Wednesday, February 19, 2014

සමාන්තර විශ්වයේ ඉල ඇදෙන පොලිටිකල් ජෝක්ස්!

මේ කතා සැට් එක සමාන්තර විශ්වයක වෙච්ච සීන් එකක් නිසා එච්චර සිරා ගන්න එපා. කියවල හිනාවෙන්න විතරයි.

ආයතන සංග්‍රහය

ලොකු බොස් ගෝලයෙක් එක්ක කතාබහක්.

ගෝලය : සෑර්, අන්න සෑර්ගෙ මල්ලිසෑර් ගොම්මංපිලයගෙ වේදිකාවට නැගල ආයතන සංග්‍රහය උල්ලංඝනය කරනව කියල ඌඇම්පී කාරයො කෑගහනව.

ලොකු බොස් : ඔන්න ඔය පුංචි වගන්තිය අයිං කරල දානව.... අර ඊඇස්ඇන් එකට කතරගම දේවාලෙට කලා වගේ.....

හේතුව

මංජුල සහ රවීෂ කියල බුකිවාසියො දෙන්නෙක් කතා බහක.

මංජුල : උඹ මොකද ජේයීපී එකට ඡන්දෙ දෙන්නෙ නැත්තෙ?

රවීෂ : මාක්ස් ලෙනින්වාදී න්‍යායික පදනමක් සහිත ජවිපෙ ජාතිකවාදී සහ වෙනත් දේශපාලන න්‍යායන් අවශෝෂණය කර ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී තිබෙන ව්‍යාකූල තත්ත්වය තුළ ජවිපෙ න්‍යායික පදනම ස්ථාන ගත වන්නේ කුමන ආස්ථානයකද යන්න පිළිබඳ ඇති අවිනිශ්චිතතාවය නිසා බං!

මංජුල : ඇහ්! මොකක්?

රවීෂ : ඔව් බං, අනෙක විජේවීරයන් විසින් ට්‍රොට්ස්කිවාදී දෘෂ්ඨිකත්වයක්ද සහිතව මාක්ස් ලෙනින්වාදීව නිර්මාණය කරන ලද න්‍යායන් කාලානුරූපීව විකාශනය නොවීම. යම් විකාශනයක් සිදු වූවා නම් එය ඉල්ලුම් සැපයුම් න්‍යාය මත පදනම්ව සිදු වූවක් මිස විද්‍යාත්මකව සිදු වූවක් නොවීමත් එක හේතුවක්..... ඒ වගේම බෝල්ෂෙවික් හැඩයේ සාම්ප්‍රදායික කොමියුනිස්ට් ලක්ෂණ පෙන්නුම් කරන ජවිපෙ ගෝලීය ධනවාදය සමග දක්වන ප්‍රතිරෝධයන් සමග නවීන ප්‍රවණතා කළමණාකරණය පිළිබඳ ඇති අවිනිශ්චිත බව වගේම........... ඒයි උඹ ඕෆ්ලයින්ද????

xxx හඬ

මේක කාර්යාලෙක සීන් එකක්,

නෝන : ඒයි අර කාමරේ ඇතුලෙ මොකක් හරි සීන් එකක් වෙනව!

මහත්තය : ඇයි මොකද?

නෝන : අ..අ..අ... ගාල සද්දයක් ඇහෙනව විටින් විට!

මහත්තය : ආ.... ඔය ඡන්ද අපේක්ෂකයන්ගෙ නං කියවනව ඒකයි.

ඇඟට සෙල්ලම

මේක ටික කලකට ඉස්සෙල්ල වෙච්ච දෙයක්. ලොකු බොස් පුත්‍ර රත්නයක් එක්ක චැට් එකක.

පුත්‍ර රත්නය : තාත්තේ.... මාත් සෙල්ලං කරන්න ඕන.... ඇ‍ඟේ ෆිට්නස් තියාගන්න එපැයි....

ලොකු බොස් : ඉතිං?

පුත්‍ර රත්නය : පීඑස්ඩී එකේ කොල්ලො ‍ටිකක් ඕන සෙල්ලං ටීම් එකක් හදාගන්න......

ලොකු බොස් : ඕකට මගේ කොල්ලො මක්කටෙයි.... උඹ කෙලිංම නැෂනල් ටීම් එකට සෙල්ලං කරපං.... ඇඟටත් හොඳයිනේ..... කැප්ටන්සියත් ගනිං ඕන්නං.....මල්ලිල දෙන්නත් එක්කං පලයං..... හැබැයි රන්ඩු කරගන්නව නෙවේ මල්ලිල එක්ක....

රෙෆරන්ස්

69 comments:

  1. අහ්හ් එහෙත් එහෙමද? මෙහෙත් එහෙමනේ

    ReplyDelete
  2. ගොත ගහන එකත් වාසියක් වෙයි දේශපාලනයට නේද?

    ReplyDelete
  3. හැක්..හැක් ...සමාන්තරත් මෙහෙම ද වෙන්නෙ ???මෙහෙ මිට ටිකක් වැඩියෙන් ...එහෙත් මේ කාලෙම වැඩේ පටන් ගෙන ද ???

    ReplyDelete
  4. අ..අ..අ..අ.. අම්මට සිරි.. එහෙත් එහෙමද වෙන්නෙ ?

    ReplyDelete
  5. ඉල ඇදෙන "කොමිට්" කෑලි...!

    ReplyDelete
  6. කියවලා හිනාවෙන්ට විතරයි කීවනේ. ඔන්න කියවලා හිනා උණා... :D:D

    ReplyDelete
  7. Une camionnette blanche vient. Soyez prêt.

    ReplyDelete
    Replies
    1. he...he ... qui est cet homme français?

      Delete
    2. Votre français est très bon සෙන්නා...:D:D

      Delete
    3. හෙහ් හෙහ් අපි නොදන්න ෆ්‍රැන්සිස් ගොයියා....... :D

      Delete
    4. he..he..තිසර... I'm with you on that...

      Delete
    5. තිසර,
      දවසේ කතාව

      Delete
    6. fukke yore asse holle

      Delete
    7. ඔය උඩ ඉන්න පිස්සු සැට් එක මොනාද බං කියන්නේ රාජ්...හැක්

      Delete
    8. දේශා..........උන්ට අ යනු හතරක් පුකේ හිරවෙලා....බොග දාන්න බැරුව දඟලනවා. උඹ කලබල නොවී හිටහන් දේශා...

      Delete
  8. සමාන්තර විශ්වයෙත් මේ වගේම හරක්ද ඉන්නේ බං?
    ගීත ආච්චිවත් මෙච්චර මේකප් දාන්නේ නැතුව ඇති :D

    ReplyDelete
  9. සමාන්තර විශ්වයයි මෙහෙයි කියලා එච්චර වෙනසක් නෑ වගේ.

    ReplyDelete
  10. ඇතුලත්මුදලිත් සැරයක් අතුලත්මුදලි කියලා නම දැම්මා කලින් අංකයක් ගන්න....

    ReplyDelete
    Replies
    1. ඊ අකුර වෙනුවට ඒ අකුර දාල නේද,ඒ 89 දි මට මතක හැටියට.

      Delete
    2. එහෙමද හැලපේ? මම හිතුවේ අපේක්ෂක ලැයිස්තුව හදන්නේ සිංහල අකුරු පිළිවෙලට කියලා. ඇතුලත්මුදලි ඉංග්‍රීසියෙන් ලියන්නේ E අකුරෙන් පටන් අරන් ද? මොකෝ දැන්නම් ඉන්ටනෙට් එකේ තියෙන්නේ A අකුරෙන්

      Delete
    3. නෑ, මනුස්සය ඇතුළත්මුදලිගේ ළලිත්. හැමදාම අංක 1 තමයි කොළඹ ( මනාප ආ දා ඉඳන් මිනිහ යන දා වෙනකල් ඉල්ලුවෙ චන්ද දෙකනෙ ).

      Delete
    4. කඩවත පැත්තේ පොරක් හිටියා ශ්‍රීපති කියලා මතකද අර ඇක්සිඩන්ට් එකකින් මැරුණේ?

      පොර ගේ නම චන්ද ලයිස්තුවට ආවේ ආරච්චි සූරිය ශ්‍රීපති කියලයි.

      Delete
    5. කකා පොඩි ඇඩ් එහෙකුත් දාලම ගිහිං... :D

      Delete
    6. @ඉන්දික.. මේ ගැන පොඩි සර්ච් පාරක් දැම්මහම මේක හම්බ වුණේ... මම හිතන්නේ අපේක්ෂක අංක දුන්නේ සිංහල අකාරාදි පිළිවෙලට. ඇතුලත්මුදලි කැල්ල මුලට තමයි දැම්මේ. නමුත් මෙහි 'ඇ' වෙනුවට ඔහු 'අ' භාවිතා කරපු බව තමයි මම අහලා තිබ්බේ.

      Delete
    7. නිකමට දැනගන්න... ගත්තේ මෙතනින්

      අනාකලී ජනීතා ජයතිලක
      අරස මරක්කල නදීෂා හේමමාලී

      Delete
    8. තිසර,

      අ, ඇ අතරෙ ලොකු වෙනසක් නෑ. සිංහල අකාරදියට ගත්තම එකක් අංක එක අනෙක අංක තුන. කොහොම උනත් මේ ගැන තව ටිකක් හොයල බලන්න වටිනව. ඒකට ක්‍රමයක් තියෙනව. බලමු!

      Delete
  11. සමාන්තර විශ්වයේ සහා මෙහේ වෙනසක් නැහැ.මෙහෙට වඩා සමාන්තර විශ්වය හොද වෙන්න තියෙන අවස්ථාව වැඩියි.

    ReplyDelete
  12. සමාන්තර විශ්වයත් මෙහෙ වගේමනේ බං.කිසි අවුලක් නෑ ඕනෑ තැනක ඉන්න පුළුවනි.

    ReplyDelete
  13. පොඩි වෙනසකට තියෙන්නේ මෙහෙ ආතල් වැඩි ඒක විතරයි

    ReplyDelete
  14. එහෙයි මෙහෙයි වෙනසක් නෑනෙ. හි… :-D

    ReplyDelete
  15. අනේ ඇත්තමයි මේ වගේ විකාර... මේ මිනිස්සුන්ට ලැජ්ජ නැද්ද මන්දා... එක අතකට ලැජ්ජා නැති කමත් දේශපාලනයට එක සුදුසුකමක්නෙ...

    ReplyDelete
    Replies
    1. එක සුදුසුකමක්??විකාර.ලොකුම සුදුසුකම

      Delete
  16. මෙන්න අපෙන් කොපිකරලා.....

    ජය වේවා!!!

    ReplyDelete
  17. ආතල් කතා ටික. පින්තුරේ අස්සෙත් කතාවක්. :)

    ReplyDelete
  18. හෑ.... අ.අ.අ. කියන්නෙ මක්කෙයි කියල තේරුනේ කමෙන්ට් වලින්. පිස්සු එකේ හොඳම එක.

    ReplyDelete
    Replies
    1. ඒකෙ තේරුම මාත් දැනගත්තෙ කොමෙන්ට් වලින්

      Delete
  19. අර අඅඅඅ ජෝකරයාගේ ටෙලිෆෝන් අංකය හොයාගත්තනම් දෙකක් කියන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ ලොක්කා...ඔය වගේ ගොබ්බ වැඩක් කරන මොට්ට පාලයෙක්ට දෙකක් තියා හතරක් කිව්වත් ගානක් නැහැ.....

      Delete
  20. කාළෙන් කාළෙට එක එක විගඩම් ..! ...අපේ රටේ මිනිස්සු හරිම ....................... , හරිම ලේසියි හිනස්සන්න , ඊට ලේසියි අඩවන්න , ... හැබැයි මේ හිනස්සන , අඬවනවුන් ඊළඟට එන්නේ ඡන්ද කොලේ අරගෙන ...දැන් රෙද්ද උස්සල කතිරේ ගහනවා ...ඊට පස්සේ කවුන්සිලේට අර ජෝකර්ලා යවලා උන්ගේ ජෝක් බල බලා “විනෝද වෙනවා“
    http://wigadam.blogspot.ca/

    ReplyDelete
  21. මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වැන්න

    ReplyDelete
  22. සභාවේ මහත් සිනා!

    -සූස්ති-

    ReplyDelete
  23. අ ආ ඇ ඈ අපේම අපේක්ෂකයෙක් . භාෂා ප්‍රේමියෙක්!

    ReplyDelete
  24. ඔය අයනු කතාවට හොඳ තේරුමක් දීල තිබුන නේද? අල්ලපු ගෙදර අරනෝලිස් අප්පු අනියම්ගේ කියල.බලපුවම නිකම් නෙමෙයි අ යනු දාල තිබෙන්නෙ.මිනිහ මොළ කාරය දොස්තරකෙනෙක්නෙ හෙහෙ හෙහෙහෙ

    ReplyDelete
  25. සමාන්තර විශ්වයේ වර්ග කිලෝ මීටර් 65610 ක බිම් කඩක්, පළාත් නවයකට බෙදා වරකට දෙක බැගින් චන්ද පවත්වයිද ?

    ReplyDelete
  26. ..."xxx හඬ" නං පට්ට... :)

    ReplyDelete
  27. ඒ විශ්වයෙයි මේ විශ්වයෙයි ලොකු වෙනසක් නෑ වගේ..

    ReplyDelete
  28. හෆ්ෆේ ඉල ඇදෙන්නවා නේන්නම්. මොනව නැතත් කට්ටිය හරි හරියට රටට ආතල් සපයනවා.

    ReplyDelete
  29. පෝස්ට් එකත් කියවල කමෙන්ට් ටිකත් කියෙව්ව ...ම්හු.....දොඩ දෙයක් එන්නෙම නැහැ ලියන්න...
    හිතට එන්නෙම කුණු හබ්බ.....

    ReplyDelete
  30. පට්ටම XXX හඬ හඃහඃහඃහඃහඃ

    ReplyDelete
  31. අ අ අ අ අඩෝ..
    අ අ අ අ අන්න..
    අ අ අ අ අයන්නෙ
    සීන් එක දාල දෙන්නෙක් මාට්ටු.ු..

    ReplyDelete
  32. මචෝ අර ජේ වී පී එකට ඡන්දය නොදෙන හේතුව, මම හිතුවේ ටෙනියගේ නාට්ටියක දෙබසක් කියලයි..

    ReplyDelete
  33. රාජ් අය්ෙය ෙම්ව කියවල අඩන්න ඔ්නද හිනාෙවන්න ඔ්නද කියල හිතාගන්න බෑ බං සිරානටම... පට්ෙටට ලියල තිෙයනව

    ReplyDelete
  34. ලෝකයේ සතුටින්ම ඉන්න මිනිහා ලංකාවේ වෙන එක අහන්නත් දෙයක්ද ඉතින් කට්ටිය ජනතාවට මේ වගේ ආතල් දෙන කොට...

    ReplyDelete
  35. බ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com

    Commnet eka puluvnm makanna epa

    ReplyDelete
  36. බ්ලොග් ලියන අය එන්න Lanka Blogs සින්දිකෙටර්යට ලංකවේ වැඩිම ලිපි ගනනක් පල වෙන සින්ඩිකෙටරයට එන්න අමතක කරන්න එපා . http://lankablogs.com

    Commnet eka puluvnm makanna epa

    ReplyDelete
  37. මොනාද මල්ලි මේ විහිළු...හැක්

    ReplyDelete
  38. අඅඅඅඅඅරු නම් මාරු ඩොකෙක් ..හික්...කමෙන්ට් වලින් දැනගත්තේ "අ " යන්නේ බලේ ,

    ReplyDelete
  39. අවුරුදු 16 ක යු.එන්.පී. ලිස්ට් එකෙක් එක වෙච්ච නිරෝෂන් පාදුක්ක කියලා තිබ්බා අ.අ.අ.අ.ට හොඳ කතාවක්,

    ReplyDelete
  40. කොයි ව්ශ්වෙත් එකයි බලනකොට.
    අ අ අ අ අං ආපු උන්දැලනෙ ඉන්නෙ

    ReplyDelete
  41. අනේ රාජ් මේ පොන්නයින්ගේ නාම යෝජනා වලට අත්සන් ගහන පොන්න පක්ෂ ලේකම්ලාට ගහන්න එපැයි බන්.

    ReplyDelete
  42. උඩ ඉන්න කෙනාගෙ ඇත්තම නමද ඒ?

    ReplyDelete
  43. නියමයි රාජ්...අර දොස්තර බොරු නම් හදාගෙන එක ගත්තට මම නම් හිතන්නෙ නෑ දිනයි කියලා...ඡන්දෙ ගන්න කලියෙන් වංචාව මෙහෙම නම් ඊට පස්සෙ ?

    ReplyDelete
  44. මේ දොස්තර අපේක්ශකයා පහුගිය දවසක TNL ජනහඬ වැඩසටහනට ඇවිත් තමන් ඉතාම හොඳ කෙනෙක් විදිහට තමයි කතා කලේ.

    ReplyDelete
  45. අවද්ද අප්පා අවංක මනුස්සයෙක් දේශපාලනේ කලේ. 1990වෙන් පස්සේ

    ReplyDelete
  46. මෙහෙත් ඔහොම්මමයි..... බැලුවම කොහෙත් එකයි වගේ :D

    ReplyDelete