Saturday, January 14, 2012

විශ්ව විද්‍යාලයේ සිදුකල ටවල්, ටොයිලට්-බකට්, ටූත්පේස් උද්ඝෝෂණය.

මේ දිනවල රූපවාහිණී ප්‍රවෘත්ති විකාශයෙන් සැලකියයුතු කාල පරාසයක් අල්ලාගෙන ඇත්තේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, කථිකාචාර්යවරුන්-උපකුලපතිවරුන් සහ ගණනක් නොදන්නා සංඛාවක් සිටින අධ්‍යාපන ඇමතිවරුන්ය-නියෝජ්‍ය ඇමතිවරුන්ය. ශිෂ්‍ය වර්ජන වල නිමක් නොමැති අතර පොලිස් පහරදීම්වල සිට පංති තහනම් කිරීම් දක්වා ප්‍රවෘත්තිද නිමක් නැත. අප විශ්ව විද්‍යාල සමයේදී අයත් වූයේ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමකට බැවින්දෝ සාමාන්‍ය මට්ටමේ වර්ජන මිස මහා පරිමාණ උද්ඝෝෂණ වලට සහභාගී විමට අවස්ථාවක් නොලැබුනේය. මේ අතරින් එක් අපූරු සහ සාර්ථක උද්ඝෝෂණයක් දැනුදු මතකයේ ඇත. මේ එහි කතාන්දරයයි.

මගේ මතකය නිවැරදි නම් එවකට අප සිටියේ දෙවන වසරේය. නැවතී සිටියේ මාතර එළියකන්ද නේවාසිකාගාරයේය. "විශ්වයේ ඇති නිදහස්ම ස්ථානය" යැයි අන්වර්ථ නාම ලැබූ මෙහි, උද්ඝෝෂණයකට මගපෑදු හේතුව වූයේ "ජල" ප්‍රශ්නයකි. බීමට ගැනීමේ පටන් ශරීරකෘත්‍යයේ අවසානය පියවර දක්වා නේවාසිකාගාරයේ ජල අවශ්‍යතාවය සපුරාගැනුනේ එහි එක් පසෙකින් ඇති ලිද මගිනි. මෙයට සවිකල මෝටරයක් මගින් ඉහල ඇති විශාල ටැංකියකට එකතුවූ ජලය නල පද්ධතිය ඔස්සේ විවිධ ස්ථානවලට බෙදාහැරිණි. වතුර මෝටරය විටින්විට අක්‍රිය වීමත් ලිද ඉතා අපිරිසිදු තත්වයට පත්වීමත් පිළිබද විශ්වවිද්‍යාල පාලකයන්ට කොතෙකුත් දැනුම්දීම් කලද නිසි පියවර නොගැනිණි.

දිනක් උදෑසන නේවාසිකාගාරයේ සිටි සියළුම ශිෂ්‍යයින් එක්රැස්වී ප්‍රශ්නයට විසදුමක් ලෙස උද්ඝෝෂණ මාවත තෝරාගැනිණි. උදෑසන රැස්වූ ශිෂ්‍යයින් තම රාත්‍රී ඇදුම පිටින්ම, සබන් තුවා දත්බුරුසු සහ වැසිකිළි බාල්දි ආදිය රැගෙන කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි රුහුණ විශ්ව විද්‍යාලය කරා පයින්ම ගමන් ආරම්භ කලේය. වෙනදාට දැක පුරුදු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් "අමුතු ඇදුමින් සැරසී" යන අයුරු ගම් වැසියන් මෙන්ම බස්රථ රියදුරන්ද බලා සිටියේ හාස්‍යජනක මුහුණු වලින් යුතුවය. පෙර සැලසුම් කල පරිදිම අප පෙරවරු අට පමණ වනවිට විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව කරා පැමිණ, ගේට්ටුවෙන් ඇතුල් පැත්තට වන්නට බිම හිදගත්තේ උදය කාලයේ රැකියාවට පැමිණෙන කාර්ය මණ්ඩලයට බාධා වන අයුරිණි. සමහරුන් සිටියේ බිම වැතිරීය. සේවය සදහා පැමිණි විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ පිරිස ගේට්ටුව අසලට පැමිණියද, ගේට්ටුව අවහිර වනසේ එකට එක යාවී සිටි ශිෂ්‍යයන් පාගාදමමින් මිස ඇතුළුවීමට නොහැකිවිය. උද්ඝෝෂණයේ සාර්ථකත්වය රැදී තිබුනේද සේවක මණ්ඩලයට රාජකාරිය සදහා යාමට නොහැකි වුවහොත් පමණි. ඉතා සුළු පිරිසක් කෙසේ හෝ රාජකාරියට යම්හයි සිතා කම්බි වැටවල් අතරින් රිංගා ගියද බහුතරයක් සේවකයක්ගේ මතය වූයේ මෙය ශිෂ්‍යයන්ගේ සාධාරණ උද්ඝෝෂණයක් බැවින් බලහත්කාරයෙන් සේවයට යාමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. මේ අතර රැගෙන ආ දත්බෙහෙත් බුරුසු වලට දමාගත් අප එම ස්ථානයේ සිටම දත්මැදීමට පටන්ගත් අතර සමහර ශිෂ්‍යයන් ඒ ස්ථානවල මුත්‍රාකිරීමටද ලැහැස්ති විය.:D. විශ්වවිද්‍යාල භූමියේ පිහිටි කාන්තා නේවාසිකාගාරයේ සිටි සහෝදරියන්ද අපේ සහයට උද්ඝෝෂණයට පැමිණ බිම හිදගත් පසු ඒ හරහා ගමන් කිරීම උගහට විය.

ටික වේලාවකට පසුව පැමිණි පාලකයන් සමග ඇතිකරගත් වාග් සංග්‍රාම වලින් අනතුරුව, ප්‍රශ්නයට එදිනම විසදුම් ලබා ගැනීමට අප සමත් වූවත් සහෝදර ශිෂ්‍යන් දෙදෙනෙකුහට පන්ති තහනමක් පැනවීමට තරම් පාලකයන් සැහැසි විය.

56 comments:

  1. මට මේ සිද්ධිය මතකයි. හැබැයි මම නම් ඒ වෙනකොට එලියේ හිටියේ නමුත් මගේ නැඟනිය මේකාලෙදි හිටියේ ඇතුලේ. කොහොම හරි ජයගත්තනේ. මේවගේ සටහන් නිසා අපේ අතීතය මතකයට එනවා නොදැනීම.

    ReplyDelete
  2. වෙද ගෙදර මහ වෙදනා
    ඔබතුමා රුහුණෙ හිටියද?

    ReplyDelete
  3. කාටවත් උද්ගෝශනේ වෙලාවෙ වැසිකිළි යන්න හෙම ඕනෙ වුනේ නැද්ද? හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ "ලැජ්ජ බය ඇතුව හැදිච්ච" අපේ කීප දෙනෙක් අහල-පහලම ඒ වැඩේ කරන්න ලෑස්තිවුනා. ඒත් ඒකට ඉඩ දුන්නෙ නෑ වෙලාවට.

      Delete
    2. බොලේ මේ රිප්ලයි කරන්න තියන අලුත් ගැජට්එක නියමයි. එක එක්කෙනාට වෙනවෙනම උනත් රිප්ලයි කරන්න පුළුවන්. හැන්දෑවට මතක ඇතුව ගූගල් දෙයියන්ට පහනක් පත්තුකරන්න ඕන අපිට මේවගේ පැසිලිටීස් දෙනවට නේද?

      Delete
  4. මම කැලනියේ. නමුත් සොයුරිය රුහුණ. තව ඔබගේ නේවාසිකාගාර ඉදිරිපිටමයි මගේ මාමාගේ ගේ.

    ReplyDelete
    Replies
    1. හරි හරි දැන් පැහැදිලියි.

      Delete
  5. හරි සෝක් සිද්දිය...

    ReplyDelete
  6. බැලුවාම රාජ් සහෝදරයත් විප්ලව කාරයෙක්

    ReplyDelete
  7. කාන්තා නේවාසිකාගාරයේ නංගිලවත් උඹලා ගිය විදිහටම ගෙන්න ගෙන තිබුනා නම් අති සාර්ථක වෙන්න තිබ්බා වැඩේ!

    ReplyDelete
  8. කාන්තා නෙවසිකගරේ නංගිලා ආවේ උඹල වගේ රාත්‍රී ඇඳුම පිටින්ද.හික්..

    කිසියම් කෙනෙක් ඒවගේ ඉල්ලීමක් කරන්නේ සාධාරණ හේතුවක් ඇතුව.එත් ඒ ඉල්ලීම ගැන හිතල බලන්න තරම් දැන් ඉන්න පාලකයෝ කාරුණික නැහැ.

    ReplyDelete
    Replies
    1. නෑ බොල උං ආවෙ හොදට වස්තර ඇදගෙන.

      Delete
  9. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා !!
    මෙච්චර වෙලා හැමෝම අහපු ප්‍රශෙනම මාත් අහනවා ?
    ගෑල්ලමයි ආවේ නයිටි පිටින් දෑ ?

    ReplyDelete
    Replies
    1. තැන්කූ. මොකෑ මේ ගෑල්ලමයින්ගෙ ඇදුම ගැනම හොයන්නෙ?

      Delete
  10. සරම් විප්ලවේ සාර්ථකයි වගේ...
    මම ගල් ඔය ආයතනයේ ඉගෙන ගන්න කාලේ එක දවසක් වතුර ප්‍රශ්නෙකට 200 ක් විතර සරම් පිටින් lectures ගියා....පැය භාගෙන් නැති වතුර ආවනේ...

    ReplyDelete
    Replies
    1. සරම පිටින් ලෙක්චර් යන එකත් නියමයි.

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මොකෑ කොමෙන්ටුව මැකුවෙ? ඔබතුමන්ල ඒක සංවිධානය කල නිසාද? :)
      චූ කරන්න හැදුවෙ අපේ ජූනියර්-ඒ කියන්නෙ ඔයාලගෙ සුපර් ජූනියර් බැච්එකේ එවුන් ටිකක්.

      Delete
    2. ඔය උද්ඝෝසනේට මමත් ගියා.දැන්නම් ලැජ්ජත් හිතෙනවා බන්.ඔය දවසේ බස් නවත්තලා අපි දිහා බලා හිටියනේ.මගේ කරුමෙ කියන්නේ එදාම අපේ ගමේ උන් ටිකක් කතරගම යනකොට අපිව දැකලා.උන් හැමෝම දැකල මමත් සරමක් ඇදගෙන කැම්පස් එක ලග ඉන්නවා.අම්මෝ ලැජ්ජාවේ බෑ.එදා අපේ උද්ඝෝෂනේ සාර්ථක වෙලා ජල ප්‍රශ්ණය විසදුනත් අපේ උන් දෙන්නට පන්ති තහණම නොලැබෙන විදියට ඒක කරන්න තිබුණා කියලා දැන් හිතෙනවා.අරුන් චූ කරන්න හදපු එක හින්ද නෙවෙයි ලොක්කන්ට මල පැන්නේ අපේ උන් එයාලත් එක්ක වචන හුවමාරු කරගත්ත හින්ද?

      Delete
    3. //උන් හැමෝම දැකල මමත් සරමක් ඇදගෙන කැම්පස් එක ලග ඉන්නවා.//
      විලිලැජ්ජාවෙ බෑ:)

      Delete
  12. හී හී කොහොමහරි ගන්න ඕනි දේවල් ගත්තනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් වැඩේ ඇතෑරියෛ නෑ.

      Delete
  13. මට තේරෙන්නේ නෑ මචං... ඒත් හොඳයි...

    ReplyDelete
    Replies
    1. තේරෙන්නෙ නෑ කිව්වෙ?

      Delete
  14. මටත් කියන්න තියෙන්නේ නම් ඉස්සර ඉඳන් ම කියන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට ජය වේවා !! කියලා තමයි. හැබැයි ඉතින් ඔය සාධාරණ ඒවා අස්සේ ගොන්පාට් එහෙමත් නොතිබුණා නෙවෙයි! කාන්තා සහෝදරියෝ නම් පට්ටයි ඈ...

    ReplyDelete
    Replies
    1. ඔවු. එයාලත් ආව වැඩේට.

      Delete
  15. ජය වේවා... රාජ් සහෝදරයා
    උඹලත් හෙන විප්ලව කාරයොනේ බලාගෙන යද්දී :)

    ReplyDelete
    Replies
    1. එහෙමටම විප්ලව කලේ නැතිවුනාට කරන්නම ඕන වෙලාවල් වලදි කලා.

      Delete
  16. දැන් එහෙක ඔහොම එකක් කරොතින් රෑ ඇදුම් පිටින්ම ටි.වී එකේ ඉන්න පුළුවන්..ඒකේ උනත් ඉතින් ආතල් එකක් නැත්තේ නැහැ නේ ;)

    ReplyDelete
    Replies
    1. මාධ්‍ය ගෙන්නගන්න තිබුන. ඒත් ඒක සංවිධානය කලේ හදිසියෙන්. ඒකයි.

      Delete
  17. රෑ ඇඳුම කිව්වේ සරම්ද? :)

    ReplyDelete
    Replies
    1. සරම් ෂෝට් පිජාම වගේඒව තමයි.

      Delete
  18. මාත් අක්බාර් ශාලාවේ ඉන්න කාලේ දවසක් දෙකක් වතුර නැතිවුණා. අත ලඟනේ ෆැකල්ටිය. ඒ නිසා වාතයක් වුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් පේරෙ නං එච්චර කචල් එකක් නැතුව ඇති. අපේ හොස්ටල් එකත් තියෙන්නෙ මූද අයිනෙ. ඒ නිසා එච්චරම අවුලකුත් නෑ. ඒත් බොන්න නාන්න වතුර ඕනනේ.

      Delete
  19. කතාවේදී මතුවූ ගැටලු කීපයක්:
    පිරිමි ලමයින්ගේ නිදන ඇඳුම් කීවේ සරමද? කොට කලිසම්ද? පිජාමාද? බස් රියැදුරන් හා ගැමියන් මේ අමුතු ඇඳුම් දිහා හාස්‍යයෙන් බලා හිටියා නම් එය සරම විය නොහැක.

    //සමහර ශිෂ්‍යයන් ඒ ස්ථානවල මුත්‍රාකිරීමටද ලැහැස්ති විය.:D. විශ්වවිද්‍යාල භූමියේ පිහිටි කාන්තා නේවාසිකාගාරයේ සිටි සහෝදරියන්ද අපේ සහයට උද්ඝෝෂණයට පැමිණ බිම හිදගත් පසු ඒ හරහා ගමන් කිරීම උගහට විය.//

    මේ දෙකේ සම්බන්ධයක් තියෙනවද?

    //ඒ හරහා ගමන් කිරීම//

    ඒ කීවේ???

    ReplyDelete
    Replies
    1. සරම කොට කලිසම්ද පිජාමා මේ හැම එකක්ම. අමුතු විදියට බලං හිටියෙ ලමයි සීයක් දෙසීයක් උදේ නැගිටපු හැටියෙ පෙනුමෙන්, බකට් ටවල් අරගෙන කැම්පස්එක බලා ගමන් ගැනීම නිසා. ඒක ටිකක් විතර අමුතු දර්ශනයක්නේ. "මුං මොකාටද ලැස්තිවෙන්නෙ" කියල වගේ....
      සම්බන්ධයක් නෑ.
      //ඒ හරහා ගමන් කිරීම//
      ගේට්ටුව ඇතුල්පැත්තෙන් පිරිමිඅය වාඩිවුනොත් සමහරු ඒ අතරින් ඉඩ හදාගෙන යන්න බැලුවත් කාන්තා පාර්සවය ඉන්නකොට එහෙම යන්න අමාරුනේ. ඒකයි.

      Delete
  20. විප්ලවයට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ තවත් විප්ලවකාරයො.

      Delete
  21. ප්‍රශ්නයක්?
    දැන් එතකොට උඩට මොනවත් ඇදගෙන නෙමේද කට්ටියම හිටියේ.?පාරේ එහෙමම ආවද
    පාරේ ගිය මිනිස්සුන්ගේ එදා දවස!!!! අහෝ!!!!!
    ඒ වුනාට ඒකෙත් පට්ට ආතල් එකක් තියෙනවා බලන් යද්දි..
    මම නම් කියන්නේ ඉන්න තැනත් (රැකියාව කරන)වතුර නැතිවෙය කියලා.

    ReplyDelete
    Replies
    1. උඩට ඇදල හිටියෙ. රැකියාව කරනතැන මේව කරන්න ගියොත්නං සොරිම තමයි. දෙන්නෙක් තුන්දෙනෙක් එයි උපරිම.

      Delete
    2. උඩට අන්දලා හිටියට යටට අන්දලා නැතුව ඇති නේ උදේමනේ..හෙක් හෙක්..

      Delete
  22. //සහෝදර ශිෂ්‍යන් දෙදෙනෙකුහට පන්ති තහනමක් පැනවීමට තරම් පාලකයන් සැහැසි විය//

    මචං දැන් කරලා බලහං කෝ.. **ශිෂ්‍ය භාවය අහෝසී** :)

    රාජ් කිව වගේ රිප්ලයි ගැජට් එක මැක්සා !

    ReplyDelete
    Replies
    1. දැං ඉතිං අහෝසිකරන්න වෙන්නෙ ......

      Delete
  23. ඒ උනාට ඒක හරි අසාධාරනයි..ගෑනු ලමයි මොකද නයිටි පිටින් නැතුව හොඳට වස්ත්‍ර ඇඳන් ගියෙ..?

    ReplyDelete
    Replies
    1. අසාධාරණ නං තමයි. මොනව කරන්නද ඕවා කියන්න ගියානං කෙල්ලොටික නැතිවෙනවනේ.

      Delete
  24. මොර‍ටුවේ ඉන්න කාලේ ගැහිච්ච බල්බ් හොයලා ඉවරයක් නෑ....පෙට්‍රල් බෝම්බ හදන්න...

    ReplyDelete
    Replies
    1. එව්ව කිරිමෙල් වැඩ.

      Delete
  25. ඔය සෙට් එක දැක්කහම පාලනාධිකාරියට ලැජ්ජා හිතෙන්න ඇති ! ලැජ්ජා නැතිකම අර මුඩ්ලියර්කමටත් වඩා ලොකුයි කියනවනෙ !

    ReplyDelete
  26. ඔන්න කනො පිනුම් පුලුවන්නම් බලාගනින්...ඔය උද්ඝොශණ ඉස්ට්‍රයික් අපි ඉස්කොලේ යනකාලේ හිටම්ම හොඳට පුරුදු නොවැ.." ඉස්කොලේ මොකද්ද කියල අහන්ඩ එපා..අර ගඩොල් බ්ලොග් එකේ තියෙන ගම්පහ ටවුමේ පිරිමි විද්‍යාලය මචො"

    ReplyDelete
  27. අම්මේ මේ විශ්වවිද්‍යාල සිසුවොත් කරන වැඩ

    ReplyDelete
  28. ඇති යන්තං, ඔයින් ගියා මැදෑ .......
    හරි වැරැද්ද කොතන උනත් අපේ ලංකාවේ විශ්ව විද්‍යාල, ඇරලා තියනවට වඩා වහලා තමා තියෙන්නෙ .........

    අයියෝ අපේ ෂල්ලි ........

    ReplyDelete