Tuesday, December 27, 2011

උසාවියෙන් ඇහෙන කතා

අද කියන්න යන්නෙ උසාවියෙ කතා දෛකක්. ‍දෙකම 100%ක් ඇත්ත. මට කිව්වෙ මගේ මාමණ්ඩි. දෙකම "අපේ" උසාවියෙ සීන්.

අපේ උසාවියට පත්වෙලා ආව ජජ් කෙනෙක්. එයා මාරම සැරයි. කලියෙන් නම් වැඩකරන අයගෙ වාහන උසාවිය ඇතු‍ලට ගේන්න අවසර දුන්නත් මෙයා ආවට පස්සෙ ඒකත් තහනම් කලා. ඊට පස්සෙ උසාවියට වාහනේ ගන්න පුළුවන් එතුමාටයි නීතීඥ මහත්තුරුන්ටයි විතරයි. වෙනද පුරුද්දට ත්‍රීවීල් හයර් කරගෙන උසාවිය ඇතුලටම ආව අයට දඩගැහුවෙ ත්‍රීවීල් පදවගෙන ආව අයියලටත් එක්ක.

ඔන්න දවසක් මේ විනිශ්චයකාරතුමා උසාවියට යන්න, ටවුමට ඇවිල්ල ත්‍රී විල් එකකින් උසාවිය ලගට ආව. ත්‍රීවිල් අයිය වැඩේ දන්න නියා ගේට්ටුව ලග නැවැත්තුව. ජජ් කිව්ව ඇතුලට දාන්න කියල. එතකොට ත්‍රීවීල් අයිය කියනවා,

"අපෝ බෑ...මහත්තයනං කියයි. දැං ඉන්නෙ උගෙ අම්මගෙ ජජ් කෙනෙක්. වාහනයක් දැම්මත් දඩගහනව...... මහත්තය බැහැල යන්න" කියල.

තමංගෙම නීතිය නිසා ජජ්ට ගේට්ටුව ලග බහින්න සිදුවුනත් උන්නැහේ බහින ගමන් ත්‍රීවීල් එකේ නොම්මරේ ලියාගන්න අමතක කලේ නෑ. වෙච්ච දේ කියන්න ඕන නෑනෙ. උදේ ඉදල හවස් වෙනකන් කූඩුවෙ ඉදල රුපියල් පන්දාහකුත් පූජකරන්න උනා ත්‍රීවීල් අයියට.

#########################################################
අනිත් කතාවත් ඇහෙන්නෙ ඒ උසාවියෙන්මයි.

ඒක ටිකකලකට කලිං සිද්ධවෙච්ච එකක්. එතනදීත් සිද්ධවුනේ ජජ් කෙනෙක් අළුතින් ආපුඑක. මෙයා යාපනේද කොහෙද මණුස්සයෙක්. සිංහලත් හරියටම බෑ. මණුස්සය දිහා බැලුවම ජජ් කෙනෙක් කියල හිතන්නත් බෑ. මෙතුමා දවසක් ක්වාටස් එකේ ඉන්නව සරමක් ඇදගෙන කෙසෙල් ගස් වලට සාත්තු කරමින්. මේ වෙලාවෙ අවාසනාවන්ත තැපැල් පියුං මහත්තයෙක් ආව ගේට්ටුව ලගට ලියුමක් අරගෙන. දැක්ක කෙසෙල්ගස් වලට සාත්තු කරමින් ඉන්න විනිශ්චයකාරතුමා. පියුං මහත්තය හිතුවෙ මේ ඉන්නෙ වත්තෙ වැඩකරන කෙනෙක් කියල. ඉතිං කතාකලා,

"ඒයි, මෙහාට වරෙං" කියල.
ඒත් "වැඩකාරයා" බැලුව විතරයි එන්න වගක් නෑ. ඊට පස්සෙ ආයෙත් කතාකලා,
"ඕයි, මෙහාට එනව. තමුසෙලයි නඩ්ඩට ලියුමක් තියනව අරං පලයං" කියල.

වැඩකාරය උදැල්ල පැත්තක තියල ගියා ඇතුලට. ගිහිං පොඩි වෙලාවකින් එලියට එනව ෆුල් කිට දාල!

කොදු නාරටිය දිගේ දැනිච්ච පොඩි සීතලකුත් එක්ක පියුං මහත්තයට මොලේ පෑදුනා. ඇතුලට ගිහිල්ල දොහොත්මුදුන් දීල බිම දිගාවෙලා ජජ්ට වදින ගමන් කියනව,

"අනේ නඩුකාර හාමුදුරුවනේ...මම පවුල් කාරයා....ළමයි හයදෙනෙක් ඉන්නව....මගේ රස්සාව බේරල මට සමාව දෙන්න හාමුදුරුවනේ...." බ්ලා බ්ලා බ්ලා...

කොහොමහරි නඩුකාර හාමුදුරුවන්ගෙ දීර්ඝ ලෙක්චර් එකක් අහල විතරක් වැඩේ ගොඩිං බේරගන්න පියුං මහත්තය දක්ෂ උනා.

40 comments:

  1. හැමෝම නොවුණත් බහුතරයක් ජජ්ල කියන්නේ මහ පොළොවේ ඉන්න ජාතියක් නෙවෙයි. උන් යන වාහනයක් overtake කලත් දඩ කන්න වෙනව බං.

    ReplyDelete
  2. සිවිල් වෙලාවේ වෙන දේවල්වලට උං කොහොමද දඩ ගහන්නේ.
    මේවට තමයි නඩුත් උංගේ බඩුත් උංගේ කියන්නේ.

    ReplyDelete
  3. රාජ් මහත්තයා මාමන්ඩි එක්ක සෙට් වෙලා වගේ නිවාඩු ටිකේ.. සිරා කතා පොඩ්ඩ.. දෙවෙනි එක වගේ වෙන එකක් අහලා තියෙනවා...

    ජය ශ්‍රී කිව්වා.. !

    ReplyDelete
  4. පලවෙනි එකාට නං කියන්න තියෙන්නෙ 'උගේ අම්මගෙ ජජෙක්' කියලම තමා, ඒ 'හුන්නස්ගිරියම' නෙ නීතිය දැමමේ.

    දෙවෙනි එකා නං අසාධාරණයි කියන්න බෑ....

    ReplyDelete
  5. දෙවෙනි එකානම් ටිකක් හොඳ එකෙක් වගේ
    පලවෙනි එකානම් කාලකන්නියෙක්...
    මටනම් මුන්ව පේන්න බැහැ (වෙලාවට තාම මට මගේ දේකට උන්ව හම්බ වෙන්න චාන්ස් එකක් ලැබිල නැහැ)
    ඇත්තටම උන් මිනිස්සුද කියල හිතා ගන්න බැරි තීරණ දෙනවා සමහර වෙලාවට
    වතාවක් අපේ ගෙදර වාහනේ පාර අයිනේ නතර කරලා තියෙද්දු බ්රේක් නැති බයික් එකක ආපු පොඩි එකෙක් බයික් එක නතර කරගන්න බැරිවෙලා අපේ වාහනේ හැප්පිලා අතක් කැඩිලා තිබුනා(වාහනේ නතර කරලා තිබුනෙත් තාර පාරෙන් පිට, පොඩි එකාව හැප්පිලා තිබුනේ වේගේ වැඩිකමට කොහේටවත් කපා ගන්න බැරි කමට)
    ඒත් ඔය ජාතියේම එකෙක් අපිට කිව්වා පොඩි එකාට 25,000 ක වන්දියක් දෙන්න කියලා
    බයික් එක පැදපු පොඩි එකාත් පිළිගෙන තිබුනා බයික් එකේ බ්රේක් නැති නිසාත් වේගේ වැඩි නිසාත් තමයි වාහනේ හැප්පුනේ කියලා
    ඒත් ඉතින් නඩුකාරයා තීන්දුව දුන්නේ එහෙමයි.

    ReplyDelete
  6. ජජ්ලා ගැන මගේත් කිසිම පැහැදීමක් නැහැ. අහිංසක මිනිහෙක් නොදැන වරදක් කලොත් හෙන ගෙම්බර්. ඒත් දැන් බලන්න මෙයාල දෙන තීන්දු හරියට කැකිල්ලේ තීන්දුනේ දෙන්නේ. හැම එකාම එහෙම නැතුව ඇති. ඒත් බලන්න බහුතරය රාජ ඌෂ්නෙට බයයිනේ. එතකොට නීතිය වෙනස්. අසරණ නූගත් ගැමියාට එකක්. අනේ මන්ද මෙහෙම නීතියක්. මේවා බලාගෙන අපිත් ඉන්නවානේ.

    ReplyDelete
  7. //සිවිල් වෙලාවේ වෙන දේවල්වලට උං කොහොමද දඩ ගහන්නේ.
    මේවට තමයි නඩුත් උංගේ බඩුත් උංගේ කියන්නේ.//


    මාත් අහන්න හැදුවේ ඔය කථාවමයි

    ReplyDelete
  8. උදාර
    ජජ්ල කියන්නෙ මහපොළවෙ ජීවත්වෙන ජාතියක් නෙවේ කියන එක නං ඇත්ත. ඒත් ඉතිං වැඩිය මිණිස්සු ආශ්‍රය කරන්නෙ නැතුව කූඩුවල දාල ඉන්න සතුන් වගේ මේ අයට තීරණයක් දෙන්න ගියාම විකෘති තත්වයන් ඇතිවෙනඑක ස්වාභාවිකයි මං හිතන්නෙ.

    කතන්දර Kathandara
    මේ අසාධාරණ දඩ වලට විරුද්ධව යන්න සාමාන්‍ය මිණිස්සු මැළිකමක් දක්වනව. ඒකයි මේ විදියට "තමන්ට කැමති" තීරණ දෙන්නෙ. නඩුකාරයන් දෙන තීන්දු වලට ලකුණු ලබාදෙන්න ක්‍රමයක් තියනවනං හොදයි.(ඉහල උසාවියකදී යලිත් විනිශ්චයට භාජනය වෙන ඒවට) අර ක්‍රිකට් විනිසුරුවන්ට වගේ.

    sAm sRi
    හ්ම්.

    Observer
    මාමන්ඩි නං කිව්වෙ ජජ් "‍අපේ කෙනෙක්" නෙවේ නිසා ටිකක් අණුකම්පා කලා කියල.

    ලොකු පුතා
    ඕවට තමයි ඇපිල් කරන්න ඕන. ඒත් ඒ ක්‍රමවේදයේ තියන අවුල නිසා කීයක් හරි දීල බේරෙනඑක හොදයි කියල හිතෙනව.

    ReplyDelete
  9. වෙද ගෙදර මහ වෙදනා
    රාජ ඌෂ්ණෙට දෙන තීන්දු ගැන කතාකරන්න එපා. හිරේ යන්න වෙයි.

    බුවා
    සිවිල් වෙලාවේ වෙන දේවල්වලට උං කොහොමද දඩ ගහන්නේ?
    කකාගෙ මේ ප්‍රශ්නෙට උත්තරේත් දීලම තියනවනේ.
    //මේවට තමයි නඩුත් උංගේ බඩුත් උංගේ කියන්නේ// දැක්කනේ.:D

    ReplyDelete
  10. ඔය ගොඩක් නඩ්ඩො නටවන්නෙ තෝල්කයො. අපි එකපාරක් මාර ලක්ෂරි ඉන්ටීරියර් එකක් කරා කාගෙද ගේකට. සල්ලි දුන්නෙ තෝල්කයෙක්. අන්තිමට දන්නෙ ගේ නඩ්ඩෙක්ගෙ!

    ReplyDelete
  11. ඉන්දික උපශාන්ත
    ඕකට කියන්නෙ තෝල්කකං කරනව කියලනේ.:))

    ReplyDelete
  12. නඩුයි, බඩුයි දෙකම හාමුදුරුවන්ගේ වෙන කොට ඉතින්.. දෙවනි සීන් එකේනම් ඉතින් පියන්ට මනූස්සකන් ගැන ලෙක්චර් එකක් දීපු එක වටිනවා. ඇයි වත්ත සුද්ද කරන මනුස්සයා මනුස්සයෙක් නෙවෙයිද ? එහෙම කතා කරන්න ?

    ReplyDelete
  13. ජජ්ගේ වත්තේ එළුවෙක් උස්සලා බයිට් එකට අරගෙන වැඩේ මාට්‍ටුවෙලා මාස 6 කට ඇතුලට ගියා අපේ පැත්තේ එකෙක්,ජජ්ගේ වත්ත බලාගත්ත එකා...එලියට ඇවිල්ලා ඌ කියනවා යකෝ කන්න ඕනේ ඒ වගේ කෑමක් හිරේ ගියත් කමක් නෑ කියලා....මේ ජජා ඇවිල්ලා එසේ මෙසේ පොරක් නෙමේ දැං...........

    ReplyDelete
  14. මෙහි ලියා තිබෙන දේ කේසේ වෙතත් , පහතින් දක්වා ඇති අදහස් නම් අධිකරකණයට අපහාසාත්මක වැකි ලෙස හුවාදැක්වීමට හැකිය... , අදහස් ප්‍රකාශ කිරීමේදී වගකීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete
  15. මහේස්ත්‍රාත් තුමා බෝධිය වදින්න යන වෙලාවක අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය ළග ඩියුටි හිටපු පොලිසෙක් බීලා ඉදලා නෝන්ඩි වුනා. එතැනින් එහාට කියන්න ඕනෙ නෑනේ...

    උසාවියේ රසබර සිද්ධියක් මතක් වුනා.. ලියන්න ඕනේ වෙලාවක.

    ReplyDelete
  16. Weni
    ඔව් එතනදි ජජ් හොද මණුස්සයෙක් නිසා පියුංගෙ ජොබ්එක බේරුණා.

    ඔබ නොදු‍ටු ලොවක්
    හා හා මම දන්නව.... නේ?

    sharaexcel
    ඔව්. මේ දේවල් උනත් ඇති. බොහොම ස්තුතියි.

    ReplyDelete
  17. නාකියා
    ලියපන්. අහල තියනවද ඇම්ඩන් උසාවි ගය සීන්එක? ඇක්සිඩන්ට් එකක් ගැන සාක්ෂි දෙන්න. ඒක නං දාන්න බෑ. සිංඩිවල ඉන්න ඕන.

    ReplyDelete
  18. එයාලම කරපු තව, තව ලස්සන දේවල් ඇති. අර මුල් කතාවේ ඉන්න කෙනා පව්. ජජ්ව දාගෙන ඇතුලට ගියානම් එයාට ආපහු දඩ වදීද? අනේ මට නම් තේරෙන්නේ නෑ.

    ReplyDelete
  19. Podi Kumarihami
    එහෙම ගියත් දඩවදින්න ඉඩ තියනව.

    ReplyDelete
  20. ලොක්කා මාමත් එක්ක සෙට් උනාද උපන්දිනේට..අපො ජජ්ල ගැන කතානොකර ඉම්මු..නැත්ත හෙටම සිතාසියක් ආවොත් එහේම

    ReplyDelete
  21. මං දන්න පොරක් ඉන්නවා ඔහොම නඩු තීන්දුවක් දීපු වෙලේක නීතිඥවරුන්ගේ මේසෙකට නැගලා "අඩෝ තෝ දන්නවද නඩු අහන්න මට දියං මං අහලා පෙන්නන්න" කියලා කිවුව හින්දා අවුරුදු 3කට හිරේ ගාය..කලින් තීන්දුව දඩයක් විතරයි..ඒත් මේකට අවුරුදු 3ක් ඉල්ලගත්තා...

    ReplyDelete
  22. මුල් කතාවේ කෙනා නම් පව් තමයි..

    ReplyDelete
  23. මුල් කතාව මං අහල තියෙනවා.එක බද්දේගම උසාවියේ සිද්දියක් නේද?.

    ReplyDelete
  24. අපේ තාත්තත් උසාවියක වැඩ කළා.ඒ කාලේ හිටපු එක නඩුකාරයෙක් ඇස් කණ්නාඩිය නළලේ තියාගෙන ආරච්චිට කතා කරලා එක හොයලා දෙන්න කියල තියෙන්නේ කුණු බැනුම් සමග. බැනුම් අහමින් ටිකක් හොයල බලන කොට ආරච්චි දැක්කා ඒක නළලේ තියාගෙන පොර ඉන්නේ කියන එක.

    නිර්භීත ආරච්චි පරම්පරා ගණනකට මතක හිටින්න කුණු හබ්බෙන් බනින ගමන් තමයි කන්නාඩිය අරන් දීලා තියෙන්නේ.

    මේ නඩු කාරයත් ඇක්ෂන් ගන්න කතා කරලා. ඒත් ආරච්චි අහලා දැන් මොකාද සාක්ෂියට එන්නේ කියලා. සිද්ධිය කිහිප දෙනෙකුට ඇහුනත් නඩු කාරයට පේන තැනක එකෙක්වත් හිටියේ නෑ වගේම හිත හොඳ ආරච්චිට කවුරුවත් එරෙහි වෙලා නැහැ..

    ReplyDelete
  25. ඔය මිනිස්සු ගැන නම් කියලා වැඩක් නෑ, සැරයක් පොඩි පාරක ඔය නඩුකාරයෙක්ගේ වාහනයක් මූණට මූණ හම්බවෙලා පාර බ්ලොක් වෙලා ඒකටත් දඩ ගැහුව කතාවක් මම අහලා තියෙනවා....

    ReplyDelete
  26. මටත් දැන්නං හිතේ තිබ්බ රෙසපෙට් එක නෑ උන්දලා ගැන.. මමත් ඔයවගේ සිද්ධි අහලා තියෙනවා...

    ReplyDelete
  27. මේවට මොනවත් කියන්නත් බයයි අධිකරනයට අපහාස කලා කියලා අපිවත් කූඩුවට එක්කං යාවි . ඒක නිසා මම මුනිවත රකින් ගමන් . අර අසරන ත්‍රීවිලර් රියදුරාටයි . පියුම් මහත්තයාටයි මගේ සහයෝගය පලකර සිටිනවා

    ReplyDelete
  28. හි හී..... නියම කතා ටික...
    නීතිය එක්ක සෙල්ලම් හොඳ නෑ.........

    ReplyDelete
  29. අර පළවෙනි කතාවෙ ඉන්න ජජ්ට නම් ත්‍රීවීල්කාරය කියපු එක හරියටම හරි...ඒ අසරණයට නඩ්ඩගෙ හයර් එක අහුවෙලා තියෙන්නෙ කරුමෙට වෙන්න ඕන.... හයර් එකේ ගාණ වගේ කිහිපගුණයක්නෙ දඩේ....
    දෙවෙනි කතාව කියවල නම් හිනා ගියා.... අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ ඇඳුමෙන්, එලවන වාහනෙන් මිනිස්සුන්ව මනින්නනෙ....

    ReplyDelete
  30. Raj & සදරු & මහි
    ඒකතමයි උඩත් වෝනින් 1ක් තියනව.

    මාරයාගේ හෝරාව
    ඒකනං සුපිරිම ඉල්ලගෙන කෑමක්.

    වර්ණා & අසරණයා
    පව් තමයි. මොනව කරන්නද! බද්දෙගමත් එහෙම සිද්ධියක් උනාද දන්නෙ නෑ. මේක වෙන එකක.

    ඉඳුනිල්
    ඔයවගේ සිද්ධියක් මාත් අහල තියනව මම කලින් වැඩකල ඔපීසියෙදි. එහේ ලොක්ක මොකක්ද එකකට පියන් කෙනෙකුට බැනල පියන් ලොක්කට කුණුහර්පෙන් බැනල කිව්වලු පුළුවන් නං පරීක්ෂණයක් කරල මාව ගෙදර යවපං කියල. එතනදීත් සාක්ෂි තිබිල නෑ.

    ලහිරු & නරකයා....!!
    දැං බැලුවම පොලීසියට තියන විරෝධය මේගොල්ලන්ටත් තියනවනේ.

    Miyuru
    පළවෙනි ජජ් දෙවනි එකේ පියන්ට අහුවුනානම් කොහොම වෙයිද?

    ReplyDelete
  31. ඔය ඉතින් අනාගත සංවර්ධිත ශ්‍රී ලංකාවේ පෙර මග සලකුණු තමා

    ReplyDelete
  32. ChammA
    උසාවියට අපහස කරනව මදිවට මෙන්න දේසපාලනෙත් ඇවිල්ල. මේ පෝස්ට් එක අයිං කරන්න වෙයි වගේ....:)

    ReplyDelete
  33. සින්ඩි වල ඉන්නකොට කුණුහපර ලියන්න තහනම්ද?

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. @රාජ්,ඔබා - බබාලගෙ සින්ඩියේ හැර අනික්වයේ කුණුහරුප ගනන් ගන්නේ නැ මම හිතන්නේ

    ReplyDelete
  36. බුවාගේ සිතුවිලි !
    එහෙනං හොදයි. මට මතකයි එක සැරයක් ටැබූ කියල තිබුන එක සින්ඩියක තියනවලු ඉදල හිටල කුණුහර්පයක් කිව්වට වරදක් නෑ කියල. කොත්තු හරි අඹගහයට හරි.

    ReplyDelete
  37. හපෝ මාර ජජ් කෙනෙක්නෙ පලවෙනි කතාවේ ඉන්නේ...ත්‍රිවිල් මනුස්සයා කියපු කතාව හරි...

    ReplyDelete
  38. පලවෙනි කතාවේ ඉන්න නඩුකාරයා මහ එපාමකරපු එකෙක් නේ.
    දෙවෙනි කතාවේ එකා නම් සාධාරණයි කියලා කිව්වෑකි.

    ReplyDelete
  39. පළවෙනි කතාව ඇත්ත කතාවක්ද ??? නඩුකාරයින්ට නිල වාහන හම්බෙනවා නේද ???

    කොහොම නමුත් මම අහලා තියෙනවා කවුද නඩුකාරයෙක් මිනිහාගේ ගිය වාහනේ පාස් කරන් ගිය මනුස්සයෙක්වත් අල්ලලා හිරේ දැම්මා කියලා

    නීතියේ සාධාරණත්වය තමා මේ

    ReplyDelete