Sunday, August 5, 2012

යටත්වැසියාගේ ලියුං කරදහිය.

අතිගරු උතුමානන් වෙත ගෞරවයෙනි!

අතිගරු උතුමානනි,

ඔබතුමාගේ රට වැසියෙකු ලෙස, මාත්රූ බූමියේ උන්නතිය උදෙසා හෙජින් සූ ගිවිසුම සම්බන්ධයෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනු කැමැත්තෙමි.

# ගිවිසුම සම්බන්ධයෙන් එවකට අමාත්යධූරය දැරූ ගරු පවුසි මැතිතුමාත් ඉන්පසු අමාත්‍යංශය භාරගත් ඇමතිවරුනුත් වරදකාරී නොවන්නාහ. හරිද මංද තවද තෙල් සංස්තාවේ සබාපතිතුමා, කබරාල්, පීබී වැනි මහත්වරුන්ට නිරපරාදේ එල්ලවන චෝදනා, පුවත්පත්, වෙබ්-බ්ලොග් වාර්තා, නැවැත්විය යුතුය.(මේ සඳහා අවශ්‍යනම් ගෝටාබය මහතාගේ මැදිහත්වීම සුදුසු බව යෝජනා කරමි).

# මාගේ හැඟීමේ හැටියට මෙම දේශද්‍රෝහී ගිවිසුම අත්සන් කිරීමට මුල්වන්නට ඇත්තේ තෙල් සංස්ථාවේ සේවය කරන ලිපිකරුවන් දෙතුන් දෙනෙකු සහ කාර්යාල කාර්ය සහායක වරයකුය.

# උක්ත කාල සීමාවේදී සංස්තාවේ/අමාත්යංශයේ සේවකයන්ගේ සැක කටයුතු හැසිරීම් ගැන සොයා බැලීමෙන් (උදා: වැඩිපුර කිරිපිටි ගෙනයන්නේ කවුද, දවල් බත්එකට මස් මාළු ගේන්නේ කවුද ආදිය) වගකිව යුත්තන් නීතියේ රැහැනට හසුකරගත හැකිය.

# ඉන්පසු ඔවුන්ට දැඩි දඬුවම් ලබාදියයුතු අතර අවධාරණයෙන් මතක් කරන්නේ වෙනත් කාර්යාල වලට මාරුකර යැවීමෙන් පමණක් අයහපතක්ම වන බවය.

# මේ පිටුපස සිටින දුෂ්ට (බටහිර) බලවේග පිලිබඳව සොයාගැනීමට ගරු ලෙම නිවාස අමාත්යතුමාට භාර කරන මෙන් ගවුරවයෙන් ඉල්ලා සිටිමි.

# එංගලන්තයේ(අධිරාජ්යවාදී) අධිකරණයෙන් නියෝග කල පරිදි අදාල බැංකු වලව වන්දි ගෙවන ලෙසත්, නඩු තීන්දුවට එරෙහිව ඇපිල් නොකරන ලෙසත්, ඉල්ලා සිටින්නේ, අප ඔවැනි සොච්චම් මුදලක් ගෙවාගත නොහැකි ජාතියක්දැයි සිතීම වැලැක්වීමටය. අනෙක් අතට ඇපිල් කලහොත් මීට වගකිවයුතු (ඉහතින් සඳහන් කල) ලිපිකරුවන්/කාකාස.යන් රජයේ මුදලින් පිටරට ගොස් හෝටල්වල සූර්වී තට්ටු උඩින් ඇදවැටුනහොත් එහි අගෞරවයද අපේ මාතෘ භූමියටමය. (ඇරත් කොහොමත් ඕකුං බේබද්දෝය)

# වන්දි ගෙවීමට මුදල් නොමැතිනම් ඉරානය චීනය වැනි හිතවත් රටවලින් ණයමුදලක් ලබාගැනීමට යෝජනා කරමි.

# එම ණය ගෙවීම සඳහා ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් වලින් පිලිවෙලින් ලීටරයකට රුපියල් පුංචි රුපියල් 20ක් 35ක් හා 40ක් වැඩිකිරීමට යෝජනා කරන අතර පෞද්ගලික බස් ගාස්තු-මාළු මිල ඉහලයාම වැලැක්වීමට සහනාධාර ක්‍රමයක් යෝජනා කරමි.

# විදුලිබල මණ්ඩලය විසින් තෙල් සංස්ථාවට ගෙවියයුතු සියළු මුදල් සතියක් ඇතුලත ගෙවීමට අණ කරන මෙන් යෝජනා කරමි. මේ නිසා විදුලිබල මන්ඩලය අසීරුවට පත්වේයයි අනවශය බියක් ඇති කරගතයුතු නොවන්නේ විදුලි ඉංජිනේරුවකු සහ පාඩු ලබන අමාත්‍යංශ ලාභ ලබන තත්වයට ගෙනආහැකි ඇමතිවරයෙකු සිටින ජාතියේ වාසනාවට සිටින නිසාවෙනි. මළ මල නොතලා පැණි ගන්නා බඹරා මෙන්, විදුලි බිල සංශෝධනය කිරීමටත්, එහෙත් ජනතාව මත බර පැටවීම වැලැක්වීමටත් එතුමා කටයුතු කරනබව ම‍ගේ විශ්වාසයයි.

මේ ආකාරයට කටයුතු කිරීමෙන් හෙජින් සූ ගණුදෙණුවේ පාඩු පියවාගත හැකිය.

තෙරුවන් සරණයි!
මෙයට,
යටත්වැසියා.

ප.ලි.- කුමන ප්‍රශ්න තිබුනද එන චන්දයේදීත් අපි ඔබතුමා සමඟ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ යයි සිතමි.


39 comments:

  1. අත්අකුරින් ලියලා තැපැල් කරමුද...

    ReplyDelete
  2. ඕවා ජනාධිපති තුමා කියවලා විසික් කරනවා විතරයි යටත් වැසියෝ.ඕක තැපැල් නොකර ඉඳින් පුළුවන් නම් මඩක් ගහපන් උන්ම හොයන් ඇවිත් මුද්දර ගාස්තුත් ගෙවලා කියවයි.

    ReplyDelete
  3. මේක අතිගරු උතුමාණන්ට ඇහැ ගැහුනොත් යටත්වැසියා ඉවරයි ඕං.

    ReplyDelete
  4. වටිනා කියන උපදේශයක්.....!

    කොහොමත් යටත්වැසියා මේකට මැදිහත්වුනත් නැතත් හැට හුට හමාරක් ඉන්න කේවට්ට උපදේශකයො දෙන්නෙත් මේ ටිකම තමා.......

    (අපිට අපේ "හෙජිම"වත් බේරගන්න පුළුවන් වුනොත් මදෑ.... :(

    ReplyDelete
  5. ඔන්න ඔය ටික කලා නම් ගොඩම තමා..
    මාත් මේ කමෙන්ට් එක දැම්මට පස්සේ ටිකක් වහං වෙලා ඉන්නවා. රාජ් අයියත් නෙට් එන්ඩ එපා. :)

    ReplyDelete
  6. "ප.ලි.- කුමන ප්‍රශ්න තිබුනද එන චන්දයේදීත් අපි ඔබතුමා සමඟ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ යයි සිතමි."
    වැදගත්ම ටික :ඩ්

    ReplyDelete
  7. ඔබගේ ව්ස්ලේසනය අසත්‍ය කරුණු මත පදනම්ව සකසා ඇති බව පෙනේ. පුවත් පත් සාකච්ඡාවේදී පැවසූ පරිදි "තෙල් ගේන්නේ ඇමති නොවේ". ලිපිකරුවන් හා පියන්ලා මෙයට අත්සන් කොලත්. බඩු ගේන්නේ නැවේය. එම නිසා නැව් කප්පිත්තා අල්ලා, මෙහි පාඩුව ඔහුගෙන් ලබා ගත යුතුය. එසේ ගෙවීමට අසමත් වන්නේ නම්. අසාධු ලේඛන ගත කොට. රජයේ උසස් නිලයක් ලබා දිය යුතුය.

    අවසානයේ සඳහන් කොට ඇති දෑ පමණක් සත්‍ය කරුණක් ලෙස පිලිගත හැක.

    ඔබට සුබ අනාගතයක්...

    ReplyDelete
  8. අනේ හපොයි හෙජින් !
    ශා ශා...වටිනා කියන උපදෙස් ටිකක් නේ....

    ඔය පෙට්‍රල් ඩීසල් වලට රුපියල් 40 - 50 ක් අඩුකරලා වැඩක් නෑ කියලා අතී ගරු උතුමානන් දන්නවානෙ. ඒත් ඉතින් අපේ අර මොකක්දෝ ඊ පී එෆ් කියලා එකකුත් තියෙනවා කියලා උතුමානන්ට ටිකක් මතක කරන්න වටිනවා. ඒකෙන් ටිකක් අරන් අර ඇපීල් එකට යද්දී ෂොපින් කරන්න ටිකක් ඒ ඇත්තන්ගේ අත මිට මොලවන්න කියලත් කියමු.

    ඒ යන රටේ තියෙන හොඳම හෝටලයේ නැවතුනේ නැත්තම් ඇපීල් එකට යන අයගේ නමටත් හොඳ නෑ නොවැ

    හෙජින් එකට හෙණ ගැහුවත්, ඇපීල් එක යකාට ගියත් ඡන්දයේදී අපි උතුමානන් එක්කමයි. අනිවා ඩෙෆා :P

    ReplyDelete
  9. රාජ් උඹ මගෙ ඩ්‍රාෆ්ට් කරල තියෙන බ්ලොග් පෝස්ට් එහෙම දැක්කද ?

    ඡන්ද දායකියන් වෙනුවෙන් ලියවුනු එකක් තියෙනවා මගෙ ලගත්.. දාන්ටදෝ.. එපාදෝ.. කියල ඉන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල මමත් පරිවර්තනය කලේ මේ වගෙ ලිපියක් තමා.

      ලිපිය අවසන් වෙන්නෙ "අද දවසෙදි බලශක්ති අර්බුදයට අවශ්‍ය පිලියම් නොකොලොත් කැපෙන්නෙ 2016 විදුලියයි. මක්නිසාද යත් එම විෂය සම්භන්ද තීන්දු තීරණ ගතයුත්තේ සත් අවුරුද්දකට පෙර දෙනු ලබන අනාවැකි මත පදනම් කරගෙන බවත්, අද හරි තීරනය නොගෙන මතුවට බරපතල විදුලි කප්පාදුවකට ගියොත් 2016 මැතිවරනයෙදි මිනිසුන් විදුලි කප්පාදු ගැන මතක තියා ගනු ඇතිබවත්ය කියලායි"

      Delete
  10. අති ගරු උතුමාණන් මේක දැක්කොත් යටත් වැසියව අති ගරු උපදේශක තනතුරක පිහිටවනවා සුවර්.. එතුමා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේවගේ ප්‍රශ්නයේ පතුලට කිඳා බැහැල ලබාදෙන ස්තිර විසදුම්

    ReplyDelete
  11. ඇමතිට මේක ගැන මතක නැතුව ඇති..

    //මාගේ හැඟීමේ හැටියට මෙම දේශද්‍රෝහී ගිවිසුම අත්සන් කිරීමට මුල්වන්නට ඇත්තේ තෙල් සංස්ථාවේ සේවය කරන ලිපිකරුවන් දෙතුන් දෙනෙකු සහ කාර්යාල කාර්ය සහායක වරයකුය// මෙන්න මුන් ටිකට හොඳට දඬුවම් කරන්න ඕනේ. වැදගත් අමතිලගේ නම කැත කරනවට..

    ReplyDelete
  12. //කුමන ප්‍රශ්න තිබුනද එන චන්දයේදීත් අපි ඔබතුමා සමඟ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ යයි සිතමි.
    අනේ ඔව් අප්පා..
    අපි එකෙංම ඔබට..
    ඔබ අපට මොකෙංද???

    ReplyDelete
  13. මට නම් ඕක තේරුම් ගන්න අමාරුයි.

    ReplyDelete
  14. මේ මොන ප්‍රශ්ණ තිබ්බත් එන චන්දෙත් අපි එතුමන් සමගමයි.. :)

    ReplyDelete
  15. පලියයි වටින්නෙ....

    ReplyDelete
  16. ලිපිකරුවන්ගේ නෝනලාට ඥාති සහෝදරයෝ ද සිටිති... වැඩි යමක් නොකියමි.

    ReplyDelete
    Replies
    1. ඔවුන් සමහර විට ක්‍රිකට් ද ගසති. ක්‍රිකට් ගැසූ විට සා/පෙළ අසමත් වීම නම් සාධාරණය.

      Delete
  17. අපේ ගරු ඇමතිවරු නොමැති නම් දෙරණ මත
    ගොයම් බීජ අංකුර උඩ අතට නොව - මඩ යටට
    ඇදෙනවා සිකුරුයි දෙයියනේ

    ආගමට සදාචාරෙට වගකියන උතුමන්
    ආයු බෝ නොවේ නම්
    නිසි කලට කිසි ලඳක් වෙයි ද ගැබ්බර සැකයි

    ReplyDelete
  18. මේ තරම් හොඳට ඇත්ත යුත්ත ලියන්න මන් දන්නේ මාත් මේ දේශයේ පුරවැසියෙක් නිසාය.. අපි කවුරුත් මහදනමුත්තාගෙන් සහ ගෝල පිරිසගෙන් පැවත එන්නෝ වෙමු..

    ReplyDelete
  19. නියම යෝජනා ටික....ජයවේවා...!!!

    ReplyDelete
  20. ප.ලිය නියමයි හිකිස්‌

    ReplyDelete
  21. ඇත්ත ඇති සැටියෙන් ලියා ඇති බව පෙනේ.
    ඔබට අනිවාර්යෙන් ජනාධිපති උපදේශක ,සමාවෙන්න රාජ පුරෝහිත තනතුරක් ලැබෙනවාමය.

    ReplyDelete
  22. සුදු වෑන් එකකින්වත් හයිද මන්දා...

    ReplyDelete
  23. කෝ බොල මේ කැකිල්ලේ..මේක කොහෙ ගියාද මන්දා.....

    ReplyDelete
  24. මෙන්න විශේෂ නිවේදනයක්!

    රාජ් ගේ නවාතැන නම් සිංහළ බ්ලොග් අඩවිය පවත්වාගෙන යන අප හිතවත් 'රාජ්' නැමැත්තා ඉතා මෑත අනාගතයේ විශ්‍රාම ගන්නා 'වීරතුංග' මහතා ගේ නිලයට හදිසියේ පත් කරන ලදී.

    රට වැසියාගේ අවමගුලට මල් වඩම් අනවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. මල්වඩම් අනවශ්‍යයි. සීනි අවශ්‍යයි.

      Delete
  25. බාල තෙල් ගෙනාවෙ කොයි රටේද ? කොයි රටේද ? එංගලන්තෙ එංගලන්තෙ
    බලාගාර හදපු ගමන් කරන්ට් කැපුවෙ කොයි රටේද ? කොයි රටේද ? ඇමරිකාවෙ ඇමරිකාවෙ
    ඒ රටවල එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ...
    අපෙ ඇමතියො රජුට භයේ පගා ගැහුවෙ නෑ....

    ReplyDelete
  26. //# මාගේ හැඟීමේ හැටියට මෙම දේශද්‍රෝහී ගිවිසුම අත්සන් කිරීමට මුල්වන්නට ඇත්තේ තෙල් සංස්ථාවේ සේවය කරන ලිපිකරුවන් දෙතුන් දෙනෙකු සහ කාර්යාල කාර්ය සහායක වරයකුය.//
    කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව මතක් වෙනවා.5 වසර පොතේද කොහෙදෝ තිබුනා මතකයි

    ReplyDelete
  27. එළ .....යටත් වැසියන්ට ඔහොම ලිපියක්වත් යවන්න නිදහසක් නෑ මගේ හිතේ...

    ReplyDelete
  28. අධිරාජ්‍යවාදී අධිකරණයට ගල් ගසමු!

    ReplyDelete
  29. මොනාද අනේ ඔයාට දැන් තරු මද පේන්නෙ.?

    ReplyDelete
  30. ඕං බොටත් උපදෙශක තනතුරක් ගතහැකි..!!

    ReplyDelete
  31. යටත්වැසියාට ජයවේවා කියන්න ගියොත් අනිවාර්යෙන් ම මේක විදේශීය කුමන්ත්‍රණයක් වෙනවා :D

    ReplyDelete
  32. ඈ රාජ්... බ්ලොග් ලිවිල්ල එපා උනාද??? එහෙම නැත්නං අළුතින් වැඩිවෙච්ච පවුල් බර දරාගන්න අමාරුයි කියලා හිතුනද???

    ReplyDelete
  33. ෂුවර් එකට මේකා මේ පුරෝහිත කොමක් ගන්නයි තන්නෙනෙ. අනේ වාසනාවං. එහෙම උනොත් අපිටත් සලකන්ටෝනෑ හොඳට හරිය.

    ReplyDelete
  34. සියල්ලන්ටම
    උත්තර නොදුන්නට සොරි. මේ දවස්වල බිසි. බිසි කිව්වෙ කන්තෝරුවෙවැඩ වැඩි. ගෙදර ආවම පොඩ්ඩ එක්ක. ප්‍රතිචාර වලට තුති. අලුත් පෝස්ටුවක් ඇති. :)

    ReplyDelete
  35. ලංකාව ගොඩ ගන්න නම් දියසේන කුමාරය එන්න ඕනේ :)

    ReplyDelete
  36. ape paththe innawa deputy ministeryek eka mankolla kanne billion gananin. 12th DIVAYINA balanna. - uncle-

    ReplyDelete