Thursday, October 3, 2013

දෙයියන්දර හාමුදුරුවන්ගෙ පොල් මාරුව සහ එජාපයෙන් නූතන අප්පුහාමිලාට...........

දෙයියන්දර හාමුදුරුවෝ ම'පියානන් කුඩාකල අපේ ගමේ විහාරයේ මෙන්ම ඊට අයත් දුරබැහැර ප්‍රදේශයක පිහිටි විහාරයකද විහාරාධිපති ධූරය දැරූ හිමියන්ය. වැඩි කාලයක් අපේ පන්සලේද මාසයකට වරක් දෙකක් අනෙක් පන්සලේද වාසය කිරීම මුන්වහන්සේගේ සිරිත වී තිබුනි. කුඹුරු සහ පොල් ඉඩම් විශාල ප්‍රමාණයක් ගමේ පන්සලට අයත්ව තිබූ අතර අනෙක් පන්සල එතරම් දියුණු තත්වයක නොතිබුනි. පන්සල් දෙක අතර වූ ගව් ගනනක දුරකතර ගෙවායාමට ප්‍රවාහන පහසුකම් නොතිබූ ඒ යුගයේ ගමන සිදුවූයේ පයින්ය. පන්සලේ සිටි ආවතේවකරුවා වූ අප්පුහාමිගේ කර මත ඇති කත්ලීයේ පොල් වල්ලක් දෙකක්ද පටවාගන්නා හාමුදුරුවෝ මල්ලක දමාගත් ලොකු බුලත් පුවක් ආදියත් සමඟ උදෑසනින් චාරිකාව අරඹනසේක. ටික දුරක් ගමන් කරන විට වියයුතුම පරිදි බර ගෙනයන අප්පුහාමිට දැනෙන්නේ දැඩි විඩාවකි, අපහසුවකි. එවිට හාමුදුරුවන් අනුගමනය කරන්නේ අපූරු උපක්‍රමයකි. එනම් කත්ලී දෙපැත්තෙහි ඇති පොල්ගෙඩි මාරුකර නැවත සකසා අප්පුහාමිට බුලත්විටක්ද සැපීමට දී නැවත ගමන ආරම්භ කිරීමයි. හාමුදුරුවන් වදාරන පරිදි එවිට බර අඩුවන අතර එය අප්පුහාමි විසින්ද තහවුරු කරයි. අප්පුහාමිලාට මානසික අල්ලස් දෙන්නේ එසේය.

එක්දහස් නවසිය පනස් ගනන්වල නූගත් අප්පුහාමි කෙනෙකු අරභයා අනුගමනය කල මේ උපක්‍රමය නූතන සමාජයේ අප්පුහාමිලා රැවටිය හැකි යයි සිතන පොල් බූරුවන් පිරිසක් අද සිටී. ඒ අනෙකුන් නොව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ලඟම ගෝල බාලයන්ය. මැතිවරණ පරාජයකට පසු පක්ෂයේ කුමක් හෝ කුඩා වෙනසක් සිදුකර ඡන්ද දායකයන් රැවටිය හැකි යයි ඔවුන් සිතා සිටී. පසුගියදා පැවති පළාත් සභා මැතිවරණය පරාජයතත් සමඟ ඔහු ලැබූ විසි හත්වන පරාජය බැව් කොහේදෝ ලියැවී තිබුනා මතකය. රනිල් තවදුරටත් එජාපයේ නායකත්වයේ රැඳී සිටියයුතුද යන්න දැනටම පට්ටගසා ඇති මාතෘකාවකි. බ්ලොග් අවකාශයේදී නම් රනිල්ට යම් පිලිගැනීමක් ඇත. ‍මේ කරුණු විමර්ශනය සිදුවන්නේ ඒ ඒ සංවාදවලදී මතුවූ කරුණු කාරණා පිළිබඳවය.

රනිල් වික්‍රමසිංහ බොරු සෝබනකාරයෙක් නොවේ. මහින්ද රාජපක්ෂ මෙන් ඔහු දරුවන් නලවන්නේ නැත. නෙළුම් කොලයේ කෙසෙල් කොලයේ එහෙමකට බත් කන්නේ නැත. කුඹුරු වලට බැස හරකුන් සමඟ මඩ ගාගෙන සී සාන්නේ නැත. මිනිසුන්ගේ බුරිවලට ඇඟිල්ලෙන් අනින්නේ නැත. කිතිකවන්නේ නැත..... මේ ආදී ලෙස ඕනෑතරම් කරුණු දැක්විය හැකිය. අනෙක් අතට ඔහු ධනවාදී ක්‍රමය පිලිගන්නා එසේම ඒ බැව් ප්‍රකාශ කරන නායකයෙකි. මහින්ද රාජපක්ෂ මෙන් නොව තමා ධනවාදී මොඩලයේ බැව් ප්‍රකාශ කිරීමට නොපැකිලේ. දේශප්‍රේමයක් ඇත්තේම නැත. මෙවන් යහපත් කරුණු රැසකින් රනිල් මහතා ආවරණය කල හැකිය.

එහෙත්,

ප්‍රශ්නය ඇත්තේ ඔහු මැතිවරණ ජයග්‍රහණය කිරීමට දක්වන දුර්වලතාවයයි. දෙදහස් එක වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයත් ඉන්පසු පැවති පළාත්සභා මැතිවරණයත් හැරුනු විට ඔහුගේ නායකත්වය යටතේ ජයගත් එකදු මැතිවරණයක්වත් නොමැත. අනෙක් අතට බ්ලොග් අවකාශයේ සමහර දේශපාලන ලියුම්කරුවන් උළුප්පා පෙන්වන මහත්මා ගතිය පරාජය සම්බන්ධයෙන් නම් ඔහු තුල නැත. අවුරුදු විස්සක පමණ කාලයක් තිස්සේ පරාජය වන ඔහු, පරාජයෙන් පසු තනතුරු අත්හැර දමන බටහිර දේශපාලන නායකයන්ට සමාන කිරීම විහිළුවකි. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය ප්‍රතික්ෂේප කර ගැටුම් ඇතිකර ගැනීම හේතුවෙන් මේ වනවිටත් ආණ්ඩුව වෙත සංක්‍රමණය වූ ජනතා නියෝජිතයන් සංඛ්‍යාව ගැන සිතාබැලීමෙන් ඔහුගේ තරම තේරුම්ගත හැකිය.

රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් නායකත්වයේ සිටියයුතු යයි ප්‍රකාශ කරන්නන්ගේ ප්‍රධාන තර්කය වන්නේ මහින්ද රාජකත්ෂ ජනාධිපතිවරයාට ඇති හොඳම විකල්පය ඔහු බවයි. එහි සත්‍යතාවයක් ඇත. න්‍යායාත්මකව ගත්කල මහින්ද චින්තනයට (එසේ යමක් තිබේනම්) විකල්පයක් විය හැක්කේ රනිල් වික්‍රමසිංහගේ වැඩ පිලිවෙල පමණි. පසුගිය දිනෙක වික්‍රමබාහු කරුණාරත්න මහතා ප්‍රකාශ කල පරිදි සජිත් ප්‍රේමදාස වැන්නන් ජනාධිපතිතුමාට විකල්පයක් නොවේ. එහෙත් මේ සියල්ල මහපොලව මත සිටුවීමට නම් රනිල් මහතා බලයට පත්විය යුතුය. එය විය නොහැක්කක් බව මේ වනවිට තහවුරු වී තිබේ. එසේ නම් කලයුත්ත වන්නේ අලුත් නායකත්වයක් සොයා ගැනීමයි. ඒ සජිත් ප්‍රේමදාස හෝ කරු ජයසූරිය හෝ වෙනත් කෙනෙකු විය හැකිය. ඔහුද අසාර්ථක නම් තවෙකෙකු සොයාගත යුතුය. දේශපාලනය යනු පරිවර්ථනය වෙමින් සාර්ථක වියයුතු ක්ෂේත්‍රයකි.

දිනෙන් දින විශාල වන වෘක්ෂයක් බඳු වූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම මේ වනවිට ඕනෑම අයෙකුට අභියෝගයකි. පාර්ලිමේන්තුවේ මෙන්ම ව්‍යවස්ථාවෙන්ද ඔහුට ලැබෙන්නේ අනුබලයකි ශක්තියකි. කොතෙකුත් මැතිවරණ පරාජය වුවද තම ඒකාධිපති පක්ෂ ව්‍යවස්ථාවෙහි පිහිටෙන් බලය අල්ලාගෙන සිටින රනිල් වික්‍රමසිංහද මහින්ද රාජපක්ෂට දෙවැනි වන්නේ නැත. ඔහුට අභියෝග කිරීම ලෙහෙසි නැත. තම සම ලිංගික සගයන් පිරිවරාගෙන මියයනතෙක් පක්ෂ නායකත්වයේ රැඳී සිටියහොත් එය පුදුමයට කාරණාවක් නොවේ.

51 comments:

  1. මම නම් දේශපාලනය කතාකරන්නෙ බලේට ආවට පස්සෙ කතාකරපු මගෙ කට කපාගන්නෙ නැතුව ඉන්න පුළුවං කියල මට හිතෙන නායකයෙක් ඔය පස්සෙ ඉන්නවා දැක්කොත් තමයි.. එහෙම කෙනෙක් ගව් ගානකින්වත් පෙනෙන්න නැත.. අපේ රටට කෙල උනේ දිනන්න පුළුවන් අයම ඉස්සරහට දාල දිනපු හින්දම තමයි..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මෙහෙමයි. පරදින කෙනා ඉස්සෙල්ලම ඉවත් විය යුතුයි. ඊට පස්සෙ එන කෙනා ගැන ඊට පස්සෙ. අවුරුදු විස්සක කාලයක් කියන්නෙ ලොකු කාලයක්. මහත්මා දේශපාලකයක් තිබුන නං මේ වෙනකොට ඉන්නෙ හතර වෙනි නායකය විතර.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. //දේශපාලනය යනු පරිවර්ථනය වෙමින් සාර්ථක වියයුතු ක්ෂේත්‍රයකි.//
    දේශපාලනය විතරක් නෙමේ රාජ් කොයි දේ වුනත් එහෙම වියයුතුයි.
    අනික් කරුණ රනිල්ගෙන් පස්සේ කවුද පක්‍ෂ නායකයා කියන එක නම් එකට වග කිවයුතු අයෙක් තමයි රනිල් මේ දක්වා අසමත් වෙලා තියෙනවාදෙවැනි පෙළ නායකත්වයක් පක්ෂය ඇතුලේ නිර්මාණය කිරීමට.

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව තමයි රනිල් දක්ෂ දෙවනිපෙලකට බය වීම. මොකද රනිල් යනු උගත්කමෙන්,බුද්ධියෙන් හා දේශපාලන දැනුමෙන් මෙන්ම පිළිගැනීමකින් යුතු අයෙක් වුනාට ඔහු ස්වභාවයෙන්ම දුර්වල පෞරුෂයකට හිමිකම් කියන්නෙක් වීම , සංවිධාන ශක්තියකින් තොර පුද්ගලයෙක් වීම.

      Delete
    2. හරියට හරි බං,දෙවැනි පෙළක් වුන්නනම් කිසිමදාක මේ පක්‍ෂට මේහෙම වෙන්නේ නැහැ.
      හැබැයි අද යු.එන්.පි.එකට වෙලා තියෙන දේ මහින්ද මහත්තයාගෙන් පස්සේ ශ්‍රී ලංකා එකට අනිවාර්යෙන් එනවා.
      මොකෝ උන්නහෙත් කිසිසේත්ම දෙවැනි පෙළක් නිර්මාණය කරන්න අකමැති නිසා.(නාමල් ඇතුළු කණ්ඩයම 2වැනි පෙළක් නෙමේ.)

      Delete
    3. මනෝජ් & ඉවාන්
      රනිල්ට නායකත්වය භාරවෙන අවස්ථාවෙ දෙවැනි පෙලක් නැතිගානයි. කොටින්ම රනිලුත් දෙවැනිපෙලේ සිටියදී තමයි නායකත්වයට පත්වුනේ. ඒ වගේම අපේ රටේ තියන දේශපාලන තත්වයත් එක්ක ශක්තිමත් දෙවැනි පෙලක් සාමාන්‍යයෙන් හැදෙන්නෙ බලයේ ඉන්න පැත්තෙ මිසක් විපක්ෂෙ නෙවේ. දයාසිරි සහ ඊට කලින් ‍ගියපු පිරිස බැලුවම තේරෙනවනේ මොකද වෙන්නෙ කියල.

      Delete
    4. හැබැයි ඒ අතින් ජේ.ආර් ලොක්කා ග්‍රේට්.ඇතුලත්මුදලි,ගාමිණී,ප්‍රේමදාස වගේ සෙට් එකක් හාගෙනමයි එයා ඉස්සරහට ගියේ.

      Delete
  4. තර්කයක් නැහැ රාජ් සමඟ එකඟයි.විපක්ෂයට කොන්දක් ඕන කරලයි තියෙන්නේ.නැතිනම් උදාවෙන හෙට දවසේදී වන සතුන්ගේ පවා ජීවිතය අඩමාන තත්වයකට පත් වේවි.

    ReplyDelete
    Replies
    1. ඔව්. මේකෙ වාසිය ලොක්කට යනඑක නවත්තන්න බෑ නෙව. ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
  5. මේ පෝස්ටුව අරභයා මහාචාර්ය මා තලන් ශ්‍රීමතාණන්ගේ හරබර කොමෙන්ටුව වැටෙනතුරු බලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. හප්පේ... මමත් බලා සිටිමි. දෙයි පට්ට විග්‍රහයක්..

      Delete
    2. :D

      මංතුමානං ඔන්න මොනවත් කියන්නේ නැහැ.. මං මේ බයේ ඉන්නේ වැරදිලාවත් මේ යෝධයා මේ වෙලාවේ අයින් උනොත් සිද්ධ වෙන අලකලංචිය ගැන... “අපේ මහින්ද අයියට“ නෙව මෙයා නැතිවෙන එකේ පාඩුව...

      Delete
    3. මාරයා
      මං හිතුව උඹ හිනාවෙලා යයි කියල.

      Delete
  6. රනිල් හිතාගෙන ඉන්නේ මහින්දගෙන් පස්සේ කවදා හරි එයාට චාන්ස් එකක් එයි කියලයි. ඉතින් කොපමන යෝජනා ගෙනාවත් ඔහු ඉවත්වෙන්නේ නෑ. කොච්චර කට වාචාලයා වුනත් විමල් වීරවංශ මහතා කියපු එක දෙයකට නම් මාත් එකඟයි,

    "දැන් බලන්න මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා විපක්ෂ නායක කමෙන් එලවා ගන්න තියෙන අමාරුව ....කොහොම හිටීද හදිසියෙවත් මේ යෝදයා ජනාධිපති වුනානම්......මේ කපේදී එලවන්න ලැබෙන්නේ නෑ "

    ReplyDelete
    Replies
    1. ඔක තමයි මටත් තියෙන බය....

      Delete
    2. ඉවාන්,
      මගේ ලිපියෙ අන්තිම ඡේදෙන් මම කිව්වෙ ඔය කාරණාවට හේතුව. මෙන්න තවත් පැහැදිලිව,
      "අද තියන ව්‍යවස්ථාව නිසා මහින්ද රාජපක්ෂ ශක්තිමත් වන්නේ යම්සේ ද එජා පක්ෂ ව්‍යවස්ථාව නිසා රනිල් ඒ ආකාරයෙන්ම ශක්තිමත් වේ"
      මේ පක්ෂ ව්‍යවස්ථාව කියන්නෙ රටේ ව්‍යවස්ථාවටත් එහා ගිය විකෘතියක්. අන්න ඒකයි දයාසිරි ජයසේකර පරද්දල දයා ගමගේ ජාතික සංවිධායක වෙන්නෙ. දයාසිරි පරද්දන්නත් ඒ පිලේම හිටිය සජිත් දිනන්නත් හේතුව රනිල්ගෙ ආශිර්වාදය මිසක් වෙන දෙයක් නෙවේ. ඕන නම් රනිල්ට පුළුවන් හෙට සජිත්ව නියෝජ්‍ය නායක ධූරයෙන් අයින් කරල වෙන කෙනෙක් දාන්න. කෘත්‍යාධිකාරී මණ්ඩලය එයාගෙ.

      Delete
  7. රාජ් සමඟ එකඟ වෙමි !
    ශක්තිමත් විපක්ශයක් තිබ්බා නම්....

    ReplyDelete
  8. මහා භයානක අවසානයක් දක්වා යන ගමනක රනිල් සහ ගෝල පිරිස ඉන්නවා කියලා වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම! එයාල රන්ඩු වෙවී බලාගෙන ඉන්නව. ඒකයි!

      Delete
  9. විකල්පය තමයි රවි ජයවර්ධන..............J.R. පුතා

    ReplyDelete
    Replies
    1. ඔහු සැමදාමත් නිහඬ ගුප්ත පුද්ගලයෙක්,දේශපාලනයට එන එකක් නැහැ.ආවත් සාර්ථක වෙන්නේ නැහැ.නිහඬ මිනිසෙකුට සාර්ථක දේශපාලකයෙක් වෙන්න අසීරුයි.

      Delete
    2. මාත් හිතන්නෙ නැහැ ඔහු එයි කියල.

      Delete
    3. රවි ජයවර්ධන හැමදාමත් නිහඬ ගුප්ත පුද්ගලයකු වුණේ නැහැ. ඔහු ඒ තත්වයට පත් කරනු ලැබුවා. රවි ගෙන ආ මනමාලිය සමඟ ජේ. ආර්. පප්පා නිදි වැදුණා පමණක් නෙවෙයි ළමයෙකුත් හම්බ වුණා. ඉතින් රවිට පිස්සු හැදිලා මහණ වෙන්න ගියා. පස්සෙ කාලෙක නම් තාත්තව බේර ගන්න තිරයෙන් පසුපස ඉඳලා වැඩ ටිකක් කළා. හැබැයි දැන් නම් කිසිම වැඩකට නැති චරිතයක්.

      Delete
  10. විරුද්ධ පක්ශයක් වෙන්න නම් විකල්ප ප්‍රතිපත්ති තිබිය යුතුයි.
    එජාපයේ බැරි බැරියාවට ප්‍රධාන හේතුව එය යයි සිතේ.

    මේ දෙගොල්ලන්ගෙම, තුන්ගොල්ලගෙම විරුද්ධ පක්ශ දෙක දෙගොල්ලන්ගෙ, මාරුවට විනාශ කරල අවසානයි.(ජවිපෙ හා එල් ටී ටීය ) තෑග්ග ලෙස ලැබුනු කේක් එක ගොල්ලක් තනිවම කනව. අවුල එතනයි. ඒ ඇරෙන්න රනිල්ලට අවුලක් නෑ. ජනතාවගේ අරක්ශාව වෙනුවෙන් දැන් විරුද්ධ පක්ශෙත් පණ ගහල ගන්න වෙලා තිබෙන්නේ වමාංශිකයිනටමයි. ඒ සඳහා රනිල්ට වඩා සුදුස්සෙක් තවම එජාපයේ නෑ. සජිත්ට ක්‍රොම්ප්‍රදෝරු ධනපතියන්ගේ හා එයට ඇඳුනු ලොකු ලොක්කන්ගේ සහයෝගය නොලැබේ යයි අනුමාන කල හැකි නිසා ඔහුට බලය ලැබීම යලි ප්‍රේමදාස යුගයකට රට ගෙන යාදෝයි අපට සාධාරණ භයක් උපදී.

    රනිල්ගේ 'පුද්ගලික ලිංගික කැමත්ත' සාධාරන දේශපාලනයක් කිරීමට බාධාවක් වී නොමැති බැවින් එය පක්ශයේ ඡන්ද පරාජය හා පටලවා ගත යුතු නැත.

    කොහොමත් බලයේ ඉන්නේ රනිල්ගේ කස්ටියම තමයි.
    සල්ලි තිබෙන, කස්ටිය.

    ReplyDelete
    Replies
    1. අවුල මේකයි. මේ වෙලාවෙ දේශපාලනය කේන්ද්‍රගත වෙලා තියෙන්නෙ දේශප්‍රේමීත්වයත් එක්ක. කොතරම් කාරණා තිබුනත් මූලික වන්නේ එය බව පහුගිය මැතිවරණ ප්‍රතිපල අපට කියනව. දේශප්‍රේමය හොඳින්ම විකුනන මහින්ද රාජපක්ෂ ඉන්න එකේ තවත් කෙනෙක් මොකටද.

      ලිංගිකත්වය පෞද්ගලික වන තාක් අවුලක් නෑ. ඒත් ඒක දේශපාලනයත් එක්ක එලියට ඇවිල්ලයි තියෙන්නෙ. තමුන්ගෙ සගයන්ට තියන සැලකිලි අනිත් අයට නොලැබෙන හැටි අපි දැ්ක නෙව.

      Delete
    2. //රනිල්ගේ 'පුද්ගලික ලිංගික කැමත්ත' සාධාරන දේශපාලනයක් කිරීමට බාධාවක් වී නොමැති බැවින් එය පක්ශයේ ඡන්ද පරාජය හා පටලවා ගත යුතු නැත.//

      දයාල් තුමා නිදාගෙන හිටිය ද?

      රනිල් ගැන මට නම් තියන ලොකුම විවේචනේ මේක. පුද්ගලික ලිංගික කැමති සඳහා දේශපාලනේ කැප කිරීම අතින් මගෙ හිතේ රනිල් විතර නරක නායකයෙක් ලංකාවෙම හිටියෙ නෑ. චන්ද්‍රිකාටත් හිටියෙ සනත් විතරයි ඒකට චන්ද්‍රිකත් පක්ෂෙ පාවා දුන්නෙ නෑ. අකිල විරාජ් නිසා දයාසිරි එලව ගත්ත, සා"ගල" නිසා බුද්ධික පතිරණ ට ගේම දුන්න. දිනේශ් දොඩංගොඩ වගේ පිස්සෙක් ට මන්ත්‍රී කමක් දුන්න.

      Delete
  11. රනිල් වික්‍රමසිංහ අවිවාදයෙන්ම හොඳ දේශපාලකයෙක්..නමුත් ජනප්‍රිය මැතිවරණ දිනිය හැකි දේශපාලකයෙක් නෙවේ. ජේ ආර් 77දී පක්ෂය දිනාදුන්නේ ජේ ආරේගේ මොළයත්, ප්‍රේමදාසගේ කටත් , ගමිණී දිසානායක, ලලිත් ඇතුලත්බුදලි වැනි තරුණ දේශපාලකයන්ගේ කැපවීමත් නිසා. අද යූඇන්පීයේ එහෙම තත්වයක් තියෙනවාද? නැහැ. අද මුදලට, බලයට කෑදර දේශපාලයකයින් ඉන්නේ. මේ තත්වය පොදුපෙරමුණත්, යූඇන්පියටත් අදාලයි. පොදුපෙරමුණ රැකිලා තියෙන්නේ යූඇන්පියෙන් ගිය අය නිසා. යූඇන්පිය එක තැන පල්වෙන්නේ එකමුතුවක් නැති නිසා. පොදුපෙරමුණට යන්ට බලාගෙන එහෙම නැත්නං අනික් පැත්තෙන් ලැබෙන වාසි මත යැපෙන ජල්තර දේශපාලකයෝ නිසා. රනිල් ගිය දාට පක්ෂය එකතු කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවාද? සජිත්ට මේ වැඩේ කරන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඕකට උත්තරයක් දෙන්න තමයි මේ ලිපිය ලිව්වෙ.
      ඔන්න තියනව ප්‍රශ්නයක්. එක මනුස්සයෙකුට තමුන් භාරගත්ත වැඩේ කරන්න බෑ(අවුරුදු විස්සක් තිස්සෙ). අපි කරන්න ඕන මොකද්ද? බැරි මිනිහ අයින් කරල පුළුවන් කෙනෙක් ඉන්නවද කියල බැලීමද නැත්තං වෙන කෙනෙක් නෑ කිය කිය ඉන්න එකද(අර දියසේන එනකල්, රාවනා නැගිටිනකල් හිටිය වගේ)

      මම කියන්නෙ නෑ සජිත් හරි කරු හරි හොඳයි කියල. ඒත් දැන් කෑගහන සජිත්ට දුන්නනං මොකද වෙන්නෙ. පරදියි නං කොහොමත් පරදීවි. වෙනසක් නෑනේ. එතකොට එයාගෙත් කට වැහේවි.

      Delete
    2. අද තියෙන්නේ United National Party එකක් නෙවේ 'Ununited' National Party එකක්.... කවුරු ආවත් Ununited United කරලා ඉන්න ඕන.... අපි මොනවා කතාකරත් පක්ෂයේ inner circle එකේ වැඩ සිද්ධවෙන විධියයි..එළියේ අපු දන්න දේවලුයි අතරේ ලොකු වෙනසක් තියනවා...

      Delete
  12. දේසපාලනේ නම් වැඩක් නෑ වගේ බන්

    ReplyDelete
  13. ඇත්ත .නැත්තම් මෙ ආන්ඩුව කෙලින පිස්සු වලට හොද හඩක් නගන්න පුලුවන්.හරි මිනිහෙක් හිටියනම්.හැබැයි එ මිනිහ සජිත් කියල නම් මට හිතෙන්නෙ නැ

    ReplyDelete
  14. සජියටත් පෙරලියක් කරන්න බැහැ. පොදු විපක්ෂයක්.. ඒකාබද්ධ වීමක්.. මහා පෙරලියක් තමා ඕන කරන්න‍නෙ..

    ජනතාව මුල් කරගෙන කරන්නෝනි වැඩක්..

    හැම එකටම කලින් රනියා එලවන්න වෙයි ;)

    ReplyDelete
    Replies
    1. පොදු විපක්ෂයක්........... ! ඕකත් කෙරෙන්නෙ නැති වැඩක් බං. ෆොන්සේකව පොදු අපේක්ෂකය විදියට ඉදිරිපත් වුන ජනාධිපතිවරණයේදිත් හොරාට කකුලෙන් ඇදිලි තිබුන.

      Delete
  15. ////දිනෙන් දින විශාල වන වෘක්ෂයක් බඳු වූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම මේ වනවිට ඕනෑම අයෙකුට අභියෝගයකි.///

    මේක සැබවින්ම අභියෝගයක් තමයි පවතින නපුංසක මාධ්‍ය භාවිතාව ඇතුලේ. ඇත්ත තේරුම් කරලා දෙන්න මාධ්‍ය මුදලාලිලා සුදානම් නැහැ. ජනතාව පෙල ගස්සවන කිසිම සිවිල් සංවිධානයකුත් නැහැ. මේක අභියෝගයක් වන්නේත් ඔන්න ඔය සංදර්භය ඇතුලේම තමයි. අල් ජසීරා ඉන්ටවීව් එක ඇතුලේ සති අන්ත පුවත් අදාල කරගනිමින් ලොක්කා කියන්නෙත් සාමන්‍ය ජනතාවට දෙන අබිං දාපු ටොෆියම තමයි. මේ කතාවට මාධ්‍ය විසින් දීපු කවුන්ටර් ඇටෑක් එකක් මම තාම දැක්කේ නැහැ. ඒ කියන්නෙම මාධ්‍යයේ තියෙන බියට පත්වීමේ ස්වභාවයයි. මා නිතරම කියන පරිදි යුඇන්පී ජේවිපි වශයෙන් වෙනස් සටන් නැත. ඇත්තේ හරි නම් හරියැයි කීමත් වැරදි නම් වැරදි යැයි කීමත් ,ඒ වෙනුවෙන් පෙනි සිටීමත් පමණි. අවශ්‍ය රනිල් හෝ සජිත් නොව බලගතු කොන්දක් සහිත සිවිල් සංවිධානයන් සහ බුද්ධිමතුන්ය. නැති කර දමා ඇත්තේත් ඔය මම කියන සාධකයන්මය. ඇතිකර ඇත්තේ කළුවරේ යන කොට හමුවන බල්ලන්ට ගහන්න ගෙනියන පොල්ලක් වැනි මාධ්‍ය රිටි කැබලිය. මෙය අභියෝගයක් වී ඇත්තේ ඒ නිසාමය.


    //// අවුරුදු විස්සක පමණ කාලයක් තිස්සේ පරාජය වන ඔහු, පරාජයෙන් පසු තනතුරු අත්හැර දමන බටහිර දේශපාලන නායකයන්ට සමාන කිරීම විහිළුවකි./////

    සහතිකෙන්ම විහිළුවකි.......පුක පිහිදපු ටොයිලට් පේපරයෙන්ම කට පිහිදාන්නේ නැත. ගූ ගෑවී නැත්නම් ටොයිලට් පේපර් එකෙන් කට පිසදා ගත්තත් කිසිසේත්ම වරදක් නැත.

    රාජ්ගේ මේ ලිපිය මීට වඩා එහායින් මුද්‍රිත මාධ්‍යයට ඇතුල්වී පුළුල් සාකාච්ඡාවකට බඳුන් විය යුතුය. ඔය මාධ්‍ය අම්බරුවන් ඔබට ඒ සඳහා කිසිවෙටක ඉඩ කඩක් ඉතුරු නොකරන බව නම් මට සක්සුදක් සේ පැහැදිලිය.

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කියන හැකියාව ව්‍යවස්ථාවෙන්ම එන එකක්. තුනෙන් දෙක තියන නිසා තවත් බලවත්. මිලට ගන්න ඕන සියලුදෙනා මිලට අරගෙන මේ ගමන යන්නෙ. අසීරු අවස්තාවක් තමයි. ඒත් විපක්ෂය මීට වඩා ශක්තිමත් වියයුතුයි.

      Delete
  16. දේශපාලනය ගැනනම් ඉතින් මොනවා කියන්නද.. බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
  17. කත්ලීයේ පොල් වල පැත්ත මාරු කරාට බර අඩු වෙන්නේ නැති බව ඇත්තයි.ඒත් එහෙමයි කියල පොල් බිම හලා ඇත්තටම බර අඩු කර ගමන යාමට ද බැරිය.පැත්ත මාරු කලාම බර අඩුවේ යයි අප්පුහාමි විස්වාශ කරනතාක් ඒවාගේ සම්‍යක් ප්‍රයෝගයක් කර ගමන ගියාට කමක් නැත.(හැම දේටම මුල් වන්නේ සිතය).පොල් ගෙනයාම ද ඉක්මනින් ගමන යාම ද දෙකම අවශ්‍යය.

    ReplyDelete
  18. උඹලට මේ පාර අයවැයෙන් චේතන වර්ධකයක් දෙන්න අවශ්‍යද නැද්ද කියල තාම හිතනවා... (බලාපං බං මම නැති ටිකේ මේ කමෙන්ටු කොටන පෙට්ටිය අළුත් වෙලා නෙව)

    ReplyDelete
    Replies
    1. කමෙන්ටු පෙට්ටියට මොකද වෙලා තියෙන්නෙ? මට පේන්නෙ තිබුන විදියම තමයි?

      Delete
    2. බ්ලොගර් අයිඩී එකෙන් කමෙන්ටු දාන්න පුළුවන් නේද?

      Delete
    3. කොමෙන්ට් පෙට්ටියේ ඉන්ටර්ෆේස් එක වෙනස් වෙලා නේද බං.. තිබුනේ වෙන විදියක එකක් නේ..

      Delete
  19. දැන් තියෙන්නේ මහින්ද ලොක්කාට නිතරඟයෙන් දිනන්න පුලුවන් විපක්ශයක්නේ....අර ඉවාන් කියන දේ තමයි මටත් කියන්න තියෙන්නෙ ඉතිං

    ReplyDelete
    Replies
    1. නිතරඟයෙන් දිනන්න පුලුවන් විපක්ශයක්//
      මරු කතාව!

      Delete
  20. රනිල් කියන්නේ උගතෙක් ඒ උනාට වැඩක් නෑ සමාජීය දැනීම නෑ.(ජාතික ගීයටත් අප්පුඩි ගැහුවා නේ] එකට මහින්ද ලොක්කා කට පුරා හිනාව දාලා මිනිස්සු ගොනා කරනවා

    ReplyDelete
  21. ugath kamayi buddimath kamayi kiyanne dekak goda denek oya deka patala gananwa

    ReplyDelete