Monday, July 16, 2012

කාර්යක්ෂමතාවය.


"කාර්යක්ෂමතාවය කියන්නෙ මොකක්ද?"
"සරළව කිව්වොත් ඉක්මනින් වැඩක් කිරීමනේ"
"තවත් පැහැදිලි කලොත්?"
"යම්කිසි වැඩක් කරනකොට අඩු කාලයකින්, දෝශ අවම තත්වයේ තියාගෙන වැඩේ කරනව නං කාර්යක්ෂමව වැඩේ සිද්ධවුනා කියල කියන්න පුළුවන්"
"භෞතික විද්‍යාවෙ ගණිතයේ ඕක තියනව නේද?"
"අන්න හරි. සූත්‍රයකුත් තියෙන්නෙ"
"මොකද්ද?"
"ඵලදායී කාර්ය ප්‍රමාණය, ප්‍රතිදාන කාර්යයට දරන අනුපාතයේ ප්‍රතිශතය තමයි කාර්යක්ෂමතාවය කියන්නෙ"
"රජයේ සහ පෞද්ගලික ආයතන වල කාර්යක්ෂමතාවය ගැන කතාවෙනව නේද?"
"ඔව්. පෞද්ගලික ආයතනවල නං මරවල හරි වැඩ අරගෙන ‍කාර්යක්ෂමතාවය තියාගන්න බලනව"
"එතකොට ආණ්ඩුවෙ තැන්වල?"
"එච්චරම කාර්යක්ෂමතාවයක් නං නෑ"
"ඇයි?"
"නොනල මහත්තුරු පුටුවල හිටියට වැඩක් කෙරෙන්නෙ නෑනේ, කාලය ගතවෙනව විතරයි"
"ඒ මොකද?"
"හරියට වැඩ ගන්න බෑ. අනෙක වැඩක් කරන්නත් බෑ! නීති රීති වැඩියි"
"දේශපාලන බලපෑම්?"
"ඒවත් තියනව. ඒත් දැන් දැන් සමහර තැන්වල මිනිස්සු රස්තියාදු වෙනඑක අඩු කරන්න කටයුතු කරල තියනව"
"ඒ කොහේද?"
"ඇයි කටුගේ!"
"කටුගේ? එකෙ හොරකමකුත් සිද්ධවුනානෙ!"
"ඒක තමයි"
"මොකක්ද කියන්නෙ? කටුගේ හොරකම කොහොමද මෙතෙන්ට සම්බන්ධ වෙන්නෙ?"
"ඒක ඝානාවෙන් හඳුන්වාදුන්න ක්‍රමයක්. කාර්යක්ෂමතාවය ඇතිකරන්න"
"ඒ කොහොමද?"
"කටුගේ බලන්න එන මිනිස්සුන්ට ගොඩක් වෙලා යනව පුරාවස්තු නරඹන්න"
"ඉතිං?"
"පුරාවස්තු අඩුවෙන්න අඩුවෙන්න බලන්න ගතවෙන කාලයත් අඩුවෙනව. එතකොට ටක්ගාල බලල ඉවර කරන්න පුළුවන්"
"හා හා හා....."
"අන්න වැටහුනා! පේනව නේ කාර්යක්ෂමතාවය ඇතිකරන්න තමයි මේ ඔක්කොම කරන්නෙ"


idea sponsor:අසරණයා.

64 comments:

  1. ඒක හරිනේ. ඔතනට හැමදාම මොනාහරි එකතු වෙනව, එතකොට කාර්යක්ශමතාව අඩු වෙනව.

    ReplyDelete
    Replies
    1. අනික අලුතින් හම්බවෙන හම්බවෙන ඔක්කොම විකුනල දාන්නත් ඕනෙ.නැතුව ඕව ගෙනත් පුරවල කාර්යක්ෂමතාවය අඩු කරන්නෙ නැතුව.

      Delete
  2. උඹටත් එස්.ජී. පුංචිහේවගෙ ෆෝමැටි එක අල්ලලා ගියා නේද...?

    ඔය පෝස්ට් එක කියෙව්වම මටත් ඕකම හිතුනා.... :D

    ReplyDelete
    Replies
    1. පුංචිහේවා ෆෝමැට් එක හොඳයි නේ?

      Delete
  3. හික්ස් හොදටම කාර්‍යක්ශම කරන්න ඔක්කම බඩු ටික අයින් කොලා නම් එලය

    ReplyDelete
    Replies
    1. ඒකනේ. දකින්න ඇතිනෙ අසරණයගෙ පෝස්ටුව.

      Delete
  4. //"නොනල මහත්තුරු පුටුවල හිටියට වැඩක් කෙරෙන්නෙ නෑනේ, කාලය ගතවෙනව විතරයි"
    "ඒ මොකද?"//

    මේකට ඉතින් තවත් හේතුත් ඇති. :D
    අගනා පෝස්ට් එකක් රාජ්.

    ගණිතයේ සූත්තරේ නම් මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ. මගේ වැරැද්ද හොඳේ. ඔයා කියලා දීපු හැටි හන්දා නෙමේ.

    ReplyDelete
    Replies
    1. ඒකට විසඳුම් කලින් දුන්නෙ!

      කාර්යක්ෂමතාවය=(ඵලදෘයී කාර්ය/කල කාර්ය)*100%

      ඔන්න "ජ්‍යාමිතික" සූත්තරේ දැං හරිනේ!

      Delete
  5. කටුගේ කාර්යක්ෂමතාවය වැඩි වෙන හැටි නම් නියමයි.බලන් යද්දි කුරුඳුවත්ත පොලිස් මාමාලා උනත් අපි ගැන හිතනවනේ

    ReplyDelete
  6. සුපිරි පොස්ට් එක නමුත් සුදු වෑන් ආවොත් කියල තමා බය

    ReplyDelete
  7. අන්න කාර්යක්ෂමතාව. අනේද කියන්නෙ කිව්වලු.....

    ReplyDelete
  8. ෆෝමැට් එක කොයිතරම් හොඳ උණත් එකම ෆෝමැට් එක දිගටම පාවිච්චි කරන කොට කියවන්නන්ට එපා වෙනවා, අන්තර්ගතය කොයිතරම් රසවත් වුණත්. විවිධ ෆෝමැට් අත්හදා බලන්න.

    ReplyDelete
    Replies
    1. හොඳයි. බොහොම ස්තුතියි යෝජනාවට.

      Delete
  9. අසරණයා හෝ කාගේ හෝ කටු ගේ ගැන පෝස්ට් එකක් කියෙව්වම මට ඇත්තෙන්ම පුදුම හිතුනා.

    මේ දවස් වල අපේ නම් spreading review පටන් ගත්තා.
    ආණ්ඩුවේ පුටු රත් කරපු බොහෝ අය ගෙදර යවනවා.
    කොටින්ම මම ඒකට බොහොම කැමතියි. තරඟකාරිත්වයක් ආවොත් ඔය ඕනම රාජ්‍ය සේවකයෙක් හිටු කියලා වැඩ කරනවා. මේ දවස් ටිකටම අපිට ඒක පේනවා.

    ReplyDelete
    Replies
    1. "තරඟකාරිත්වයක් ආවොත් ඔය ඕනම රාජ්‍ය සේවකයෙක් හිටු කියලා වැඩ කරනවා."
      ඒක හරි. එහෙම වෙන්න ඕන

      Delete
  10. තමුන්නාන්සේ වැඩ කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නේද?
    වැඩ නැද්ද, මාර කාර්යාලයක් නේද? පෝස්ට් දාන්නයි- ඒවායේ commentsවලට replay කරන්නයි මාරට වේලාව තියෙනවානේ. මහත්තයෝ තමන්නාන්සේලාගේ කාර්යක්ෂම තවය කංවන්න ඔය එකක්වත් නෙමෙයි නැත්තේ තම තමන්ටම තිබිය යුතු උවමනාව.Post එක යටින් ලියන්න මෙය මහජනතාවෙගේ බදුමුදලු භාවිතා කරමින් ලියා පළකරන ලදී කියලා.
    කටේ නරිවාදන් රෙද්ද පල්ලන් බේරෙනවා කියන්නේ ඕකට තමයි.

    ReplyDelete
    Replies
    1. http://raj1st.blogspot.com/2011/12/blog-post_07.html
      වෙන්නෙ මොකක්ද කියනඑක ඔන්න ඔය පෝස්ටුව බැලුවොත් තේරේවි. හරියට වැඩක් කරන්න පුළුවන් මිනිහෙකුගෙ ධාරිතාවයට සරිලන වැඩක් රාජ්‍ය සේවයේ නෑ. අන්න ඒකයි ඇත්ත. ඒ මදිවට තව තවත් රාජ්‍ය සේවයට මිනිස්සු පුරවන්නෙ අපිද? ඉතිං බ්ලොග් ලියන්නයි කොමෙන්ටු දාන්නටයි වැඩිය වැඩක් නෑ තමයි.

      එක්කෝ මේව ගැන ටිකක් හොයල බලල කතා කරන්න. නැත්තං කටයි පුකයි වහගෙන වධ නොදී පැත්තකට වෙන්න.

      Delete
    2. මචෝ සමහර තැන් තියනවා අපි ආණ්ඩුවටම බනින්න කලින් අපි විසින් හදා ගත යුතු දේත්.මිනිහා හදා රට හදමු කියල මඩිහේ හාමුදුරුවොත් කිව්වේ.දැන් උදාහරනෙකට අපි ඩෙංගු ප්‍රශ්නෙට ආණ්ඩුවට කොච්චර බැන්නත් වැඩක් නැහැ අපේ කුණු අපි පාරේ දානවනම්.ඇනෝ කියන කතාවේ ගත යුත්ත ඒකයි.එත් ඉතින් උඹ කියන්නහේ උඹට කරන්න වැඩක් නැත්නම් අහවල් මගුලක් ද ....?
      මේ ළඟදිත් රාජ්‍ය සේවයට ගත්ත.එක පුටුවට කීප දෙනා ගානෙ ගන්නවා.සී ටී බී එකෙත් බස් එකකට දහයක්ද කොහේදෝ සේවකයෝ ඉන්නවලු නේ ..ඉතින් මොන කාර්යක්ෂමතාවද මචෝ.
      හැබැයි ඔය ඔක්කොටම වඩා මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් වෙන්න ඕන රාජ්‍ය සේවෙ හැදෙන්න නම් .මේ ඊයේ පෙරේද රාජ්‍ය සේවෙට අලුතින් දුන්නු පත්වීම් ගැන පත්තරේ තිබුන.එතන ඉන්ටව් කරපු නිලධාරියෙක් කියල තිබුන එක ගැණු දැරිවියක් ආවලු ඉන්ටව් එකට අභ්‍යාසලාභී පත්වීම පඩිය රුපියල් දහදාහක් ලු...නිලදාරීතුමා ඇහුවලු දැනට රස්සාවක් කරනවද කීයක් පඩි ගන්නවද කියල අර දැරිවි ඉන්ටර්නැෂනල් කොලීජියක ටීචින් කරනවලු හතලිස්දාහක් පඩි....ඉතින් අපේ ඉන්ටව් කරපු මහත්තය ඇහුවලු දරුවෝ දැන් ඔයා දැනට ගන්න ගානට එන්න මේ රස්සාවේ අවුරුදු කීයක් යාවි කියල දන්නවද මේ මටත් හම්බු වෙන්නේ ඔයිට චුට්ටක් වැඩියෙන්, ඒ අවුරුදු තිහක සර්විස් එකකට පස්සේ....එතකොට අර දැරිවි කියනවලු ඒ උනාට සර් මේක ආණ්ඩුවේ රස්සාවක් නේ වැඩත් එච්චර නැහැ...පෙන්ෂනුත් තියනවනේ ..අම්මලත් කියන්නේ ආණ්ඩුවේ රස්සාවක් කලාම කසාදයක් උනත් හොයාගන්න ලෙසිනේ කියල....

      Delete
    3. කටයි පුකයි වහගෙන පැත්තකට වෙලා හිටිය ඔක්කකොම හරිද මහත්තයෝ ?
      වැඩ නැත්නම්. වැඩකුත් නැත්නම් ඔතන ඉන්නේ ඇයි? ඔබම කියන විදිහ‍ට කරන්න පුළුවන් වැඩ තියෙන තැනකට නොයන්නේ ඇයි? ජනතාවගේ මුදලින්ම ඉගෙන ගෙන උන්ගේ සල්ලිවලින් පිංපඩි අරගෙන නඩත්තු වන උන්ට හරි යයිද? අනික ආණ්ඩුව බලෙන් අරන් එබුවේ නැහැනේ. පාරදිගේ කෑගහලා ආණ්ඩු පෙරළලා නේද ඔතනට ආවේ. ඉතින් වැඩක් නැහැ කියලා දැන දැනම හුඹහ අස්සට රිංගපු තලගොයි වගේ බදා ගෙන ඉන්නේ නැතිව යන්න පුළුවන්නේ සිරා තැනකට.
      මේකට හේතූ මේවයි.
      අනුන්ව ‍ විවේචනය කළාට තමන්ට වදින කොට දැඩිව රිදීම .
      ආකල්පමය වෙනසක් සිදුකර ගැනිමට උවමනාවක් නොමැතිවිම.
      ජොලියට අනුන්ට ඇන්නට තමන්ද සත්‍ය වශයෙන්ම එයට කැමතිවිම.
      මහන්සි වී වැඩ කිරිමට ඇති නොකැමැත්ත.
      ඉතින් උඩබලාගෙන කෙළ නොගහා වැදි බණ නොකියා ක්‍රියාවෙන් ආදර්ශ දෙන්න.
      ඒක කරන්න බැරිනම් හොදම දේ ලෝකෙව විහිළු සපයන්නේ නැතිව කටයි පුකයි වහගෙන පැත්තකට වෙලා ඉන්න.

      Delete
    4. ආයෙත් කියන්න තියෙන්නෙ ඒටිකම තමයි. මගේ සුදුසුකම් අනුව තමයි මෙකතෙන්ට ඇවිල්ල ඉන්නෙ. ඒවගේම තරග විභාගයකින් පාස් වෙලා. එක එකාට කඩේ ගිහිල්ල නෙවේ. ඒ නිසා මම ඉන්න තැන තීරණය කිරීම මගේ වැඩක්. මාත් ඇතුළුව අනෙක් අයගෙන් වැඩ ගැනීම ලොක්කන්ගෙ වැඩක්. ඕක තේරුම්ගන්න බැරිනම් තවදුරටත් මේ අඩවියට එන්න අවශ්‍ය නෑ.

      Delete
    5. AnonymousJuly 17, 2012 1:31 AM
      අපේ කාර්යාලයෙත් ඉන්නව ඔයවගේ උදවිය. හේතුව විශ්‍රාම වැටුප, නිවාඩු සහ තනතුරේ තියන ස්ථිරභාවය. ඒ අතින් බැලුවම අපේ පුද්ගලික අංශයේ සේවක අයිතීන් අඩුයි. ඒක නිවැරදි වියයුතුයි. ඒ වගේම විශ්‍රාම වැටුප් ක්‍රමයකුත් තිබිය යුතුයි. හැබැයි පසුගිය කාලෙ ගේන්න ගිය ජාතියේ එකක් නෙවේ.

      Delete
    6. කටයි පුකයි වහගන්න කියපු Anonymous ට 100% agree වෙනවා. මම ඉන්නෙ ඔයවගෙ රජයට අනුයුක්ත ආයතනයක. එතනත් රාජ් කියපු ජාතියෙ බුවාලා ඉන්නවා ලොක්කෝ ඉන්නෙ සොක්කොන්ට වඩා සුදුසුකම් නැති. කොහොමද ලොක්කා එතකොට වැඩ ගන්නේ.

      Delete
    7. "ලොක්කෝ ඉන්නෙ සොක්කොන්ට වඩා සුදුසුකම් නැති. කොහොමද ලොක්කා එතකොට වැඩ ගන්නේ"
      ඒක තමයි යාලුවා තියන ප්‍රශ්නෙ. මූලික ප්‍රශ්නය තියාගෙන පැලැස්තර විසඳුම් වලින් වැඩක් නෑ. "තම තමන් හරියට වැඩකලානම් ඉවරයිනෙ" වගේ කතන්දර වලින් වෙන ප්‍රායෝගික සෙතක් නෑ. කිහිප දෙනෙක් හරියට වැඩ කරනකොට වැඩි පිරිසක් අයිස්. ප්‍රශ්නයේ මුලට ගිහිල්ල ඒකට විසඳුම් නොදෙන තාක් මේ තත්වයම තියේවි.

      Delete
    8. ඇනෝ ලා සැට් එකට

      තොපි මෙතන දගලන්නෙ නැතුව ඡන්දෙ ඉල්ලපල්ලාකො.. අපි ඡන්දෙ දීලා උඹලව පත් කලාම රට හදපල්ලා කිය කියා ඉන්නෙ නැතුව...

      Delete
  11. එහෙනම් කරන්ඩ තියෙන හොදම දේ තමා කටුගෙට කරලා තියෙන්නේ. බිල්ඩිම විතරක්ම තිබ්බා නම් අහවරයි නෙව. එතකොට ටිකට් ගන්න වෙලාව විතරයි නාස්ති වෙන්නේ. :)

    ReplyDelete
    Replies
    1. ඇයි ටිකට් ගැනිල්ලත් නවත්තමු! :)

      Delete
    2. ඉතින් ගෙදරටම වෙලා බුදියගෙන හිටියනම් ඉවරනේ

      Delete
  12. හිකිස් ඒ කියන්නෙ කල වැඩේ හරි නේද...

    ReplyDelete
  13. ඇනෝගෙ කොමෙන්ටුව දැක්කට පස්සෙ ලියන්න හිතපු දෙ ලියන්න විදියක් නෑ

    ReplyDelete
    Replies
    1. නෑ බං ජෝලියෙන් බ්ලොග් පොස්ට් එකක් බලලා හිත සැහැල්ලු කරගන්න හදනකොට සීරියස්ව හිතන්න පැත්තකට යොමුකලා ඒකයි

      Delete
    2. ඇත්ත මචං මටත් උනා ඒකම...!

      Delete
  14. මට මෙහෙම හිතෙනවා මේ කටුගේ තියෙන ගොඩනැගිල්ල තරු පන්තියේ හෝටලයකට දුන්නොත් මොකද? දැන් සංචරකයොත් ඉන්න එකේ. එ තියෙන බඩු ටික අමාරුවෙන් හරි කට්ටිය ගෙවල් වල තියාගනිවී නේ.

    ReplyDelete
    Replies
    1. හහ්. උඹේ පොස්ටුව දැකල තමයි ලිව්වෙ. මෙහෙත් ඝානවක් වෙයිද?

      Delete
    2. මචං මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. මේකට මේල් එකක් දාපන්.asaranayaa@gmail.com

      Delete
  15. මේ අදහස යම් මතවාදයක් වෙන්න පුළුවන් ඔය කරුණම සමහර බ්ලොග් වලටත් කරනවා නම් ප්‍රායෝගිකවම රීඩර්ස්ලට පහසුවක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D

      Delete
  16. පුදුම සිද්ධියක්. රාජ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වැඩ කරන බව දැනගෙන හිටපු නිසා මම ඊයක් එවන්න හිටියා අද මට වෙච්ච සිද්ධියක් ගැන. දැන් ඊය ඕනෙ නෑ. ඒකට අවශ්‍යය පසුබිම මේ පෝස්ට් එකේ තියනවා.

    මම අද ගියා 'බියගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය' ට. මගේ මස්සිනාගේ බයිසිකලේ ආදායම් බලපත්‍රය ගන්න. කාර්යාලය ඉස්සරහ එල්ලල තියන බෝඩ් එකට අනුව මේ වැඩේට ගතවෙන්න පුළුවන් උපරිම කාලය විනඩි 10 යි. ඒත් මටනම් ගොඩක් වෙලා ගියා. හේතු දෙකක් නිසා,

    1. රාජකාරියට යොදවා ඇති නිළධාරිණියන් ගිය බදාදා විකාශනය වූ රූපවාහිනී වැඩසටහනක් පිළිබද ඉතා වැදගත් (හිකිස්) සාකච්ඡාවක නිරත වීම. (පෝලිමේ සිටි මා ඇතුළු පිරිස විසින් ඔවුන්ගේ දෙමව්ව්පින්ට පිං පමුණවන ලදී)

    2. කාර්‍යය කර ගැනීම සදහා නිළධාරීණියන් 4 දෙනෙකු වෙත යාමට සිදු වීම.
    (ලිපි ලෙඛණ පරික්ෂා කිරීමට 1, මුදල් ලබා ගැනීමට 1, අත්සන ගැසීමට 1, මගේ අත්සන ලබාගෙන නව අදායම් බලපත්‍රය සහ අන් ලිපි ලෙඛණ ලබා දීමට 1)

    මාගේ වාහනයේ අදායම් බලපත්‍රය ගැනීමට නියමිතව ඇත්තේ 'මාලබේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ' ය. එහිනම් මා ගට සෑම වසරකම ගතව ඇත්තේ විනාඩි 5 ටත් අඩු කාලයකි. එහි එම කාර්‍යය සදහා ඉන්නේ එකම එක නිළධාරිණියක් පමණි.

    එක ආයතනයක ක්‍රියාත්මක වෙන සාර්ථක ක්‍රියාමාර්ග තවත් ආයතනයක් සමග බෙදා හදා ගැනීමේ ක්‍රියා පටිපාටියක් අපේ රටේ පලාත් පාලන ආයතන තුළ නැතිද? මේ තත්වය වලක්වා ගත හැක්කේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. හොඳ වැදගත් කරුණු දැක්වීමක්. මෙතන තියන අවුලට මූල බීජ වන හේතු සලකා බලමු.
      1.අකාර්යක්ෂමතාවය (රූපවාහිණී වැඩදටහන පිලිබඳ සංවාදය-ඒක අවශ්‍ය නෑනේ. එයාල වැඩ කරනව නං කරන්න ඕන. නැත්තං නිවාඩු දාල සංවාද කරන්න ඕන. මොකද ඒවට රජයෙන් පඩි ගෙවන්නෙ නෑනෙ. ඒ වගේම එවැනි අවස්තාවක විරුද්ධ වෙන්න ඔබලාට අයිතියක් තියනව. හැමදාම ඔතනට යන්නෙ නෑනේ කියල නිශ්ශබ්ද උනොත් හැමදාම වෙන්නෙ ඔයදේ. අනිත් කාරණාව මේ ගැන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිලි කිරීම. (නිර්ණාමික ලියුමක් හරි) මඳ පමණට හෝ ප්‍රතිඵල තියනව.

      2.නිසි යාන්ත්‍රණයක් නොතිබීම.- සාමාන්‍යයෙන් වැඩිපුර ලයිසන් කෙරෙන කාර්යාල වල ඔය කාර්යට ඉන්නව ලිපිකරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක්. එක්කෙනෙක් ලයිසන් එක මුද්‍රණය කිරීමත් අනෙකා පරීක්ෂා කිරීමත්. තවත් කෙනෙක් මුදල් ගැනීමත්.හැබැයි ඒක කරන්න ඕන ඇතුලත සිදුවන යාන්ත්‍රණයකින් මිසක් සේවාදායකයා දාම් ඉත්තෙකු කිරීමෙන් නොවේ. අපේ කාර්යාලෙ නම් සිද්ධ වෙන්නෙ ලයිසන් එක ප්‍රින්ට් කිරීමටත් මුදල් ගැනීමටත් එක් අයෙක්, අත්සන් කිරීමට එක් අයෙක් සහ ටිකක් ඈතින් සිටින අත්සන්කරන්නා වෙත රැගෙන යාමට සුළු සේවකයෙක්. වැඩි ප්‍රමාදයක් නෑ. මූලික අවුල තියෙන්නෙ නිලධාරීන් ස්ථානගත කිරීමේ.

      3.සෙමෙන් වුවත් මේ වනවිට යම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙනව. උදාහරණයක් විදියට කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම තැනක බලපත්‍රයක් ගන්න පුළුවන් කඩුවෙල ප්‍රාලේ කාර්යාලයෙන්. උප්පැන්න-විවාහ-මරණ සහතිකත් ඩේටා‍බේස් එකක් හදල ඕන තැනකින් ගන්න පුළුවන්.(කොළඹ)

      මේවගේ දේවල් සකස් කරන්න පුළුවන් සුළු වෙනසකින්. ඒකට හොඳ පාලකයෙක් ඉන්න ඕන.

      Delete
    2. // අනිත් කාරණාව මේ ගැන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිලි කිරීම. (නිර්ණාමික ලියුමක් හරි) මඳ පමණට හෝ ප්‍රතිඵල තියනව. //

      රාජ්, මේ ගැන මට ලැබුණු අත්දැකීමක් මම කියන්නම්. මම ඒලෙවල් කරන කාලෙ ඔය සංගණනෙකට, සුනාමි දවස්වල, තව ඔය ඡන්ද නාමලේඛණය හදන දවස්වලට අපේ ගමේ ග්‍රාමසේවකට උදව්වට එයත් එක්ක වැඩකළා. මම මේක හොඳින්ම දන්නෙ ඒ නිසා. ගමේ කීපදෙනෙක් අවස්ථා කීපයකදි එක එක ප්‍රශ්නවලට ග්‍රා/නි ට විරුද්ධව පෙත්සම් ප්‍රා/ලේ ට යවල තිබුණ. සමහරු නාමිකවත්. ඉතින් මම ඒ හැම වෙලාවකම දැක්කෙ ‘පරීක්‍ෂා කර වාර්තා කරන්න‘ වගේ සටහනක් ගහල ප්‍රා/ලේ ඒ ලිපියම ග්‍රා/නි ට එවනව. දැන් චෝදනාවට ලක්වෙච්ච මිනිහමයි සිද්ධිය ප්‍රා/ලේ ට වාර්තා කරන්නෙ. මිනිහ හිනාවෙවී ඔය ලියුම් මටත් පෙන්නල තියනව. මේ වැඩ ටිකක් විසිළු සහගතයි නේ ද? ඔයා කියන විදියට දි/ලේට පෙත්සම් යැවුවම එයා ප්‍රා/ලෙට ඒක එවයි. මිනිහ අදාල නිලධාරියටම ඕක යවයි. මගේ හිතේ බරපතල චෝදනාවකට ඇරෙන්න වෙන ඒවට පෙත්සම් යැව්වම වෙන්නෙ ඕක. ඔයා සමහර විට එයිට වැඩිය දන්නව ඇති ඔය ගැන, ප්‍රා/ලේ කාර්යාලයක වැඩකරන නිසා.

      Delete
    3. මම කිව්වදේ තමයි "දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිලි කරන්න" කියන එක. ප්‍රාදේශීය ලේකම්ගේ යටතේ ඉන්න කෙනෙකු ගැන පැමිණිල්ලක් එයාට කරල වැඩක් නෑ. ඒක හරි. ඒත් දිස්ත්‍රික් ලේකම්ට පැමිණිලි කිහිපයක් ගියොත් පියවරක් ගැනෙනව.

      Delete
    4. වැදගත් තොරතුරක් රාජ්...

      Delete
  17. ඔහොම ගියාම පරණ බඩු බලන්න වෙන්නෙ ගෙවල් ගානෙ ගිහින් තමා...ලොකු ලොක්කොන්ගෙ ගෙවල් වලට යන්න දෙයිද දන්නෑ...

    ReplyDelete
  18. කටුගේ නති ම කරලා දැම්මා නම් ඒ වෙලාව ඔක්කොම ඉතුරුයි, කාර්යක්ෂමතාවය උපරිමයි!!!

    ReplyDelete
  19. ෂා ..... අපූරු අදහස. අපේ වාසනාවට තාම පාලකයොන්ට ඔය අදහස පහළවෙල නැත්ද කොහේ ද.

    ඒක නෙවි බං, පුංචිහේව මහත්තය දැන් සති ගානකින් පත්තරේට ඔය කොලම ලියල තිබුණෙ නෑ. මොකද කියන්නෙ උඹවත් ලියමුද ඒක. (ඒ තරමටම උඹ ඒකට ගැලපෙනව)

    ReplyDelete
  20. //රාජ්16 Jul 2012 08:41:00
    පෝස්ටුවකින්ම උත්තර දෙමි.

    අසරණයා16 Jul 2012 15:20:00
    ඉක්මනින් බලාපොරොත්තුවෙමි.//

    මෙන්න කාර්යක්ෂමතාවය. මේ කිව්වා මේ දැම්මා..

    ජය හොදේ..

    ReplyDelete
  21. මම වැඩ කරන්නේ විදේශ රටක බැංකුවක.පහුගියදා ලංකාවට ආපු වෙලේ බැංකු කටයුත්තකට කෙන්දරකාරයෙක් ඩිරෙක්ටරකම් කරපු රාජ්‍ය බැංකුවකට ගියා.වැඩේට පැය හතරක්ම නාස්ති උනා.සේවකයෝ තුන් හතර දෙනෙක් සම්බන්ධ උනා.හැබැයි මම වැඩ කරන බැංකුවේ ඔය වැඩේ කරන්නේ එක සේවකයයි.ඌ ඒක කරන්නෙත් තමන්ගේ ප්‍රධාන රාජකාරියට අමතරව.ඔන්න අපේ රටේ කාර්යක්ෂමතාව.

    ReplyDelete
  22. අපිට නම් දෙවියො බලල වගේ ඔය ප්‍රශ්න නෑ........වැඩි විස්තර කියන්න බෑ නයා එනවා.....හික්ස්..!

    ReplyDelete
  23. එහෙනම් ඒකයි කඩු ටික කටුගෙයින් අයින් කලේ.. දැන්නේ වැඩේ තේරුණේ..

    ReplyDelete
  24. දැන් ඔය වියාපෘති වල වැඩ ඉක්මනට ඉවර වෙන්න ඕන නම් ඒවා සරල ලෙහෙසි ලාබ ඒවා වෙන්න ඕනනේ,.(බර වාහන යන්න බැරි පාලම වගේ) ඉතින් ඒවායේ ඇස්තමේන්තුවෙන් සෑහෙන ප්‍රතිශතයක් තමුන්ගේ එකවුන්ට්වලට දා ගත්තාම වැඩෙත් ඉවරයි කාරී + යක්ෂම වෙනවානේ..

    ReplyDelete
  25. කොහොමද කාර්යක්ෂමතාව....?
    උපරිමයි සෑර්....

    ReplyDelete
  26. රාජ්ගේ ලිපි මම කාලෙක ඉදන්ම කියවනවා. ලියන ශෛලීන් කුමක් වුනත් අන්තිමේදී සමාජයට හිතන්න අලුත් දෙයක්, යටිපෙලක් තිබීම සම්බන්දව මම ආඩම්බරයි. කියවන මහත්තුරුන්ටත් මේ යට තියෙන යථාර්තය අවබෝධ වේවා

    ReplyDelete
  27. අන්න කරනවා නම් විදිය ...

    ReplyDelete
  28. අපි ඉතින් රාජ්‍ය සේවකයො නොවැ...

    ReplyDelete
  29. මමත් කාර්යක්ෂම කෂ්ටිය දැකලා තියෙන්නෙ අතේ ඇඟිලි ගානට. නමුත් අපෙන් නම් කවුරුත් 100%ක් කාර්යක්ෂමතාවය බලාපොරොත්තු වෙනවා.
    henryblogwalker the Dude

    ReplyDelete
  30. හහ් හා... මැක්සා...

    ReplyDelete