Saturday, October 19, 2013

ලාංකීය බුද්ධි හීනයන්ට අයිරාංගනී සේරසිංහගෙන්.........

සාමාන්‍යයෙන් යම්කිසි කරුණක් සාධනය කිරීම සඳහා ක්‍රමවේදයක් ඇත. මේ වනවිටද සත්‍ය යයි සහතික කරගෙන ඇති යම් යම් ප්‍රත්‍යක්ෂ උපයෝගී කරගනිමින් එය සිදුකරනු ලබයි. මෙම ක්‍රමවේදයන් බොහෝවිට නිවැරදිවම භාවිතා වන්නේ විද්‍යාවේදීය ගණිතයේදීය. සාමාන්‍ය ව්‍යවහාරයේද මෙවන් සාධනයන් දක්නට ඇත. ඒවා නිවැරදි මෙන්ම නිවැරදි නොවන අවස්ථාද ඇත. උදාහරණයක් ලෙස වීජ ගණිතයේ දෙපස ඇති සමාන අවයවයන් ඉවත් කිරීමේ ක්‍රමවේදය යොදාගනිමින් අඩක් ඇරුනු දොර සමානයි අඩක් වැසුනු දොර නම් ඇරුන සමානයි වැසුනා යන්න පෙන්වීම වැනි දෑ ගත හැකිය. බොහෝ විට දේශපාලන කාරණාවල ඕනෑකමට සිදුකරන මෙවැනි සාධනයන් දක්නට ලැබේ.

Rear gate බ්ලොග් රචක චාමි සෑම් වරක් ෆේස්බුක්හි පලකල කතාවකි මේ.

වතාවක් එක්තරා හාමුදුරුනමක් සමග කතාකරමින් සිටින විට උන් වහන්සේ තමුන්ගේ දායකයෙකුට වී ඇති විපතක් ගැන කීහ. එනම් එක්තරා දායක මහතෙකුට දේව වරමක් ලැබී ඇති බවත්, ඔහු උන්හිටි ගමන් ආවේශ වන බවත්, මෙය විවිධ ශාන්තිකර්ම මගින් සුවකර ගැනීම සඳහා උන්වහන්සේද බෙහෝ කරදර වන බවත්ය.

මා ඒ අවස්ථාවේදී උන් වහන්සේට කිව්වේ මෙයට එතරම් කරදර විය යුතු නැති අතර මා දන්නා එක්තරා මනෝ වෛද්‍යවරයෙකු නිකමට හමුවී බලමු කියාය. මදක් කල්පනා කල උන්වහන්සේගේ ප්‍රතිචාරය මෙවැන්නක් විය.

"ම්ම්ම්..... ලෝකයේ පහළ වුනු ශ්‍රේෂ්ඨම මනෝ විද්‍යාඥයා බුදුහාමුදුරුවොනේ..... ඊට වඩා කෙනෙක් ඉන්නවැයි? අපි බලමුකෝ....."

ඉන් අනතුරුව මාසයක් හමාරක් යනතුරු උන්වහන්සේ මා හා කතාබහට එතරම් නොආ අතර උක්ත දායකයා මේ වනවිට ඉතා සාර්ථක ලෙස දේවාලයක් පවත්වාගනිමින් දිය මස්, ගොඩමස්, කුකුල්බිලි සහිත ශාන්තිකර්ම සිදුකරයි.

මෙහි ඇති අවුල නම් අවිද්‍යාව පැතිරවීම සඳහා එක්තරා ආකාරයක මනෝ විද්‍යාඥයෙක් ලෙස සැලකිය හැකි බුදුන් වහන්සේ යොදාගැනීමයි. "බුදුන් වහන්සේ මනෝ විද්‍යාඥයෙකි" යන්න භාවිත වන්නේ "බොරුව" "සත්‍ය" බවට පෙරලීමේ අතරමැදි අවස්තාවක භාවිතය සඳහා පමණි.

මේ තවත් කතාවකි.
නුදුරු දිනෙක කාර්යාලයට පැමිණි තැනැත්තෙකුගේ බලාපොරොත්තු කඩවූයේ නීතිමය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් ඔහු බලාපොරොත්තු වූ කාර්ය ඉටුකිරීමට නොහැකි වීමයි. කෝපයට පත් ඔහුගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ,

"මුං ඇමතිතුමාට සලකන්නෙ නෑ!" යන්නයි. එහෙත් ඔහු ඇමතිතුමා නොවූ අතර සම්බන්ධය වූයේ ඇමතිතුමාගේ සේවකයෙකුගේ ඥාතියෙකු වීම පමණි.

සාමාන්‍යයෙන් මෙය තරමක සාර්ථක බොරුකීමේ කලාවකි. මේ සිද්ධාන්තයන්ට හසුවන බුද්ධි හීනයන් ඕනෑ තරම් සමාජයෙන් සොයාගත හැකිය.

එවන් බුද්ධි හීනයන් වෙනුවෙන් නිර්මාණය කල දැන්වීමක් පසුගිය දිනෙක රූපවාහිනී නාලිකාවකින් දුටුවෙමි. ඉදිරිපත් කරන්නිය නම් දැනට ජේෂ්ඨතම රංගන ශිල්පිනිය වන අයිරාංගනී සේරසිංහය. දැන්වීම පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව හෙවත් "චෝගම්" නිසා ලංකාවට අත්වන සුගතිය ගැන පාරම්බාන්නකි. (උක්ත කාරණාව සම්බන්ධයෙන් මෙවන් දැන්වීම් රාශියක් ඇත) අයිරාංගනී මහත්මියගේ පෲෆ් කිරීම මෙසේය,


"කෙනෙක් අම්මට පස්සෙ ගෞරව කරන්න ඕන මාතෘ භූමියට"

.........................................(තවත් මොනවදෝ හෑල්ලක්)

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ලංකාවේ පැවැත්වීම නිසා............."


අඩු තරමින් මව සහ මාතෘ භූමිය අතර ඇති සම්බන්ධය සත්‍යයයි උපකල්පනය කලවිට අවසානයේ ලැබෙන ප්‍රථිපලය කුමක්ද?

මොවුන් අපට කියන්නේ "අම්මා සමානයි චෝගම්" යන්න නොවේද?

67 comments:

  1. අති විශිස්ටයි සෑර්. මොනව උනත් මාර්කට් කිරිමට අම්මා වුවද කම් නැති බවක් තමා දැං පෙනෙන්නේ... තව කිට්ටු වෙන කොට මොන සෙල්ලං තියෙයිද??

    ReplyDelete
    Replies
    1. ඔව්. තව කිට්ටු වෙද්දි හොඳ හොඳ සෙල්ලං තියෙයි!

      Delete
  2. චෝගම් නිසා මාතූභූමියට ගෞරවයක් වෙනවයි කියන එකෙන් චෝගම් කියන එක මාතෲභූමියට වඩා ගෞරව කල යුත්තක් යැයි හැඟවෙනවාද? මට නිකං රාජ් ගේ ' මව = චෝගම' තර්කයේ පොඩි අවුලක් තියෙනවා වගේ...

    ReplyDelete
    Replies
    1. මට නං අවුලක් දැනුනෙ නෑ. (මෙතන තිබුන අදහස විතරයි මතක, වචන ඒ ආකාරයෙන්ම මතක නෑ මයියා).

      Delete
    2. අයිරාංගනී විකුණුනු එක ලොකු පුදුමයක් නොවේ. මගේ ගාණට ($2.25 මිලියන්) ආවොත් මාත් විකිණෙනවා.

      නමුත් ඇය කියන්නට ඇත්තේ මව=චොගම් කියා නොව මව=මව්බිම එනිසා මවට ගරු කිරීම=චොගම් පැවැත්වීම විය යුතුයි.

      Delete
    3. මාර ලොජික්නෙ. දැන් කකා ගෙදරට යාළුවො ටිකක් එකතු කරලා බෝතලයක් හෙම කඩලා පාටියක් දැම්මොත් ඒකත් මවට ගරු කිරීමක්ද?

      Delete
    4. මම අහන්නෙ කකා, ටිකක් විතර ලස්සනට විකිනෙන්න බැරිද?

      Delete
  3. //ලෝකයේ පහළ වුනු ශ්‍රේෂ්ඨම මනෝ විද්‍යාඥයා බුදුහාමුදුරුවොනේ.//

    ඒත් ඒ කාලේ මානසික රෝගවලට වඩා දැන් කාලේ තියෙන මානසික රෝග දරුණු වැඩී...:D

    ReplyDelete
  4. උඹ අතිසාර්ථක ලෙස කතාව ගොඩ නගලා තියනවා..

    චෝගම් එකට ගරු කිරීම = මාතෲභූමියට ගරු කිරීම කියලද උන්දෑ කියන්නෙ ? ඇත්තටම ඔය චුයින්ගම එකෙන් අපිට හම්බෙන පරි ඇටයක් තියනවද ? අපි බ්‍රිතාන්‍යයේ වහලුන්ව සිටිය බවට නැවත නැවතත් උන් අපිට උපක්‍රමශීලීව මතක් කරලා දෙනවා. එච්චරයි.. නිදහස් දින සැමරුම කියන්නෙත් ඔය වගේම පට්ටපල් බොරුවක්..

    ReplyDelete
  5. අපේ එවුන් අදිරාජ්‍යවාදී ගැති කමින් කවදා අයින් වෙයිද මන්දා......

    ReplyDelete
    Replies
    1. කමක් නෑ මොනව කලත්, හැබැයි පුළුවන් දේවල්!

      Delete
  6. අයිරාංගනී සේරසිංහත් මගේ නොමඳ ආදරයට ගෞරවයට පත් වෙලා හිටි කාන්තාවක් බව කියන්නම ඕනෙ.
    උඹ කියන කරුණ ගැන එකඟයි. ඕකට ගරිල්ලා මාකටිං එකක් තමයි.
    ඔය නළු නිලියෝ දැන්වීම වල පෙනී සිටීමේදි තමන්ට වෙන හානිය ගැන එක්කෝ දන්නේ නෑ, නැතිනම් නොසලකා හරිනවා. මම උඹට උදාහරණ දෙකක් කියන්නම්.
    අපී හින්දි චිත්‍රපට නොබලන නිසා, අර ජෝන් ඒබ්‍රහැම් කියන හින්දි නලුවව අපි දකින්නේ කේබල් ටීවී චැනල්වල දැන්වීම් වලින් විතරයි. අපි මෑතක් වෙනතුරු එයාව හැඳින්වුවේ ගාර්නියේ මෑන් කියලා. ඕක ඇහිච්ච කෙනෙක් තමයි ඔය නම කිව්වේ. ඊට පස්සෙ ඔය එක එක ටෝක් ෂෝ වලදි තව දුරටත් අඳුනගත්තා.

    එතකොට අපි සිංහල ටෙලි නාට්‍ය බැලෙන්නෙත් නැති නිසා, අපේ පොඩි එකා මහේන්ද්‍ර පෙරේරව හඳුනා ගත්තේ හාපික් මෑන්, නැතිනම් ටොයිලට් බෝල් ක්ලීනිං මෑන් කියලා. ගෙදර ගිය වෙලාවක හදිස්සියෙම මහේන්ද්‍ර ටෙලියක ඉන්නවා දැක්කොත් හෙම 'ආං හාපික් මෑනුත් මේකෙ ඉන්නවා,' කියලා නිකම්ම කියවෙනවා.

    ඕකේ හරි වැ‍රැද්ද කෙසේ වෙතත් වැඩේ වෙන්නේ ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. /ඔය නළු නිලියෝ දැන්වීම වල පෙනී සිටීමේදි තමන්ට වෙන හානිය ගැන එක්කෝ දන්නේ නෑ, නැතිනම් නොසලකා හරිනවා. /

      උඹ වැරදියි මෙතැනදි. හැම සෙලෙබ්‍රිටි එකක්ම දන්නවා දැන්වීම් වලට පෙනී ඉන්නා නිසා තමන්ගේ වටිනාකම අඩු වෙනවාය කියලා. ඒ අඩු වෙන ගාණ තමයි උන් අය කරන්නේ. ඒකයි ඔය අයගෙ ගණන් ඔය තරම් වැඩි. දැන්වීම් වලට පෙනී සිටීමේදී විතරක් නෙවෙයි කකුල් දෙක පළල් කිරීමේදීත් එච්චරයි.

      Delete
    2. ඒ අඩුවෙන ගාන තමයි ඔය අය කරන්නේ නේද? ඒක හොඳ අර්ථ දැක්වීමක් ඇනෝ.

      Delete
    3. ඕකට මොකද්දෝ මාකටිං තියරියක් තියෙනවා. මට දැන් මතක නැහැ. හොයා ගන්න පුළුවන් වුණොත් විස්තර දාන්නම්.

      Delete
    4. ආවස්තික පිරිවැය ද ඇනෝ විසිතර හොයල කියන්න (Opportunity cost)

      Delete
    5. නැහැ. ඒක ආර්ථික විද්‍යා තියරියක්නෙ. ඊට වඩා මේකටම ටක්කෙට ගැළපෙන මාකටිං තියරියක් තියෙනවා. හෙව්වා තාම හම්බ වුණේ නැහැ. ඉගෙන ගත්තෙ අවුරුදු දහයකට විතර ඉස්සර.

      Delete
    6. හෙන්රි සහ ඇනෝල,
      පැහැදිලි කිරීම් වලට ස්තුතියි.
      වෙලඳ දැන්වීමක් කියන්නෙ නං එච්චර සීරියස් ගන්න දෙයක් නෙවේ. නමුත් දේශපාලනයත් එක්ක බැඳුනු මේ වගේ දැන්වීම් ඊට වඩා හානිදායකයි. කෙසේ නමුත් ඇනෝ කිව්ව විදියට ඒ හානි ප්‍රතිපූර්ණය වෙන්නෙ නැතෑ නේද?

      Delete
  7. "මුං ඇමතිතුමාට සලකන්නෙ නෑ" ඔව් ......තෝ අපිට ඇමතිලා ලොකු නෑ තමයි . කියලා කියන්න තිබ්බේ (ඇහෙන්නේ නැතිවෙන්න )
    රාජ්ට මතකද "සංවේදී නායකයාට චන්දය දෙන්න "කියලා දැන්වීම වගයක් ගියා ...
    හෙට " කැසිනෝ සංවර්ධනයට ළඟාවියහැකි හොඳම මාර්ගයක්....ලංකාවේ කැසිනෝ නීතිගත කිරීමට සහය වෙමින් මාතෘ භූමිය ආශ්චර්යය කරා රැගෙන යාමට දායක වෙමු" කියලා දැන්වීමක් ගියොත් පුදුම වෙන්න එපා

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් කේස් එකක් බං.

      Delete
  8. ඒ වගේද අනර්කලී නගයි පබා අක්කයි කියපු දේවල්.... නායකයෝ ඔක්කොම බලගේනලු ඉන්නේ දෙන්නගේ සත්කාර විඳින්න.

    ReplyDelete
    Replies
    1. ඇයි වටු ඇන්ත..
      >>පොදු රද මඩුලු සමුළුවෙන් මෙරටට ලැබෙන වරප්‍රසාද බොහෝමයි

      ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි <<

      Delete
  9. අපොයි අයිරාංගණී සේරසිංහට සල්ලි දුන්නේ මොකටද? අපේ මාරයා අයියාට කිව්ව නම් ඕක නොමිළේම කියලා දෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++
      :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)

      Delete
  10. සේරසිංහ ආච්චි නම් මොනව කිව්වත් කමක් නැහැ කුරිය ගහන්න කිට්ටු කාලේ.
    හෙටින් පස්සෙ අනිත් ලපයි,සිපයි ල රෙදි නැතිව දෙන ටෝර්ක් ටික අහ ගන්නකො...චුවින් ගොම් එකෙ වාසි කියල...

    ReplyDelete
  11. ලංකාවෙ දැන් තියෙන දේශපාලනික වාතාවරණයත් එක්ක අකමැත්තෙන් හරි විකිණෙන්න වෙනවා...නැත්නම් සමාජ සේවයක් කියලා ඒ අය දෙන කැරට් අලය ගිලලා කිසිම ප්‍රතිලාභයක් නැතුව කැමරාව ඉස්සරහට යන්න වෙනවා...බලය ඇති තැන තමයි හැමදේම වෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. //විකිණෙන්න වෙනවා...නැත්නම් සමාජ සේවයක් කියලා ඒ අය දෙන කැරට් අලය ගිලලා කිසිම ප්‍රතිලාභයක් නැතුව කැමරාව ඉස්සරහට යන්න වෙනවා//
      සහතික ඇත්ත!

      Delete
  12. ''යෞවනයා'' බොග මෙන්න මේ ''w'' බොගද
    http://yawwnayaa.blogspot.com/

    නැත්නම් මෙන්න මේ ''v'' ''යෞවනයා'' බොගද
    http://yawvanaya.blogspot.com/

    ඔය දෙකම ලියන්නේ

    පුංචී කුමාරිහාමිද
    චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නද
    ආචාර්‍ය සුජිත් නිශාන්ත හේවගේ

    මේ තුන්දෙනාම

    එක්කෙනෙක්ද
    දෙන්නෙක්ද
    තුන්දෙනෙක්ද

    ReplyDelete
    Replies
    1. උඹට ඔය තුන්දෙනාගෙන් කොයි එකාද ඇරියෙ ?

      Delete
    2. මුන් තුන් දෙනාම සමහර වෙලාවට අරිනවා

      Delete
  13. මේක නං සුවර් එකටම සෑර්, අයිරාංගනී නෝනා මලක් ඇදල ඉන්න වෙලාවක කියපු එකක් වෙන්ඩැ.
    ගවරවේ කෙසේ වෙතත් මහාබිරිතානියෙන් ගෙදෙට්ටම ඇවිල්ල ඇරල යන්නයි එන්නෙ. හෙහ්..හෙහ් මේවට පුකෙනුත් හිනා සෑර්.

    ReplyDelete
    Replies
    1. කට්ටියක් බලන් ඉන්නවා මේකෙන් රාජපස්සට හරියයි කියලා.... තව කස්ටියක් බලන් ඉන්නවා රාජපස්සට කෙලවෙයි කියලා.....

      මේ කවුරුවත් හිතන ලබ්බක් නෙවෙයි වෙන්නෙ.... ඔය මගුලෙන් පස්සෙ අපේ පස්ස බිම ඇනෙන එකයි වෙන්නෙ......

      Delete
    2. //. ඔය මගුලෙන් පස්සෙ අපේ පස්ස බිම ඇනෙන එකයි වෙන්නෙ //
      ++++++++++++++

      Delete
    3. තොපේ පස්ස බිම ඇනුනට අපේ නම් පස්ස බිම ඇනෙන්නේ නෑ. අපි රුපියල් 3,500ට කාලා ඇඳලා තනිකම ආත්මය කරගෙන වින්දනීය මනසකට උරුමකම් කියමින් ඉන්නවා. තොපි ඉරිසියා කරන්න එපා.

      Delete
    4. සූස්ති,
      අනේ ඒ වැදගත් නෝනල මල් අදිනවද?
      පලමු ඇනෝ
      අපේ පස්ස ඇනෙන අවුල තමයි මටත් තියෙන්නෙ.

      Delete
  14. තර්ක ශාස්ත්‍ර‍ය ගැන කිසිම දැනීමක් ඇතිව නෙවේලියල තියෙන්නෙ එහෙම නැත්තන් බාගෙට ඉගෙන ගෙන‍යි. මෙ ලිපියෙ කිසිම තාර්කික පදනමක් නෑ

    ReplyDelete
    Replies
    1. අම්ම කියන්නෙ අපේ කනට වැටෙද්දිම ගෞරවනීය බවක් ආදරනීය බවක් ඇතිවෙන සංකල්පයක්. අම්ම මව්බිමට සමාන කිරීමෙන් මව්බිමටත් ඒ ගෞරවයම දෙනව. ඊට පස්සෙ චෝගම් එක එතනට ගාවනව කියන්නෙ මොකද්ද? අර ගෞරවනීය භාවය චෝගම් නිසා ඇතිවෙනව කියල කීම. මේක ඔහේට තේරෙන්නෙ නැත්නම් අර ලාංකීය විශේෂන පදය ඔහේට සුදුසුයි.

      Delete
  15. ඕක නැද්ද යූටියුබ් එකේවත් බලන්න... ඇත්තම කියනවා නම් නලු නිළියෝ ඕවට පෙනී හිටියා කියලා මට ලොකු අවුලක් නැහැ...

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත. රඟපෑම් කියල හිත හදාගන්න තියෙන්නේ....

      Delete
    2. ඉස්සෙල්ල යූ ටියුබ් තියෙන්න එපැයි දෙන්න. :-)

      Delete
  16. මිනිස්සු දැන් කරන්නේ රට යන පැත්තට මැස්ස ගහන එකයි

    ReplyDelete
  17. එතකොට දැන් " අනේ උඹේ චෝගම් එකට.." කියලා බනින්නත් පුලුවන්

    ReplyDelete
  18. මාර්තෘකාවට කෙලින්ම සම්බන්ධ නැතිවෙන්න පුලුවන්,
    අයිරාංගනී මීදෙනිය(පසුව සේරසිංහ) ලාංකීය දේශපාලනයට සෘජුවම සම්බන්ධ පරපුරක කෙනෙක්.රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුල්ම කථානායක ෆ්‍රැන්සිස් මොලමුරේ ඇයගේ ඥාතිවරයෙක්.තවත් ප්‍රභූන් බොහොමයක් ඇගේ ඥාතීන්.නෑකමට රනිල් වික්‍රමසිංහ ඇයගේ මුණුබුරෙක්.
    දන් රාජ් මෙහිදී කියූ ලෙස( සමහරවිට දැන හෝ නොදැන) නිෂ්පල ප්‍රචාරණ වලට දායක උනාට, මා අතිශයින් ම ගරුකරන දක්ෂ නිලියක් ඈ.

    ReplyDelete
    Replies
    1. නිලියක් විදියට අවුලක් නෑ. දේශපාලන සම්බන්ධයක් තියනව කියල දැනගෙනත් හිටිය. ඒත් මොකද......

      Delete
  19. දක්ෂයෙක් වීම නිසා කෙනෙකු කරන හැම දෙයක් ම හරි නොවෙයිනෙ

    ReplyDelete
  20. මේ ඉලව් චොගමෙන් නම් අපිට මොනවා නොලැබුනත් හොඳ අවවාද සෙට් එකක් ලැබෙයි. වැඩ කටයුතු සිද්ධවෙන විදිහට නම් එහෙමයි හිතෙන්නේ. කැමරොන්ලාට අපිට නොපෙනෙන ප්‍රෙෂර් එකක් දානවා මෙහේ ඉන්න ඩයස්ලා. රැජිණ නම් මේ දවස් වල උත්සවවල නැහැ. චාල්ස්වත් ඇවිල්ලා ෆොටෝ එකක් ගහලා යයිනේ අපේ රජ පවුලත් එක්ක. ඒ ෆොටෝ නම් මගේ ගාවත් තියෙනවා බං.

    අනුලා කරුණතිලක ඉන්න චොගමකුත් දැක්කා. තෙරිපැහැ දාලත් තව එකක් කරන්න පුළුවන් "රතුපස්වල-නිල් දියවර " කියලා.

    ReplyDelete
    Replies
    1. තදිං අවවාද නං සුවර්.

      Delete
  21. ඔව මොනවද බන් උසස්පෙලෙන් පලවෙනිය වුනු කොල්ල ටිවි එකෙ කිවුවෙ මත්තල ඒයාර්පොර්ට් එක දැක්කම හරි ආඩම්බරයි කියල

    ReplyDelete
  22. වැල යන පැත්තට මැස්ස නොගැවුවොත් තමයි පුදුමේ රාජ් අයියේ..

    ReplyDelete
  23. හ්ම්..හ්ම්..හ්ම්..

    ReplyDelete
  24. අයිරංගනී නෝන යකඩ ගෑනි?
    මොකද මෙහෙම උනේ??

    ReplyDelete
    Replies
    1. යකඩත් ගුල්ලො ගහන කලයක් මේ, දයාල්

      Delete
  25. රාජ්.. මට නොතේරෙන්නෙ හාමුදුරුවන්ගෙයි අර දායකයගෙයි සම්බන්දෙ.. බුදු හාමුදුරුවෝ එතැනට ගෑවෙන්න නම් හාමුදුරුවො කොනක ඉන්න එපායැ ? හාමුදුරුවොත් ඉන්නවද එතන ?

    ReplyDelete
  26. දෙයියනේ දෙයියනේ එහෙනං අයිරාංගනී නෝනත් අපිට කොකා පෙන්නුවා අහ්හ් ...? අද ඉඳන් ලිස්ට් එකෙන් නම කපනවා...

    ReplyDelete
  27. ලැව් ගින්නෙන් විපතට පත් කකා ඇතුළු නිව් සවුත් වේල්ස් වාසීන්ට සහෝදරත්වයේ දෑත් දිගුකරමු...

    සියළු සිංහල බ්ලොග් රචික රචිකාවෙනි... මේ ඔබේ සහෝදර ශක්තිය අවශ්‍යම මොහොතයි..... ලැව් ගින්නෙන් විපතට පත් සියළු නිව් සවුත් වේල්ස් වාසීන්ට ආධාර උපකාර කිරීමේ මගගු පුන්‍යකර්මයට ඔබත් දායක වෙන්න..... දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සුව ලැබීමට මග පෙන්නන්නා වූ ඒ දානමය පිංකමට ඔබේ නොමසුරු දායකත්වය ලබා දෙන්න....

    විපතට පත්වූවන් වෙනුවෙන් ඔබේ මූල්‍යමය ආධාර පහත සදහන් බැංකු ගිනුම් වලට යොමු කරන්න....

    මෙම මුදල් සෘජුවම ඔස්ට්‍රෙලියානු රජය වෙත දෙදිනක් තුල යොමු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.....

    E.A.A.U.B. Edirisinghe - Sampath Bank - 100653457423 - Kurunegala Branch
    E.A.A.U.B. Edirisinghe - People's Bank - 33518600569 - Nugegoda Branch

    ප. ලි. : ප්‍රවාහන අපහසුතා නිසා ද්‍රව්‍යමය ආධාර භාර නොගන්නා බව දැන්වීමට කමැත්තෙමි..... ලිංගික ආධාර භාර ගනු ලැබේ....

    ReplyDelete
  28. මම නම් කල්පනා කරන්නෙ අමතරව ගෑස් සිලින්ඩර් එකක්වත් තිබුණනම්.... කියලා. දෙසැම්බර් වල එකවර 450/= කින්වත් උස්සයි කියලයි බලාපොරොත්තුව. උඹලත් අතේ මිටේ කීයක් හරි තියෙනවනම් පැස්ටෝල් බූලි දෙකතුනක් අරං තියාගණින්.

    සේරසිංහ හාමිනේලට දැනෙන සනීපේ නෙවෙයි අපට දැනෙන්නෙ...මතක් වෙනකොටත් බඩ පපුව දාලා යනවා.

    ReplyDelete
  29. සල්ලි දෙනවා නම් මොනවා කියන්න බැරිද රාජ්? සංවේදී කලාකරුවෝ එහෙමයි.

    ඔයා තමා සංවේදී නැද්ද?

    පසුව ලියමි: වැඩ අස්සේ එන්නේ බන්. නිතර එන්න වෙන්නේ නැති එකට සමාවෙයන්...

    ReplyDelete
  30. චෝගම් තිබ්බට අවුලක් නෑ.. ඒත් මේ බටහිර විරෝධි, අධිරාජ්‍ය විරෝධි සැට් එකක් චෝගම් කරන එක තමයි හිනාවට කාරණය.. කන්න ඕන උනාම චෝගම් උනත් කනවා කියන්නේ මේවට තමයි...

    ReplyDelete
  31. කතාව ඇත්ත රාජ්... අම්මපා මුන් මිනිස්සුන්ව රවට්ටන හැටි කියල වැඩක් නැහැ. මානසික අල්ලස් මේවා

    ReplyDelete