Wednesday, October 3, 2012

මිත්‍රයෙකුගේ සමුගැනීම.

මගේ නවාතැනට යන එන උදවියට රවි අයිය කව්ද කියල කියන්න ඕන නෑනේ. මේ අඩවියෙ වැඩිම කතාන්දර ගනනකට ප්‍රධාන චරිතය උනේ මෑන් තමා. කතන්දර වලින් මිදිල මේ හදන්නෙ රවි අයිය ගැන කියන්න.

සමාජයේදී අපිට මුනගැහෙන මිනිස්සු අතරින් රවි අයිය කියන්නෙ විශේෂ සහ අමතක නොවන පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් බොහෝ දේවල් එච්චර ගනන් නොගන්න මෙයා කිසිම දෙයක් පාලනයක් ඇතුව කරන කෙනෙක් නෙවේ. ඒවායේ හොඳ-නරක දෙකම එයාට ලැබෙනව. සාමාන්‍යයෙන් රවි අයිය ඉන්න තැන කිසිම කම්මැලිකමක් නෑ. මොනවහරි කියනව. ගමේ තියන මළගෙවල් මගුල්ගෙවල් දාන-පිරිත්-බන ගෙවල් එකක්වත් රවි අයියගෙන් මිස් වෙන්නෙ නෑ. සමහර වෙලාවට දවස් දෙකක් තුනක් නිවාඩු ගන්නව. හේතුව ඇහුවම මළගෙයක්! ගෙදර මිනිස්සුන්ටත් නැති උවමනාවක් තමයි ඒ වැඩවලදි රවි අයියට තියෙන්නෙ.

රවි අයිය ජේවීපී කාරය කියල මම කලින් කියල තියනවනේ. ඔන්න දවසක් එයා නාමල් රාජපක්ෂ මැතිතුමාගෙ අනුග්‍රහයෙන් පවත්වපු තොරණක් බලන්න ගියා. තොරණෙ කවි කියන මනුස්සයට රුපියල් 100ක් දීපු රවි අයිය මෙහෙම කියනව,

"අයියේ සෝමවංශ අමරසිංහ අයියට දීර්ඝායුෂ පතා කවියක් කියන්න"

කවි කියන මනුස්සයට සෝමවංශ කවුද කියල තේරුනේ නෑ. එයා කවිය කිව්ව. ඊට පස්සෙ ආයෙත් රුපියල් 100ක් දීල කියනව

"අයියේ ජනතා විමුක්ති පෙරමුණට සෙත්පතල කවියක් කියන්න" ඕන්න එතකොටයි කවියට වැඩේ තේරුනේ.

"අනේ මල්ලී ඒකනං කරන්න බෑ........ දන්නවනේ මොකද කියල!"

"හරි! එහෙනං ටිල්වින් අයියට සුබපතල කවියක් කියන්න" යන්තං ඒ වැඩේ නං කෙරුනා.

මේ පෝස්ටුව ලියන්න හේතුවුනේ රවි අයිය ඔපීසියෙන් ගියා කියන්න. මොනව කලත් රවි අයිය කියන්නෙ සුපිරි මීටරයක්. ඔය ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි වගේ අපේ තියන බරපතළ පොත් එයාට කටපාඩම්. ඒ නිසාම ලඟදි ලියපු විභාගයකින් පාස්වෙලා පරිපාලන නිලධාරියෙක් විදියට අපේ ඔපීසියෙන් වෙන ඔපීසියකට ගියා. එයාට සුභපතන්නත් ජීවත්ව සිටියදීම කරන අගය කිරීමක් වශයෙනුත් තමයි මේ පෝස්ටුව ලිව්වෙ. රවි අයියට තිබුන සති දෙකක පුහුණුවක් කොළඹ. දවසක් දවල් 12ට 1ට විතර මම කතා කලා. අපේ සංවාදයේ කොටසක් මෙහෙමයි.

රවි අයිය : කෑම කාල පොඩ්ඩක් පාරට ආව බං දුමක් දාන්න. බුලත්විට කන්නත් බෑනේ.

මම : ☻

......................................................
......................................................

රවි අයිය : මේ මල්ලී, දැං ටිකකට කලිං ස්කූටියකින් ආපු කෑල්ලක් මගෙන් මොකක්ද තැනකට යන්නෙ කොහොමද කියල ඇහුව බං. ඉංග්‍රීසියෙන් ඇහුවෙ, මටත් තේරුනේ නෑ, මම ඉස්සරහ තියන බිල්ඩිමකට අත දික්කරල පෙන්නුව. ඔන්න දැන් ඒකි එනව මම පොඩ්ඩක් කවර් වෙලා ඉන්නං.

ප.ලි.- යාළුවෙකුගෙ බ්ලොග්එකක් තියනව. නම ප්‍රභා සෙවනැලි. කවි බ්ලොගයක්. ලඟදි පටන් ගත්තෙ. සින්ඩි ගැන මේ ගෑල්ලමය දන්නෙ නෑ. පොඩ්ඩක් ගිහිල්ල සප් එකක් දෙන්න. මාතලන් වගේ සින්ඩි අධිපතියන්ට පුළුවන් සිංඩියට දාගන්න.

පව්කාරයා කියන්නෙ මගේ හිතට අල්ලල ගිය තවත් බ්ලොගයක්. ඒකත් බලන්න කැමති උදවිය.

ප.ප.ලි.- ඔපීසියෙ තියන ඩියුටිත් එක්ක එච්චර බ්ලොග් කියවන්න වෙන්නෙ නෑ. සොරි වේවා.

72 comments:

  1. හොද බ්ලොග් වලට ප්‍රචාරය ලබා දෙන එක නම් ලොකු දෙයක්!!!!!

    ReplyDelete
  2. අනුන්ගෙ මලගෙවල් වලට දවස් ගනන් නිවාඩු දානව :O

    සිරා ඩයල් එකක් වෙන්ටැති මයෙ හිතේ...

    ReplyDelete
  3. රවි අයියා වගේ කට්ටිය එක්ක ඉන්න කොට පුදුම සුන්දරයි. ටිකක් භයානකයි. කොහෙන් කන්න වෙයිද දන්නේ නෑනෙ. කොහොම වුනත් රාජ් ගේ බ්ලොග් එක සරසන්න රවි අයියා දුන්න සප් එක නිසාම, මෙන්න මගෙනුත් සුභ පැතුම්!

    රාජ් කියනවනම් අනිත් බ්ලොග් පැත්තේ නොගිහින් කොහොමෙයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ. ඒපැත්තෙත් ගිහිල්ල බලන්න.

      Delete
  4. යන්තං ඇති. පුවරුවට කොටල තියෙන්නේ. රවි අයියා‍ට සුභ පැතුම්. රාජ් මල්ලීටත් රවි අයියා වගේ යකෙක් ආයෙත් හම්බවේවා කියා පතනවා. අපේ ජයග්‍රාහි පැට්රියට් මල්ලි කිව්වා වගේ රාජ් කිට්වහ අර බ්ලෝග ටික නොබල කොහොමෙයි..ජය

    ReplyDelete
    Replies
    1. ආ.... මම දැක්ක. ඕං ලිව්ව. තව මාසයක් විතර යනකොට ලියන්න පුළුවන් වේවි. බොහොම ස්තුතියි හෙවිල්ලට.

      Delete
  5. ඒත් බැලුවා මොකද පේන්න නැත්තේ කියලා ..මට නම් තාමත් හරියට රවි අයියා ගැන රාජ්ගෙ පෝස්ටු කියවන්න ලැබුනෙ නෑ. ඒ වගේම අලුත් බ්ලොග් අඩවි වලට රාජ් ගේ සහයෝගය ඉතාමත් වටිනවා. මටත් රාජ්ගේ සහයෝගය උපරිමෙන්ම ලැබුණා. ඒකට නොවක් තුති. ඒත් මම නවතැන කියව්න්නේ නම් රාජ් මගේ බ්ලොග් එක කියව්න්න බෝහොම කලින්. ජය.............

    ReplyDelete
    Replies
    1. ජයවේවා. රතු රජරට බ්ලොගේ පටන් ගත්තෙ මට කලින්ද? Archive එකක් දාපංකො.

      Delete
    2. Archive එකක් දැම්මොත් මම උබට වඩා බාල යි කියලා අහුවෙනවනේ මචං

      Delete
  6. රවීට මගෙනුත් සුබ පැතුම්....!!! එහෙම ඩයල් තමා ඉහළට එන්න ඕන.

    ReplyDelete
    Replies
    1. තැන්කූ සුමිත් අයියේ.

      Delete
    2. සුමිත් අයියේ මොකෝ නිහඬ ..ලියමුකො....

      Delete
    3. එක තමයි මාත් බලන් ඉන්නේ. මම පොරොන්දු වුනා වගේ සුමිත් එකක් දැම්මොත් මමත් එකක් දානවා සහයෝගයට (දිරි දීමක් වශයෙන්).

      Delete
    4. ඇඩ් එකක්වත් දාලා රී ෆ්‍රෙෂ් වෙන්න ඕන. පරක්කුවුනා වැඩියි හොදටම....

      Delete
    5. කලබලයක් නෑ. ඇඩ් දාන්න ඕන නෑ. යන විදියට යං. පරක්කු වුනා නං තමයි.

      Delete
  7. මල ගෙවල් කිව්වම තමා මතක් උනේ...
    අපේ සීයෑ මලගෙදර හත් දවසක් එක දිගට නයිට ගහපු එකෙක් උන්නා.. ඌ උදේට වැඩට ගිහින් හවස මලගෙදර එනවා. එවෙලේ ඉඳන් නයිට ගහනවා.

    ReplyDelete
    Replies
    1. රවි අයියමද දන්නෑ. ☻

      Delete
  8. හයියෝ පොර ගියාද...දැං කෝල් කරලා තමයි අළුත් කථා අහගන්න වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්. පැය අටේ යාලුකම්නේ ඔපීසි වල තියෙන්නෙ. කොච්චර හොඳ ෆිට් 1ක් තිබුනත් කාලවේලාවත් එක්ක දුරස් වෙනව.

      Delete
  9. රවී අයියා පරිපාලන නිලධාරියෙක් විදියටත් අර වගේ ජොලියෙන්ම ඉඳියිද දන්නෙ නෑ, වැඩිය හිතට ගන්නෙ නැතුව. කොහොම උනත් ඔන්න අපිත් අයියට සුභ පතනව, සුභ අනාගතයක් !

    ReplyDelete
    Replies
    1. මෑන්ගෙ වෙනසක් වෙන එකක් නෑ.

      Delete
  10. අන්න මිනිස්සු .......... සද්දේ විතරක් නෙවෙයි වැඩත් එහෙමමයි

    ReplyDelete
  11. අනුන්ගේ බ්ලොග් වලට එබෙන්නේ නැතුව ඔය බොරු එක්ස්කියුස් දීල හරියන්නේ නැහැ පුතෝ .. අපේ අහ ආවේ නැත්නම් මෙහෙ එන්නෙත් නැහැ.. හැමදාම ලජ්ජාවෙන්නේ නැතුව රවිට සුද්දගේ බාසාව ඉගෙනගන්න කියන්න. අමාරු වැඩක් නෙවෙයි හිත යෙදෙවුවොත්..

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ සරත් අයිය ඔරිජිනල් වෙලා. අන්තිම පේලියෙ ජයිය කන්නාඩියෙන් බැලුවමත් ඔයවගේ.

      Delete
  12. ජීවිතේට මිනිස්සු එනවා.. යනවා.. එහෙමත් කෙනෙක් මතක ගොඩාක් ඉතුරු කරලා යනවා..

    ReplyDelete
  13. සමුගැනීම කීවම මම ටිකක් බයත් වුනා..උසස්වීමක්නේ, මගෙනුත් සුභ පැතුම් කිව්වා කියන්න. අර තොරණේ කවි කියවිල්ල නම් පට්ට රාජ් අයියේ.

    ReplyDelete
    Replies
    1. මට හිතුන ඕක හෙඩිම දාද්දිම.

      Delete
  14. //ඉංග්‍රීසියෙන් ඇහුවෙ, මටත් තේරුනේ නෑ// මෙන්න මේක නම් වටින කතාවක්. මේක නිසා තමයි අපි අර ගෙම්බො ගානට වැටෙන්නේ. වෙනත් භාෂා ගැන දැනුම නැතිකම නිසා අපේ පරිපාලන සේවය තියෙන්නෙ එක තැන වෙන එක පුදුමයක් නෙමෙයිනේ. කොහොම උනත් අපි රවි අය්යට සුබ පතමු.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව. මේ වගේ පැතිවල ඉඳගෙන ඉංගිරිසිය ඉගනගැනිල්ල ලේසි නෑ බං. ඉගනගත්තත් අමතක වෙනව.

      Delete
    2. ෆිල්ම් බලන්න ( නිල් නෙමෙයි ), පොත් බලන්න කියහන්. එතකොට අමතක වෙන්නෙ නෑ.

      Delete
  15. මාතෘකාව දැක්කාම මම හිතුවෙ මල ගෙයක් කියලා, බැලුවාම පාටියක් දාන්න ඕන වැඩක්නෙ බං .....

    ReplyDelete
    Replies
    1. මදැයි උඹටත් බ්ලොග් මතක් වෙලා. පාටියක් දැම්ම.

      Delete
  16. රවි අයිය ගිය එක පාඩුව අපිට.. හිනා වෙන්න කතා නැතුව යයිද බං..

    ඌට සුභ පතමු..

    අර බ්ලොග් දෙකත් බලමුකෝ !

    ReplyDelete
    Replies
    1. අර ගෑල්ලමයගෙ එක ෆලෝ කරන්න බැහැනේ :(

      අපරාදේ !

      Delete
    2. ෆලෝ කරන්න නං බෑ තමයි. පොඩි පොඩි අවුල් තියනව බලමු....

      Delete
  17. රවී අයිය තවම හැංගුන ගමන්ද දන්නෑ... මොනව වුණත් අපිත් සුභපතමු එයාගේ ඉදිරි ගමනට...

    ReplyDelete
  18. රාජ් : උඹටත් වෙලා තියෙන්නේ අර පාර හදන ප්‍රොජෙක්ට් වලට කාම දීපු එවුන්ට වෙච්ච් වැඩේනේ. දැන් ඉතිං වෙන එකෙක් හොයා ගනින්. :)

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත බං. කතා සාගරේ නැතිවුනා.

      Delete
  19. අච්චර විභාග සමත් වුනු මනුස්සයෙක් ඉංග්‍රීසි දන්නේ නැද්ද හැබෑට?

    ReplyDelete
  20. Paripaalana seawe..puhunuwakata aawa nam...ape office ekatane enna aththe.. :-)

    ReplyDelete
    Replies
    1. :-D
      සති දෙකක පුහුණුවක් තිබ්බා නේන්නම්.කවුද දන්නෙ ඒකෙ රවි අයියා හිටියා කියලා.. දන්නව නම් කතා කරන්න තිබ්බා...පරිපාලන සේවෙට ආපු අයට අපේ ඔෆිස් එකෙන් ගැලවෙනවා බොරු.බඳවා ගත් දීන සිට විශ්‍රාමය දකවා..පරිපාලනයේ මහ ගෙදර කියන්නෙ මේතනටනෙ මල්ලි..

      Delete
    2. චැහ්! අපරාදෙනේ.

      Delete
  21. මාත් හිතුවෙ හෙඩිමෙ හැටිය මළ ගෙයක් තමා කියලා ...

    ReplyDelete
  22. මෙහෙම මිනිස්සු ඉන්න තැන පාලු නැහැ. මාතෘකාව දැකලා කියවන් එද්දී මට හිතුණේ රවි අයිය මැරිලාවත්ද කියලා :D

    ReplyDelete
  23. ඒල මෑන් කෙනෙක් නෙ...

    ReplyDelete
  24. හයියෝ හොඳම මූලාශ්‍රයක් ඈත් වුනානේ?
    කමක් නෑ ෆෝන් තියෙනවනේ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අන්න නියම කතාව‍. මූලාශ්‍රයක් තමයි නැතිවුනේ.

      Delete
  25. කියවන්න ආවේ රවි අයියට වෙන මොකක් හරි වෙලා කියලා හිතාගෙන... වෙලාවට මනුස්සයා හොඳින් ඉන්නවා ඒක සතුටක්.ටිකක් ඈත් වුනාට කතා ලොට් එකක් එකතු කරන් ඇවිත් කියපු දවසකට අපිටත් කියවන්න බැරියැ එක පාරට තොගයක්ම...

    ReplyDelete
    Replies
    1. ඕං අද ඇවිල්ල කිව්ව හොඳ කතා ටිකක්.

      Delete
  26. රවි අයියා එල බුවෙකි.....
    ඇදහිය යුතු පුග්ගලයෙකි...

    ReplyDelete
  27. බ්ලොග් දෙකම සින්ඩියට දැම්මා. රවි අය්යගේ සීන් එක ගැන නම් කියන්න තියෙන්නේ ඕක තමයි ජීවීතේ කියන්නේ. අපේ ජීවීතේදි කී දෙනෙක් හම්බවෙනවද....?

    ReplyDelete
    Replies
    1. ටැන්කූ බ්ලොග් ගැන බැලුවට. මාතලන් කවදත් ආධුනිකයන්ට අතදෙනවනේ.

      Delete
    2. අපේ මාතලන් එහෙම තමයි. මටත් උදව් කළා. හ්තුතියි දෙන්නටම

      Delete
  28. අපරාදෙ කතා සාප්පුව...!
    පොර වෙනුවට ආපු එකාගැනත් ලියමු වෙලාවක...(එහෙම එකෙක් ආවද)

    ReplyDelete
  29. අපොයි මාතෘකාව දැක්කම නම් ටිකක් බයත් හිතුනා...
    එකෙන් මේකෙන් අයියට හොද කතා ටිකක් මග ඇරෙනව..

    ReplyDelete
  30. අපේ ජීවිත වලට යාළුවෝ එනවා යනවා.. කොම උනත් රවි අයිය නම් නියම පොරක්.. ඔන්න මමත් සුභ පතනවා.

    ReplyDelete
  31. රවි අයියට සුභ පැතුවා කියන්න.

    එයා දන්නවද ඔයා එයා ගැන ලියන බව.

    ReplyDelete
  32. ඒක සිරා කතාව. තැන එක නෙවෙයි නම් කෙල්ලට සිංහල මතක් වෙන්න ඇති. :D

    ReplyDelete