Monday, April 23, 2012

සංවේගයෙන් දැනුම්දීමයි! ශ්‍රී ලංකා රග්බි පිලිපීනයේදී මියයයි.

දැඩි අකුණු සහිත කාලගුණ තත්වයක් මධ්‍යයේ වුවද, උග්‍ර රග්බි ලෝලියෙකු ලෙස මා පසුගිය සෙනසුරාදා දින හවස් කාලය කැපකලේ පිලිපීනය සමග ශ්‍රී ලංකාව සහභාගී වූ තරගය නැරඹීම සදහාය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පිලිපීනය පරාජයට පත්කර ආසියාවේ සුපිරි පස්දෙනාගේ වටයට සුදුසුකම් ලබාවි යයි අපේක්ෂාවෙනි. එහෙත් සිදුවූයේ අනෙකකි. දුර්වල පිලිපීනය හමුවේ අපේ කණ්ඩායම පරාජයට පත්විය. ඒ සමගම ආසියාවේ පලමු කාණ්ඩය (Division I) දක්වා පසුබැසීමටද සිදුවිය. එය එසේ වුවද මාධ්‍ය ගැත්තන්, ශ්‍රී ලංකාව සහභාගීවු තරග තුනෙන් දෙකක් දිනා 66.66%ක ජයග්‍රාහී ප්‍රථිශතයක් ඇත්තන් බව ප්‍රකාශ කලහොත් එය පුදුමයක් නොවේ. (ශ්‍රී ලංකාව අතින් පරාජයට පත්වූ සිංගප්පූරුව සහ චීන තායිපේ කණ්ඩායම් තරගාවලිය ආරම්භයේදී ලෝක ශ්‍රේණිගත කිරීම් වලදී අත්කරගෙන සිටින ස්ථාන පිලිවෙලින් 52 සහ 57 බවත්, පිලිපීනය 72 සහ ශ්‍රීලාකාවේ ස්ථානය 46 බවත් සදහන් කරමි).

වසර දහයක පමණ මෑත කාලයක සිට ශ්‍රී ලංකාව තුල ජනප්‍රියත්වයෙන් ක්‍රිකට් වලට පමණක් දෙවැනි වෙතැයි සිතියහැකි රග්බි ක්‍රීඩාවේ, කොළඹ හෝ නුවර පැවැත්වෙන අන්තර් සමාජ මට්ටමේ තරගයකට පැමිණෙන ප්‍රේක්ෂක පිරිස, ක්‍රිකට් තරගයක සහභාගීත්වයද ඉක්මවා යන තැනට පත්ව තිබුනි. මහනුවර ප්‍රමුඛව ක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත්වූ රග්බි, කොළඹ ප්‍රමුඛ පෙලේ ක්‍රීඩා සමාජයන් වූ CR & FC, CH & FC සහ හැව්ලොක්ස් යන කණ්ඩායම් වල දියුණුවත් සමග ඇතිවූයේ දැඩි තරගකාරී ස්වභාවයකටය. එය රග්බි ක්‍රීඩාවෙන් ඔබ්බට ගිය නුවර-කොළඹ සීතල යුද්ධයක් විය. මෙම දැඩි තරගකාරී බවේ යහපත් ප්‍රථිපලය ලෙස සංජීව ජයසිංහ, අම්ජාඩ් බක්ස්, නාලක වීරක්කොඩි, රධික හෙට්ටිආරච්චි, ෆසීල් මරිජා, දුෂාන්ත ලෙව්කේ... වැනි ආසියානු මට්ටමට අභියෝග කලහැකි ක්‍රීඩකයන් පිරිසක් බිහිවිය. මේ හේතුවෙන් ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලියක් වන සිංගර් ශ්‍රී ලංකා සත්සාමාජික තරගාවලියේදී ප්‍රභල ස්ථානයකට පත්වීමට ශ්‍රීලංකාවට හැකිවිය.

ශ්‍රී ලාංකීය රග්බි එසේ දියුණු වෙද්දී එවකට පාසල් ක්‍රීඩකයන් වූ ජනාධිපති පුතුන්, පාසලෙන් නික්ම අන්තර් සමාජ ධාරාවට පැමිණීමත් සමග ක්‍රීඩාවට කණකොකා හැඩීමට පටන් ගත්තේය. නාවික හමුදා නිලධාරියෙකු වූ යෝෂිත රාජපක්ෂ නාවික හමුදා කග්බි කණ්ඩායමේ නායකත්වයට පත්වීමත් සමග ඔහුට අවශ්‍ය වූයේ තම කන්ඩායමේ ජයග්‍රහණයයි. ක්‍රීඩාවක ජයග්‍රහණය සදහා යෙදවියයුතු කැප කිරීම වෙනුවට ඔහු අපූරු ක්‍රම කිහිපයක් භාවිතා කලේය. ඉන් පලමුවැන්න වෙනත් කන්ඩායම් වල ක්‍රීඩාකල දක්ෂයන් තම පිලට ගැනීමයි. සරළව කියුවහොත් තම පියාගෙන් උරුම වීයැයි සිතිය හැකි ඔළුගෙඩි මාරුකිරීමේ ක්‍රමවේදයයි. ගිවිසුම් මගින් තම කණ්ඩායමට ගෙන ක්‍රීඩා කිරීමට අවස්ථාව නොදුන් නුවන් හෙට්ටිආරච්චි වැන්නන්ට තර්ජනය කිරීම හා අත්අඩංගුවට ගැනීම තවත් ක්‍රමවේදයකි. මීට අමතරව ප්‍රතිවාදීන්ට පහරදීම් වැනි දේ වලටද පෙළඹිණි.

මේ අයුරින් නාවික හමුදා කණ්ඩායම "රටේ වැඩකාරයන්" වූ අතර එහි නායක රාජපක්ෂ පුත්‍රයා ශ්‍රී ලංකා කන්ඩායමේ නායකත්වයට පත්විය. අළුයට තිබූ ගිනි මතුවූයේ ඉන්පසුවය. තෝරාගත් කණ්ඩායමට හා නායකත්වයට එරෙහිව මහනුවර කණ්ඩායමේ ජ්‍යේෂ්ටයන් ඉවත්වීමත් සමග, (ගැතිකම් කරන මාධ්‍යවේදීන්(?) තරුණ කණ්ඩායමක් ලෙස හැදින්වූ) ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ ලජ්ජාසහගත පරාජයකට ලක්වී මවුබිමට පැමිණිමටය. ඔළුගෙඩි මාරුකිරීම් වලින් සහ නීතියේ නූල්සූත්තර වලින් ලංකාව තුල "ලොක්කන්" වීමට ඕනෑම කණ්ඩායමකට හැකි වුවද ජාත්‍යන්තරයේදී අයත් වන්නේ මෙවන් පරාජයන් බව සිහිතබාගත යුතුය.

සබැදිය: රාජ්‍ය පාලනය ASP පැදුරු පාටිය වගේද? (මේ පිළිබදව රාමචන්ද්‍රගේ අඩවියේ සටහන)

76 comments:

  1. අපරාදෙ අවසාන 5 තේරෙන්න තිබ්බ චාන්ස් එක.....දැන් ඉතින් ඊළඟ පාරවත් තේරෙනකම් බලන් ඉන්න තමා වෙන්නෙ.....:(

    ReplyDelete
    Replies
    1. මේ යන විදියට ඊලගපාර වෙනකොට රග්බි ඉතුරු වෙයිද බං?

      Delete
  2. පිලිපීන් මෑච් එකේ ෆස්ට් හාෆ් එක ගහපු විදිය දෑක්කද මචන් පට්ට චා.වෙලාවට එක පුතෙක් වත් ක්‍රිකට් ගෑහුවේ නෑත්තේ...

    ReplyDelete
    Replies
    1. ඒක නං හරි. ෆස්ට් හාෆ් පට්ට චා. මහනුවර ටීම්එක යැව්වනං මැච්එක ගොඩ.

      Delete
  3. මමත් බොහොම උවමනාවෙන් බලන ක්‍රීඩාවක්! එදා පලමු අර්ධය තුල පෙන්වූ දුර්වලතා වලාට තරඟයෙන් වන්දි ගෙවන්නට සිදු උනා!ඔබ දන්නවද දන්නේ නෑ තරඟාවලියට යන්න කලින් තිබූ මාද්‍ය සාකඡ්ඡාවේදී එසේ තරඟාවලිය වර්ජනය කල ක්‍රීඩකයන්ව යෝෂිත හැදින්වූ යේ දේශද්‍රෝහීන් කියලා! :D ලංකා ඉතිහාසයේ මේ තරම් දේශ්ප්‍රේමින් දේශද්‍රෝහීන් සුලභ කාලයක් තවත් තියෙන්න නැතුව ඇති!

    ReplyDelete
    Replies
    1. දේශද්‍රෝහීන්! හැහ් හැහ් හැහ්.... ද්‍රෝහීන් යැව්වනං අපි ගොඩ. අනේ!රටකට ගිය කල!

      Delete
  4. මම නම් රග්බි නොබලන නිසා විස්තර දන්නේ නෑ , කොහොම වුනත් අසංක කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නේ , එහෙම නොවුනා නම් අපිට ක්‍රිකට් බලන්න වෙන්නෙත් අයිපීල් විතරයි

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ලංකාව පැරදුනේ 72 හිටිය කන්ඩායමට.

      Delete
  5. හෙම්..දුකයි තමයි බං..එත් ...උබට කියන්ඩ ඔන නැනේ...අඩො ඉයේ මගේ නිවුන් සහොදරයගේ අඩුව දැනුන බං..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං. මට මේදවස්වල තියන වැඩකටයුතු එක්ක හෙල්ලෙන්න වත් විදියක් නැතිවුනා.

      Delete
  6. අයියෝ රග්බි!!!

    ReplyDelete
    Replies
    1. අපරාදෙ! මුංටික එකතුවෙලා කනව.

      Delete
  7. පරදින එකත් ආසියාවෙ ආශ්චර්යනෙ, ඔය ගොල්ලන්ට එකවත් තෙරුන් ගිහින් නැහැනෙ, වැරදිලාවත් දේශ ද්‍රොහින් ගිහින් තරගය දින්න නම්, මල කෙලියයි ආශ්චර්යට

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. 46ට ඉන්න අය 72ඉන්න අයට පරදිනඑක ආශ්චර්යක්ම තමයි.

      Delete
  8. ඒකනේ අපි කිසිම අවුලක් නැති ක්‍රිකට් බලන්නේ. කවදාවත් මැරෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතිං අරගොල්ල ක්‍රිකට් ගහන්නෙ නෑනේ.

      Delete
    2. බය වෙන්න එපා ළඟදිම ක්‍රිකට් වලට ඒවි.. දැක්කෙ නැද්ද බල්ලෙක්ට ගහන්න වගේ බැට් එක උස්සන් දුවනවා..

      Delete
    3. හෙහ් හෙහ් ... මතකයි මතකයි, තරගයේ වීරයා උනේ. :-)

      Delete
    4. අපේ තාත්තට බැරි වුනා නේ ප්‍රාදේශීය සභාවේ සභාපති කෙනෙක් වෙන්න..

      Delete
    5. ඒකනෙ බං. මමත් අපේ තාත්තට කියන්නෙ ඒක තමයි. තාත්තල දේශපාලනේ කලානම් අපිත් ගොඩ. ;-)

      Delete
  9. නාමල් වගේ විශිෂ්ඨ ක්‍රීඩකයන් දැක්කහම මට බඩගාන පුංචි බබාල මතක් වෙනව. පවු අපේ අනිත් රගර් ක්‍රීඩකයො.

    ReplyDelete
    Replies
    1. :-)
      ක්‍රීඩාවට කැපවෙලා හිටියනං නාමල් එච්චරම නරක නෑ. ඒත් දැං නං වැඩක් නෑ. ඊට වඩා යෝෂිත දුර්වලයි.

      Delete
  10. යෝෂිතව නාවික හමුදාවට ගත්තෙත් කලින් තිබ්බ සුදුසුකම් මට්ටම අඩුකරලා කියන්නෙ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. ඒක නං දන්නෙ නෑ. ඒත් එයාට අධික වරප්‍රසාද ලැබුන කියල නං පත්තරවල තිබුන.

      Delete
  11. මෙය හුදෙක් ක්‍රීඩා විචාරයකව වඩා යෝෂිත විරොදී පොස්ට් එකක් යයි හැගියයි. නුවර පිලේ කවුරුන් හෝ මෙහි නායකත්වය දැරුවෙනම් මෙවෙනි පොස්ට් එකක් පල නොවනට ඉඩ තිබේ

    ReplyDelete
    Replies
    1. //මෙය හුදෙක් ක්‍රීඩා විචාරයකව වඩා යෝෂිත විරොදී පොස්ට් එකක් යයි හැගියයි//
      ප්‍රභාකරන්ගෙ නම නොකිය දෙමළ ත්‍රස්තවාදය ගැන කතාකරනව වගේ තමයි යෝෂිත ගැන නොකිය පරාජය ගැන කතාකිරීම.

      //නුවර පිලේ කවුරුන් හෝ මෙහි නායකත්වය දැරුවෙනම් මෙවෙනි පොස්ට් එකක් පල නොවනට ඉඩ තිබේ//
      ඇත්ත! සුදුස්සො හිටියනම් (සමහර විට නුවර අය වෙන්න පුළුවන්) මේවගේ පෝස්ට් එකක් දැමීමේ අවශ්‍යතාවයක් වෙන්නෙ නෑ. නුවර ටීම්එක ගැන කිව්වෙ උන්ටික ඇත්තම දක්ෂයො නිසා. නුවර ටීම්එක තරගාවලියට ගියානම් ප්‍රථිපලය වෙනස්වෙන්න ඉඩ තිබුන. රෑන්කින් වල 46ට හිටිය ටීම්එක 72ට හිටිය එවුන්ට පරාජය වීමේ වගකීම භාරගන්නෙ කවුද කිව්වනං?

      Delete
    2. අවංකව හිතල බලපන් වෙන කෙනෙක් නායකත්වය දරල පැරදුනානම් උබ ඔය පොස්ට් එක දානවද? උබේ හිතෙන්න අහල බලපන්
      //සංවේගයෙන් දැනුම්දීමයි! ශ්‍රී ලංකා රග්බි පිලිපීනයේදී මියයයි// මේ විදිහට කවදාවත් දානවද? නෑ නේ ලොක්කා.........
      යෝශිතගේ තාත්ත කරන දේවල් ගැන උබ තරහින් ඉන්නේ ....

      Delete
    3. //වෙන කෙනෙක් නායකත්වය දරල පැරදුනානම් උබ ඔය පොස්ට් එක දානවද?//
      රග්බි ගැන පෝස්ට් කිහිපයක්ම මගේ සයිට්එකේ දාල තියනව. (ලංකාවෙ රග්බි නෙවේ ලෝක කුසලාන රග්බි ගැන). පෝස්ටුවක් දානවද නැද්ද කියනඑක වගේම ඒකෙ හෙඩිම තීරණය වෙන්නෙ පරාජය වීමේ ස්වභාවය අනුව. උඹ රග්බි ගැන කොච්චර දුරට දන්නවද නැද්ද කියල මට අවබෝධයක් නෑ. හැබැයි මම 2003 විතර ඉදල දිගටම රග්බි බලන-අධ්‍යනය කරන කෙනෙක්. ඉතින් අද ලංකාවෙ රග්බි වලට මේ කලදසාව ඇවිල්ල තියෙන්නෙ මම කිව්ව විත්තිකාරයන් නිසා තමයි. වෙන කෙනෙක් නායකත්වය දරල හොදම ටීම්එක ගියානං මේ විදියට පරදින්නෙනෑ කියල උඹට තේරෙන්නෙ නෑ. ඒවගේ එවුන් තමයි අපි මැච් තුනෙන් දෙකක් දිනුව කියල උදම් අනන්නෙ(දැනීමක් නැතිකමට). හංගන්න දෙයක් නෑ යෝෂිත නාමල් ඇතුළු පිරිස මේකට වගකියන්න ඕන. (යෝශිතගේ තාත්ත මේවට කොච්චර දුරට සම්බන්ධද කියල මම දන්නෙ නෑ. එයා ගැන වෙනම ලියපුවා මේකෙ ඇති)

      Delete
    4. යෝශිතගේ තාත්තා කෙලින්ම සම්බන්ද නැතත් ඒ තාත්තාගෙන් ලකුණු දාගන්න දගලන හෙන්චයියලාගේ වැඩ මේවා..

      Delete
    5. කපුවගෙ පුතා දේවාලෙ කැතකලාම ඒකෙ වැරැද්ද කපුවටත් එන එක නවත්තන්න බෑ.

      Delete
  12. තවත් එක් ආශ්චර්යයක්. ඒ වගත් මෙසේමැයි!!!

    ReplyDelete
  13. අනිත් පුතාට කියලා ක්‍රිකට් ගැස්සුවනම් හරියට හරි

    ReplyDelete
  14. මම පට්ට රග්බි ලෝලියෙක් එහෙම නෙවෙයි. හැබැයි ඔය මැච් එක බැලුව... සිරාවටම දුක හිතෙනවා ගහන්න තිබුන ට්‍රයි මිස් කරපු විදියට... ටකල් දානවා නෙවේ අතගානවා... ඇත්ත,, මහනුවර ටීම් එක ගියත් ගහනවා ඔය මැච් එක...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ තරමක් හරි රග්බි ගැන දන්න කෙනෙකුට තේරෙනව මොකක්ද සිද්ධ වෙන්නෙ කියල.

      Delete
  15. ක්‍රිකට් තව හොදා මේ රටේ මොන මගුල කරත් දේශපාලනේ ගෑවෙනවා.අන්තිමේදී පරාජය විතරයි උරුම, මේක නම් මහා කාලකන්නි කරුමයක් වෙලා තියෙන්නේ මේ රටට,

    ReplyDelete
  16. ක්‍රීඩාවටත් දැන් දේශපාලනය ඇවිත්.. ඒකනේ ප්‍රශ්ණේ..

    ReplyDelete
    Replies
    1. හැමතැනම දේශපාලනය.

      Delete
  17. හොඳ වෙලාවට මට රග්බි පෙන්නන්න බැරි.... :)
    සොරි රාජ්..... :(

    ReplyDelete
  18. මේක ගැන මම තැන් තැන් වල බැන බැන හිටියට උබ ඒක ලියලා..

    නියමයි රාජ්. කිරිකොට් වලට මෙනවා වෙයිද කියල මම හිතන්නේ.
    වර්ල්ඩ් කප් එකේ ඇන ගලවපු එකාලා තාම ඉන්නවා නොවැ..

    ජය !

    ReplyDelete
    Replies
    1. තැන් තැන් වල බනින්නෙ නැතුව ලියපං.

      Delete
  19. තාත්තා ජනාදිපති වුන පලියට කණ්ඩායමක් තෝරන්න දේශද්‍රෝහියෝ කියල හංවඩුගහන්න කිසිම අයිතියක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද මේක දේශද්‍රෝහීන්ගෙ රටනෙ.

      Delete
  20. මම මේ කල්පනා කරනේ මොනවා කියන්නද කියලා...

    ReplyDelete
  21. ලංකාවේ රග්බි ගැන සමහර දේවල් දැනගත්තේ ඔයාගේ ලිපියෙන්. ස්තුතියි. අනික ජනාධිපතිතුමාවුනත් මේ වගේ වැඩ කරන්න කලින් මේවා දකින පිටරට එවුන් මොනවා හිතනවද කියලත් හිතුවනම් තම හොඳ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මාත් කියන්නෙ. ලංකාවෙන් පිටතට ගියාම මෙහේ ලොකු ලොක්කො චාටර් නං වැඩක් නෑ. ඒකෙන් වෙන්නෙ රට පිරිහෙන එකයි.

      Delete
  22. මටත් රගර් ගැන වැඩියමක් මීටරයක් නැහැ..හොද වෙලාවට මේ සෙට් එකේ කවුරුවත් ක්‍රිකට් ගැහුවේ නැහැ..එහෙනම් ඉතින් ඒකටත් බුදු සරණයි !!!

    ReplyDelete
    Replies
    1. ඔව්. ක්‍රිකට් බේරුනා.

      Delete
  23. ඉස්සරනම් රග්බි මැච් ක්‍රිකට් මැච් බැළුවා,
    ඒත් දැන් රග්බි, ක්‍රිකට් කිසිම දෙයක් බලන්නේ නැතුව හිතේ කරදරයක් නැතුව දෙයියනේ කියල ඉන්නවා...
    අඩු ගානේ World Cup, IPL මේ කිසිම දෙයක් බලන්නේ නැහැ.
    කවුරු හරි කිව්වොත් අද මැච් එක දිනුම් කියලා, "ආ... එහෙමද, හොඳයි නේද" කියල කියනවා
    පරාදයි කියල කිව්වත් ඉතින් ඒත් එහෙමම තමයි,
    කියන කෙනාගේ හිතට හරියන දෙයක් කියල නිකන් ඉන්නවා....
    එතකොට ජිවිතේ හරි පහසුයි බං... ;)

    ReplyDelete
  24. අනේ මම නම් රග්බිවලට කැමති නෑ අය්යෝ...:)

    ReplyDelete
    Replies
    1. අය්යෝ ඕස්ට්‍රේලියාවෙ ටීම්එක ගහනව බලන්න ආසයි.

      Delete
  25. වෙලාවට රග්බි නොබලමි.නැත්නම් නිකරුනේ ලේ ටික ඉවරයි...

    ReplyDelete
    Replies
    1. අපිනං ලේ පුච්චගෙන බලනව.

      Delete
  26. කොයි කකුලුවත් දිය කෙලින්නෙ හැලියෙ වතුර නටනකං නෙ... වැඩේ තියෙන්නෙ ලිප අවුලුවන්න හරි හමන් පොරක් නැති එක... (",)

    ReplyDelete
  27. අනේ හොදයි මෙහෙම වුන එක නම් ,ලංකාවේ කිරිකට් සහ රගර් ඇරෙන්න තව ක්‍රීඩා තියෙනවා කියල හැමෝටම මතක්වෙන්න.
    පැසිපන්දු වලට හැමදාම ඉස්කොලවලත් කුඩම්මාගේ සැලකිලි තමයි ...
    from k.

    ReplyDelete
  28. මෙතන කාන්තා පාර්ශවයෙන් රග්බි වලට ආස එකම කෙනා මම වගේ. අපේ ඉස්කෝලේ ටීම් එකේ මගේ ගෝලයෝ ඉන්න නිසා නිකම්ම ආස වුනා.
    ඔහොම තමයි, යන්තම් හරි දේශපාලකයෝ ගෑවුනොත් ඕනම දේක අවසානය තමයි ඒක.

    ReplyDelete
    Replies
    1. අහන්නත් සතුටුයි රග්බි වලට කැමති කාන්තා පාර්සවේ කෙනෙක් ඉන්නව.

      Delete
  29. ඒහෙනම් ලගදිම රගර් ටීම් ඒක දකුණු අාසියානු කලාපෙනුත් කයිද?

    ReplyDelete
  30. මේ දවස්වල ඇමෙරිකාවේ ඔලිම්පික් 2012 සඳහා තෝරාගැනීම් පැවැත්වෙනවා. ඒවා බලන්න දහස් ගණනින් මිනිස්සු සල්ලි දීලා යන්නෙ ඇයි? එයින් ආර්ථිකයට වාසියක් වෙන්නෙ ඒවා තුලින් තෝරාගන්නා ක්‍රීඩකයන් සිය කුසලතාවයන් නිසා ජයගන්නා නිසා. කළින් ම දන්නවා නම් කවුද තෝරා ගැනෙන්නේ කවුද දිනන්නෙ? කියා එයින් කිසිම ප්‍රීතියක් ලැබෙන්නේ නැහැ.

    ලංකාවේ ක්‍රීඩාවත් අනිත් දේවල් වගේ කුසලතාවය පැත්තකට දාලා වෙන දේවල් මත ජය තීරණය වෙන්නක්. අද ඊයේ නෙමෙයි රාජ් ඕවා ඉස්සරත් තිබ්බා ... ඔච්චරම පැහැදිලිව පෙනුනෙ නැතුවාට.

    රගර් ගැන වැඩිය නොදත්තට බලන්න නම් ආසයි. සටහනට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන් ඇමරිකාවෙ හරි හරියට වෙනවනං.
      මීට කලිනුත් වෙන්න ඇති හැබැයි දැන් තරම් නිර්ලජ්ජිත විදියට නෙවේ. ස්තුතියි මේපැත්තෙ ආවට.

      Delete
  31. අද අහම්බෙන් වගේ යෝෂිතම ඔය ගැන කතා කරනව මං දැක්ක. වැඩේ කියන්නෙ මිනිහ කියනවනේ අපේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ අදක්ෂ නැහැ අපි අරන් ගියේ රගර් ගහන ක්‍රීඩකයෝ කියල......
    රගර් ටීම් එකේ රගර් ගහන එවුන් ඇරෙන්න වෙන උන් ඉන්නවයැ.
    ඌත් දෙන්නෙ මාර ආතල් තමයි.....

    ReplyDelete
  32. කොහොම උනත් උඹ ඇත්ත ලියලා තියනවා, හැබැයි ඉතිං උඹ මේවා ලිව්වට සල්ලි හම්බ වෙන්නෙත් නැති නිසා, අනික උඹ ලියන්නෙත් රියල් ෆ්‍රෝෆයිල් එකෙන්මනෙ, ඉතිං ඉතුරු ටික උඹ තීරණේ කරපං .....

    ReplyDelete
  33. මචන් රාජ් උඹ ඕව ලියනකොට ටිකක් පරෙස්සමෙන් ලියපන් මොකද අපට අද අසාධාරය දැක දැක කට-පුක අකුළගෙන නිවටයින් වගේ ඉන්න වෙලා තියෙන්නෙ... දන්නවනේ තියෙන තත්වය මමත් ආණ්ඩුවේ බලුකුක්කෙක් ගැන ලියල නූලෙන් බේරුණේ කොහොම වුණත් උඹේ කථාව මරු...අපි උඹත් එක්ක..කරන දෙයක් පරෙස්සමෙන්.

    ReplyDelete
  34. මචං මං කලින් මේ පොස්ට් එක දැක්කේ නැහැ.. මං මේ මැච් එක පිට්ටනියට ගිහිල්ලම බැලුවා.. වැඩක් නැහැ මචං දුක හිතෙනවා,ඊට වඩා කලකිරෙනවා අපේ උන්ගේ පණ්ඩිත කම දැක්කම.. හෝටලේදි කෙල්ලෙක්ට කරදර කරලා එකෙක්ව අන්තිම මැච් එකට කලින් මෙහෙන් පැන්නුවා..

    ReplyDelete