Tuesday, November 22, 2016

දඩයෙන් ගොඩයාම

රථ වාහන වැරදි සඳහා අයකරන දඩ මුදල් නැවත සංශෝධනය කර ඇති අතර ඒ පිළිබඳව කතිකාව වැඩිවී ඇත. මෙම ගාස්තු සංශෝධනයට පෞද්ගලික බස් හිමියන්ගෙන් එල්ල වූ විරෝධතාවයද හේතුවක් වන බව පෙනෙන්නට ඇති අතර නව ගාස්තු සංශෝධනය ඔවුන්ගේ පැත්තට තරමක වාසිදායක බවක්ද පෙනෙන්නට තිබේ. මෙම සංශෝධනය අනුව වැරදි හතක් වෙනුවෙන් අයකරන දඩ මුදල් වැඩිවී ඇති අතර ඒවා බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනය හා එවැන්නකට අනුබල දීම, අධික වේගය, වම්පසින් ඉස්සර කිරීම, අනතුරුදායක ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය, රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවිම ආදියයි. මේ සියලු වැරදි සඳහා අවම දඩ මුදල රුපියල් විසිපන් දහසකි! මේ අනුව පෙර පැවති, පෞද්ගලික වාහන පාවිච්චි කරන්නන්ට යම් සහනයක්ද බස් හිමියන්ගේ නොසතුටට හේතු වී තිබූ දඩ අයකිරීම මෙවර කනපිට පෙරලී ඇත.

දඩ මුදල් වැඩිකිරීමට හේතුව ලෙස ආණ්ඩුව දක්වා ඇති, අධික ලෙස රථවාහන අනතුරු සිදුවීම අලුත් දෙයක් නොවේ. යුද්ධය පැවති සමයේද රථවාහන අනතුරු හේතුවෙන් සිදුවන මියයාම් සංඛ්‍යාව යුද්ධයේ මරණ සංඛ්‍යාව ඉක්මවා තිබුනි. අධික දඩ සහ අධික බදු අයකිරීම අසමත් ආණ්ඩුවේ මූල්‍යෝපාය මාර්ගයයි. ඒ සඳහා වාහන පදවන්නන්ද අරක්කු සිගරට් පාව්චිචි කරන්නන්ද වන්දි ගෙවිය යුතුය. කොපමණ වතුර ගැලුවද ගෙම්බාගේ කර මට්ටම ඉක්මවිය නොහැකි යැයි කියන්නා සේ ඔවුන්ට ඒ මුදලින් සැප වාහන ගෙන්වා 'නීතියට ඉහලින් සිටිමින්', සියලු මාර්ග නීති උල්ලංඝනය කරමින්, කිසිදු දඩයකට යටත් නොවී පහසුවෙන් ගමන් කල හැකිය.

දඬුවමක් වෙනුවෙන් මුදල් අයකරන විට/ සංශෝධනය කරන විට එ් සඳහා සලකා බැලිය යුතු කාරණා රාශියකි. වරදෙහි ස්වභාවය, හානි සහ පාඩු, වරදේ ස්වභාවයට දඩ මුදල ප්‍රමාණවත්ද, දඬුවමට ලක් වන්නන්ට අදාල මුදල ගෙවිය හැකිද, දඩ ගෙවීමට නොහැකි වූ විට කලයුත්ත කුමක්ද, සමාන්තර අනෙක් දඬුවම් සමඟ දඩ මුදල් ගැලපේද.... ආදී කරුණු සලකා බැලිය යුතුය. එමෙන්ම දඩ මුදල් සංශෝධනය විය යුත්තේ පවතින සමාජ ආර්ථික තත්වයන්ට අනුරූප ලෙසය. උදාහරණයක් ලෙස දඩ මුදල් නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගත වූ පිරිසක් මේ වනවිට සිටී. ගාස්තුව වැඩිකිරීම හේතුවෙන් බන්ධනාගාරගතවන පිරිස වැඩි වුවහොත් එය අලුත් ප්‍රශ්න ඇතිවීමට හේතුවකි. චේතනාන්විතව සිදුකරන අපරාධ ලෙස සැලකිය හැකි වැරදි සඳහා අයකරන දඩ මුදලට වඩා වැඩි මුදලක් චේතනාන්විත නොවන රථවාහන වැරදි සඳහා ගෙවීමට සිදුවුව හොත් එය විකෘති තත්වයකි. එහෙයින් පොදුවේ, වැරදි සඳහා දඩ මුදල් සංශෝධනය කල යුත්තේ සියලු ක්‍ෂේත්‍රවලට අදාලවය.

අයවැයෙන් පසුව වැඩිකල දඩ මුදල් සඳහා මා විරුද්ධය. රථවාහන වැරදි සහ ඒ හේතුවෙන් සිදුවන මියයාම් සහ අනෙකුත් අලාභ වැඩිවුවද ඊට හේතුවන කාරණාවලට දඩ මුදල් වැඩිකිරීමෙන් සාර්ථක විසඳුම් ලැබෙන බව පෙනෙන්නට නැත. අනතුරුවලට හේතුව ලෙස බොහෝ දෙනා ඇඟිලි දිගු කරන්නේ පෞද්ගලික බස් රියදුරන්, ත්‍රී රෝද රථ රියදුරන් හා යතුරුපැදි කරුවන්ටය. වම් පැත්තෙන් ඉස්සර කිරීම, පාර පුරා ධාවනය, අනෙකුත් වාහන කෙරෙහි දක්වන අඩු සැලකිල්ල (විශේෂයෙන් පෞද්ගලික බස්) ආදී වැරදි ඔවුන් අතින් සිදුවන බවද අමුතුවෙන් පැහැදිලි කලයුතු නැත. එහෙත් "හේතු ප්‍රත්‍යන්" ඇත්තේ දෘශ්‍යමාන තලයෙන් ගැඹුරෙහිය.

පසුගිය කාලයේ සිදුවූ මාර්ග සංවර්ධනයේදී මූලික අවධානය යොමුවූයේ කාපට් කිරීම කෙරෙහිය. නගරබද ප්‍රදේශ හැරුනු විට මාර්ගයේ පුළුල් කිරීමක් සිදුවූයේ නැත. අනෙක් අතට වාහන මිලදී ගැනීම අධික ලෙස සිදුවීම හේතුවෙන් මාර්ගයට පැමිණි වාහන සංඛ්‍යාව ඉහල ගිය විට රථවාහන තදබදය ඇතිවීම සාමාන්‍ය තත්වයකි. වාහන තදබදය ඇතිවිට මාර්ග නීති උල්ලංඝනය කිරීම් සහ රථවාහන අනතුරු සිදුවීම අමුතු තත්වයක් නොවේ. දැනට මහාමාර්ගවල ඇති තත්වය අනුව මාර්ග නීති රකිමින් රිය පැදවීම පහසු කටයුත්තක් නොවේ. උදාහරණයක් ලෙස මාර්ග නීති උල්ලංඝනය කරමින් වුවද කොළඹ සිට තංගල්ලට බසයක පැමිණීමට ගතවන කාලය පැය පහක් හෝ හයක් පමණ වේ. 'අකුරට' පැදවූ විට මෙම කාලය පැය හතක් අටක් දක්වා දිගු විය හැකිය. දඩ මුදල් වැඩිකර ප්‍රශ්න විසඳීමට කල්පනා කරන්නෝ මේවා ගැන කුමක් කියයිද?

මාර්ග නීති කඩවීමට ඇති ප්‍රමුඛ විසඳුම වන්නේ දඩගැසීම නොව වාහන ධාවනයට සුදුසු වටපිටාවක් ඇතිකිරීමයි. පළමුව, වාහන ධාවනය සඳහා සුදුසු මාර්ග පද්ධතියක් රටට අවශ්‍යය. ප්‍රධාන මාවත් මංතීරු හතරකින් වත් යුක්ත වියයුතුය. උදාහරණයක් ලෙස මාතර තිස්ස මාර්ගය ලංකාවේ ඇති ප්‍රධාන මාර්ගයකි. එහෙත් එය මංතීරු දෙකක මාර්ගයකි. සමහර තැනකදී බස්රථ දෙකක් එකිනෙක පසු කර යන විට මැස්සෙකුටවත් ඉඩක් නැත. යතුරුපැදිකරුවන්ට කාර් දෙන්නට පොරොන්දු වී බලයට පත්වූ රජය පාරේ අනතුරුවලට විසඳුම් සොයන්නේ වාහන මිල වැඩිකරමිනි. පෞද්ගලික මෝටර් රථ වැඩිවීමට මූලික හේතුව වන්නේ රටේ පොදු ප්‍රවාහන පද්ධතියේ ඇති දුර්වලතාවයයි. ටයිකෝට් ඇඳගත් ජනතාව පෞද්ගලික බස්රථවල ගමන් කරන්නේ සංවර්ධිත රටවල පමණි. පෞද්ගලික අංශයට මගී ප්‍රවාහනයට අවසර දුන් දා පටන් මේ දක්වා එම ක්‍ෂේත්‍රයේ ලබා ඇති දියුණුව වන්නේ පැරණි බස්රථ වෙනුවට අලුත් බස්රථ පැමිණීමත් රෙඩියෝ-කැසට් වෙනුවට එල්ඊඩී ප්ලේයර් පැමිණීමත් පමණි. අඩු තරමින් අගනගරයේ කාර්යාල සේවය වෙනුවෙන් හෝ මගී බස් සේවාවක් නැත. මගී ප්‍රවාහනයේ ප්‍රධාන අංගයක් වන දුම්රිය සේවය සැලකූ විට, සුද්දා ප්‍රයෝජනයට ගෙන අතහැර ගිය දුම්රිය මාර්ග වල දිග අඟලකින් හෝ වැඩිකිරීමට අවුරුදු හැට අටක් රට පාලනය කල පාලකයන් සමත් වී නැත.
පන්සීයට දාහට තිබූ දඩය විසිපන්දාහ වන්නේ එහෙව් රටකය!

35 comments:

  1. ස්ටික් විතරයි කැරට් නෑ.

    ReplyDelete
    Replies
    1. carrot and stick approach කියන්නෙ තෑගි සහ දඬුවම් මත පදනම් වූ ක්‍රමයක්. දේශපාලනයේදී එය Gift politics කියල හඳුන්වනවා, විශේෂයෙන්ම , කුප්‍රකට උතුරු කොරියා නීලකාස හොරා කිම් ජොන් උන් ගේ දේශපාලනය සම්බන්ධයෙන්.සමාජවාදී ෆැන්ටසිය යටතේ දූෂිතයෙකුට කොච්චර දුර යන්න පුළුවන්ද කියල හිතෙනකොට බය හිතෙනවා.

      North Korea -The Hidden Economy

      Delete
  2. මහපාරේ දවල් දවසේ සෙමින් ධාවනය කෙරෙන වැලි ලොරි, කන්ටේනර් ආදිය නිසා අනික් වාහන පදවන අයට ඉතුරු විකල්ප දෙකයි. අනතුරුදායක ලෙස ඉස්සර කිරීම හෝ අදාළ මරාලය පස්සෙං කොටාගෙන යාම පමණි.

    ජනතාව බස්වල නොයාමට බසයේ ඉස්පීකර් සැට්ටෙකද බලපාන්නේය.

    කෙසේ වුනත් අපි වාහනයක් ගන්නේ ආභරණයක් ලෙස මිස ප්‍රවාහන මාධ්‍යයක් ලෙස නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔව්.ඒ වගේ අවුල් සෑහෙන්න තියනව. හයිබ්‍රිඩ් කොට කොට යන එකත් ඒ වගේ අවුලක්.

      Delete
  3. බයික් කාරයෙක්ට එහෙම දැන් දඩේ ගෙවනවාට වඩා බයික් එක සින්න වෙන්න දීලා යන එක ලාබයි

    ReplyDelete
  4. දඩ මුදල් වලින් එකතුවන ආදායම මාර්ග වල ආරක්ෂාව වැඩි කරන දේවල් (අවශ්‍ය ස්ථාන වල සඥා එලි සවි කිරීම ) වගේ දේකට යොමුකරනවා නම් හොඳයි.

    ReplyDelete
  5. රාජ්, අද මම කාරෙක එලවාගෙන ගියා නගරයට (කුරුණෑගල) සැබෑ වෙනසක්. ඇත්තටම සැබෑ වෙනසක්. මාර්ග විනය 50% කට ආසන්න ප්‍රමාණයකින් වෙනස් වෙලා. කවුරුත් සැලකිලිමත් වෙනවා මාර්ග නීති පිළිපදින්න. මෝටර් බයිසිකල් කීපයක් අල්ලාගෙන තිබුණා පොලීසියෙන්, බෝයගනේ ප්‍රදේශයේදී. 25000 ක් ගැහුවොත් බයිසිකලේ විකුණන්න වෙනවා එයින් සමහර අයට.

    උප ප්‍රධාන මාර්ග, විකල්ප මාර්ග ලෙස සංවර්ධනය නොකිරීම ජාතික අපරාධයක්. එවැනි පාරවල් දහස් ගණනක් තියනවා සංවර්ධනය කර, මාර්ග තදබදය අවම කිරීමට විකල්ප ලෙස යොදාගතහැකි ඒවා.

    ReplyDelete
    Replies
    1. බලමු ඉදිරියේදි තත්වය කොහොම වෙයිද කියල.

      Delete
    2. යේස් කුරුණැගල තමා ලංකාමෙන්ම සුපිරිම බයික් තියෙන්නේ, 10ක් ගත්තොත් 5කට පොතක් වත් නෑ, දඩ ගහන්න නවත්තන කොටම දාල දිව්වත් ලාබයි.

      Delete
    3. හෙහ් හෙහ්, අර 'මෝටර් බයිසිකල්' පිචර් එකේ වගේ, පොත වෙනුවට 'ඇක්සැයිස්' පොතක් දෙනවා ඇති. හම්මෝ..........කුරුණෑගල මෝටර් බයිසිකල් කඩවලට දිනපතා පුදුම සෙනගක් එන්නේ. ලක්ෂ 16 ටත් බයිසිකල් තියනවා.

      Delete
    4. ඒ ඉස්සර ඉස්සර.. දැං මීගමු පාරෙ,පුත්තලම් පාරෙ බයික් කඩ තිබුන තැන් වල ෆොටෝකොපි කඩ දාගෙන.යකඩ බරට ගෙනත් මෙහෙන් පොත් හදල කරන නියම බිස්නස් එක.එක යායට ජපන් බයික් ගහල තිබුන යාඩ් කැලෑ වැදිලා.ඉංදියන් බයික් වසන්ගතෙත් එක්ක ජපන් බයික් වලට හැප්පෙන්න බෑ.කොච්චර ජපන් එකකට ආස උනත් ගස්ලබ්බ පදින්නෙත් ඉංදියන්.

      Delete
    5. කුරුණැගල බයිකුත් තියනව සල්ලි තියෙනවනම් පොතත් ලැබෙයි.
      එන්නෙ කොහෙන්ද අදාල නෑනේ.

      @ ගස් ලබ්බ

      ඒ උනාම මද්ද පදින්නෙ ජපං

      උඹත් කුරුණෑගලද?

      Delete
    6. @මද්දා
      ඕ යේස්.. 'කුරුණෑගල ඉඳලත් ඉංදියන් බයික්ද ඕයි පදින්නෙ?' කියල අහනකොට දැනෙන සනීපේ...

      Delete
    7. මෙහෙ උන් ගෙන් බේරෙන්න නෑ බං අඩුවට කුරුණැගලින් අරන් දෙන්නලු ඒත් දැන් කොහෙද බං අඩුවට බයික්?????

      Delete
  6. අසමත් ආණ්ඩුව.. ඒක තමයි වචනේ .. ආරක්ශාව ගැන විසඳුම් සෙවීමේදී අවම අභිමත ක්‍රමය තමයි විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම.. මුං පටං ගන්නේ එතනින්.. වෙන මොකවත් නෙවෙයි කීයක් හරි එකතු වෙයි කියල.. නොදකිං.. මෙහෙම හිඟන ආණ්ඩුවක්..

    ReplyDelete
  7. මට නං හිතනේනේ මේක හොදයි.. රවියා හෝ ආන්ඩුව කිසිම සැලැස්මකින් තොරව ගත්ත බබා තීරණයක් උනත් මේකේ හොදක් තියෙයි කියල මට හිතනෙවා.. ඇයි හද්දෙයියනේ අපේ මංජුල සහෝදරයා කිව්ව වගේ විසි පන්දාහක් ගෙවන්න ඇහැක පාලොස් දාහක බයිසිකලයක් පැදල..

    ReplyDelete
    Replies
    1. එතකොට ප්‍රයිවට් බස්? ආණ්ඩුවෙ වාහන? මන්ත්‍රීලා? එයාලටත් ගහනවද?

      Delete
    2. අපි ඉතිං දන්න දේවල් වෙනස් වෙන්නෑ නේ බං. එනි වේ තැන්ක්ස් ෆෙෘ් නොමිනේටින් මී.. යු නෝ වට්...

      Delete
    3. මන්ත්‍රීලාටත් දඩ ගහනවා රාජ්. වාහනේ හරියට නවත්තලා තිබ්බේ නෑ කියලා ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට කුරුදුවත්ත පොලිසියෙන් දඩගහලා එයා ඒක ගෙවන්න ගිහිං හිටිය. දන්නේ නැත්තං හොයලා බලන්න. ග්‍රාමීය ප්‍රදේශ වල පොලිසි නං කොහොමද දන්නේ නෑ, කොළඹ අවට නං මිනිස්සු වත්, පොලිස් නිලධාරීන්වත් දේශපාලකයෝ එනවා කියලා වාහනේ අයින් කරන කණුවට බහින්නේ නෑ දැන්. මං උනත් උන් හෝන් ගහගෙන ආවට ජිවිතේට දැන් ඉඩ දෙන්න බැරි නං වාහනේ අයින් කරන්නේ නෑ. ඇම්බියුලන්ස්, ගිනි නිවන රථ වගේ එව්වට නං කොහොමත් ඉඩ දෙනවා නේ.

      අනික තමයි බලන්න මේ රාජ් කියන කාරණා දෙක දිහා.

      ' බීමත්ව රිය පැදවීම, රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනය හා එවැන්නකට අනුබල දීම, අධික වේගය, වම්පසින් ඉස්සර කිරීම, අනතුරුදායක ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය, රක්ෂණ සහතිකයක් නොමැතිව රිය පැදවිම ආදියයි. මේ සියලු වැරදි සඳහා අවම දඩ මුදල රුපියල් විසිපන් දහසකි. '

      'මාර්ග නීති කඩවීමට ඇති ප්‍රමුඛ විසඳුම වන්නේ දඩගැසීම නොව වාහන ධාවනයට සුදුසු වටපිටාවක් ඇතිකිරීමයි. පළමුව, වාහන ධාවනය සඳහා සුදුසු මාර්ග පද්ධතියක් රටට අවශ්‍යය.'

      දැන් මේවගෙන් පාරේ සයිස් එක ලොකු උනත් පොඩි උනත් බීලා යන ඒකට ඒක බලපානවද? ලයිසන් නැතුව යන ඒකට පාරේ සයිස් එක බලපානවද? මෝඩ කතා රාජ් කියන්නේ. අගගුත් නෑ මුලකුත් නෑ. දැන් රාජම කියනවා ලංකාවේ පාරවල් හරි නෑ කියලා. ඉතිං ඒවායේ අධික වේගෙන් යනකොට දඩ ගහන එක හොද නැද්ද? ඒ දඩය වැඩි කරපු එක හොද නැද්ද? ත්‍රිවිල්, මෝටර්සයිකල්, බස් රථ පදවන අය ඇරෙන්න අනිකුත් සියලුම රියදුරන්, පදිකයන්, ජනතාව මේකට කැමතියි.

      Delete
    4. ඇනෝ,
      මාර්ගවල තත්වය කුමක් වුවත් වැරදි ලෙස සැලකෙන කාරණා සඳහා එකඟයි. හැබැයි එහෙම එකඟ වෙන්නෙත් යම් යම් සීමාවන්ට යටත්ව බව කිව යුතුයි.
      දැං මේක ගන්න, රටේ නීති පද්ධතියේ දඩ සඳහා අයකරන මුදල් ප්‍රමාණයන් තියනවනෙ. මාර්ග නීති සඳහා දඩ එකපාර විසිපන්දාහකින් වැඩි වෙද්දි අසාධාරණ නැද්ද?
      මම පැහැදිලිව කියා ඇති පරිදි,
      1.දඩ "මුදල" සාධාරණ වියයුතුයි.
      2.මාර්ගවල දීර්ඝකාලීන අවුලට විසඳුම් දිය යුතුයි.

      Delete
  8. දියුණු රටවල ප්‍ර‍තිපත්ති, නීති, බදු, දඩ ගේන කොට ඉස්සෙල්ලා අදහස දානවා (ලු), දින වකවානු දෙනවා (ල්‍රු), මහජන මතය සාකච්ඡා කරනවා (ලු), සංශෝධනය කරනවා (ලු), අදාල කාර්යට පෙර කෙරෙන්න ඕන වැඩ වලට දින වකවානු දාලා පෙර සූදානම කරනවා (ලු).

    අපි ඉස්සෙල්ලා නීතිය / දඩේ / බද්ද දාලා, මහජනයා ( වැරැදි කරන එකාට කියන පොදු නම )පාර වහලා ඩෙගා නැටුවට පස්සේ සාකච්ඡා කරල සංසෝධනය කරනවා, ඊටත් පස්සේ ක්‍රියාත්මක නොකර නිකං ඉන්නවා, මොකද ක්‍රියාත්මක කරන්න පෙර සූදානම් (සට්‍ර‍ක්චර්ස්,ට්‍රෙනිං) මොකුත් කරලා නෑනේ, ඉතිං බෙරේ පළු දෙකම නෑ.

    ReplyDelete
  9. අපේ රටේ වාහන පැදවීමේ අසංවර කම ගැන නම් කියලා වැඩක් නෑ රාජ්. දඩේ තියන නරක පැත්ත වැඩිදෙනකුට නොදැනෙන්නෙ ඒ හන්ද වෙන්න ඇති

    ReplyDelete
  10. රාජ්, දැන් මෙන්න අද උදේ පත්තර කියවනකොට (ටීවී එකේ) කියනවා, මේ අලුත් දඩ ක්‍රමය ක්‍රියාත්මක කරන්න, තව මොනවද නීති සංශෝධන ගේන්න ඕනෙලු. ඒ කියන්නේ, රජයේ මේ දඩ කතාව බිල්ලෙක් විතරයි. අනේ අනේ නන්නානේ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  11. දැන් එතකොට ආරක්ෂක රථ පිරිවරාගෙන හෝන් ගහගෙන අධිවේගෙන් වමෙන්, දකුණෙන් දෙපැත්තෙන්ම යන මන්තිරිලාට, ඇමැත්තන්ටත් මේ දඩේ ගහනවද. නොදන්නකමටයි අහන්නේ.

    ReplyDelete
    Replies
    1. උන්ට නීති අදාල නැහැනේ.උන්ට ජන්දේ දීලා පත්කරගත්තු වැරැද්දට තමයි අපිට මේ දඩ ගහන්නේ.

      Delete
  12. මේ වගේ ඉවක් බවක් නැතුව දඩ ගහන්න යෑමෙන් වෙන්නේ රාජ් කියලත් තියෙනවා වගේ බන්ධනාගාර පිරෙන එකයි.දරන්න බැරි දඩ මුදලක් චේතාන්විතව නොකරන වරදක් වෙනුවෙන් පැනවීම තුලින් දඩ ගෙවා ගන්න බැරුව බන්ධනාගාර ගත වෙන පිරිස වැඩි වීම තවත් සමාජ,ආර්ථික ප්‍රශ්න වැඩි කිරීමක් වෙනවා.

    ReplyDelete
  13. අදත් බයික් එකක් පැදගෙන ටවුන් එකේ යන්න උනා.ගිණි අව්වෙ,මහ වැස්සෙ කියල වෙනසක් නෑ ලොකු වාහන පාර මැද අල්ලගෙන දෙපැත්තෙ ඉඩ තියාගෙන යන්නෙ.ඇයි දන්නෑ.දකුණෙන් යන්න බැරි වෙන්න ඇලේට වාහනේ නවත්තන්න එයාල හරි සූරයි.අපි ඉතින් වමෙන් නොයා වෙන කොහෙන් යන්නෙයි?වැරදියි තමා.පොලිසියෙන් මෙව්ව ගැනත් බලන්න ඕනෙ.පිස්සො වගේ යන බයික් කාරයො පාරෙ ඉන්න කෙනෙකුට නම් ටක් ගාල අඳුනගන්න පුළුවන්.අන්න එයාලට තරවටුවක් දුන්නට කමක් නෑ.ඔය දඩ ගැහුවොතින් නම් පුද්ගලිකව ගස්ලබ්බටනම් වෙන්නෙ හිරේ යන්න.
    ජයවේවා..!!

    ReplyDelete
  14. දඩේ හරි වැරැද්ද කොහොම උනත් අලුතෙන් වාහන වලට අලුතෙන් ඉන්ෂුවරන්ස් හදාගන්නනං කට්ටියගෙ ලොකු උනන්දුවක් මේ පැත්තෙ තියෙන වග පෙනුන. ලයිසනුත් ඒ ව‍ෙගේ වෙන්න ඇති. හැක්..

    ReplyDelete
  15. යතුරුපැදිකරුවන් සීයට අනූ පහක් විතර ධාවනයකරන අවස්ථාවලින් සීයට අනූ පහක් විතර වමෙන් ඉස්සර කිරීමේ වරදට අහුවෙයි නේද?

    ReplyDelete
  16. ටහිකෙයි කාර් වල යන සම+හරක්(ගොඩක් උන්) දෙයි දකුනෙන් ඉස්සර කරන්නම.

    ReplyDelete
  17. නීති කඩනවාට ඇති දඩ මුදල් ඉහල යාමේ කිසිදු වරදක් මට නම් නොපෙනේ. ඉස්කෝලෙක උනත් Discipline හදාගන්න නම් දැඩි ක්‍රියාමාර්ග අවශ්‍ය වෙනවා. අපේ පාරවල් වල discipline කෝ...කවුද නීති නොකඩන්නේ

    ReplyDelete