Friday, October 19, 2012

අනේ අනිච්චං!

දත්බුරුසුවක් ගන්න ඕනවෙලා අද උදේම මම ගියා හංදියෙ කඩේට. කස්ටිය කතාව මාත් පොඩ්ඩක් එන්ටර් උනා.

"පවු. කොච්චර උනත් යුද්ධෙ නැතිකරන්න මුල්වෙච්ච නායකයනෙ" සරත් අයිය කියනව.

ආ........ ෆොන්සේක ගැන වෙන්නෝන කතාව.

"නෑ නෑ වටේ හිටිය එවුන් කෑව. ඒකයි ඔච්චර ඉක්මනට යන්නවුනේ" ඒ කියන්නෙ සෝමෙ මාම.

"කවුද වටේ හිටිය කිව්වෙ ජේවීපී කාරයොද?" මං ඇහුව.

"ජේවීපී කාරයො මුලදි සප්එකට හිටිය තමයි, පස්සෙ විරුද්ධවුනානෙ?"

"රැස්වීමට නාවට එයාල එච්චර විරුද්ධ නෑනේ" මම කිව්ව.

"කවුරු ගැනද පුතේ උඹ කතා කරන්නෙ?" සෝමෙ මාම ඇහුව.

"වෙන කවුද! ෆොන්සේක මහත්තය ගැනනේ"

"හැක් හැක් හැක්......." කඩේ මුදලාලි මගේ මූන බලල හිනාවෙන්න ගත්ත.

"සහෝදරයන්ට පුත්තුන්ට ඕනවට වැඩිය සලකන්න ගිහිං තමයි ඔය වින්නැහිය උනේ" මේ අතරෙ එහෙම කිවුවෙ ත්‍රීවීල් එකේ චූටි මල්ලි.

"කවුද බං සහෝදරයන්ට සැලකුවෙ. බෑනගෙ කොමිපැනියෙ හුටපටයක් තිබුන තමයි. ඒක මහලොකු දෙයක්යැ?"

"හෙහ් හෙහ් හෙහ් .......මූට වයර් මාරුවෙලාද කොහෙද?" ඒ අතරෙ සෝමෙ මාම කියනව.

"අපරාදෙ! විධායක ක්‍රමේට තිබුන බාධාවත් අයිංකරගත්තෙ" මුදලාලි කියනව.

"ෆොන්සේක මහත්තයත් පරද්දගෙන ආවම මම නං හිතුවෙ අවුරුදු විසිපහක් තිහක් පුටුවෙ ඉඳී කියල"

"නාමල් බේබිටනං පව්. ඒ කොලුව ඉතිං පටංගත්ත විතරයිනෙ"

"ගෝටාබය මහත්තය නං ඇමරිකාවටම යයි නේද?"

"බැසිල් මහත්තයත් යයි"

"අපිටත් කෙලවෙයි වගේ අයියේ" මෙච්චර වෙලා කට වහගෙන හිටිය රුවන් මල්ලි කිව්ව. ඌ අලුතෙන් රාජ්‍ය සේවයට ආපු අභ්‍යාසලාභියෙක්. මගෙත් ඉවසීම පැන්න,

"උඹල කවුරු ගැනද මේ කතා වෙන්නෙ? මොකද්ද වෙලා තියෙන්නෙ?"

"ඇයි බං ඇහුනෙ නැද්ද ඊයෙ රනිල් මහත්තයගෙ කතාව. උන්නැහේ කිව්වෙ නොවැම්බර් අට වෙනකල් විතරයි ආන්ඩුවට චාන්ස්එක දෙන්නෙ කියල! උන්නැහේ තිස්ස මහත්තයත් එක්ක එකතුවෙලා ගානට ගේම දෙයි. මහින්ද මහත්තයට අකුලගන්නයි වෙන්නෙ. උන්නැහේට දැනටම උන හැදිලැති!"

72 comments:

  1. මෙන්න සදය උපහාසය. යකෝ ඔහොමත් අමු නිර්වස්තර කොරනවාද මිනිස්සුන්ව. තරු දෙකයි-නෑ තුනයි ..එළකිරි.

    ReplyDelete
    Replies
    1. එක නේන්නං! 8 වෙනිදායෙන් පස්සෙ තෑග්ග දෙන්නං.

      Delete
  2. හයියෝ රාජ්... හි හි....

    කො‌ෙහාම හිතනවද මන්දා මේ වගේ ඒවා.... රාජ්ට වගේම අගට යනකම්ම මට තේරුනෙත් නෑ මොකා ගැනද මේ කියන්නේ කියලා....

    ReplyDelete
  3. සංසාරේ... මාත් වෙන අතක් බලා ගන්න වෙයි වගේ... රාවණා...හ්...

    ReplyDelete
    Replies
    1. උඹ නං ඉවරයි මාරයෝ. දැන්ම කේන්දරේ බලාගනිං බෝධි පූජාවක්වත් කරගන්න.

      Delete
  4. හිකි හිකි හිකි.
    පව් අප්පා මහින්ද මාමා..:/

    ReplyDelete
  5. හත්ඉලව්වයි... මාර කේස් එක වෙන්නෙ... ;)

    ReplyDelete
  6. හැබැයි මේ පාර නම් රනිල් නිකන් ඉන්න එකක් නෑ. එයාට හොඳටම තරහ ගිහිල්ල. ඊයෙ දැක්කනෙ පොලේ ගෑණියෙක්ටත් බැන්න. එලටම ලියල තියෙනව රාජ්.

    ReplyDelete
  7. මම හිතන් හිටියේ මහින්ද මමාට කියලා ජොබ් එකක් හොයා ගන්න දැන් එකත් නැ ......

    ReplyDelete
  8. අනේ නොවැම්බර අට වෙනිදා මහින්ද මාම වෙව්ලන හැටි මට මතක්වෙනවා....

    ReplyDelete


  9. එල්ටීටීය ටී 56 සිට රොකට් ලොන්චරයේද... සෑම් මිසයිලසේ සිට සබ්මැරීනය දක්වාම අයුධ.. සහ යුද්ධෝපකරණ මිලදී ගත්තේ එල්ටීටීයේ ජාත්‍යන්තර අවිගණුදෙනු කරු වන කේ.පී හරහාය....එල්ටීටීමයට ජාත්‍යතන්තර වශයෙන් අරමුදල් රැස්කරනු ලැබුවේද ඔහු මුලික කරගත් ජාත්‍යාන්තර ජාලයයි... මෙය අප සැම හුදෙක් පිළිගන්නා මෙන්ම වරනි වර රජයේ මාධ්‍යද රජයේ මාධ්‍ය ප්‍රකාශකද මතු කරනු ලැබු කාරණයකි....රජයේ මාධ්‍ය ප්‍රකාකශ කෙහෙලිය රඹුක්වැල්ල මහතාට, ඔස්ට්‍රෙලියාවේදී හෝටලයෙන් බිමට වැටීමෙන් පසු “මට කිසි දෙයක් මතක නැතිවී“ නැතනම්, කේ.පී අත්අඩංගුවට ගැනීම හමුවේ ඔහුගේ උදම් ඇනීම නැවතත් ජනාතාවට මතක කර දිය හැකිය....

    මෙවැනි දේ හමුවේ හුදුමහත් දේශමාක ජනාවටද කල හැක්කේ එකම දෙයකි....

    අතට අසුවන ඕනැම බර දෙයක් ගෙන.... හිස් මුදුනට හත් අට වතාවක් වැරෙන් පහර දි....

    “අපිට මුකුත් මතක නැහැ“

    කීම පමනකි....

    අපි හැමෝමට සුභ අනාගතයක්......

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කවුද දන්නෙ මේ යනවිදිහට නොවැම්බර් අට වෙනිදට රනිල් මා අගමැති වෙයිද කියලා..

      Delete
    2. මේ යන විදියට කේපී නං අගමැති වෙයි ලඟදි.

      Delete
  10. බෙස්ලට් චුයින්ගම් කඩයක් දාගත්තොත් චන්ද කාලෙටවත් බිස්නස් තියේ නොවෑ

    ReplyDelete
    Replies
    1. පිස්සු නම් කරන්න එපා... නිකම් දෙනකොට සල්ලි දීලා ගනියි යෑ මිනිස්සු....

      Delete
  11. එස් බී,බන්දුල ඒ ආණ්ඩුවෙත් අධ්‍යාපන ඇමතිලද දන් නෑ.....

    ReplyDelete
    Replies
    1. ඒව වෙන්න පුළුවන් දේවල්.

      Delete
  12. මේකේ නම් දෙන උපහාසය අපුරුයි. දේශපාලනේ සිද්දවෙන එක එක සිද්දි අරගෙන මුළු අනාගතයම විග්‍රහ කරන්න හදන ලිපි කීපයක්ම මම කියෙවුවත් එකකවත් ලියන්න හිතුවේ නැහැ. එක්කෙනෙක් හයිඩ්පාකෙකේ හිටි සෙනග පින්තුරයක දැකල ඒකෙන් එස් එෆ්ගේ අනාගතේ විග්‍රහ කරන්න යනවා. අපේ රටේ පසුගිය අවුරුදු පනහක දේශපාලනේ වෙනස්වීම් දැක්ක මට නම් ඔය විග්‍රහ ඔක්කොම විහිලු.. ඉතිහාසේ සිදුවීම් ඔය විදිහට සරලව විග්‍රහ කරන්න බැරි බව විතරක් මම කියන්නම්. ඔබාමා මුලින්ම කරලියට එනකොට කවුරුත් එයාට ඩිමොක්‍රටික් පක්ෂෙන් ටිකට් එක ලැබෙයි කියල හිතුවේ නැහැ. මමත් හිතුවේ නැහැ. ඊටපස්සේ ජනාධිපති වෙයි කියල හිතුවෙත් නැහැ. ඒත් උනේ ඒකයි.. අවුරුදු දහයකට කලින් කවුරු හරි කිවුව නම් මහින්ද මහත්තය ජනාදිපති වෙනවා කියල තිබිච්ච කැපිල්ලේ හැටියට වැඩි දෙනෙක් හික්ස් කියයි.. ජීවිතේට කවුන්සලේ කතාවක් නොකළ විජේතුංග මහත්තය අපේ රටේ ජනාදිපති උනා. චන්ද්‍රිකා නෝනා ගැනත් එකමයි කියන්න තියෙන්නේ. හැමෝම තමුන් හරිය කියල හිතන පැත්තෙන් විග්‍රහ කරනවා. එවුව කියවලා හික්ස් කියලා යන එක සැපයි වාද විවාද වලට පැටලෙනවාට වඩා. ..

    ReplyDelete
  13. ඒඉ කියන්නේ රාවණා යු. ඇම්. පි. එකෙන් බලයට එනවා කියන එක ද...

    ReplyDelete
    Replies
    1. මට රාවනා අමතක උනානේ.

      Delete
  14. පට්ට කතාව රාජ් අයියේ! සිරාවට ලියලා තියෙනවා. මොනා උනත් උඹ දත් මදින්න හිතපු එක නම් ලොකු දෙයක්! :P

    ReplyDelete
  15. අම්මප රාජෝ පෝස්ට්කටුව කියවල ඉවර වෙනවත් එක්කම මට හිතුනේ රනිලයා ආචාර්ය ජයරත්නගේ චූර්ණිකාව බලලද තියලයි. පහලට එන කොට මධුරංග ත් එහෙම දෙයක් කියනවා දැක්කා. කෝ බං මේ ආචාරියා ඒකා මේ දවස් වල පෝස්ට් කටු දාන්නේ නැත්තේ ලැබෙන ෆ්රී ටයිම් එකේ රාවණාට කිති කව කව ඉන්නවත්ද බං වේලාවට නැගිට්ටගක්න බැරිවේය කියල හහ්හහ්හා. නියම පෝස්ට්කටුවක්. මේක දැක්කම මතක් වුනේ බුවාට වීනි මතක් වෙච්චි එක අළුත් උන එක

    ReplyDelete
    Replies
    1. රාවනා ගැන දැක්කෙ නෑ.

      Delete
  16. දත්බුරුසුවක් ගිය දුර, තව පොඩ්ඩෙන් ආණ්ඩුව කඩේදිම පෙරලෙනව.

    ReplyDelete
  17. හෙක්... එහ්ක්... හෙක්... ඕක්..(හිනාව වැඩි වෙලා වමනෙත් ගියා. අප්පිරියාවටද මන්ද?)

    ReplyDelete
    Replies
    1. වැඩිය හිනාවෙන්න එපා.......

      Delete
  18. හික්ස් කියන්න තමයි ඉතින් තියෙන්නේ....

    ReplyDelete
  19. රනිල්ගේ පර්සනල්ටියේ ගැටළුවක් තිබෙන බව හැබෑය. නමුත් දැන් උගුර කඩාගෙන කෑ ගසන සජිත්ට වඩා රනිල් දේශපාලන අංගුත්තර නිකායේ පොරකි. පෙනුමට සජිත්ට තිබෙන බිම් මට්ටමේ බලය හැටියට කණෙන් ඇද සිරිකොතෙන් එළියට දමන්නට හැකි විය යුතුයි. නමුත් සජිත්ලාට එහෙම කරන්නට ගටක් නැත. මගේ අදහස නම් රනිල් ගෙදර යන්නේ ලංකාවේ ඊළග පාලකයා වීමෙන් පසුවය. හැබැයි එයින් ලංකාවට අත්වන සුගතියක්ද නැති බව කිව යුතුය.

    ReplyDelete
    Replies
    1. //මගේ අදහස නම් රනිල් ගෙදර යන්නේ ලංකාවේ ඊළග පාලකයා වීමෙන් පසුවය.//

      හොඳටම ෂුවර්ද? :-)

      Delete
  20. පොලේ ඇන්ටිලා...කුනු බිත්තර හෙව්වා කියා ආරංචියක් ඇත..!

    ReplyDelete
  21. bolala e manussayata nakkaleta hina wenta epa. 8wenidain passe sudu van ewai. Ehema unoth apita karadara karanna epa ane mawa beraganen malayo kiyala.

    Mahinda maama ayaweya wenas karanawalu. miniha baya wela.

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් කේස්එක ඉවරවෙන්නෙ නැද්ද?

      Delete
  22. මොනව කරත් මරු නිර්මාණය.. බි. පෙ. සි

    ලොක්කා තවම බුද්ධිමත් ජනතාව අවදි උනේ නෑ.. උන් අවදිකරන්න හරිම අමාරුයි. අනික සිංහල බෞද්ධ කියන ඇහේ සුද ඇවිත් තියෙන්නේ. ඒ සුද අහක් කරන්න සෑහෙන අමාරුයි.. දැන්ම පෙරමුණු බඳින්න ඕන නෑ.. කලබල වෙන්න එපා ඒවා වෙලාවට වෙයි.. නමුත් මේ ඒ සඳහා කාළය නොවේ.. අවසානයක ආරම්බ කාලය පමණි..

    ReplyDelete
    Replies
    1. හරි හරි ඔහොම යං ඔහොම යං.....

      Delete
  23. මගේ ප්‍රශ්නය.
    දත් බුරුසුවක් ඇයි?
    දත කට මැදගෙන බලා ඉන්නයි යන්නේ නේද?

    ReplyDelete
    Replies
    1. කකාටත් හිතෙන දේවල්!

      Delete
  24. හඃ හා සරලයි. උපරිමයි.

    ReplyDelete
  25. ලොක්කව නොවැ 8 ගෙදර යවලම තමා මෙදා පොටේ පස්ස බලන්නේ නැත්තම් අපේ ලොක්කගේ නම රනිල් නෙවේ හරිය?. :P

    ReplyDelete
  26. සිරාවට???? :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  27. අම්මද බොල රනිල් කොල්ලෙක් වෙලා.. හරිම දරුණු සමනලයා ... !

    ReplyDelete
  28. මෙහෙ ප්‍රස්තාව පිරුළුලක් තියෙනවා "අපායට යන මාර්ගය තැනිලා තියෙන්නෙ යහපත් අරමුණු වලින්" කියලා!!!!!

    ඉංග්‍රීසියෙන් කියන්නෙ මෙහෙම: road to hell is paved with good intentions

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. යහපත් අරමුණු ඔස්සේ ගියාම අපායට වැටෙන්නෙ ඒකට තියන කැමැත්ත නිසා වෙන්න ඇති.

      Delete
  29. එකල ජේ ආර් ජයවර්ධනටත් බිම් මට්ට්මේ සහයෝගය නැති ආණ්ඩු පෙරලිය නොහැකි පුද්ගලයෙක් බව ජනප්‍රිය මතයක් වුනා හැබැයි ඒ සියල්ල බොරු කරමින් ජේ ආර් 77 දී ඔහු දිනුවා. 77 දිනලා කරපු පෙරලිය නිසා තමයි සාමාන්‍ය මිනිහෙක්ට ටී වී එකක් ෆ්‍රිජ් එකක් වාහනයක් ගන්න පුළුවන් උනේ. එජාපය ට මේ සත්‍ය ජනතාවට ඒත්තු ගන්නවන්න බැරිකමයි තියෙන්නේ 1970 -77 කාලේ කපු කට්ට කවුරුත් දන්නෙත් නෑ මතකත් නෑ. රනිල්ගේ පාලනය කොහොම වෙයිද කියල රතු රජරට දැන්මම කියල ඉවරයි. අර අරුණි අක්ක කියනවා වගේ ළමය හම්බ වෙන්න ඉස්සෙල්ලාම පෙකණි වැල කපල නේ.

    ReplyDelete
    Replies
    1. ජේ ආර් ජයවර්ධන කියන්නෙ රනිල්ට වඩා ගව් ගනනක් ඉදිරියෙන් හිටිය දේශපාලකයෙක්. මේ දෙන්න සංසන්දනය කරන්න අමාරුයි.
      ළමය ඉපදෙන්න ඉස්සෙල්ල පෙකනිවැල කැපිල්ල තරම් සරළ නෑ මේ සිදිධිය. බලමු! පෝස්ට් එකකින්ම උත්තර දෙන්න.

      Delete
  30. හුරේ! ආවා ආවා...හ්..... සැබෑ සමනළ විප්ලවය ආවා!...සීනි නෑ....හ්....ඕයි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි බං. සමනල විප්ලවය කියන්නෙ ඕක වෙන්නැති.

      Delete
  31. උදේ පාන්දර ලේ පිරිසිදු කරගත්ත :D :D

    ReplyDelete
  32. ඇයි ඉතින් 8 වෙනිද වෙනකං ඉන්නේ? යූඑන්පී එකේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ඉන්න එකාව රැකගන්න විදිහට මිසක් අලුතෙන් එකෙකුට හැදෙන්න පුළුවන් විදිහට නෙමෙයි. විධායක ජනාධිපතිකමයි, විපක්ෂනායක කමෙයි වැඩි වෙනසක් නෑ.. ඉන්න ආස කට්ටියට...

    මේ කලර් කෝඩිං වලට තේරුමක් තියනවද කියලා බැලුවේ?

    ReplyDelete
  33. //ඇයි බං ඇහුනෙ නැද්ද ඊයෙ රනිල් මහත්තයගෙ කතාව. උන්නැහේ කිව්වෙ නොවැම්බර් අට වෙනකල් විතරයි ආන්ඩුවට චාන්ස්එක දෙන්නෙ කියල!//

    රනිල් මහත්තයට ජය වේවා...!!!

    ReplyDelete
  34. සුපිරි ගේමක් දෙයි...
    …ඉන්ද්‍රජිත්...

    ReplyDelete
  35. අදමද කොහෙද මේ පැත්තේ ආවේ..
    රනිල් තුමා හරි වසයි.. දින තියල කියන්නේ..:)
    පොස්ටුව මරු. අවසානයට එනකල් ම හිතා ගන්න බැරිවුනා මොකක්ද කතාව කියල!!

    ReplyDelete
  36. හොඳ වැඩක් වෙයි රනිල් මහත්තයා දැන් දරුණු වෙලා. කේන්ති යන්නේ නැති මිනිසුන්ට කේන්ති ගියාම පාලනය කරන්න අමාරුයි.

    ReplyDelete
  37. ඡන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්න බැරි ජාතික ලැයිස්තුවෙන් ආපු තිස්සයා ආණ්ඩුව පෙරළන්න... හික් මට හිනා යනවා අයියෝ....

    තත්වය එසේ වුවද සිරා පළමු වැනි පර්සි රජුගේ අනුගාමිකයෙකුද නොවේ...

    ReplyDelete
  38. මම මේ පැත්තට ආවෙ දෙවෙනි වතාවට මේ පොස්ට් එකට මම දාපු කොමෙන්ටුවට උඹ දාපු ප‍්‍රති මෙවුවා එක බලන්න.... උඩට පහලට ඇදලා හෙවුවට මගේ කොමෙන්ට් එක නෑනේ... පෝස්ට් එක කියවලා උක පුඩ දාගෙන කොටපු කොමෙන්ටුව වෙන බ්ලොග් එකක අලවලා.... මයෙ හිතේ දැං ඉතිං ඒක හොයාගෙන සොරි කියලා එන්නං..

    ReplyDelete
  39. මරු මරු... එන්ට පරක්කු වුණාට සමාවෙන්ඩෝ....

    ReplyDelete