Wednesday, October 10, 2012

අසූචිවංශගේ පහරදීම් විග්‍රහය.

අධිකරණ කොමිසමේ ලේකම්තුමාට පහරදීම පිළිබඳව අපූරු විග්‍රහයක්, විජාතික නිදහස් පෙරමුණේ නායක ගරු අසූචිවංශ මැතිතුමා විසින් කර ඇති බැව් දැනගත් අප එතුමාගේ ජංගම දුරකතන වලින් එකකට ඇමතුමක් ලබාගතිමි.

"හෙලෝ අසූචිවංශ ඇමතිතුමනි, මේ කතා කරන්නෙ රාජ්ගෙ නවාතැනෙන්, මංජුල තිලකරත්න මහත්තයට එල්ලවුනු ප්‍රහාරය ගැන ඔබ දරන මතය කුමක්ද කියල කියන්න පුළුවන්ද?"

"සහෝදරයා..... ආ.... නෑ..... සහෝදරය කිව්වඑක දාන්න එපා මල්ලී....... ආ....... පහරදීම ගැන නේ ඇහුවෙ?"

"ඔව් ඔව් ඇමතිතුමා"

"මේක රජය අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක්"

"ඇයි ඔබතුමා එහෙම කියන්නෙ?"

"බලන්න එතුමා ගිහිල්ල තියෙන්නෙ දුවගෙ ක්‍රීඩා තරගයක් බලන්න. ඉතිං ක්‍රීඩාගාරෙ ඉන්නෙ නැතුව පාරට ආවෙ ඇයි?"

"ඇයි?"

"අන්න ඒකයි කුමන්ත්‍රණේ. එයා එලියට ගිහිල්ල වාහනේට වෙලා හිටියෙ ගුටිකන්න"

"ඒ කියන්නෙ එයාම ප්ලෑන් කරල ගස්සගත්ත?"

"නැතුව! ටී ටුවෙන්ටි බලන්න ලෝකෙම ජනමාධ්‍යවේදීන් ඇවිල්ල ඉන්න වෙලාවක ආණ්ඩුව ඔයවගේ දෙයක් කරයිද කවදාවත්? නෑනේ!"

"ආන්ඩුවෙන් මේවගේ දෙයක් කරන එකක් නෑ කියල හිතයි කියල ආන්ඩුවෙන්ම කලා වෙන්න බැරිද?"

"නෑ නෑ........ මගේ ළමයින්ගෙ ක්‍රීඩා උස්සව වලට ගියාමත් මම ඉන්නෙ ඒව බල බල..... එයා වාහනේට වෙලා ඉන්න ඕන නෑනේ...... දැක්කනේ අර ජනාධිපතිතුමා ටී ටුවෙන්ටි ෆයිනල්එක අගේට බැලුවෙ! මොකෝ එතුමා වාහනේට වෙලා හිටියද නෑනේ...... මුංට ඒවත් උගන්නන්න වෙලා මල්ලී!"

මධ්‍යස්ථව කල්පනා කරල බැලුවොත් කතාව ඇත්ත නේද? ක්‍රීඩා තරගයක් බලන්න ඕන විදිය පවා උගන්නන්න ආණ්ඩුවට සිද්ධවෙච්ච රටක් නේද මේක?

කවුද මේවට වගකියන්න ඕන?


පිංතූරෙ ඉස්සුවෙ සූස්තිගෙන්.

ප.ලි.- යූ ටියුබ් ලින්ක් එකක් දාන්න හිටියෙ. අද උදේ බලනකොට ලංකා රාජ්‍ය ජාලෙ යූටියුබ්-ෆේස්බුක් තහනං කරල.

64 comments:

  1. ඇත්තටම මේක මහ විකාරයක්. කොමිසම ගන්න තීරණ ක්‍රියාත්මක කරන එක ඒකෙ ලේකම් හැටියට ඒ මනුස්සයගෙ රස්සාව. කොමිසමත් එක්ක විසඳගන්න තියෙන ප්‍රශ්න ඒ මනුස්සයට මඩගහල, ශාරීරික හිරිහැරකරල විසඳගන්න උත්සාහකරන එක මහ ගොන්කමක්.
    එක අතකට ඕකෙ සතුටුවෙන්න පුළුවන් දේකුත් තියෙනව, අදාල පුද්ගලයො කොමිසමේ අනිත් සාමාජිකයින්ට දක්වන භය, ඒකනේ වක්‍ර මාර්ගවලින් පනිවිඩ දෙන්නෙ. මම නම් කියන්නෙ මැඩම්ට තව ටිකක් තදට හිටියනම් හරි.

    ReplyDelete
    Replies
    1. තදට හිටියම ගහනවනේ.....

      Delete
    2. CJ ට? මොනව කරත් ඒකනම් කරයි කියල මම හිතන්නෙ නෑ. :)

      Delete
  2. ඇයි ඒකෙ වරද? ආණ්ඩුවකට බැරිද නොමඟ යන කෙනෙක්ට ගහලා හරි හදා ගන්න?

    අන්න එහෙම උතුම් අරමුණු ගැන මෙහෙම බ්ලොග් ලිවීමට මගේ විරෝදය. (අහලා තියනවද හැඳි නොගා හදන හොද්දත් නොගහ හදන ළමයත් වැඩක් නැහැ කියලා.)

    වංශෙ මලයා ඔබට, මට, වසා බුද්ධිමත් අයෙක්. එයා කියනව නම් හරි ඇති.

    ReplyDelete
    Replies
    1. අම්මපා වෙද මහත්තයාගේ කටේ මසුරං දාන්න ඕන ඒ කතාවට! ඇත්ත ඇත්ත ගහල හරි, මරල හරි මිනිස්සුන්ව හදාගන්න එපැයි දේශප්‍රේමී ආණ්ඩුවක් උනාම!

      Delete
    2. අහලා තියනවද හැඳි නොගා හදන හොද්දත් නොගහ හදන ළමයත් වැඩක් නැහැ කියලා.

      :D

      Delete
  3. හරිය‍ට හරි. මැතිතුමා කියන කාරණේ පිළිබද වැඩි අවධානයක් යොමු කළොත් මෙම දඩුවම තිලකරත්න මහතාට තමන්ගේ වැරදි සාදාගැනීමට ලබාදුන් දෙයක් වගේ පේ‍න්නේ. ඇත්තට‍ මොකටද කාර් එකට වෙලා ඉන්නේ. දඩුවම් ලැබිය යුතු වරදවල් තමයි ඒවා.

    ReplyDelete
  4. තිර පිටපත අප්ෂෙට්... සටන් ජවනිකාව පුල් අප්ෂෙට්..

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතිං දුෂ්ටයට වැදුනනේ.

      Delete
  5. කොහොම නමුත් දේශපාලනය පැත්තකින් තියලා ඒ කථාව දිහා බලන්න. එතන එහෙම නොවෙන්න හැකියාවක් නෑ.
    මම කියන්නෙ නෑ මංජුල තිලකරත්න තමන්ටම ගහගත්ත කියලා.( කොහොම උනත් හැමදේම සල්ලි වලට විකිනෙන ලෝකෙ එහෙම නොවෙන්න හැකියාවක් නෑ) හැබැයි ඔය විපක්සෙ ඉන්න සුදු නෙළුම් කට්ටිය එහෙම දෙයක් ප්ලෑන් නොකලා වෙන්න බෑ.
    කොහොමත් ආණ්ඩුවෙන් ඔය වගේ ඇදගෙන නායි කියලා හිතන්න අමාරුයි.
    විමල් වීරවංසට හිනා වෙන අයත අමතකයි මංජුල කාරියවසම් තමන්ට දුන්නු ආරක්සාවත් පාවිච්චි නොකර ඉන්න ගමන් තමන්ට ආරක්සාව මදියි කියල කියන එකටත් හිනා යනව කියන එක.

    ReplyDelete
    Replies
    1. අපි නම් විමල් වීරවංශට හිනාවෙන්නේ නැහැ. එයා දැක්කම අපිට වමනේ යනවා

      Delete
    2. ඒකනේ අපි හිනාවෙන්නෙ නෑ. ලසන්ත එයාව මරවගත්තෙ, සිරස එයාලම ගිණිතියවගත්තෙ, අර සමෘද්ධි නියාමක එයා බැඳගත්ත හැටි රටම දැක්කෙ, මේජර් එයාට ගහගත්තෙ....... තව කොච්චර තියනවද!

      Delete
    3. හිනාවෙන්න නෙවි උබල වගේ ගොං හැත්තක් ඉන්න එක ගැන අඩන්න වෙලා තියෙන්නෙ.
      අපි පිලීසියට එක එක ඒව කිව්වට උබල හිතුවද උන් මොකුත්ම බැරි නිකම්මු කියල.
      පොලීසිය නිවට නපුංසක වැඩ ක‍රන බව ඇත්ත් ඒත් උන් වැඩ බැරි එවුන් නෙවි.
      කොලඹ මේවගේ දෙයක් ක‍රල උන්ගෙන් ගැලවිල ඉන්නව කියන්නෙ ඉතින් අහන්න දෙයක් නැහැ ඒකට කව්ද සම්බන්ද කියල

      Delete
    4. //විමල් වීරවංසට හිනා වෙන අයත අමතකයි මංජුල කාරියවසම් ....//

      මංජුල කාරියවසම්..හෑ ඒ කවුද ඒ....

      උඩ ඇනෝ...විමල් වීරවංශ ඇමතිතුමාම විය නොහැකිද? සාමාන්‍යයෙන් නම් ඇනෝලට වැරදිය නොහැකි නමුත් වි වි ඇමතිතුමාට නිතරම වරදී.

      Delete
    5. :) :) :) මෙව්ව අහල පන පලයං ලබන පෙරේදා.

      Delete
    6. ලංකාව තමන්ගේ වැඩක කටයුතු තමන් විසින්ම කරගන්නා රටකි . මට එරෙහිව මමය !

      Delete
    7. බුවාගේ ඒ කතාව මම පිළිගන්නවා. මොකද ලංකාවෙ පළවෙනි විධායක ජනාධිපතිවරයම අපට පුරුදු කරලා තියෙනවා අපේ ආරක්ෂාව අපිම සලසගන්න ඕනෙ කියන හොද පුරුද්ද .

      Delete
  6. ළමයගෙ තරඟෙ පටන්ගන්නකං වාහනේට ඇවිත් පත්තරේ බැලුව වෙන්ටැ

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනෙ වැරැද්ද! පත්තරේ ගෙදරදි බලල එන්න තිබුනනේ. නැත්තං ගෙදර ගිහිල්ල බලන්න තිබුනනේ.

      Delete
  7. අර මොකක්ද ගහේ නැග්ග මිනිහටත් කියන්න කතාවක් තිබ්බනේ අය්යේ. හොඳම දේ තමයි හැම කෙනාම කියන කතා අහල එකක්වත් විශ්වාස නොකර ඉන එක.
    මොනා උනත් මංජුල තිලකරත්න ගුටි කෑවේ T20 හින්දා කියන එකනම් ෂුවර්!

    ReplyDelete
    Replies
    1. මොනා උනත් මංජුල තිලකරත්න ගුටි කෑවේ T20 හින්දා කියන එකනම් ෂුවර්! :)

      උඹේ බ්ලොගක් තියනවද?

      Delete
    2. සිංහල එකක් නැහැ.

      Delete
  8. මචං අකුරු ජුංඩක් මෙව්ව කරපං පුළුවන් නම්... මොකද මේවා බලනකොට අහල පල එවුන්ට පේන්න හොඳ නෑ බං...

    ReplyDelete
  9. රාජ් ට මෙවර නම් වැරදී ඇති සෙයකි.

    එතුමා කීවේ වෙන පහරදීමක් ගැනය. එනම් අධිකරණ 'අමාත්‍යාංශයේ' ලේකම් ට පහර දීමක් ගැනය. (වීඩියෝවේ විනාඩි 12න් පසු කොටස ). මෙය එතුමා කියන්නා සේ ඉදිරියේ තිරගත කරන්නට තිබෙන චිත්‍රපටියක් පිළිබද රහස් තොරතුරු දිවෙන් ලෙස්සායාමක් ද විය හැකි බැවින්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් තුමියට පෝස්කාඩ් එකක් වත් යැවීම යහපති.

    ඔබ පැවසුවේ මේ වීඩියෝව ගැනද?
    http://www.youtube.com/watch?v=OzqjsqIjpk8

    ReplyDelete
    Replies
    1. හපොයි! උඹ මාව බය කල තරමක්. මම හිතුවෙ අමාත්‍යංශ ලේකම්ටත් ගහල කියල. ඔපීසියෙ යූටියුබ් නැතිනිසා බලන්න විදියක් තිබුනෙත් නෑ. තව පොඩ්ඩෙං පෝස්ටුවත් ඩිලීට් කරනව.

      දැං නං අමාත්‍යංශ ලේකම්ටත් අපලයි වගේ.

      Delete
  10. අන්න ඒක තමා වෙලා තියෙන්නේ.
    මේ කුමන්ත්‍රණය හෙළිදරව් කල අශූචිවංශ මැති තුමාට ජාතියේ ප්‍රණාමය..!!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. අපි එතුමාට කෘතඥ වියයුතු නොවේද!

      Delete
  11. මට මොනවත් මතක නෑ ඕයි.

    ReplyDelete
  12. හැබෑට.... මගේ ටිකිරි මොලේටත් මේක හිතුනා... ඒත් ඕවා කියලා ගුටි කන්න වෙයි කියලා සද්ද වහලා හිටියා.... හි හි....

    ReplyDelete
  13. පව් ෆෝන් එකක්වත් නැති දුප්පත් එවුන් ටිකක්...!
    කාට හරි විකුනුවද දන්නෑ..!

    ReplyDelete
    Replies
    1. හ්ම්. කුඩු කාරයොංගෙ වැඩ.

      Delete
  14. කෝ තාම සැකකාර කුඩ්ඩෝ ටික අහුවුණේ නෑනේ? ආඅ... අජූත රෝහණ මහත්තයා ව කවුදෝ මාරුකරලනේ, ඒක වෙන්ටැ!

    ReplyDelete
    Replies
    1. පොර ජොබ් එක ගැන කළකිරිලලු ඉන්නේ අපායෙදී ලෝදිය ගොඩාක් බොන්න බෑ කියාලයිඋ ඉල්ලන් මාරු වෙලා තියෙන්නේ...

      Delete
    2. අනේ ඒ මහත්තය මාරු කරලද. ලොකු දෙයක්. පව් අසරණය. කොච්චර පව් පුරවගත්තද අනුං වෙනුවෙන්.

      Delete
  15. මට මතක නෑනේ මේ කාගැනද කියන්නේ කියලා.

    ReplyDelete
  16. ලංකා රාජ්‍ය ජාලෙ blogger තහනම් කලා නම් හරි. නැවතිල්ලේ හිතල බලද්දි රාජ් ළමයො මාතලං ගොයිය හොදයිනෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම කලොත් මම මාරාන්තික උපවාසයක් කරනව.

      Delete
  17. හයියෝ වැඩක් නෑ කියලා...අර ටයිගර් වුඩ්ස්ගේ ක‍ටුගේ පිංතුරේ වගේ ඔන්න තව එකක් දාලා....

    ReplyDelete
  18. මං කොටන්න කියල හිතාන ආව එක උඩින් වෙද මහත්තය කොටලනේ ...... හෙනම ඛේද ජනකයි ඈ

    ReplyDelete
  19. සුවර් මේක මම ඉන්න සිරි ලකාවේ උන කතාවක් නම් වෙන්න බැ.......

    ReplyDelete
    Replies
    1. ආශ්චර්යද්වීපයේ කතාවක්.

      Delete
  20. සිරා..

    //ලංකා රාජ්‍ය ජාලෙ යූටියුබ්-ෆේස්බුක් තහනං කරල.// මේක ඇත්තද බං ?? හැම රාජ්‍ය ආයතනයකම බලන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. LGN network තියන තැන්වල බලන්න බෑ. සියළුම ප්‍රාදේශීය/දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ තවත් විවිධ කාර්යාල වලට.

      Delete
  21. .සත්‍ය වශයෙන්ම අපේ රට ඉතිහාසයේ පෙර කිසිදිනක නොවූ විරූ ඛේදජනක තත්වයකට ඇද වැටෙමින් තිබේ. මෙවනි පහරදීම් කිනම් පාර්ශවයකින් සිදු කර ඇතත් හෙළිදරව්වන්නේ අපේ දේශපාලකයන් පල්ලම් බැස ඇති තත්වයයි. අනාගතයේ අපේ දරුවන්ට ජීවත් වීමට සිදුවන ලංකාවේ ස්වභාවය පිළිබදව චිත්‍රයක් මවා ගැනීම අපහසු නැත.

    ReplyDelete
    Replies
    1. අපි යුද්දයක් එක්ක අවුරුදු ගානක් ජීවිත්වූ සමාජයට වඩා භයානක සමාජයක අපේ දරුවන්ව අතරමං කරල අපිට කවද හරි යන්ට වෙන්නෙ. ඒක දුකට කාරණයක්. එස් බී ලොක්කා පාගමන් ගියපු අයගෙ ෆොටෝ කෑලි තියාන ඉන්නවලු. රාජ්‍ය ආරස්සාවට කියලා.

      Delete
    2. මෙවනි පහරදීම් කිනම් පාර්ශවයකින් සිදු කර ඇතත් හෙළිදරව්වන්නේ අපේ දේශපාලකයන් පල්ලම් බැස ඇති තත්වයයි.

      හරියට හරි.

      Delete
  22. මේ ගොනා ගැන කථා කරන්න වැය කරන බ්ලොග් පිටුවත් අපරාදෙ.... කටුකන ගෙරි බල්ලෙක් ඕකා.... ඇමරිකාවෙ ප්ලග් එක අධෝමුඛයේ ගහගත්ත.... ලගකදි ඇතිවෙන්න කෑවා කඩුවෙල බුද්ධදාස ගෙන්...

    ReplyDelete
    Replies
    1. සිරා අයියා හරිය...වඩාත් නිවැරැදිව කිව්වොත් 'කෑවා' පමණක් නොව, කමින්ද පවතී. ඉදිරියටත් එසේම වේවි. පුදුමය නම් කොලඹ වැඩිම මනාප ගත වි වි යාව ගමේ හරක් හොරා වන බුද්ධයා පඩේකටවත් මායිම් නොකිරීමයි.

      Delete
  23. සිරා... මරු සිරා වෙලා මෙන්න.

    ReplyDelete
  24. මුනා කියන්ටද මේ මං???

    ReplyDelete
  25. පට්ට....ඈ....

    වැරදි කරන මිනිස්සු නිදහස්, අන්තිමට ගස් යන්නේ වැරදි කරපු මිනිස්සුන්ගේ ප්‍රවෘති බලන අපි. අකමැත්තෙන් හරි ජෝකර්ට ඇඳගන්න වෙලා අපිට. ("මං මෙතන මොකක් හරි කමෙන්ට් කලද ? මට මතක නෑනේ")

    ReplyDelete
  26. ඔව් මුන්ට ගහලා හරි හදන්න ඕන.

    ReplyDelete
  27. MOKADA GUTI OONE WELADA?

    ReplyDelete
  28. හත්දෙයියනේ වේච්චි දෙයක්...

    ReplyDelete
  29. මැච් බලන විදිහ රජයෙන් අහගන්න ක්ලාස් නැද්ද?

    ReplyDelete
  30. තමන් විසින් තමන් ගස් බැඳගන්න තමන්ටම මරණාසන්න තත්වයට පත්වෙනකම් ගුටි ගහගන්න මිනිස්සු ඉන්න රටක් අනේ..වාසනාවන්.

    ReplyDelete
  31. අර උදේ දාපු හිට් කවුන්ටර් සීන් එක අයින් කරලා වගේ. මමත් උදේ දැක්ක ගමන් මගේ හිට් කවුන්ටර් එක 27යි. ඒ ගමන මම මේකේ ඉන්න හොඳ හිට්ස් තියෙන දෙක තුනකට ගිහින් බැලුවා. කතන්දරගේ හිට්ස් වලට මොනවත් වෙලා නෑ, සඳරු මලයගේත් මුල ඉඳන් පටන් අරන්. මට ටික වේලාවකදී තේරුනා මේක ගුගල් වල අප්සෙට් එකක් කියල. කියන්න බෑනේ අපේ මේ වීරෝදාර ඇමති ගොල්ල ලංකාවේ සර්වර් එකට පරහර දීලද කියල. :D.

    ReplyDelete