Monday, September 26, 2011

මෙහෙමත් උදව්.

සතියකට පස්සෙ ජාලෙට ආව නිසා කියවන්න බැරිවුන පෝස්ට් ගොඩක් කියෙව්වා.කොමෙන්ටු දාන්න නං ඒ හැටි වෙලාවක් තිබුනෙ නෑ. ලියන්න හිතාගෙන හිවිය දේශපාලන පෝස්ට් එකත් කම්මැලිකම නිසා අතාරල දැම්ම. ඒ නිසා දාන්න යන්නෙ ඉස්කෝලෙ යන කාලෙ මම කරපු ගොංකමක්.
අපට කෙනෙක් උදව්වක් කලාම ඊට ප්‍රතිඋපකාරයක් කරන එක හොද පුරුද්දක්නේ. මේක මං කරපු ප්‍රතිඋපකාරයක්. ඒ දවස්වල මං හිටියෙ දහයෙ පන්තියෙ. අවුරුද්ද කියනවනං එක්දාස් නවසීය අනූ පහ. ඒ කාලෙ මම ගණිතයට ඉතාම දුර්වලයි. කොච්චර දුර්වලද කියනව නං මම එක වසරෙ ඉදලා එකොලහ වසරෙ මැද වාර විභාගෙ වෙනකං ගත්තෙ ලකුණු හතලිහට අඩුවෙන්...:D (එකොලහේ අන්තිම වාරෙ වෙනකොට ලකුණු පනස් ගනනක් ගත්ත මට මතක විදියට.)කොහොම උනත් අනිත් විශයන් වලින් ස්කෝර් කරපු නිසා හැම වාරයකදීම පන්තියේ 5 න් පහලට වැටුනෙත් නෑ.
හරි කතාවට බහිමුකෝ...
දහයෙ පන්තියෙදි සතියෙ එක දවසක ඉස්සෙල්ලම ගනං පීරියඩ් එක තිබුනා. ඒ කාලෙ ගනං උගන්නපු සර් වේවැලෙන් ලමයි යහමගට ගන්න පුළුවන් කියල හිතපු කෙනෙක්. ඉතින් ගෙදර වැඩ කරල නැති අය කරන්නෙ උදේම කාගෙහරි පොතක් අරගෙන කොපි පේස්ට් කිරීම තමයි. මේ නිසා කස්ටියටම පොත් හොයාගන්න එකෙත් ලොකු ප්‍රශ්නයක් තිබුනෙ බහුතරය මගේ ජාතියේ එවුන් වීම නිසා. ඒ නිසා ගෙදර වැඩ ටික එදාම කරපු කෙල්ලෙකුගෙ(නම රේණුකා) පොත ගෙදර ගෙනිච්චා.. එදා දීලා තිබුනෙ සමගාමී සමීකරණ වගයක් විසදන්න. මංතුමා ඕන්න කොපි පේස්ට් පටන්ගත්තා. පළවෙනි ගාන තියෙන්නෙ මෙන්න මේ විදියට
x+y=10
3x+2y=25
ඉතින් රේණුකා මේක හදන්න පටන් අරගෙන තියනව මෙහෙම,
x+y=10-----(1)
3x+2y=25-----(2)
(1)x3 -> 3x+3y=30---(3)
...................
...................
මෙහෙම බලාගෙන යනකොට මට තේරුනා මෙතන තියන වැරැද්ද. ඒක ඒ වෙලාවෙ මට ඇරෙන්න අයින්ස්ටයින්ටවත් හොයාගන්න බෑ. පළමුවෙනි සමීකරණෙ නම් කරල තියෙන්නෙ (1)කියලා. ඊට පස්සෙ (1)x3 කියන එකේ 3 ඉලක්කම රවුම් කරල නෑනෙ. එකේ ඉලක්කම වටේ රවුමක් ඇන්ද නං 3 වටේත් රවුමක් තියෙන්න ඕන කියල ඕන මෝඩයෙකුට තේරෙනවනේ..:) බලනකොට හැම ගානකම මේවගේ රවුම් කරල නැති ඉලක්කමක් තියනව. ඉතිං මංතුමා කලේ කළු පෑනක් හොයාගෙන(එයා ගනං හදල තිබුනෙ කළු පෑනකිං) අර දැරිවිටත් උදව්වක් විදියට හැම ඉලක්කමකම වටේට රවුම් ඇදපු එක. බලන්න උදව්වක් කලොත් ප්‍රතිඋපකාරයක් ලැබෙනවමනේ...
ඊට පස්සෙ දවසෙ වීරය වගේ රේණුකාට පොත දුන්නෙ එයාගෙ වැරැද්දත්, වැරැද්ද නිවැරදි කල ආකාරයත් පැහැදිලි කරමින්.
ඒකට එයාගෙ ප්‍රතිචාරය මුළුමනින්ම දාන්න කීබෝඩ් එකේ තියන අකුරු ප්‍රමාණවත් වෙන්නෙ නෑ. ඒ නිසා ඒක දාන්නෙ නෑ. ප්‍රතිචාරය දක්වල ඉවරවෙලා රේණුකා කලේ බ්ලේඩ් එකක් අරගෙන මංතුමාගෙ එඩිට් කිරීම් අන්ඩූ කරපුඑක.
එදායින් පස්සෙ මම කවදාවත් අනුන්ගෙ පොත් ගත්තෙ නෑ කොච්චර ගුටිකෑවත්.
හැබැයි පස්සෙ කාලෙක (සාපෙල කරපු අවුරුද්දෙ මැදහරියෙ වගේ) මට ගණිතය විෂය කොච්චර වැදුනද කියනවනං උසස් පෙල කලෙත් ගණිත අංශයෙන්.
එහෙනං ගිහිං එන්නං කොමෙන්ටුවක් ආ... ඕන නෑ. ඉල්ලන්න හොදනෑ.

14 comments:

  1. මාර වැඩ තමයි කරලා තියෙන්නේ.
    උදව්ව තමා වැඩේ කාලා තියෙන්නේ.

    ReplyDelete
  2. ඒත් මම ඒක කලේ උදව්වක් කියල හිතල බං.

    ReplyDelete
  3. ඕකනේ ඉතින් සීමාවක්‌ සහිතව උදව් කරන්න ඕන කියන්නේ.. :P

    ReplyDelete
  4. ඕන්නැති වැඩ කරන්න යනවනෙ ඉතින්!

    ReplyDelete
  5. හික්ස්ස්..... වඳින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටිලා....... :D :D

    ReplyDelete
  6. ගණිතය කියන්නේ මහ භයානක විශයක් මට ඔය තියන ගන්ං දෙකත් නිකං මෙවුවා මෙවුවා වාගේ ..

    ReplyDelete
  7. මම හිතන්නේ පස්සේ රේනුකා ගනන් ටික හරියටම කියලා දිලා වගේ නැත්නම් ඉතින් ඕලෙවල් මැද වෙනකන් මැත්ස් නාපු කෙනා ඒ ලෙවල් මැත්ස් තොර ගනිවිද ?? හොරෙන් කියන්න්කෝ එහෙම නේද උනේ

    ReplyDelete
  8. හොද වෙලාවට වැරැද්ද හැදුවයි කියලා කෙල්ලට කිව්වේ... නොකියා හිටියනම් බ්ලොග් පිටුවක් පුරවන්න දේවල් අහගන්න තිබුනා....

    ReplyDelete
  9. ChammA
    මොනවා කරන්නද ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දන්න බැරිය කියනවනේ.
    විසිතුරු | visituru
    උඔල කවුරුත් කියන්නෙ ඕකනෙ!මගේ විශිෂ්ඨ සොයාගැනීම ගැන මොකුත් කතාවක් නෑ.
    මහි
    රේණුකාගෙ.:)
    හිස් අහස
    හෑ... මම හොදයිනෙ එහෙනං..
    දේවා
    එහෙම දෙයක්ම නෙවේ, මට හොද ටියුෂන් සර් කෙනෙක් හම්බවුනා. ඊට පස්සෙ තමයි හරිගියේ. රේණුකා සාපෙල පාස් උනේ යන්තමින් වගේ.මට මතක විදියට ඒකි විෂයන් පහක්ද කොහේද පාස් වුනේ. දෙපාරකට තමයි විෂයන් හය පාස් කලේ. ඊට පස්සෙ එක සැරයක් උසස්පෙළ කලාද කොහෙද දැනට අවුරුදු දහයකින් විතර දැක්කෙ නෑ. දැක්කත් මාව අදුරගන්න එකක් නෑ.(මොකද ඒ කාලෙ ඉදපු එකා නෙවේ දැන් මම(ශාරීරිකව))
    Dinesh
    මට ඕක කල්පනා වුනා පෝස්ට් එක ‍ටයිප් කරද්දී.එහෙම උනානං බර ගානකට කන්න වෙනවා.මොකද රේණුකා වැරැද්ද හැදුවට පස්සෙත් අපේ එවුන් වගයක් ඒකෙන් කොපි පේස්ට් කලා මතක විදියට.

    ReplyDelete
  10. බලන්න කොයි තරම් හොඳ යාළුවෙක්ද? මාර උදව්නෙ කරල තියෙන්නෙ... :P

    ReplyDelete
  11. නලිනි චන්දිමා
    අපි එහෙමයි උදව් කරන්නෙ...උදව් කරන්නෙ... උදව් කරන්නෙ...//

    ReplyDelete
  12. පාඩුවේ හිටියනං ඉවරනේ ........

    ReplyDelete
  13. අෙන් බං රාෙජා්.. උඹට ඒ දවස් වල කෙමන්ට් සාපිපාසාවක් තිබිල තිෙයන්ෙන්. තව ඒකක් මටත් තිෙයනවා බං ඔය රිප්ලයි බටන් ඒක ඒෙබන්ෙන් නැති ෙලඩක්...

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා...... උඹට වැරදිලා. හොඳටෝම වැරදිලා. මේ රිප්ලයි බටොං එක ආවෙ ටිකක් මෑතකදි. මේ පෝස්ටුව තියන කාලෙ වෙද්දි බ්ලොගර් අයිය ඒ ෆැසිලිටිය දීල තිබුනෙ නෑ. උඹ බලපං පැරණි බ්ලොග් හැම එකකට රිප්ලයි කරල තියෙන්නෙ වෙන වෙනම. හැබැයි වර්ඩ්ප්‍රෙස් වල නං ඒ කාලෙ ඉඳලම මේක තිබුන.

      Delete