Thursday, March 15, 2012

ගොම එක්වූ රුහුණේ මීකිරි!

මීකිරි යයි කියු විට රුහුණත් රුහුණ යයි කියුවිට මීකිරිත් අපේ සිහියට නැගෙන්නේ නිරායාසයෙනි. රුහුණ හා මීකිරි එතරම් තදින් බැදී පවතින්නකි. එහෙත් රුහුණේ මීකිරිවලට අද උදාවී ඇත්තේ නරක කල දසාවකි. මී හරක් කිහිපදෙනෙකු නිසා හිරගෙට යෑමට සූදානමින් සිටින තංගල්ල වජිරගිරි විහාරයේ මිරිස්සේ ධම්මවංශ හිමියන් පසුගිය දිනෙක මේ තත්වය අපූරුවට පැහැදිලි කර තිබිනි.

උපුටාගැනීම http://www.gossip9.com
"දකුණු පළාතේ කිරි ගව සම්පත සීග්‍රයෙන් විනාශ කරමින් පවතිනවා. විශේෂයෙන් රුහුණේ මීකිරි ඉතාමත් ප්‍රසිද්ධ ආහාරයක් බවට පත් වුනා. නමුත් අද ඉතාමත්ම සංවිධානාත්මක විදියට මේ කිරි ගව සම්පත විනාශ කරමින් පවතිනවා. ඇත්තටම දැනට මී කිරි නැහැ. තියන ඒවත් කලවම් කල කිරි තමයි තියෙන්නෙ. කතරගම ඉඳල එනකොට ඔබතුමන්ල දැකල ඇති මී කිරි කඩ විශාල වශයෙන් තිබුනා. නමුත් දැන් එහෙම නැහැ. ඔක්කොම කඩ වහලා. ඉතා සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නෙ. ඒකට ප්‍රධානම හේතුව රුහුණේ මී ගවයන් කොළඹට සහ බේරුවල ට පැටවීමයි. පටවලා අවුරුද්දකට මී ගවයින් 90,000 ක් පමන ඝාතණය කරනවා"

මීකිරි සම්බන්ධයෙන් එම ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය නිවැරදිය. මාතර කතරගම මාර්ගයේ ගමන්කරන ඕනෑම සංචාරකයකු අතරමගදී මීකිරි සහ පැණි රස බැලීමට පෙලඹෙන්නේ "ඔරිජිනල්" මීකිරි ඇතැයි යන විශ්වාසයෙනි. එහෙත් අතීතයේදී මෙන් නොව අද ඇත්තේ නියම මීකිරි නොව "කලවං" මීකිරිය.
අප කුඩාකල මෙම ප්‍රදේශවල නියම මීකිරි තිබූ අතර ඒවා ඉතාමත් අඩු මුදලකට ලබාගතහැකිව තිබුනි. එකල විශාල ප්‍රමාණයේ මීකිරි හට්ටියක් රුපියල් විස්සක් විය. මුදවන ලද එළකිරි වෙනම තිබූ අතර ඒවායේ මිල හරි අඩක් විය. පසුව මිල නොවෙනස්ව තිබියදී හට්ටිය ප්‍රමාණයෙන් කුඩා වූ අතර අවසානයේ තවත් කුඩා කල නොහැකි මට්ටමට ලගාවිය. එය දැන් කොළඹ රුපියල් එකසිය විස්සක් වැනි මිලකට ඇති කිරි හට්ටියකින් හරි අඩක් පමණ විශාලත්වයකින් යුක්ත විය. ඉන්පසු අද භාවිතාවන සිලින්ඩරාකාර "සම්මත" කිරි හට්ටි ඇතිවිය. මේ වනවිට ප්‍රධාන වශයෙන් විශාලත්ව තුනකින් මේවා පවතී. එනම් විශාල, මධ්‍යම හා කුඩා වශයෙනි. විශාල කිරි හට්ටියක් දකුණු ප්‍රදේශවල රුපියල් එකසිය විස්සක් තිහක් පමණ වන අතර මධ්‍යම ප්‍රමාණය රුපියල් සීයකි. කුඩා ප්‍රමාණය රුපියල් විසිපහක් හෝ තිහක් වන අතර එය යෝගට් කෝප්පයකට වඩා මදක් විශාලය.(මෙම මිලගනන් අගනුවරදී මදක් වැඩිය).

කිරි මුදවන ලද හට්ටි වල ප්‍රමාණාත්මක පරිණාමය මෙසේ සිදුවත්දී කිරිවල ගුණාත්මක භාවය හාණිදායක අයුරින් සිදුවිය. මුලින්ම සිදුවූ "දූෂණය" වූයේ හරි අඩක් මිලෙන් අඩුවූ එලකිරි, මීකිරි සමග මිශ්‍ර කිරීමයි. ඉන්පසුව ගම්බද පැවති එලකිරි සහ මීකිරි වෙනවෙනම විකිණීම අභාවයට ගිය අතර "මීකිරි ලේබලයෙන්" එලකිරිද "මීකිරි මිලටම" අලෙවි විය. මෙය "ඔරිජිනල් රුහුණේ මීකිරි" වල අවසානයේ ආරම්භය වූ අතර ඉන්පසු සිදුවූයේ එලකිරි වෙනුවට වතුර ආදේශ වීමය. දැනට ඇති "රුහුණේ මීකිරි" අතරින් වතුර එක් නොකල මීකිරි සොයාගැනීම උගහටය. (පැණිවලට සිදුවූයේද මෙයමය. වෙනසකට ඇත්තේ වතුර වෙනුවට දියකල සීනි හෝ උක්පැණි එක්කිරීමයි.) අනෙක් අතට සෞඛ්‍යට හාණිදායක අයුරින් කිරි මුදවන ගව හිමියන් ගැනද පසුගිය කාලයේ අසන්නට ලැබිනි. සාමාන්‍යයෙන් උණුකරන ලද කිරි තරමක් නිවුන පසු කලින් මුදවාගත් කිරි එක්කිරීමෙන් (මෙය මුහුන් දැමීම යනුවෙන් හදුන්වයි) මුදවා ගැනීම සිදුකරයි. තනුක සල්ෆියුරික් අම්ල එක් කිරීමෙන් කිරි මුදවාගන්නා ගව හිමියන්ද ඇත. මෙහිදී ද ඉතා හොදින් මීකිරි "ඝන" තත්වයට පත්වන අතර කිරිවල ගුණාත්මකභාවය පෙන්වීම සදහා කිරි හට්ටිය "මුනින් අතට හරවා" පෙන්වන වෙළදුන්ගේ කිරිවල පිටුපස ඇති සැබෑ තත්වය එයයි. (මුනින් හැරවූ විට නොවැටී තිබීම විද්‍යාත්මකව ඔප්පු කලහැකි කාරණයකි. කිරි හට්ටියේ ඇති කිරිවල උස සහ පතුලේ වර්ගඵයල ඊට බලපාන සාධකය). මෙම ක්‍රමයෙන් මුදවාගන්නා කිරි වල හාණිදායක බව අමුතුවෙන් විස්තර කලයුතු නොවේ.

තංගල්ල සිට කතරගම දක්වාත් ඇඹිලිපිටියේ සිට නෝනාගම දක්වාත් මාර්ගය අයිනේ ඇති මුදවන ලද මීකිරි(?) වල සැබෑ තත්වය මෙයයි.

එකිනෙකට විරුද්ධ කාරණා වුවද කිරි හා කතාබහ කලයුතු අනෙක් මාතෘකාව මස්ය. ඒ සම්බන්ධයෙන් ගොසිප් 9 අඩවියේ කරුණු දැක්වූ ධම්මවංශ හිමියන්ගේ පැහැදිලි කිරීමට යොමුවෙමු,

"කොළඹ බොහෝ දෙනෙක් දන්නෙ නෑ මේ කන්නේ "මී හරක් මස්" කියලා. හරක් මස් කියල තමයි මිනිස්සුන්ට කන්න දෙන්නේ. ඒ විදියට මී ගව සම්පත විනාශ කරගෙන යන මොහොතක අපි දකුණු පලාතෙ පොලිසි දැනුවත් කලා. මේ රටේ සත්ව පනතක් තියනවා. ඒ සත්ව පනතට විරුද්ධව තමයි මේ විදියට මී ගව සම්පත විනාශ කරන්නේ. ඒ අනුව මී හරක්, එළදෙන්නු වසු පැටවු මරන්න බෑ. වස්සො මැරුවත් එයට පශුවෛද්‍යවරයාගේ සහතිකයක් ඕන"
(Read more: http://www.gossip9.com/2012/03/23.html#ixzz1pAN3s4tq)

උන්වහන්සේ මතුකරන එම කාරණාවද සත්‍යය. 100%ක්ම නොවුවද හරක් මස් සදහා මීහරක් මස් කවන වෙළදුන් ඕනෑතරම් ඇත. කොළඹ පමණක් නොව තනමල්විල වැල්ලවාය වැනි ප්‍රදේශවලට පිට පළාත් වලින් පැමිණෙන්නන් හට "මුවමස්" හෝ "ගෝනමස්" ලේබලය යටතේ අධික මිල ගනන් යටතේ මීහරක් මස් කැවීම සිදුවේ.

කෙසේ වුවත් මෙම අයහපත් කාරණා සදහා කිරි නිෂ්පාදකයන්ගේ ගැටළුද හේතු සාධක වනබව කිවයුතුමය. පෙර මෙන් නොව මේ වනවිට ගවයන් සදහා ඇති තණබිම් ප්‍රමාණවත් නොවේ. කුඹුරු වල අස්වැන්න නෙලාගෙන අවසන්වූ පසු ගවයන් සදහා ආහාර ලැබුනද අනෙක් කාලයන්හිදී තණමලිවිල වැල්ලවාය වැනි ප්‍රදේශවලට ගවයන් ගෙනයාමට සිදුවීම වැනි දෑ උදාහරණය. ගවයන් මැරීමට/ගවමස් වලට විරුද්ධ වන්නන් සිටියද පිරිමි ගවයන් විශාල ප්‍රමාණයක් නඩත්තු කිරීමට සිදුවීම පාඩුදායකය. එබැවින් මස් සදහා ගවයන් විකිණීම ඉහලගොස් ඇත. කෙසේ වුවද කිරි ආශ්‍රිත නිෂ්පාදන වඩ වඩාත් බිහිවී කිරි සදහා හොද මිලක් ලැබෙනතුරු මෙම ප්‍රශ්න ‍විසදේ යයි සිතීම උගහටය.

54 comments:

  1. ඒක නම් ඇත්ත තමයි. අපේ ගමෙත් ඉස්සර හරියට හිටියා මී හරක්. මී කිරි තිබ්බා අම්මෝ අතේ තියන් කන්න පුළුවන්. ඒතරම්ම ප්‍රමිතියට අනුව හදපු නියම මී කිරි. කෑවට පස්සේ හොද කෝප්පේ තෙල් තියෙනව නම් ඒවා තමයි නියම මී කිරි.
    හැබැයි දැන් නම් ගමේ ගෙවල් ටිකකයි කිරි තියෙන්නේ. හිටපු උන් සේරම කොළඹ පටවලා කියලා තමයි තාත්තා නම් කිව්වේ.
    මෙහෙම ගියොත් රුහුණේ අපේ උරුමය අපිට නැති වෙයි.

    ReplyDelete
    Replies
    1. හුරේ මම අදත් එක ඔන්න අයියේ තෑග්ගට කිරි හට්ටියක් එවනවා මිසක් මී හරකෙක් නම් එවනවා එහෙම නෙවෙයි හොදද? :P

      Delete
    2. චැහ්! මී හරකෙක් එවන්න හිතාගෙනමයි හිටියේ. ;-)

      Delete
  2. දැන් ඉතිං හොඳ මී කිරි ගන්නවනං ගෙදර මී දෙනෙක් හදා ගන්න වෙනවා .....
    හැබැයි ඉතිං මේ දවස්වල හොඳ මී හරකෙක් නං උම්බෑ කියනවා සද්දෙට .....

    ReplyDelete
    Replies
    1. අපි මීකිරි ගන්නෙ ඉතාමත් සුළු පරිමාණයෙන් කිරි නිෂ්පාදනය කරන අයගෙන්. එයාල ආර්ථික ලාභයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි කර්මාන්තය කරන්නෙ. එයාලගෙන් විතරයි හොද කිරි ගන්න පුළුවන්.

      Delete
    2. මචං ඔරිජිනල් මී කිරි වල මාර රසක් බං තියෙන්නෙ, කටට කෙලත් උනනවා, උඹලට නං ඒ චාන්ස් එක තියනවා, අපේ පැත්තෙ කොහෙද ඉතිං මී කිරි හදන්නෙ .....

      Delete
    3. උගෙන් වැඩක් නෑ බං. ඌ පුෂි කරල තමයි ලොක්ක වියගහේ බැන්දෙ. දැං ඌ වගේ වගක් නැතුව මඩ කාගෙන හානව අනුන්ට වී වපුරන්න.

      වැස්සි නං හොඳා.

      Delete
  3. රුහුණේ හොඳ මී කිරි අභාවයට යන්න පටන් අරන් සෑහෙන කාලයක් වෙන්නැති රාජ්. 1970 ගණන් වලත් මම දැක්ක මඩකළපුවෙ ඉඳන් එන කෝච්චියට S K Mathara කියල ලේබල් ගහපු කිරි හට්ටි තොග පිටින් එරාවුර් ස්ටේෂන් එකෙන් පටෝනව

    ReplyDelete
    Replies
    1. හ්ම්. වෙන්නැති. හැබැයි අපි පොඩිකාලෙ අදට වඩා හොද කිරි තිබුන.

      Delete
  4. මමත් මාරම කැමති කෑමක් තමයි....රාජ් අයිය පෙන්නල දුන්න වගේ දැන් මීකිරි අඩුයි නේද.....මේවට නිසි ක්‍රියාමාර්ග නොගත්තොත් පාඩුව අපිටමයි......මම කන්න ආසම කිරි එඳේ....

    ReplyDelete
  5. ඒක තමයි එහෙනම් මීකිරි වල රස අඩුවෙන්න හේතුව. අපේ ගම් වලත් කුඹුරු යායවල් වල හිටපු හරක් සෑහෙන්න අඩුයි දැන්.

    ReplyDelete
    Replies
    1. කිරිපුතාලට හරක් හිටියෙ නැද්ද? මම හිතුවෙ ඉන්න ඇති කියල. ;-)

      Delete
  6. එලි කිරි පෝස්ටුවක් නොවැ..

    ඔය මුට්ටිය අනිත් පැත්ත හරවන සීන් එක මටත් කරල පෙන්නුවා.. අපි හිතුව විදිහ වැරදි නොවැ.. ඇත්තටම එවලෙ විද්‍යාව අමතක වුනා..

    ජය !

    ReplyDelete
    Replies
    1. එලකිරි මීකිරි පෝස්ටුව. හට්ටියෙ මැජික් එකට අහුවෙන්න එපා.

      Delete
    2. ආයේ අසු නොවෙමි.. හිකිස්

      Delete
  7. මම ආසම කෑමක් තමයි :D

    ReplyDelete
  8. පෝස්ට් එක එකපාරටම දැක්කහම අපි ගැස්සුනෙමු.අපි හිතුවේ අපේ බ්ලොග් එකට පට්ටවිචාරයක් දීලාය කියාය.හාහ්!!! බලන්න මේ වෙළෙන්දා කරන ජඩ වැඩ.මුං ජාඩි දාන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අහ්! මට අමතක උනානේ. උඹල ගැස්සෙනඑක පුදුමයක් නෙවේ. පිංතූරෙත් ඒකමයිනේ බොල! මට ගූගල් දෙයිය දුන්නෙ.

      Delete
  9. මාතර මී හරක් නැති වුණාට උන් ඔක්කොම ටික එක පාර දැක ගන්න පුළුවන් පාර්ලිමේන්තුවට ගියොත්

    ReplyDelete
  10. ඇත්ත.. මම ගිය අවුරුද්දේ කතරගම ගිය වෙලේ ගත්ත මී කිරි වල තිබුනේ ඊට අවුරුදු 3 කලින් තිබුනට වඩා වෙනස් රසයක්..

    ReplyDelete
    Replies
    1. ඒකතමයි. එන්න එන්නම වෙනස් වෙනව.

      Delete
  11. ඇත්තටම ඉස්සර පොඩි කාලෙ ලංකාවෙ ඉන්නකොට තාත්ත ගෙනාපු කිරිහට්ටි වල තිබුන මී කිරියි,දැන් ලංකාවට ගිහින් කන මී කිරියි වර්ග දෙකක්....අපි කතරගම පැත්තෙ යද්දි උනත් ඒ තියන මී කිරි වල රස වෙනස්......
    දකුනෙ කට්ටිය මේ ගැන මොකද කියන්නෙ? කවුරුත් එකතුවෙලා මොනා හරි කරන්න හිතුවොත් හොඳයි නේද? මී කිරි වෙනුවෙන් මගෙන් ඕනෙම සපෝට් එකක්....!!

    ReplyDelete
    Replies
    1. කිරිගව හිමියන්ගෙ තියන ප්‍රශ්න විසදෙනකං එයාලගෙ කිරි වලට හොද මිලක් ලැබෙනකන් තත්වය තවත් නරක්වෙනව මිසක් හොද වෙන්නෙ නෑ.

      Delete
  12. මචං 1948 යුදෙව්වෝ බලෙන් ඇවිත් පදිංචි වෙනකොට ඊශ්‍රායලය කියන්නේ කාන්තාරයක්. අද කිරි වලින් ස්වයංපෝෂිතයි. කිරි වලින් නිපදවන සෑම නිශ්පාදනයක්ම නිපදනවා පමනක් නොවෙයි. කිරි නිශ්පාදන පමනක් ඇති වෙළඳසල්ද බොහෝ තියෙනවා. ඒවගේම මාර ලාබයි. මගේ යාළුවෝ මෙහේ ආවම අපි පිටි කිරි බොනව දැක්කම උන් හිනා වෙනවා. අපේ තාත්තලා සුද්දො හිටියනම් මීට වඩා හොඳයි කියන්නේ ඒකයි. මේ රටේ හැම දේම නැති වෙනවා. එකදෙයක් ඇර. පාළනයට එන නොමබර එකේ මදාවියෝ ටික එන්න එන්න වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඊශ්‍රායලයෙ කිරි තියනව කියල මම දැනගෙන හිටියෙ නෑනේ!

      Delete
    2. ෙමා්ෙලා් උන්ට වතුර නැති උනත් මාළුත් හදනවා ප්ලාස්ටික් ෙපාකුණුවලට වතුර පුරවලා.Israel Carp කියන්ෙන් උන්ට

      Delete
    3. හරි හරි... දැනගත්ත. හරිනේ...

      Delete
  13. කිරි සීන් ඔක්කමත් හරි කියමුකෝ..ඉවසන්නම බැරි ගෙදරට කිරි එකක් ගෙනාපුවහම අක්කලා නංගිලා ඒක මූනේ උලා ගන්න එකනේ

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ්... සෑම නං ලියල තිබුන ඕක ගැන.

      Delete
  14. ඇත්තට රාජ්... අපේ පැත්තෙත් මී කිරි විකුණන්නේ 'තිස්සමහාරාමයේ මී කිරි' කියලා මචං...

    ReplyDelete
    Replies
    1. මම ලගදි වාද්දුවෙ වෙඩිමකට ආව. ඒ හොටෙල්එක ඉස්සරහ තියන පොඩි කඩේක ගහල තියනව "වීරකැටියේ මීකිරි" කියල.

      Delete
  15. ඇත්තට ම බැලුවොත් ලොකු ප්‍රශ්නයක් තමයි. ඒත් හැම ප්‍රශ්නෙකට ම වඩා ජිනීවා ලොකුයි නේ අයියේ. සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රශ්න වෙන දේවල් ලොක්කොන්ට ප්‍රශ්න නෙවෙයිනේ!
    …අපි පුංචි කාලේ පොලොන්නරුවේ තිබ්බා නියම මී කිරි. අපිත් සැරයක් ළඟදි ඇඹිලිපිටියෙන් ගෙනාවා මී කිරි. ඒත් හරි වෙනස් තමයි ඒවා....

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. ඇමරිකන් කාරයා කුමන්ත්‍රණ කරන අස්සෙ අපි මීකිරි රස හොයනව;-)

      Delete
  16. ඔය මී කිරි විකුනන කඩයක් තිබ්බලු! ඕකෙ අයිතිකාරයගේ පුතා මෙලෝ රහකට නැති කිසිම වගකීමක් නැති කරාබු දාලා ඩෙනිම වැටෙන්න ඔන්න මෙන්න ඩයල් එකක් ලු! තාත්ත කෑමට යනකං මූව කඩේ තිබ්බලු ටිකකට!වාහනයක් ඇවිත් නවත්තලා ගනං හිලව් අහලා ඇහුවලු මල්ලි මේවා හොඳයි නේද කියලා..මූ ගත්තු කටටම කිව්වලු අහන්න දෙයක් නෑ අංකල් ආයි එලකිරි තමයි කිව්වලු! :D ආපු එකා එහෙමම වාහනේට නැගලා යන්න ගියාලු !

    ReplyDelete
    Replies
    1. :D
      මීකිරි වලට එලකිරි කිව්වම කයිද.

      Delete
  17. පොඩි කාලේ අපේ කිරි අම්මගේ ගෙදර ගියාම මී කිරි හදනවා බලා ඉඳලා තියෙනවා.කෑවා නම් මතක නෑ.
    කොටින්ම අදටත් මම කිරි කාලා නෑ. ඒත් මෙහෙදි කිරි සම්බන්ද හැම කෑම ම කනවා. හිටි ගමන් යෝගට් වලට පැනි දාලත් කනවා. ඒත් කවමදාවත් ලංකාවෙදි කිරි සම්බන්ද කිසිම කෑමක් කාලා නෑ.
    පසුගිය දවසක පොලොන්නරුවෙන් දකුනට කිරි ගෙනියන බස් එකක් දැක්කා. එවෙලේ ඒක වෙන කෙනෙක් කීවා නම් මම විශ්වාස කරන එකකුත් නෑ. ඒත් රුහුණේ මී කිරි කියලා අන්තිමට අපේ අය කන්නේ අර පොලොන්නරුවේ කිරි. ඒක අපිට පොලොන්නරුවෙන්ම කොළඹට ගෙන්නන්න තිබ්බනේ රුහුණට නොගිනිහින්... ලංකාවේ මාකටින් වල අවුලක් තියෙනවා. බොරුව හරහා ඒක මාකට් කරන හින්දා.
    නැත්නම් යුරෝපියන් රටවල කිරි නිශ්පාදන වගේ ලංකාවෙත් හොඳ කිරි නිශ්පාදන හදන්න අපිට බැරිකමක් නෑ. අනික මේ රටවල් වල අවුරුදු ගනන් පරණ පිදුරු/ කෘතිම කෑම කන හරක් අතරයි ඔහේ නැවුම් හා (කාබනික්) තනකොල කන හරක්ගෙයි කිරි වැඩියෙන් රස වෙන්න එපැයි....
    මම නම් කවුරු හිනා වුනත් ලංකාවට එනකොට කිරි ටින් එකකුත් ඩුබායි වලින් අරගෙන මයි එන්නේ. (මොකද මෙහෙ පිටි කිරි මිලට ගන්න නෑ. ) වෙන ඕනෙම කිරි එකක් බිව්ව ගමන් වමනේ දාන හින්දා....

    ReplyDelete
    Replies
    1. දැන් පැහැදිලියි තත්වෙ මොකක්ද කියල. පොලොන්නරුවෙන් මෙහාට කිරි එනව කියල හිතන්න බෑ.(ඒ කියන්නෙ අපේ පැතිවලට). හැබැයි ගාල්ල මාතර දක්වා එනව වෙන්න පුළුවන්.

      Delete
  18. අපි කාලයක් තිස්ස මහාරාමේ හිටියා. ඒ කාලෙනම් නාන්න තරම් කිරි හම්බ වුනා. මේ කියන විදියට දැන් නම් ඇහැට දකින්නත් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. කිරි නං තියනව. ඒත් කොලිටිය බාලයි.

      Delete
  19. මම ආසයි අර චූටි හට්ටිවලට දාලා තියන මීකිරිවලට. ඒක හරි හොඳ අදහසක්. රෑ කෑමකදී සුද්දන්ට ඒ වගේ චූටි හට්ටිවලට කිරි දාලා දෙන්ට තිබුනා නම් කියලා හිතුනා දැක්ක වෙලාවේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අදහස හොදයි. කිරිත් හොද වුනානං.

      Delete
  20. ඉස්සර කතරගම යද්දී අපිත් ගෙදරට මී කිරි හට්ටි අරන් එනවා.. දැන් නම් ගේන්නෙ නෑ.. දැන් කිරි හොඳ නෑලු. කොහොමටත් මගේ නම් වැඩි ආසාවක් නෑ මී කිරි වලට...

    ReplyDelete
  21. ඒත් කුඩා ප්‍රමානේ ගව පට්ටි තියෙන අපේ ගමේ හිටපු ගමන් හොඳ කිරි හම්බවෙනවා.දානේ ගෙදරකට කියල කිවුවොත් වෙනදට වඩා වතුර අඩුකරලා හදල දෙනවා.

    ReplyDelete
    Replies
    1. මාත් කරන්නෙ ඒ වැඩේ තමයි. පොඩි එවුන් විතරයි හොදට කිරි හදන්නෙ.

      Delete
  22. තාත්තගෙ යාළුවෙක් ඔන්න ඔය ගල් ඔය පැත්තෙන් නම් අවුරුද්දකට පාරක් එවනව කලයක් විතර විසාල කිරි මුට්ටියක්. අන්න ඒවනං ටොප් බඩු ! මෙහේ කොහේද මචං මී කිරි කඩේ බෝඩ් එකේ මිසක්. කිතුල් පැණිවලටත් කිතුල් හකුරු ඒ සන්තෑසියමයි. මං මේ පහු ගිය දොහක කේ.වී.සී උන්ගෙ කිතුල් පැණි බෝතලයක් අරං ගියා ආසාවට කන්න. හප්පච්චියේ ඇඹුලයි පොල් පැණියි සීනියි කවලං කරලද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මට නං පොල්පැණි හොදයි කිතුල්පැණි වලටත් වැඩිය. හැබැයි ඔරිජිනල් බඩු.

      Delete
  23. මට නං තාම එළ කිරි මී කිරි රසෙන් අඳුරන්න පුළුවං ඒ වගේම කිතුල් පැණි පොල් පැණි....ගිය පාර ඇඹිලිපිටිය හරියෙදි කිරි මුට්ටියක් ගත්තා..ගෙදරටම ඇවිල්ලා බහිනකොට ලොකු දුව අඩිට තියලා බැස්සේ කිරි මුට්ටියට...රස බලලා ගත්ත කිතුල් පැණි කෑවේ පොල් එක්ක අන්තිමට....

    ReplyDelete
    Replies
    1. දැනුයි මට මතක් උනේ. අපි ටියුෂන් යනකාලෙ තිබුන කතරගම කොළඹ බස්එකක් චන්ද්‍රලේඛ කියල. ඒකෙන් කතරගම ඉදල කොළඹට කිරි ගෙනියන වැඩෙත් කලා. බස්එක සුපිරි ස්පීඩ් එකකින් යනනිසා අපි ඒකෙ යන්න මාර ආසයි. දවසක් අපේ සෙට්එක ඔය බස්එකට නැගල බහින්න හදනකොට වාඩිවෙලා හිටිය එකෙක් අඩිය තිවුවෙ කිරිහට්ටි ටිකක් උඩට. වෙලාවට කවුරුවත් දැක්කෙ නෑ.

      Delete
  24. ඔය අපේ පන්සලේ හාමුදුරුවෝ අයියේ :))

    ReplyDelete
    Replies
    1. උඹලගෙ? මට උඹේ මේල්එක එවපං. උඩ තියන මගේ මේල්එකට.

      Delete
  25. සල්ලි එපා හොඳ කිතුල් පැණි එක්කෙනෙකුට 50ml දෙන්නම් කාලා බලන්න sample

    ReplyDelete