ටිරාන් අලස්ගේ "මව්බිම" එකල මා ආශාවෙන් කියවූ පුවත්පතකි. කවුරුන්ගේ හෝ කුණු සේදීමට සිටි මාධ්‍යන් අතර මව්බිම හොඳ විකල්ප පුවත්පතක් විය. වංචා දූෂණ වලට එරෙහිව පෑන හැසිරවූ "මාධ්‍යවේදීන්" යයි කටපුරා නිවහැකි පිරිසක් එහි සිටියහ. "ටැබූ සබ්ජෙක්ට්ස්" කතාකල (x කන්ඩායමේ)AK47 අතිරේකය පුවත්පත තහනම් කිරීමට පවා දායක වේ යයි සිතා සිටියෙමි. රාජ්‍ය මර්ධනය හමුවේ තවදුරටත් ඉදිරියට යා නොහැකිවූ ලක්ෂයේදී පුවත්පත නැවතුනි. අයිතිකාර ටිරාන් අලස්ට දඟගෙයි ලැගීමටද ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට පත්වූ පරමේශ්වරී වැනි මාධ්‍යවේදීන්ට අපමන පීඩා විඳීවීමටද පුවත්පත සැලැස්වීය.
ඉන්පසු ගිය වසරේ අග කාර්තුවේ නැවතත් පුවත්පත ආරම්භ වූ අතර එය මුල් පැවති තත්වයෙන් ඉඳුරාම වෙනස් එකක් වීය. වෙනත් විදියකින් කිවහොත් අලස් මහතාගේ දේශපාලන ස්ථාවරය සමඟ පෑහෙන ගමනක් අරඹා ඇත. සරත් ෆොන්සේකා මහතා මුදාගැනීමට ජනාධිපතිවරයා සමඟින් කල සාකච්ඡාවන්හි "උණුසුම් පුවත්", ෆොන්සේකා මහතාගේ නිදහසින් පසුව පැවති ප්‍රථම පුවත්පත් සාකච්ඡාව වැනිදෑ සමඟින් වාර්තාගත ලෙස වර්ධනය වී ඇති මව්බිම පුවත්පත ලංකාදීප තරමටම අලෙවියක් ඇතැයි පසුගිය දිනෙක සඳහන් විය.
එහෙත් ප්‍රශ්නය එය නොවේ. විශේෂයෙන් මව්බිම පුවත්පතේත් අනෙකුත් පුවත්පත්වල යම් තරමක් දුරටත් වර්ධනය වෙමින් පවතින එක් ප්‍රවනතාවයක් වන්නේ ජනතාවට අහිතකර මෙන්ම කිසිදු වැදගැන්මකට නොමැති පසුගාමී කට්ටඩි (මිත්‍යා) චින්තනය පැතිරවීමය. එක් එක් කලට මෙවැන් මාධ්‍ය රැලි ඇතිවන අතර මෙකල ඔවුන් "විකිණීමට" තෝරාගෙන ඇත්තේ උක්ත කාරණයයි.
"මැලේසියාවේ ස්වර්ණදත්ත යක්ෂයා ගුවනින් ඇවිත් රාමා හමුවේ"
"මෛත්‍රි බෝසත්හු ආනන්ද මෛත්‍රිය නා හිමියන් සමඟ ඉංගිරිසියෙන් කතා කරති"
"කාලි මෑණියන්ගේ අනාවරණ"
මේ හෙට දින පුවත්පතෙහි (දැනට බෙදාහල) ඇති සිරස්තල කිහිපයකි. මෙවන්දෑ සඳහා උනන්දුවක් දක්වන "අන්ධ" පාඨකයන් විශාල ප්‍රමාණයක් සිටින බව පෙනී යන්නේ පුවත්පතෙහි වර්ධනය දුටු විටය. එක්තරා ලේඛකයෙක්(මතකය නිවැරදි නම් අමුණුගොඩ තිලකරත්න මහතාය) පසුගිය කාලයේ ලක්බිම පුවත්පත මඟින්, ඒබ්‍රහම් ටී කොවූර් මහතා සිදුකල ගවේශන චාරිකා සටහන් කල අතර එහිදී නියමාකාරයෙන්ම මිත්‍යාවෙන්/අවිද්‍යාවෙන්, විද්‍යාව වෙන්කර පෙන්වීය. එහෙත් මෙහිදී එවැන්නක් සිදු නොවන අතර කවුරුන් හෝ යකැදුරෙකු, කට්ටඩියෙකු, කපුවකු හෝ මානසික රෝගියෙකුගේ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමෙන් තොරව බැව් පෙනීයයි. ඒ අතින් බැලූවිට තහනම් කලයුතු යැයි හඬනගන ගොසිප් වෙබ් අඩවි මීට වඩා ඉදිරියෙන් සිටී.
විකිණිය හැකි අනෙක නම් ගවේශනශීලී මාධ්‍ය කලාවයි. මගේ දැනුමේ හැටියට ගවේශනශීලී මාධ්‍ය කලාවේ ආරම්භකයා මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාය. සිඟන්නන්, ගණිකාවන්, ගැට කපන්නන් වැනි සමාජයේ ඇති අඳුරු පැතිකඩයන් ඔහු විසින් අනාවරණය කරන ලද්දේ තම ජීවිතයෙන් වසර ගනනක් කැප කරමිනි. එමෙන්ම බුදුන් වහන්සේ දේශනා කල චතුරාර්ය සත්‍ය මෙන්, අඳුරු සමාජයේ අයිතමයන්ද ඒවා ඇතිවීමට හේතුසාධකද ආදී වශයෙන් පූර්ණ විවරණයක්ද ඔහු විසින් ඉදිරිපත් කලේය. ඔහුගේ පරපුරේ වත්මන් මාධ්‍යවේදීන්(?) සිදුකරන්නේ ක්ෂණික ආප්ප ක්ෂණික නූඩ්ල්ස් මෙන් "එදාවේල" ගවේශනයන් බව පුවත්පත් වලින් පෙනීයයි. අද රුපියල් පන්සීයේ-දාහේ සිට ඉහලට යම් මුදලක් වියදම් කිරීමෙන් සොයාගත හැකි ගණිකාවක් සමඟ හෝ ගල් අරක්කු භාගයක් දීමෙන් සොයාගත හැකි සිඟන්නෙකු සමඟ පැය භාගයක් කතාබහ කලවිට පත්තර පිටුවක් "ගොඩදාගත" හැකි බව මෙම ලිපි කියවීමෙන් තේරුම්ගත හැකිය.
ඉතිහාසයේ සෑම කලෙකම අනෙකුත් මාධ්‍යන්ට සාපේක්ෂව මුද්‍රිත මාධ්‍යන් ඉදිරියෙන් සිටියහ. ඔවුන් ජනතාවට ඉදිරියෙන් සිට පෑන මෙහෙයවූහ. ඉල්ලුමට සැපයුම ම ලබාදීමේ සිල්ලර ක්‍රමය ඔවුන් තුල නොවීය. පූර්ණ නිදහසක් නොතිබුනද මාධ්‍යවේදීන්ට, සතුටුදායක අයුරින් පෑන භාවිතා කිරීමේ නිදහස ලබාදී තිබුනි. ඊට හේතුවක්ද තිබුනි. මාධ්‍ය හිමිකරුවන් ඒවා පවත්වාගෙන ගියේ ලාභය මුල්කොට ගෙනම නොව ආත්ම තෘප්තිය සඳහාය. මේ වනවිට මාධ්‍ය, ව්‍යාපාරයක් මට්ටමට පත්වී ඇති අතර මාධ්‍යවේදියාගේ පරාසය, කඹයෙන් බැඳ ඇති ගොනාගේ තණකෑමේ පරාසයේ සිට සෙක්කුවේ බැඳි ගොනාගේ තණකෑමේ පරාසය දක්වා අඩුවී ඇත.
Saturday, July 7, 2012
කට්ටඩි මාධ්‍ය සහ ගවේශනශීලි මාධ්‍ය සමඟ පෙරට යන මව්බිම.
Subscribe to:
Post Comments (Atom)
කොහොමටත් දැන් ලංකාවෙ කට්ටඬියො මාර ඩිමාන්ඩ් !
ReplyDelete:D
Deleteඅඩේ...අද මම දෙක වගේ.මටත් හිතිලා තියෙන්නේ මේ කොරන ජොබ අතෑරලා දේවාලයක් දාගෙන පිළිවෙලක් වෙන්න..
ReplyDeleteඑහෙම බෑ. මාධය මෙහෙයුමකුත් ඊට සමගාමීව යන්න ඕන. :)
Deleteහෙමීට පත්තරෙකුත් පටන් ගන්නවා..අහවරයිනෙ වැඩේ
Deleteදැන් ජන සමාජයේ පවතින් රැල්ල ඔවුන් හඳුනා ගෙන ඇති හැඩයි :)
ReplyDeleteඑක්තරා මාධ්‍යවේදීන් කීපදෙනෙක් සමග අප සිංහරාජයට ගියා. එහිදී කරටි කැඩෙන්න බීපු මාධ්‍යවේදීන්ට ගමන සම්පූර්ණ කරන්න බැරි වුණා. නමුත් ආපසු එන ගමනේදී අප විසින් අපට සිදු වූ දේවල කතා කරමින් පැමිණියා. මෙන්න ඊලඟ සතියේ පත්තරේ යනවා පුදුම සංචාරයක් මේ මාධ්‍යවේදීන් විසින් සිදු කරන ලද. මම එක්තරා මධ්‍යවේදියෙක්ගෙන් මේ ගැන ඇසුවාම ඔහු මට කිව්වේ " අයියෝ ඕක මොකක්ද, අපිට කටුටික ලැබුනම ඇති අපි සතා හදා ගන්නවා කියලා" ඔන්න අපේ ගවේෂණශීලී මාධ්‍ය කලාව. හැබැයි ඔක්කොමලා නෙමේ.
ReplyDeleteඔය තියෙන්නෙ සාක්ෂි.
Deleteහැබෑටම මම විශ්වාසෙට දාන සමහර කරුණු සත්‍යයි කියන්න හේතු සාධක මහවෙදන ලඟ තියනව.
Deleteමම දැනට දශක කීපයක් මේ රටේ හොදට ඇහැ කන ඇරගෙන ජීවත් වෙනවා. ඒඅතරම අද මේ රටේ යම් සැලකිය යුතු පිරිසක් එක්ක නිරන්තර සම්බණ්ධයක් තබාගෙන ජීවත් වෙන්න මට ඉඩ ලැබිලා තියෙනවා. අනික මගේ රැකියාව, ඉන් මට විවිධ පිරිස් ඉතාම ලඟින් ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. ඒ නිසා මගේ පෙට්ටගම බොහොම බරයි. ඒ බර අඩුකර ගන්නේ මෙහෙම ලියලා.
Deleteමට නම් තේරුනේ නැහැ ආයේ පාරක් කියවලා බලන්න ඕන!
ReplyDeleteගවේශනශීලී බ්ලොග් කලාවක් බිහිකරමුද?
ReplyDeleteපුවත්පතක් කියන්නෙ බ්ලොග් අඩවියකට වඩා විධිමත් ලෙස සැකැස්මක් ඇති තැනක්. බ්ලොග්වල නං ඕන දෙයක් කරන්න පුළුවන්.
Deleteඉරිදා පත්තර වැඩියි නේද? තුනක් තිබුණාම මදිද? ඕවගේ ඇඩ්ස්වලට සල්ලි සේරම වෙන්නේ බඩු ගන්න පාරිබෝගිකයෝ නේද?
ReplyDeleteටෙලිවිෂන්, ඇෆ්ඇම් චැනල්ස් ටිකත් වැඩි වෙන්න වැඩි වෙන්න බඩු ගනං යනවා! ඇයි සන්ලැයිට් කෑල්ලේ ඇඩ් එක පවා ඉස්සර දැම්මේ වැනල් දෙක තුනක, පත්තර දෙකතුනක. දැන්?
චැනල් වැඩිවෙනකොට ඇඩ් වැඩිවෙනව. එතකොට මිල වැඩිවෙනව. ඇත්තම කිව්වොත් ඕක කතන්දරට තියන ප්‍රශ්න වගේ තමයි.
Deleteමුලුමනින් ම එකඟයි කතන්දර.
Deleteමාධ්‍ය ප්‍රමාණය වැඩිවීම නිසා තොරතුරු දැනගැනීමේ හැකියාව වැඩිවෙනව. ඒ නිසා මාධ්‍ය ප්‍රමාණය සීමා සහිත වියයුතුයි කියල මම නං හිතන්නෙ නෑ. මගේ තර්කය මේ වර්ගයේ පුවත් ගැන විතරයි.
Deleteඅතේ රෝල් ගෙනියන ඒක දැන් රැල්ලවෙලා නේද ?
ReplyDeleteමමත් මුල්සමයේ මව්බිම ඉතා ආශාවෙන් කියෙව්වා.. ඉතාම හොඳ ලිපි ඒ කාලෙ තිබුනා.. වැඩියෙ දැන්වීම ගියෙත් නෑනෙ ඒ කාලෙ.. මේ ළඟදි ආයෙත් ගත්තා.. අපෝ දැන් මල ජරාවක්නෙ.. දෙස්පාලු ලිපි ඕනාවට වැඩියෙ.. ඒ මදිවට දැන්වීම් හා නොයෙකුත් බහුබූත ආටිකල්..
ReplyDeleteදේශපාලනය නම් කමක් නෑ කියමු. ඉවසන්න බැරි මේ බහුබූතනෙ.
Deleteසම්පූර්ණයෙන්ම එකගයි.
ReplyDeleteමම ඉස්සර පත්තර ගත්තෙ...
රාවය (ගවේෂනාත්මක පුවත් හා සාහිත්‍යය ගැන සලකලා)
රශ්මිය (X දේශපාලනය නොහොත් ටැබූ සබ්ජෙක්ට්ස් ගැන සලකලා)
හිරු (මගේ ප්‍රායෝගික දේශපාලනය වෙනුවෙන්)
පසු කාලෙක මේ පත්තර 3ම එකට කැටිකළ තනි පත්තරයක් ආවා, ඒ තමයි "මව්බිම"
ඒත් අද "මව්බිම" කියන්නෙ "ඉරුදින"ටත් වඩා දහජරාවක්.....
රශ්මිය? මම බලල නෑ. රාවය නම් යම්කිසි ස්ථාවරයක ඉන්නව.
Deleteඑමිල් කාන්තන් එක්ක හවුල් වෙලා මව්බිම පටන් ගත්තා කියලා පොඩි පොඩි හුටප්පර වගයක් තිබ්බා නේද අලස් මහත්තයට? කවුද කැමති හිරේ යන්න. ඊට ලේසියි පත්ත්‍රේ යන පාර වෙනස් කරන එක. ඉස්සරහට දිනමිණටත් තරඟයක් දෙයිද දන්නෑ මව්බිම!!!
ReplyDeleteඑමිල්කාන්තන් එක්ක ගණුදෙනුවක් තිබුන කියල දැන් මතකයි.
Deleteඅපි මෙහේ මොකක් කීවත්,,, ලක්බිමේ ඇඩ් ඒවත් අඩුකොට පත්තර ටික විකුණගන්න බේගල් ඇද බාන්නම වෙනව.
ReplyDeleteඑහෙම නැතුව කාලයක් (ප්‍රේමදාසගේ යුගයේ පවා) විකිනිච්ච පත්තරයක් "රාවය".
රාවය විකිණනවනම් තමා, ඒත් සතුටුදායකම නෑ. ස්ථීර පාඨකයො ටිකක් ඉන්න එක තමයි පත්තරෙට තියෙන හයිය. සුළු ඇඩ් ප්‍රමාණයකුත් හම්බවෙනවා, ඒවාත් රජයෙන්.
Deleteඅයිවන් මහත්තයා කතෘත්වයෙන් ඉවත්වීමත් එක්ක පත්තරේ ගමන්මග වෙනස්වෙයිද කියන්න බෑ. මොකද ජනරංජන කියන්නෙ දීප්තිගේ දේශපාලනයත් එක්ක වැඩ කරන කෙනෙක්.
ඔව් සුමිත් අයියා, මමත් හැම සතියෙම රාවය නම් බලනව. මතකද විමලනාත් වීරරත්න අයියා ලියන කොලම් එකෙන් එක දවසක් පත්තරේ කතෘ, අයිවන් මහත්තයව හාස්‍යයට ලක්කරා. වෙන පත්තරේක නම් ඔය වගේ සිද්ධියක් වෙන්න පුළුවන් සම්භාවිතාව අඩුයි. (මට මතක හැටියට ඊට පස්සෙ සතියෙ අයිවන් මහත්තය කතෘත්වයෙන් ඉල්ලල අස්වෙන්නත් ගියාද කොහෙද.) ඉස්සරහට බලමු රාවයටත් මොකද වෙන්නෙ කියල. වික්ටර් අයිවන් මහත්තය ගැන සමහරුන්ට විවේචන තිබුණත් එයාගෙ රයිටින් ස්ටයිල් එකට මම නම් කැමතියි. වැඩි කලබලයක් නැතිව හෙමිහිට ලස්සනට ලියනව.
Deleteපුවත් පත් ගැන ඒ හැටි දැනුමක් නැහැ. මවුබිම පත්තරේ දවස දෙකකට වැඩිය කියවල නැහැ. දන්නා විදියට ස්වාදීන පුවත්පතක් තවම නැහැ වගේ.
ReplyDeleteගොඩක් පත්තර ඔය රැල්ලෙ තියෙනවා... එකක් තියෙනවා වාලම්පුරි විකුණන පත්තරේකුත්... ගල් පැලෙන බොරු නිසා මෝඩ මිනිස්සු තව මුලා වෙනවා
ReplyDeleteපත්තර කියවන්නේ ගොඩාක් අඩුවෙන්... නමුත් මව්බිම කාලයක් එහෙම ස්වාධින හොද පුවත් පතක් කියලා මතයක් තිබුනා, ඒ කියන්නේ දැන් එහෙම නැ.. හැමදේම දැන් මාකට් එක ටාගට් කරලා විතරමයි කරන්නේ කියලා මම විශ්වාස කරනවා
ReplyDelete"මව්බිම" මගේ කැමතිම පත්තරේ බය නැතුව ලියන පිරිසක් ඉන්නවා එකේ(දැන්නම් ඇත්තෙම නැද්ද මන්දා),
ReplyDeleteකඩේ යනවා අඩුයි
මිත්‍යාව තමයි හොඳ නැත්තේ, මොනවා කරන්නද අය්යේ ගන්න ඕන එව්වා අරගෙන ඉතිරිය විසික්කරලා දාමු...
හැමදේම කාලෙත් එක්ක වෙනස් වෙනවා..
ReplyDeleteමම ඉස්සර ගත්තා , ගන්න එක නැවැත්තූවේ
ReplyDeleteහාමීනේට බබා ලැබෙන්ඩ ඉන්නකොට
ලොකූ දුව ඒ පත්තරේ තියන දේවල් දිහා බලාගන ඉදලා භය උනා.
හාමීනේගේ හිතත් ගැස්සුනා.
දවස් දෙක තූනක් ඒ කොළටික පත්තර කඩේ දාලා පත්තරය ගෙනාවත්.
පස්සේ පස්සේ කෙදාල අයින් කරන්නත් බැ
හැම තැනම එව්වා
//ලොකූ දුව ඒ පත්තරේ තියන දේවල් දිහා බලාගන ඉදලා භය උනා//
Deleteඇත්ත! ඒවගේ දේවල් තමයි තියෙන්නෙ.
අද කාලෙ බොහොමයක් මාධ්‍යය ඔය එදාවේල තියරියට තමයි දුවන්නේ
ReplyDeleteමම තාම නෑ ඕවට..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔබේ කථාව නිවැරදියි... බලන්න ලංකාදීප පත්තරේ විතරක් කොච්චර බොරැ වට්ටෝරැ ලියනවද කියලා... මහ කැබිලිත්ත / භූතයෝ ගැන ලියන ලිපි පෙළම අතේ රෝල් පච....
ReplyDeleteජන මාධ්‍ය නිදහස සීමා වෙලා තියෙන්නේ ! අද ජනමාධ්‍යවේදියාට රටේ ඇත්ත තත්වය අපරාදයක සුල මුල ඇති සැටියෙන්ම පත්තරයක ලිව්වොත් ගේ ගාවටම සුදු වෑන් එකක් ඇවිත් තියේවි. ඒ නිසා මොකා මොනවා කලත් ඔහේ කට වහගෙන ඉන්නවා !!!
ReplyDeleteඅදත් පිටපත
මහින්ද අබේසු##රගෙන් !!!
ඉතින් ඔය මාධ්‍යයන් එක්ක රට පෙරට යනවද?
ReplyDeleteමොනවා නැතත් අර ගූගල් එකෙන් හොයාගත්තු සිත්තරේ හරිඅම ලස්සනයි.:)
ඉස්කෝලෙ යන දැරිවියක් ඇඳපු චිත්‍රයක්.
Deleteරටේ හරි විදිහෙ මැදහත් මාද්‍යය වේදියො නැද්ද....
ReplyDeleteබොහොමයක් මනුස්සයො දේශපාලන සත්වයොනෙ. ඉතින් මාධ්‍යවේදීන් කියල වෙන් කරන්න බෑ. ඒ වුනත් හොඳ මාධ්‍යවේදීන් ඉන්නව.
Deleteඔය මාධ්‍යවේදියෝ කියන සමහර ඇම්බැට්ටයෝ ඒ කාලේ යුද්ධය වාර්තාකලෙත් ඔහොමම තමයි. යුදබිමේ තුවාලවෙන අපේ කොල්ලෝ ට්‍රැක්ටර් ට්‍රේලර් එකේ ගෙනියද්දී මුන්ට යන්න මහ තැන් වලින්ම දීලා තිබුනා පජෙරෝ. ඒ මදිවට නිලධාරී නිවස්න වල තමයි උන් නැවතුනේ. එකසිය ගානට මුන් පිනට බොන්නේ. ගල් කාල බීපු එවුන් අපේ මෙස් වලින් බකාඩි ගැහුවා.මේ ඉරිදා රිවිර පත්තරෙත් තියනවා සෙනග අඩුවෙගන යන දේවාලෙකට සෙනග අද්දවා ගැනීම සඳහා ලියපු ලිපියක්. පත්තර කාරයෝ ගැන මම හමුදා සේවයේ යෙදී සිටියදී ලද අත්දැකීම් පොතක් විතර ලිව්වැකි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
රිවිර පත්තරේ විස්තරේ මම දැක්ක. යුධ වාර්තාකරණයට ගිහිල්ල පරිගණක උස්සපු උදවිය ගැනත් සඳහන්වුනා ඒ කාලෙ.
Deleteතව ටිකක් කල් යුද්දේ තිබුනානම් මුන් අපට උගන්නනවා යුද්ද කරන හැටි. සමහර එවුන් ඉහල නිලධාරීන්ටත් අයියේ හුයියේ කියලා කතාකරන්න ආවම අපි කිව්වා කරුණාකරලා සෑම දෙනාටම ඒ අයගේ නිල නාමයෙන් (කෝප්‍රල්, සාජන්, ලෙෆ්ටිනන්ට්, කැප්ටන්,)අමතන්න කියලා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
"සමහර එවුන් ඉහල නිලධාරීන්ටත් අයියේ හුයියේ කියලා කතාකරන්න ආව"
Deleteමාර බඩු!
රැල්ලනේ ඉතිං...
ReplyDeleteමාධය කලාව බල්ලට යන්න ගත්තෙ අදක ඊයෙක නෙවෙයි. ලේක් හවුස් එකේ තිබ්බ බඳවා ගැනීමේ පරීක්ෂනයකින් 100% ක් ලකුණු ගත්ත එකෙක්, ගමේ පක්ෂ කාලෙ සාමාජිකත්වය නෑ කියලා කපලා දාන රටක මොන මාධ්‍ය කලාවක්ද රාජ්!
ReplyDeletehenryblogwalker the Dude
අලෙවිය වැඩි කරගන්න මෙවැනි උපක්‍රම බාවිතා කරනවා ඒවාට අහුනොවී ඉන්න අපි දැනගන්න ඕන.
ReplyDeleteහරිම වටිනා කියන ලිපියක්. අවාසනාවකට තවම මහජනයා ඔය පත්තර වලින්වත් රජයේ හෝ කඩේ යන රූපවාහිනි මාද්‍යයෙන්වත් ඈත් වෙන්නේ නෑ.
ReplyDeleteමොනවා කරන්නද නේද? මහජනයාට ඕනේ දේ තමයි අන්තිමට ඔය විදියට හරි එලියට එන්නෙත්.
සල්ලි නැතුව ලියලත් බැහැ. ලියන්නැතුව සල්ලිත් නැහැ.
ReplyDeleteඕකයි මචං ප්‍රධාන ගැටළුව.
පෝස්ටුවට අදාල නැති වුනත්, උබ සහ අනිත් එවුන් නොදුටු කතාවක් කියන්නම් පුවත්පත් සම්බන්ධව. මොකද අපි පුවත්පත් ඒජන්සියක් කරන නිසා හැම පුවත්පතකම බෙදා හැරීමේ සීන් දන්නවා.
ලගදි තිබ්බා මව්බිමට මාස 6ක් වීමේ පාටියක්. ගල්කිස්ස හෝටලේ. අලෙවි නියොජිත සෙට් එකට එන්න කිව්ව නිසා තාත්තා මාව ඇදගෙන ගියා. මව්බිමට අලෙවි නියොජිතයන් කැමතියි කියල මට හොදටම තේරුනේ එදා. මොකද දන්නවද අනෙක් පත්තර වගේ පත්තරේ කොටස් එකතු කරන්න දෙයක් නැහැ. හදපු පත්තරේ තමා නියොජ්තයන්ට ලැබෙන්නේ. ඒත් අනික් පුවත් පත් නියොජ්තයන්ට බෙදා හැරීම වගේ කටයුතු වලදි පමා වෙනවා. ඒව නිසි නියෝජිතයෝ පට්ට කැමති මව්බිමට.
අපිටත් එදා තඩි ටෝර්ච් එකක් දීල එව්ව නිසා අපිත් කැමතියි :ඩී
යම්කිසි කාරනා ටිකක් අපිට අපිට බලන්න ඕනනම් එක කාරනයට එක ගානෙ පත්තර ගන්න වෙලා...එකක දෙශපාලන කරුනු හොඳයි,තව එකක තවත් විශේෂාන්ගයක් හොඳය්..ඔය වගේ තමය්....!!
ReplyDeleteරාජ්, මුන් නිකම් හොරු නෙවෙයි කම්බා හොරු.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඕපදූප ලියන පත්තරවලට කියන්නේ 'ගවේශනශීලි' මුද්‍රිත මාධ්‍ය කියලා... වෙන මොනවා කියන්ටද???? මිහිර පත්තරේ ඇරුනාම.... තාම තියනවද දන්නෑ...
ReplyDeleteමෝඩ ආතල් විඳින්න කැමති යට ලියන පත්තර කලාවක් දැන් තියෙන්නේ. අපි පුංචි කාලේ තමයි මේ රටේ නියම පත්තර කලාවක් තිබුනේ.. බයේ ගැහි ගැහි මොන පත්තර කලාවක්ද ?
ReplyDeleteමෙකත් හරියට රාජිතගේ වීරයා මැරිලා නාට්‍යයෙන් කතාකරන ඉසව්වේ තවත් පැතිකඩක්
ReplyDeleteරාජ්ගේ මේ ප්‍රකාශය ඇතුලේ තව අඩු පාඩු සකසන්න දෙයක් නෑ කියලයි මගේ හැගීම. මහ වෙදනගේ අත්දැකීම් ඒ බව වඩාත් තහවුරු කරනවා.
ReplyDeleteමට හිතෙන්නේ ඔය විලි සංගේ නැති වැඩ විද්‍යුත් මාධ්‍යය වලින් තමා මුද්‍රිත මාධ්‍යයට බෝ උනේ. කොහොම වුනත් මෑතකදි ආන්දෝලනයට තුඩු දුන්න 'ඊතලය' කියල මාසික සගරාව පළකරපු පුවත්නම් අතිශයෝක්තියෙන් නොලියවුනු බවට මම පෞද්ගලිකව සාක්ෂි. ඊට හේතුව ගැන මම මෑතකදී කිව්වා.
‘බෝතල් පත්තරකාරයෙක්’ නොවී හැබෑම පත්තරකාරයෙක් වුණු දයාසේන ගුණසිංහ මහත්තයා දශක කීපයකට කලින් මහජන පුස්තකාලෙ තිබුණු රැස්වීමක වේදිකාවේ ඉඳන් ප‍්‍රසිද්ධියේම ‘පත්තර කියන්නේ ඉතිං කුණු’ කියලා
ReplyDeleteකිව්ව ඓතිහාසික ප‍්‍රකාශය අද වඩාත් වලංගුයි.
මේ වංචාකාරී ස්වභාවය පත්තර ක්ෂේත‍්‍රයේ විතරක් නොවෙයි බොහෝ ක්ෂේත‍්‍රවල තියෙන තත්වයක්. උදාහරණයක් කියනවා නම් රාජ් කියන මහාචාර්ය නන්දසේන රත්නපාල කියන්නේ මහා ගවේෂකයෙක් නෙවෙයි. හොඳ කතන්දරකාරයෙක්. ඔහු ‘කොන්දේ අමාරුව හැදෙනකල් කළා කියන හිඟන්නන් ගැන කළ පර්යේෂණය’ ඔහුගේ ඇත්ත තත්වය හෙළිදරන හොඳම මාර්ගයයි. ඒක දන්න කීපදෙනා අතර මාත් කෙනෙක්. ඔහුගේ කොන්දේ අමාරුව මහරගමදී නැතිව ගියේ ඇයිද කියලාත් දැනගන්න පුළුවනි ඔහුගේ හිටපු රියදුරු මහත්තයාව හොයාගත්තොත්. ඔහුත් මේ කතාවේ කොටස්කාරයෙක්. මහාචාර්ය රත්නපාලගෙ කාලයේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් කවදාවත්ම දක්ෂ සමාජවිද්‍යා ශිෂ්‍යයින්ට නිසි සාමාර්ථයක් ලැබිලා නැති බව හොයාබැලූවොත් දැනගන්න පුළුවන් වේවි.
අපේ ඉන්නවා කියන ගවේශකයො හුඟක් දෙන්නා පට්ටපල් බොරකාරයො.
අලුත් එක දාලා තියෙන්නෙ............
Deleteසුන්නත ආගමික ක‍්‍රියාවක්ද? හිංසනයක්ද?
කතාව සමග එකග වෙමි. මහාචාර්යතුමාට තිබුණෙ ලිංගික ප‍්‍රශ්නවගයක්
Deleteමව්බිම විතරක් නෙවේ රන්දිව පත්තරේ තත්වයත් ඔය විදිහමයි
ReplyDeleteඋපරිමයි රාජ් !!!
ReplyDeleteමමත් නෝට් කරපු දෙයක් ඔය පත්තරේ අනිත් ඒවට වඩා කට්ටඩි ගුරුකං කේස් වලින් මිනිස්සු අන්දනවා ..!!
@රාජ් සහබ්,
ReplyDeleteඅරේවා ජී!!!!!!!!
අයියණ්ඩි ගාව තියෙනවානම් පොඩි ස්ක්‍රීන් ශොට් පාරකුත් ඇඩ් කරන්න!! (අපේ සම-හරක්ට තේරෙන්නත් එක්කලා!)
ජයි හෝ!!!!!!!!!!!!!!!
මේ වැඩෙන් වුනේ මවුබිමට තවත් එක් පාඨකයෙක් එක් වුන එකයි.මම රාජ්ගෙ අඩවියට ගියා ස්වර්ණදත්ත යක්ෂයා ගුවනින් ආපු කතා මෛත්‍රිය බෝසතුන් ඉංග්‍රීසියෙන් ආනන්ද මෛත්‍රිය හිමියන් එක්ක කරපු කතා එහෙම යනව කියන්නෙ පත්තරේ සල්ලි වලට ගත්තොත් හොඳට හිනා වෙන්න පුළුවන්නෙ. දවසක් දෙකක් ඔය පත්තරේ බලල වමනෙට ආපු නිසා අත ඇරිය.දැන් බලපුවම මේකෙ හොඳ පැත්තකුත් තිබෙනවානෙ.
ReplyDelete