Thursday, August 9, 2012

කොර වෙන්න ප්‍රශ්න අසා බිම් මට්ටමට බැසීම.

දිස්ත්‍රික් සමිබන්ධීකරණ කමිටුවලට ජනාධිපතිතුමාගේ සපැමිණීම මේ දිනවල ආන්දෝලනාත්මක මාතෘකාවකි. විශේෂයෙන්ම මෙම කාර්යයන් සමඟ බැඳී පවතින කාර්යාලවල නිලධාරීන්හට එතුමාගේ පැමිණීම විශේෂ සිද්ධියක් වන අතර වෙනදාට නැති අමුතු සූදානමකින් කමිටු රැස්වීම සංවිධානය කිරීමටද සිදුවේ. "දිස්ත්‍රික් සමිබන්ධීකරණ කමිටුව" යනු, සරළව කිවහොත් යම් දිස්ත්‍රික්කයක සංවර්ධනය වෙනුවෙන් ගනුලැබූ ක්‍රියාමාර්ගයන්ගේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගනු ලබන ස්ථානයයි. ගම්බද මාර්ගයක් කොන්ක්‍රීට් කිරීමේ සිට ඉහලට විහිදීයන ඕනෑම සංවර්ධන කටයුත්තක් මෙහිදී සාකච්ඡාවට ගතහැකිය (දිස්ත්‍රික් මට්ටමින්).

සාමාන්‍යයෙන් දිස්ත්‍රික්ක‍යේ පරිපාලන ප්‍රධානියා වන දිස්ත්‍රික් ලේකම්වරයාද ඔහු යටතේ සිටින ප්‍රාදේශීය ලේකම්වරුන්ද අනෙකුත් රජයේ ආයතන ප්‍රධානීන්ද වගකිවයුතු විශේෂ නිලධාරීන්ද රාජ්‍ය අංශය නියෝජනය කරන අතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු නියෝජිතයන් සහ අනෙකුත් මහජන නියෝජිතයන් අනෙක් පාර්ශවයෙන් සහභාගී වේ. ජනාධිපතිතුමා සහභාගී වන්නේ මෙම රැස්වීමටය.

යම් යම් ස්ථානයන්හි සිදුවී ඇති ප්‍රශ්න ගැටළු අක්‍රමිකතාවයන් පිලිබඳව ජනපතිතුමාගේ ප්‍රශ්න කිරීම් වලින් නිලධාරීන් මවිතයට පත්වන අයුරු දැකීම ස්වර්ණවාහිණී වැනි මාධ්‍යන්ට මාරම නිව්ස් එකකි. සමහර අවස්තා වලදී ප්‍රශ්න කිරීමට අමතරව ජනපතිතුමා නිලධාරීන්ට පොඩිපහේ "තගක්" දමන අයුරුද දකින "හුදී ජනතාව" සාධුකාර දෙන්නේ නැතිවා පමණය. "ලොක්ක ඇවිල්ල ඇහුවෙ මාර ප්‍රශ්න ටිකක්නේ..... බලන්න එතුමා අහවල් ගමේ කොන්ක්‍රීට් පාර ගැන ඇහුවම ........ මහත්තයට කට උත්තර නැතිවුනා...." වැනි කතා මෙහිදී සුලභය.

ශීර්ෂයෙන් සිටගනු වෙනුවට දෙපයින් සිටගෙන ප්‍රශ්නය දෙස බැලුවහොත් මෙහි ඇත්තේ කුමක්ද? එක්පසෙකින් රටේ ආර්ථිකය බින්දුවට වැටී ඇති අතර ඇමතිවරු තමන්ගේ කාර්යන් නිසි පරිදි ඉටු නොකරන වටපිටාවක් තුල අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලිබල, වෙළඳ-පාරිභෝගික.... ආදී අමාත්‍යාංශ බරපතළ අර්බුද වල ගිලී පවතී. මේ, තම අමාත්‍යාංශයේ වගකීම් හඳුනා නොගත් ඇමතිවරුන් රටේ ස්වෛරීත්වය වැනි අනෙකුත් ප්‍රශ්න ගැන සංවේදී වන වටපිටාවකි. ඔවුන් තම රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන බව, ජනාධිපතිතුමාට මෙවැනි සිල්ලර රැස්වීම් වලට සහභාගී වීමට සිදුවීමෙන්ම පැහැදිලිවේ.
අනෙක් පැත්තෙන් රජයේ සේවකයාගේ සිට මහජන නියෝජනයේ ඉහලම පුරුක් දක්වා සිදුකරන දූෂණයන්ට එරෙහිව පියවර ගැනීමට තරම් ශක්තිමත් නීති පද්ධතියක අඩුපාඩුව පවතී. මේ පිළිබඳව වගකිව යුත්තන් සිටින්නේ නෑසු කන් ඇතිවය. ජනාධිපතිතුමා රැස්වීමට සහභාගී වන්නේ මෙවැනි වටපිටාවක් තුලය.

ඉන්පසු කතාකලයුතු වැදගත්ම අංශය වන්නේ මෙම රැස්වීම් වලදී සියයට අනූවකම අවධානය යොමුවන, ජනාධිපතිතුමාගේද ප්‍රශ්න වලට මුල්වන "සංවර්ධන ව්‍යාපෘති" හෙවත් සියල්ලන්ම දන්නා කියන භාෂාවෙන් කිවහොත් "කොන්ත්‍රාත්" පිළිබඳවය. ගමේ පාරට දමන කුඩා බෝක්කුවේ සිට සියළු කොන්ත්‍රාත් පිරිනැමෙන්නේ දේශපාලන ආශීර්වාදයෙනි. කොටින්ම ඡන්දයේදී උදව් කල සහ ඡන්දයෙන් පැරදුන හෝ ජයගත් දේශපාලන හෙන්චයියන්ටය. එහෙත් අදාල කටයුතු පිලිබඳ අධීක්ෂණය කලයුත්තේ-අවසාන තීරණ ගතයුත්තේ- රජයේ නිලධාරීන්ය. ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරදමා රාජ්‍ය සේවකයාගේ කොඳුනාරටිය බිඳදමා ඇති මෙවන් වකවානුවක දේශපාලන බලය අත දරාගත් හෙන්චයියන්ට විරුද්ධව නීතියෙන් කටයුතු කරන නිලධාරීන්ට ලැබෙන්නේ දඬුවම් මාරුවීම්ය, මැර තර්ජනයන්ය. ජනාධිපතිතුමා සහභාගී වන්නේ මෙහෙව් රැස්වීමකටය.

සටහන අවසන් කිරීමට මත්තෙන් මාතෘකාවට අදාල කතාවක් සඳහන් කරනු කැමැත්තෙමි.
ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එක්තරා ආයතනයකට දුරකථන ඇමතුමක් ගන්නා ලෙස ප්‍රේමදාස ජනාධිපතිතුමා වරක් තම ලේකම් වරයෙකුට (ඔහුගේ නම සිල්වා යයි සිතමු) නියෝග කරන ලදී. ලේකම්වරයා ඉතා වගකිවයුතු අයෙක් වූ අතර ජනපතිගේ සමීපතමයෙක් විය. ඔහු ක්ෂණිකව රිසීවරය ගෙන "මතකයෙන්" අදාල අංකය ගසා ඇමතුම ගෙන ජනාධිපතිවරයාට දුන්නේය. ඇමතුමෙන් පසුව හිස දෙසට දබරැඟිල්ල යොමුකල ප්‍රේමදාස ජනාධිපතිවරයා පැවසුවේ "සිල්වා මේක තියෙන්නෙ ඔයවගේ නොවැදගත් දේවල් මතක තියාගන්න නෙවේ" යන්නය.


ඉංජිනේරුවා පෙදරේරුවාගේ කාර්ය නොකල යුතුවාක් මෙන්ම, ජනාධිපතිතුමා කලයුතු වන්නේ තමා "බිම් මට්ටමටම බසින" නායකයකු බව පෙන්වීමට මෙවන් රැස්වීම්වලට කඩාපැන සිල්ලර ගනයේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොව සියළු අකටයුතුකම් නවත්වාලීමට ක්‍රමවේදයක් සැකසීමය. එවිට ජනප්‍රසාදය නිරායාසයෙන්ම ලැබෙනු ඇත.


48 comments:

  1. දැන් බිම්මට්ටම් තම්මැට්ටං වී ඇත..
    නියම කතාව රාජ් අයියා..
    ඇඩ් එක විතරයි..

    ReplyDelete
  2. ඕක තමයි අපේ රටේ මෝඩයින්ට ඕන දේ රාජ්.. ලෙඩාගේ හැටියට බෙහෙත් ලෙඩේ හැටියට නෙවෙයි..

    ReplyDelete
  3. විකාරද රාජ්...

    ඡන්දයක් අත ලග... සදලු තලෙන් බැහැලා..රගන්නෝනි ජනතාව අතරට බැහැලා..

    ReplyDelete
  4. ඇත්ත කතාව...ඒත් මොනව කරන්නද හරි පාලක්යෙක් එනකං බලං ඉන්නව හැර...

    ReplyDelete
  5. ෆොන්සේකා ආවා නම් ඉතිං මොන මැට්ටමක්වත් නෑ, ඔලුවට පිස්තෝලේ තිබ්බා, වැඩේ කෙරෙව්වා

    ReplyDelete
  6. කව්රු ආවාත් ඔච්චර තමයි .රටට කලින් උන හැදෙන එකනේ උන්ගේ තියරිය

    ReplyDelete
  7. ලොක්කා අංකූරෙකි. මිරිකිය යුත්තේ කොයි පැත්තේ එකද යන් ඔහු හොදින් දනියි. ගැලරියේ විසිල් එක වදින වැඩ කරන්නේ ඒ නිසාය. මාරම කතාව නම් ඒ හැම මගුලක්ම දන්නා ලොක්කා අධ්‍යාපනේ අවුල දන්නේ නැත. බැංකු ‍ලොක්කා බංකොලොත් බැංකු එක්ක කෙළින සූදු දන්නේ නැ. ඇමතිවරැ කෙළින පිස්සු දන්නේද නැත.
    අධ්‍යාපනේ, ආර්ථිකේ වගේද රාජ් පාලම් බෝක්කු.... (පාලම් කොක්කුට නම් ලොක්කකේ කතා මාර ආතල්)

    ReplyDelete
    Replies
    1. මිරිකිය යුත්තේ කොයි පැත්තේ එකද යන් ඔහු හොදින් දනියි.

      ඒක හරියට හරි.

      Delete
    2. අනිත් වැඩ කෙසේ වෙතත් බැංකු නම් බංකොලොත් වී නැත සහොදරයා සිදුවූයේ දෙශපාලන වචන හරඹයක් පමණී සහ බලල්ලු ලවා කොස් ඇට බැවීමකි

      Delete
  8. "මේක" තියෙන්නෙ පුකේ නම් මොකෑ කොරන්නෙ?
    "මේක" පුකේ තියෙන එකා මහපුටුවෙ. රටවැස්සොන්ගෙත් "මේක" පුකේ.
    ඕකට තමයි "පුකට-පුක" කියන්නෙ.
    මහා එකාගෙ පුතන්ඩියගේ "මේක" ටොයිලට් යනකොට ෆ්ලශ් වෙලා!
    එහෙන් තෙල්, මෙහෙන් ඉසැඩ් ඉස්කෝර්, අරහෙන් බැංකු බංකොලොත්- ඉතිං පුක කකහා ඉඳපල්ලා!

    ReplyDelete
    Replies
    1. අර්ථාන්විතයි.

      Delete
    2. අනිත් වැඩ කෙසේ වෙතත් බැංකු නම් බංකොලොත් වී නැත සහොදරයා සිදුවූයේ දෙශපාලන වචන හරඹයක් පමණී සහ බලල්ලු ලවා කොස් ඇට බැවීමකි

      Delete
  9. මේක නම් සහතික ඇත්ත රාජ්... මාත් හැමතිස්සෙම හිතනවා මේ මනුස්සයා සෙනග අස්සට පැනලා ළමයෙක් වඩා ගත්තම වටේ ඉන්න අම්මලා ටික ළමයි දෙන්න දගලන්නේ හරියට .......... නොකියා ඉන්නම්කෝ..... මේකත් මේ ඒ වගේ වැඩක් තමයි... නයකයෙක් හැටියට සාමාන්‍ය ජනතාව අතරට එන්න ඕනේ.... ඒත් මේවා හරියට පන්ති කාමරේට ප්‍රින්සිපල් කඩං පනිනවා වගේනේ.... මුන් ඊට පස්සේ මාස ගානක් ඕවා කියෝනවා මිසක් අපිට වැඩක් කර ගන්න හම්බුවෙන් නෑ....

    හැබැයි ඉතිං අධිවේගී මාර්ගයේ ලොක්කා තනියෙන් වාහනේ එලවන් ගියා කියන එක දවස් දෙකක් තුනක් යනකම් ප්‍රධාන ප්‍රවෘත්තිය වෙලා තිබුන වෙලාවේ මට හිතුනේ අපේ රටේ මාධ්‍යයි CNN BBC වලයි එච්චර වෙනසක් නෑ කියලයි....

    ReplyDelete
    Replies
    1. ඕක සමාජමය අවුලක්. ළමයෙක් වඩාගැනිල්ල රට පාලනයට සුදුසුකමක් කියල හිතන උදවිය ඉන්නකල් මේවගේ සංදචර්ශන තියේවි.

      Delete
  10. අපේ දේශපාලඥයින්ගේ දේශපාලන පරිණත භාවය ගැන කවර කතාද! කවුරු මොනවා කිව්වත් ජේ.ආර්. ලොක්කා තරම් ගේම දන්න දෙශපාලඥයෙක් ඊට පස්සේ ආවේ නෑ. විජේතුංග උන්නැහෙත් හිටපු කෙටි කාලයේ හොඳ තීරණ ගත්ත කෙනෙක්. උන්නහේ ඉන්න කාලේ මටත් නිතරම යන්න උනා උන්නැහේ චෙයාර් කරපු කැබිනට් අනුකාරක කමිටුවකට යන්න. හැම කේස් එකක්ම ඒ වෙලාවෙම තීරණ අරන් ඉවර කරනවා. පස්සේ බලමු කතා ඉතා කලාතුරකින් අහන්න ලැබුනේ.

    ReplyDelete
  11. ජනතාවගෙ ප්‍රශ්න ෙමකලාට විහිළු අපෙ පැත්තටත් අාවා විතුල අජේසිංහ අහන අහන එක මිනිහට ජෝක්

    ReplyDelete
  12. ජන්දේ ලංවෙද්දි තමා ලොක්කටත් ඕවා හොයන්න මතක් වෙන්නේ

    ReplyDelete
  13. //ඔවුන් තම රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන බව, ජනාධිපතිතුමාට මෙවැනි සිල්ලර රැස්වීම් වලට සහභාගී වීමට සිදුවීමෙන්ම පැහැදිලිවේ.//
    කොලේ වහලා ගහන්න ඕනෙ නෑ රාජ් ..ඇයි ජනාධිපතිතුමා බෝධිසත්වයෙක්ද? ඔහු තමන්ගේ පාලන තන්ත්‍රය නිසියාකාරව මෙහෙයවූවා නම් ,,රටට මෙවනි තත්වයක් උදාවන්නේ නැති බව විස්වාසය.

    ReplyDelete
  14. ඒකා ගැන කතා කරලා වැඩක් නෑ. ඔය ඉතින් ඡන්ද ගුණ්ඩුවක් නෙව !

    ReplyDelete
  15. මේක ඡන්දෙයක් එනකොට පටන් ගන්න පෙරහැර ඡන්දෙ ඉව‍ර වෙනකොටම ඉව‍්ර වෙනව
    මැති ඇමතිවරු නිලධාරී හැත්ත බුරුත්තක් ඉදිද්දි රටේ ජනාධිපතිට යන්න වෙලා පාරවල් කොන්ක්‍රීට් ක‍රපුව බලන්න.
    මුන් දන්නෙ නැහැ මාධ්‍ය වලට ඇවිත් ක‍රන්නෙ මුන්ගෙම ගොන්කම ප්‍රදර්ශන ක‍රන එක කියල

    ReplyDelete
  16. ඇත්තටම මම මේ සිදුවීමෙ වැරැද්දක් දකින්නෙ නෑ...ඒත් ජනාධිපතිතුමා ඔහොම වටේ ගිහිං විසඳපු එක ප්‍රශ්ණයක් වත් පේන්න නැති එක තමයි අවුල...
    පේමදාස ජනාධිපති තුමා ප්‍රශ්ණයක් අහල ගත්තෙ ආතල් එකක් නෙමයි...එතුමා වහා ක්‍රියාත්මක වෙලා ඒ ගැන කටයුතු කලා...
    වැඩ කරන්න බැරි හැත්ත පන්නල දැම්මා.. මෙතන කවුරුත් අයින් කරන්නෙවත් නෑ...කිසිම දේකට නිවැරදි විසඳුම් දෙන්නෙත් නෑ.. මේක ඇවිල්ල නාට්ටියක් විතරයි...

    කවුරුහරි එක මහත්තයෙක් ඉන්නවනං මට කියන්න ඔය දිස්ත්‍රික් කමිටු වලින් පස්සෙ සාර්ථක ලෙස ජනාධිපතිතුමා විසඳපු එක ප්‍රශ්ණයක්?

    ReplyDelete
    Replies
    1. //පේමදාස ජනාධිපති තුමා ප්‍රශ්ණයක් අහල ගත්තෙ ආතල් එකක් නෙමයි//
      කවුද කිව්වෙ ආතල් එකක් ගත්ත කියල? උන්නැහේ කිව්වෙ ඒවගේ වැදගත් තනතුරක් දරන කෙනෙකුගෙ මොලේ, ෆෝන් නම්බර් එකක් මතක තබාගැනීම වගේ සිල්ලර කාරණාවකට පාවිච්චි කිරීම අපරාධයක් කියනඑකයි.
      මේ විදියෙන් ප්‍රශ්න විසඳන්න බෑ කියනඑක තමයි මාත් කියන්නෙ. සම්බන්ධීකරණයට යන්න ඕන ඊට ගැලාපන මට්ටමේ මිනිස්සු. කේක් කෑල්ලක් කපන්න මන්න පිහියක් ගන්නව වගේ වැඩක් මේක.

      සාර්ථක ලෙස ජනාධිපතිතුමා විසඳපු එක ප්‍රශ්ණයක්?
      මිනිස්සු දන්නව ලොක්ක එනවනං එන්නෙ එකපාරයි කියල. ප්‍රශ්න විස‍ෙඳෙන්නෙ කොහොමෙයි?

      Delete
    2. රාජ් මෙහෙම දෙයක් තියෙනවා . ඔය කථාව කිව්වේ ප්‍රේම දාස මහත්තයා‍නෙමේ. ජේ. ආර් මහත්තයා.
      කිව්වේ එතුමාගේ පුද්ගලික ලේකම් මැණික්දිවෙල මහත්තයාට. මම දෙර නම්බරේවත මතකේ තියා ගන්නේ නැහැ. ඕන වෙලාවට දින පොත බලලා ගන්නවා කියලා.
      ප්‍රේම දාස මහත්තයා‍ගේ කථා කියනවාවානම් එතුමා ඉන්න කොට කොළඹ ප්‍රාදේශිය ලේකම් හිටියේ ආසෝක කොළඹගේ මහත්තයා. දවසක් ජනාධිපති කෝ ල් කරලා කතා කරන නකාට ඇහුවලු ඇයි කොළඹගේ නැගිටගෙන කථාකරන්නේ කියලා.
      1989 විතර ලොකු ගංවතුරක් ආවා රත්නපුරයට. දේශපාලන විරුද්ධවාදියෝ කිව්වේ හේමා ප්‍රේමදාස පත්තිරිප්පුවට නැග්ග හින්දා කියලා ගංවතුර ආවේ.
      ගත්තා දුරකථන ඇමතුමක් කළුතර දිසාපතිට . මම නිවැරදි නම් ඇන්ඩෘ ද සිල්වා. (කැත ගෑනුන්ගේ මනමාලයා)
      ප්‍රේම දාස මහත්තයා‍- දිසාපතිතුමා. රත්නපුරයට ගංවතුර නේද?
      දිසාපති- ඔව් සර්
      ප්‍රේම දාස මහත්තයා‍- දැං කළුතර ගංවතුරට මොකද? ලැස්තිවෙලාද ඉන්නේ?
      දිසාපති- තාම මෙහාට ගංවතුර නැහැ සර්.
      ප්‍රේම දාස මහත්තයා‍- ඇයි කළු ගග බහින්නේ කළුතරින් නෙමේද?

      Delete
  17. ළොක්කා පොරක්ද කියලා බලාගන්න. කැබිනට් රැස්වීම පෙන්නුවනම් තමා වටින්නේ. නමුත් මෙතනත් එක හොඳ දෙයක් වෙනවා. රටම ඉස්සරහ කිච වෙන නිසා වැඩ නොකරන එකත් වැඩ කරනවා. දැක්කා නේද ර වැඩිහිටි නිවාස කේස් එක. අනික ලොක්කා මේ අරගෙන එන්නේ පොරට එන පෙත්සම්.

    ReplyDelete
  18. චන්දේ ලං වෙන්න ලං වෙන්න තව තව එව්වා බලාගත්තැකී..පොඩි උන් වඩා ගන්නවා, ඉඹිනවා...අරවා මේවා....අපි ඉතින් දායක සභාවේ ඇත්තොනේ...බලාගෙන ඉන්න තියෙන්නේ.....

    ReplyDelete
  19. මේවා හරියට පුම්බපු බැලුං බෝල වගේ... ඇතුළේ කිසිම දෙයක් නැති. හැබැයි ඉතින් බහුතර ජනතාවගේ රසයත් මේකම තමයි ඉතින්. මක් කොරන්නද ඒකට.

    ReplyDelete
  20. සමාව අවසර
    ඔයිට වැඩිය දේවල් හොයන්න ලංකාවේ නෑනේ.. ඒකයි මහතුනේ

    ReplyDelete
  21. නාට්‍යක තවත් එක් ජවනිකාවක්. තමන්ගේ කැබිනට් එකේ ඉන්න වුන්ගේ දුෂණ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ. බලේ අඩුවෙනවට කිසි කෙනෙකුට එරෙහිවෙන්නේ නැහැ..

    ReplyDelete
  22. මටත් ඕක නිතර හිතෙන දෙයක් මචං. ඔය සුළු සේවක ප්‍රශ්නයකදි උනත් එයාලගෙ පළමු ඉල්ලීම කෙලින්ම ජනාධිපති සමඟ සාකච්ඡාවක්. ඇත්තෙන්ම ඒ වගේ ප්‍රශ්නයකට විෂයභාර ඇමති සමඟවත් සාකච්ඡාවක් අවශ්‍ය නෑ. එය සමාන්‍යයෙන් අදාල ආයතනයෙ ඉහළ නිලධාරියෙක් සමඟ සාකච්ඡා කර විසඳිය හැකි දෙයක්. කොටින්ම ඕනම ප්‍රශ්නෙක අවසන් විසඳුම විය යුත්තෙ ජනාධිපතිවරය සමඟ සාකච්ඡා කිරීම, ඒත් අද හැම මඟුලම ජනාධිපතිවරය නැත්නම් කෙරෙන්නෙ නෑ. මගේ හිතේ රටේ බහුතර මතයක් ඇතිවෙල/ ඇතිකරල තියෙනව ජනාධිපතිවරය මැදිහත් වුනොත් විතරයි ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නෙ කියල. ඇමති අඩි පොළොවෙ හප්පල ගිරිය පුප්පල කියනව ඒක කීයටවත් කරන්න බෑ කියල. කොහොමද ජනාධිපති එක කෝල් එකෙන් පට ගාල වැඩේ කරනව. එතුම දක්‍ෂයි.

    ඒක නෙවි බං. ඔය දන්න කියන නිතර දකින කෂ්ටිය එකතුවෙල ෂෝටීස් කාල විසිරිල යනව වගේද ජනාධිපතිතුමා ආවහම. කොච්චර ගරු ගාම්භිරද? හැමෝටම නිකන්ම වැදගත් කමක් ආරූඪ වෙනව නෙව. කොහොමද අපි ජනාධිපතිතුමා එක්ක එක මේසෙට ඉඳගෙන කතාකරේ කිව්වම. අනෙක වේලි වේලි ඉන්න මාධ්‍යවලට නිව්ස් සප්ලයි කරන එක. එතුම ඒ කරගන්න පිනම මදිද. උඹලට තේරෙන්නෙ නෑ. මක්කද මේ කතා.

    ReplyDelete
  23. ලංකාවේ මිනිස්සුන්ට තමන් කවුද කියන එක අමතක වෙනවා හරියට.

    ReplyDelete
  24. තමන්ගේ තත්ත්වේ තියාගෙන බලය නිසි විදියට යොදවලයි ඕව කරන්න ඕනේ...

    ReplyDelete
  25. සිල්ලර ගනයේ මාධ්‍ය සංදර්ශන වලට "එයා" හැබෑ දක්ෂයෙක් නොවෑ :)

    ReplyDelete
  26. ජනාධිපති ඕවට යන එක නං පඩ ෂෝ එකක්. ඇත්තටම එයා ඕවට ගියත් නැතත් මහ වෙනසක් වෙන්නෙ නෑ.

    ඔය සංවර්ධන ව්‍යාපෟති කියන ඒවට දේශපාලන අධිකාරිය කියන වාහෙල නොගෑවී උන්නනං මීට වඩා සීයට පනහක ප්‍රගතියක් ලබන්න තිබුණා. මේ කරන්නනෙ බිලියන ගණනක මහා නාස්තියක්.

    ReplyDelete
  27. රාජ් සැර වැඩිද මන්දා.

    ReplyDelete
  28. රාජ්, මම දිස්ත්‍රික්ක දෙකක ඔය දිස්ත්‍රික් කමිටු රැස්වීම් වලට සහභාගී වෙලා තියනවා. අනුරාධපුර දිස්ත්රික්කෙයි, පුත්තලම දිස්ත්රික්කෙයි. 2002 - 2007 කාලයේදී. එතන තරම් විනෝද ජනක තැනක් මටනම් තවත් නැහැ. ඒ තරම් ගොන්පාට් තියෙන්නේ. රාජ්‍ය සේවගේ හෙළුව බලන්න නියම තැනක්. දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණයක් නැහැ. හමුදාවේ අපි ළඟ තියන අලුත්ම තොරතුරු කිසිම දෙපාර්තමේන්තු ප්‍රධානියකු ළඟ නැහැ. උදාහරණ:- අධ්‍යාපන අධ්‍යක්ෂ ළඟ නැහැ එක් එක් විෂයයට අදාළ නිවැරදි ශිෂ්‍ය සංඛ්‍යාව, ගුරුවරු සංඛ්‍යාව, ගුරු හිගය. විදුලිබල අධිකාරි ළඟ නැහැ ට්‍රාන්ස්ෆෝමර් සංඛ්‍යාව, වාරිමාර්ග ඉංජිනේරුවා අතේ නැහැ කැඩුණු වැව් බැමිවල විස්තර. මන්තිරියෝ කියන එවුන් මොකොවත්ම දන්නේ නැහැ, උන්ගේ කොන්ත්‍රාත් වැඩ හැර. දිස්ත්‍රික් ලේකම්ට කතා කරන්න දෙන්නේ නැහැ ඇත්ත කියන නිසා. අපිට ජාතිදාන්න එන්නේ නැහැ බෙල්ල ගියත්. (පොලීසියේ බෙල්ල යැව්වට හමුදාවේ බෙල්ල යවන්න බැරි බව ඔය අම්බරුවෝ දන්නවා)උදේ 9 ඉඳං හවස දෙක වෙනකල් බොරු කයිවාරු ගහනවා. හොඳ හොටලෙකට ගිහින් බීලා කෑම කනවා, ලොකු බිලක්‌ ගෙවනවා. ඊළඟ වතාවේ කමිටුව රස්වෙනකොටත් අර ප්‍රශ්න එතනමයි. යුද්ධය වෙනුවෙන් කැප කරන්න තිබුන කාලය මේ ගොන්පාට් වලට වැයවීම ගැන බැන බැන අපි ආපහු එනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  29. කොයි කෙනා ආවත් කාලයක් යද්දී ඔය ටික තමා ඔය දේශපාලනය කරන එකෙක් වත් අපිට ආදරේ නෑ,උන් උන්ගේ වැඩ ටික කරන ගොඩ යනවා.අපිට කවදත් හුළං.දියසේන කුමාරයා ඇවිත් අපිව බේරන් යනකන් උඩ බලන් තව තවත් රැවටී රැවටී ඉන්න තමා තියෙන්නේ

    ReplyDelete
  30. ප්‍රේමදාස මහත්මයගෙ ගැන කියන කතාව මම අහල තියෙන්නෙ වෙන විදියකට (පත්තරේක තිබ්බෙ ),
    දවසක් ජේ. ආර් තමන්ට අවශ්‍ය දුරකතන අංකයක් පොඩි දුරකතන අංක ලියපු පොතකින් බලනකොට එයාගෙ ලඟ හිටපු කෙනෙක් ඇහුවලු ඔබතුමාට නම්බර් එක මතක නැද්ද කියල, එතකොට ජී ආර් කිව්වලු මේ මොලේ තියෙන්නෙ ඔයවගෙ ඒවා මතක තියා ගන්න නෙමෙයි කියල.

    අනේ මන්දා, කතා දෙකම ඇත්තද, දෙකම බොරුද එහෙම නැත්නම් දෙන්නගෙම ගෝල බාලයෝ අපිව කඩේ යවන්න ගොතපු කතාද?
    -ප්‍රසා

    ReplyDelete
  31. අපොයි ඔය තාත්තයි පුතයි...

    ReplyDelete
  32. මේවා නම් ඉතින් අනේ මන්දා රාජ් අයියේ...

    ReplyDelete
  33. සංවර්ධනය කෙසේ වෙතත් කිසිදු ශක්‍යතා අද්‍යනයකින් තොර වර්ධන නම් එමට සිදුවේ

    ReplyDelete
  34. අපේ රටේ ගැටළු විසදීමේ ප්‍රධාන ක්‍රමවේදය 'එන එන හැටියට ගහු උළුවස්සා' ක්‍රමයයි. විය යුත්තේ ඒ ඒ කාර්‍යයන් සදහා සාර්ථක ක්‍රමවේද සකස් කොට ඒවා නිරායාසයෙන් ක්‍රියාත්මක වීමට කටයුතු සැලසීමයි. විගණන කටයුතු සහ අධීක්ෂණ කරයුතු පමණක් ඉහළ නිළධාරීන් ගේ සහ ජනාධිපති වැනි ජාතික දේශපාලන නායකයන්ගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුය.

    හැම මගුලටම හොට දැමීම රාජ්‍යය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේද ඉහළ නිලධාරීන් (බොහෝ විට වැඩ බැරි එවුන්) තම පැවැත්ම තහවුරු කරගැනීම සදහා යොදා ගන්නා සටකපට උපක්‍රමයකි.

    'හැම ගේමටම මම ම බහින්න ඕන, නැත්නම් මුන් අපේ ඔක්කොම අනා ගන්නවා' බජාර් එකේ තම අණසක ප්‍රදර්ශණය කිරීමට ඕනෑ තරම් යොදා ගන්නවා අපි සැවොම අසා ඇත.

    ඔහු අපේ ජනාධිපති තුමාය. මැදමූලන මහින්ද නොවිය යුතුය.

    ReplyDelete
  35. කථාව සහතික ඇත්තය... ඇමති වරැ හැට හුට හමාරකි...එහෙත් සෑම ප්‍ර‍ශ්නයක්ම විසදුම් ලබන්නේ රජ තුමාගෙනි.. හැමදේම මෙසේ වෙනවා නම් මොකටද කෝටි ගාණක් වියදම් කරගෙන, කාර්ය මණ්ඩල, වාහන දීලා ගොං රැළක් ජනතා මුදල් වලින් නඩත්තු කරන්නෙ... ඇමති මණ්ඩලයම විසුරුවලා ලොකු තැන පමණක් තිබ්බා නම් සෑහෙන ගානක් රටට ඉතුරුයි.

    ReplyDelete
  36. අන්තිමට කිව්වා කතාව මම අහලත් තියෙන්නේ ජේ.ආර් සහ ජනාධිපති ලේකම් මැණික්දිවෙල මහත්තයාත් අතර වුණු සිද්ධියක් විදිහට. ප්‍රේමදාසගේ ක්‍රමයෙන් කලින් කෙනෙක් කිව්වා වගේ කළු ගං මෝය ලොකු කරලා ගංවතුර තත්වය පාලනය කිරීම, මාලිගාවිල පිළිමය එසවීම වගේ වැඩ කළා කියලා අහලා තියෙනවා

    ReplyDelete
  37. ලොක්ක බබා.නිකන් බබා නෙවේ තොත්ත බබා..

    ReplyDelete
  38. මේක ලංකාවලුනෙ නේද..

    ReplyDelete
  39. අඩා..කට පොජ්ජ ටිකක් අරාපිය මසුරං පොජ්ජක් දමාලන්ට..!!!

    ReplyDelete
  40. කස්ටියට තේරුම්ගන්න ඕන අයිය මලෝ ටික මුලඉදලම දම්පාට පටි කරේදාගෙන කොස්ටිඋම් ඇදගෙන ලෙහෙසිතිඋනෙ නාට්ටියකටබව

    ReplyDelete