Sunday, October 14, 2012

Sunday special ජනප්‍රිය නිලියන්ට ආදර්ශ ප්‍රශ්නෝත්තර.


ආදර්ශ ප්‍රශ්න උත්තර ඉස්සෙල්ලම ලංකාවට බෙදුවෙ සතර පත්තරේ චන්ද්‍රසෝම පෙරේර මට මතක විදියට. උන්නැහේ ඒකෙන් හොඳ ගානක් හම්බකරගත්ත‍‍. මංතුමා කරන්න යන්නෙත් ආං ඒවගේ වැඩක්. හැබැයි සල්ලි කීයක්වත් අයකරන්නෙ නැතුව නොමිලේම දෙනව. හැබැයි මේ ප්‍රශ්නෝත්තර සංග්‍රහය වැදගත් වෙන්නෙ නිලියන්ට විතරයි. මාධ්‍යවේදීන්ගෙ ප්‍රශ්න වලට මේ විදියට උත්තර දුන්නම හරි.

ඔබගැන කියල ඇහුවොත් : "බොහොම සරළව මහපොලවෙ පයගහල ජීවත්වෙන කෙනෙක්" කියන්න එකෙන්ම.

ක්ෂේත්‍රයට ආව හැටි : කවුද අනේ ඉස්කෝලෙ යනකාලෙ නාට්‍යක රඟපාල නැත්තෙ? කියන්න "පාසල් වේදිකාවෙන්" කියල.

කන්න කැමති කෑම : කැමති මොනව උනත් කමක් නෑ. කියන්න ඕන මෙන්න මේව, "බතුයි කරවල හොදියි - කොස් මැල්ලුම්, පොලොස්...... "වගේ දේවල්. ආ..... බතල මඥ්ඥොක්කත් නැගල යනව.

බොන්න කැමතිම බීම : "වතුර" කියන්න එකෙන්ම.

පාවිච්චි කරන සබන්, සුවඳ විලවුන්, ආලේපන,...: වැඩිය කවුරුත් අහල නැති බ්‍රෑන්ඩ් වලින් කියන්න. මුලින් කියන්න මෙහෙම, "මම කෘතීම දේවල් වලට එච්චර කැමති නෑ....."

රඟපෑමේ හැකියාව : ඒකට කියන්න තියෙන්නෙ මෙහෙමයි, "මං හිතන්නෙ මේක උපතින්ම ගෙන ආව එකක් වෙන්නැති‍‍."

ඔබ වැඩියම කැමති පුංචි තිරයටද රිදී තිරයටද වේදිකාවටද? : "වේදිකාවට. වේදිකාව පූජනීයයි." ජනප්‍රිය උනාට පස්සෙ වේදිකාවල බඩගාන්නෙ කවුද? ඒත් කියන්න ඕන එහෙමයි.

ඔබේ හොඳම රඟපෑම : "මට හිතෙන්නෙ කිසිම අධ්‍යක්ෂකවරයෙකුට මගේ හොඳම රගපෑම ගන්න බැරිවුනා කියල." හැබැයි ලඟදි රඟපාපු නාට්‍යක් හරි චිත්‍රපටියක් හරි දැනට ප්‍රදර්ශනයට නියමිතව තියනව නම් කියන්න ඕන මෙහෙමයි.
"ලඟදි ෂූටින් අවසන් කරපු කාමරස චිත්‍රපටියෙ අධ්‍යක්ෂක කාමසේන මහත්තය තමයි මට හමුවුන හොඳම අධ්‍යක්ෂකතුමා. මගෙන් ගොඩක් දේවල් ගන්න ඔහු සමත්වුනා".

සැමියාගෙන් ලැබෙන සහයෝගය : හෙට ඩිවෝස්වෙන්න බලං හිටියත් කමක් නෑ. කියන්න ඕන මෙහෙමයි, "ඇත්තටම මහත්තයගෙ සහයෝගෙ නැතිවුනානම් මගේ රඟපෑම් නැවතිලා ගොඩක් කල්"

විවාහය ජනප්‍රියත්වයට බාධාවක් නෙවෙයිද? : මේ ප්‍රශ්නෙට ඉස්සර නං නිලියො දුන්න හරි ලස්සන උත්තරයක්."හොඳම නිලිය විදියට ඔස්කාර් සම්මානය ගන්නවට වඩා මගේ පවුල් ජීවිතේ මට වටිනව". ඒත් දැං නළු නිලියො කවුද කියල මිනිස්සු දන්නවනෙ. ඒ නිසා ඒ උත්තරේ දෙන්න බෑ.

ප්‍රවීනයන්ට ගරු කිරීම : තමුන් ටිකක් විතර අලුත් නං කියන්නෙ "හුඟ දෙනෙක් ප්‍රවීනයන්ට ගරු කරන්නෙ නෑ. ඒත් ම නං එයාලගෙන් ගොඩක් දේවල් ඉගනගන්නව". ටිකක් ප්‍රවීන නම් කියන්නෙ මෙහෙමයි, "ඒකාලෙ නං අපි ප්‍රවීනයන්ට කොච්චර ගරු කලාද. දැන් නවකයන් හිතන්නෙ එයාල ඔක්කොම දන්නව කියල". ඊට අමතරව ප්‍රවීනයන්ට අක්ක අයිය කියන්න. මාලනී අක්ක, රවින්ද්‍ර අයිය,.... වගේ.

රසිකයන් ගැන : මිනිහෙක් කතාකලාට මූන නොබැලුවත් කමක් නෑ "ඇත්තටම ප්‍රේක්ෂකයන් මට කරදරයක් නෙවේ. එයාල නිසයි මම අද මෙතැන ඉන්නෙ" වගේ ටෝකක් දෙන්න.

කටකතා ගැන : "පල ඇති රුකටනේ අනේ ගල් වදිනනෙ. මම ඕවට සැලෙන්නෙ නෑ".

දේශපාලනයට එන්න බලාපොරෙත්තුවක් තියනවද : දැනට එහෙම අදහසක් නැත්නං "අපොයි නෑ" කියන්න. දැනට දේශපාලනය කරනව නං කියන්න තියෙන්නෙ "දේශපාලනයට එන්න අදහසක් තිබුනෙ නෑ. ඒත් ජනාධිපතිතුමා ඉල්ලීමක් කල නිසා ආව. ක්ෂේත්‍රය වෙනුවෙන් යම් දෙයක් කරන්න"


ඕං ඔහොමයි මාධ්‍යකාරයන්ගෙ "කොරවෙන" ප්‍රශ්න වලට උත්තර දීල ලකුණු ටිකකුත් දාගන්නෙ.

100 comments:

  1. // "ලඟදි ෂූටින් අවසන් කරපු කාමරස චිත්‍රපටියෙ අධ්‍යක්ෂක කාමසේන මහත්තය තමයි මට හමුවුන හොඳම අධ්‍යක්ෂකතුමා. මගෙන් ගොඩක් දේවල් ගන්න ඔහු සමත්වුනා" //

    හෙහ් හෙහ් හෙහ් .......

    මම නම් ඔය ෆෝමැට් එකේ එව්ව කියවන්න ලැබෙන්නෙ ඉරිද ලංකාදීප සැඳැල්ල අතිරේකෙ තියෙන එව්ව විතරයි. ගොඩක් වෙලාවට හැමෝම වගේ කියන්නෙ ඔය ටික තමා. මාධ්‍යකාරයොත් කොච්චර පුරුදු වෙලාද කිව්වොත් ඉන්ටර්වීව් එකක් නැතුව උනත් උන්ට පුළුවන් ප්‍රශ්න ටිකට උත්තර ටික දාල ඔය ෆොටෝ කෑලි දෙක තුනක් එක්ක පිටුව පුරවන්න.

    ReplyDelete
    Replies
    1. ලංකදිපෙ විතරක් නෙවේ හැම එකේම ඕව තමයි‍‍.

      Delete
    2. එල පෝස්ට් එකක්!
      හැම එකීම කතා කරන්නෙ සර්ව සම්පූර්ණ, මැස්සෙක් වත් වහල නැති, දේශිය දේ, ස්වභාවික දේ අගයන පත්තිනි අම්මල වගේ. එහෙම ටෝක් දීදී කොරන්නෙ..?

      Delete
  2. නිලියක් නොවුනා නම් මොනවා කරයි ද?

    එහෙම නම් ෂුවර් එකටම දොස්තර කෙනෙක් හරි ඉංජිනේරුවෙක් වෙනවාම තමයි.

    ReplyDelete
    Replies
    1. ලියන්න පටන් ගනිද්දි මතක තියාගෙන හිටියත් මට අමතක උනා ඕක‍. නියම කෑල්ල නේ? :)

      Delete
    2. මට මැඩිකල් ෆැකල්ටියට යන්න එක ලකුණක් මදිවුණා!

      Delete
    3. ආපහු දාලා මුග්ධ ප්‍රතිචාරයක්

      Delete
  3. විවාහනොවුනු කෙනෙක් නම්...
    ඉස්සර නම් සම්භන්ධයක් තිබුන අපිඅතර නොගැලපීම් නිසා වෙන් උනා..ඒ නිසා දැන් ප්‍රේමවන්තියක් නොවේ...හි..හි..!

    ReplyDelete
  4. -ජීවිතය ගැන මොකද හිතන්නේ
    නිරන්තරයෙන්ම වෙනස් වන දෙයක්
    -ආදරය ගැන මොකද හිතන්නේ?
    ආදරය හරි සුන්දර දෙයක්.ආදරය හැමෝටම ඕනෙ
    -ආදරය ජීවිතයට අවශ්‍යමද?
    ඔව් .ජීවිතය නිරන්තරයෙන් වෙනස් වෙන්නෙ, වෙනස් වන ආදරය නිසා තමයි.
    (මම ලබන සුමානෙ ආයෙ බඳින්නයි ඉන්නේ )
    නියමයි රාජෝ ඇහ්..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් ........නියමයි‍

      Delete
  5. නවකයන් විදිහට ක්ෂේත්‍රයේ පැරණි අය ගැන මොකද හිතෙන්නේ ?
    ඔවුන් සේරම මට වල කැපුවා.“ නවකයෝ විදිහට අපිට ඒ අයගෙන් ගන්න තියෙන දේවල් ගොඩයි“

    ReplyDelete
    Replies
    1. වල කැපුව කිව්වෙ?.......... :)

      Delete
  6. කීලා වැඩක් නෑ අෆ්ෆා... සුපිරි ඈ...

    ReplyDelete
  7. නිළියෝ කියවයිද මේක...
    නැගගෙන එන ඇන්ටිලාගේ මේල් ඇඩ්‍රස් එහෙම දන්නැද්ද කවුරුවත් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. "නැගගෙන එන ඇන්ටිලාගේ මේල් ඇඩ්‍රස් එහෙම දන්නැද්ද කවුරුවත් :)"

    නගින්න දීල එන ඇන්ටිලගෙ එව්වනම් තියෙනව

    ReplyDelete
  9. වැදගත් කතාන්දර ටිකක්...

    ReplyDelete
  10. මම මචන් සුප්‍රසිද්ධ නිලියක් එක්ක කාමරේක ඉන්ටවීව් එකක් කළා ඒකිනම් කිව්වේ තනිකර ඇත්ත. ඒ උනාට ඒ ඉන්ටවීව් එකට ලොකු ගානක් ගෙවන්න උනා.

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙහ්.. මාත් දැකල තියෙනවා ඉන්ටවීව් එකක වීඩියෝ කෑල්ලක් නම්..

      Delete
    2. ඒ ජාතියෙ ඒවට නං ලොකු ගානක් යනව තමයි.

      Delete
  11. නැගී එන නිළියන්ට ඔබ දෙන උපදේශය කුමක්ද?

    "මම මෙතෙක්කල් කළා වගේ වෙහෙස නොබලා, හැම විටම අධ්‍යක්ෂ වරුන්ට තමන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඉඩ දෙන්න. එතැනදී උපරිම කැප කිරීම මත තමයි අනාගතයක් ගොඩ නැගෙන්නේ"

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  12. මේ ටික ඉගෙන ගත්තොත් නිළියන්ට ඉන්ටර්විව් වලට ප්‍රශ්නයක් වෙන්නනේ නෑ. ඒක ෂුවර්.

    බලාගෙන ගියාම හැම පත්තරේකම තියෙන්නේ එකම උත්තරටිකනේ..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මේ පෝස්ට්එක දැම්මෙ.

      Delete
  13. නවක නිලියකට ක්ෂේත්‍ර‍යට පැමිණි විගසම සෑහෙන ගමනක් යන්න පුලුවන් කොහොමද ?

    ප්‍ර‍වීන නිළියක් (හිස කසමින්) අධ්‍යක්ෂක තුමා එක්ක ඇදේ හාන්සි වීමෙන් සෑහෙන දුරක් යා හැකි බව මට ෂුවර්... මම කලෙත් ඒ විදියට...

    ReplyDelete
  14. අපරාදේ නිකන් දුන්නේ කීයක් හරි හොයාගන්න තිබ්බ වෙලාව..

    ReplyDelete
  15. "මම මචන් සුප්‍රසිද්ධ නිලියක් එක්ක කාමරේක ඉන්ටවීව් එකක් කළා ඒකිනම් කිව්වේ තනිකර ඇත්ත. ඒ උනාට ඒ ඉන්ටවීව් එකට ලොකු ගානක් ගෙවන්න උනා."
    මාතලන් අයියා කුලීයට ඉන්න ගෙයක් හොයාගත්තැයි.

    ReplyDelete
    Replies
    1. :) නෝන දැනගත්‍ෙතාත් තමයි අවුල

      Delete
  16. ඕකෙ වචනයක් දෙකක් වෙනස් කරල ගත්තම ගායිකාවන්ට, නිවේදිකාවන්ට, මෝස්තර නිරූපිකාවන්ට වගේ අයටත් පාවිච්චි කරන්න පුලුවන්. කවුරුත් අන්තිමට වැටෙන්නෙ එකම බෝට්ටුවටනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්. හමෝටම පුළුවන්.

      Delete
  17. ඔබ නිර්මානයකට දායකවීමට පෙර මොනවද සලකන්නෙ?.....
    මෙහෙමයි මම ලැබෙන හැම නිර්මානයම බාරගෙන මුදල් පසුපස හඹා යන කෙනෙක් නෙවේ. ලැබෙන හැම නිර්මානයකම පිටපත හොඳට කියවලා අධ්යයනය කරලා අම්මගෙනුත් , සැමියගෙනුත් අහලා උසස් ගැලපෙන නිර්මාන තමයි බාරගන්නෙ. මගේ තත්වයට නොගැලපෙන කිසිම දෙයක් මම කරන්නැහැ.

    මීට කලින් ඔබ රඟපෑ නිර්මානයේ උඩු කය නිරුවත් කිරීම ගැන ලොකු ආන්දෝලනයක් ඇතිවුනා.. ඒක ගැන යමක් කිව්වොත්...? ...
    මෙහෙමයි , මම ඒක ගෙදර අයත් එක්ක ගැබුරින් කතාකරල සැමියාගෙ බලවත් ඉල්ලීම උඩ තමයි කරන්න එකඟ වුනේ. මගෙ සැමියා හරිම බුද්ධිමත් කෙනෙක්. :P:P -ASJ

    ReplyDelete
    Replies
    1. (මගේ සැමියා හරිම ‍රැඩිකල්)

      Delete
  18. ඔය කියලා තියෙන ජාති ඕන නිළියෙක්ට ගැලපෙනවා, ඉතින් ඉන්ටර්විව් කරන්න හම්බවෙන්න වත් කෝල කරන්නවත් ඕන නෑ, ඔය ටිකට උඩින් නමයි ෆොටෝ එකකුයි දාලා ඇපෘවල් එකට යවන එකයි තියෙන්නෙ!

    ReplyDelete
  19. අනාගත බලාපොරොත්තු මොනවද? මම හිතාගෙන ඉන්නෙ කවදා හරි මහණ වෙන්න.
    මේක ඇත්තටම ගිය කෑල්ලක්. කෙනා කියන්න බැහැ. නඩු දමයි රාජටයි මටයි. මෙයා නඩු බලවපු කෙනෙක්. ප්‍රවීනයි කියාගෙන ඉන්න කෙනෙක්. සුරූපීයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. කලකිරිලා තියන්නේ තමන්ගේ හිටපු හස්බන්ඩලා ගැනම හිතලා. එයාල හරි නෝටි.

    ReplyDelete
    Replies
    1. සාසනෙත් කන්න වගේ‍.

      Delete
  20. "ඔබ සෙට් එකේදී සහෝදර ශිල්පීන් සමඟ හැසිරෙන්නෙ?"

    "මගේ ඔය ආඩ්ම්බර කම් නෑනේ, අධ්‍යක්ෂතුමාත් එකයි, කැමරා ශිල්පියත් එකයි, වේශ නිරූපන ශිල්පියත් එකයි, ඒ හැමෝගෙම අවශ්‍යතා මට පුලුවන් ආකාරයෙන් ඉටුකරල දෙනවා! "

    ReplyDelete
  21. මෙ ටික තමයි හැමොම හැමදාම දෙන්නෙ ෆට්ට පල් බොරු

    ReplyDelete
  22. මම හිතුවා රාජ්ට පරණ සැදැල්ල කෑලි ටිකක් හම්බුවෙලා කියලා... හි හි.....

    ප්‍ර : ඔබට උයන්න පිහින්න පුළුවන්ද... ?

    පි : ගෙදර ඉන්න දවසට සැමියට මගේ අතින්ම කෑම හදලා දෙනවා... එයා ආසයි මං හදන කෑම කන්න.... . මට හොඳට උයන්න පුළුවන් කියලා තමා එයා කියන්නේ....

    ReplyDelete
    Replies
    1. අනේ පව් අහිංසකයො.

      Delete
    2. හිරූට මාර කෑලි නෙ මතක් වෙන්නේ

      Delete
  23. අපරාදේ මේවා නිලියන් බලන්නේ නැත්තේ...:D:D:D
    මෙන්න තවත් ටිකක් ඇඩ් කලා...

    ප්‍ර..ඔබේ රූප ලාවණ්‍යයේ රහස කුමක්ද?

    පිලි. ගෙවත්තෙන් කඩාගන්නා අලුත් එලවලු පලතුරු කෑමට ගැනීම. මම නිතර කොල ජාති කන්ට කැමතී. උදේ පාන්දරනම කොල කැඳ කෝප්පයක් බොන එක මගේ පුරුද්දක්...

    රැකියාවේ තරඟකාරී, අසහනකාරී තත්වයන්ගෙන් මිදීම සඳහා මා කරන්නේ යෝග සහ භාවනා කිරීම. එයත් මගේ මේ රූපය රැකීමට ඉවහල් වෙනවා කියා මා සිතනවා.

    ප්‍ර. මෙවර හොඳම නිළියට සම්මානය ලද අහවලී ගැන ඔබ සිතන්නේ කුමක්ද?

    පිලි. එයාගේ රඟපෑමේ වරදක් නැහැ. ඒත්....(සිනාසෙයි....)

    ප්‍ර. ඔබට පෙම්වතෙක් ඉන්නවා යැයි කියන්නේ ඇත්තද?

    පිලි. ඔය බොරු කතා අනේ. ඊරිසියාවට කියන කතා. මම මේ නව පෙමක් සොයමින්

    හී හී හී හී.....හපොයි...

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිත් දන්න දේවල්.

      Delete
  24. මට මතක් වෙන්නේ ජනප්‍රිය ගායිකාවකගේ සිංදුවක්...
    "පතිනි මවුන් මට දන් දුන් පතිනි බලය නුඹ අරගන්....."
    අනේ හුකේ නන්නානේ....
    ෆට්ටයි බං...

    ReplyDelete
  25. සටහන නියමයි රාජ්. අනික් අයගෙ ප්‍රතිචාර කියෙව්වෙ නම් නැහැ. ඒ නිසා මම ලියන එක කවුරු හරි දැනටමත් ලියලා දැයි නොදනිමි. මෙහෙම උත්තර දෙන්න අනිත් අයව හදලා තියෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි එහෙම උත්තර අගයන සමාජය විසින්. බොරු කියන්නත්, බොරුව අගයන්නත් හදලා ඊට පස්සෙ ඒකට හිනා වෙන්නෙ ඇයි?!!!!!

    ReplyDelete
    Replies
    1. අරුණි කිව්ව හරියටම හරි. ඉල්ලුමට සැපයුම තමයි මේ ලැබෙන්නෙ. දැන් බලන්න ස්වර්ණවාහිනියෙ නිව්ස්වලට අපි බනිනව සදාචාරයක් නෑ කියල. ඒත් ඒව බලන්න මිනිස්සු කැමතියි. ඕක නිවැරදි වෙන්න ඕන කොතනින්ද කියලයි තෙරෙන්නෙ නැත්තෙ.

      Delete
  26. හැබෑටම ඇත්ත කතාව.. ඔය වගේ උන් ගැන කියවන අපිව දිය ගහල මැරෙන්න එපැයි..

    ReplyDelete
  27. මම නං ඔය ආටිකල්වල ආසම කෑල්ල තමයි ස්ටාර්ට් එක.
    මමයි මගේ කැමරාශිල්පී ජයන්තයි දෙන්නා ගිය සතියේ ගියා විශේෂ අමුත්තෙක් හම්බවෙන්න. පාමංකඩ අහවල් පාරෙ තියෙන ඒ පුංචි කැදැල්ලෙ දොරකඩට යනකොටම හායි ගාල හිනා කටක් පුරොගෙන ඉස්සරහට ඇවිත් අපිව පිළිගත්තෙ............

    මරු බං.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් පට්ට. ඔයවගේ කෑල්ලකුත් තියනව නේන්නං.

      Delete
    2. ඇයි බං ඊලඟට තියෙන්නේ මෙහෙම,
      මේ කොන්ක්‍රීට් වනාන්තරේ මැද වුනත් හිතට සැනසුම ගෙනෙන තුරුලියෙන් වටවුන කැදැල්ලට.................

      Delete
  28. වහ කන්න හිතෙනව ඕයි !!!!!!! .....තිත් දෙකයි ඩී

    ReplyDelete
  29. හැක් හැක් හැක්! මේවනෙ බං රාජ් මල්ලියෙ පෝස්ට්!

    මම මේක බුක් මාක් කරලා අරන් තියාගන්න කල්පනා කලේ. ඔය අනිත් බ්ලොග් ලියන උනුත් එහෙම කරපල්ලා.

    මොකද දැන් මේ යන විදියට අපිත් ලඟදීම සුපිරි බ්ලොග් ලියන්නො වෙලා ජනප්‍රිය තරු වුනාම පත්තර කාරයො අපිව ඉන්ටවිව් කරන්න ආවම අර අධ්‍යක්ෂකලත් එක්ක අහවල් එක කරන කෑලි ඇර අනිත්වා පොරෝජං වෙන්න පුලුවං.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් බැරි නෑ තමයි. කාටද ආඩම්බර.

      Delete
  30. නියම ටෙම්ප්ලේට් එක. ඔය විදියට කිව්වම ගොඩ.

    ReplyDelete
  31. කියෙව්වෙ මහරෑ හීනෙන් වගේ. මඩ කොටියයි. පව් බන් උන් රඟපාන එක නවත්තයිද දන්නෙ නෑ මේවා කියවලා

    ReplyDelete
    Replies
    1. උන්ට ලැජ්ජාවක් නෑ බං.

      Delete
  32. ප්‍රශ්නය : ඔබ බ්ලොග් කියවනවද ?

    උත්තරය : ඔව්, අනේ ඒවායේ මාර රසවත් කතා තියෙන්නේ. දැන් තියෙන පත්තර වලට වඩා ලේසියෙන්ම බ්ලොග් බලන්න පුළුවන්. මම ලැප් එකයි ඩොන්ගල් එකයි අරගෙනම යන්නේ ෂූටින් යත්දී.

    ReplyDelete
  33. මම නම් ආසම කෑල්ල මෙන්න මෙ වගේ යන්නේ....

    ප්‍ර: පහුගිය කාලයේ ඔබ යම් යම් අමිහිරි සිද්ධීන් කීපයකට මුහුනදුන්න නේද?

    පි: ඔව්, ගොඩක් අයගෙන් අහුවොත් කියයි, නෑ එහෙම දෙයක් උනේ නැහැ කියලා. නමුත් මම බය නැතුව කියනව, ඔව් මට ඒ වගේ සිද්ධි කීපයකට මුහුණ දෙන්න වුනා.. හැබැයි ඒ නිසා දැන් මම "යථාර්ථය" අවබෝධ කරන් ඉන්නේ.... මගේ නියම මිතුරෝ කවුද කියලා මම දැනගත්තා... එදා හිටියට වඩා ශක්තිමත් ගැහැණියක් අද මම, මට අද ජීවිතේ ඕනේම දේකට නොබියව මුහුණදෙන්න හැකියාවක් තියනවා....

    මම හරි ආසයි "යථාර්ථය" අවබෝධ කරගත්ත නිළියන්ට. යසෝධා තමයි මම දැකපු වැඩිම වාර ගණනක් 'යථාර්ථය' අවබෝධ කරගත්තු නිළිය.

    ReplyDelete
    Replies
    1. යසෝධා තමයි මම දැකපු වැඩිම වාර ගණනක් 'යථාර්ථය' අවබෝධ කරගත්තු නිළිය.
      :D

      Delete
  34. පෝස්ට් එක සහ කමෙන්ට් සියල්ලම කියෙව්වා.. හිනා වෙවී කමෙන්ට් ලියන්ඩ බෑ අප්පා...

    ReplyDelete
  35. අම්මප උඹට හරියන්නේ ඉරිදට ඔය වැඩේ තමයි. ඉන්ටර්විව් වලට විතර පුරුදු කරල නැවතුනොත් ඇති. අහිංසක නිලියෝ..

    ReplyDelete
    Replies
    1. මට දුන්නොත් නියමෙට කරනව :)

      Delete
  36. ඇන්ජිම පරණයි බුදු සරණයි..! හික්ස් එළ දැන් ටීවී රෙඩියෝ පත්තර උන්නැහේලා වෙනම පංතියකට යනවලු අලුත් ප්‍රශ්ණ පත්තර ටිකක් හදාගන්ඩ

    ReplyDelete
  37. මේකත් දැන් ගොඩක් පත්තර ප්‍රශ්ණ පත්‍රවල තියෙනව...

    …ඔබ සහ රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් සම්බන්ධකොට යම් පුවතක් පසුගිය දිනවල වබේ අඩවිවල පළ වී තිබුණා. එහි සත්‍ය අසත්‍යතාවය මොනවගේද?

    ReplyDelete
    Replies
    1. ඇමතිතුමාගෙයි අපේ පවුලයි අතර සමීප සම්බන්ධයක් තියෙන්නෙ. ඕව ඉරිසියාවට කියන කතා.

      Delete
  38. 1000%k එකඟයි.පත්තර 10ක් ගත්තොත් 9ක්ම ඔය අච්චුවේ ඒවම තමයි! :D

    ReplyDelete
  39. එන්න ඕන. නැත්නම් ඔය නිළි අක්කිලා දන්නවා කියල ඈං...

    මේ ඒක නෙමේ, උඹේ අලුත් පෝස්ට් එකක් දාල කියල රීඩරේ පෙන්නනවා. ඒත් බැලුවහම නෑනේ බං. ඊයෙ ඉදල බ්ලොගා පිස්සු කෙලිනවද මන්දා...

    ReplyDelete
    Replies
    1. බ්ලොගර්ටත් පිස්සු! මටත් පිස්සු! උදේ බලනකොට ස්ටැට් කවුන්ටරේ නිල් වෙලා. ඊට පස්සෙ මම ඒකට කයි පෝස්ටෙකක් ලියල පබ්ලිෂ් කරල එනකොට බ්ලොගර් අවුල හදල. ඊට පස්සෙ කයි දාන්න ඕන නෑනේ. මම අකුලගත්ත. අද කං මහ නරක දවසක් බං. :)

      Delete
    2. ඕක උඹේ අවුලක් නෙමේ. මගේ ස්ටැට් කවුන්ටරෙත් අද උදේ 2 යි. වැඩියෙන් බලපුවා කියන එකේ තියෙන්නේ එක පෝස්ට් එකයි. කරකෝලා අතෑරියා වගේ. මටනම් හිතුනා මුන්ගෙ අවුලක් කියල. ඕක තමා අයියේ කියන්නේ 'ඉවසපං' කියල.

      Delete
    3. මාත් දැක්ක පෝස්ට් එක rss එකෙන්. ඇවිත් බලනකොට මකලා.

      Delete
  40. මේ රාජ් අයියලා වගේ අයව නිලියෝ ආශ්‍රය කරන්නෑනේ...
    ඒකනේ ඔය හැමතැනම ගොසිප්ස් වලට අහුවෙන්නේ..

    ReplyDelete
  41. අන්තිමටම තමයි ඇඩෙනම ‍ටෝක දීල තියෙන්නේ..

    ReplyDelete
  42. eiiii raj aiyaaaa, ko ban umbahe ada aluthin daapu post 1 akulagenanowe apahu. Eka daapanko ikmanata.

    ReplyDelete
    Replies
    1. ඒක මැකුව බං. The Modern Patriot ට උත්තරේ දිල ඇති

      Delete
  43. දැනටමත් නිලියෝ ඕවා නේද ඉන්ටවීව් වලට කියන්නේ?
    අලුත් පොස්ට් එක ඩිලීට් කරාද?

    ReplyDelete
    Replies
    1. දැන් තියනව අලුත් එකක්.

      Delete
  44. උබ කියනකල් නෝට් නොවුනට, මේක පොදු උත්තර නේද බං.

    කට කතා නැත්තම් නිලියකට ප්‍රසිද්ධ වෙන්න අමාරුයි බං :)

    ReplyDelete
  45. අඩේ මේක පට්ට පට පට ඈ...ඇඩෙනවා තනි ඇහැට...

    ReplyDelete
  46. hiks.. එක ෆට්ට ඵට ඵට .. එලම එල

    ReplyDelete
  47. ඔය හැට ගණන්වල හිටි නළු නිළියොත් ඔවුවම කිවේවේ ඒ කාලේ රාජ්ගේ සීය උගන්නන්න ඇති..

    ReplyDelete
    Replies
    1. අපේ සීයත් බ්ලොග්කාරයෙක් තමයි. :)

      Delete
  48. ඕක තමයි රාජ් ඇත්තටම වෙන්නෙත්! සමහරු වේදිකාවට ආදරෙයිලු ඒත් ජීවිතේට වේදිකා නාට්‍යක රඟපාලා නෑ!

    ReplyDelete