව ඇති ) "තව බත් තියෙනව කන්න" කියන කොටම ඉම්ප්ලයි වෙන්නෙ ඔන්නෝකයි. මම නම් ඔය වාක්‍යයට කැමති නැහැ. අදට ගැලපෙන්නේ නැහැ වගේ.

    ---

    ඇයි තව ඔය වගේ දකුනේ එකක් තමයි 'බෙදන් කන්න' හෝ 'බෙදාගෙන කන්න' කියන ආරාධනාව. යකෝ බෙදාගෙන නැතුව "කරදීසි" පිටින් කටට හලාගන්න සිරිතක් තියෙනවයි?

    - Dimithri

    ReplyDelete