Monday, October 7, 2013

මල්ලී, මගේ ගෑණි ඊයෙ රෑ පැනල ගිහිල්ල,.... (රවි අයියගෙ කතා)

පහුගිය දවසක අපේ TO මහත්තයෙකුගෙ මාමණ්ඩි මළා!. මේ ටීඕ මහත්තය ‍අපේ රවි අයියගෙත් බුදු පිට් එකක්. ඔන්න අපි දෙන්නත් රෑ ජාමෙ මළ ගෙදර ගියා. හැන්දෑවෙ හතට විතර පිටත්වෙලා අතර මඟදි ටිකක් අනුමත වෙලා රෑ නවය විතර වෙනකොට මළගෙදරට ලඟාවෙන්න පුළුවන් උනා. අපේ ප්‍රනීත් කියන්නෙ ටීඕ මහත්තයගෙ දකුණු අත වගේ බුවා. ඉතිං ඔපීසියෙන් එන උදවිය 'බලාගැනීමේ' වගකීම එයා ස්වේච්ඡාවෙන්ම භාර අරගෙන තිබුන. කවුදෝ රට ඉඳල එන බුවෙකුට මිනිය පෙන්නන්න ඕනකම නිසා මලගෙදර දවස් පහක්ම තියාගන්න තීරණය වෙලා තිබුන. අපේ කතාබහ අතරෙ රවි අයියගෙ කතා මේ.

"ඕන්න වයිල්ලයිෆ් එකේ ඉන්න මගේ යාළුවෙක් උංගෙ වාහනේම ඌරෙක් අරගෙන ආව. ඌට සල්ලි හදිසියක් වෙලා මට කිව්ව ඌර විකුණල දෙන්න කියල. ඌරගෙන් ටිකක් මාත් කපාගෙන දුන්න වෙන එකෙකුට. ඌ ඒක විකුණල තිබුන. දවස් දෙකකට විතර පස්සෙ අපේ බාල මාමා මට කතා කරල කියනව බෑනෝ බෝතලයක් ගෙනෙං මංගාව නියම බයිට් එකක් තියනව කියල. කාටවත් කියන්න එපා කියලත් කිව්ව. බොහෝම රහසිගත වැඩක් විදියටයි කිව්වෙ. මං බාගෙකුත් අරගෙන ගියා. බාල මාම ඌරුමස් කෑලි දෙකතුනක් තියාගෙන ඉන්නව. මං විකුණපු ඌරගෙ මස්!"

මේක විශ්වාස කරන්නත් අමාරු කතාවක්. රවි අයිය දවසක් මාතර ගිහිල්ල. කවුදෝ යාලුවෙක් එක්ක රෑ වෙනකල් අනුමත වෙලා.
"රෑ දහයට විතර අමාරුවෙන් කතරගම බස් එකක් අල්ලගත්ත. ඔන්න දික්වැල්ල කිට්ටුවට එනකොට හිතුන සිගරට් එකක් බොන්නම ඕන කියල. බස් එකේ බොන්න බෑනේ. ඒ ගමන ඉස්සරහට ගිහිල්ල කොන්දට ටෝකක් දුන්න.......මල්ලී, මගේ ගෑණි ඊයෙ රෑ පැනල ගිහිල්ල,.... ඒකි හොයන්න ගියා,..... අල්ලගන්න බැරිවුනා,..... ඉතිං මම ටිකක් බිව්ව.... දැං මට සිගරට් එකක් බොන්න ඕන......විස්වාස කරපං මම සිගරට් එක බොනකල් විනාඩ් තුනක් විතර බස්එක නවත්තං හිටිය කිව්වම! උන්ට එච්චර දුකයි බං"

ඔන්න අපිට සලකන්න ටීඕ මහත්තයට ඕන වෙලා. තවත් යාලුවො කට්ටියක් ඉන්න තැනකට අපිව ප්ලග් කරන්නයි ලෑස්තිය. ඒත් ඒ වැඩේ අපිට ඇල්ලුවෙ නෑ. කොහොම ‍අපේ ප්‍රනීත් අයිය නං ඒ උදවිය අඳුනනව. එයා මෙහෙම යෝජනාවක් කලා.

"එතන ඉන්නෙ අහවල්ලු බං. රවී උඹ දන්නව,....හරි, මම යන්නං ඉස්සෙල්ල. ගිහිල්ල ෂොට්එකක් දාගෙන කියන්නං අතන රවී මහත්තයත් වේලි වේලි ඉන්නව කියල. උඹ ඇවිල්ල කියපං අතන රාජ් මහත්තයත් වේලි වේලි ඉන්නව කියල.....හරිනේ!"

ඒ වැඩේ අපිට ඇල්ලුවෙ නැති නිසා අපේ ටීඕ මහත්තය සීල් බෝතලයක් ගෙනල්ල දුන්න. මෑන්ට පාං කියාගන්න බෑ යාළුවන්ට සලකල. අනෙක දවස් පහක වැඩක්නේ. මේ වෙද්දි මළගෙදර බැනර් කියවමින් ඉන්න අපි සොහොනට ඇතුළුවෙන තොරණට ගහන්න හොඳ වැකියක් යෝජනා කරමින් ඉන්නව. ප්‍රශ්නෙ තමයි ඒකෙ ලියන්නෙ මොකද්ද කියන එක. ටීඕ මහත්තයට වෙච්ච අලාබෙත් සලකල බලල ගහන්න ඕන වාක්‍ය මොකද්ද කියල කිව්වෙ ප්‍රනීත්.

"පියානනි, මියගියේ ඔබ නොවේ අපයි!"

ප්‍රනීත් වැඩට ආවෙ දවස් පහකට විතර පස්සෙ. ඒ මළ‍ගෙදරට අපේ කාර්යාලෙ කස්ටියත් කිව්වෙ ප්‍රනීත්ගෙ මළගෙදර කියල. මම එයාගෙන් ඒ ගැන ඇහුව.

"අන්තිම දවස් වෙද්දි එන එවුන් මට තමයි කියල යන්නෙ. ගාමිනී එක්ක වැඩිය කතාවක් නෑ. උං හිතං ඉන්නෙ මම ගෙදර එකා කියල!"

------------------------------------------------------------------------------------

ඔත්තුවක්: අහල ඇතිනේ හෙන්රි කල්දේර මහත්තයගෙ මේ සින්දුව,

මිදුලේ සුදු වැලි තලයේ
මිරි වැඩි සඟළක සළකුණු
දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ...........

අන්න ඒ ගීත රචකයා, ඒ කියන්නෙ ප්‍රේමරත්න පලිහවඩන මහත්මය, බ්ලොග් එකක් පටන් අරගෙන. වෙන විදියකට කිව්වොත් එයා තමයි බස්සිගෙ නවාතැන ලියන බස්සිගෙ තාත්ත. බ්ලොග් එක තමයි මිදුල. ගිහින් බලන්න.

64 comments:

  1. තමන් ගේ ගෑණිව ගණිකා වෘත්තියේ යොදවනවා කියන්නේ මේ වගේ කේස්වලටයි!

    ReplyDelete
    Replies
    1. කකා වැරදියි. මෑන් තනිකඩ‍නෙ තාම.

      Delete
  2. ඉතින් අරූ බෝතලයකුත් අරගෙන ඌරු බයිට් කන්න ගියා ද ?

    ReplyDelete
    Replies
    1. //මං බාගෙකුත් අරගෙන ගියා.//

      Delete
  3. මට ප්‍රශ්නේ කොහොමද බං ඌරු ගාතේ අදුරගත්තේ හරියටම... මළ ගෙදර ඉන්න කොට බැනර් කියව කියව ඉන්න එක තමා බං කරන්න තියෙන්නේ.. සිරාවට... විනාඩි 3 ක් කතරගම බසයක් නවත්නං හිටියයි කියන්නේ සුපිරි වැඩක් බං.. ගිනස් පොතේ දාන්න ඕන

    ReplyDelete
    Replies
    1. ගාතෙං අඳුරගත්තෙ නෑ බං. මස් වල විස්තරේ ඇහුවමයි දැනගෙන තියෙන්නෙ උගේම මස් කියල. අනෙක මස් කෑලි දෙකතුනයි තිබිල තියෙන්නෙ.

      Delete
    2. එහෙමද? මං හිතුවා ඌරාම රවීව දැකලා අඳුනගෙන කථා කරලා කියලා. මොකද බොතලයක් අරන් ගිය වේලාවක් නොවැ..

      Delete
    3. මං හිතුවා ඌරාම රවීව දැකලා අඳුනගෙන කථා කරලා කියලා.// :-D

      Delete
    4. පෝස්ට් එකට වඩා මුගෙ කම්නෙට් එක ආතල්!

      Delete
  4. අද නං මචං හිනාවෙලා ඉල කැඩුනා, අර මියගියේ අපයි කියන එක නං පට්ට කතාව

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් ........ අපිටත් හොඳට හිනාගියා බං. මාම මැරිච්ච එකත් හිනාවුනා.

      Delete
    2. ඕක සුළබයි. මමත් තොරන් තුන හතරකම ඔය වාක්‍යය දැම්මා. හැබැයි 'පියාණනි' නෙවෙයි

      'සොයුර, මිය ගියේ ඔබ නොව අපය'

      Delete
    3. ඇත්තටම මියගිය කෙනාට වඩා මල ගෙදර අය මැරෙනවා.

      Delete
  5. //"පියානනි, මියගියේ ඔබ නොවේ අපයි!" //

    ලංකාවේ තරම් නිර්මාණයෙහි දක්ෂ අය මේ ලෝකේ තව කොහේවත් නැතුව ඇති. :)

    ReplyDelete
  6. ane bola lankawata aawa dawase indala ooru mas hoyanawa kanna wal ooru mas hamba une nahane

    ReplyDelete
    Replies
    1. දඩමස් කියන්නෙ කවදාවත් හොයාගෙන කන්න බැරි ජාතියක් මේ වෙනකොට. අහම්බෙන් සෙට්වුනොත් මිසක් ඕනකමට ගන්න නෑ මේ පැතිවලත්.

      Delete
    2. වැව් බැඳී රාජ්‍යයේ නම් තවමත් සුලභයි.

      Delete
    3. ගොඩක් උන් දඩමස් හොයන්නෙ කලින් කාලා රස දන්න හින්දා ආයෙ කන්න හිතිලා නෙවෙයි. අඩෝ අපි උඩවලවෙ ගිහින් වල් ඌරු මසුත් කාලයි ආවෙ කියලා පොර ටෝක් දෙන්න.

      Delete
    4. සහතික ඇත්ත ඇනෝ..

      මේ පාර නිවාඩුවට ආවම ගියා උඩවලවෙ යාලු ෆැමිලි දෙකක් එක්ක. අපි එක්ක ගිය එකෙක් ( ඌත් පිට රටක ඉන්නෙ ) ආපහු කොළඹ එන ගමන් තේ බොන්න නැවැත්තුවමත් කඩ වලින් අහන්නෙ "වල් ඌර" නැද්ද කියල කන්න. මොකද ඇහුවම මූ කියපි "සෆාරි ගිහින් දඩමස් ටිකක් නොකා ඇවිත් වැඩක් තියෙනවද බන්"..!

      Delete
    5. @ඇනෝ සහ ඉන්දික: ඔය පොර ටෝක් දෙන එකත් නන් වැදෑරුම්නේ බංස්ලා. මම ගෙදර ගිය වෙලාවක තවත් අපි වගේම නිවාඩුවකට ඇවිත් හිටිය එකෙක් එක්ක කිව්වා "අපිට තවම යාපනේ යන්න බැරි වුනානේ බං කියලා. මම එහෙම කිව්වෙත් ඌ යාපනේ ගිහින් ආවා විතරයි කියලා කිව්ව ගමන්.

      පොර අහනවා ඇයි බං මේ හැම එකාම යාපනේ යන්න හදන්නේ? කියලා.

      මම කිව්වා එකක් ගිහිල්ල නැති නිසා, අනික යාපනේ මොනවගේද කියලා ඇස්වලින්ම බලාගන්න කියලා.

      මූ කියනවා. අනේ පලයං යන්න. ඒකට නෙවෙයි. අපිත් යාපනේ කියා කියලා පොර ටෝක් දෙන්න පුලුවන්නේ කියලා.

      මම කතාව අතෑරලා දැම්මා. අපි තාම යාපනේ ගිහින් නෑ.

      Delete
  7. ඔය ප්‍රනීත් වගේ එවුන් ගොඩක් මල ගෙවල් වල ඉන්නවා. කියලා යනකොට කෙසේවෙතත් සමහරු නම් බැනල යන්නෙත් උන්ට "ගෙදර එවුන් හොඳයි අරූගෙනේ රැස්පොට් එක " කියලා

    ReplyDelete
    Replies
    1. මෙතන නම් අවුලක් නෑ.

      Delete
  8. හික්ස් මරු කතා සෙට් එක....

    ReplyDelete
  9. ඔය රවියා නැතිනම් උඹලට හිරිම පාලු ඇති නේද රාජ්? මොකද පුවත් මවනෙක්නේ. මටත් ඉන්නවා යාලුවෙක් රවී කියලා. උගේ සහෝදරයාගේ nickname එක සිකුරා. ඌත් පුවත් මවන්නෙක් තමයි.

    පොර කෙල්ලෙක් එක්ක රෝන්දේ ගහනවා කියලා එකෙක් තාත්තට ගිහින් ගින්න දීලා. තාත්තාගේ උත්තරේ තමයි.

    "කොච්චර හොඳද? ඒ කියන්නේ ඌ නිරෝගී කියන එකනෙ ඕයි. තමුසෙ කලබල නොවී ඉන්නවා."

    මේ කතාව වාර්තා කලේ, මේක අහගෙන හිටපු පොරගේ සහෝදරයෙක්.

    ReplyDelete
    Replies
    1. මරු කතාව. රවිය දැන් පරිපාලන නිලධාරියෙක්නෙ. අපි එක්ක සෙට් වෙන්නෙ මළගෙයක් මගුලක් වගේ වෙලාවක තමයි.

      Delete
  10. දැක්කනේ ලංකාවේ කොන්දොස්තර මහත්තුරු කවුද කියන්නේ ඒ ගොල්ලන්ට හිතක් පපුවක් නෑ කියල ඔය තියෙන්නේ උදාහරණ හික්ස්...!!!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං හිත උනුවෙන මිනිස්සු ඉන්නව

      Delete
  11. අරූ මොකද බන් අනුන්ගෙ මලගෙවල් වලට නිවාඩු දාගෙන ගිහින් වැඩ කරන්නෙ ? රවියව හොඳ මලගෙවල්වලටම තමා..

    ReplyDelete
    Replies
    1. //අපේ ප්‍රනීත් කියන්නෙ ටීඕ මහත්තයගෙ දකුණු අත වගේ බුවා//
      දකුණත් සව්නේ ඒකයි :-)

      Delete
  12. //අතන රාජ් මහත්තයත් වේලි වේලි ඉන්නව //

    වර්ණපාල තියරියට ත් වඩා ප්‍රැක්ටිකල්...අත්හදා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...........කරල බලපං.

      Delete
  13. යකාගේ මනුස්පයෙක්නේ ඔය බස් එකක් නවත්තගෙන හිටියා කියන්නේ!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ මූ යකෙක්ම තමයි

      Delete
  14. අඩෝ නියම සෙට් එකක් තමා උබට ඉන්නෙ....

    ReplyDelete
  15. රවියව පට්ට ගහනවා කියල රාජ් එයාට කිවුවද ?

    ReplyDelete
    Replies
    1. ලාවට වගේ කියල තියනව. එයා බ්ලොග් කියල දෙයක් දන්නෙ නෑ

      Delete
  16. දවස් පහක් මළගෙදරක සර්විස් එකක් දෙනවා කියන්නේ හෙන කට්ටක්නෙ.. බැඳපු එකෙකුටනං කොහෙත්ම කරන්ට බෑ!

    ReplyDelete
    Replies
    1. මොකෑ බැරි. මේ දෙදරු පියෙක්. ගෙදර නොගියාම නෙවේ. පැයකට දෙකකට තමයි ගෙදර ගියේ.

      Delete
  17. අපි ට්‍රිප් එකක් ගිය වෙලාවක අපෙත් එක්ක ගිය අයියලා දෙන්නෙක් එක පාරටම මල්ලි අන්න අන්න කිඹුලෙක් කියලා කෑ ගැහුවා. හැමෝම වද කරලා බස් එක නවත්වා ගත්තා. බැලුවට කිඹුලෙක් නෑ. අර අයියා කිව්වා ඌ වතුර යටට ගියා දැක්කේ නැද්ද ? කියලා. එහෙම කියලා තියෙන්නේ බෝතලේකට අරක්කු - සෝඩා කලවම් කර ගන්නකම්.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හහ්..... යන ගමන් බොන්න බැරිකමට!

      Delete
  18. වෙනදට උඹ කියනදේ අගය කලාට අද උඹට බනින්නයි යන්නෙ!

    ඈ බන්,දැන් ඔය ටී ඕ කාරයත් රජයේ සේවකයෙක් වෙන්න එපෑ. උඹලා ඌ අනිත් රාජ්ය සේවකයො වගේම රිම් එකෙන් යන්නෙ කියලත් දන්නවනෙ. එහෙව් එකේ ඌ ප්ලග් කරපු තැන බොන්න බැරිනම් නොබී ඉන්න තිබ්බනෙ තව සීල් අරක්කු ගෙන්නවගෙන උගෙ පොකට් එකට විදින්නෙ නැතුව. නැත්නම් උඹලා අරන් බොන්න තිබ්බ.

    අර ශ්‍රී ලාංකිකයො නිර්මාණශීලියි කියලා උඩ කවුද කිව්ව වගේ ශ්‍රී ලාංකිකයො මේ අමන වැඩේට (පිනට බොන්න) ත් දක්ශයි!

    ReplyDelete
    Replies
    1. ටීඕ මහත්තුරු රජයේ සේවකයන් උනාට......... අනේ මං දන්නෙ නෑ ටීඕ මහත්තුරු මේ ‍බොගේ බලනව නං........... :-)

      කියමනට කිව්වට ටීඕ මහත්තය අපේ ජාතියෙ බුවෙක් නෙවේ. යමක් කමක් තියනව.
      මලගෙවල් ගැන කිව්වම නං කොතනත් ඔහොම තමයි. නැතිබැරි එකාටත් දෙන්න වෙනව. මම දකින්නෙ නං ඒක දත් ගැලවීමක් විදියට නෙවේ. මෙතනදි උනත් අපි මළගෙදරට යන්න කලින් හොඳට බීලනේ ගියේ. ඊට පස්සෙ බඩු ගන්න තැනකුත් නෑ, පාරට යන්නත් බෑ, ඉතිං ගෙනාපු එකක් ලැබුනම පාවිච්චි කලා එච්චරයි.

      Delete
    2. තව ලියලා උඹෙ කතා ටිකේ ආතල් කඩන්න මට ඕනෙ නෑ.

      ඒත් මල ගෙවල් වල ගිහින් එතන මිනිස්සුන්ගෙන් බොන්න බලාපොරොත්තු වෙන එක මහ පජාත වැඩක්. ටී ඕ කාරයින්ට සාමාන්යයෙන් ගතමන්ට් සෙට්වෙන එක ඇත්ත. ඒත් ඉතින්, මිනිහෙකුට තිබ්බ කියලා ඇයි උගෙන් ගන්න හදන එක කමක් නෑ වෙන්නෙ. උඹලා බීලත් නම් ගියෙ, එතන ආයෙ බොන්න බඩුත් නැත්නම් කය්යක් ගහගෙන ඉඳලා එනගමන් මගින් බොන්න තිබ්බනෙ. දැන් උඹම කියලා තියෙන විදියට නැතිබැරි එකාටත් දෙන්න වෙනවනම් යකෝ ඒක මහ අමානුශික කතාවක්නෙ. මලගෙදරින් පස්සෙ උගෙ දරුපවුලත් මලා වගේ නෙ. දත ගැලවීමක් නෙමෙයි ඕක ලංකාවෙ මිනිස්සුන්ගෙ තියෙන ජරා ගතියක්.

      තමුන්ට ආතල් ඕනෙනම් තමුන්ගෙ වියදමෙන් ගන්න එක තමා හරි ක්‍රමය.

      Delete
  19. මටත් දැන් ලංකාවේ මළගෙදරක යන්නත් ආසයි බන් එක්කන් ගියාට තැන්කු...... එක කාලයක් තිබ්බ හවසට යාලුවෝ ටික සෙට් උනාම කතාවෙනව අද කව්රුත් මරිලවත් නැද්ද බන් දන්නා කියන පැත්තක කියලා....... ඒවගේම තමයි අර ශෝක ප්‍රකාශ කරන බැනර්.... අපේ ගමේ ග්‍රාම සේවක හදිස්සි අනතුරකින් මැරිච්ච වෙලාවේ අපේ කොල්ලෝ ටිකට ඕන උනා කවදාවත් ගහල නැති ජාතියේ වාක්‍යක් එක්ක බැනර් එකක් ගහන්න සුදු රෙද්දත් අරගෙන කළු තීන්තත් තිඅගෙන ඕක අදින්න දන්නා සෙට් එකේ එකා දැන් අපෙන් අහනවා මොකද්ද අදින වාක්‍යය............අදහස් කෝටියයි පාන්දර හතර පහ වෙනකනුත් එකක්වත් සැට් වෙලා නැ .... දැන් කාටවත් හරියටම සිහියත් නැ නිදිමත හා බෝතල් මත....... පහුවදා අවසන් කටයුතු වෙලාවේදී ඔන්න අපේ බැනර් එක තියෙනවා රෙද්ද පිරෙන්න ඇදලා එකම වචනයයි "දුකයි"

    ReplyDelete
    Replies
    1. හනේ... මල්ලි ඉන්නෙ පිට රටකද මල්ලි... හප්පේ දන්න කියන එකෙක් නෑ බන් අපෙ පරම්පරාවෙ තියා අහල ගං හතකවත් පිට රට ගිය එකෙක් මල්ලි, මල්ලි ඇත්තටම රට මොන පාටද?

      Delete
    2. ලොකු අයියේ, ඇවිල්ලා බලපන්කො මගේ බ්ලොග..... රටේ පාට එහෙම්පිටින්ම තියෙනවා නොවැ.......
      http://onemalaysiasinhala.blogspot.com/

      Delete
  20. // pianeni miya giye oba nove apai// EKA ATHTHA, PIYA SUIT EKAK GAHALA, ATH DEKA EKATHU KARAGENA SUWASE NIDA GENA INNAWA, DAWAS GANANAK NIDI MARAMIN AMUTHTHANTA SANGRAHA KARA MIYA YANNE APAYI.

    ReplyDelete
  21. ඉස්සර අපි හිටිය එක පලාතක ....මල ගෙයක් උනාම රෑ දහයෙන් විතර පස්සේ මහතුන් කියන බුවා එනවා කසිප්පු බූලියත් අරගෙන. ඕක කොහේ හරි ටිකක් ඇතින් වැටක් අස්සේ ගහගෙන ඌ මදි පාඩු අයට විකුණනවා.විස්කි ගහණ ලෝඩ් පකීර් ආවත් මහතුවගේ සුදුවා ෂොට් එකක් ගහන්න වෙනවා මදිපාඩුවට.

    අපේ තාත්තා කියන්නේ" මහතුන්...ශෝකය අශෝක වීදුරුවේ දමා විකුණනු ලැබේ" කියලා...තාත්තාත් එක්ක හිතවත් නිසා එයාගෙන් සල්ලි ගන්නේ නැහැ.

    ReplyDelete
  22. සිරාවටම රාජ් දැන් නියම විහිළු කතා තියෙන්නේ හුගක් වෙලාවට ඔය මරණ ගෙවල් වල තමයි.

    ReplyDelete
  23. බැනර් එකේ ගහපු එක තමයි සුපිරිම.
    .
    මම ගියපු මලගෙදරකුත් කලින් ඉවර කරා කට්ටියට කන්න බොන්න දීලා පිරිමහන්න බැරුව. විශේෂයෙන්ම බොන්න. දවස් 4ක් තියෙන්න තිබ්බ මළගෙදර අන්තිමේදි අඟහරුවාදා කියල බලන්නේ නැතුව දවස් 3න් ගත්ත.

    ReplyDelete
  24. ඔය රවි අයියා කියන කෙනාගෙ කථා මීට කලිනුත් ලියවුනා නේද ? නරකද බෝතලයක් කාරිය පුදලා පෝස්ටු දෙක තුනකටම කරුණු ටිකක් රැස් කොර ගත්තොත්...කථා සාගරයක් වගේ...මෑන්

    ReplyDelete
  25. ඔය ජාතියෙ බුවාල ඉන්නකොට නම් මලගෙවල් නතින්ග්

    ReplyDelete
  26. රවී අයියගේ කතාවක් නම් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ.. පහුගිය ලියපුවත් ඉතින් මතකයිනේ අපිට..

    ReplyDelete
  27. මාර පොරක්නෙ රවිය.
    මල් කතා ටික බං.

    ReplyDelete
  28. ටි ඕ කෙනෙක්ට දවස් පහක මලගෙයක් කරන එක වැඩක්ද බං කන ජරාවේ හැටියට

    ReplyDelete
  29. මල ගෙවල්වල ප්‍රනීත්ල වගේ අය ඉන්නවනං ඒක ඒ ගෙවල්වල අයටත් පහසුවක්.
    යකෝ විනාඩි තුනක් බස්එක නවත්තගෙන ඉන්නකොට අනික් මිනිස්සු කොන්දට ගැහුවෙ නැති එක පුදුමයි.

    ReplyDelete
  30. 'මිය ගියේ ඔබ නොවේ අපය' කියන කතාව ගොඩ මළ ගෙවල් වල අහලා දැකලා තිබුනත් ඇත්තම තේරුම දැන ගත්තෙ අදයි. :-) :-)

    - ප්‍රියා.

    ReplyDelete
  31. මං විකුණපු ඌරගෙ මස්!"

    :D

    සිරාවටම කතරගම බස් එකක් විනාඩි තුනක් නවත්තන් හිට්යා කිව්වම මේක නිකන් ලංකාව නෙවේ වගේ..විස්වාස කරන්න බැහැ බැහැ වගේ.. අලුත් ජනතාවක් පත් වෙලා නෙවේ නේද ...?

    ReplyDelete
    Replies
    1. ඔත්තුව නම් සෑහෙන වටිනවා....

      Delete
  32. "මිය ගියේ ඔබ නොවේ අපය" :D

    ReplyDelete
  33. "පියානනි, මියගියේ ඔබ නොවේ අපයි!" .. මේක දැන් ගොඩක් මල ගෙවල් වල දකින්න තියෙනවා. අනේ මංදා ...

    ReplyDelete