Monday, January 2, 2012

කියන කතා.

බ්ලොග් අවකාශයේ සියළුම දෙනාට සුභ නව වසරක් වේවා!

ලිපියක් දාන්න කාරණාවක් සති අන්තෙ ලැබුනත් අවුරුද්දෙ ඉස්-ඉස්සෙල්ලම කාටවත් මොකුත් කියන එක හොද නෑනෙ. ඒ නිසා එක එක්කෙනා එකඑක තැන කියපු කතා මේවගේ පෝස්ටුවකින් පටන්ගන්නව. වැඩිය හිනා යන්නෙ නැතත් කියවල බලන්න. ඇත්ත කතා.

පළවෙනි කතාව සිද්ධවුනේ මම විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ. ඒ දවස්වල අපි හොස්ටල් එකට වෙලා ආතල් එකක් එහෙම අරගෙන ඉන්නව මිසක් අධ්‍යාපනයට උනන්දුවක් තිබුනෙ නෑ. ඒනිසා ලෙක්චර් ගියෙත් නෑ. ලෙක්චර් නොයන නිසා කැම්පස් යන්න උනන්දුවක් තිබුනෙත් නෑ. අපි නැවතිලා හිටියෙ එලියකන්ද නේවාසිකාගාරයෙ. අපේ රූම් එකට එහා පැත්තෙ රූම්එකේ හිටිය එවුනුත් අපිවගේ. එක කාලයක උන් සෙට්එක කෑම උයාගෙන කන්න සෙට්උනා.(කැන්ටිමෙන් කන්න බැරිකමට). ඒ සෙට්එකේ හිටිය පාලිගෙයි මගෙයි තමයි මේ කතාබහ,

මම: පාලි, බලපං උඹල කරන වැඩේ, මොකද්ද ඕකෙ තේරුම. උඹල උදේ 8ට 9ට නැගිටිනව. ඊට පස්සෙ උදේට උයන්න පටන්ගන්නව. දහය විතර වෙනව උදේට කනකොට. ඊට පස්සෙ හැලිවලං හෝදල දවල්ට උයන්න පටන්ගන්නව. දවල් කනකොට දෙක තුන වෙනව. ඊට පස්සෙ සෙල්ලංකරල නාල හැන්දෑවෙ පටංගන්නව රෑට උයන්න. අට විතර වෙනකොට උයාගෙන කාල නිදාගන්නව. එහෙම බැලුවම උඹල කැම්පස් ඇවිල්ල කරල තියෙන්නෙ උයං කනඑක විතරයිනෙ.

මගේ කතාවට පාලි දුන්න උත්තරේ මට කවදාවත් අමතක වෙනඑකක් නැතිඑක ෂුවර්.

පාලි: හරි දැං බලපං උඹල ගැන. උඹලත් උදේ 9ට විතර නැගිටිනව. ඊටපස්සෙ කැන්ටිමෙන් උදේට කනව. ඊට පස්සෙ සෙල්ලංකරනව, සිගරැටි ගහනව, නානව. ඊටපස්සෙ දවල්ට කනව. ඊට පස්සෙ නිදාගන්නව. හවසට සෙල්ලං කරල කැන්ටිමෙන් රෑට කාල නිදාගන්නව. එතකොට උඹල මොකුත්ම කරල නෑනෙ. අපි උයාගෙන කාල හරි තියනව.

මට කටඋත්තර නැත.

දෙවනි කතාව අපේ ඔපීසියෙ වැඩකරන රවි අයියලයි ගෙදර ගිය වෙලාවෙ සිද්ධවෙච්ච වැඩක්. අපි ටවුමට ඇවිල්ල වලක් බහිනකොට තවත් (ටිකක් විතර වයස) ඇනෝනිමස් කෙනෙක් රවී අයියට සෙට් උනා. මේ වෙලාවෙ මෙතනින් යනවා ඇහැට කනට පේන ගැටිස්සියක්. අපි තුන්දෙනාගෙම අවධානෙ ඒ පැත්තට යොමුවුනා.

ඇනෝනිමස් : හහ්! කොහොමද .......හැටි? රවී මහත්තයෝ අපිට ඕන අහුවෙන්න ඔහොම කෑලි!

උන්නැහේ එහෙම කියල පිටවෙලා ගියා.

රවී අයිය : මල්ලී ඕක ඔහොම කිව්වට උගේ ගෑණිට වටේම ඉන්න එවුන් .........!:D

තුන්වෙනි කතාවට සම්බන්ධ වෙන්නෙ මගේ යාළුවො දෙන්නෙක් වෙච්ච හේර සහ බුරා. හේරට රක්ෂණ ආයතනයක වැඩකරන්න සෙට්වුනා. එක දවසක් බුරා හේරට කෝල් කරනව,

බුරා : මේ.... මිස්ටර් ....ද? .....ඉන්සූරන්ස් එකේ?

හේරා : ඔවු මහත්තය එයා තමයි ඇයි?

බුරා : මහත්තය මට ලයිෆ් ඉන්සූරන්ස් එකක් කරගන්න ඕන,......

හේර අදුරගත්ත කටහඩ

හේරා : ආ.... සොරි මහත්තය අපි කිරිගව රක්ෂණය නැවැත්තුවනේ.... මහත්තයට පුළුවන් නං තව මාසයක් ඉන්න. අපි තව මාසෙකින් පටන් ගන්නව පට්ටිගොනා රක්ෂණය.

ගිහිං එන්නං.

27 comments:

  1. පාලිය උඹට දීපු උත්තරයත් එහා කිරිගව රක්ෂනේ , හි හි හි හි

    ReplyDelete
  2. 'පට්ටිගොනා රක්ශනේ' තමා හොඳම එක...හෙහ්...හෙහ්...

    ReplyDelete
  3. සුබ නව වසරක් සහෝ...ලැබෙන්ඩ යන උතුම් තානාන්තරේ ඉක්මනින්ම ඉටුවේවා කියල ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  4. අනිත් එක නොදැම්මෙ මෙක හොඳ හන්දනෙ මෙක ඊට හපං

    ReplyDelete
  5. බුවාගේ සිතුවිලි , Observer.
    ගන්නවද එකක්? සෙට්කරල දෙන්නද?:D

    Raj.
    දැන්ම නැත. කලක් සිටියයුතුය. බොහොම ස්තුතියි.

    Loku John.
    මේවත් එක්ක බලනකොට කියන්න ඉන්න ඊලගඑක ගොඩක් දරුණු ජෝක් එකක්. කරල තියෙන්නෙත් රටේ වැදගත් තැනක ඉන්න වැදගත්ම(?) කෙනෙක්.

    ReplyDelete
  6. නව වසරට ආසිරි කිව්ව. කතා තුනෙං දෙවනි එක තමා එළ!

    ReplyDelete
  7. ඉන්දික උපශාන්ත
    තැන්කූ.

    ReplyDelete
  8. ලස්සන කතාව පලවෙනි එක.

    මේ අවුරුද්දේ තව, තව ලස්සන කතා රැසක් ලියවේවා....:D

    ReplyDelete
  9. Podi Kumarihami
    තැන්කූ. දෙන්නං...

    ReplyDelete
  10. පලවෙනි කතාව කියපු එකාගේ උත්තරය එල. ඒක නිකන් මට ඌ ගහනවා ඌ මට ගහනවා වගේ වැඩක්..

    ReplyDelete
  11. අසරණයා
    නෑ ඌ මටයි ගැහුවෙ!

    ReplyDelete
  12. අන්තිම එකට තාම හිනා රා‍ජෝ..

    ReplyDelete
  13. පට්ටිගොනා රක්ෂණය.. මොකක්ද දන්නේ නෑ මේ රක්ෂණය දෙන කම්පැනි එක??

    ReplyDelete
  14. sAm
    ඔය මදැයි:)

    Dinesh
    යූනියන් ඇෂූරන්ස්

    ReplyDelete
  15. අඩේ කාලෙකට පස්සේ මරු කතා ටික. අයියටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    අර හිස් තැන් වලට නම් ටිකක් දාලා ගත්තා නම් තමා මරු. හික්ස් :)

    ReplyDelete
  16. අවුරුද්ද පටන් ගත්ත කතාව නියමයි.......ඒ වගේම අවුරුද්දෙම මේ වගේම කතාවලින් රාජ් ගේ නවාතැන පිරේවා !

    ReplyDelete
  17. පට්ටිගොනා රක්ෂනේ එළ.......

    ReplyDelete
  18. මධුරංග & දිල්
    සුබ අළුත් අවුරුද්දක් වේවා! බොහොම ස්තුතියි.

    ~~තරූගේ ලෝකය~~
    ස්තුතියි ආවට.

    ඔබ නොදු‍ටු ලොවක්
    ඕන්නං ගත්තෑකි.:))

    ReplyDelete
  19. මරුම තමා... අයියාවත් මුන ගැහෙන්න ආසාවෙන් උන්නේ,, ඒත් අයියාට එන්න වෙන එකක් නැ කිවානේ.. කොහොම උනත් සුභම සුභ නව වසරක් සියලු පැතුම් ඉ‍ටුවන..

    ReplyDelete
  20. දේවා ගේ අඩවිය
    අනේ බං මට එන්න වෙන්නෙ නෑ. පස්සෙ සෙට් වෙමු. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  21. හිනා වෙලාම වැඩ අල්ලලා. :D ජය!

    ReplyDelete
  22. නලිනි චන්දිමා
    ආයෙත් මොකටද කාටවත් දොස් කියල-විවේචනය කරල පටන් ගන්නෙ.

    ReplyDelete
  23. ඵල ඵල... පට්ට කථා ටික! අයියටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  24. තැන්කූ. සුභ නව වසරක් වේවා.(කකාගෙ ක්‍රමේට සුභපතන්නෙ එහෙමයි)

    ReplyDelete
  25. මේ අවුරුද්දෙම ඔහොම හිනා යන කතා ලියන්න ලැබේවා....!

    ReplyDelete
  26. මුල් කතාවේ නම් හාස්‍යයත් එක්කම ගත යුත්තකුත් පේනවා වගේ

    ReplyDelete