මේ දවස්වල විහිළු කතන්දර වලට බ්ලොග් අවකාශයෙ තියන ඉඩකඩ ඉතාම අඩුයි. යුරෝපයට ණයදෙන්න හදන කස්ටියයි ඇමරිකාවට කෙලවන්න හදන කස්ටියයි කියන කතන්දර නිසා අපේ ජෝක් වලපල්ලට යයි. කමක් නෑ අදත් කියන්න යන්නෙ රවී අයියගෙ කතාවක්.
මේ ඊයෙ සිද්ධ වෙච්ච දෙයක්. රවි අයියගෙ අම්ම පහුගිය දවස්වල ගෙදර හිටියෙ නෑ. අයියලගෙ ගෙදර ගිහිල්ල. ඒ නිසා යාළුවො ගෙදර ඇවිල්ල මෑන්ට හැමදාම පාටි, ඉවරයක් නෑ. ඊයෙත් ඔපීසියෙ ඉන්නගමන් රවි අයිය කාටද කෝල්එකක් දෙනව,
"මං මස් කිලෝවයි කරි පැකට් එකයි අරගෙන එන්නං. උඹල හතර හමාරට විතර ගෙදර පැත්තට වරෙල්ල"
මම උදේ ඇහැව්ව ඊයේ තත්වෙ මොකද කියල. මෙන්න උත්තරේ,
"ඊයෙ මාර වැඩේනෙ බං. මම මස් එහෙම අරගෙන ගිහිං ගේට්එක අරිනකොට දැක්කෙ ගෙදර දොරවල් ඇරල. වෙන්න පුළුවන් එක දෙයයි! අම්ම ඇවිල්ල. ඒ ගමන අරුන්ට කෝල්කරා එන්න එපා කියල".
පාටිය ඒ විදියට කැන්සල් වීම නිසා එක යාළුවෙකුට නියම ඇබැද්දියක් වෙලා. ඒක කිව්වෙ මෙහෙමයි,
"මම කෝල්එක දෙනකොට අරුං බෝතල් දෙකක් අරගෙන. එකෙක් මම නැතුව බොන්නබෑ කියල බෝතලයක් අරගෙන ගෙදර ගිහිල්ල. ඌ ඒකෙන් තුංකාලක් විතර බීල. ගෑණි බනිනකොට කියල මම ආයෙත් බොන්නෙ නෑ, බිවුවෙත් තට්ටෙ ගානව කියල. ටික ටික බඩු වැඩිවෙනකොට මූ ඉතිරි කාලෙන් තව උගුරක් බීල තට්ටෙ ගාගෙන. දැං ඉන්නව එලියට බහින්න බැරුව" :-)
මතක ඇතිනේ ආයුබෝ වේවා මහරජානනි සිංදුව! මේ සිංදුව ඒකාලෙ රවි අයියගෙ රිගින් ටෝන් එකට දාගෙන හිටිය. හැබැයි රවි අයිය කියන්නෙ කැපුවත් රතු ජාතියේ ජේවීපී කාරය. දවසක් මම ඇහුව මිණිහගෙන්,
"අයියේ උඹ ලොක්කට බැන බැන හිටියට මොකද, ආයුබෝ වේවා මහරජානනි කියලනෙ රිගින් ටෝන් එකට දාගෙන ඉන්නෙ?"කියල. මෙන්න රවි අයිය දුන්න උත්තරේ,
"මල්ලී! මහරජානනි කියනකොට උඹලට මහින්ද මහත්තය මතක් උනාට මට මතක් වෙන්නෙ අපේ ටිල්වින් අයිය"
Friday, March 16, 2012
රවි අයියගෙ කතා( Part II)
Thursday, March 15, 2012
ගොම එක්වූ රුහුණේ මීකිරි!
මීකිරි යයි කියු විට රුහුණත් රුහුණ යයි කියුවිට මීකිරිත් අපේ සිහියට නැගෙන්නේ නිරායාසයෙනි. රුහුණ හා මීකිරි එතරම් තදින් බැදී පවතින්නකි. එහෙත් රුහුණේ මීකිරිවලට අද උදාවී ඇත්තේ නරක කල දසාවකි. මී හරක් කිහිපදෙනෙකු නිසා හිරගෙට යෑමට සූදානමින් සිටින තංගල්ල වජිරගිරි විහාරයේ මිරිස්සේ ධම්මවංශ හිමියන් පසුගිය දිනෙක මේ තත්වය අපූරුවට පැහැදිලි කර තිබිනි.
උපුටාගැනීම http://www.gossip9.com
"දකුණු පළාතේ කිරි ගව සම්පත සීග්‍රයෙන් විනාශ කරමින් පවතිනවා. විශේෂයෙන් රුහුණේ මීකිරි ඉතාමත් ප්‍රසිද්ධ ආහාරයක් බවට පත් වුනා. නමුත් අද ඉතාමත්ම සංවිධානාත්මක විදියට මේ කිරි ගව සම්පත විනාශ කරමින් පවතිනවා. ඇත්තටම දැනට මී කිරි නැහැ. තියන ඒවත් කලවම් කල කිරි තමයි තියෙන්නෙ. කතරගම ඉඳල එනකොට ඔබතුමන්ල දැකල ඇති මී කිරි කඩ විශාල වශයෙන් තිබුනා. නමුත් දැන් එහෙම නැහැ. ඔක්කොම කඩ වහලා. ඉතා සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නෙ. ඒකට ප්‍රධානම හේතුව රුහුණේ මී ගවයන් කොළඹට සහ බේරුවල ට පැටවීමයි. පටවලා අවුරුද්දකට මී ගවයින් 90,000 ක් පමන ඝාතණය කරනවා"
මීකිරි සම්බන්ධයෙන් එම ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය නිවැරදිය. මාතර කතරගම මාර්ගයේ ගමන්කරන ඕනෑම සංචාරකයකු අතරමගදී මීකිරි සහ පැණි රස බැලීමට පෙලඹෙන්නේ "ඔරිජිනල්" මීකිරි ඇතැයි යන විශ්වාසයෙනි. එහෙත් අතීතයේදී මෙන් නොව අද ඇත්තේ නියම මීකිරි නොව "කලවං" මීකිරිය.
අප කුඩාකල මෙම ප්‍රදේශවල නියම මීකිරි තිබූ අතර ඒවා ඉතාමත් අඩු මුදලකට ලබාගතහැකිව තිබුනි. එකල විශාල ප්‍රමාණයේ මීකිරි හට්ටියක් රුපියල් විස්සක් විය. මුදවන ලද එළකිරි වෙනම තිබූ අතර ඒවායේ මිල හරි අඩක් විය. පසුව මිල නොවෙනස්ව තිබියදී හට්ටිය ප්‍රමාණයෙන් කුඩා වූ අතර අවසානයේ තවත් කුඩා කල නොහැකි මට්ටමට ලගාවිය. එය දැන් කොළඹ රුපියල් එකසිය විස්සක් වැනි මිලකට ඇති කිරි හට්ටියකින් හරි අඩක් පමණ විශාලත්වයකින් යුක්ත විය. ඉන්පසු අද භාවිතාවන සිලින්ඩරාකාර "සම්මත" කිරි හට්ටි ඇතිවිය. මේ වනවිට ප්‍රධාන වශයෙන් විශාලත්ව තුනකින් මේවා පවතී. එනම් විශාල, මධ්‍යම හා කුඩා වශයෙනි. විශාල කිරි හට්ටියක් දකුණු ප්‍රදේශවල රුපියල් එකසිය විස්සක් තිහක් පමණ වන අතර මධ්‍යම ප්‍රමාණය රුපියල් සීයකි. කුඩා ප්‍රමාණය රුපියල් විසිපහක් හෝ තිහක් වන අතර එය යෝගට් කෝප්පයකට වඩා මදක් විශාලය.(මෙම මිලගනන් අගනුවරදී මදක් වැඩිය).
කිරි මුදවන ලද හට්ටි වල ප්‍රමාණාත්මක පරිණාමය මෙසේ සිදුවත්දී කිරිවල ගුණාත්මක භාවය හාණිදායක අයුරින් සිදුවිය. මුලින්ම සිදුවූ "දූෂණය" වූයේ හරි අඩක් මිලෙන් අඩුවූ එලකිරි, මීකිරි සමග මිශ්‍ර කිරීමයි. ඉන්පසුව ගම්බද පැවති එලකිරි සහ මීකිරි වෙනවෙනම විකිණීම අභාවයට ගිය අතර "මීකිරි ලේබලයෙන්" එලකිරිද "මීකිරි මිලටම" අලෙවි විය. මෙය "ඔරිජිනල් රුහුණේ මීකිරි" වල අවසානයේ ආරම්භය වූ අතර ඉන්පසු සිදුවූයේ එලකිරි වෙනුවට වතුර ආදේශ වීමය. දැනට ඇති "රුහුණේ මීකිරි" අතරින් වතුර එක් නොකල මීකිරි සොයාගැනීම උගහටය. (පැණිවලට සිදුවූයේද මෙයමය. වෙනසකට ඇත්තේ වතුර වෙනුවට දියකල සීනි හෝ උක්පැණි එක්කිරීමයි.) අනෙක් අතට සෞඛ්‍යට හාණිදායක අයුරින් කිරි මුදවන ගව හිමියන් ගැනද පසුගිය කාලයේ අසන්නට ලැබිනි. සාමාන්‍යයෙන් උණුකරන ලද කිරි තරමක් නිවුන පසු කලින් මුදවාගත් කිරි එක්කිරීමෙන් (මෙය මුහුන් දැමීම යනුවෙන් හදුන්වයි) මුදවා ගැනීම සිදුකරයි. තනුක සල්ෆියුරික් අම්ල එක් කිරීමෙන් කිරි මුදවාගන්නා ගව හිමියන්ද ඇත. මෙහිදී ද ඉතා හොදින් මීකිරි "ඝන" තත්වයට පත්වන අතර කිරිවල ගුණාත්මකභාවය පෙන්වීම සදහා කිරි හට්ටිය "මුනින් අතට හරවා" පෙන්වන වෙළදුන්ගේ කිරිවල පිටුපස ඇති සැබෑ තත්වය එයයි. (මුනින් හැරවූ විට නොවැටී තිබීම විද්‍යාත්මකව ඔප්පු කලහැකි කාරණයකි. කිරි හට්ටියේ ඇති කිරිවල උස සහ පතුලේ වර්ගඵයල ඊට බලපාන සාධකය). මෙම ක්‍රමයෙන් මුදවාගන්නා කිරි වල හාණිදායක බව අමුතුවෙන් විස්තර කලයුතු නොවේ.
තංගල්ල සිට කතරගම දක්වාත් ඇඹිලිපිටියේ සිට නෝනාගම දක්වාත් මාර්ගය අයිනේ ඇති මුදවන ලද මීකිරි(?) වල සැබෑ තත්වය මෙයයි.
එකිනෙකට විරුද්ධ කාරණා වුවද කිරි හා කතාබහ කලයුතු අනෙක් මාතෘකාව මස්ය. ඒ සම්බන්ධයෙන් ගොසිප් 9 අඩවියේ කරුණු දැක්වූ ධම්මවංශ හිමියන්ගේ පැහැදිලි කිරීමට යොමුවෙමු,
"කොළඹ බොහෝ දෙනෙක් දන්නෙ නෑ මේ කන්නේ "මී හරක් මස්" කියලා. හරක් මස් කියල තමයි මිනිස්සුන්ට කන්න දෙන්නේ. ඒ විදියට මී ගව සම්පත විනාශ කරගෙන යන මොහොතක අපි දකුණු පලාතෙ පොලිසි දැනුවත් කලා. මේ රටේ සත්ව පනතක් තියනවා. ඒ සත්ව පනතට විරුද්ධව තමයි මේ විදියට මී ගව සම්පත විනාශ කරන්නේ. ඒ අනුව මී හරක්, එළදෙන්නු වසු පැටවු මරන්න බෑ. වස්සො මැරුවත් එයට පශුවෛද්‍යවරයාගේ සහතිකයක් ඕන"
(Read more: http://www.gossip9.com/2012/03/23.html#ixzz1pAN3s4tq)
උන්වහන්සේ මතුකරන එම කාරණාවද සත්‍යය. 100%ක්ම නොවුවද හරක් මස් සදහා මීහරක් මස් කවන වෙළදුන් ඕනෑතරම් ඇත. කොළඹ පමණක් නොව තනමල්විල වැල්ලවාය වැනි ප්‍රදේශවලට පිට පළාත් වලින් පැමිණෙන්නන් හට "මුවමස්" හෝ "ගෝනමස්" ලේබලය යටතේ අධික මිල ගනන් යටතේ මීහරක් මස් කැවීම සිදුවේ.
කෙසේ වුවත් මෙම අයහපත් කාරණා සදහා කිරි නිෂ්පාදකයන්ගේ ගැටළුද හේතු සාධක වනබව කිවයුතුමය. පෙර මෙන් නොව මේ වනවිට ගවයන් සදහා ඇති තණබිම් ප්‍රමාණවත් නොවේ. කුඹුරු වල අස්වැන්න නෙලාගෙන අවසන්වූ පසු ගවයන් සදහා ආහාර ලැබුනද අනෙක් කාලයන්හිදී තණමලිවිල වැල්ලවාය වැනි ප්‍රදේශවලට ගවයන් ගෙනයාමට සිදුවීම වැනි දෑ උදාහරණය. ගවයන් මැරීමට/ගවමස් වලට විරුද්ධ වන්නන් සිටියද පිරිමි ගවයන් විශාල ප්‍රමාණයක් නඩත්තු කිරීමට සිදුවීම පාඩුදායකය. එබැවින් මස් සදහා ගවයන් විකිණීම ඉහලගොස් ඇත. කෙසේ වුවද කිරි ආශ්‍රිත නිෂ්පාදන වඩ වඩාත් බිහිවී කිරි සදහා හොද මිලක් ලැබෙනතුරු මෙම ප්‍රශ්න විසදේ යයි සිතීම උගහටය.
Wednesday, March 14, 2012
එය එසේ සිදුවිය.
"පුතේ.... විගහට නැගිටල මාලු ටිකක් ගෙනෙං...... දවල් උනොත් ගන්න බැරිවෙයි"
ආං එහෙමයි අපේ මව්තුමිය මගේ නින්දෙන් පැය භාගයක් අඩුකෙරුවෙ. දැං ඉතිං මොනව කරන්නද.... ගුලිකරල තිබිච්ච කමීසෙකුත් දාගෙන ඇස්දෙකත් පොඩිකරකර පිටත් උනා මාලු ගේන්න ලෑල්ලට යන්න. මගදි මුනගැහුන එහාගෙදර චූටිමලය. දෙන්නත් එක්ක ටිකදුරක් යනකොට මාලු ලෑල්ල පැත්තෙං අමුතු සද්දයක් ඇහෙන්න ගත්ත.
"ඒ මොකද්ද මලයෝ අමුතු සද්දයක් ඇහෙන්නෙ?"
"හ්ම්! බලමු බලමු" දෙන්නත් එක්ක අඩිය ඉක්මන් කලා.
♪ ♫ එන්න.... මල් ගෙනියන්න එන්න....♪ ♫ එන්න.... අපෙන් මල් ගන්න....♪ ♫
"හෑහ්! මොකද්ද අයියේ මේ ඇහෙන්නෙ? මල්විකුණන එවුන් ටිකක් මාළු ලෑල්ල අල්ලල වත්ද?"
"ඒවගේ තමයි බං මටත් ඇහන්නෙ යමං මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න."
තවත් ටිකක් කිට්ටු වෙනකොටයි හරියටම සද්දෙ ඇහුනෙ...
♪ ♫.... එන්නෝව්...අපෙන් මාලු ගන්නොව්..... ♪ ♫ ඉස්සො හාල් මැස්සෝව්... ♪ ♫
♪ ♫ ...බලයා බලයා බලයා..... කෙලවල්ල..ඇටවල්ල..පොකිරිස්සා.....♪ ♫
වෙනදට බුලත් කාගෙන සුරුට්ටු බීගෙන කුණුහරුප කියාගෙන මාලු විකුනන එවුන් අද සුදු පාටට ඇදල ලස්සකට මාලුටික විකුණන හැටි බලන්න ලස්සනයි.
"ඈ බං මලයෝ මුන්ට මොකද්ද මේ වෙලා තියෙන්නෙ?"
"අනේ මං දන්නෑ අයියේ... මුං මේ විදියට ඉන්නව මාත් මේ දැක්කමයි"
කොයිකටත් කියල අපි කිට්ටුඋනා මාලු විකුණමින් හිටිය අපිත් දන්න කියන මයිකල් අයිය ලගට,
"මොකද මයිකල් අයියෙ උඹලට මේ වෙලා තියෙන්නෙ?"
"න්නෑ මල්ලී... අපි දැං හොදයිනේ.... ඉස්සර වගේ බුලත් කන්නෙ නෑ.... සුරුට්ටු බොන්නෙ නෑ,... කුණුහර්ප කියන්නෙ නෑ....ඒ විතරක්ද බලපංකො මේ කිරිටොය්ය මාලු ලෑල්ල......"
"අම්මටහුඩු! මම දැන්නේ දැක්කේ... ප්ලාස්ටික් නේද?"
"ඔව් මල්ලී තනිකර ප්ලාස්ටික්! දිරන්නෙ නෑ...බැක්ටීරියා නෑ... ලෙඩවෙන්නෙ නෑ... ආ... එන්න නෝනා... ගන්න මේ මාලු.... මේ කෙලවල්ල ගුණයි.... මේ බලය හරි රහයි.... හාල්මැස්සො තියනව පොඩිඅයට හොදයි....., රාජිත ඇමතිතුමාට පිංසිද්ධ වෙන්න තමයි මලයෝ මේ ඔක්කොම"
"හා..හා... දැනුයි මට තේරුනේ...මටත් දියංකො සීයක හාල්මැස්සො?"
"දැං ඉතිං මලේ බයවෙන්න දෙයක් නෑ. පොඩි එකෙකුට කෙල්ලෙකුට උනත් මාලු ලෑල්ලට ගිහිං මාලු ගත්තෑකි. බැක්ටීරියා නැති නිසා ලෙඩ වෙන්නෙත් නෑ"
"ඒ වුනාට අයියේ පොඩිවංස ඇමතිතුමා ප්ලාස්ටික් වලට විරුද්ධ වෙන්න පුළුවං..."
"ඒක නං පුරස්නයක් තමයි...හැබැයි එව්ව ඇමරිකාවෙන් නැතුව චීනෙං ගෙනාවනං එතුමා උනත් විරුද්ධ වෙනඑකක් නෑ බං"
