Tuesday, December 13, 2011

කූඩ ජොනී පිස්සු කෙලී. ගොවින් වෙළදුන් පාරිභෝගිකයන් අමාරුවේ.

අද දිනයේ වෙනත් මාතෘකාවක් ගැන ලිවීමට සිතා සිට්යත් ඊයේ දිනයේ සහ මීට ටික වේලාවකට පෙර දුටු දර්ශන කිහිපය නිසා මෙය ලිවීම කල්දැමිය නොහැක.

ඔව්! ප්ලාස්ටික් කූඩ! මේ වනවිට රට උණුසුම් කරමින් සිටී. මෙය සටහන් කරන මොහොත වනවිටද කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ බටු, වම්බටු, පතෝල, මෑකරල් ආදී විවිධ එලවළු- ගොවීන්ගේ දහදිය මහන්සියෙන් වගාකර පොළට ගෙනවිත් ඇති එලවළු- රැගෙන යන්නේ මීගොඩ හෝ දඹුල්ල බලා යන එළවළු වෙළදුන් නොව ප්‍රාදේශීය සභාවේ කුණු ට්‍රැක්ටරයයි. ඊයේ දිනයේදී ද මා ජීවත් වන ප්‍රදේශයේ ඇති එළවළු වෙලදපලෙන් එළවළු මිලදීගන්නා ලද්දේ එදිනෙදා, එහිම එළවළු විකුණන සුළු වෙළදුන් පමණක් වූ අතර තොග වෙළදුක් නොපැමිණීමෙන් අතිරික්තයන් ප්‍රාදේශිය සභාවේ කුණු ට්‍රැක්ටර වලට පැටවිණි.

එළවළු ගෙනයාමේදී ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කිරීමත් සමගම මෙම තත්වය ඇතිවිණි. වෙනදා මෙන් සාමාන්‍ය අයුරින් ගෝණිතුල බහා වෙළදුන් රැගෙනගිය එලවළු ලොරි පිටින්ම අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත්කල බව ප්‍රවෘත්ති විකාශයේදී කියැවිනි. අර්බුදයේ මූලිකයා වන "කූඩ ජොනී" යයි වෙළදුන් පෝස්ටර් වලින් හැදින්වූ වෙළද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍ය අමතමින් ප්‍රකාශ කලේ තම වැඩපිළිවෙල හකුලාගැනීම කිසිසේත්ම සිදු නොකරන බවයි.

එහෙත් මෙය ප්‍රායෝගික වැඩපිළිවෙලක්ද? නැත. මෙය ශ්‍රී ලංකාව වැනි රටක එක්වරම ක්‍රියාත්මක කිරීමෙන් අර්බුධ ගනනාවක් ඇතිවිය හැකි ප්‍රශ්යකි. ඒ මොනවාද?

ඇමතිවරයා පවසන ආකාරයට ප්‍රවාහනයේදී සිදුවන සියයට 5ත් 20ත් අතර වන හාණිය වලක්වා එමගින් පාරිභෝගිකයාට දැරියයුතු ගාස්තුව අඩුකිරීම මෙහි පරමාර්ථයයි. එහෙත් මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් එළවළු මිල අඩුකිරීම කලහැකිදැයි බලමු.

එළවළු මිල සදහා බලපාන කරුණු සාමාන්‍යයෙන්(කෙටියෙන්) මේවාය;
01. එලවළු නිෂ්පාදනයේදී ගොවියා දරණ පිරිවැය.
02. අස්වනු නෙළීමේ ගාස්තු.
03. වෙළදපලට ගෙනයෑමේ වාහන ගාස්තු.
04. පොළ බදු.
05. තරාදි බදු.
06. එළවළු මිලදීගත් තොග වෙලෙන්දාගේ ප්‍රවාහන ගාස්තු සහ ඔහුගේ කොමිස් මුදල.
07. ප්‍රවාහන හාණිය නිසා අපතේයන එළවළු සදහා දැරීමට සිදුවන මුදල.(මෙය තොග වෙලෙන්දා හෝ අවසානයේ සිටින සිල්ලර වෙලෙන්දා දරාගනී)

කූඩ භාවිතයේදී අවසාන එළවළු මිල සදහා ඉහත සදහන් සාධක වල අංක 03 සහ 07 සැලකියයුතු වෙනසක් සිදුවේ. එනම් කූඩ මිලදීගැනීම සදහා සහ වෙළදපලට ගෙනයෑම සදහා ගොවියාට දෙවරක් වැඩි මිලක් දැරීමට සිදුවේ. කූඩයක මිල රුපියල් එක්දහස් පන්සීයක් යයි සැලකුවහොත් ගෝනි 5ක් අස්වනු ඇති ගොවියාට කූඩ 10ක් මිලට ගැනීමට සිදුවේ.(ගෝනි 1ක්=කූඩ 2ක් පමණ වේ). ඊට අමතරව නිවසේ සිට වෙළදපොලට ගෙනයාම සදහා අමතර වාහන ගාස්තුවක් දැරීමට සිදුවේ.

අනෙක් පැත්තෙන් වෙලෙන්දාට දැරීමට සිදුවන අමතර වියදම් බලමු.

සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 6000ක් ගෙනයාහැකි යයි නිර්දේශිත වාහනයක(වාහනය නිෂ්පාදකයාගෙන්) කිලෝග්‍රෑම් 10000ක පමණ ප්‍රමාණයක් දැනට ගෙනයනු ලබන අතර කූඩ මගින් ගෙනගියහොත් මෙම ප්‍රමාණය හරි අඩක් අඩුවේ. අවසානයේ තොග වෙලෙන්දාට සිදුවන්නේ තම වාහන කුලිය දෙගුණයක් ගෙවීමටය. අනෙක් අතට ඔහුටද කූඩ මිලදීගැනීමට සිදුවන අතර ආපසු පැමිණෙන හිස් වාහනයේද කිසිවක් ගෙනඒමට නොහැකි වන්නේ කූඩ තොගය රැගෙන ආයුතු නිසාය.

මෙම කාරණා පැරණි ක්‍රමයේ හාණිය සමග සංසංදනය කලහොත් නව ක්‍රමයෙන් එළවළු මිල වැඩිවීමක් මිස අඩුවිමක් බලාපොරොත්තු විය නොහැක.

ගොවීන්ගෙන් මුදල් අයකර ලබාදුන් ගොවි විශාම වැටුප නොවැම්බර් සිට නවත්වා ඇති අතර ඒ පිළිබදව කිසිදු පියවරක් ගැනීමට මේ දක්වා කටයුතු කර නොමැති තත්වයකදී, මෙවැනි අමනෝඥ තීරණ මගින් සිදුවන්නේ සියළුදෙනා අපහසුතාවයට පතිවීම පමණි.

30 comments:

  1. බොහොම ස්තූතියි සංවාදයට එකතු උනාට...

    ReplyDelete
  2. ඕකට කියන්නෙ මචං අර අහවල් එකේ අමාරුවට වෙන මොකක්ද එකකට බේත් බඳිනවා කියලා .......

    ReplyDelete
  3. මේ යක්කුන්ට කිසිම ප්‍රායොගික වැඩක් බැරි හැටි...පාරිබොගිකයට සෙත සලසන එක හරි..පාරිබොගිකයට හරියන්ඩත්..ගොවියා..නැත්තං නිශ්පාදකය ජිවත්වෙලා..රැකිලා ඉන්ඩ එපෑ...මේවා බිම් මට්ටමේ සිට ටිකෙන් ටික හදාගෙන එන්ඩ ඔන දෙවල්...ඇයි යකො ඉපදුන ගමන් පොඩි එවුන්ට ගස්නගින්ඩ කිවවා වගේ වැඩක්නේ...

    ReplyDelete
  4. මගේ මතයත් මෙතැනදි යම් ස්ථාවර ද්‍රව්‍යයකින් සෑදූ සවිශක්තිය ඇති කූඩා භාවිතය වැදගත් බවයි. මේවා ප්‍රවාහනයේදී සහ අතරමැදි අවස්ථාවලදී ඇතිවන හානිය අවම කර ගත හැක්කේ එවිටයි. නමුත් මේ දුප්පත් ජනතාව තව තවත් පෙලීමකට නොයනා ලෙස මේ තීන්දු තීරන ගැනීම වැදගත් බවයි මගේ හැඟීම. අඩු ගනනේ ඇන්. ඇස්. බී. ණයක්වත් දී ඒ මිනිසුන්ට මේ තත්තවයට පෙලඹීමක් කර නීති ගෙනාවානම් වඩා යහපත් බවයි මටත් හිතෙන්නේ.
    මේ කමෙන්ටුව ම්ගේ මතය බැවින් මෙයම වැප් සහෝදරයාගේ පොස්ටුවටත් දැමුවෙමි. මේ ගැන ලිව්වට ස්තුතියි.
    රාජ් අදද දන්නේ මුන්ට පිස්සු බව.

    ReplyDelete
  5. සිරාවට මාතලං ගෙ ලිපියත් කියෙවුවා... කූඩයක් 1500ක් වෙනවද පිස්සු හැදෙයි... ගෝනි 5ක් රු 100 වෙනුවට රු 15000ක් ගෙවන්න වෙනවා...
    "හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා.... වේවා...."

    ReplyDelete
  6. හ්ම්ම් රට යන අත තමයි.,.

    ReplyDelete
  7. දිල් සාමාන්‍යයෙන් සතියට එළවළු ගන්නෙ සදුදට...ඔෆීස් යන්නෙත් පරක්කු වෙලා එදාට..ඊයේ එළවළු ගන්න ගියාම, බත්තරමුල්ලේ හුඟාක් එළවළු කඩ වහලා..ඇරලා තියෙන ඒවලත් තිබුනේ වේලිච්ච එළවලු...මොකද මේ කියලා අහපුවම කඩේ අය කිව්වේ ඔය දේ තමා....අහස උසට එළවළු ගණන් කාලෙත් එක එක විකාර කරලා පොඩි එකාවම තලන්න දඟලන පිස්සු වැඩ කියලා තමා දිල්ට හිතෙන්නේ...
    නිකමට නෙමේනෙ කියන්නෙ " මේ රටේ මිනිස්සු ....තනිකර කෙලින්නේ පිස්සු කියලා

    ReplyDelete
  8. මාතලන්
    ස්තුතියි.

    පන්සල් හංදිය
    හරියට හරි. විසදන්න ප්‍රශ්න ඕනතරම්. ඒත් මේ වෙන කොහේවත්නෙ අතගාන්නෙ.

    Raj
    පාරිභෝගිකයට වෙන සෙතේ තමයි මිල වැඩිවන එක. ලොරියක ගේන බඩු ලොරි දෙකක ගේනකොට අඩුකරන්න පුළුවන්ද?

    වෙද ගෙදර මහ වෙදනා
    තක්කාලි වගේ දෙවල් වලට මේ ක්‍රමේ ටිකක් ගැලපෙනව.(දැනතේ තක්කාලි ගෙනියන්නෙ ලී පෙට්ටි වල). අනෙක් ඒව ගැන කතාකරන්න දෙයක් නෑ.

    නරකයා
    පිස්සු හැදෙයි ගොවීන්ට. ඇයි සමහර මණුස්සයො ඉන්නවා රුපියල් සීයෙ දෙසීයෙ එළවළු විකුණල දවස ගැටගහගන්න. එයාලට කූඩගන්න සල්ලි දෙන්නෙ ජොනියගෙ අම්ම අප්පද?

    වර්ණා
    හ්ම්ම් රට යන අත.. කිලෝව දතුන්සීයට කියන්න වෙයි.

    දිල්
    ඒ සිංදුවත් ලොක්කගෙ අණින් තහනං කරලනේ. ඒ නිසා ඒකවත් කියන්න විදියක් නෑ!

    ReplyDelete
  9. ගොවීන්ට අමතර මුදලක් වැය කරන්ට වෙන අතර, අනිවාර්යයෙන් එලවලු මිල යෑමක්ද සිදුවනු ඇත.

    අපොයි....

    ReplyDelete
  10. Podi Kumarihami
    හට්ටි වලං හැදි පිහි අරගෙන බහිමුද පාරට!

    ReplyDelete
  11. කූඩ ටිකත් පටෝගෙන, අලුතෙන් හදපු ෆ්‍රී වේ එකේ, ලොරියත් අරන් 100 ට පාගල ගිහින්, ෆුල් සොමියක් දාල එමු

    ReplyDelete
  12. Observer
    ඕකට කියන්නෙ ධනාත්මක චින්තනය. මට මතකයි මගේමේ පෝස්ට් එකටත් ඔබා දැම්මෙ ඔයවගේ ධනාත්මක කොමෙන්ටුවක්.

    ReplyDelete
  13. මේ කියන කුඩ වල හැඩය මොකක්ද?
    භාවිතා කළ යුත්තේ පෙට්ටිය. එයින් ඉඩ නොඇසිරේ, ඉඩ පිළිබඳ කාර්යාක්‍ෂමතාවය වැඩිවේ!

    ReplyDelete
  14. කතන්දර
    කකාට වැරදුනා. මේකට කූඩය කිව්වට හතරැස් පෙට්ටියක් වගේ තමයි. අතරෙ අමතර ඉඩ ඇහිරීමක් වෙන්නෙ නෑ. පොල් පටවන්න වගේ ගෙනියන්න බෑ. ඒකයි අවුල.

    ReplyDelete
  15. මළ සේක.....දැන් ඉතින් වෙන්නෙ හොයන්න තේරුම 'ධනාත්මක' කියන්නෙ මොකද්ද කියල.

    ReplyDelete
  16. ලින්ක් දාල පතුරු ගහන්නේ දෙවියනේ මං මොන වැරද්දක් කලාටද?

    ReplyDelete
  17. ගෝනියත් 7ත 8ට තැනකින් මසා එළවලු එවන ගොවියා කූඩ ගන්නේ කෙසේද?
    ඵදා වේල හොයාගෙන කන නාට්ටාමිලා හා ඔවුන්ගේ දරුවන් බඩගින්නේ ඉන්න වේලක් ගානේ ජෝන්ස්ටන්ට සාප වේවා!!!!!!

    ReplyDelete
  18. ඔය කූඩ ගෙන්නන කෙනා ලොකු අම්මගෙ පුතාවත්ද?

    ReplyDelete
  19. ඔබා මාමා තමයි දවසේ කතාව කියලා තියෙන්නේ.. අනේ මන්දා මේකෙන් තව බඩු මිල ඉහල යාවි...

    ReplyDelete
  20. ඔය කූඩ අවුල නිසා හෙට අපට එලවලු නෑ. කඩ කෑම තියේද මන්දා. :(

    ReplyDelete
  21. අාණ්ඩුව හැමදාම පිස්සු කෙළියාට අාණ්ඩුවෙ හැම කෙළියක්ම පිස්සු කෙළියක් නෙවෙයි. විරුද්ධ පක්ෂෙ වගෙ හැම මගුලටම විරුද්ධ වෙන්නෙ නැතුව කල්පනා කරල බැලුවනම් පෙට්ටි භාවිතය වැරැද්දක් නෑනෙ. ක්‍රියාත්මක කරපු ක්‍රමයෙ අඩුපාඩු තියනව තමයි. ඒව හදා ගන්න පුළුවනි. වෙළෙන්දන්ට කුද ගහගන්න කියල අාණ්ඩුෙව සහ හමුදාවෙ වාහන වලින් අදින ඒකයි තියෙන්නෙ ඒළවළු.

    ReplyDelete
  22. ''....වෙළෙන්දන්ට කුද ගහගන්න කියල අාණ්ඩුෙව සහ හමුදාවෙ වාහන වලින් අදින ඒකයි තියෙන්නෙ ඒළවළු....''

    මේ තියෙන්නෙ නියම අයිඩියා එකක්..පුහ්.!!!!!!

    ReplyDelete
  23. ගොවියෙක් කියලා තිබ්බා ලොරියක් හයර් කරලා එළවලු ටික පටවගෙන මාකට් එකට ඇවිල්ලා ආයි ලොරියක් හයර් කරං අර ප්ලාස්ටික් කූඩ ටික ගෙදර අරං යන්න ඕනේ කියලා... ලොරි දෙකට සල්ලි දුන්නම ගොවියා හබක්......ඊලඟට ග්‍රැමොක්සෝන් පානය....

    ReplyDelete
  24. Observer
    //ලින්ක් දාල පතුරු ගහන්නේ දෙවියනේ මං මොන වැරද්දක් කලාටද?//
    සොරි වේවා! ආයෙත් නොකරමි. බි.පෙ.සි.

    Anonymous December 13, 2011 3:00 AM
    //ගෝනියත් 7ත 8ට තැනකින් මසා එළවලු එවන ගොවියා// ඒක තමයි හුගක් ගොවියන්ගෙ තත්වය. හිගන්නගෙ පාත්තරේ හෙනහුරා ගන්නව කියන්නෙ ඕකට.

    hare :-)
    තීරණය අකුලගන්නෙම නෑ කියනකොට අපේ අම්මත් කිව්වෙ ඔය කතාව. සමහර විට කූඩ පිටිපස්සෙත් කවුරුහරි ඇති.

    Dinesh & මධුරංග
    දැන් බඩු නෑ. පරිප්පු-ලොකු ළූණු පිහිටයි.

    //ක්‍රියාත්මක කරපු ක්‍රමයෙ අඩුපාඩු තියනව තමයි. ඒව හදා ගන්න පුළුවනි.// මේ කතාව නං මට තේරෙන්නෙ නෑ. මොනවද අඩුපාඩු? දැනට නං තියෙන්නෙ කූඩ නැතිකම. හොදයි කූඩ දුන්න කියල හිතමු. කිලෝ 10000ක් ගේන ලොරියෙ 5000ක් ගෙනාවම මිල අඩුවෙන් දෙන්න පුළුවන්ද?(පෙර ක්‍රමයේ හාණිය මෙම ක්‍රමයෙන් බැලන්ස් කලහැකිද?)
    ///වෙළෙන්දන්ට කුද ගහගන්න කියල අාණ්ඩුෙව සහ හමුදාවෙ වාහන වලින් අදින ඒකයි තියෙන්නෙ ඒළවළු///
    හමුදාව කියන්නෙ කවුද? හමුදාවට හමුදාවෙ වාහන වලට ගෙවන්නෙ ඇමරිකාවෙන්ද? නැත්තං ජොන්ටගෙ අමඅම අප්පගෙ බූදලයෙන්ද?

    වින්චැට්කිරිල්ලි.
    කීයක් හරි ගෙවන්න වටිනව!:)

    ඔබ නොදු‍ටු ලොවක්
    ග්‍රැමොක්සෝන් බොන්නත් සල්ලි නැතිවෙනව මේ යන විදියට. මැරෙන්න වෙන්නෙත් ණයට ග්‍රැමොක්සෝන් අරගෙන.

    ReplyDelete
  25. රාජ් මහත්තයා ඇත්තම කියන්නම්. සෑමා පෝස්ටුව කියෙව්වේ නැහැ. අනිවා මම දන්නවා රාජ් ‍කොලුවා ලෙසටම ලියල තියෙන බව. මම මේ කියන ‍ඒවත් ඇතුලත් ඇති.

    1 ඉස්සර ගෝනියේ ගෙනිච්ච එලවලු ප්‍රමානය කූඩයේ දෙතුන් පාරක් රැගෙන යා යුතුය. (කාර්්‍යක්ෂමතාව පිලබද ගැටලුවකි)

    2 ඉස්සර ලොරිය ඇවිත් මාකට් එකෙන් බඩු බාලා කෙලින්ම පිටත් වුනත් දැන් හිස් බාස්කට් ටික පුරවගෙන තවත් ටර්න් එකක් යායතුය. එය ඉන්ධන, කාලය නාස්ති වීමකි

    3 පතෝල වැනි එලවලු බාස්කට් වල කෙසේ ප්‍රවාහන කරම්ද?

    4 නොගැලපෙන/ප්‍රායෝගික නොවන නීති සම්පාදනයේ ප්‍රමුඛයෝ තවමත් ක්‍රියාශීලීව තම කටයුත් කරති.
    උදා- කාන්තා බස් ස්ථාපිත කිරීම, මතට තිත, වෙබ් අඩවි තහනම... දැන් බාස්කට්

    5 මිතුරෙකුගේ බාස්කට් ටිකක් විකුනන්න හදනවා විය හැක.

    -නැවත වෙලාව ඇති විටක කියවමි-
    ජය...

    ReplyDelete
  26. //සෑමා පෝස්ටුව කියෙව්වේ නැහැ. අනිවා මම දන්නවා රාජ් ‍කොලුවා ලෙසටම ලියල තියෙන බව.// මේක මාර අවනඩුවක්නේ! කියවන්නෙ නැතුව කොහොමද තියෙන්නෙ මොනවද කියල දන්නෙ බොල සෑමෝ.

    ReplyDelete
  27. උබලගෙන් බේරෙන්න බැහැනේ බොල.. :)

    ඔන්න එහෙනම් කියවලා අහවර කලා.. පෝස්ටුව නොකියවා මම කමෙන්ට් කරපු 1,2 සහ 4 ටිකක් ගැලපෙනවා වගේ නේද.. ඒකනේ කිව්වේ ලෙසටම ඇති කියලා..

    ආයෙත් ජය.. :)

    ReplyDelete
  28. sAm (සෑම්)
    අන්න එහෙම වරෙන්! හික්.

    ReplyDelete
  29. ඒ ගමන ගොවි විශ්‍රාම වැටුපත් නවත්තලද...? ඒක දැනගත්තෙ අද...
    ඒ මිනිස්සු හැම පැත්තෙන්ම තැලෙනවා... මොන ආණ්ඩුව ආවත් එච්චරයි.... :(

    ReplyDelete
  30. Miyuru
    ඔව්. අන්තිමට ගෙව්වෙ ඔක්තෝබර්. වැඩිදුර ලියනව වෙනම පෝස්ට් එකකින්.

    ReplyDelete