Wednesday, March 14, 2012

එය එසේ සිදුවිය.

"පුතේ.... විගහට නැගිටල මාලු ටිකක් ගෙනෙං...... දවල් උනොත් ගන්න බැරිවෙයි"
ආං එහෙමයි අපේ මව්තුමිය මගේ නින්දෙන් පැය භාගයක් අඩුකෙරුවෙ. දැං ඉතිං මොනව කරන්නද.... ගුලිකරල තිබිච්ච කමීසෙකුත් දාගෙන ඇස්දෙකත් පොඩිකරකර පිටත් උනා මාලු ගේන්න ලෑල්ලට යන්න. මගදි මුනගැහුන එහාගෙදර චූටිමලය. දෙන්නත් එක්ක ටිකදුරක් යනකොට මාලු ලෑල්ල පැත්තෙං අමුතු සද්දයක් ඇහෙන්න ගත්ත.
"ඒ මොකද්ද මලයෝ අමුතු සද්දයක් ඇහෙන්නෙ?"
"හ්ම්! බලමු බලමු" දෙන්නත් එක්ක අඩිය ඉක්මන් කලා.

♪ ♫ එන්න.... මල් ගෙනියන්න එන්න....♪ ♫ එන්න.... අපෙන් මල් ගන්න....♪ ♫

"හෑහ්! මොකද්ද අයියේ මේ ඇහෙන්නෙ? මල්විකුණන එවුන් ටිකක් මාළු ලෑල්ල අල්ලල වත්ද?"
"ඒවගේ තමයි බං මටත් ඇහන්නෙ යමං මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න."
තවත් ටිකක් කිට්ටු වෙනකොටයි හරියටම සද්දෙ ඇහුනෙ...

♪ ♫.... එන්නෝව්...අපෙන් මාලු ගන්නොව්..... ♪ ♫ ඉස්සො හාල් මැස්සෝව්... ♪ ♫
♪ ♫ ...බලයා බලයා බලයා..... කෙලවල්ල..ඇටවල්ල..පොකිරිස්සා.....♪ ♫


වෙනදට බුලත් කාගෙන සුරුට්ටු බීගෙන කුණුහරුප කියාගෙන මාලු විකුනන එවුන් අද සුදු පාටට ඇදල ලස්සකට මාලුටික විකුණන හැටි බලන්න ලස්සනයි.

"ඈ බං මලයෝ මුන්ට මොකද්ද මේ වෙලා තියෙන්නෙ?"
"අනේ මං දන්නෑ අයියේ... මුං මේ විදියට ඉන්නව මාත් මේ දැක්කමයි"
කොයිකටත් කියල අපි කිට්ටුඋනා මාලු විකුණමින් හිටිය අපිත් දන්න කියන මයිකල් අයිය ලගට,
"මොකද මයිකල් අයියෙ උඹලට මේ වෙලා තියෙන්නෙ?"
"න්නෑ මල්ලී... අපි දැං හොදයිනේ.... ඉස්සර වගේ බුලත් කන්නෙ නෑ.... සුරුට්ටු බොන්නෙ නෑ,... කුණුහර්ප කියන්නෙ නෑ....ඒ විතරක්ද බලපංකො මේ කිරිටොය්ය මාලු ලෑල්ල......"
"අම්මටහුඩු! මම දැන්නේ දැක්කේ... ප්ලාස්ටික් නේද?"
"ඔව් මල්ලී තනිකර ප්ලාස්ටික්! දිරන්නෙ නෑ...බැක්ටීරියා නෑ... ලෙඩවෙන්නෙ නෑ... ආ... එන්න නෝනා... ගන්න මේ මාලු.... මේ කෙලවල්ල ගුණයි.... මේ බලය හරි රහයි.... හාල්මැස්සො තියනව පොඩිඅයට හොදයි....., රාජිත ඇමතිතුමාට පිංසිද්ධ වෙන්න තමයි මලයෝ මේ ඔක්කොම"
"හා..හා... දැනුයි මට තේරුනේ...මටත් දියංකො සීයක හාල්මැස්සො?"

"දැං ඉතිං මලේ බයවෙන්න දෙයක් නෑ. පොඩි එකෙකුට කෙල්ලෙකුට උනත් මාලු ලෑල්ලට ගිහිං මාලු ගත්තෑකි. බැක්ටීරියා නැති නිසා ලෙඩ වෙන්නෙත් නෑ"
"ඒ වුනාට අයියේ පොඩිවංස ඇමතිතුමා ප්ලාස්ටික් වලට විරුද්ධ වෙන්න පුළුවං..."
"ඒක නං පුරස්නයක් තමයි...හැබැයි එව්ව ඇම‍රිකාවෙන් නැතුව චීනෙං ගෙනාවනං එතුමා උනත් විරුද්ධ වෙනඑකක් නෑ බං"

71 comments:

  1. එතකොට බයිසිකල් වල ගෙනියන අයටත් ප්ලාස්ටික් දෙනවැයි.


    හුරේ මම අදත් එක.....:D

    ReplyDelete
    Replies
    1. එයාලටත් ප්ලාස්ටික් කූඩ එයි.
      මයිකල් අයියාගේ, ප්ලාස්ටික් ලෑල්ලේ කපනලද, බලමාලු කිලෝවක් ඔබට යථා කාලයේදී නිවසටම ලැබෙනු ඇත :P

      Delete
    2. අයියෝ මම බලමාලු කන්නේ නෑ නේ. බැරිද මයිකල් අයියට පොඩ්ඩක් කියලා තෑග්ග තලපත් 250 කට මාරුකර ගන්න.

      Delete
    3. හරි! ප්‍රස්නයක් නෑ... 500ක්ම දෙන්නං.

      Delete
  2. Replies
    1. මේ පැත්තෙ ආවට ස්තුතියි.

      Delete
  3. දන්නැති කමට අහන්නෙ... දැන් එහෙම දේකුත් පටන් අරන් ද? :D

    ReplyDelete
    Replies
    1. දැක්කෙ නැද්ද රාජිත ඇමතිතුමා කිව්ව කතාව. පෑලියගොඩ මාලු වෙළදපොලේ අලුත් නීතිය! අනිත් ප්‍රදේශ වලටත් ලගදිම එයි.

      Delete
    2. කරන්න බැරි මගුල් කැටයම් දාල පටන් ගන්නව අනේ මන්ද මෙහෙම මොල කාරයෝ..

      Delete
  4. ඒ කියන්නෙ මාලු ලෑල්ල ලග අර ගද නැද්ද??
    ගඳ නැත්තං කෝමද ඒක මාලු ලෑල්ල කියල අඳුන ගන්නෙ../?

    ReplyDelete
    Replies
    1. ගද නැත්තං මාලු ලෑල්ලක් නෙවේ වගේ නේද?

      Delete
  5. කාලෙන් කාලේ ගත වෙද්දි වෙනස් වෙන දේවලුත් තියනවනේ..සංශෝධන කල යුත්තේ නිසි ශක්‍යතා අධ්‍යයනයකින් අනතරුවයි යන මූලධර්මය ලංකාවේ කිසිම අමාත්‍යංශ ලේකම්වරයෙක් දන්නේ නෑ මගෙ හිතේ

    ReplyDelete
    Replies
    1. වැඩපිලිවෙලේ ඒහැටි වැරැද්දක් නෑ. ඒත් ඊට කලින් විසදන්න ඔන ප්‍රශ්න තියෙද්දි මේව කරන එකයි අවුල. අධ්‍යයනයක් කරන්නෙ නෑනෙ මොනව කලත්. කූඩ ප්‍රශ්නය වගේ තමයි මේකත්.

      Delete
  6. යේක මුක්කද තමා වෙලා තීනවා අප්පා ?

    ReplyDelete
  7. මාළුන්ටත් සැන් පවුඩර් දාලා ලස්සනට සුවඳට ලෑල්ලේ ඉන්නවා ඇති නේ

    ReplyDelete
  8. එතකොට ඒකත් එහෙමද.. කුණුහබ්බ කියන්නෙම නැද්ද...?

    ReplyDelete
    Replies
    1. නෑ... මම කිව්වවිදියට දැන් කතාබහ කරන්නෙ.

      Delete
  9. හැබෑටම ඔය මාළු විකුණන හාදයන්ට ට‍යි එකක් දාගන්න කියලා නැතිද ?

    ReplyDelete
    Replies
    1. එච්චරයි අඩු. බ්ලොග් අවකාශෙ යෝජනාවක් විදියට ගේමු.

      Delete
    2. හැබැයි ටයි එක සුද්දන්ගේ.

      Delete
  10. ඔබා අයේ මේ පැත්තෙ එන්න එක චාන්ස් එකක් දෙන්නං... ආයෙ බටහිර පැත්ත බලාන චූකරන්නවත් බෑ හැබැයි ඔ්ං

    ReplyDelete
    Replies
    1. සිංහල හෝඩියෙන් "බ" යන්න ඉවත්කරනව.

      Delete
    2. සිරාවට....!!! එතකොට ඉතිං බොක දාලත් ඉවරයි..

      Delete
  11. හික්ස්..... මරු මාලු ලෑල්ල.ෆ්‍රෙශ් එවුන් වෙන්න ඇති නේද???

    ReplyDelete
    Replies
    1. මේ දැන් අල්ලපු මාලූ....

      Delete
    2. ෆ්‍රෙශ් නෙවේ අක්කා පොශ් මාලු :D

      Delete
  12. මාළු කිව්වම මාව ඩිම් වුනා.... ඇයි බං මෙහෙම ඇමරිකාවට කව්රු හරි බනිද්දි උඹලාත් අනිත් පැත්තට කෑගහන්නේ...

    මිනිහෙකුගේ තනි ආතල් එකට බාධා කරන්නේ නැතුව හිටපං බං... පවුනේ...

    ReplyDelete
    Replies
    1. මාලු කියල ටයිප් කරද්දිම උඹ මතක් උනා.
      මම ආතල් කැඩීමටම උපන්නෙමි!

      Delete
  13. අනේ මෙලෝ රහක් නෑනේ බන් එහෙම් ලෑල්ලකින් මාළු ගත්තම...

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද ඉස්සරහට ඕවයින් තමයි මාලු කන්න වෙන්නෙ.

      Delete
    2. මාළුවල නියම රහා තියෙන්නේ කුණුහරුපත් එක්ක නේ.

      Delete
  14. මාළුන්ට ගිය කල යකෝ එතකොට ඒකට දාන්න වෙන්නේ මාළු කඩේ කියලා නෙවේ වෙන්ටැ ෆිශ් ශොප් කියලා වෙන්ටැ ඇයි යකෝ..

    ReplyDelete
    Replies
    1. ඔව්. නමත් මොඩ්කරල ගන්න වෙයි.

      Delete
  15. මාළු වෙළෙන්දෝ ඔයා මෙයා කියල කතා කරද්දී නිකං සප්සෙට් වගේ වෙයි නේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කාටත් තියන ප්‍රශ්නෙ.

      Delete
  16. ඔලුවට මාලු තොප්පියක් දාගෙන දැල් බැනියමක් ඇඳගෙන හොඳට අනුමත වෙලා බාසාවෙන් මාළු විකුණන්නෙ නැති වුණාම ගන්නත් නිකම් මොකක්ද වගේ.... හැක් හැක්!

    ReplyDelete
    Replies
    1. කුණුහබ්බ නැත්තං මාලු එපා!

      Delete
  17. හෙහ්... අන්න බලපන් ඉතිං ආශ්චර්යට යන ගමන....

    ReplyDelete
    Replies
    1. *&$^%$$ ඔස්සේ ආශ්චර්යට.

      Delete
  18. මේකත් කූඩ කේස් එකක් වෙයිද දන්නෑ, පට්ටයි.

    ReplyDelete
    Replies
    1. ඒවගේ වෙයි මගෙ හිතේ. ප්ලාස්ටික් කූඩ-ප්ලාස්ටික් ලෑලි.

      Delete
  19. ඔය දැන් මාලු කාරයො කුණු හබ්බ කියන්නෙ නැත්තෙ දවසේ වැරැද්දට අහුවෙන නිසාලු........:P

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්. සෝමක්කගෙ සෙට්එක කොහෙං පනිනවද දන්නෑනේ..

      Delete
  20. අපේ පැත්තේ එව්වොන්ටත් ඕක කියන්න ඕන. මේ පැත්තේ තාම පරණ ඉස්ටයිල් එක නේ..

    ReplyDelete
    Replies
    1. කියල බලපං, හරියයි සමහරවිට.

      Delete
  21. අපේ ඇමතිලාට තෑගි දෙන්න වටිනවා..කරන්න වැදගත් දේවල් ගොඩක් තියෙද්දි ඒ අතරින් නොවැදගත්ම දේ තෝරගෙන ක්‍රියාත්මක කරන එකට..ඒකත් ටැලන්ට් එකක් නෙ! නැද්ද මං අහන්නේ!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක්නෑ බං මෙහේ තියන වැඩ. ආතල් විතරමයි.

      Delete
  22. සුදු ඇඳගෙන 'චස්' ගාලා මාලුවට කොටනකොට නියමෙට ඇති නේ.

    මමත් ඉස්සර මාලු ලෑල්ලක කතාවක් ලිව්වා අන්තිම පේලියට. ඉන්න ගිහින් ලින්ක් එක අරන් එනකල්.මෙන්න බඩු.
    http://www.thelastrow.net/2011/08/%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%94-%e0%b6%9a%e0%b6%a9%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කතාව බැලුව. මරුනේ...

      Delete
  23. කාල බලලා ගන්න මාළු
    අලුත් මාළු මුදෙන් අල්ලපු මාළු
    කෙලවල්ලෝ මාළු අපිට කෙලින මාළු :D
    අනේ මගේ කට

    ReplyDelete
  24. පිස්සු කුජීතයි...

    විශ්වාසනීය වෙනසක් !

    ReplyDelete
    Replies
    1. ආශ්චර්යමත් දේශයක්!

      Delete
    2. හිකිස්.. ලැජ්ජාශීලි වචනයක්.. ;)

      Delete
  25. සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුර මග පිය කරු වූ
    සුපිරි වෙනසක් නම් වෙලා තියේ මාවත සොදුරු...

    ReplyDelete
  26. එළ එළ ..පොඩි වංස ආයිත් ගම කාලලු නේද...ජීමේල් කොම්පැනියත් වහලලු ඒ සීන් එකට...

    ReplyDelete
    Replies
    1. ගූගල් බයේ වෙව්ලනවලු.

      Delete
  27. ඔක්කොම ෆ්‍රෙශ් පිට තියෙන හන්දා මාලු ලෑලි වලට මැස්සෝ එන්නෙත් නැතුව ඇති දැන්..

    ReplyDelete
    Replies
    1. ආවොත් මැස්සොන්ට දඩගහනව.

      Delete
  28. ඇමරිකන් ප්ලාස්ටික් චීන ප්ලාස්ටික් වෙනස මොකක්ද අයියෙ?

    ReplyDelete
    Replies
    1. ඇමරිකන් ප්ලාස්ටික්=අධිරාජ්‍යවාදීන්ගේ ප්ලාස්ටික්, ද්‍රෝහී ප්ලාස්ටික්.
      චීන ප්ලාස්ටික්=සමාජවාදී ප්ලාස්ටික්, හිතකර ප්ලාස්ටික.

      දන්නෙ නැද්ද මේ දෙවර්ගයේ ව්‍යුහය පවා වෙනස්.

      Delete
  29. ප්ලාස්ටික් ලෑල්ලේ තියල මාළු කපද්දී කැඩෙන්නේ නැද්ද දන්නෙ නෑ....ප්ලාස්ටික් ලෑල්ල...

    ReplyDelete
    Replies
    1. චීනප්ලාස්ටික් කැඩෙන්නෙ නෑ. ;-)

      Delete
  30. මම හිතුවේ පෝය දවසක මාලු විකුණනවා කියලා. :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හැමදාම වෙන්න තියන සීන්එකක් මේක.

      Delete
  31. තාම දැක්කේ නෑ නොවැ ..... ඔය වර්ගයේ මාළු ලෑල්ලක්

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.

      Delete