Wednesday, July 18, 2012

මච්චං...පොලීෂියෙ ඉන්නව නං ඔඳට ගහන්න ඕන



පොලීසිය කිව්වම අපි හුඟ දෙනෙකුගෙ හිතේ යහපත් හැඟීමක් නෑ. මගේ එක යාළුවෙක් ඉන්නව පොලිසියත් එක්ක පුල්ම මලෙන්. ඒකාලෙ (කොටි ත්‍රස්තවාදය තිබුන කාලෙ) ඌ කියනව "මචං පාරක් අයිනෙ කොටියෙකුයි පොලිස්කාරයෙකුයි වැටිල හිටියොත් වතුර ඉල්ල ඉල්ල මම වතුර දෙන්නෙ කොටියට. මොකද ඌ හොඳයි පොලිස්කාරයන්ට වඩා! :). ආයෙ ඌ කියනව "තාත්ත උනත් පොලිසියෙ නං විශ්වාස කරන්න එපා" කියල. මං හිතන්නෙ පොලීසියෙ වැරදි සහගත ක්‍රියා මේකට හේතුවෙනව. පොලීසිය එහෙම වැරදි කරන්න දේශපාලනයත් ඒ වගේම බනින මිනිස්සුත් හේතු වෙනව. කොහොම උනත් පොලීසියට කවුරුහරි ගැහැව්ව කිව්වොත් අත්පොලසන් දෙන්න කස්ටිය ඕන තරං හොයාගන්න පුළුවන්. අද දවල් අපේ ඔපීසියෙ කෙනෙක් කිව්ව එක්තරා පොලිස් රාලහාමි කෙනෙක් ගැන කතාවක්. දෙන්න කොහේදෝ මත්වතුර සප්පායං වෙන අතරෙ රාලහාමි කියනවලු මෙහෙම,

"මච්චං...., පොලීෂියෙ ඉන්නව නං මිනිශ්ෂුන්ට ඔඳට ගහන්න ඕන..... නැත්තං ඕකුං හදන්න බෑ..... මම නං අහුවුනොත් ඔඳට ගහනව"

ඉතිං ඔයවගේ අදහස් තියන එවුන් තමයි පොලීසිය කන්නෙ.
මම කොළඹ වැඩකරන කාලෙ ගෙදර එන්නෙ බයික් එකේ. බොහෝ වෙලාවට රත්නපුර පාරෙ තමයි එන්නෙ. හදිසියෙ දවසක ගාලුපාරෙත් එනව. ගාලුපාරෙදි සහ රත්නපුර පාරෙදි මුනගැහෙන පොලිස් මාමලගෙ සෑහෙන වෙනසක් මම දැකල තියනව. රත්නපුර පාරෙ උදවිය හොඳයි. තරමක් සීතල දේශගුණික තත්වයක ඉන්න නිසාද කොහෙද එච්චරම සැර නෑ. ඒකට ගාලුපාරෙ පොලීසිය! බේරෙන්නම බෑ. මං හිතන්නෙ රස්නය සහ මූදු හුලං වැදීම නිසා.:)

හුදීජන පහන් සංවේගය සඳහා මම කියන්නම් පොලීසියට ගහපු පෙරහැර දෙකක් ගැන.
එකක් මම දැක්ක සිද්ධියක්. පෙරහැරවල යනව දැකල ඇතිනෙ අපාය, සැලෝන්... වගේ අයිටම්. මේ පෙරහරේ යනව සැලෝන් එකක්. නැත්තං බාබර් සාප්පුවක්. යන්නෙ රෝද දෙකේ ට්‍රැක්ටර් එකක ට්‍රේලරයේ. හෙඩ් බාබර් හිටියෙ මාත් හොඳට දන්න මරුමුස් පොරක්. කසිප්පු ගැලුමකුත් තියනව ඒක ඇතුලෙ. සේලයින් බටයක් ඒකට දාල ටික ටික බිබී තමයි යන්නෙ. ඔන්න පෙරහරේ අවසානයට කිට්ටුවන අතරෙ සූර්වෙලා හිටිය බාබර් අයියට පොලිසියෙ මහත්තයෙක් මොකක්දෝ කිව්ව. මලපැනපු බාබර් අයිය රැව්ල කපන්න ලී වලින් හදාගත්ත දැලිපිහියකින් (දැලිපිහියක් කිව්වට ඒක කඩුවක සයිස්) රාලහාමිට හොඳටම ගැහුව. පස්සෙ රිටන් එක ලැබුනත් වෙච්ච ලැජ්ජාවටද කොහෙද රාලහාමි වෙන පලාතකට මාරුවෙලා ගියා.

දෙවනි කතාවත් ඒවගේමයි. ඒක නං සිද්ධවුනේ ගිය අවුරුද්දෙ. එතන සීන්එක "අපාය". අපායට රාලහාමිල දෙන්නෙක් මොකද්දෝ කේස් එකක් ඇද්ද. ඊට පස්සෙ මයික්එක අතට ගත්ත යම රජ්ජුරුවො යමපල්ලන්ට නියෝගය දුන්නෙ මෙහෙමයි,

"යමපල්ලනී....... අපායේ කටයුතු වලටත්...... යමරජු වන මටත්....... බාධා කරන...... මේ පොලිස් නරයන්ට........ පහර.... දෙනූ........"

සූර්වෙලා හිටිය යමපල්ලො ටික පැන්න ගමන් පොලිසියට නෙලන්න ගත්ත දුවනකල්. පැය භාගෙකට විතර පස්සෙ ජිප්එක පුරවලා ආයුධ ගත්ත පොලිස් අංකල්ල එනකොට අපායෙ ඉතිරිවෙලා හිටියෙ ට්‍රැක්ටර් ඩ්‍රයිවර් විතරයි.

ප.ලි.- "අපාය" කියල ගූගල් දෙයියන්ගෙං පිංතූර ඉල්ලුවම මේ නංගිලාගෙ පිංතූර එන්නෙ මොකද? එයාල අපායට සම්බන්ධයක් තියනවද? නැත්තං අපායට ගහපු කැලැන්ඩර්ද මේ? ඔහේල මේ ගැන හිතන්නෙ මොකද්ද?


92 comments:

  1. ඇති "අපාය" කියල ගැහුවම පොලිසියේ පින්තූරයක් පෙන්නුවෙ නැතුව.. අනික උඹ බැරි වෙලාවත් "දිව්‍ය ලෝකේ" කියලා ගහලා පින්තූර ඉල්ලන්න එපා.. එතකොට එන ඒවා දැක්කම අපායේ යන්න හිතෙයි ඔන්න.ඒ තරමට අසභ්‍යයි...

    පොලිසිය ගැන නම් මම කතා නොකර ඉන්නම්.. ඒකේ ගුණ වයන්න මගේ ශබ්ධ මාලාව පොහොසත් මදි.. :(

    ReplyDelete
  2. ඒක තමා. මම් බැලුවා අපාය කියලා ගැහුවම මොකෝ මේ දිව්‍යලෝකය ආවේ කියලා.

    ReplyDelete
    Replies
    1. හී හී...මීට පස්සේ දිව්‍යලෝකේ යන්ට හදන්ට එපා මධු...

      Delete
    2. ඕක එක එක කාලෙට අපායයි දව්‍යාලා්කෙයි වෙනව.

      Delete
    3. අපාය මෙහෙම නම් දිව්‍යලෝකේ කෝම වෙයිද කියලා මම් මේ හිතන්නේ.

      Delete
  3. පොලිසීයේ සෙවය කරන උන්දලගෙන් වැඩිහරියක් ජරා පප්පලා තමා. ඔකට අලුතෙන් ඇවිත් ඉන්න එව්වොත් යන්නේ අර පරණ කස්ටිය ගිය පාරේමනේ හැබැ මම දැක්ක අද ලංකාදිපේ පත්තරේ මුල් පිටුවේ දාල තියෙනව පිංතුරයක් අලුත් පොලිස් හාදයෙක් අන්ද මනුස්සයෙක්ව බස් එකකට නග්ගන ඉතින් ඔය ගඩ්ඩො අතරෙත් ඒවගේ මනුස්ස ගති තියෙන එක් කෙනෙක් දෙන්නෙක් ඉන්නව කියන එක ගැන අහන්ට දකින්ට ලැබිමත් සතුටට කරුනක්.
    අපොයි අපාය දැකල නැති නිසා ඒ අපායමද කියන්ඩ නම් දන්නෑ හැබැ අපි අහල තියෙන විදිහට නම් මෙකත් එක්තරා විදිහක අපායක් වගේ එකක්ද කොහේ දෝ හෙක්..හෙක්

    ReplyDelete
    Replies
    1. ඒවගේ හොඳ පොලිස් අංකල්ල ඉන්නව.

      Delete
    2. පැන්ෂන් ගිය පොලිස් කාරයා කියන්නෙ මොනවගේ අයටද?

      Delete
  4. මමත් කැමති අර අන්තිමට දාල තියෙන ආපේ පින්තූරෙට තමයි.....! පොලෝසිය ගැන ඉතින් කුමට කතාද ?

    ReplyDelete
    Replies
    1. ඕකට අකමැති නොවී කොහොමද!

      Delete
  5. අනේ අපේ පොලිස් මාමලට එහෙම කියන්න එපා එයාල හරිම හොදයි..නීති ගරුකයි..සාධාරණයි, සියලුම පොලිස් සුනකයන්ට ..ඔහ් සමාවෙන්න වැරදීමක් පොලිස් මාමලට මගේ උත්තමාචාරය ,

    මේ වගේ පොලිසියක් මතු උපදින හැම බවයකදිම අපට ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. අර සිංදුවෙ නේද අන්තිමට ඔහොම කියන්නෙ.

      Delete
    2. මේ වගේ පොලිසියක් මතු උපදින හැම බවයකදිම අපට ලැබේවා !!!

      මෙහෙම කියන්නේ ඉරජ්ගේ සින්දුවේ..

      Delete
  6. //යමපල්ලනී....... අපායේ කටයුතු වලටත්...... යමරජු වන මටත්....... බාධා කරන...... මේ පොලිස් නරයන්ට........ පහර.... දෙනූ........//සූර් වෙලා හිටියත් මරු විදිහට පොර ඒක කියලා
    අර පින්තූරේ ගැන කියනවනම් ඔය අර මෙව්වා තැනක්ද දන්නේ නෑ ඒවත් ඉතින් අපායවල් වගේලුනේ

    ReplyDelete
    Replies
    1. සූර් උනාම වචන හොඳට එනවනේ....

      Delete
  7. 31st night එකක් දවසක සිරා යාලුවෙක් එක්ක ගාලුමුවදොර හිටියා... යාලුවගෙ තව යාලුවෙක් අපිට සැට් උනා.. එදාම තමයි මම දැක්කෙ... ටිකකින් මෑන් අපි සෙට් වෙමු කියලා මටත් කථා කරලා ගලදාරි එක පැත්තට ගියා... අපි ඉස්සරහට පොලිස් නිලධාරියෙක් පොලිස් බල්ලෙකුත් එක්ක ආවා...ඒගොල්ලො පහුවෙනකම් ඉදලා මගේ යාලුවට මම කිව්වා මචං කොහොමද පොලිස් බල්ලා කියලා...බල්ලා කෙසේ වෙතත් පොලිස් මෑන් තමා මගේ ඉලක්කය උනේ.. යාලුවා හ්ම් නෑ... ටිකකින් අපි ගලදාරි එක පිටිපස්සෙ තියෙන පොලිස් මෙස් එකට ගිහින් අවශ්‍ය දේවල් එහෙම ඕඩර් කරලා ඉදගෙන ඉද්දි.. යාලුවගෙ යාලුවා කියනවා.. මචං උඹ දැන් ඉන්නෙ පොලිස් බල්ලන්ගෙ තිප්පොලේ මමත් පොලිස් බල්ලෙක් කියලා... මම දන්නෙ නැති උනාට මිනිහත් පොලිසියේ... මට එදා නම් පොළොව පලන් යන්න හිතුනා...

    ReplyDelete
    Replies
    1. බල්ලො කතාව නං කියන්න එපා.
      මම කොළඹ ඉන්න කාලෙ අපේ ඔපීසියෙ හිටිය ඩ්‍රයිවර් කෙනෙක්. ඌ ගෙදරට අල්ලපු ගෙදර උදවියත් එක්ක ටිකක් අමනාපෙන් හිටියේ. අවුරුදු නිවාඩුවට දවස් දෙකක් තියෙද්දි අල්ලපු ගෙදරට හොරු පැනල බඩු ගත්ත‍. ඊට පස්සෙ පොලිස් බල්ලො එහෙම ගෙනල්ල පරීක්ෂණ කරල තිබුන. මූට කට තියාගෙන ඉන්න බැරුව කඩයක් ලඟදි කියල තියනව "පොලිස් බල්ලො ආවට ඔය හොරු අල්ලන්න බෑ..." වගේ කතා. මේ ආරංචිය පොලිසියට ගියා. පොලිසිය ඇවිල්ල ඌව කුදලගෙන ගියා සැකකාරයෙක් විදියට. ඔපීසියෙ කනෙක්ෂන් තිබුනෙ නැතිවුනානම් අවුරුදු නිවාඩුව ඉවර වෙනකල් ඇතුලෙ! කොහොමද පොලිස් බල්ලන්ගෙ වැඩ.

      Delete
  8. මමත් දැක්කේ උඩ අපායේ පින්තූරයකුයි, යට දිව්‍ය ලෝකේ පින්තූරෙකුයි. රාජ් බොරුවට ඒක අපායේ කියලා දාන්ට ඇති එතකොට ඔක්කොම අපායට යන්ට දඟලන හන්දා. :D

    ReplyDelete
    Replies
    1. ඔය! කිව්වට පිලිගන්නෙ නෑනේ. අපාය කියල සර්ච් කරන්න මම කිව්වට. ඔයවගේ පින්තූර තමයි එන්නෙ. :)

      Delete
  9. ලංකාවේ පොලිසිය හොඳයි. ඒකෙ ඉන්න මිනිස්සු තමයි නරක.

    ReplyDelete
  10. අපෝ මටත් පොලිස් කාරයෝ පේන්න බැහැ
    ඒ යම් හේතු මත

    ReplyDelete
    Replies
    1. උඹට ගැහුවනේ දවසක්...:)

      Delete
  11. ඒ වුනාට අපිට අමතක වෙලා තියෙනවා යුද්ධය කාලේ දකුනේ සාමය තිබුනේ පොලීසිය නීසා බව. යුධ හමුදාව පලාත් දෙකක් විතර කොටින්ගෙන් බේරාගනිද්දී අනිත් පලාත් සේරම බලාගත්තේ අපි බනින පොලීසියම තමා

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඒත් කිරි කලයක් උනත් ගොම චුට්ටක් වැටුනම ඉවරයිනේ.

      Delete
  12. ඔක්කොමත් හරි පින්තූරෙ ඉල්ලල මමත් ගූගල් දෙය්යන්ට කන්නලව් කලා..

    මේන් බලාපලකො දීපු එක ..

    http://www.google.ae/imgres?imgurl=http://img213.imageshack.us/img213/4314/0016ts.jpg&imgrefurl=http://www.elakiri.com/forum/showthread.php%3Ft%3D1121337%26page%3D153&usg=__sX2XlVNoXG3dwDMdiWFvAReZ8X0=&h=600&w=450&sz=25&hl=ar&start=12&sig2=FoI-BtSpbD75iGgMcDcdnQ&zoom=1&tbnid=k6-xC0HI8riQ1M:&tbnh=135&tbnw=101&ei=EaMGUIieAojatAbMr63UBg&itbs=1

    ගූගල් දෙය්යෝ නොදන්න දෙයක් නෑ කියන්නෙ ඇත්ත බන්.. උන්නාන්සෙ දන්නව අපායට යන පාර මේක කියල

    ReplyDelete
    Replies
    1. ඔය පිංතූරයක් මම දාල තියෙන්නෙ.(ජොයින්ට් කරල)

      Delete
  13. හෙහ් මටත් මතකයි ඔය ජාතියෙ පෙරහැරවල් යනව හක්මන ආච්චිලගෙ ගෙදර ඉන්න කාලෙ. මං දැකපු ටැක්ටර් සැලූන් එකේ නං කොණ්ඩෙ කැපුවෙ අර මල් වැටවල් කපන මහ විසාල කතුරකිනි. හෙහ් හෙහ්... හැබයි පොලීසියෙන් නං කොකු දැම්මෙ නැද්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔක්කොම පාවිච්චි කරන්නෙ ලොකු උපකරණ.

      Delete
  14. පොලීසිය ගැනනං ඉතිං කතා කරලා වැඩක් නෑ..
    අපරාදේ වචන..

    ReplyDelete
  15. මම කැමති නැති රස්සාවලින් පොලිසිය අංක 1. අංක දෙක හමුදාවේ මහත්තුරු.

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂව හමුදාවට තියන පිලිගැනීම වැඩියි. කොටින්ම හමුදාව "හරියට ඩියුටිය කරනව" කියන පිලිගැනීම සමාජයේ තියනව. උදාහරණයක් විදියට ට්‍රැෆික් රාජකාරි කරන හමුදාවෙ උදවිය මම දැකල තියනව. කවදාවත් පගා ගන්නෙ නෑ. ඒ ඇත්තටම හොඳකමද නැත්තං පුරුද්දක් නැතිකමද කියල නං දන්නෙ නෑ.

      Delete
  16. අර අන්තිමට දාපු එවුව අපායෙන් ගත්ත නම් දිවිය ලෝකේ එවුව කොහොම ඇද්ද කියල හිතපන් රාජ් කොල්ලෝ !! අර පොලිස් කාරයොයි මේ කෙල්ලොයි අතරේ තියෙන සම්බන්දෙ මොකද්ද ? කෙල්ලෝ හුට පටෙකට අහුවෙලා පොලිසියෙන් කෑවද පරිප්පු ?

    ReplyDelete
    Replies
    1. සම්බන්ධයක් නැතෝ.......

      Delete
  17. රාජ් කියන පැත්තෙ ඉතින් අතීතයත් ඔහොම තමයිනෙ. එදා දවසක ප්‍රේමවතී මනම්පේරීගේ ඇඳුම් ගලවලා පාරේ යවද්දි ඒක නීති විරෝධීයි කියලා ඒ මනෝව්‍යාධික පොලිස් ලොක්කට කියන්න එක මිනිහෙක් හිටියා ද? ඒ මිනිස්සු නීතිය නොදන්න කම ද? නැත්නම් චණ්ඩියන් ඉදිරියේ ඇති බියගුළු කම ද? නැත්නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න හැදියාව ද?

    ReplyDelete
    Replies
    1. නීතිය දන්නව. ඒත් කරන්න දෙයක් නෑනෙ. ලංකාවෙ තියන ලොකුම අවුල නීතිය ඉටුකරගන්න ගතවන කාගය අධික වීම. අනිත්එක සමානව නීතිය ක්‍රියාත්මක නොවීම. ජනාධිපතිගෙ දුවට දඩගහන්න ඇමරිකාවෙ පොලිසියට පුළුවන් උනාට මෙහේ බෑනෙ. එහෙම උනොත් හෙට යාපනේට මාරු කරනව.
      අන්න ඊයෙ මෙහේ පොලීසියක ඕ අයි සී මහත්තයට ගහල දත් දෙකක් කඩල ඉස්පිරිතාලෙ. තාම මාධ්‍යවලට ආරංචිවුනේ නෑ.

      Delete
    2. අන්න ඒක තමයි මට තියන ගැටලුව. අපි වගෙ සාමන්්ය අයට නම් උඩුගං බලා පීනන්න පුලුවං., හැබැයි ඔය වගෙ නිලදාරින්ට යන අතට යන්න බෑමයි කියල හිතුනොත් උපරිම පුලුවං හරහට පීනන්න විතරයි.

      Delete
  18. අපොයි පොලීසිය ගැනනම් කියලා වැඩක් නෑ ජරා හැතිකරයක් බං..... සිගරට් ගහන එකයි, බොන එකයි, හරක් ගාත පිටින් ගිලින එකයි ඇරුනම උන් කරන්නේ ටොයිලට් පුරව පුරවා නිකන් ඉන්න එක තමයි.....

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද. පොලීසිය දැන් තියන තත්වයෙන් ගොඩගන්න වගකිව යුත්තන් උනන්දු නෑනේ. අනෙක එහෙම උනොත් එයාලගෙ පැවැත්මට තර්ජන එල්ල වෙනවනේ.

      Delete
  19. ස්වාධීන පොලිස් කොමිසම පත් නොකර ඉන්නෙ පොලිසිය තමන්ට ඕන විදියට පාලනය කරගන්න මිසක් වෙන මොකටද? ඒ නිසා මේ කාළකණ්නි තත්වයට වග කියන්න ඕන වෙන කවුරුවත් ම නෙවෙයි....................

    ReplyDelete
  20. උඹ මොකටද අපාය ගූගල් කරන්න ගියේ?

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කියන්නෙ. මීට පස්සෙ කරන්නෙ නෑ.

      Delete
  21. පොලිසියේ හැමෝටම දොස් කියන එකනම් නරකයි :) සමස්තය ගත්තම ඉතිං චාටර් තමා. මම මේ කල්පනා කරේ මෙහෙ පොලිසියත් එක්ක ගත්තම අපේ රටේ පොලිසියට මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා. මට හිතෙන්නේ එයාලව නිල ඇඳුමේ ඉඳලම වෙනස් කරන්න ඕන කියලා. ජරාව කන්න ඕන වෙන්නේ නැති විදියට හිඟන පඩියක් වෙනුවට හොඳ පඩියකුත් දෙන්න ඕන. එක අතකට මේවා පොලිසියේ වැරදීම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. අභ්‍යන්තරයේ ප්‍රශ්න තියනව. ඒවා ගැඹුරටම සොයාබලා විසඳන්න ඕන.

      Delete
  22. හැමදාම වගේ අදත් පොස්ටුවේ හරයට හිත යොමු කරන්න හිතුවා. ඒත් අද මම 'ෆේල්'. හිත යන්නෙම ගූගල් දෙයියන්ගේ ෆොටෝ ටිකට. අම්මප 'අපාය' ම තමා.

    කොහොම වුනත් පොල්සිය ගැන වෙනස් විදිහට හිතන්න පුළුවන් අවස්ථා කිහිපයටකට මම මුහුණ දීල තියෙනවා. මේ ළගදී පොලිසියට ගියහම හිතුනා ඇත්තටම මේ මිනිස්සු 'අමානුශික' විදිහට හැසිරෙන්නත් 'මානුෂික හේතු' තියනවා කියල.

    පොලිසියට ගහන එකෙන් අපේ මිනිස්සු තවත් සංවර්ධණය වෙලා. අද ප්‍රවෘත්තිවලට දැක්කා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ගල් ගහනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නිසා තමයි අන්තිමට දැම්මෙ :)
      ගල්ගැහිල්ල වැඩිවෙනව මිසක් අඩුවෙන එකක් නෑ මේ යන විදියට.
      "හැමදාම වගේ අදත් පොස්ටුවේ හරයට හිත යොමු කරන්න හිතුවා"
      එහෙම කරනඑක ගැනං බොහොම සන්තෝෂයි.

      Delete
  23. දැන් පොලීසිය රාජකාරියක්, යුතුකමක් හරියට කරපුවහම පත්තරේ වැටෙනවා කාගෙහරි වැටිච්ච පර්ස් එකක් අහුලල සල්ලි එක්කම ආපහු දෙන එක ඒකත් ලොකු නිව්ස් එකක්. බලන්න සාමාන්‍යයෙන් සමාජයේ විය යුතු දේවල් අද අපිට කොච්චර විරලද. ඇත්තටම අපි කොතැනද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. හොඳ අදහසක් කිව්වෙ. "සාමාන්‍යයෙන් සමාජයේ විය යුතු දේවල් අද අපිට කොච්චර විරලද"
      එහෙම දෙයක් උනාම අපිට ඒක නිව්ස් එකක් වීමෙන්ම තත්වය පැහැදිලියි.

      Delete
    2. බොහොම හොද කාරණාවක් මතු කලේ. ඉස්සර මේ දේවල් වර්ණනා නොකලේ ඒවා හැම තැනම හැම තිස්සෙම සිද්ධ වුන නිසා. ඒත් අද??? මම දැක්කා බුකියෙත්, පොලිසියේ මහත්තැන් කෙනෙක් සීයා කෙනෙකුට බස් එකකට නගින්න උදව් කරණ එකක් සිය ගාණින් 'ෂෙයාර්' වෙනවා. හොද වැඩක් තමා. ඒත් මෙච්ච්‍ර ප්‍රසිද්ධියක්???

      Delete
    3. ඇනකොන්ඩා කියන්නේ හොඳ අදහස් තමයි.
      පොඩ්ඩක් ඒ පැත්තෙ ඇවිත් බලල ගුණ දොස් කියන්නකො

      Delete
  24. පව් බං. ඇයි මේ කවුරුවත් පොලිස් මාමලට කැමති නැත්තෙ? මුන්ට "ඔඳට ගාන්න" තියෙන්නෙ කැමති වෙනකල්.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා ඩියුඩ්. පව්නේ‍.....

      Delete
  25. කවුරැ කොහොම කිවුවත් පොලිසියේ හොද මිනිස්සුත් ඉන්නවා.

    ReplyDelete
  26. Replies
    1. කිසි අවුලක් නෑ. මම කියවල තියනව ඔක්කොම.

      Delete
  27. පුහුණව ආකල්ප ඉඳල වෙනස් විය යුතුයි. ලංකාවේ මිනිස්සු තමන්ට වඩා පහල අයට උද්දච්ච කම් පානවා වැඩි. ඒ ගතිය පොලිසි ගියාත් වෙනස් වෙන්නේ නැහැ. ඒත් වැඩේ කියන්නේ එකම සමාජේ එකම මිනිස්සු පිරිසක් වෙන තිවිද හමුදාවේ ඇති විනය මනුස්ස කම. කෝතනද වැරැද්ද?

    ReplyDelete
    Replies
    1. ඝානාවට වඩා හොඳයි හැබැයි නේද?

      Delete
  28. මිනිස්සු හරි ආසයි වගේ පොලිසියට ගහන්න. මතකනේ දොම්පේ වුණු හරිය

    ReplyDelete
    Replies
    1. මොනවද මේ කතා. ආසද කියලත් අහනව.

      Delete
  29. අන්තිම පොටෝව නිසා පෝස්ට් එක ගැන තිබ්බ අදහසුත් අමතක වුනා..

    එල අපාය අහ් !

    ReplyDelete
    Replies
    1. හැම එකාටම පේන්නෙ ඒකනේ :)

      Delete
  30. සිංහල භාෂාවෙ වචන වලින් මම අකමැතිම වචනය 'පොලිසිය' පොඩිකාලෙ ලබපු සමහර අප්‍රසන්න අත්දැකීම් මතයි එහෙම උනේ.........:(

    ReplyDelete
  31. පොලීසිය ගැන නරකම කියන එකත් පව් නෙද ? නරකද හොඳ ටිකක් කෙහෙන් හරි අමාරුවෙන් වගෙ හොයාලා දැම්මොතින් . හොඳට නැගලා යාවි ... නැති දේ ඩිමාන්ඩ් නේ

    ReplyDelete
    Replies
    1. ඒව තමයි බුකියෙයන්නෙ.

      Delete
  32. සයුරිගේ කථාවට මමත් එකඟයි. ඇමරිකාවේ පොලීසිය කියන්නේ කොයි තරම ගෞරවාන්විත රස්සවක්ද ? ඕස්ට්‍රේලියාවෙත් ඒ වගේ මම පුවතක් දැක්ක ඕස්ට්‍රේලියාවේ පොලිස්පතිගෙයි, අගමැතිගෙයි ලයිසන් කැන්සල කරලා සාමන්‍ය පොලිස් නිළධාරියෙක්. අපේ පොලීසියේ අයට වෙන බලපෑම් ගැන, ලැබෙන පඩිය ගැන, පහසුකම් ගැනත් හිතන්න ඕන නේද, අව්ව, වැස්ස, රෑ දහවල මේ කිසි දෙයක් නිසා එයාලගේ රාජකාරි නොකර ඉන්න බෑ. අසරණයාගේ අදහසත් හරි. මේ යුනිෆෝම් එක ඇතුලේ ඉන්නෙත් ලංකාවෙම මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඒත් ලංකාවෙ හැමෝටම ලැබෙන්නෙඔය කියන දීමනා තමයි.

      Delete
  33. ලෝකෙට පෙන්න ආන්ඩුවෙ රස්සා කරන වැඩිදෙනෙක් ජීවත් වෙන්නෙ හොරකම් කරල කියල දවසක් දෙපාර්තමේන්තුවක වැඩ කරන මගෙ යාලුවෙක් කිවුව.

    ReplyDelete
    Replies
    1. හැමෝම නෑ. සමහර ක්ෂේත්‍රවල තියනව. (මාත් රජයේ සේවකයෙක්:))

      Delete
  34. හැබැයි පොලිසියෙත් ඉන්නව ටික දෙනෙක් ඉතාමත්ම හොඳ අය, නමුත් වැඩි හරියක් ඉන්නේ මෝඩ කම නිසා ඔලුව උදුම්වාගත්තු කට්ටියක්,ඔය නරක අය නිසා අර හොඳ අයටත් පොලිසිය එපාවෙනව..... හරියට අර හිම වලහ හාවෙක් කලා වගෙයි, කව්සිළුමිණ ලිව්වෙ කවුද කියල ඇහුව වගෙ....හි හි හ් කතාවක් තියෙනව "පැන්ෂන් ගිය පොලිස් කාරයයි-ලොම් හැලිච්ච බල්ලයි" දෙන්නම එකවගෙලු කවුරුත් ගනන් ගන්නේ නැහැලු

    ReplyDelete
    Replies
    1. පැන්ෂන් ගියාම නං ගනං ගන්නෙ නෑ.

      Delete
  35. පොලිසිය....අපේ පොලිසිය....

    ReplyDelete
  36. යුනිෆෝම් එක ගලවපුවාම ඔය කස්ටිය හාංච්පයිස්!

    ReplyDelete
  37. කවුරු කොහොම කිවුවත් හොඳම රස්සාව ඒකනේ..
    කිසි වියදමක් නැතුව සම්පූර්ණ පඩියම ඉතුරුයි.
    කන්නෙ, බොන්නෙ, යන්නෙ එන්නෙ, මේ හැම දේම නිකන්.
    තව දවසට අමතර ආදායමකුත් එනවානේ.

    ReplyDelete
    Replies
    1. කැමට පඩියෙන් කපනව,සපත්තු, මේස්,පොලිෂ්, පුස්ථකාල,ක්ලබ් වලට,නවාතැන්(බැරක්කයට),නිල ඇදුම් වලට පඩියෙන් කපනව 20000/= පඩියෙන් 12000/= කෝස්තාපල් කෙනෙක්ට ලැබෙන්නේ, 8000/= ක්ම කපාගන්නව, කෑම එක මෙලො බල්ලෙක්ට කන්න බැහැ ගෝව මල්වල,බොන්චිවල පනුවෝ, පුස්ථකාල ගාස්තු කපාගත්තට කිසිම පොලිසියක මමනම් පුස්ථකාලයක් දැක්කේනැහැ, ක්ලබ් එකත් එහෙම තමයි...... එකයි ඔය පොලිස් පොඩ්ඩො ජරාව ගහන්නේ... මම මෙක ලියන්නේ පොලිසියෙ කෙනකුගේ මාසික වැ‍ටුප් ලෙඛනය මගෙ ඇස්දෙකෙන්ම දැකල...

      Delete
  38. සුරලෝකෙය් කියල හිතන් හිටියට ඕකත් එක්තරා අපායක් තමය්..!

    ReplyDelete
  39. පොලිසිය..හික් හික්...ඔන්න රාජ් අයිය ඉස්සරහට අතුරුදහන් වෙයිද දන් නෑ .....

    ReplyDelete
  40. ලොකු අයියේ කියලා පොලිස් අංකල් කෙනෙක්ට යන්තං බේරුනේ දවසක්...

    ReplyDelete
  41. පස්සෙනෙ අපාය මොකද්ද කියලා තේරුනේ...

    ReplyDelete
  42. සමාවෙන්න ඕනි රාජ් අයියෙ ගොඩ වෙන්න ප්‍ර්මාද උනාට ,., මම ඊයේ තමයි දැන ගත්තේ,.,., දාල තියන කමෙන්ට්ස් වලින්,ඒ කෙනාට අදාල. බ්ලොගිය හොයා ගන්න හැටි,., :D එල එල,,., පොලීසිය././ ඔහොම්මමයි,., හැබැයි අපේ ගමේ පොලිසිය උන්නද මලාද නෑ අප්පා,., ගුටි කාලම උන්ට එපා වෙලා ඇති :D

    ReplyDelete
  43. ඔක්කොමත් හරි අර අන්තිමට දාලා තියෙන පොටෝවයි කියලා තියෙන දේයි දැක්කම නම් ෆුල් හොල්මන් වුනා... මාත් ඉතින් බැලුවා මේ මොකැ කියලා ඇත්ත නේන්නම් අපාය කියලා ගැහුවම ගෑණු ලමයිගේ පොටෝ එනවනේ....

    මයෙ හිතේ අපායේ ඉන්න මාර දූතිකාවෝ වෙන්නැති... අපායේ ඇඩ් වලට එහෙම මෙයාලව ගන්නවා ඇත්තේ

    ReplyDelete
  44. ඔවු ඔවු හොඳට ගහන්න ඔණේ...පොලිස් වාර්ථාවක් ඉල්ලන්න ගිහිල්ලා... තොරතුරු හොයන්න ගමට ආපු පොලිස් රාළහාමි ගෙදරට ඇවිත් කියනවා "උඹලා හින්දා අපි පෙට‍්‍රල් ගහගෙන ගම වටේ යනවා.. පෙට‍්‍රල් ගහගන්න සල්ලි දියං" ලු...

    ReplyDelete
  45. පොලිසිය කියන කොටත් බඩ දඟලනව. ඉතම කලාතුරකින් හොඳ මනුස්සයෙක් ඉන්නව \ඇරෙන්න බහුතරය අර police කියන එකේ තේරුම වත් දන්නවද කියලා සැකයි.

    …ඒ අය දන්නේ හැම කෙනෙක් දිහාම සැකෙන් බලන්න විතරයි. ඒත් අහිංසක පොඩි මිනිස්සු දිහා විතරයි. පොලිසියේ අයට ලැබෙන්නේ නම් අඩු පඩියක් තමයි ලු. ඒක ට ඉතින් රටේ ජනතාව මක් කරන්නද ?

    …හැබැයි ඉතින් පෙන්ෂන් ගියාට පස්සේ බල්ලෙක් වත් ගනන් ගන්නේ නෑ.

    ReplyDelete
  46. අපෝ මතක් කරන්න එපා පොලිස් බල්ලොන්ව. කාලකන්නි. .... සා බල්ලෝ හොඳ පොස්ට් එකක්

    ReplyDelete