Friday, February 7, 2014

අනුර කුමාර සහ ජවිපෙ..... (Road to PC-2)

"ජේවීපී එකෙත් ඔය සෝමවංශ පන්නල දාල අලුත් කෙනෙක් ආවනං නග්ගල ගන්න තිබුන"
මේ පසුගිය කාලයේ "සාමාන්‍ය ජනයා" අතරින් වරක් නොව කිහිප වරක් අසන්නට ලැබුන අදහසකි. ශ්‍රී ලංකාව මත පවතින විශාගතම දේශපාලන ව්‍යාපාර දෙකෙන් එකක් වන ජවිපෙ, තම තීරණ ගනු ලබන්නේ දේශපාලන මණ්ඩලයක් විසිනි. ජවිපෙ තුල නායකයා යනු නාම මාත්‍රික තනතුරකි. කෙසේ වුවත් මේ වනවිට එහි නායකත්වය සෝමවංශ අමරසිංහගෙන් අනුරකුමාර දිසානායක වෙත මාරුවී ඇත.

ජවිපෙ යනු වතාවක් පුනරුත්ථාපනයටත් තවත් වරක් මර්ධනයත් ලක්වූ පක්ෂයකි. අනූ හතර වසරේ ආගමනයෙන් පසු සීග්‍රයෙන් ඡන්ද ප්‍රමාණය වර්ධනය කරගත් ජවිපෙ ඉන්පසු අවස්ථා දෙකකදී අභ්‍යන්තර බිඳවැටීමකට ලක්විය. පළමු අවස්ථාවේ විමල් වීරවංශ ඇතුළු පිරිස පක්ෂය හැරයාමත් සමඟ ඡන්ද පදනම දෙදරාගිය අතර දෙවැනි අවස්ථාවේ පෙරටුගාමීන්ගේ වෙන්වීමෙන් සැලකියයුතු තරමේ කාඩර්වරුන් පිරිසක් ඔවුන්ට අහිමි විය.

මාධ්‍ය තුලින් ජනප්‍රියවූ නායකයන් ඉදිරියට දමා "වෙනස්" ගමනකට මුල පිරීමට ජවිපෙට සිදුවී ඇත්තේ එබැවිනි. ලාල් කාන්ත බස්නාහිර මහ ඇමති අපේක්ෂකයා වීමත් අනුර කුමාර නායකයා වන්නේත් එසේය. වෙනදා අපේක්ෂකයන්ගේ මුහුණු තාප්ප මත නො ඇලවූ ඔවුන් සීනුව කුඩාවටත් ලාල් කාන්ත විශාලවත් පෝස්ටර් අලවා ඇති බැව් මාධ්‍ය සංවාදයකදී ප්‍රකාශ කලේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකි.

ජවිපෙ සාමාන්‍යයෙන් ඉල්ලුමට සැපයීමේ න්‍යාය මුල්කරගත් පක්ෂයක් නොවේ. ජනප්‍රිය තීන්දු තීරණ පසෙක තබා "ඔවුන් විශ්වාස කල" නිවැරදි දේ වෙනුවෙන් ඡන්ද සංඛ්‍යාව කැපකල සංවිධානයකි. කෙසේ වුවත් නායකත්වයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ තමන් යලි සන්ධානගත වන්නේ නැති බවය. එනම් ඔවුන්ද ජනප්‍රිය දේශපාලන මාවතට අවතීර්ණ වන බවට ඉඟියකි. ජවිපෙට දීර්ඝ කාලීන පැවැත්මක් ඇත්තේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තුල මිස ජනප්‍රිය දේශපාලනයේ නොවේ. එසේ නොවුවහොත් යම් මට්ටමක් දක්වා ඉහලට පැමිණ ස්වභාවික මරණයකට පත්වීම වැලැක්විය නොහැක.

61 comments:

  1. එසේ නොවුවහොත් යම් මට්ටමක් දක්වා ඉහලට පැමිණ ස්වභාවික මරණයකට පත්වීම වැලැක්විය නොහැක ටමා :(

    ReplyDelete
  2. සන්ධාන ගත වීමකින් තොර දේශපාලන දිවියක් ගැන JVP ට සිතිය නොහැක.
    >>සන්ධාන ගත වන්නේ නැහැ << අනුර එහෙම කියනවා නම් කියන්න වෙන්නේ...
    උඹේ ......@#$% ගේ රෙද්ද කියලාය.....

    ReplyDelete
  3. ජවිපේ විටින් විට කරන ප්‍රතිපත්තිමය වෙනස් කම් හා අඳබාලකම් කං තමා උඹ කිව්ව විදියට කඩා වැටීමට හේතුව. බලමු...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. ඕක තනිකරම ජවිපෙ අවුලක් කියන්න බෑ. මහින්ද රාජපක්ෂට බුරුතු පිටින් ගිහිං ඡන්දෙ දාන කාලෙක ඒක අවුලක් නොවෙද්දි අරක අවුල් වීමේ අවුල තමයි :-)

      Delete
  4. Replies
    1. බොහේම ස්තුතියි. ඒ පැත්තෙ එන්නත් බැරිවුනා.

      Delete
    2. ඔබාගෙ කමෙන්ට් එකක්

      Delete
  5. නව පිබිදීමක් බලාපොරොත්තු වෙන්න බැරි කමකුත් නෑ ..J.V.P එක ප්‍රතිපත්ති අතින් තවම අනික් පක්ෂ අතින් ඉදිරියෙන් ,එත් තනි පක්ෂයක් විදිහට තවම U.N.P එක ඉදිරියෙන් ..ජ.වි.පේ තුලින් කඩාගෙන ගිය කවුරුත් දේශපාලන බංකොලොත් උනා ,පචවංශ වුණත් වැඩක් නෑ ....

    ReplyDelete
  6. අනේ මන්දා රාජ් අපි බලං ඉම්මු මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
  7. අනුර කුමාරගේ පණ්ඩිත ගෙරවීම් වගේද සෝමවන්සගේ යටිගිරියෙන් මරහඩදෙන ජෝක්ස්. සීරියස් දේශපාලන සත්වයන් මට සමාවන්න. මම කෑමතිම දේශපාලන කතා හිනායන ඒවා. රනිල්,ගුනදාස අමරසේකර, වාසු සමහර විට සහ හෑමතිස්සෙම වගේ අනර්කලී සහ අගමෑතිතුමා මම ආසා එව්ව කියනව.

    ReplyDelete
    Replies
    1. හිනා යනවනෙ බං

      Delete
    2. අනර්කලී නම් අපි ආස දේවල් නොකියා කියනවා

      Delete
  8. මොන දේ උනත් කටින්බතල කොල හිටවන්න හදන්නෙ නැතිව තර්කයට විතරක් සීමා නොවී ප්‍රාෙයා්ගික වෙන්න හිතුණ දාට ජවිපෙට කල දසාවක් එයි

    ReplyDelete
    Replies
    1. පොඩි පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන්ද?

      Delete
  9. අනුර වෙනසක් කරයි වගේ...

    ReplyDelete
  10. ජවිපෙට කෙළවුනේ උන්ගේ ජාතිවාදී ප්‍රතිපත්ති නිසයි. තාමත් ඒවා වෙනස් කර ඇති බවක් පේන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මෝඩ කතා කියන්න එපා හලෝ,මහින්දය කියන්නෙ ජාතිවාදයෙ අප්පා,එතකොට ඌට කෙලවිලා නැත්තෙ ඇය්.

      Delete
    2. කකා,
      මේ කාලයේ ලංකාවෙ දේශපාලනයේ හෙජමොනිය වෙන්නෙ ඔය ජාතිවාදය නේද? (ඇනෝ කියන්න වගේ). එතකොට ජවිපෙට කෙලවීම විස්තර කරන්නෙ කොහොමද?
      එහෙමත් නැත්තං කකා කියන්නෙ ජවිපෙ ජාතිවාදය ඊට වඩා හොඳ ජාතිවාදියෙක්(මහින්ද) විසින් යටකලා කියලද?

      Delete
    3. කකා ඇනෝ රාජ් @ මහින්ද ජාතිවාදියෙක් නොවෙයි.ඔහු කාලීනව බලවේග නිසි ලෙස පෙළගස්වන්නෙක්.මාක්ස්වාදයට අනුව සුළු ජාතික ජාතිවාදය ප්‍රගතිශීලී නිසා දෙමළ ජාතිවාදය අවුස්සා රටේ කලබල ඇති කර බලයට ඒමයි න්‍යායාත්මක මාක්ස්වාදී පක්ෂවල සටන් උපක්‍රමය.දෙමළ ජාතිවාදයට සහාය බල ඇණියක් ලෙස විශ්ව විද්‍යාල සිසුන්,කම්කරුවන් හා නන්නත්තාර නිර්ධනීන් යොදා ගන්නවා.නමුත් රටේ සමාජ දේශපාලන සංදර්භය ඔය කියන බලවේග නොවෙයි.හැම දාම නැට්ට හපා ගන්න මාක්ස්වාදියා කියන්නේ ජනතාව මෝඩයෝ කියන එකයි.ජනතාව නොවෙයි මෝඩයෝ මාක්ස්ව අදහන වමේ පක්ෂයි

      Delete
    4. සෝමවන්සලා,යුද්දෙට මහින්දව ගෙනිච්චෙ,බල්ලෙකුව නාවන්න ගෙනියන්ව වාගෙ.නැව්වට පස්සෙ ඌ හපකාපු එක වෙනම දෙයක්.හිර ගෙවල් වලත්,දෙමල අයව දාල තිබ්බෙ,ජේ.වී. පී. අය එක්ක.මහින්ද පිටි පස්සෙ ඉන්නෙ,මන්ද බුද්දික.සින්හල බවුද්දයො.ගුනදාස අමරසේකර,න්ලින්ද සිල්වල මොක්කුද?ඔබාමට කිවිසුමක් ගිය හින්ද මේ හික් මීයො ගුල්වලට රින්ගලා.දැන් ජාතිවාදෙ මාකට් කරල හමාරය්.ඉස්සරහට චන්දෙ දිනන්න වෙන්නෙ,පතාලයින්ට කියල තමය්.

      Delete
    5. ptta kathjawa anao.yaka mathanadi ewnna natta pagagena.

      Delete
    6. ජේ වී පී එක යුද්ධෙදි ඉහල මට්ටමේ කාර්යභාරයක් කළා .හැබැයි එක් අවස්ථාවක අයවැය පරද්දන්නත් සූදානම් වුනා.එතනදි විමල් ලගෙ කන්ඩායම බලවත් වෙලා ඒක වැලැක්වුවා.යුද්ධෙ තදින්ම තිබෙනකොට මහා වැඩ වර්ජන කළා.ජේ වී පී එක්ක හිතුවෙ මහින්ද යුද්ධෙ අනාගනියි කියල.1971,1987 වගේම මෙතන්දිත් ජේවීපී ගොන්මොළේ පරාද වුනා.

      නලින් ල ගුනදාසල මොක්කුද මම දන්නෙ නෑ.හැබැයි යුද්දෙ කාලෙ යුධමානසිකත්වයක් ඇති කරන්න ඒ අය ලොකු කාර්යභාරයක් කළා.
      අන්තර්ජාතික ක්‍රියාවකින් මහින්ද පරදිනව කියන එක.රට පරදිනව දකින්න රටේ මිනිස්සු කැමති නෑ.ඒකට කැමති කොටින්ගෙ අපරාධ අනුමත කරන කොටින්ගෙ කදුලුවල සීතල ගැන ගී කියන කොටින් දිනන කොට සතුටු වෙන ටික දෙනෙක්.

      මේ කොමෙන්ට් එක දැම්මෙ සිංහල බෞද්ධ විරෝධී කෙනෙක්.සිංහල බෞද්ධයො මන්ද බුද්ධිකයො නම් උගත් බුද්ධිමත් අය කවුද දෙමළ ඩයස්පෝරාවද?

      Delete
    7. AnonymousFebruary 7, 2014 at 10:06 PM @ ඇනෝ මම ඉහල කොමෙන්ට් එක දැම්මෙ සිංහල බෞද්ධයන් ගැන වෛරයෙන් සිටින ඔබටයි.ඔබ නොදන්නවා වුනාට දේශප්‍රේමය උපරිමයෙන් මාකට් වෙන්නෙ දැන් තමයි.ඔබේ කොටි වීරයන් දෙමළ ජාතිවාදය උපරිමයෙන් අවුස්සමින් ඔවුන්ගේ කටු කන බල්ලන් වන මාක්ස්වාදීන් හරහා කානිවල් නටන්නට ලෑස්තිවුනොත් රජය විවේචනය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිය ඓතිහාසික කාර්යභාරය අවබෝධ කර ගනීවි.ඔබ වැන්නන්ගේ කොමෙන්ට් ඊට මනා පිටිවහලක් වේවි.හෙහෙ ..හෙහෙ හෙහෙ

      Delete
  11. ජවිපෙට මේ රටේ කරන්නට කාර්යභාරයක් නැත.මාක්ස්වාදය යම් තැනක ජයක් ලැබුවේ නම් ඒ ජාතිකත්වයට බද්ධවීමෙනි.එයින් ඉවත්වන ඕනම විටක ස්වාභාවික මරණයකට පත්වේ.ජවිපෙ නායකත්වය විමල් වීරවංශට හිමිවුනානම් ගැලරියට කතා කිරීමට ඔහුසතු හැකියාව හරහා 2020 පමන වන විට ජවිපෙ ප්‍රධාන විපක්ෂය වීමටද ඉඩ තිබිනි.එහෙත් අනුර කුමාර වැන්නෙකුගෙන් බලාපොරොත්තුවිය හැක්කේ ප්‍රායෝගික නොවන වෘත්තීය අරගල,සුළුජාතික ජාතිවාදය ඇවිස්සීම,වික්‍රමබාහු සමඟ සමාන්තර දේශපාලනය ,නවක වදය තුලින් නව සාමාජිකයන් බදවා ගැනීම හරහා ජනතා කෝපයට ලක් වීමටය.එය ඉදිරි මැතිවරන වලදී බලාගත හැක.ජවිපෙ දැන් සිව් වැනි බලවේගය වී ඇත.ඔවුන් අප්‍රමාන කැපකිරීම් කරන්නේ පස්වැනි හයවැනි හත්වැනි බලවේගය වීමටය.

    මාක්ස්වාදය පත අට එකට සිද බීගත් සමාජවාදී සමානතා පක්ෂය,නව සමසමාජ පක්ෂය වැනි පක්ෂ අතර තවත් එක් පක්ෂයක් ලෙස ජවිපෙ ඉතිහාසගතවනු ඇත.

    ReplyDelete
    Replies
    1. අනුර සුළු ජාතික ජාතිවාදය අවුස්සනවා මා නම් කොතනකදීවත් දැක නැත. නමුත් වීරවංශ එසේ කරයි.

      Delete
    2. අනුර සුළුජාතික ජාතිවාදය අවුස්සන්නෙක්.මේ රටේ ජනතාව එයට කැමති නෑ.වමාංශික පක්ෂ වල සිංහල බෞද්ධ විරෝධයේ රහස සිංහල බෞද්ධකම දෙමළ ජාතිවාදයේ අභිලාශයන් හා ගැටීමයි.වාමාංශිකයන් කියන පරිදි මේ රටේ සිංහල බෞද්ධ ජාතිවාදයක් නෑ.තිබෙන්නේ දෙමළ ජාතිවාදය හා ජාත්‍යාන්තර මුස්ලිම් ක්‍රියාකාරීත්වයයි.සිංහලයා කරන්නේ එයින් ආරක්ෂා වීමට ආත්මාරක්ෂක කටයුත්තයි.විමල් වීරවංශ එම කටයුත්ත කරා ජවිපෙ ගෙන යාමට සමත් වුනත් එය ප්‍රායෝගික නැහැ.ලෝක දෙමළ බලවේගය ඒ සදහා ජවිපෙට ඉඩ දුන්නේ නැහැ.

      අනුර කුමාරල දෙමල ජාතිවාදය ඉදිරියේ තමන් හොද මිනිසුන් බව කියනවා.දෙමළ ජාතිවාදය ලෝක ව්‍යාපාරයක්.ශ්‍රී ලංකාව නාමික වශයෙන් වෙනම රටක් වුනත් එය නාමිකයි.මොකද ජාතික රාජ්‍ය ඉක්මවා යන මහා සමාජය ගොඩ නැගෙමින් යන කාලයයි මේ.ඒ අවදියේ සිංහලයන් වැනි කුඩා මිනිස් රංචුවකට ජාතිවාදයක් ක්‍රියාත්මක කරන්න හැකියාවක් නෑ.
      ජාතිවාදය එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සමඟ බැඳී පවතිනවා.එම හැකියාව ඇත්තේ දෙමළුන්ට හා මුස්ලිමුන්ටයි.

      භූගෝලීය අරථයෙන් අප එය සුළු ජාතික ජාතිවාදය ලෙස දක්වන්නේ තේරුම්ගැනීමේ පහසුවටයි.

      Delete
    3. සුළුජාතික ජාතිවාද වෙනුවෙන් පෙනීසිට වාසියක් වෙන්නේ නැහැ. එම ජාතිවාදීන් තම ජාතිවාදී පක්ෂවලට මිස JVP එකට චන්දය නොදේ. ශ්‍රී ලංකික ජාතිකවාදයක් ඇති නොකර වෙන් වෙන් ව සිටින තාක් ඉදිරිගමනක් නැත.

      Delete
    4. පුක දීපන් පොන්න යකෝ...තොපේ අම්මගෙ මාක්ස් වාදය...කිරිපිටි මිළ...අත්‍යවශ්‍ය මිළ අම්බානක වැඩි වෙද්දි...ඒවා ඇතුලෙ අම්බානක බදු තියෙද්දි තොපේ වල් බල්ලා මහින්දයා ගානක් වත් නැතුව ඔය ඉන්නෙ....ඕකට හෙනම ගහනවා මේ කරන අපරාධ වලට....

      Delete
    5. AnonymousFebruary 8, 2014 at 4:17 PM @ පිටරටින් ගේන විකිරන තියෙන වහ කිරි පිටි නොබී ඉදපිය.ඕනම සත්ව විශේෂයක කිරි බොන්නෙ පොඩි උන් විතරයි .කිරි බොන එක සුද්ද පුරුදු කරපු නරක පුරුද්දක්.ඇල්කොහොල් වලට වඩා ඔය පිටි කිරි වහ.ඕව හදන රටවල වත් ඕව විකුනන්න තහනම්.

      Delete
  12. මහින්ද රාජපක්ෂ සිටිනතාක් කල් අනෙකුත් පක්ෂ වල නායකයන්ට දැනෙන යක්මක් කල හැකිවේද කියා ප්‍රශ්නයක් තිබේ.

    ReplyDelete
  13. අනුරගෙ පෙරළි යක් බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
  14. වෙනස හොදයි වගේ. එත් පුද්ගල චරිත උඩ යෑම ජ වී පෙ ඉතිහාසේ හැටියට ඒ තරම් හොද ප්‍රවනතාවක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. එක හරි නමුත් පුද්ගල චරිත උඩ යෑම ජ වී පෙ ඉතිහාසේ හැටියට ඒ තරම් හොද ප්‍රවනතාවක් නෙමෙයි කියා විවේචනයට අනෙක් පක්ෂ වලට ඇති අයිතිය කුමක්ද?

      Delete
  15. මමත් හිතනවා වෙනස ජයග්‍රාහී එකක් වේවි කියලා

    ReplyDelete
  16. මට jvp ය එපා උනේ (අව්රුද්ද මතක නෑ ) මන්ත්‍රිලට සැප වාවන ඕනෑම නෑ කියා කියා ඉඳලා මන්ත්‍රී කම් 3න හතරක් ලැබුන ගමන් ලක්ෂ 50 ගානක ඩබල් කැබ් ගත්ත වේලාවේදීය ....

    ReplyDelete
  17. JVP එක රටේ ජනතාව අතර පවතින්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති නිසා මිස මුහුණු නිසා නෙවෙයි.

    ReplyDelete
  18. හ්ම්ම්.... හ්ම්ම්ම්ම්..... බලන් ඉමු මොකද වෙන්නෙ කියල.

    ReplyDelete
  19. එකඟ නෑ රාජ්.. ජෙප්පන්ට උපරිම ඡන්ද තිබුනේ ලක්ෂ 5 යි.. පසුගිය පළාත් සභා ඡන්ද තුල ඔවුන් ෆෝන්සේකාටත් පරාජය වීම, දේශපාළණ මණ්ඩරය තුල ගිගිරුම් දුන්නා. නැවත් දෙදරීමක් ඇති වන තත්වයක් දක්වා. ජෙප්පන්ට ජනප්‍රිය දේශපාළණය තුල මිස, ප්‍රතිපත්තිමය දේශපාළණය තුල අනාගතයක් නැත.

    ReplyDelete
  20. ජවිපේ දැනට ඉල්ලා සිටින පොඩ්ඩක් ඔසවා තබන්න කියන සංකල්පයට නම් ජනප්‍රිය දේශපාලනයේ සරණ යන්නම වෙනවා. එය තුලින් ඉදිරියට පියවර කිහිපයක් පැමින ආපසු දිගු කාලීන ගමනකට නම් රාජ් කියන පරිදි ප්‍රතිපත්තිමය දේශපාලනයට යන්නම වෙනවා කියලයි මම හිතන්නේ.

    දේශපාලන මංඩලය හා මධ්‍යම කාරක සභාවෙන් සියළුම තීරන ගන්නා පක්ෂයක නායකයා වෙනස්වීම හරියට ෆේෂල් එකක් කරා වගේ. මොකද ඒ ආයතන දෙක තුලම තවමත් ක්‍රියාත්මකව ඉන්නේ ඒ හිටිය අයමයි.

    ReplyDelete
    Replies
    1. //දේශපාලන මංඩලය හා මධ්‍යම කාරක සභාවෙන් සියළුම තීරන ගන්නා පක්ෂයක නායකයා වෙනස්වීම හරියට ෆේෂල් එකක් කරා වගේ. මොකද ඒ ආයතන දෙක තුලම තවමත් ක්‍රියාත්මකව ඉන්නේ ඒ හිටිය අයමයි//
      එක ඇත්ත අරූ අයියේ ,නමුත් අපේ රටේ මිනිස්සු අභ්‍යන්තරයට වඩා බාහිර සාධක දිහා බලා තීරණ ගන්න අය නිසා නයකයා වෙනස් වීම යම් කිසි ආකර්ශනයකට හේතුවක් නොවේද...?

      Delete
  21. ජවිපෙ අද ඉදිරිපත් කරන දර්ශනය වැරදි නැහැ. නමුත් ලාංකික සමාජයේ බහුතරයකගේ හිත්වල ඉන්න ජවිපෙ බිල්ලා තවම ඉවත්වී නැහැ.

    ReplyDelete
  22. විචාරක මහතා කියුව වගේ ලාංකික සමාජයේ බහුතරයකගේ හිත්වල ඉන්න ජවිපෙ බිල්ලා තවම ඉවත්වී නැහැ. රැග් එක හරහා කරන වැඩ. විශ්ව විද්‍යාලීය උද්ගෝෂණ. අනවශ්‍ය වැඩ වර්ජන. වැනි දේ තිබෙන තෙක් බිල්ලා ඉන්නවා. එම බිල්ලා ඉවත් නොවෙන තාක් ජය ලබන්න නම් ඔවුන්ට දිනන පක්ෂය සමග සන්දාන ගත වෙන්න ඕන. තනියෙන් ගියොත් දිනුමක් නැහැ. සන්දාන ගත වුවොත් පක්ෂයක් නැහැ. එම බිල්ලා ඉවත් කරන්න ගියොත් ජයග්‍රහණයක් එන්න කලින් පක්ෂයේ ජනප්‍රියත්වය බහිනවා. ඔවුන් දැන් චෙක් මේට් වෙලා ඉවරයි. මම දකින විදියට.

    ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ ගැන බලන්න ඇවිත් යන්න.

    ReplyDelete
  23. ලොක්කා ඉන්නකන් අනිත් නායකයෝ මොනා කරත් වැඩක් වෙන්නේ නෑ කියලයි මට නම් හිතෙන්නේ.. ලොක්කා දන්නවා හැම දේම නූලට ශේප් කර ගන්න..

    ReplyDelete
    Replies
    1. එත් බං එහෙම කියලා හැමෝම එහෙම හිතුවොත් අපිට සදාකාලිකවම ඒකාධිපතිත්වයක් යටතේ ඉන්න වෙන්නේ.දැනටමත් ලොක්කා රට ඒකාධිපතිත්වයක් කරා ගෙන යමිනුයි තිබෙන්නේ.අපි හුගක් දෙනෙක් එක දැකලා නැහැ.මචං නොපෙනෙන භිෂනය පෙනෙන අපරාධයට වඩා බිහිසුණුයි.....:(

      Delete
  24. @ මනෝ.......එතනටම රිප්ලයි එකක් දාන්න රිප්ලයි බොක්ස් එක ඕපන් වෙන්නේ නැහැ.

    //දේශපාලන මංඩලය හා මධ්‍යම කාරක සභාවෙන් සියළුම තීරන ගන්නා පක්ෂයක නායකයා වෙනස්වීම හරියට ෆේෂල් එකක් කරා වගේ. මොකද ඒ ආයතන දෙක තුලම තවමත් ක්‍රියාත්මකව ඉන්නේ ඒ හිටිය අයමයි//
    එක ඇත්ත අරූ අයියේ ,නමුත් අපේ රටේ මිනිස්සු අභ්‍යන්තරයට වඩා බාහිර සාධක දිහා බලා තීරණ ගන්න අය නිසා නයකයා වෙනස් වීම යම් කිසි ආකර්ශනයකට හේතුවක් නොවේද...?///////////

    අනිවාර්‍යෙන්ම ආකර්ශනයක් වෙනවා අපි බාහිර දේශ්පාලනය දෙස බලන ආකාරයෙන් සහ දේශපාලනයේ යෙදෙන ආකාරයෙන්. නමුත් ජව්පෙ සංවිධානයක් ලෙස බැලුවාම එය කොතරම් යතාර්ථ්වාදීද කියන එකයි මගේ ගැටළුව.

    ReplyDelete
    Replies
    1. චීන සෝවියට් පන්නයේ සත්තුවත්තක් හදන්න කියල කීව නම් අවංක කමටවත් චන්දයක් දෙන්න තිබුන හෙහෙ ...හෙහෙහ්

      Delete
  25. හදහන බලාගත්තොත් නරකද ?
    සිංහල ජ්‍යොතිෂ ලිපි මාලාව.ජ්‍යොතිෂ දෑනුම සමග ජීවිතය සාර්තක කරගෑනීමට ලාංකික ඔබට මගපෙන්වීමක්.
    Read More >> www.obehadahana.blogspot.com

    ReplyDelete
  26. //ජවිපෙට දීර්ඝ කාලීන පැවැත්මක් ඇත්තේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තුල මිස ජනප්‍රිය දේශපාලනයේ නොවේ.// ප්‍රතිපත්ති ගරුක දේශපාලනයේ උදව්වෙන් එන ඉබි ගමනෙන් රටට දැනෙන දෙයක් කරන්න තව සෑහෙන කාලයක් බලා ඉන්න වෙයි..එහෙම බලද්දී ජනප්‍රිය පුද්ගල චරිත උදව්වෙන් හරි ගමන වේගවත් වුනොත් හොඳ දෙයක් වෙයි..බලා ඉමු...

    ReplyDelete
  27. මේ සංවාදය හොඳයි.ඇත්තටම හැම දෙයක්ම තීරණයවන්නේ දෙමළ ජාතිවාදයේ ක්‍රියාකාරීත්වය මතයි.අනුර කුමාරලා දෙමළ ජාතිවාදය ඉදිරියේ තමන් හොද මිනිසුන් ලෙස පෙනී සිටීමට යන විට දැවැන්ත ජාත්‍යාන්තර බලවේගයක් වන දෙමල ජාතිවාදය සහ බටහිර අධිරාජ්‍යවාදය අනුර කුමාරලා තම ..කේ හංගගැනීම පිළිබද කතාන්දරයයි ඉදිරි පරිච්ඡේද වල කියවෙන්නේ

    ජනතාව ජේ වී පිය අන්තිම බින්දුවට හින්දනු ඇත.ඉන් නොනැවතී උන්ගේ ...කට හූත් කියනු ඇති.හෙහෙ හෙහෙ

    ReplyDelete
    Replies
    1. @ යකෝ.......මචං උඹ තර්කානූකූලව මතයක් මුදා හරිනවා නම් එය අගනේය. මම නම් කිසිම මතයක් බැහැර හරින්නේ නැත. ඒ තුලින් යමක් මගේ පෞද්ගලික මතයට එකතු කරගන්නෙක්මි. හදාරන්නට යමක් ඉතුරු කරපන්...එය ක්ලැසික් විය යුතුම නැත. එය පීචං විය යුතුත් නැත. ෆේස් බුක් අතහැර බ්ලොග් ලෝකයට පැමිනි මේ යකා නම්වූ උඹ තුලින් දුටු මූලික ලක්ෂන කොහේ දෝ දැයි මම නැවත අසා සිටිමි. තවත් සොඳුරු යකෙක් ,උඹ යකෙක් නිසාම බ්ලොග් නාමය වෙනස් කර ගත් බව මම දැක්කෙමි. මම උඹට කැමති වෙන කිසිවක් නිසා නොව ,යක්කු කියන දේ පැහැදිලි නැති බව යක්කුන්ටත් පාඩම් ඉගෙන්වු බුදුන් දෙසු නිසාය. තරහක් නැත. උඹේ අදහස් හොඳය නමුත් පැහැදිලි මදිය. පැහැදිලි නැති අදහස් වචන පමනය. මම ඉතා කුඩා අදහස් ඇත්තෙක්ක්මි.

      Delete
    2. අරූ @ ඔබට ස්තුතියි.මම බොහෝ කල්පනා කරන්නෙක්මි.කියවන්නෙක්මි,වාද කරන්නෙක්මි.මෑතක සිට ලියන්නෙක්මි.මගේ අරමුණ මට නොතේරෙන හැම දෙයක්ම නිරවුල් කරගැනීමයි.

      ඔබටත් මටත් මෙතන ගැටළුව ජාතිවාදය යනු කුමක්ද යන්න විය හැක.මට අනුව ජාතිවාදයක් සදහා කරුණු කිහිපයක් අවශ්‍යය.

      සංවිධානාත්මක මහා ජන රාශිය
      විශාල ප්‍රාග්ධනය
      සර්ව ව්‍යාපී පැතිරීම ( ලෝක මට්ටමේ )
      වෙනත් ජන කොටස් එල්ල කරගත් ප්‍රතිරෝධී අරමුණ

      මේ කිසිවක් සිංහලයාට නැත.දෙමළ ජාතිවාදය ලෝක අධිරාජ්‍යවාදය හා බද්ධ වූ මහා බලවේගයකි.සිංහලයාගේ ආත්මාරක්ෂක හැසිරීම ජාතිවාදයක් සේ දකින්නේ බංකොලොත් මාක්ස්වාදීන්ය.

      Delete
  28. ලාන්කීය සමාජයට ආකර්ශනීය පුද්ගල චරිත නැතිව මර්කට් කරන්න හරි අමාරුයි.මෙක ආසියාතික තත්වයක්.පහුගිය කාලෙත් මිනිසුන් ජවිපෙට ඇදුනෙ ප්‍රතිපත්ති වගෙම විමල්,ලාල් කාන්ත,හදුන්නෙත්ති වගෙ පුද්ගල චරිත නිසා.මෙක වැදගත් පියවරක් කියල මටත් හිතෙනව.සමාජයට යහපතක් කරන්න සමාජයෙ පිලිගැනිම ලැබෙන්නම ඔන නැත්නම් සාර්ථක වෙන්න බැ.

    ReplyDelete
  29. Yaka nam original pakekmaya...Muta me ada tiyena thathya penne netthe muge niyama nama Mahinda Abesundara hari Hadsan hari wenna oone.

    ReplyDelete