Saturday, July 14, 2012

ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් තිබුනට සර් මේක වෙබ් සයිට් එකක් නෙවේ.

සාමාන්‍යයෙන් වේලාවට වැඩකරන මා එදිනද පැමිණියේ නියමිත වේලාවටය. මා පැමිණෙන අවස්ථාව වනවිටද දෙතුන් සියයක් පිරිය පැමිණ සිටියහ. දන්නා හඳුනන මුහුණු ඇත්දැයි වටපිට බලමින් සිටියෙමි. ඇතැමෙකු අත තිබූ ඝනකමැති කවර යොදා ආවරණය කල හතරැස් හැඩැති දේ මුදල් විය යුතුයැයි අනුමාන කලෙමි.‍ ඔවුන්ට තිබුනද මා අත මුදල් නැත. එබැවින් අද කෙසේ හෝ දෙකෙන් එකක් බේරාගත යුතුය.

එක්වරම අවධානය යොමුවන වචන පෙලක් ඇසුනි.

"රාජ්ගෙ නවාතැන,........ ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් රාජ් වන් එස් ටී ඩොට් බ්ලොග් ස්පොට් ඩොට් කොම්,.... රාජ්ගෙ නවාතැන......"

"ඉන්නවා........."

"ඉක්මන් කරල එනව අයිෂෙ,..... හරි. වාඩිවෙනව!"

"කෝ බලන්න තමුංගෙ අඩවිය...."

"මේ තියෙන්නෙ සර්, මේකෙ .....තුමාට බැනල දාපු ලිපි කීපයක්ම තියනව"

"හ්ම්. ඔව්වොව්.... ආ....මේ කතානායකතුමාටත්"

"නෑ සර් මං ආවෙ!"

"ඔව්වොව් මූන වහගෙන සිංහයො වගේ ලිව්වට දැං එන්නෙ දෙකට තුනට නැවිල නෑ සර් කියාගෙන තමයි"

"නෑ සර් මං කියන්න හැදුවෙ....."

"හරි හරි ලමයා.... තමුන්ට මේව ලියන්න සල්ලි දෙන්නෙ කවුද?"

"කවුරුත් නෑ සර්"

"තමුංගෙ රැකියාව මොකද්ද?"

"........කාර්යාලෙ වැඩ කරන්නෙ"

"හෝ හෝ එහෙනං ආණ්ඩුවෙන් දෙන ඉන්ටනෙට් වලින්මයි ආණ්ඩුවට ගහන්නෙ! හහ් හහ් හහ්"

"සර් මෙන්න බලන්න බේබිලාටත් බැනල තියන ලිපියක් දාල"

"ඒකනෙ මං කිව්වෙ. කොහෙං හරි සල්ලි එනව ඇති ඒකයි"

නිහඬව සිටියා මෙන්ම අතපය හකුලාගෙන සිටියාද ඇතිය,

"සර්, ඕව ලිව්වෙ මම තමයි. කවුරුවත් සල්ලි දීල නෙවේ. සල්ලි වලට ලියන අයත් දෙතුන්දෙනෙක් ඇති. ඒත් වැඩිදෙනා ලියන්නෙ අතිං වියදං කරගෙන"

"හරි හරි ළමයා.... වෙබ් අඩවි තහනං කරන්න අපේ අදහසක් නෑ. අපි හදන්නෙ මේ වෙබ් අඩවි ලියාපදිංචි කිරීමෙන් ලැබෙන මුදල ජාතික ආර්ථිකයේ පෝෂණයට දායක කරගන්න"

බලලා මල්ලෙන් පැන්නේය.

"සර්, මම කියන්න ආවෙ මේකයි, සර්ල මට කතාකරන්න දුන්නෙ නෑනේ, මගේ නවාතැන වෙබ් අඩවියක් නෙවේ. ඒ නිසා ලියාපදිංචි කරන්නවත් සල්ලි ගෙවන්නවත් වැඩක් නෑ."

"oඈ! මොකක් කිව්ව? වෙබ් අඩවියක් නෙවේ?"

"ඔව් මේක බ්ලොග් අඩවියක්, අපි රෙජිස්ටර් වෙන්නෙ මොකටද? මං ආවෙ මේක බේරුමක් කරගන්න"

"කෝ බලන්න ආ.... මේ තියෙන්නෙ ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් අකුරු තුනම"

"ඒත් සර් මේක බ්ලොග්ස්පොට්නේ"

"හහ්! අපිට උගන්නන්නද එන්නෙ මේ තියෙන්නෙ ඩොට් කොම් කියලත්"

"ඒත් සර් මේක බ්ලොග් සයිට් එකක්. අනෙක මේකෙ වැඩියෙන් තියෙන්නෙ විහිළු කතා"

"ඒ වුනාට මේකෙ දේශපාලනයත් කලවංනේ"

"එහෙනං සර් සිංදුයි කෑම හදනඒවයි හැම මඟුලම තියන සීඑස්එන් එක ක්‍රීඩා නාලිකාවක් කියල ක්‍රිකට් විකාශය කරන්න දුන්නෙ අවුරුදු ගානකට?"

"හහ් පෙනේද මුංගෙ කතාව...... මේව තහනං කරල මුංගෙ හතර හංදි කඩල දාන්න ඕන කිසි ගවුරවයක් නැතුව කියන කතා වලට .................. ...................... ................"

ලියාපදිංචිය අලවී නිවසට පැමිණෙන විට මගේ බ්ලොග් අඩවිය හැක් කර තිබුනි. බ්ලොග් රෝලෙහි තිබූ අඩවිද වැඩි ප්‍රමාණයක් හැක් කර තිබුනි.


(විශේෂ මතක් කිරීම: W3Lanka ලිපිය ඇසුරෙනි)

62 comments:

  1. හැක්.. හැක්... පට්ට.
    ඇත්තටම ඔහොම යන්ඩ වෙයිද බං? සිරාවට ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ. ඒත් ඔය උන්නැහේලගෙ බලාපොරොත්තුව නං ඒක වෙන්න ඉඩ තියනව.

      Delete
  2. ඔව් ඉතිං වෙන්න බැරි නැහැ ඒකත්

    ReplyDelete
  3. අහා විනාස කාලං විපරීත නීතීං..අභිමානං කුජීතං කෙලං අන්තිමං තමයි ඉතින්...තව ටික දවසකින් මූණු පොතත් තහනම් කරලා මේක අරාබිය වගේ වුනාම දැන් වගේම හිනාවෙමුකෝ ඇටි කෙහෙල් කාපු රිලව් වගේ

    ReplyDelete
    Replies
    1. මක්කටයි මල්ලි මුණු පොත් ..ඕන් මන් කිව්වේ වෙනවට නෙමෙයි(මේ කපේදී වෙන්නෙත් නැහැ)අර අරාබියේ වගේ මෙහෙ උන් මුණු පොතෙන් සෙට් වෙලා ආණ්ඩු පෙරලන්න වගේ ආවොත්...යාන්තම් කේතුමතිය පහල වේගෙන ආව විතයි ඕන්.ඔන්නොහෙ ගල් ලෑල්ලක අකුරු ටිකක් ලියාන ඊයක් විදල පනියිඩයක් යවාන ඉමු ඕන්.

      Delete
  4. එහෙනං ඕක වෙබ් සයිට් එකක් නෙවෙයිද? වෙබ් සයිඩ් එකක්ද?

    ReplyDelete
  5. මේ ඇත්තටම වෙන්ට යන දෙයක්ද? :)

    ReplyDelete
  6. පොඩ්ඩක් නම් ඔන්න කමක් නෑ..ආයේ ලියාපදිංචියට ගානකුයි , තව ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුද්දට වෙනම ගානකුත් ගෙවන්න ඕන..අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. එක්ලක්ෂ පනස්දහසක් වගේ සුළු මුදලක් ගෙවන්න තියෙන්නෙ.

      Delete
    2. හොස්ට් කරන්නත් එච්චර යන්නෙ නෑ

      -හරී

      Delete
  7. අප්පට සිරි...යකාම කාපිය....

    ReplyDelete
  8. ඇත්තටම ඔහෙම වෙන්නත් බැරිකමක් නෑ... පට්ට ඈ....

    ReplyDelete
  9. සිරා කතාව අනේ බං මටත් ඒ ගොල්ලෝ කරදර කරයි ද?

    ReplyDelete
    Replies
    1. චැඃ ඒකත් කියන්න බෑ.

      උඹ දේශප්‍රේමි සිම්බාබ්වේ වල හිටියනම් එළුවෙක් කුකුළෙක් දීලා වැඩේ ගොඩදාගන්න තිබුණා. ඒහේ සල්ලි ඒවනෙ...

      Delete
  10. ඇමතිතුමාගේ ඔය නීතිය ගැන දැනගත්තුවෙලේම තමයි මටත් බ්ලොග් එකක් කරන්න උන හැදුනෙ. ඒකයි කඩිමුඩියෙම වැඩේ පටන්ගත්තෙ.
    දැන් අපේ බ්ලොග් ලියා පදිංචි කළාම හැමෝම දන්නවනෙ අපි ලක්ෂපතියො කියලා, ඒකම කොච්චර දෙයක් ද...? ‍

    ReplyDelete
    Replies
    1. ඒකයි මේ හේතුව. සුමිත් අයියේ උ‍ඹේ අර දින ටිකට මේකත් දාගත්තනං එරි.

      Delete
  11. හෑහ් මල සේක මමත් ආණ්ඩුවට පින්දීලා දෙක තුනක් ලිව්වා
    හැබැයි ඉතින් ඇත්තටම උනත් යන්නේ ඔය විදිහේ දෙබසක් තමා ;-)

    ReplyDelete
  12. බ්ලොග් ලියන්න පුළුවන් හැබැයි පරිප්පු හොදි හදන හැටි ගැන.නිවාඩුවට ගිය ට්‍රිප් එකක් ගැන වගේ.රටේ ලෝකේ වෙන දේවල් ගැන බ්ලොග් කඩමලු මොකටයි පත්තර ටිකයි ගුවන්විදුලි රුපවාහිනී ටිකයි තිබුනම මදැයි.අපි රට ලෝකේ ගැන හිතන්න ඕන විදිහ ඒගොල්ල අපිට පෙන්නලා දෙනවා නොව.ඒක නිසා ඔය බ්ලොග් කඩමලු ලියන කවුරු කවුරුත් හැන්දෑවට පාන් කන්න පරිප්පු හොද්දක් හදන හැටි..ඉස්කෝලේ යන කාලේ පන්තියේදී චු ගියපු හැටි වගේ දෙයක් ලියල සිඟිති බිඟිති ෆන් එකක් අරන් ඉන්නව හොඳා.....

    ReplyDelete
    Replies
    1. හරි. ඒ වගේම විවාදාත්මක කාරණා සාකච්චා කරන්න ඕන නම් "හාවයි ඉබ්බයි දිව්වොත් දිනන්නෙ කවුද?" වගේ මාතෘකා තියනවනේ නේද!

      Delete
    2. දැන් කාලේ හාවෝ තමා දිනන්නේ ඒකෙ ආයේ කතා කරන්න දෙයක් නැහැ

      Delete
    3. ඇනෝ හරි ඇනෝ!!
      ඕක තමයි අර ආස්චර්ය ද මොකක්ද කියන්නේ.

      Delete
  13. මාත් කැටේ කඩලා සල්ලි ටිකක් හොයාගත්තා. මදි පාඩුවට ඔය මොකක් හරි කරන්න බැරුවයැ :D

    ReplyDelete
  14. හුටා අපිටත් කෙලවෙයිද?

    ReplyDelete
  15. මල කෙලියයි ඇත්තනේ. පලයන්කො දැන් .... ගෙවන්න....... ඕකට තමයි කියන්නේ අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්නව කියලා. දැන් බලමු ඊලඟට....

    ReplyDelete
    Replies
    1. මීවනපලානේ රාජපක්ෂJuly 15, 2012 at 9:24 AM

      @වෙද දරුව,

      බටහිර කසිකබල් පඬියන්ව තඹයකට නොතකමින් දේශීය ආයුර්වේදයේ අගය දක්වමින් ඔබ ගෙන යන මහඟු මෙහෙය මේ කෙහෙළියා බඳු ඇමෙරිකන් ගැත්තෙකුට නැවැත්විය හැකිද? ඔබ ගෙන යන අනුපමේය මෙහෙය රුපියල් ලක්ෂයක් බදු ගැහුවාට නැවැත්විය හැකිද? නැත දරුව නැත. එසේ සිදුවිය යුතු නොවේ. මානිවත්ත අභික්කම්ම. නොනැවත ඉදිරියටම යන්න. දේශීය ආයුර්වේදයේ බල පරාක්‍රමය ලොවටම පෙන්වන්න.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
  16. මේ රාජ්..අනේ බං එතුමට බනින්නඑපා.අමාරු සුවවෙන්නත් කලින් ඇවිත් ඔය කරන "කෙළිය"මදිද?
    "හෝ හෝ එහෙනං ආණ්ඩුවෙන් දෙන ඉන්ටනෙට් වලින්මයි ආණ්ඩුවට ගහන්නෙ! හහ් හහ් හහ්"

    ReplyDelete
  17. අනේ මටත් ආසයි මේ වගේ එකක් ලියන්න... පොඩි නිමිත්තක් දියන් පටන් ගන්න... මෙලෝ දෙයක් තේරුනේ නෑ...

    ReplyDelete
  18. දැන් ඉතින් ලස්සයක් දීලා ඩොමේන් එක රෙජිස්ටර් කරන්ඩයි වෙන්නේ.
    හරි නේ කොලා.

    ReplyDelete
  19. දැන් මට පාස්වර්ඩ් එකත් මතකනැති වේගනයි යන්නේ බ්ලොග් පැත්තේ යන්නත් බයයි
    කෙහෙලියගේ අර කිරිකට් ගහන පුත්තරයයි ඇමරිකාවෙද කොහෙද අර පැරනිම රස්සාව කොරන දු සිගිත්තයි කොරන කියන දේවල් බොලල්ලා හොයන නිසානේ මේ ඔක්කොම මම වගේ පාඩුවේ හිටියනම් කිසි පුරස්නයක් නෑනේ

    ReplyDelete
  20. http://emailkavikaari.blogspot.com/2012/07/blog-post_14.html

    දැං ඉතිං මොකේද දං වළඳන්නෙ කිව්වලු

    ReplyDelete
    Replies
    1. මහා රජාගෙන් ඇහුවනම් කියයි

      Delete
  21. බය වෙන්න දෙයක් නෑ. අපිට තියෙන්න මෙහෙදි ලියල රට ඉන්න මිතුරෙකුට කියල පබ්ලිෂ් කරන එක. එතකොට අල්ල්යි අපෙ නැට්ට.

    ReplyDelete
  22. සමහර අයට මිලියන් ගනන් ගෙවන්න වෙයි ... ආණ්ඩුව සෑහෙන්න පෝසත් වෙයි....කෙහෙලිය උන්නැහෙගෙ මොලේ තමයි මොලේ :-)

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං. එයාට මොළයක් තිබුණ නං ඔය අනුන්ගෙ කුණු ඇද ඇද ඔතන ඉන්නවය. ඔය ඔක්කොම, මොළේ තියෙන උන්නැහේගෙ නිපැයුම් තමා. වටේ ඉන්න අයගෙ සද්දෙන් එළියට ආවට.

      Delete
    2. ඒකත් ඇත්ත....ඒ උනාට බලහං මේ වැඩෙත් ඩෙංගු මරණවා වගේ වෙන්නැද්ද කියලා... එකක් වහනකොට තව 10ක් පටන් ගනී....

      Delete
  23. ආශ්චර්යෙ ආශ්චර්යෙ!

    ReplyDelete
  24. අන්න චාර්මි එහෙම නම් සල්ලි ලෑස්තිකරගෙන ලු.

    මම නම් වැඩේ අල්ලල දානවා.ලක්ෂයක් ගඟට දාන්න මට පිස්සුයෑ.අනික කොහේ තියෙන සල්ලිද? මාස කීයක් කොම්පැණියට කඹුරන්න ඔනිද?

    ඒක නෙවෙයි අපේ මාතලන් සහෝදරයා කලින් ම රට රස්සාවක් හෙව්වේ මේක දැනගෙන වෙන්න බැරිද?

    ReplyDelete
  25. අපි ලිප්ටන් වට රවුමේ උද්ඝෝෂනය කරමුකො බ්ලොග් සයිට් ලියා පදිංචි කරවාගන්න.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ එක තමා කරන්න වෙන්නේ..... දෑන් වෙබ් හොස්ට් කරන තෑන් වල උනුත් ගනන් උස්සයිද දන්නේ නෑ අපි ගෙවන්නේ නෑති උනාහම බ්ලොගර් එක්ක එකතු වෙලා එන්ට්‍රි ෆිස් වගේ එකක් ගහයිද දන්නේ නැ බ්ලොග් එක පටන් ගන්නකොටම

      Delete
  26. මගේ නම් අදහස, මේ ආණ්ඩුව නිද්‍රාශීලී ජාතියක් නැගිට්ටවන්න කොයිතරම් දේවල් කරනව ද? අළුත් අළුත් මාවත් සොයමින් කොයි තරම් වෙහෙසෙනවද ඒ ගැන. කොහෙද, ඔය ඉඳල හිටල පොඩ්ඩක් ගෙරෙව්වට එකෙක් නැගිටිනව ද?

    ReplyDelete
  27. අෆ්ෆොච්චියේ...... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  28. රාජ් මේක නම් පට්ටයි ඕහි...

    ReplyDelete
  29. ඇත්තට උනොත් තමයි ලෙඩේ...

    ReplyDelete
  30. කට්ටිය ළගදිම එකම තැනකදි හම්බවෙයි වගේ. හොදා හොදා අදුරගන්නවත් බැරිය

    ReplyDelete
  31. අනේ අපිනම් ඕවට නෑ...අපි හොද ළමයි

    ReplyDelete
  32. නුදුරු අනාගතයේ ඔහොම දෙයක් වෙන්න ඉඩ තියෙනවා , මේ යන විදියට

    ReplyDelete
  33. කාලා වරෙන්කෝ...... මුං මහා මැටි හරක්...

    ReplyDelete
  34. බඩු බනිස් වෙන සෙයකි...
    අපිට දෙවි පිහිටයි!!!!!!

    ReplyDelete
  35. හොදම දේ තමා බං Anonymous විදිහට ලියන එක!! කෙහෙළිය අල්ලයි රෙද්දක්

    ReplyDelete
  36. බලන්න කොයිතරම් දේශහිතෛෂී දෙයක්ද කියල.....රටතුලම ආදායම් උපදවාගන්නගියහම ඔය්වගෙ බැනුම් අහන්න වෙනවා..!

    ReplyDelete
  37. බය වෙන්න එපා. මේකත් අර 'දුම් සහතිකේ' වගේ තමා. දුම් සහතිකේ අනිවාර්‍යය කලේ තව ගාණක් ගරා ගන්න. ඒක අනිවාර්ය කලාට පට්ට ලදරම් තාමත් පාරේ දුවනවා. රු. 200 ක පගාවකින් ඕනම එකක් පාස් කරගන්න එක සුළු දෙයක්.

    වෙබ් සියිට් ලියාපදිංචියත් ඒ වගේම තමා. ලියාපදිංචි නැතුව මඩ වෙබ් සයිට් ඕන තරම් දුවයි. අහිංසක වෙබ් සයිට් කාරයොන්ට වැලෙ වැල් නැත. වෙබ් වලින් බ්ලොග් වලටද, එතනින් බුකියටද පැමිණිය නොහැකියැයි කාටනම් කිව හැකිද?

    ඒ වගේද යකෝ ගෑස් අඩු කරපු එක....

    ReplyDelete
  38. හෆ්ෆා එහෙමත් සීන් එකක්ද?

    ReplyDelete
  39. හෆොයි....................

    ReplyDelete
  40. හම්මට සිලි සිලි කව්වලු...

    ReplyDelete
  41. කුණ්ඩලීනී ශක්තියවත් හම්බවුනාද :D

    ReplyDelete
  42. අනේ අපොයි..... (වෙන මොනවා කියන්නද)

    ReplyDelete