Monday, August 20, 2012

ඇත්තම ඇත්ත ATM කතාවක්.


දාන්න හිතාගෙන හිටිය පෝස්ටුව වෙනුවට මේක ඉස්සරවුනේ හෙන්රි අයියයි,
ඇවිද්ද පයේ සුදීකයි
රත්කල තැටිය නිවෙන්න කලින් රොටිය පුච්චගන්න ඕන නිසා. කොටින්ම මේක ATM කතාවක්. ඇත්තම ඇත්ත. කෙටි කතාවක් වගේ රසවත්‍. ඒකයි ලියන්නෙ.

මීට අවුරුද්දකට විතර කලින් අපේ ඔපීසියෙ වැඩකලා ක්ලීනින් සර්විස් එකක ගෑණු මනුස්සයො දෙන්නෙක්. ඔපීසියෙ කැන්ටින් එකට යාබදව තිබුන වැසිකිලියක ප්‍රමාණයේ කාමරයක එයාලගෙ බඩුභාණ්ඩ ටිකත් තියාගෙන දැහැමෙන් සෙමෙන් තමුංගෙ රාජකාරිය කරගෙන හිටිය. "අක්ක"යි "නංගි"යි වගේ බොහෝම ලෙංගතුව තමයි මේ දෙන්න හිටියෙ. ඔන්න එක දවසක් මේ දෙන්නගෙන් "අක්ක" මාව හොයාගෙන ආව.

අක්ක : රාජ් මහත්තයෝ මට හරි වැඩේනෙ උනේ.

මම : ඇයි?

අක්ක : මගේ බැංකු පොතේ තිබුන රුපියල් තුන්දාහක්, ඒක නෑනේ.....

මම : ඒ කිව්වෙ? කොහොමද දන්නෙ?

අක්ක : මම දැන් පෙට් මැසින් එකට ලඟට ගිහිල්ල සල්ලි ගන්න බැලුව සල්ලි නෑ.

මේ මනුස්සය ලියුමක් ලියවගන්න, හාෆ්ශීට් එකක්, පෑනක්-පැන්සලක් ඉල්ලගන්න වගේම ෆෝන් එකේ ලොක්එක ඇරගන්න වගේ බරපතල තාක්ෂණික ගැටළු ආවම එන්නෙ මගේ ලඟට. කියන්නා කෙසේ කීවත් අහන්නා සිහි බුද්ධියෙන් අහන්න ඕනනේ. මම ප්‍රශ්න වටය පටන් ගත්ත.

මම : හරියටම ෂුවර්ද ඕකෙ සල්ලි තිබුන කියල? මොකද මේ ගෑනිට හරියට මතකද දන්නෙ නෑනේ.

අක්ක : ඔව් මහත්තයෝ සල්ලි තිබුන. පඩි දැම්මෙ සඳුද. තුන්දාහක් එදාම ගත්ත, අනිත් තුන්දාහ නෑ.

මම : පෙට් කාඩ් එකක් තියනවනේ, ඒකෙ අංකෙ කොහෙද තියෙන්නෙ?

අක්ක : අංකෙ පොඩි කොලේක ලියල ඒක ඇතුලෙමයි තිබුනෙ. මෝඩකමට බේත් නෑ නෙවැ.

මම : මහත්තය ගත්ත වෙන්න බැරිද?

අක්ක : නෑ මහත්තයෝ, එයා දන්නෙත් නෑ සල්ලි ගන්න.
මේ කතාව අස්සෙ "නංගි"ත් ආව.
මම : කාඩ් එක කොහෙද තියෙන්නෙ.

අක්ක : මගේ හෑන්බෑග් එකේ.

මම : දැන් තියනවද?

අක්ක : ඔව්. තියනව. ඒක අරගෙනනෙ මම පෙට් එකට ගියේ. හරිනෙ මෝඩ ප්‍රශ්නයක්.

මම : හරි. එහෙනං වෙන්න තියෙන්නෙ මෙච්චරයි. එක්කෝ හොරෙක් කාඩ්එක අරගෙන සල්ලි අරගෙන ආයිත් දැම්ම, නැත්තං බැංකුවට වැරදිලා. ඔයා ගිහිල්ල කියන්න මැනේජර්ට විස්තරේ. බැංකුවෙ වැරැද්දක් නං එයාල සල්ලි දෙයි. හොරෙක් ගත්තනං අල්ලල දෙයි. මොකද ඔය පෙට්එක ලඟ කැමරා හයිකරල තියෙන්නෙ. ඒවයෙන් බේරෙන්න බෑ.

කතාව එදිවට ඉවරයි. "අක්ක" ගිහිල්ල බැංකුවට කියල. මැනේජර් මහත්තය ලියුමක් ඉල්ලල. තමුන්ගෙ මුදල් නැතිවුන බවත් පරීක්ෂණයක් කර හොයාදෙන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටින බවත් ලියල දුන්නෙ මමමයි. ඒ සිකුරාදා දවසක. එදා හවස, පරීක්ෂණයේ ප්‍රගතිය "අක්ක" "නංගි"ටත් කියල.

සඳුද උදේම මේ මනුස්සය ගියා බැංකුවට, මොකද වෙලා තියෙන්නෙ කියල බලන්න. මැනේජර් මහත්තයගෙන් විස්තර ඇහුවම "අක්කට" තරු පෙනුන,

අක්ක : සර් මම ආවෙ අර සල්ලි නැතිවෙච්ච........

මැනේජර් : ඇයි ඔයා ලියුමක් එවල තිබුනෙ සල්ලි ලැබුන කියල?

අක්ක :(පුදුමයෙන්) ලියුමක්? මම ලියුමක් දීල ගියේ එදා සර්ට. ඊට පස්සෙ ආවෙ නෑ.

මැනේජර් : ඔයා සෙනසුරාද අපේ සිකියුරිටිට ලියුමක් දීල ගියේ නැද්ද, සල්ලි ලැබුන කියල? (මඳක් සොයා) මේ තියෙන්නෙ ලියුම.

සඳුද හවස.

අක්ක : මහත්තයෝ මාර වැඩේ වෙලා තියෙන්නෙ?

මම : ඇයි?

අක්ක : අර.....("නංගි") තමයි සල්ලි අරගෙන තියෙන්නෙ.

මම : oඈ...?

අක්ක : ඔව්. එදා අපි දෙන්නගෙ කතාව එයා අහගෙන හිටියනේ. කැමරා හයිකරල තියනව කියල මහත්තය කිව් නිසා ගෑනි බයවෙන්න ඇති. ඒ ගමන මෙයා කරල තියෙන්නෙ සෙනසුරාද බැංකුව ලඟට ඇවිල්ල මම ලියන විදියට ලියුමක් ලියල සල්ලි ලැබුනයි, පරීක්ෂණ කරන්න ‍ඕන නැතෙයි, කියල මගේ අස්සනත් ගහල මැනේජර්ට දීල. මම බැලුවම මෙයාගෙ අකුරු. මට හොඳටම තරහ ගියා මහත්තයෝ එකට ඉන්න ගෑනිටත් මෙහෙමනං කරන්නෙ.....මම කිව්ව ‍ඇත්ත කිව්වෙ නැත්තං පොලිසි යනව කියල. ගෑනි බයවුනා. ඒ ගමන කිව්ව "හදිසියකට සල්ලි ඕන වෙලා අක්කගෙ කාඩ් එකෙන් ගත්තය, පස්සෙ දෙන්න බලං" කියල. ඊට පස්සෙ ගෑනි ඇඬුව හොඳටම...............

මම : හ්ම්. මදැයි ඔයිං ගියා. රහස් අංකෙ මතක ඇතුව කාඩ් එකත් එක්කම දාල තියන්න. මාත් ෂර්ලොක් හෝම්ස් වගේ පරීක්ෂණය අවසන් කලා.

අක්ක : නෑ මහත්තයෝ මම දැන් ඒක වෙන තැනක හංගල තියෙන්නෙ.


102 comments:

  1. නියම උදාහරණයක් මචන්....හුඟක් පාරි භොගිකයින් ඔය වරද කරනව. තවදෙයක් සමහරක් ටෙලර්යන්ත්‍රයෙන් සල්ලිගන්න ගිහින් සල්ලිගන්න එතෙන්ට ඇවිත් ඉන්න අයගෙන් උදව් ඉල්ලනව එකත් තමන්ගේ හොඳ වැඩක් නෙමෙයි. හැබ උඩ ෆොටො එකේ ඉන්න උන්දැ වගේ කෙනෙක් හිටියොත් උදව් කරන්ඩ බොහො අය ඉඳිවි හික්ස්

    ReplyDelete
    Replies
    1. අඩ්..ඩඩ්ඩේ... මම 1 වෙලා...

      Delete
    2. ඔයවගේ කෙනෙක් හිටියොත් පින් නම්බර් එකත් එක්ක කාඩ්එක දාල එන්න හිතෙනව නේ? හෙහ් හෙහ් හෙහ්........

      Delete
  2. හි හි.... මදැයි.....
    ඇත්තටම ඔය කෙහෙල්මල් රහස් අංකේ මතක තියාගන්න ක්‍රමයක් නැද්ද... කාඩ් 5ක් තියෙනවනං අංක 5කුත් එපැයි....
    ඉස්සර නං ඔක්කොම කට පාඩං.... දැං නම් කාඩ් එකවත් තියෙනවද දන් නෑ.... හි හි.....

    ReplyDelete
    Replies
    1. මොකක් හරි ක්‍රමේකට වෙනත් ගනනක් එන්න අංකයක් කොලේක ලියල කාඩ් එකත් එක්කම දාගන්න. උදාහරණයක් විදියට අංකෙ 2153 නං මේකට 10ක් එකතු කරල 2න් වැඩි කරල තුනක් අඩුකලාම එනක ගාන. :)

      Delete
    2. මඟුලක් කතා කරනව, Algorithm එක එහෙම අමතක උනොත් කෙලා තමා. ගාණ වැරදුනොත් එහෙම කාඩ් එකත් ලොක් වෙයි. :(

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ඔහොම සිද්දියක් වුනා අපේ ඔෆිස් එකෙත්. ඒක ATM ප්‍රශ්ණයක් නෙවෙයි විශ්වාසය පිලිබඳ ප්‍රශ්ණයක්.

    ReplyDelete
    Replies
    1. හරි හරි දැං කවුද කිව්වෙ බැංකුවට වැරදිලා කියල? :D

      Delete
  6. කාඩ් එකයි රහස් අංකයයි එකලඟ තියෙන එකේ අදිනව !

    ReplyDelete
  7. එදා මෙදා තුර ATM ගැන බ්ලොග් ඉතිහාසයේ ලියවුන ජනප්‍රියම හා හොඳම ළිපිය

    http://maathalan.blogspot.com/2011/06/atm-atm-machine.html

    ReplyDelete
    Replies
    1. This link works:

      http://maathalan.blogspot.com/2011/06/atm-atm-machine.html

      එදා මෙදා තුර ATM ගැන බ්ලොග් ඉතිහාසයේ ලියවුන ජනප්‍රියම හා හොඳම ලිපියේ සිංහල පරිවර්තනය!

      Delete
    2. DDTතුමා සහ මංතුමා එකම දේ එකම වෙලාවේ කර තිබේ!

      Delete
    3. කමක් නෑ කකා, කොහොම හරි වැඩේ කෙරෙන්නනේ ඕන. මම අවතාර්ගෙ බ්ලොගේට ලින්ක් එක දැම්මෙ එයා තව තව වැඩකෑලි ටිකක් කියල තිබුණු නිසා.

      Delete
    4. මාතලන්
      මම ඔය පෝස්ටුව හෙව්වෙ කකාගෙ බ්ලොගේ නොවැ. නැත්තං ලින්ක් එක වැටෙනව.

      කතන්දර & DDT
      රාවනා නින්දෙන් අවදිවෙන්න කිට්ටු වෙද්දි ඔයවගේ දේවල් වෙනව.

      Delete
    5. කකාට ATM කතා නෑද මෙතෙන්ට ලින්ක් කරන්න

      Delete
    6. ඔය දාලා තියෙන්නේ ලින්ක් එක අපූරුවට !!!

      Delete
    7. :D
      කතන්දරට ඒටීඑම් කතා මිස්වෙලා. බැංකු කතා නං තිබුන.

      Delete
  8. ඒ මනුස්සය ඉල්ලගෙන නේ කාල තියෙන්නෙ. බැරි වෙලාවත් මඟදි ඔය හෑන්ඩ්බෑග් එක නැති වුනානම් එකවුන්ට් එකෙත් සැලකිය යුතු මුදලක් තිබුණනම් ඔයිට වැඩිය අමාරුවක වැටෙන්න තිබුණ. ගත්ත කෙනෙක් හොයා ගන්ටවත් නැතුව. ලොකු ගණන් නොතිබුණත් තියෙන සුළු ගාන ඒ මනුස්සයට වටිනව ඇති, හම්බුවෙන පඩියෙ හැටියට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. සල්ලි එච්චර නැති නිසා හොඳයි.

      Delete
  9. ATM නම්බර් එක පරිස්සමින් පාවිච්චි කරන්න ඕනි.නැත්නම් සොරි ම තමා.

    ReplyDelete
  10. හයියෝ... පව්....
    මටත් ඒටීඑම් එකක් ළඟට යනකොට, බොහෝවෙලාවට ඔය අංකය මතක නැතුව යනවා.... ඉතින් කෝල් කර කර මහත්තයගෙන් අහන්න ගිහින් බැණුමකුත් අහගෙන තමයි සල්ලි ටික ගන්නෙ...

    ReplyDelete
    Replies
    1. මටත් කොච්චරවත් ඔය කෙහෙල්මල අමතකවෙනවා ඒ හන්දා Phone එකේ Save කරගෙන ඉන්නෙ (හැබැයි Encrypt කොරලා method එක තියෙන්නේ හිතේ )

      Delete
    2. මටත් ඕක පඩි දවසට මතක් වෙලා ආයෙත් අමතක වෙනව.

      Delete
  11. ATM නම් මලමගුලක් තමයි...!අපොයි අපෙත් සල්ලි අඩුවෙනවද දන්නෑ...!!

    ReplyDelete
  12. කොහොමද නංගිගෙ ටිකිරි මොලේ

    ReplyDelete
    Replies
    1. ටිකිරි තමයි. යාලුවට ඇරිය

      Delete
  13. රාජ්, ඔන්න ඉස්සෙල්ලම මායි දීපයි මේක කියවන්න පටන්ගත්තා.
    දෙබස් ඕනෙ නෑ. මම කියපු ටික විතරක් දාන්නංකො.
    පූහ්. මාර පින්තූරයක්නෙ මූ දාලා තියෙන්නෙ.
    රාජ් මල්ලි මට ලින්ක් එකකුත් දාලා හෙහ් හෙහ්
    පේලි කීපයක් කියවා නැවත උඩට ස්ක්‍රෝල් කර
    මාර පස්ස නේ දීපා?
    මඳ වෙලාවක් පස්ස නරඹමින් සිට නැවත ලිපිය කියවමින්
    පව් නේ මේ මිනිස්සු.
    හරි අහිංසක මිනිස්සු නේ.
    යකෝ..!
    යකෝ මේ එකටම ඉන්න එකීටනෙ වැඩේ දීලා තියෙන්නෙ!
    මෙතන මිනිස් කමයි, අහිංසක කමයි, කපටි කමයි ඔක්කොම තියෙනවානේ?
    මාර කතාව නේ දීපා?
    නැවතත් පෑරුණු හිත හදා ගැනීමට පින්තූරය නරඹමින්
    Thank you Raj for the wonderful post and the picture!! he he ☺ ☺ ☺ ☺
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මට දුක හිතුනේ ඒ ගෑනිගේ පඩිය අහලා

      Delete
    2. දීප අක්කා:
      හරි හරි පිංතූරෙ ඕන නෑ කතාව බලමු.
      ඔව්මයි ඔයාගෙ නමත් තියනව
      ආයෙත් පිංතූරෙ! පුදුම වැඩක්නෙ මේක වයසට ගිහිල්ලත් තියන විසේ!
      හරි හරි කතාව කතාව,
      හ්ම්.
      කපටි ගෑනි.

      Delete
  14. සොරි මචං... උඹ දාලා තියෙන පින්තූරේ නිසා කමෙන්ට් එකක් දාන්න විදියක් නෑ... ඒක දිහා බලාගෙන ඉන්නමයි හිතෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හා හා ඕනවට වැඩිය බලන්නෙපා. උඹල නරක් වෙනව.

      Delete
  15. @ Loku John,
    ඒනට නාරියන් නෑ. මට දුක සහෝ මේ යකා ඇයි ටක්කෙටම කලු කලිසමක් ඇදපු නෑම්ඹියෙක් දැම්මේ. වසයක මට නියම පරිමිතිය පේන්නේ නෑ නොවැ..

    ReplyDelete
    Replies
    1. පින්තූරෙ උඩ කොටල ලොකු කරලත් පේන්නෙ නැද්ද?

      Delete
    2. ඒක පෙන්නෙම නෑ නොවැ. පේන එකෙක් කියාපියකෝ මක්කැයි පේන්නේ කියලා..

      Delete
  16. කථාවත් එල. පින්තූරෙත් එල :)

    ReplyDelete
  17. pin නොමබරෙත් අමතක උනා.නියම ATM එක.

    ReplyDelete
  18. වෙලාවට මට තියෙන්නෙ එක ATM කාඩ් එකයි.ඒකෙ නම්බරේ කට පාඩම්. :D

    ReplyDelete
  19. දැන් කොහිද දන්නෑ හංගලා තියෙන්නේ නේ රාජ් අයියේ..

    ReplyDelete
    Replies
    1. නිශාන් කියල තියෙන්නෙ පහල. ඔළුව පහත්කරල බලපං.

      Delete
  20. දැන් හංගනවා ඇත්තේ හැට්ටේ අස්සේ :)

    ReplyDelete
  21. හපොයි...දැන් කාලෙ එකට ඉන්න එකා (එකී) වත් විශ්වාස කරන්ට බෑනෙ. මෙහෙමත් ලෝකයක්!

    ReplyDelete
  22. මාර atm මැෂිමක් නේ ෆොටෝ එකට දාගෙන ඉන්නෙ.කාර්ඩ් හිර උනත් ඕන් සල්ලි අදින්නමයි හිත.

    ReplyDelete
    Replies
    1. මේ මැෂිමෙන් සල්ලි අදින්න බෑ. මැෂිම සල්ලි අදිනව. හික්!

      Delete
  23. අනේ ඒ ඇත්තිගෙ පඩිය 6000/- නොවැ... ඒ වගේ පඩියකින් අද කාලෙ කොහොමද ජීවත් වෙන්නෙ කියන ගැටලුව තමා මට තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි. මොනව කරන්නද!

      Delete
    2. ඔන්න බලමු ඉතින් සිරාගෙ දැනුමෙ තරම......!!!

      පඩිය 6000 යි, 3000 ක් බැංකුවේ ඉතිරි කරලා 3000 ක් අරගෙන, වියදම 2500/= යි(බොරුනම් අහන් න රන්දුල ඇමතිතුමාගෙන්) අමතර 500/= නිකන් පෙටි කෑෂ්වලට වෙන්න ඇති. අනික මහත්තයත් මොනවහරි කරනවා ඇතිනෙ...පවුලේම වියදම ගත්තත් 7500/=යි(බොරුනම් අහන් න රන්දුල ඇමතිතුමාගෙන්)

      Delete
    3. ඒ උනාට මචෝ මෙන්න කැට ඔය 6000ක් පඩි ගන්න අක්ක ඊළඟ පාරත් ගහනවා කතිරෙ ඔය රන්දුල අමතිතුමාලටම.අනික බන් ඉතින් කොයි කවුරු ආවත් අක්කගෙ පඩිය 6000ම තමයි.ඔන්න අමතර වැඩක් මොනවා හරි කරලා කීයක් හරි හොයා ගත්තොත් මිස.

      Delete
    4. ඔය කියන රන්දුල ඇමති තුමාම නේද පිටි කිලෝ එකකින් ඉදි ආප්ප 350 ක් හදන්න පුලුවන් ක්‍ර‍මය හොයාගෙන පේටන්ට් බලපත්‍ර‍ය ගත්තෙ... ඒ ඉදි ආප්ප කන වෙලාවට විදුලි පංකා දැමීම සපුරා තහනම්ලු...

      Delete
    5. AnonymousAugust 20, 2012 7:03 PM
      කතාව ඇත්ත. මොනවා උනත් කතිරෙ ගහනව.

      Delete
  24. මේ පිංතුරේ නම් අවේසම් බං :D

    ReplyDelete
    Replies
    1. අවේසම්! මුන්ට පෙනිල තියෙන්නෙ "අ" කපල! :D

      Delete
  25. වෙලාතියෙන්නේ දැන් හැම මගුලකට යන්න රහස් අංක එපාය.. මොන යකාටද ඔවුව ඔක්කොම මතක තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තව තව දේවල් කරන්න ගියාම රහස් අංක ඉල්ලනවලු. :)

      Delete
  26. කාඩ් එක ඒටීඑම් මැෂින් එකට දාන්නේ නැතුව, අනිත් මැෂින් එකේ ස්වයිප් කරන්න හිතෙනවා... :D

    ReplyDelete
  27. රාජ් අයියේ අර පින්තුරේ කෙල්ල දාන්නේ කාර්ඩ් එකද මන්ද..?
    සෝක් අක්කයි නංගියි.
    බලන් යද්දී අපි හොඳයිනේ..

    ReplyDelete
    Replies
    1. අනේ මංද බං. පිංතූරෙ සේව් කරල බ්ලොග් එකටත් දාල මම තාම දැක්කෙ‍ නෑ ඔය කාඩ් 1.

      Delete
    2. පේන්නෙ වෙන කොහෙවත්.

      Delete
    3. රාජ් ට මං කලිනුත් කිව්වා...මේවා දැක්කහම් මුන් ඔක්කොම (මං ඇතුළු ) බලන්නේ පින්තූරෙ දිහා. බොරුද මං කියන්නේ කාටද බං ඔය කාඩ් එක පේන්නේ ඔච්චරම උනන්දුවෙන් බැලුවෙ නැත්නම්.

      Delete
  28. අපේ ගෙවල් පැත්තේ ඉන්නවා රෝහල් උපස්ථායක කෙනෙක්. හෙට අනිද්දට විශ්‍රාම යන්න ඉන්නේ. ඇසුරු කරන්නේ පිරිමි පාර්ශ්වයේ අය විතරක් නිසා වෙන්න ඇති කවදාවත් විවාහ වුනෙත් නැහැ. ඉතින් වියදම් කරන්න දරු පවුලකුත් නැහැ. හැබැයි හරිම ලෝභයි.කාගේ හරි ගෙදරක වැටිලා ඉන්නයි කාලෙන් කාලෙට නවාතැන්පොළ මාරු කරන්නයි මිසක් ගෙයක් දොරක් හදා ගත්තෙත් නැහැ.

    අවුරුදු ගානක් මිනිහ ඔහොම සැලකිය යුතු ගානක් ඉතුරු කර ගත්තා. ඒත් අර පිරිමි අය ආශ්‍රය කරන එක නැවැත්තුවේ නැහැ. ඒ අය තමන්ගෙ කාමරයේ තබා ගැනීම පුරුද්දක් වශයෙන් කළා. ඔහොම යන කොට හදිසියේම මිනිහ දැන ගන්නවා ජීවිත කාලයම හම්බ කරගෙන බැංකුවේ දාපු සල්ලි වලින් සොච්චමයි තියෙන්නේ කියල...

    බැංකුවේ මහත්තුරුන්ටත් කියල හොයාගෙන යන කොට කාඩ් එකත් එක්කම කොළ කෑල්ලක ලියල තිබුණු රහස් අංකය අර පිරිමි යාළුවෙක් දැකල, ගිණුම හින්දල මාරු වෙලා...

    දැන් බුවා ආයිමත් ඉතිරි කරනවා කරනවා... කාඩ් එපා කිව්වලු.

    ReplyDelete
  29. 6000හේ පඩිය අරන් කොහොමද අප්පා ජීවත් වෙන්නේ... ආ... නැහැ නැහැ. රුපියල් 250න් ජීවත් වෙන්න පුළුවන් කාලේ නේ මේ වතුර විතරක් බීලා.

    ReplyDelete
    Replies
    1. එහෙම මිනිස්සුත් ඉන්නව.

      Delete
  30. DAWASAK YAKKALA, P.B. EKE ATM MACHINE CUBICLE EKE KAWDA CHOO KARALA GIHIN THIBUNA. - U N C -

    ReplyDelete
    Replies
    1. එහෙමද! හදිස්සියට ඒ වැඩේටත් හොඳයි. මාත් දන්නව ඒවගේ සිද්ධියක්. හැබැයි වීඩියෝව ඇති නේද?

      Delete
  31. උඩ පින්තූරේ දැක පෝස්ටුව කියවගෙන යන විට අර 'ක්ලීනින් සර්විස්' අක්කා මේ වගේ වෙන්නැති කියලමයි හිතෙන්නේ.

    කාලයක කාඩ් ගැන ප්‍රසිද්ධ බැංකුවක වැඩ කරපු මට මේ වගේ අත්දැකීම් කොතෙකුත් අහන්න ලැබිලා තියනවා. අමතක වී ගෙන ගිය මතකයක් රාජ් අළුත් කලා. ළගදිම පෝස්ටුවක් දාන්නම් ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. ක්ලීනින් සර්විස් අක්ක ගැන ලියන්න මීට වඩා හොඳ කතා තියනව. ඒත් දන්න කියන කවුරුහරි දැක්කොත් හොඳ නෑ. හරි දිගටම ඇදගෙන යං. මේ 4වැනි 1.

      Delete
  32. එකට කෑවත් බොක්ක වෙනස් කියන්නෙ ඕවට වෙන්නැති

    ReplyDelete
  33. හයියෝ සල්ලි. අඟේ ඉඳං කන කනවනේ.

    ReplyDelete
  34. රාජ් අයියට ශර්ලොක් හෝම්ස් වැඩත් පුළුවන්නේ...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව. හොරකං කීයක් අල්ලල තියනවද මේ වෙනකොට.

      Delete
  35. කාන්තා පක්සෙ ඔය මෝඩ වැඩේ හරියට කරනවා මම දැකලා තියෙනවා (රහස් අංකෙ කොලේක ලියලා එතනම තියන එකා. අපේ කැම්පස් එකේ ගෑල්ලමයි වගේකත් ඔයවගේ සල්ලි හොරෙන් අරන් තිබ්බා..

    ReplyDelete
    Replies
    1. හ්ම්. මෝඩකමට බේත් නෑ.

      Delete
  36. Replies
    1. අන්න බලන්න කවිකාරි අක්කටත් පෙනිල තියෙන්නෙ ඒකනේ.

      Delete
  37. ඕකනේ කියන්නේ ගෑනු ගාව යාලුකම් නෑ.. හොඳම යාලුවත හරි අරින්න බලන්නේ..... ( දෙබරෙකටද මන්දා ගල් ගැහුවේ )

    ReplyDelete
  38. උඩ පින්තූරෙ ඉන්නෙ අක්කද නංගිද?

    ReplyDelete
  39. ගෑනු උදවිය ලෝකේ තියෙන ඔක්කොම ඕප දූප ටික මතකේ තියන් ඉන්නවා එත් ඔය ඉලක්කම් 4 හතර මතක තියා ගන්න බෑ නේ

    අයියෝ අර පොටෝ එක දැක්කාම කමෙන්ට් කරන්න අමතක වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. පොටෝව හිතට අල්ලල කස්ටියටම.

      Delete
  40. හැමෝම කතා කරන්නේ පොටෝ එක ගැනනේ බොලව් ...
    මේකි සල්ලි ගන්න ආපු එකියක් නෙවේද කොහෙද ...

    ReplyDelete
  41. හැමෝම කතා කරන්නේ පොටෝ එක ගැනනේ බොලව් ...
    මේකි සල්ලි ගන්න ආපු එකියක් නෙවේද කොහෙද ...

    ReplyDelete
  42. ඔය සල්ලි මැෂින් ගැන නම් මම දන් නැ..අර පොටෝ එකේ ඉන්න කෙනා මරු...

    ReplyDelete
  43. ඕවට තමයි කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියල

    ReplyDelete