Wednesday, September 7, 2011

කෙල්ලො දාගන්න අලුත්ම ක්‍රමේ මෙන්න! (කෙල්ලන්ට විශේෂයි).

දුරකථන මාර්ගයෙන් කෙල්ලන්ව ඇල්ලිල්ල කාලයක් තිස්සේ වෙන දෙයක් කියලා හැමෝම දන්නව ඇතිනේ.
ඔන්න දන්නෙ නැති නම්බර් එකකට මිස් කෝල් එකක් නැත්නම් කෝල් එකක් අරගෙන එතන ඉදලා වැඩේ ගානට ගෙනියන්න අපේ අයියල මල්ලිලා දස්සයොනෙවැ.
ගිය සතියෙ ලංකාදීපෙ තිබුනා මේ විදියට රැවටිච්ච කෙල්ලෙක් ලක්ෂ ගානක රත්තරන් බඩු, සල්ලි නැතිකරගත් කතාවක්.
ඔය ක්‍රම දැන් දැන් ගොඩාක් දියුණු තත්වෙට පත්වෙලා තියෙන්නෙ.
මගේ යාලුවෙක් කරන වැඩක් තමයි මේ.
ඔන්න මෙකක් හරි නම්බර් එකකට කතා කරලා කියන්නෙ මෙහෙමයි.
(තරමක් සැරෙන්).."කෝ.. නිමල් ඉන්නවද? අන්න සිමෙන්ති ලෝඩ්එක එව්වා. බාගන්න කියනව!"
එතකොට (මෝඩ)ගෑණියෙක් හරි කෙල්ලෙක් හරි හිතන්නෙ මුදලාලි(කොල්ලෙක්)කෙනෙක් කතා කරනව කියලනේ. පිරිමියෙක් කතා කලත් අවුලක් නෑ රෝන් නම්බර් කියල තියන්න පුළුවන්නෙ.
දැං ඔය ක්‍රමෙත් ටිකක් විතර පරණවෙලා. ඊටත් වඩා අලුත් ක්‍රමයක් මට කිවුව මගේ තව යාලුවෙක්.
ඌට ලැබිල තියනව කෙල්ලෙකුගෙ නම්බර් එකක්. වැඩේට එන්ටර් වෙන්න ක්‍රමයක් කල්පනා කරලා අන්තිමට ගැහුව මැසේජයක් මෙහෙම
"අම්මේ මට තවත් ගෑණු හොයන්න එපා. මම මේ ඉන්න විදියටම ඉන්නම්."
අනේ අම්මෝ ...දුකේ බෑ. බලන්න කොච්චර හොද කොල්ලෙක්ද මේ වේලි වේලි ඉන්නෙ!
විනාඩි පහක් ගියතැන වැඩේ සැට්. කොහොමද ක්‍රමේ?...:D
ඔය සිද්ධිය දැනගෙන සතියක් ගියේ නෑ මගේ නෝනගෙ බෑග් ෆෝන් එකට එනව මැසේජ් එකක් මෙහෙම(ගෑණියෙකුටවත් ඉන්න දෙන්නෑනෙ මුං!),
"තාත්තේ ඔයා කුඩම්මත් එක්ක සතුටින් ඉන්න. මං ගැන හොයන්න එපා, මම කෑම්ප් එකේම ඉන්නං"...:P
බලන්න... මෙතනත් කොල්ල කරපු කැප කිරීම. මං හිතන්නෙ සිරිසගබෝ රජ්ජුරුවන්ටත් වැඩිය හොද කොල්ලෙක් මේ?
ඕං ඔච්චරයි කතන්දරේ. ඉස්සරහට මේගොල්ල තව තව ක්‍රම හොයාගනීවි.
අවවාදයයි! මෙවැනි මැසේජ් වලට දක්වන අනුකම්පාව භූමිකම්පාවක් වියහැක!.
පහලිං මොනවහරි කොටල යන්න.
ගිහිං එන්නං.

20 comments:

  1. අවවාදයයි! මෙවැනි මැසේජ් වලට දක්වන අනුකම්පාව භූමිකම්පාවක් වියහැක!

    අනිවා.. කතාව ඇත්ත.. ඒ උනාට මගේ යාලුවෝ ගොඩක් ඉන්නවා ඔය වගේ මිස්ස් චාල්ල් දීල ඇදගෙන නාපු උන්... එකෙක් ඉන්න්නවා අගුරු වගේ කැල්ලක් එක්ක සෙට් වෙලා ඔය ෆොනේ මගුලක් හින්ද..?
    මීට පස්සේ ඔය වගේ වැඩක් කරන උන්ට කියන්නේ ලොබ නැතුව 3G call එකක් ගනින්. හේ හේ ..!

    ReplyDelete
  2. ඒ පැත්තෙන් බැලුවත් හරි තමයි. ඒත් වැඩිපුර වෙන්නෙ අනිත් පැත්ත.

    ReplyDelete
  3. අවවාදයයි! මෙවැනි මැසේජ් වලට දක්වන අනුකම්පාව භූමිකම්පාවක් වියහැක!
    නියම ලිපියක් . .. මේ වගේ කස්ටිය දැනුවත් කරන එක හොඳයි.
    ජය

    ReplyDelete
  4. අර පත්තරේ තිබ්බ සිද්දිය මමත් කියෙව්වා.මෙහෙමත් මෝඩ ගෑණු ඉන්නවද අෆ්ෆා.මෝඩකමට ඔහොම වෙලා මදි.

    ReplyDelete
  5. අපේ එව්වොන් කොහෙන් හරි ක්‍රමයක් හොයා ගන්නව නේ... ඒත් අවුල අපේ කෙල්ලොත් ඕවට අහුවෙනවනේ හෝල් සේල්...

    ReplyDelete
  6. අප්පා මේ ගෑනු අයගේ මෝඩකම බලන්නකෝ ;)

    ReplyDelete
  7. මල්ලි ඕකේ අනිත් පැත්ත තමයි සමහරු එහෙම මිස් කෝල් එකක් එනකල් බලං ඉන්න අය වීම...

    ReplyDelete
  8. වැදගත් ලිපියක්.... කොහොමත් සමහර අය ඔය තරම් මෝඩ වෙන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ...

    ReplyDelete
  9. මමත් පහු ගිය දොහේ ලංකාවෙ ඉන්න ගමන් මට ආවනේ මැසේජ් එකක් "යකෝ මගෙන් ඉල්ලන් ගිය කලිසම ගෙනත් දියන් කියලා....!"

    ReplyDelete
  10. ඒ දැනුවත් කිරීම හොඳයි ..ඒත් ඔතන මාරයා අයියා කියාපු දේත් වෙනවා අඩු නැතිව ..

    අපෙත් එකෙක් ඉන්නවා කෙල්ලකගේ නම්බර් එකට කෝල් කරලා හෝ ගාලා අඬනවා ..කෙල්ල මොනා ඇහුවත් අඬනවා ..අන්තිමට අඬන්නේ ඇයි කියලා කියන ගමන් කෙල්ල සමග හාද වෙනවා .. මෙවුවා දේව රහස් බ්ලොග් බලන අයට විතරයි මම කියන්නේ ..

    ReplyDelete
  11. දුකා
    බොහොම ස්තුතියි දුකා අයියෙ මේපැත්තෙ ආවට.
    නදී
    මේවගේ තුට්ටු දෙකේ රැවටිලි වලට අහුවෙන්නෙ එච්චර අධ්‍යාපනයක් නැති, අඩුම ගානෙ රටේ ලෝකෙ මොනවද වෙන්නෙ කියල දැනගන්න පත්තරයක්වත් බලන්නෙ නැති තරුණියන්.
    පිස්සා පලාමල්ල
    ඒක නං හරි. මේ ක්‍රම අප්ඩේට් වෙනවා හරියට සොෆ්ට්වෙයාර් අප්ඩේට් වෙනව වගේ.
    ChammA
    ඒකනේ...ආ... උඹ දීපු එච්.ටී.එම්.එල්. කෑලි වලිං දැං මම වැඩගන්නවා.
    මාරයාගේ හෝරාව
    ඔව් මාරයියේ ඒකනෙ මේවගේ වැඩ වෙන්නෙ. අඩන්න බලාගෙන ඉන්න කස්ටිය ඕනතරං ඉන්නවා.කවුරුහරි ඇහැට අනිනකං.
    දේවා ගේ අඩවිය
    මෝඩකමට බේත් නෑනෙ.
    දුමී
    :D
    බොහොම ස්තුතියි දුමී අයියෙ ආවට.
    හිස් අහස
    නරකද ඌ ගැන පෝස්ට් එකක් ලිවුවොත්.

    ReplyDelete
  12. අනිවාර්යෙන්ම අනුකම්පාව බූමිකම්පාවක් වෙනවා සුවර්.
    ඒත් මේ ක්‍රමයක් දෙකක් අත්හදා බලන්න ආසයි.

    ReplyDelete
  13. මධුරංග
    හික්! කමක් නෑ ඕන දෙයක් පරිස්සමට. මම මොකුත් කිවුවෙත් නෑ ඉගැන්නුවෙත් නෑ, බ්ලොග් එකක මොකුත් දැම්මෙත් නෑ ඕං...

    ReplyDelete
  14. මට නං එක පාරක් රෝං නම්බර් එකකින් කෝල් එකක් ආවොත් මම සේව් කර ගන්නවා ඒක රෝං නම්බර් එකක් කියලා .....

    හොඳම වැඩේ මිස් කෝල් වලට වැඩක් නැති එස් එම් එස් වලට රිප්ලයි නොකර ඉන්න එක .......

    ReplyDelete
  15. අම්මපා මෙහෙමත් කෙල්ලො

    ReplyDelete
  16. අම්මපා මෙහෙමත් කෙල්ලො

    ReplyDelete
  17. අපේ සෙට් එකෙත් ඉන්නවා ඔය වගේ කොල්ලො, හැබැයි ඔහොම සෙට් වෙලා පවුල් කන අයත් කලාතුරකින් ඉන්නවා.

    ReplyDelete
  18. අම්මෝ හොඳයි

    ReplyDelete