Friday, March 16, 2012

රවි අයියගෙ කතා( Part II)

මේ දවස්වල විහිළු කතන්දර වලට බ්ලොග් අවකාශයෙ තියන ඉඩකඩ ඉතාම අඩුයි. යුරෝපයට ණයදෙන්න හදන කස්ටියයි ඇමරිකාවට කෙලවන්න හදන කස්ටියයි කියන කතන්දර නිසා අපේ ජෝක් වලපල්ලට යයි. කමක් නෑ අදත් කියන්න යන්නෙ රවී අයියගෙ කතාවක්.
මේ ඊයෙ සිද්ධ වෙච්ච දෙයක්. රවි අයියගෙ අම්ම පහුගිය දවස්වල ගෙදර හිටියෙ නෑ. අයියලගෙ ගෙදර ගිහිල්ල. ඒ නිසා යාළුවො ගෙදර ඇවිල්ල මෑන්ට හැමදාම පාටි, ඉවරයක් නෑ. ඊයෙත් ඔපීසියෙ ඉන්නගමන් රවි අයිය කාටද කෝල්එකක් දෙනව,
"මං මස් කිලෝවයි කරි පැකට් එකයි අරගෙන එන්නං. උඹල හතර හමාරට විතර ගෙදර පැත්තට වරෙල්ල"
මම උදේ ඇහැව්ව ඊයේ තත්වෙ මොකද කියල. මෙන්න උත්තරේ,
"ඊයෙ මාර වැඩේනෙ බං. මම මස් එහෙම අරගෙන ගිහිං ගේට්එක අරිනකොට දැක්කෙ ගෙදර දොරවල් ඇරල. වෙන්න පුළුවන් එක දෙයයි! අම්ම ඇවිල්ල. ඒ ගමන අරුන්ට කෝල්කරා එන්න එපා කියල".
පාටිය ඒ විදියට කැන්සල් වීම නිසා එක යාළුවෙකුට නියම ඇබැද්දියක් වෙලා. ඒක කිව්වෙ මෙහෙමයි,
"මම කෝල්එක දෙනකොට අරුං බෝතල් දෙකක් අරගෙන. එකෙක් මම නැතුව බොන්නබෑ කියල බෝතලයක් අරගෙන ගෙදර ගිහිල්ල. ඌ ඒකෙන් තුංකාලක් විතර බීල. ගෑණි බනිනකොට කියල මම ආයෙත් බොන්නෙ නෑ, බිවුවෙත් තට්ටෙ ගානව කියල. ටික ටික බඩු වැඩිවෙනකොට මූ ඉතිරි කාලෙන් තව උගුරක් බීල තට්ටෙ ගාගෙන. දැං ඉන්නව එලියට බහින්න බැරුව" :-)

මතක ඇතිනේ ආයුබෝ වේවා මහරජානනි සිංදුව! මේ සිංදුව ඒකාලෙ රවි අයියගෙ රිගින් ටෝන් එකට දාගෙන හිටිය. හැබැයි රවි අයිය කියන්නෙ කැපුවත් රතු ජාතියේ ජේවීපී කාරය. දවසක් මම ඇහුව මිණිහගෙන්,
"අයියේ උඹ ලොක්කට බැන බැන හිටියට මොකද, ආයුබෝ වේවා මහරජානනි කියලනෙ රිගින් ටෝන් එකට දාගෙන ඉන්නෙ?"කියල. මෙන්න රවි අයිය දුන්න උත්තරේ,
"මල්ලී! මහරජානනි කියනකොට උඹලට මහින්ද මහත්තය මතක් උනාට මට මතක් වෙන්නෙ අපේ ටිල්වින් අයිය"

30 comments:

  1. ඇත්ත ඒක නෙමෙයි ඒ කාළේ මහ රජාට කවුරුත් ආදරෙයි. දැන් එතුමගේ මෑනීයන්ට ආදරෙයි..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. ආදරය කරපු එවුන් අද නෑ.

      Delete
    2. අලේ මං අද පමාවෙලානේ. ‍වැඩ වැඩී අප්පා. පොස්ටුව කියන්න ඔන්න රාජ් අයියේ සදුදට එන්නම්.

      Delete
    3. දැන් ආදරේ නැහැ බූට් එක තියල..

      Delete
  2. අපි ඉස්කෝලෙ යනකාලෙ මහින්ද මාම වෙනුවෙන් කොල්ලොත් එක්ක ගහගෙනත් තියෙනවා. මරාගත්තෙ නැති එක විතරයි.

    ReplyDelete
  3. ඒ අස්සෙ නේ යුරෝපෙටත් ණය දෙන්න හදන්නේ. හැබැයි ඉතින් පොදු මුදල් වලින් කෙසේ වෙතත් පුද්ගලික සල්ලි වලින් නම් ණය දෙන්න පුළුවන් ඇති මම හිතන්නේ!

    ReplyDelete
  4. ඔහොම බොන පාටි කැන්සල් කරන එක නම් ජාතික අපරාධයක් !

    ReplyDelete
  5. ඒ වුනාට සහේලි ගමගේත් පව් නේද රාජ් අයියෙ.........

    ReplyDelete
    Replies
    1. ????????????????????????????????????????????

      Delete
    2. මං කිව්වෙ ආයුබෝවේවා සින්දුව කියන සහේලි රෝචනා ගමගේ ගැන........:/

      Delete
  6. මහරාජානනි සින්දුවට මහින්දට වස් වදිනව කියල කතාවකුත් තියනවා..ඒකෙ ඝන පිහිටල තියෙනව වැරදිලු..

    ReplyDelete
    Replies
    1. මළ කෙලියයි, දැනටත් වැඩේ වේගන එනවද මන්ද ?

      Delete
    2. කට කට බලාගෙන. ලංකාවට යන්න නේද ඉන්නේ?

      Delete
  7. ප්‍රශ්නය මහරජාව අයින් කළාම පුටුව හිස්ව තියන්න ක්‍රමයක් නැති එකයි. ඒකේ කවුරුහරි ඉන්දවන්න වෙනවනෙ.....කාවද ඉන්දවන්නෙ...?
    ඉතින් ආයුබෑවේවා නොකියා...ආයුබෝවේවා කියන්න රටේ මිනිස්සුන්ට සිද්ධවෙලා තියෙනවා. ඕක තමා මහරජාගේ පැවැත්මේ රහස...
    ටිල්වින්ලා නොහොත් අපි, ඔය පුටුවට කිට්ටු නොකළා නෙවෙයිනෙ....ඒත් මගදි ආපසු හැරේන්...ගමනේ යා...කිව්වා...අපි නන්නත්තාර වුනා. ටික දෙනෙක් ගමන ආපහු හරවලා තිබුණත් ජ.වි.පෙ සමග පෙරට....

    ReplyDelete
  8. උඹේ යාළුවා තම යාළුවා.මටත් මතක් වෙන්නේ වෙන එකෙක්ව.

    ReplyDelete
  9. මට මතක් වෙන රජතුමා හිරේ.. !

    ReplyDelete
    Replies
    1. ටැංකූ... කස්ටියටම මට වෙච්ච දේ වෙලා නොවැ.. හිකිස්..

      Delete
  10. බොන්න ගිහින් තට්ටේ ගාපු එක තමයි නියමම.. කොන්ඩේ වගේද බෝතලේ..

    ReplyDelete
  11. පට්ට කතා දෙක . දෙක තුන වදිනකොට ආයේ කොණ්ඩේ නෙවෙයි ඕනෙ එකක් කපා දාලා බොන්ඩ නෙව හිතෙන්නේ .

    ReplyDelete
  12. සුමිත් මහත්මයා ඇහුව වගේ //කාවද ඉන්දවන්නෙ...?//

    ඔන්න ඕක තමයි අපිට තියන පුරස්නේ.....

    ReplyDelete
  13. කැපුවත් රතු එළ සහෝදරයෙක් නේ !!!! අර තට්ටේ ගා ගත්ත එකාට මාර චාටර් එක නේ.....

    ReplyDelete
  14. තට්ටේ ගානවා වගේද ශොට් එක නේ?? කොන්ඩේනම් කවදා හරි වැවෙයි.

    ReplyDelete
  15. ඉන්දවන්න කෙනෙක් ඇත්තෙම නැත්තන් මහේල ජයවර්ධන ඉන්දමු...D

    ReplyDelete
  16. අයියෝ ෂල්ලි ...
    මෙහෙමත් මිනිෂ්ෂු ....

    ආයුබෝ වේවා ....

    ReplyDelete
  17. අයියෝ... පව් අනේ අර යාළුවා... බොන්න තට්ටේ ගාල... මෝඩ යකෙක් !!!

    ReplyDelete
  18. සියල්ලන්ටම,
    ස්තුතියි. ඊලග පෝස්ටුවෙන් හමුවෙමු. මම යනව කඩුවක් හොයාගන්න.

    ReplyDelete
    Replies
    1. යුද්දෙට නැති කඩුව ?? හිකිස්..

      Delete