Wednesday, February 12, 2014

ගාමිනී අයියගෙ කතා.

ගාමිනී අයිය කියන්නෙ අපේ සහෝදර කාර්යාලයක, ["සහෝදර කාර්යාලය" හරි නේද? සහෝදර කාර්යාලය කිව්වෙ ආරක්ෂක අමාත්‍යංශයවත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයවත් නෙවේ. කිට්ටුව තියන තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්. සාමාන්‍යයෙන් ඔය සහෝදර කතාව ආවෙ මාධ්‍ය ජාල වලින්. මාධ්‍ය ආයතන ගනනාවක් අයිති සමාගම් ඊට අයත් අනෙක් ආයතන වලට කියන්නෙ ඔහොමයි. උදාහරණයකට සිරස ටීවී එකේ කෙනෙක් ඔන්න මෙහෙම කියනව... අපේ සහෝදර නාලිකාවක් වන ශක්ති ටීවී...... ආං ඒ වගේ.] වැඩකරන අපේ බුවෙක්. හරි ආතල් බුවා! මෑන්ව මට සෙට් උනේ භාණ්ඩ සමීක්ෂණයට ඒ දිහාවෙ ගිය වෙලේ. මමත් මගේ කාර්යාල සගයත් තමයි භාණ්ඩ සමීක්ෂණය කලේ.

ගාමිනී ටිකක් ලෝබ පහේ මනුස්සය. ඒ ව‍ගේම ලෝකය. ලෝකෝත්තර බුවාල කියල කියන්නෙ. අන්න ඒ ජාතියෙ. [මේක මේ බුදු හාමුදුරුවන්‍ගේ ජාතියෙ ලෝකෝත්තර කියල වරදවා වටහාගන්න එපා]. ගාමිනී අයිය ත්‍රීකුණාමලේ ‍පැත්තෙ නාවුක හමුදා කඳවුරක කම්කරු රස්සාවක් කරල විභාගය පාස් වෙලා අපේ සේවයට ආපු බුවෙක්. මෑන් එහේ විස්තර කිව්වෙ මෙහෙමයි.

"රාජ්, මං හිටියෙ ට්‍රින්කො නේවි කෑම්ප් එකේ, කම්කරු!.... එහේ ඉන්න එවුන් මෙහේ වගේ එම්ඒ පාස් වෙන්නෙ නෑ බං....(එම්ඒ=මැනේජ්මන්ට් ඇසිස්ටන්ට්=ලිපිකරු). ක්ලාස් එකක්වත් නෑ යන්න... බොහොම අමාරුවෙන් මහන්සි වෙලා පාඩං කරල ගොඩදාගත්ත.... අපි පාඩං කරනවට එහේ ඉන්න එවුන් කැමතිත් නෑ බං"

"ඒ මොකෝ?"

"ඉරිසියාවනේ බං...., උඹලට කියන්න..... මම පාඩං කරන්න පොතක් අතට ගන්නකොටම අපේ ෆෝමන් කාරය කතා කරනව. ඌ දෙමල! අපි උඩට යනවට තරහයි...., ඔන්න දවසක් මම පාඩං කරන්න ගත්ත.... මෙන්න මූ කතා කරනව... මං ගියා.... මූ කියනව ගාමිනී! අර ඉස්ටෝරු කාමරේ සුද්ද කරපං කියල,.....වැඩකට නෙවේ.... ඕව සුද්ද කරල පිරිමහන්න බෑ.... නමුත් මගේ වැඩේ අරවන්න එපාය.... ඔන්න මම සුද්ද කරන්න පටං ගත්ත. කරුවල කාමරයක්. ටික වෙලාවක් යද්දි සුද්ද කරල ඉවර වෙන්න ආව.... මෙන්න මූත් ආව ඇතුලට.... ඒ එක්කම වතුර බාල්දි දෙකක් අතින් ගත්ත සුදු කොට කලිසම ඇඳගත්ත නේවි එකේ ට්‍රේනින් වෙන එකෙක් දොරෙන් ඔලුව දැම්ම විතරයි අපේ ෆෝමන් කාරය රැවටිලා ගැහුව දඩාස් ගාල සැලියුට් එකක්.... නමුත් වැඩේ තේරෙනකොට පරක්කු වැඩියි.... කොල්ලත් වතුර බාල්දි දෙක බිමින් තියල ගැහුව ෆෝමන්‍ට සැලියුට් එකක්.... ෆෝමන් ඇහුව මොකද කියල....අරූ කියනව "තුමනී මම පුහුණුවන නැවි අහවලා පාර වැරදී පැමිණියෙමි" කියල! උංගෙ කතාව එහෙමනේ.... ෆෝමන්ට හෙන අවුල් මං ඉස්සරහ අරූට සැලියුට් ගැහුව කියල... ඌ මට කියනව ගාමිනී මම සැලියුට් කල කතාව උඹ කා එක්කවත් කියන්න එපා කියල... දවසකින් දෙකකින් ෆෝමන් යද්දි එක එකා කියනව "තුමනී මම පුහුණුවන නැවි අහවලා පාර වැරදී පැමිණියෙමි" කියල. අරූ මට බැන්න හොඳටෝම"

ගාමිනී එක දවසක් බැංකු පොත් දෙකක් සාක්කුවෙ දාගෙන ඉන්නකොට මම ඒ ගැන පොඩි විහිළුවක් කලා. ඒ ගමන උගේ යාළුව ගාමිනීගේ ජාතිකේ දිගෑරිය.

"රාජ් මල්ලී.... මූ මෙහෙම හිටියට හොඳ සල්ලිකරාය... මූ ට්‍රින්කො ඉන්න කාලෙ තමයි සුනාමි ආවෙ... ඒ ගමන ‍බෝට්ටුවක් තිබිල සුනාමියට ගියා කියල මූ කවුදෝ ‍බෙදපු බෝට්ටුවක් අරගෙන.... ඒකෙන් මාසෙකට ගානක් එනව.... එහේ හිටිය කාලෙ හදපු ගෙදර දැන් කුලියට දීල තියෙන්නෙ....එතනිං රුපියල් දහදාහක් එනව මාසෙකට..... මෙහේ ගෑනිට දෑවැද්දට ලැබුන කුඹුරු අක්කර දෙකහමාරක් තියනව ඒක වගා කරනව.....ඉතිං සල්ලි තමයි.... දවසක් අපි ඉන්න අතරෙ කර කර ගාල සද්දයක් ඇහෙන්න පටං ගත්ත.... බලද්දි ගාමිනීගෙ සාක්කුවෙ තියන පොත අප්ඩේට් වෙනව!"

ඔන්න කෑමට ගිය වෙලේ ගාමිනී ආයෙත් කතාවක් පටන් ගත්ත.

"රාජ් මල්ලි, අපි ට්‍රින්කො ඉන්න කාලෙ එහේ කැන්ටිමෙන් තමයි කෑවෙ... කෑම එකක් තිස් පහයි.... එයින් දෙකක්වත් ඕන බඩ පිරෙන්න නං.... අපේ එකෙක් හිටිය හැරී කියල. මගේ ගජය.... නමුත් කුකුල් කේන්ති කාරය.... කවුරුත් ඌ ආශ්‍රය කරන්නෙ නෑ තරහ යනව කියල. මම විතරයි ආශ්‍රය කලේ...ඌ ගෙදරින් ගෙනල්ලයි කෑවෙ... ඔය අතරෙ ශාන්ත කියල කොල්ලෙකුත් අලුතෙන් ආව... ඌ හැමදාම බැන බැන කෑවෙ කෑම මදි කියල.... ඔන්න දවසක් හැරිය කිව්ව ශාන්තට මම උඹට ඇතිවෙන්න කෑම එකක් ගේන්නං හැබැයි රුපියල් හැත්ත පහක් ඕන කියල.... අරූ වැඩේට කැමති උනා... හැරියත් ලොකු කෑම එකක් ගෙනල්ල දීල හැත්ත පහක් ගන්නව....පිඟන් දෙකකට කෑම බෙදල තවත් පිඟානකින් වහල රෙද්දකින් බැඳල තමයි උගේ නෝන කෑම දුන්නෙ.... රෝස පාට රෙදි කෑල්ලෙන් බැඳපු පිඟාන ශාන්තටෙ..... නිල් පාට රෙදි කෑල්ලෙන් බැඳපු පිඟාන ඌට.....ඔන්න ‍ඔහොමයි වැඩේ.....දවස් දෙකක් විතර ඔය වැඩේ බලං හිටිය අපේ එකෙක් දවසක් මට කිව්ව බිත්තරයක් තම්බගෙන එන්න කියල... මම බිත්තරයක් ගෙනාව.... මූ කෑම දෙක තියල තියන තැනින් ඒක අරගෙන රෝසපාට රෙද්ද බැඳපු කෑම පිඟාන ලිහල ඒකට බිත්තරේ දැම්ම....ඔන්න දැං දවල් කෑම වෙලාවත් ආව.... ශාන්තය කෑම එක ලිහද්දි අපි බිත්තර ගැන කිව්ව.... ඒ ගමන හැරියත් උගේ පිඟාන ඇරිය.....දැං ඌට මාර අවුල.... උගේ එකේ බිත්තරේ නෑනේ.... අපි කියන්න ගත්ත ඔන්න බලපං උඹේ ගෑනි උඹට නොදී ශාන්තයට බිත්තරේ දීල.... සුදු කොල්ල නිසා වෙන්න ඇති කියල.... මූට තදවුනා කෑම පිඟාන බිත්තියෙ ගහල කාමරේට ගියා.... දැං නං අපිටත් බයයි.... මූ ගෑනි මැරුවොත්.... ඒ ගමන අපි ෆෝමන් ලගට ගිහිල්ල විස්තරේ කිව්ව....ඌ හොඳටම බැනල අරූ ගෙන්නල විස්තරේ කිව්ව.... අරූ දවස් දෙකක් විතර යනකල් අපි එක්ක තරහ වෙලා හිටිය"

ඔන්න ඔහොමයි ගාමිනීගෙ කතා. ගාමිනී ට්‍රින්කො මෑන් උනාට බැඳල ඉන්නෙ මෙහෙන්. නෝනට දෑවැද්දට ලැබුන ඉඩමක ගෙයක් හදාගෙන ඉන්නෙ. මේ අතරෙ නැන්දම්මයි බෑනයි වලි පටන් ගත්තලු. ඒක ෂේප් උන හැටිත් කිව්ව.

"නැන්දම්ම මුලදි මාත් එක්ක මාර වලි.... මොනව කලත් වැරදියි... ඔහොම ටික දවසක් ඉන්නකොට නෝනගෙ නංගිට එකෙක් සෙට් වෙලා බැන්ද.... ඌ මට හපං.... දැං නැන්දම්ම ඌ එක්ක වලි.... මට දැං දෙයියන්ට වගේ සලකනව"

"ඒකත් සෙට්කලේ මූ තමයි..... මූ ප්ලෑන් කරල ගහපු ගේමක් ඒක" යාළුව කියනව.

"මං වැඩි කාලයක් හිටියෙ දෙමළු එක්කනේ ඒකයි මේ අනල බත් කන්නෙ" ගාමිනියගෙ ඇනිල්ල නං අප්පිරියාවෙ බෑ. බත් කාල ඉවර වෙද්දි බත් අහුරක් විතර මේසය උඩ! වෙන වැරැද්දක් නං කියන්න නෑ මෑන්ගෙ. ඉඳපු දවස් තුන හතරෙ අතීතය වර්තමානය ගැන කතා කල ගාමිනි තමුන්ගෙ අනාගතය ගැනත් කියන්න අමතක කලේ නෑ.

"මම පනස් පහ වුන ගමන්ම පෙන්ෂන් යනව. ගිහිල්ල යනව ට්‍රින්කො වලට.... ට්‍රින්කො වල මාලු බිස්නස් එකට සෙට් වෙනව.... බිස්නස් කිව්වට මහලොකු දෙයක් නෑ.... බෝට්ටු වලින් මාලු අරගෙන පිටින් එන එවුන්ට විකුණනව අපිත් රුපියලක් දෙකක් තියාගෙන... ගමේ අපිට තමයි මාලු දෙන්නෙ.... දවසකට දාහක් දෙදාහක් හොයාගන්න පුළුවන්"

එකසැරේටම බැලුවම ටිකක් අවුල් වගේ පෙනුනත් ගාමිනී වගේ උදවිය නැති උනොත් මේ ලෝකෙ හරිම නීරස තැනක් වේවි.

56 comments:

  1. ඔය දෙමළ අය කැම කන විදිහේ අමුතු සිරිත් තියෙනවා ,බත් කන්නෙ හොදටම පොඩි කරලා ඇයිද මන්දා ???ඒ මදිවට තුනපහ වැඩියෙන් කනවා ....

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට දෙමළ අයගෙ කෑම වල නං පොඩි ගලියක් තියෙනව නැද්ද... එකනෙ අපේ ඔං ඒවටම රිංගන්නෙ... ගාණත් අඩුයි තමා කන්නත් ආස හිතෙනව...
      ඔය තෝසෙ පරාට විතරක් නෙමේ ඉට්ලි... ලඩ්ඩු... උදු වඩේ වගේ ව මාර ගති

      Delete
    2. ඔව් ඔව්. ඌත් හොඳට අනල පොඩිකරල කන එකෙක්. උගේ ඇඟිල්ල පුරාම බත් ඇලිල. අප්පිරියාවෙ බෑ!
      මහේෂ්
      දෙමළ කෑම හොඳයි පොඩි වෙනසකටත් එක්ක. ‍අනෙක දෙමළ මුස්ලිම් බුවාල මාකටින් දන්නව අපේ එවුන්ට වැඩිය

      Delete
    3. මාත් ආසයි , කොටුවේ කාර්ගිල්ස් බිල්ඩින් එකට මෙහා තියෙනවා නියම තැනක්,, ම්ම්ම් රසආආආආයි

      Delete
    4. කවුද සයිවර් කඩෙකින් කාලා තියෙන්නෙ ,එවායේ කැම නම් හොදයි

      Delete
  2. ඇත්තටම රාජ් අය්ය ඉදල හිටල අපේ සෙට් එකක පම්පෝරි ගහන අමුතු විකාර කරන පොරක් නැති වුනොත්

    අම්මෝ...
    දවස මොන වගේ වෙයිද....
    ඈ...
    ..
    ..
    ..
    පට්ට බෝරිං වෙයි නේ

    ReplyDelete
  3. මම දන්න සමහර දෙමළ අය නම් අතින් කන්නෙත් නෑ. :)

    එයාලගේ තියෙනවා මෙහෙම සිරිතක්. කෑමකට එකතු උණාම, ඉතුරුවෙන දේවල් ඔක්කොම බත් එක්ක අනලා හදනවා වෙනම බත් එකක්. අන්න ඒක දැක්කාම නම් කන එක දාලා දුවන්ට හිතෙනවා. ඒත් එයාලගේ යාලුවෝ පෙට්ටිවල දාගෙන ඒ ඉතිරි කෑම ගෙනියනවා. මම නම් ඉතින් බලෙන් දුන්නොත් ගෙනත් විසි කරනවා...:D

    ReplyDelete
    Replies
    1. ගෙවල් වල ඇතිකරන ඌරු පැටියන්ට දෙන්ට වෙන්නැති.

      Delete
    2. පෙට්ටිවල දාගෙන ඒ ඉතිරි කෑම ගෙනියනවා.//

      මාත් හිතන්නෙ ඌරන්ට

      Delete
    3. හෙහ්.... හෙහ්...ගාමිනී අය්ය.. මරු ඈ...

      දෙමල අය අනන කේස් එකනං මං හිතන්නෙ ආහාර ජීර්නය පලමු පියවර අතින්ම පටාං ගන්නව එලටම.
      ඉන්දියන් අයගෙ තව පුරුද්දක් තියෙනව සාම්බාරු හරි කිරි හරි දාගන්නව බත් එකට සුරූස් ගාල උරනව අතේ තියෙන ටික කන ගමං. අනික කනකොර චව්.. චව්... ගාල සද්දෙත් එක්කම (තලු මර මර) තමා කන්නෙ. ලඟ ඉඳන් කනකොට පස්ට ආතල් ඈ...සැප කනේ....දවසක් මම ඇහුව මොකෝ සද්දෙත් එක්ක කන්නෙ කියල. උත්තරේ තමයි සද්දෙත් එක්ක කන්නෙ රස නිසා සහ උයපු කෙනාට සහ අනිත් අයට අඟවන්නලු කෑම පස්ට රසයි කියල. එතකොට උයාපු කෙනාගෙ හිතට සතු‍ටුයිලු.. අනේ මන්ද අප්පා....

      අපි කනකොටත් අනිත් අයට ඔයවගේ මොනාහරි පේනව ඇති නෙහ්.....

      Delete
    4. අපේ ගෙවල් වලත් ඉස්සර දවල් උයලා ඉතුරුවෙන කෑම ඔක්කොම එකට බත් එක්ක අනලා අම්ම රෑට අපිට කවනවා..

      Delete
    5. තිසර අයියේ එහෙම කද්දී කොහොමද රස ...

      Delete


    6. මම නම් තාමත් අම්මා කවනවට කැමතී...ඒ කෑමවල මාර රසක් තියෙන්නේ. කොහොමත් කවනකොට ඔක්කොම එකට අනලනේ කවන්නේ නේ. :)

      Delete
  4. M. Conteur a disappered. Vous dites contes. Avez-vous travaillé ensemble?

    ReplyDelete
    Replies
    1. M. Conteur est un cochon .... homofag gay ... il finira en enfer ...

      Delete
    2. මයේ මොකා...........??

      Delete
    3. AnonymousFebruary 12, 2014 at 12:53 PM
      හා මචං!

      Delete
    4. @රාජ්,

      ^^^ Commentaire insulte M.Conteur. Pourquoi gardez-vous?

      Delete
    5. කියන මගුලක් තේරෙන්න කියහංකො

      Delete
  5. මරු කතා ටික බං. අර උඹේ කලින් අයියට හපන් වගේ මේකා..

    මෙන්න මේක නං මරේ මරු //බලද්දි ගාමිනීගෙ සාක්කුවෙ තියන පොත අප්ඩේට් වෙනව!"//

    ReplyDelete
    Replies
    1. හ්ම්. කරුමෙට දවස් තුනයි මුනගැහුනෙ

      Delete
  6. රාජ්ටත් සෙට්වෙන්නේ මරු බඩු ටිකක් තමයි....
    එකෙක්ට එකෙක් සෙකන්ඩ් නැ...
    පොත අප්ඩේට් වෙන එක තමා පස්ට...

    ReplyDelete
  7. ඔය නැන්දම්මාගේ කේස් එකට ගෙනාපු විසඳුමනම් පට්ටම පට්ටයි ....අන්න මොලේ.. එත් ඉතින් ඒකට තව කෙල්ලෙක් ඉන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ස්තානෝචිත අහවල් එක. කෙල්ලක් නොහිටියත් මූ ගේමක් දීල වැඩේ ගොඩදාගන්න ජාතියෙ එකෙක්

      Delete
  8. ගාමිණි කියන්නෙත් මරු පොරක් නෙහ්.... :)
    අන්න මිනිස්සු !

    ReplyDelete
  9. අලුත්ම ගොසිප් නිව්ස් එක තමයි, අපූර්වි නගා කෙන්ජියත් එක්ක ඔරොප්පු වෙලා.
    ඇති යන්තම් ඒ දැරිවිට පහු වෙලා හරි මේ වලත්ත්යගෙ හැටි තෙරුම් ගිය එක.

    ReplyDelete
  10. ඔහොම එවුන් නැති තැන්වල වැඩකරන එක ගතියක් නැහැ රාජ්....හිනාවෙලා සැහැල්ලුවෙන් වැඩේ කරගෙන යන්න තියෙන්න එපැයි. බිත්තරේ කේස් එකනම් ෆුල් සීරියස් වගේ. අනිත් එක සාක්කුවේ තියෙද්දි එකවුන්ට් අප්ඩේට් වෙන එක.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ආතල් නේන්නං

      Delete
  11. //එකසැරේටම බැලුවම ටිකක් අවුල් වගේ පෙනුනත් ගාමිනී වගේ උදවිය නැති උනොත් මේ ලෝකෙ හරිම නීරස තැනක් වේවි.//
    හරියට හරි.
    >
    නැන්දම්මගේ විස නසපු විදිහනම් මරු .

    ReplyDelete
  12. හොඳ වෙලාවට පොර අර බිත්තරේ ඇත්ත කතාව මිනිහා ගෙදර යන්න කලින්ම කියලා දැම්මෙ... මිනිහා ගෑණිව මැරුවෙ නැත්නම් ගාමිණීට හැරීගෙ භාර්යා තොමෝ භාරගන්නත් වෙන්න ඉඩ තිබ්බා... හැබැයි ගාමිණී කොහොම හරි හැරීගෙන් නඩත්තුත් ගනීවි ඒ වෙනුවෙන්...

    ගාමිණී ඔහොම නම් ගාමිණීගෙ මස්සිනා කොහොම ඇද්ද නැන්දම්මා අරම වෙනස් වෙන්න... :D

    ReplyDelete
  13. ඉස්සර නං ද්‍රවිඩ උදවිය බත් කද්දි හොදි වැලමිටට එනකල් පෙරුනා එතකොට වැලමිටටට වෙනකං අත ලෙව කෑවා හැබැයි කෑම නං ටොප් රහයි,මුලදීම රහ තේරෙන්නෙ නැහැ ඒක දිවට හුරුවෙන්න ඕනෑ.

    ReplyDelete
  14. ඔනම් තැනක ඔය ගාමිනිලා වගේ එකෙක් ඉන්නවම තමයි .... එතකොට තමයි ඔපිසියක් සම්පුර්ණ වෙන්නේ..... නැත්නම් ඉතින් ඔප්ස් ජිවිතේ චාටර්ම තමා...... මට මේ දවස්වල සෙට් නියම බංගලියෙක් මම උගේ කථා මේ දවස්වල එකතු කරගෙන යනවා ඉස්සරහ දවසක පොස්ට් එකක් දාන්න

    ReplyDelete
  15. ඕක මොකක්ද දවසක් මම ඇදේ හවස්වරුවක යාන්තම් ඇලට් එකක් දාගෙන ඉන්න කොට ඇද යටින් කර,කර සද්දයක් අවා.සද්දේ බලන්න මමත් වහාම ඇද ඇදලා බැලුවා එලියට.කීවාට විස්වාස කරහන් සද්දේ ආවේ මයේ බැංකු පොතෙන්.බැලින්නම් පොත මීයෙක් කනවා.

    ReplyDelete
  16. මුස්ලිම් මගුල් ගෙදරක ගිහින් අර එක අලි සයිස් කෑම එක වටේ 5, 6 වාඩි වෙලා කන විදිහට කන්න ලොකු උනවනාවක් තිබ්බා. කොහෙද අපේ මිත්‍රයා අපිට වෙනම මේසයක් ලෑස්ති කරලා තිබ්බා. සමහර දෙමල අය ලඟ එන තලතෙල් සුවඳ තමයි ටිකක් අමාරු.

    ReplyDelete
  17. බැලු බැල්මට අවුල් වගේ පෙනෙන අන්දොස් ඩයල් ගොඩදුරට ආශ්‍රය කරන්න ලේසියි

    ReplyDelete
  18. කෑම අනන විදිහනම් අවුල් තමයි...ඔය අනෙක් කතා,,බෝට්ටු කතා එහෙම ඇත්ත නම්,මිනිහ කාලයේ තාලයට දියුණු වෙන්න දන්නා පොරක්.

    ReplyDelete
  19. උඹටත් එකෙක් යනකොට තව එකෙක් ඉන්නවා ආතල් දෙන පොරවල්, නේද?

    ඔය චව් වව් ගාලා කන එක නම් මටත් දරාගෙන ඉන්න අමාරු වැඩක්. අපේ ස්ටාෆ් එකේ ඉන්නවා එක ඉන්දියන් ගත් කතු ගුරුවරයෙක්. ඌ ඇවිත් ඉස්කෝලේ පැන්ට්‍රියේ මගේ දකුණු පැත්තෙන් ඉඳගෙන චව් චව් ගාලා කන්න පටන් ගත්තාම මම මගේ කෑම එකත් අරගෙන නැගිටලා යනවා බං. අර කිව්වත් වගේ සැප කණේ.

    ReplyDelete
    Replies
    1. මගේ මිතුරු බංගලියෙක් හිටියා, ඕනම සභාවක් මැද්දේ, තමන්ගේ පිඟානේ ඉතුරුවෙන හොදි, පිඟාන පොඩ්ඩක් ඇල කරලා දබර ඇඟිල්ල ගාලා කටේ දාලා සුරූස් සුරූස් ගාලා උරනවා. වැඩි අවුලක් නැත්තේ තත්පර කීපයක් ඇතුලත ඌ පිඟාන සුද්ධ කරලා ඉවර කරන නිසා. මාත් ඔය වැඩේ කරනවා සද්දේ දාන්නේ නැතුව, ගෙදරදි කනකොට විතරයි හැබැයි.

      Delete
    2. 1987 මස්කට් එයාපෝට් එකේ මම වැඩකලේ. ඕමානියෝ ඒ කාලේ එච්චර දියුණු හෝ සංවර නැහැ. ඕකේ පබ්ලික් කැෆේ එකක් තිබුනා. ටොමාටො සෝස් බෝතල් පිටින් තමයි ටේබ්ල්ස් උඩ තිබ්බේ. සෝස් හලාගෙන දිවෙන් බෝතලයේ වටේ පෙරෙන ටික ලෙවකාලා එහෙමම තියනවා. මම ඕවා දැකලා තමයි පස්සේ ඉහළ අයට කියලා බෝතල් වෙනුවට sachets යෝජනා කරලා ගෙන්නුවේ. ඒ කාලේ ඔමානියන්ගේ ඔය වගේ පුරුදු වෙනම පෝස්ට් එකක ලියන්න පුළුවන්.

      Delete
    3. ඔවුන් දැනුත් එහෙමම තමයි අරූ,දැන් ලංකාවට ඔමානි ටුවරිස්ට්ල සෑහෙන්න යනව,උන්ට හොටෙල් රූම්ස් හොයාගන්න අමාරුලු දැනගත්ත ගමන් හෝටල් කාරයො කාමර නෑ කියනවලු.

      Delete
  20. පොත අප්ඩේට් වෙන කතන්දරේ තමයි මරු. රාජ් ගෙ පොත අප්ඩේට් වෙන සද්දෙ කොහොමද. :D :D

    ReplyDelete
  21. ගාමිණීව නම් අදහන්න වටිනවා. විශේෂෙන්ම අර නැන්දම්මට දුන්න බෙහෙත බාල නෑනාලා ඉන්න උන්ට අත් හදා බලන්න වටිනවා. :-D

    ReplyDelete
  22. මං මගේ බැංකු පොතත් බැලුවා අප්ඩේට් වොලාද කියලා. මොන
    රසබර කතා ටික

    ජය වේවා!!!

    ReplyDelete
  23. තව පොඩ්ඩෙන් බිත්තරයක් මිනී මරනවා. රට කපටියෙක් නේ මිනිහා.

    ReplyDelete
  24. අපොයි නියම යාලුවෙක්නෙ එයා

    ReplyDelete
  25. මාර පොරක් නේ ගාමිණිය .

    ReplyDelete
  26. රාජ් අයියටත් කතා කියන්න මරු පොරවල් සෙට් වෙනවා නේද? ඒකත් නියමයි.. සෙට් එකකට ඉතින් මෙහෙම අය ඉන්නත් ඕනනේ..

    ReplyDelete
  27. ගාමිනි වගේ එවුන් නැති වුනොත් බ්ලොග් ලෝකෙ පජාතයි බං..

    බිත්තර කතාව සිරා ඇහ්...

    දෙමල කොල්ලෙක් අපි එක්ක කෝස් එකක් කලා.. අනෙ උගෙ බත් ඇනිල්ල.. පොල් මිරිකනව වගෙ බං...

    ReplyDelete
  28. උබලටත් ඉතින් අහිංසකයෙක්ව පේන්න බැහැ..

    ReplyDelete
  29. අම්මපා උබටත් මරු මරු එවුන් සෙට්වෙනව නේ එකෙක් යන කොට එකෙක් තිස්ස අයියලා ගාමිනි අයියලා පරාක්‍රම බාහුල පන්ඩු යකො මුන් ඔක්කොම රජවරුනේ අපේ සහෝදරයෝ ටික වගේ...D

    ReplyDelete
  30. //බලද්දි ගාමිනීගෙ සාක්කුවෙ තියන පොත අප්ඩේට් වෙනව!"/// පට්ටම ටෝක් එක හිනා හිරවෙනවා..

    ReplyDelete
  31. නියමයි අෆ්ෆා..............

    ReplyDelete
  32. සිරාවට, ඔය වගේ එවුං නැති ලෝකේ පරිප්පු නැති හෝටලේ වගේ....

    ReplyDelete