Wednesday, January 4, 2012

ගරු කථානායකතුමණි, ලැජ්ජයි!

පසුගිය දිනක මිත්‍රයෙකුගේ නිවසට ගිය මගේ අවධානය විවිධ වර්ගවල රාමු කරන ලද ඔහුගේ ඡායාරූප එකතුව වෙත යොමුකලෙමි. එහිදී එක් ඡායාරූපයක් මගේ විශේෂ අවධානයට යොමුවිය. එය ඔහුගේ දියණියකගේ එකක් වූ අතර එයින් දැක්වුනේ ඇය පසුගිය වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වීම නිමිත්තෙන් සහතිකපත්‍රයක් ලබාගන්නා අවස්ථාවයි. සහතිකපත්‍රය ප්‍රධානය කරන්නා වූයේ අන් කිසිවෙකුත් නොව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමාය. පරීක්ෂාවෙන් නොබැලුවත් එක්වරම එහි විශේෂත්වයක් දක්නට ලැබුණි. දැරියගේ සහතිකය ලබාගැනීමත් කථානායකතුමාගේ ප්‍රධානයත් විකෘති ස්වභාවයක් ගත් අතර ඒ පිළිබදව විමසීමේදී මිත්‍රයාගේ ප්‍රථිචාරයයි මේ,

"මචං මේකට මටත් ලැජ්ජයි බං. බලපං කෙල්ල ඉන්න විදිය. ‍හරියට හිගන්නෙක් හිගමනක් ගන්නව වගේනෙ සහතිකේ ගන්නෙ!"

"මොකද්ද වෙලා තියෙන්නෙ?" මා විමසුවෙමි.

"ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච ළමයින්ට සහතික වගයක් දුන්න පළාත් අධ්‍යාපනෙන්... ඉතිං දුව එක්ක ගියේ මගේ නෝන... සහතිකේ දීල තියෙන්නෙ ඒකෙ ලේකම් කෙනෙක්ද කොහේද... ෆොටෝ ගන්න ඇවිල්ල හිටියෙ තංගල්ලෙ දර්ශන ස්ටූඩියෝ එකෙන්... නෝන එවලෙ ඇඩ්වාන්ස් එකකුත් දීල තිබුන... සතියකට දෙකකට පස්සෙ පිතතූරෙ දෙන්නං කියල කිව්වලු... ඊට පස්සෙ මට දුවගෙන් කරදරේ ගිහිල්ල ෆොටෝ එක ගේන්න කියල... මම ගියා ස්ටූඩියෝ එකට... ගිහිල්ල රිසිට්එක දුන්නම මේ පිංතූරෙ දුන්න ...බලනකොට ඒකෙ ඉන්නෙ සහතිකේ දුන්න කියන මහත්තය නෙවේ චමල් මහත්තය. මම ඇහුව එතන ඉන්නවුන්ගෙන් සහතිකේ දුන්නෙ වෙන එක්කෙනෙක්නෙ, ඇයි චමල් මහත්තය මේකට දැම්මෙ කියල. එයාල කියනව අපිට කියපු හැටියට තමයි අපි පිංතූරෙ හැදුවෙ කියල... මම ඇහුව ඔරිජිනල්එක ගන්න බැරිද කියල...බෑ කිව්ව...මම වැඩිය ඒ ගැන කතා කලේ නෑ ... ඔතන ගිහිල්ල ගේම ඉල්ලන්න බෑනෙ... අනිත් එක උන්ට බැනල වැඩකුත් නෑ... උං කරල තියෙන්නෙ ඩියුටියනෙ... "

"ඉතිං බං මේක මීට වැඩිය හොදට හදන්න බැරිද?" මා ඇසුවෙම්.

"මේකයි වැඩේ...සහතිකේ දීපු මණුස්සය හෙන මිටි මණුස්සයෙක්ලු. චමල් මහත්තය උස නිසා දරුවගෙ අත් තව උස්සල...ඒකයි මේ අවුල...:D"

කාරණය වැටහුනේ ඉන් පසුවය.

එහෙත් මෙය කොතරම් ලජ්ජාශීලී වැඩක්ද? තමා නොසිටි අවස්ථාවක් තාක්ෂණික ප්‍රයෝග යොදා සිටි බවට ඒත්තු ගැන්වීම ඔහු තරම් පරිණත දේශපාලනඥයෙකුට තරම්වේද? ප්‍රාදේශීය දේශපාලකයෙකු මෙය සිදුකලේ නම් පුදුම වියයුතු නැත.

මීට පෙර මා රැකියාව කල හෝමාගම ප්‍රදේශයේ ආසන සංවිධායකවරයෙකු පිංතූර ලබාගැනීම සදහා අපූරු උපක්‍රමයක් පාවිච්චි කරයි. ඒ මෙසේය.

තම ප්‍රදේශයේ පැවැත්වෙන රැස්වීමකට ජනාධිපතිතුමා පැමිණියේ යයි සිතමු. මෙවිට ප්‍රදේශ‍ය නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයා බොහෝවිට අසුන් ගන්නේ ජනාධිපත්වරයාට යාබද අසුනේය. මන්ත්‍රීවරයා කථාකිරීමට නැගී සිටිනවාත් සමගම සංවිධායකවරයා එම අසුනේ ඉදගන්නා අතර ඔහු විසින්ම සූදානම් කරනලද ඡායාරූප ශිල්පියා ලවා ජනාධිපතිවරයාත් සමග කතාබහ කරමින් සිටින තමාගේ ඡායාරූපය ලබාගනී.:D

මේ සිද්ධි දෙක සැසදීමේදී ආසන සංවිධායකවරයා කතානායකතුමාට වඩා ගව් ගනනක් ඉදිරියෙන් සිටිනබව පැවසිය යුතුය.

සමහර විට මෙය කතානායකතුමාගේ අනුදැනුමින් තොරව කරන ලද්දක් දැයි කෙනෙකු තර්ක කල හැකිය. "එක දාගැනීමේ"අරමුණින් මෙවැනිදේ කරන නිලධාරීන්ද ඕනෑතරම් ඇත. එහෙත් නිශ්චිතවම ඒ ගැන කිසිවක් ප්‍රකාශකල නොහැක.

53 comments:

  1. වංචාව..ප්‍රෝඩාව..බොරුව..ඇස්බැන්දුම්...රැවටීම්...ජය වේවා සිරි ලන්කා.....!!!!!

    ReplyDelete
  2. අනේ මන්ද , " බීප්" ලාව විවෙචනය කරපු ලිපි ලියන්න ගිහින් රාජ්ගේ බ්ලොග්ගෙත් බ්ලොක් කරයිද දන්නේ නැ

    ReplyDelete
  3. අඩේ මහ තකතීරු වැඩක් නේව..රටේ ආදර්ශමත් නායකයන්ගේ තත්වේ ඔකයි...හික්

    ReplyDelete
  4. මට තියන ප්‍රශ්නෙ මෙක හදන්න කියුවෙ කවුද කියන එක. සාමන්‍යයෙන් මේ විදියට photo හදන්න කියන්නෙ photo එකෙ ඉන්න පුද්ගලයා, මොකද කතානායකතුමාට ඔය photo එක සතපහකටවත් වටින්නෙ නැතුව ඇති. ඒක වටින්නෙ ඔයාගෙ මිත්‍රයට. අනික කතානායකතුමා කාට ලකුනු දා ගන්නද ඔය photo එක හදන්න කියුවෙ කියලා ලිපියෙ සඳහනක් නෑ. මට පේන්නෙ ඔයාගෙ මිත්‍රයට වෙච්ච වැරද්දක් වහගන්න ඔයාට ඒ කතාව කියලා තියනවා.

    …ඇත්තම කියනවනම් ඔයාගෙ යාලුවා මොකටද photo එකට සල්ලි දුන්නෙ. මෙක ඔයාගෙ යාලුවට නඩු දාන්ඬ පුලුවන් case එකක්

    ReplyDelete
  5. මෙවැනි ගොන්පාට් ඕනෑ තරම් දැක පුරුද්ද ඇත. අනේ අපේ ලංකාව. ලැජ්ජයි.....

    ReplyDelete
  6. සිරාවට මචං . . උඹට යාලුවගෙන් අහන්න තිබ්බා සහතිකේ දුන්නු කෙනා නැතුව වෙන කෙනෙක් ඉන්න පින්තූරයක් එපා කියලා නොගෙන ඉන්න . .. එහෙම නැතිනම් පත්තරේකට හරි කියලා වරද නිවරදි කරන්න තිබ්බා . . ලොකු කමට ගෙදර බිත්තියේ එල්ලගෙන ඉන්නේ නැතුව . . . මොකෝ කියන්නේ?

    ReplyDelete
  7. වින්චැට්කිරිල්ලි, වෙද ගෙදර මහ වෙදනා, Raj
    ලැජ්ජයි තමයි. මොනව කරන්නද!

    බුවාගේ සිතුවිලි !
    බලමු. එහෙම වෙන එකක් නෑ.

    Loku John
    1.මං හිතන්නෙ මගේ පෝස්ටුවේ පේලියක් වැරදියට තේරුම් අරං. ලකුණු දාගන්න කිව්වෙ අදාල නිලධාරීන් කථානායකතුමාගෙන් ලකුණු දාගැනීම මිසක් කතානායකතුමා වෙනකාගෙන්වත් ලකුණු දාගන්න කරපු දෙයක් නෙවේ කියනඑක.
    2.//මට පේන්නෙ ඔයාගෙ මිත්‍රයට වෙච්ච වැරද්දක් වහගන්න ඔයාට ඒ කතාව කියලා තියනවා.//
    මිත්‍රයගෙයි මගෙයි විශ්වාසකම් අවිශ්වාසකම් පිළිබද කිසිදු ගැටළුවක් මෙහි නැත. ඒ පිළිබද සැකයක් තිබුනේ නම් මෙය නොලියවීමටද ඉඩ තිබුනි.
    //ඇත්තම කියනවනම් ඔයාගෙ යාලුවා මොකටද photo එකට සල්ලි දුන්නෙ.//
    සල්ලි දෙන ලද්දේ පිංතූරය ගන්නා අවස්ථාවේදීමය. වරද දුටුවේ ගෙනඒමට ගිය විටයි. නඩු දාන්න පුළුවන් බව ඇත්ත. ඒකෙ දෙකක් නෑ. ඒත් "කළුගලේ ඔළුව ගහනොගැනීමට" තරම් මිත්‍රයා බුද්ධිමත්ය.

    ReplyDelete
  8. දුකා
    මේටික මිස් උනාද?
    //මම ඇහුව ඔරිජිනල්එක ගන්න බැරිද කියල...බෑ කිව්ව..//
    වෙනකෙනෙකුගෙ පිංතූරයක් එපා කියල ගෙදර ආවෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නය මම ඇහුවෙ නෑ. තමන්ගෙ දුවගෙ පිංතූරෙ ගෙදර ගේන්නම ඕන කියල හිතන්න ඇති. සල්ලිත් වේලාසන දීපු එකේ හිස් අතින් ගෙදර එන්න ලේස්ති නොවුනු කෙනෙක් එයා. එච්චරයි. ඒක තේරුම්ගන්න අමාරුද?

    ReplyDelete
  9. ඔතන වරද්දී වෙන්න ඇත්තේ ලොක්කාගෙන් ලකුණු දාගන්න හදන නිවටන්ගෙන්.පොඩි එකාගේ අඩිල්ලට මොනවා තිබුනත් ගේනවා.ඒ පැත්තෙන් බලද්දී උඹේ යාළුවා හරි..

    ReplyDelete
  10. අසරණයා
    උඹට තේරුණා.

    ReplyDelete
  11. මාර වැඩේ. මට මේ ගැන මේ විදියට ලියන්න පුළුවන් වේවි කියලානම් හීනෙකින්වත් හිතුනේ නැහැ. මම දවසක් මගුල් ගෙදරක තෑන්කින් කාඩ් එකක් හදාගන්න ඔය ස්ටුඩියෝ එකට ගියා. එතකොට ඔය කියන පින්තූර එඩිට් කර කර ගෑණු ළමයෙක් හිටියා. ඇත්තටම තෑගි දීපු කෙනාව මකලා කථානායක තුමාගේ පින්තූරය එතනට දානවා. මම ඇහුවා නංගී ඇයි මෙහෙම කරන්නේ කියලා. මෙන්න එයා කියනවා අපිට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියපු දේලු කරන්නේ. ඇතැම් විට මේ බව කථානායක තුමා දන්නේ නැතිව ඇති. මම ඒ වෙලාවේ ඒ ළමයට කිව්වා මේ මනුස්සයාගේ ප්‍රමාණයත් ළමයාගේ ප්‍රමාණයත් ගැලපෙන්නේ නැහැ නේද කියලා. උත්තරය කරන්න දෙයක් නැහැ අපිට කියපු විදියට තමයි කරන්නේ කියලා. ඔන්න ඕකයි වුනේ

    ReplyDelete
  12. 'ඉකේය්ය' කියනව අර වෙන කියන්න දෙයක් නෑ

    ReplyDelete
  13. වැරදියට හිතන්න එපා. කතානායකතුමාට මොනවා කියුවත් මට කමක් නෑ. මම දැක්කෙ එතන කතානායකතුමාට කිසිම සම්බන්ද කමක් නැති තැනක එතුමගෙ photo එක පාවිච්චි කරපු එක වැරදිය්. අඩුගානෙ එතුමා එතන රැස්වීමට එනවා කියලා පොල්ල තිබ්බ හරි කියලා තිබුනනම් මට මෙහෙම හිතෙන්නෙ නෑ.

    …කලු ගලෙ ඔලුව ගහගැනීමක් වෙන්නෙ නෑ මොකද මෙ වැරැද්ද කලෙ දර්ශන ස්ටුඩියො එකෙන්. මම කියුවෙ ස්ටුඩියො එකට විරුද්ධව නඩු දාන්ඩ

    ReplyDelete
  14. ඊ...ය, හතර විලි ලැජ්ජාවයි, (ලැජ්ජාවක් තියන උන්න්ට)

    ReplyDelete
  15. @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ලංකාවෙනම් තමයි ඉන්නෙ. ඇයි ලංකාවෙද ඉන්නෙ කියලා ඇහුවෙ ?

    ReplyDelete
  16. මට පේන්නේ රාජ් අයියා සුදු වෑන් එකක් ගෙන්නා ගන්න හදනවා වගේ... අනේ මන්දා මේ ගොන්පාට් නම්. මොනා කරන්නද මේව දැක දැකත් අපිට සද්ද නැති ව ඉන්න වෙන හැටි!!!

    ReplyDelete
  17. Loku john - කාරණා දෙකක් නිසා
    01)ලංකාවේ දේශපාලුවන් හා ඔවුනට සම්බන්ධ හෙන්චයියලාගේ කෙරුවාවේ හැටියට , අර අහිංසක තාත්තට චෝදනා කරනවට වඩා වැඩි බරක් රාජ් කියල තියන කථාව ඇත්තය කියල පිලිගන්න දෙන්න පුලුවන් බව ඔබතුමා නොදැකීම (දේශපාලකයින් හා ගෝලයින් තමන්ගේ ප්‍රජාසත්කාර පිලිබඳ ප්‍රචාරණයන් දෙන්න බොහොම කැමතියි , ඔය වගේ වැඩ ලංකාවේ හරි සුලභයි )

    02) ඔය "බි...ප්" ලා ගැවුන තැනකට එරෙහිව නඩු දානවාට වඩා හොඳයි ගලක් බැඳෙගෙන හම්බන්තොට වරායට පනිනව(ඒකට තව එක ගල් කැල්ලක් වැඩි වෙන එකක් නැ )

    ReplyDelete
  18. වරායෙ ජොබ් දෙනව කියල සල්ලි ගත්තෙ කාගෙ නෝනද?

    ReplyDelete
  19. හරි මට උන ගැටලුව මෙතන ලොක්කා කියවලා photo එක දැම්ම කියලා ලිපියෙ පෙන්නපු නැති එක. මෙක කියවනකොට පේන්නෙ ස්ටුඩියො එකෙ වැරැද්ද. එක්කො //අපිට කියපු හැටියට තමයි අපි පිංතූරෙ හැදුවෙ // මෙතනදි කරවපු කෙනාව ඉලුප්පුවනම් වටිනවා

    ReplyDelete
  20. සජීව විජේවීර
    මාත් හීනෙකින්වත් හිතුවෙ නෑ මගේ කතාව ඇසින් දුටු සාක්‍ෂිකරුවෙක් ඇති කියල. බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට.

    Observer, ravinumal
    දෙයියො දනී.

    ලහිරු & ඉන්දික උපශාන්ත
    සුදු වෑන්? :(

    බුවා
    ටක්කෙට පැහැදිලි කරල!

    Loku John
    රජයේ උත්සවයක මාධ්‍ය අනුග්‍රහය කාටහරි දුන්නම අපිට එතන ගිහිල්ල ෆොටෝ ගන්න බෑනෙ. ඒක තේරෙනවද? එහෙම ගැහුව ෆොටෝ එකක් විකෘති කලාම ඒක එක්කෝ ස්ටූඩායෝවෙ හරි ඕඩර් එක භාරදුන්න අයගෙ හරි වැඩක්. තේරුනාද? මගේ යාළුව ඇහුවම හේතුව ස්ටූඩියෝවෙන් කිව්වෙ ඒක ඕඩරේ භාරදීපු අයගෙ ඉල්ලීමක් කියල. තේරුණාද? මොකද එයිලට ඕන නෑනෙ අමතර මහන්සියක් දරන්න. ඒකෙන් පැහැදිලියි ඒක රජයෙන් කලදෙයක් කියල. මෙතනදි උපකල්පන දෙකක් කරන්න පුළුවන්,
    1.කථානායකතුමාගෙ ඕඩර්එක අණුව,
    2.කථානායකතුමාගෙන් ලකුණු ගන්න නිලධාරීන් කල දෙයක්.
    ඔතන වෙලා තියෙන්නෙ මොකක්ද කියල මම කියල නෑ. ඕන දෙයක් වෙන්න පුළුවන්. මොකද මේක ලංකාව. බුවත් කියල තියෙන්නෙ ඒ ගැන.
    මම හිතන්නෙ මේ කියපු ටික ඇති.

    ReplyDelete
  21. පොටොශොප් තමයි ඉතින් මේ හැම දෙයක්ම.. අනේ මන්දා...

    ReplyDelete
  22. කෝඩුකාරයා & Dinesh
    ෆොටෝෂොප් ටෙක්නිකල් එකනේ. පිටිපස්සෙ මිණිස්සු!

    ReplyDelete
  23. ඔය පින්තූර ඇඹරිල්ල අවුරදු ගාණක් කරපු මනුස්සයෙක් විධියට මට ඔය අත්දැකීම් ‍ඕන තරම් තියෙනව. ගොඩක් විට ඔය වගේ වැඩ වලදි ලොක්කන්ගෙ උවමනාවට වඩා ලොක්කන්ට කියල ලකුණු දාගන්න දඟලන සොක්කො තමයි පුධාන. හැබැයි ඔයා කියන කතාවෙදි තත්ත්වෙ ටිකක් වෙනස් වෙන්න ඇති. සමහර විට අදාල ඡායාරූප ශිල්පියට වැඩේ භාර දුන්න ඉස්කෝලෙ නියෝජිතය කියන්න ඇති ළමයි සේරම චමල් මහත්තයගෙන් සහතිකේ ගන්න විධියට හදල දෙන්න කියල. නමුත් ඉතිං පින්තූරයක් කියන දේ මොනව වුණත් මිනිස්සුන්ට පෙන්නන්න පුළුවන් ගානටවත් හදන්න එපැයි බං. අනික අපි හරියටම චමල් ලොකුතාත්තගෙ උස දන්නෙ නෑනෙ. ඒ නිසා ඕක හදවපු මනුස්සයට ඔය ලොකු තාත්තව පොඩ්ඩක් මිටි කරන්න තිබුණා. ඔතන තියෙන අවුල අර කොලිටි ඔෆ් වර්ක් කියන එක නැති එක තමයි...

    මගේ කස්ටමර් කෙනෙක් හිටියා ඔය නියෝජ්‍ය ඇමති කෙනෙක්ගෙ නිල ඡායාරූප ශිල්පියා විධියට. පොර කියන විධියට රැස්වීමක ජනාධිපති ගාව තියෙන අනිත් පුටුවෙ වාඩි වෙන්න පොඩි යුද්දෙකුත් නැත්තෙම නැල්ලු. විශේෂයෙන් ඉදිරියෙදි ඉල්ලන්න ඉන්න සෙට් එක එහෙම... :D

    ReplyDelete
  24. hare :-)
    වැඩේ භාරදුන්නෙ ඉස්කෝලෙන් නෙවේ අමාත්‍යංශයෙන්මයි. ඒකයි බරපතළ.

    ReplyDelete
  25. විලි ලැජ්ජාවයි.
    ෆොටෝ ෂොප් වලින් වෙන්ටෑ එඩිට් කරන්න ඇත්තේ. හූ.....

    ReplyDelete
  26. මම මේ මඩ හෝදනව නෙමෙයි. මට අපේ රටේ අධ්‍යාපන ලොක්කො තරම් ඇලජික් එකක් තවත් නෑ.
    ඔය ස්ටුඩියෝ එකෙන් අපේ කොලුවගේ ෆොටෝ එක ගේන්න ගිය වෙලේ මගෙන් ඇහුව බැක්ග්‍රවුන්ඩ් චේන්ජ් කරන්නද කියල මම කිව්ව එපා කියල. මට ලැබුනෙ ඔරිජිනල් එක ගෙදර තියෙන්නෙ ඒක. ගොඩක් දෙනෙක් තමන් කියල කරවගත්ත වැඩක් ඔය.

    ReplyDelete
  27. අර කාටුන් අඳින ඉන්දිකට දුන්න නම් ඉවරනේ...

    ReplyDelete
  28. අපොයි මේවගේ දේවල්නම් ඔණෙ තරම්... නිශ්සංඛමල්ල සිහි වෙන්නෙ නැද්ද...??
    හැබැයි ඉතිං ඔකනං කථා ලොක්කා දන්නෙවත් නැතුව ඇති ඔය ලෙවකන්න බලන් ඉන්න උං හින්දා තමයි අර මිනිස්සුන්ටත් බහුතරයක් ගල් වදින්නෙත්...

    ReplyDelete
  29. හපෝ ඇත්තටම ලැජ්ජයි !!!!

    ReplyDelete
  30. මට තෙරුනා . මෙකෙ පොස්ටුවෙ photo එකට අර පින්තූරෙම ළමයගෙ මූන බීප් කරලා දැම්මනම් ලොක්කටත් රිදෙන්නම දෙන්න තිබුනා

    ReplyDelete
  31. මධුරංග & මාතලන් & ඔබ නොදු‍ටු ලොවක්
    :)

    wgc
    මෙතනදි ස්ටුඩියෝ එක නිවරරදියි.

    නරකයා
    "නිශ්ශංකමල්ල" අන්න නියම උදාහරණෙ.

    Loku John
    ඒක ඇත්ත. ඒත් මගේ 1100 එකේ ඔය පහසුකම නෑනෙ:D

    ReplyDelete
  32. සිරා කතාව. මේක ඇත්ත වෙන්න පුළුවං. සමහර විට කාට හරි කියන්න ඇති මම දැන් උත්සවේ ඉන්නේ කියලා. (පවුලට වගේ) පස්සේ ෆොටෝ එකක හිටියේ නැත්තම් නෝන්ඩි‍නේ.

    තව සිද්ධියක්... රජතුමා ජනාඨිපතිවරනේ කාලේ ස්ටේජ් එකෙන් වටුන සීන් එකත් හැම කැමරාවකම සටහන් වෙද්දී වෙනමම මාධ්‍යය අංශය වී‍ඩියෝ කරපු එකක් හදලා දුන්න සීන් එක කස්ටිය දන්නවද දන්නේ නැහැ.

    මම කියන්න හැදුවේ ෆොටෝ එකත් බීප් කරලා දැම්මනම් කියලා. ඒත් කමෙන්ට් වලින් සීන් එක තේරැනා.

    ""ගරු කථානායකතුමණි, ලැජ්ජයි!""

    මේක වි.ජ.මු ට කියපු එකක් නේද?? :))

    ReplyDelete
  33. sAm sRi
    ලැජ්ජයි කියනඑක ආවෙ මට මතක විදියට මානව හිමිකම් සම්බන්ධව හරි මාධ්‍ය නිදහස සම්බන්ධ හෝ කාරණාවකට. පහුගිය අයවැය වෙලාවෙ පාර්ලිමේන්තුවෙදි විපක්ෂ මන්ත්‍රීවරු උස්සපු බෝඩ් එකකත් තිබුන.

    ReplyDelete
  34. වි.ජ.මු හිටපු කාලෙත් කවුරැ හරි කෑගැහුවා ඕක කියල. අර මහින්දානන්ද සෙංකෝලෙ උස්සපු වෙලාවේ..

    ඔය ව‍චනෙ මුල හොයන්න බැරිවෙයි රාජ් මහත්තයෝ.. දැන් ඉතින් "ලැජ්ජ බිට් එකේ" තියාගෙන කස්ටිය වැඩ කොරන්නේ :)

    ReplyDelete
  35. අනේ මන්දා.කොම්

    ReplyDelete
  36. ඔය රෝගයට කියන්නේ හීනමානය කියල. ඕක බීප් බීප් ලාට පරම්පරාවෙන් එන ලෙඩක්

    ReplyDelete
  37. sama
    හ්ම්. වෙන්ටැති.

    ReplyDelete
  38. අපොයි රටකට ගිය කලක්.දේශපාලඥයනගේ වැඩ ඔහොමම තමයි.කවුරුත් එකයි.

    ReplyDelete
  39. මොකටද ඉතින් ඔය බොරුව තවත් 'ප්‍රදර්ශනය' කරගෙන් ඉන්නේ....

    ReplyDelete
  40. JHOTHISHALANKA
    හ්ම්. සුභ අළුත් අවුරුද්දක් වේවා අයියේ.

    kandyan
    ඒක ගොඩක් දෙනෙකුට තේරුම්ගන්න බැරි එකක් වෙයි කියල මම හිතුවෙ නෑ. ඕන ඕන විදියට පිංතූර රාමු කරල තියාගෙන ඉන්න පුළුවන් උදවියට නං මේක විසිකරල දාන්න පුළුවන්. ඒත් එතන තත්වය වෙනස්. ගමක ඉන්නව දුප්පත් තාත්ත කෙනෙක්. එයාගෙ දුව අමාරුවෙන් ශිෂ්‍යත්වෙ පාස් කරනව. ඒ නිමිත්තෙන් දුවට පාටි දාන්න ෆොටෝගන්න තෑගිදෙන්න හැකියාවක් නෑ මේ අයට. ලැබෙන්නෙ ආණ්ඩුවෙන් දෙන සහතිකයකුයි ඒ අවස්ථාවෙ ‍අමාරුවෙන් ගන්න ෆොටෝ එකකුයි විතරයි.
    ඉතිං ඒක "ප්‍රදර්ශනය" නොකර විසිකරල දාන්න කියල ඔබට කියන්න පුළුවන්ද?

    ReplyDelete
  41. ~~තරූගේ ලෝකය~~
    කැතයි නේන්නං!

    ReplyDelete
  42. හරි..දැන් මට තේරෙනවා....ඒත් ලමයාට තේරෙන දවසක හිතේ ඇතිවෙන දුක...කේන්තිය..කළකිරීම....?????

    ReplyDelete
  43. මම නම් ටියුබ් ලයිට්!

    ReplyDelete
  44. වැඩේ කියන්නේ මාත් ටියුබ් ලයිට්....:D:D:D

    ReplyDelete
  45. පොඩ්ඩි & Podi Kumarihami
    ඒ කියන්නෙ මගේ පෝස්ටුව තේරුණේ නැද්ද.

    ReplyDelete
  46. අපොයි රවන්ට එපා. මට නම් අකුරක් ගානේ පෝස්ටුව තේරුනා. හැබැයි ලංකාවේ වෙන වැඩ තේරුනේ නෑ කීවේ....:D:D:D

    ReplyDelete
  47. ලංකාවෙ වෙන වැඩ තේරුම්ගන්න අයින්ස්ටයින්ගෙ වගේ මොලයක් තියෙන්න ඕන. :-)

    ReplyDelete
  48. මෙතන COMMENT කරන බාගෙට බාගයක් පිස්සො , නිකම්මු , වෙන වැඩ නැද්ද බොලාට ?

    ReplyDelete
  49. ලොකු ලොකු අයත් එක්ක ඉදලා ෆොටෝ ගන්න එක ලොකු රෝගයක්. මුන්නා බායි 2 ෆිල්ම් එකේ ඉන්න ලකී සිං කියන මනුස්සයාට ඒ ෆොටෝමේනියාව උපරිමෙන්ම තියෙනවා :))

    ම්ම්ම් මටත් තියෙනවා ජනාධිපතිතුමාගෙන් සහතිකයක් ගන්න ඔරිජිනල්ම ෆොටෝ එකක් :))

    ReplyDelete