Monday, March 10, 2014

බේගල්ලාලංකාරය

බේගල් පෝස්ටු ගනනාවක් කියවද්දි හිතාගෙන හිටිය ලියමනක් තමයි මේ ලියන්නෙ. හැම කෙනෙකුටම වගේ මටත් මුනගැහිල තියන ‍බේගල් කාරයන් අනන්තයි අප්‍රමානයි. නමුත් ඒ හැම බොරුවක්ම රසවත් නෑ. දවසක් බොරු ගැන කතා කරපු අපේ බාප්ප කෙනෙක් කියනව මෙහෙම,

"දැං ඉන්න එවුන් බොරු කියන්න දන්නෙ නෑ, දැං බලපං ඔය උපාලි මාම ඇත්ත කියල දෙයක් කියනවද කියල? හැබැයි උගේ බොරු වල ගන්න දෙයක් නෑ, කොහේද යන්නෙ කියල ඇහුවොත් කියන්නෙ කොළඹ යනව කියල. නමුත් යන්නෙ හන්දියට. අන්න ඒ වගේ දෙකයි පනහෙ බොරු තමයි දැං ඉන්නවුන් කියන්නෙ"

බොරු කියන්න උපන් හපනෙක් තමයි කලු මුත්ත. අවුරුදු අසූව ඉක්මවල හිටිය එයාගෙ බොරු රසවත්. ඔන්න දවසක් හන්දි‍යෙ කඩේ ලඟට පත නයෙක් ආව එහා පැත්තෙ කැලෑවෙ ඉඳල. එතන හිටිය කොල්ලො සැට්එක දිග ලී අරගෙන නයාට යන්න නොදී මිදුල මැදට දානව. පැය කාලක් විතර ට්‍රයි කරපු නයා අන්තිමට කොල්ලන්ගෙ ලී වලට අවනත වෙලා මිදුල මැද ඉන්නව පාං කියාගන්න බැරුව. බංකුව උඩ හිටිය කලු මුත්ත කියන්නෙ මෙහෙමයි,

"දැක්ක නේද මගේ මන්තරේට නයා දැපනෙ වැටුන හැටි"

කලු මුත්ත ලනු ඇඹරිල්ලට දක්ෂය. කඩෙන් ගේන ලනු වලින් කඹ අඹරන්න හොඳ හැකියාවක් එයාට තිබුන. කඹ ඇඹරීමේ දක්ෂතාවය පෙන්නන ලකුණක් තමයිි අඹරාගෙන යන කඹය ලී කෝටුවක් වගේ ශක්තිමත් ගතියකින් තිබීම. පාවිච්චියට ගන්නකල් ටිකක් ශක්තිමත් ගතියක් තියෙන්නෙ. උන්දැ කියන්නෙ ඒ ගැන,

"ඔන්න බං මම දවසක් හැන්දෑවෙ ගෙයි පඩිය උඩ වාඩිවෙලා කඹයක් අඹරනව. ටික වෙලාවක් යද්දි මට ඇහෙනව වහලෙ පොල්අතු අතරෙ කුරු කුරු ගාල මොකෙද්ද යනව වගේ. මම ටක් ගාල නැඟිටල බැලුව, බැලින්නං මගේ කඹේ අනිත් කෙලවර පොල්අතු වහලත් විදගෙන උඩට යනව"

"කලු මුත්තේ,... වහල විදගෙන ගියේ කඹේද නැත්තං මුත්තගෙ......"

"අනේ උඹෙ......." අතුරු ප්‍රශ්න අහපු ධර්මෙ අයියට කලු මුත්තගෙන් ලැබෙන්නෙ ඒ වගේ ප්‍රතිචාරයක්.

අපි කොල්ල කාලෙ....කියල මුත්ත පටන් ගන්න නොස්ටැල්ජික් කතන්දර ඉවරයක් නෑ.

"අපි තිස් අටේ හේන් කොටාපු කාලෙ දැං වගේ නෙවේ..., වගාවල් බේරගන්න බෑ කුළු හරක්.... ඔන්න දවසක් හවස කුලා ඇවිල්ල හේන කනව මං පැලේ ඉඳං බලාගෙන.... මගේ අතේ මොකුත් නෑ....අහල පහල ආයුදේකුත් නෑ....ඒ ගමන මුට්ටියෙ තිබුන රෑ හදපු තලප ගුලිය තිබුන.... ඒක ගල් ගෙඩිය වගේ හයිවෙලා තිබුනෙ.... මං ගත්ත තලප ගුලිය අතට.... කුලා කිට්ටුවට සද්ද නැතුව ගියා..... බඹ හතරක් විතර ලං වෙද්දි කුලා මගේ මූන බැලුව..... ඔලුව පහත් කරා.... ඒ එක්කම මං තලප ගුලියෙන් ගැහැව්ව අං දෙක අතරට.... කිව්වට විස්සාස කරපල්ල කුලා එතනම මැරිල වැටුන.... දැං ඉන්න එවුවො වගේ නෙවේ අපි තරුණ කාලෙ......"

"ඉතිං කලු මුත්තේ කුලාට මොකද්ද කලේ?"

"හිටපංකො කියනකං..... මම කතා කලා සියදෝරිස්ටයි ඩේවිඩ්ටයි ඊට එහා පැත්තෙ හේනෙ හිටිය පොඩ්ඩටයි.... ඉරිඟු තම්බන හැලියට මස් ගාතයක් කපල දාල රා කලයකුත් ගෙනල්ල වැඩේ පටන් ගත්ත... පැය දෙකක් විතර යද්දි ගාතෙ ඉවරයි..... ඒ ගමන තවත් ගාතයක් ඉව්ව... ඒකත් කෑව.... රා බිබී සීපද කිය කිය හතර සැරයක් කනකොට කුලාගෙ කඳ කෑල්ල විතරයි ඉතුරු..... ඒ ගමන ඒකත් කපල උයල කාල තමයි උදේ ගෙදර ගියේ ඕං...."

කලු මුත්තගෙ හේන් කතා වල ඉවරයක් නෑ.

"එක සැරයක් අපි ඉරිඟු හේනක් වැව්ව.... ඉරිඟු කඩල ගෙදර ගේන්න කරත්තෙත් බැඳගෙන ගියේ.... ඉරිඟු කරත්ත දෙකක් විතර කඩල ඉවර වෙද්දි යකෙක් කන්න බඩගිනියි.... ඒ ගමන පැලේ තියන මුට්ටියට ඉරිඟු තැම්බුව... අපි ඉරිඟු කනව ගොනා ඉරිඟු පොතු කනව.... කරුවල වෙච්ච නිසා එදා පැලේ ඉඳල උදේ යන්න තීරණය කලා..... බැලින්නං උදේ වෙද්දි හතරදෙනා එක්ක ඉරිඟු කරත්තයක් කාල! ඉරිඟු ලෙලි කාපු ගොනත් මත්වෙලා ඉන්නව!"

කලු මුත්තලා ගැන අයිටී නිශාන්ත කිව්ව කතාව නං හරියට හරි!
මේ වගේ කතා අපි පොඩි සන්දියේ මල ගෙවල්, පින්කම් ගෙවල් වලට ගියහම අපිව ලං කරන් මේ වගේ කතා කියා දෙමින් සුරංගනා ලොවකට අප රැගෙන ගිය ඒ සුන්දර මිනිසුන් කෙදිනකවත් අපේ දරුවන්ට නැවත මුණ ගැසීමට වාසනාව නොමැති වීම ගැන ශෝක වෙනවා හැර අපට කල හැකි දෙයක් නැත. සරලව ජීවත් වෙමින් නිතරම සතුටින් සිනහවෙන් සිටි ඒ මිනිසුන් වෙනුවෙනි.

80 comments:

  1. අපෝ දුක් වෙන්න එපා තෝ උන්නාම මදෑ ... :D

    ReplyDelete
    Replies
    1. උඹ තාමත් ඉන්නව නේද?

      Delete
    2. ඉන්නවා ඉන්නවා .... (මූ දානයක් වත් දුන්නද?)

      Delete
  2. අඩෙ ....මොනවා කියන්න ද හිතා ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. එච්චර අමාරුවකද දැම්මෙ :)

      Delete
  3. රාජ් මහතා ඔබගේ කතා මම මාර්ටින් වික්‍රමසින්හ මහතාගේ පොතක දුටුවා. මේ ඔබගේ නිර්මාණමද?

    ReplyDelete
    Replies
    1. මගේ නිර්මාණ නෙවේ. එයා කියපුව තමයි මේ....සමහර විට වෙන්න ඇති. අර කැත්ත බිම හිටවල බුලට්එක කැපිල දෙපැත්තට යන කතාව පවා මේ මනුස්සය කියල තියනව. නමුත් අපි අහල තිබුන කතා.

      Delete
  4. ඔහොම කතා කියන මිනිස්සු ඒ අයගෙ මූණෙ හැඟීම් වෙනස් කර කර කියන කොට තමයි වඩා ලස්සන. මේ කතා දෙක තුන ඇහුවෙ අදයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං. මේවගේ උදවිය දැක්කම හුඟක් දෙනෙක් ඔවුන් හාස්‍යට ලක් කරල කතා නතර කරවනව. නමුත් සාවධානයෙන් අහගෙන ඉන්න කෙනෙකුට අහගන්න පුළුවන්.

      Delete
  5. හික්ස් මේ අහ ඉන්නව ඕව අතේ පත්තුවෙන අමු බේගල් අරින බුවෙක් මං හතන්නෙ අවුරුදු 70 පැනල... නම නං ඇත්තටම දන්නෑ..
    අපේ කවුරුත් කියන්නෙ පතෝලය කියල...
    දන්නවද ඇයි ඒ කියල ....................??????????

    කියන බොරුව වැඩි වෙලාවක් යන්න කලිං මාට්ටු... පතෝලම තමා.........
    හැබැයි මට්ටු වෙන්නෙ නං නැ මේ ගොය්ය කීවොත් කෙප්පයක් තමා

    ReplyDelete
    Replies
    1. මම හැමදාම කියන්නෙ මේව සීරියස් අරගෙන එයාල පහත් කරන්න එපා කියලයි. මට නං වැදගත් වෙන්නෙ කතාව

      Delete
  6. දැනට නං ඉන්නෙ චන්දන විතරයි දුක් වෙන්න එපා බං තව කට්ටිය හැදේවි.
    රොමයියගෙ කයිය පොත මතක් වුණා.

    ReplyDelete
    Replies
    1. රොමයියගෙ කයිය පොත මොකද්ද?

      Delete
    2. රොමයියගේ කයිය පොතත් ඔයිට වඩා සුපිරි කතා තියෙන පොතක් ඒකෙ කථකය රොමයිය හෙවත් රොමානිස්.පොත මම මෙහෙ ගෙනාවද ලංකාවෙද කියල නිච්චියක් නෑ තියෙනවනං පින්තුරයක්වත් උඹට එවන්නං.

      Delete
  7. මට හිතුනා උඹ උදැහැනැක්කේම අයිටී නිෂාන්තයගේ පැත්තේ ගොහින් ඇවිදිල්ලා තමයි මේ ඇදබාන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ පැත්තෙ ගියා...

      Delete
  8. මරු බොරු ටික..
    ඒ වගේ අය ඉන්නකොට කම්මැලිකමක් නෑ.. !

    ReplyDelete
  9. මමත් හම්බවෙලා තියෙනවා ඔයවගේ ඩයල් එකක් හැබැයි දැන් මහන වෙලා ඉන්නේ ඒ කාලේ පන්සලේ ඇබිත්ත කම කල පොරක් අනුරාධපුරේ. ඉස්සර හේන් වවන කතා ගැන හෙන ලොකුවට කියවනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කතා ටිකත් ලියල දාපං

      Delete
  10. මේ වගේ අය නැති උනොත් එහෙම මේ ලොකේ කිසි ගතියක් නැතිවෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් කියන්නෙ

      Delete
  11. මම කියවපු ලොකුම බේගල්ලාලංකාරය තමයි මහින්ද චින්තනය.උඹලාගේ කලු මුත්තා වගේද මේ පොත දාපු උත්තමයා..:D

    ReplyDelete
  12. සහතික ඇත්ත බං ඒ වගේ බේගල් කාරයෝ දැං නැහැ. ඒ අය බේගල් උනත් සුන්දර විදියට හදන සුරංගනා කතා ඒ..

    කෙබර සැට් එකක්ම ඉන්නවා.

    ඩ්‍රැකියගේ ගජබින්න
    චන්දනයගේ කෙබර
    ඇයි සරතගේ බාසා.. හුහ්

    ReplyDelete
    Replies
    1. සරතගේ බාසා?????????

      Delete
    2. ලංකාප්‍රියගේ බාස් බං...

      Delete
  13. ස්පිල්බර්ග්ගෙ ෆිල්ම් බලල සුපිරි කියන අපිම මෙහෙම එවට පට්ට බෙගල් කියනව.ඔතනත් කුහකකම.

    ReplyDelete
    Replies
    1. වෙනස තියෙන්නෙ ඒව බලන්නෙ බොරු කියල ‍දැනගෙන.

      Delete
  14. තව අවුරුදු හැට හැත්තෑවකින් රාජ්ගෙ මුණුපුරෙක් මෙහෙම ලියයිද?

    "අපි පොඩි සන්දියේ වෙන වැඩක් නොකරම වගේ බ්ලොග් කොටමින් (ආණ්ඩුවේ රස්සා නිසා හොඳා) මේ වගේ කතා කියා දෙමින් සුරංගනා ලොවකට අප රැගෙන ගිය ඒ සුන්දර මිනිසුන් කෙදිනකවත් අපේ දරුවන්ට නැවත මුණ ගැසීමට වාසනාව නොමැති වීම ගැන ශෝක වෙනවා හැර අපට කල හැකි දෙයක් නැත. සරලව ජීවත් වෙමින් නිතරම සතුටින් සිනහවෙන් සිටි ඒ මිනිසුන් වෙනුවෙනි."

    ReplyDelete
  15. ඉස්සර මිනිස්සු කියපු දේවල් ඇත්තටම බොරු ගනයට වැටෙනවාද කියල පොඩි ගැටලුවක් මතුවෙනවා. ඇත්තටම මේව තමා ජනකතා.මං හිතන විදියට බොරු කියන්නෙ මේවට නෙමේ.බලන්ඩකෝ මේව කොයි තරම් ලස්සනද.ඇත්තටම මුත්ත අපෙ ගෙදර හිටියනම් අපෙ දෝණිට හැම දාම බඩ පිරෙන්න බත් කවන්න තිබුණ.ස්තුතියි රාජ්

    ReplyDelete
    Replies
    1. බොරු ටිකක් කියල දෝනිට කවන්න

      Delete
  16. චන්දනයට ගහන්න ට්‍රයි වගේ...හැබැයි කෙබර රජා නම් චන්දන තමයි.

    ReplyDelete
  17. මට මතක් උණේ අර රේල් පාරේ බණ්ඩක්කා තියලා ලෙස්සලා ගිය කතාව කෝච්චියේ යන්ට සල්ලි නැතුව.:)

    ලස්සණ කතා ටික රාජ්.

    ReplyDelete
  18. මමත් අද ඇහුවෙ මේ කතා ටික නම්..ලස්සනයි..

    හි හි කිවුවොත් බොරුවක් ගැහුවොත් පචයක්

    ReplyDelete
  19. අද බොලේ අප්‍රේල් පලවෙනිදද මන්ද. හැම එකාම කෙපර බානවනේ හිටු කියලා

    ReplyDelete
  20. කඹේ සීන් එක මාර්ටින් වික්‍රමසිංහගේ අපේ ගම පොතේ තිබුණා වගේ මතකයි :)

    ReplyDelete
  21. බොරු චක්‍රය

    බොරු 07 ක් මහ බොරු 01
    මහ බොරු 07 ක් පල් බොරු 01
    පල් බොරු 07 ක් පට්ප පල් බොරු 01
    පට්ට පල් බොරු 07 අමූලික බොරු 01
    අමූලික බොරු 07 ක් කෙප්ප 01
    කෙප්ප 07 ක් අලි බොරු 01
    අලි බොරු 07 ක් බින්න 01
    බින්න 07 ක් ගජ බින්න 01
    (මේක පරණ පත්තර කෑල්ල ක තිබිලා කියෙව්වේ ටික කාලෙකට කලින්)

    ජය වේවා!!!
    පුළුවන්නම් ගොඩවැදිල යන්න

    ReplyDelete
    Replies
    1. ඒක හොඳ චක්කරේ මට තවත් පෝස්ටුවකට ඉඟියක්...

      Delete
    2. නැත නැත මා මෙය කියවූයේ "සඳරේණු" පත්තරේන්, 2000 දි විතර..
      ඔබගේ කථාවද ඒ වාගේය..

      Delete
  22. නයා සහ බේගල්වල වෙනසක් නොතිබ්බනං අපේ වැනිවැල් අයියටත් මේ රැල්ලටම අල්ලලා කතාවක් කියලා දාන්ට තිබුනා නේද..? :D
    (ඕකා එන්ට කලියෙන් මං මාරු වෙන්ට ඕන.. )

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ ඒ අහිංසකයට මෙච්චර මඩ ගහන්නෙ?

      Delete
    2. එවුවා ඇවිල්ලා සංසාරගත වෛර.. :D

      Delete
  23. මේ වගේ අයව ආශ්‍රය කරන්න දැන් ඉන්න පරම්පරාවට වෙලාවක් වත් වාසනාවක් වත් නෑ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වත් බලල මෙහෙම එවුන් හිටිය කියල කියන්නැතෑ

      Delete
  24. Replies
    1. දැන් ඉන්නේ ඔය වගේ ගම් මට්ටමේ කෙබරයෝ නෙමෙයි, ජාත්‍යන්තර උන්. ටි. වී. රේඩියෝ වල තමයි උන් කෙබර අතාරින්නෙ.

      Delete
    2. දැන් ඉන්නේ ඔය වගේ ගම් මට්ටමේ කෙබරයෝ නෙමෙයි, ජාත්‍යන්තර උන්. ටි. වී. රේඩියෝ වල තමයි උන් කෙබර අතාරින්නෙ.

      Delete
    3. ජාත්‍යන්තර කෙබර මේවගේ රසවත් නෑ ඒකයි අවුල

      Delete
  25. මමත් හරි ආසයි රාජ් මේ වගේ අයව අල්ලන් කතා අහගන්න. කොහෙද සමහර බුවාලා මේ අයව ඔරොප්පු කරගන්නවානේ. ඔහොම අය සෙට් වුනාම මට එන චෝදනාව තමයි අපි ගහන ප්‍රමාණයටම ඒ අයටත් දෙන්න යන එක. එතකොට කතා අහගන්න බැහැ බන්....පොරවල් ඩෝප් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. මඳ පමණට තියාගෙන කතා ටික අහන්න ඕන

      Delete
  26. උඹ්ල්ා උඹලා සෙට් ඒක ඕය කතා මෙහෙම හරි බොගක් දාලා සංරක්ෂනය කරන ඒක ලොකු දෙයක් මචංලා.මොකද මචං ඊලඟ පරම්පරාවේ සීයලාට මුණුබුරන්ට කියන්ඩ බේගල් කතා ,අපේ පරම්පරාවේ දේශපාලුවෝ ටික හදලා තියන හන්දා.

    ReplyDelete
  27. ගම්වලදී ඔවැනි මිනිසුන් හමුවෙලා තියෙනව මචං ... හැබැයි මම ආස ඒ කතා කාගේවත් අතුරු ඔරොප්පු වෙන ප්‍රශ්න නැතිව අහන්න.

    ReplyDelete
    Replies
    1. ආං මගේ ක්‍රමෙත් ඒකයි

      Delete
  28. Replies
    1. උඹටත් ඇත්ත කතාව මිස් වෙලා වගේ නේද ? :D

      Delete
    2. සෙන්නා,
      කියවා ප්‍රශ්නයක් අහල තියනව. උත්තරයක් ඈතොත් එය මට වෑදගත් සහ ප්‍රයෝජනවත්.
      ස්තුතියි

      Delete
  29. මේ මම කාලෙකට ඉස්සර පත්තරේකින් කියවපු කතාවක්.

    මගේ තිබුනා ඕයි එංගලන්තේ හදපු හම්බර් බයිසිකලයක්. ඔය දැන් තියෙන චයිනීස් ඉන්දියන් හුචක්කු වගේ නෙවෙයි. පුදුම බැලන්ස් එකක් තියෙන්නේ. කිව්වාම විස්වාස කොරහං දවසක් මම හන්දියට ගිහින් සිමෙන්ති කොට්ට දෙකක් ලැගිජ් එකේ පටවාගෙන ගෙදර එනවා. තාරපාර දිගේ හැතැප්මක් විතර එනකොට මම දකිනවා පාර අයිනේ ඉන්න කොල්ලෝ අත දික් කර කර මොනවද පෙන්නනවා. මම ගනං ගත්තේ නෑ.

    ඊට පස්සේ ගුරු පාරදිරේ එනකොට වෙලේ බෝල ගහ ගහ හිටපු කොල්ලෝ හූ කියන්න ගත්තා. මම නෙවෙයි පඩේකට ගනං ගත්තේ.

    ඊට පස්සෙ මම දවට ගහ ගාවින් මහ නියරට දාලා. ඊට පස්සෙ නියා දිගේ පැදගෙන ඇවිත් මිදුලේ නතර කරලා ඉස්ටෑන්ඩ් එකත් ගහලා සිමෙන්ති කොට්ට දෙක බෑව විතරය් බයිසිකලේ හොට බිම ඇනුනා.

    බැලින්නං ඉස්සරහ රෝදේ නෑනේ. අර සිමෙන්ති කොට්ට දෙකේ බැලන්ස් එකට තමයි අර හැතැම දහයම ඇවිත් තියෙන්නේ නොවැටී. අන්න බයිසිකල්!

    ReplyDelete
    Replies
    1. මාර කතාව බං. මොකෑ උඹ පේන්න නැත්තෙ වැඩිය?

      Delete
    2. ඩූඩ්........මට විනෝද සමයේ අමාරිස් අයියා මතක්වුනා උඹ මේ ටික ලියලා තියෙන විදිහට. විනෝද සමයේ මුල් කාලේ අමාරිස් අයියා ඔය වගේ ටෝක්ස් තමයි දුන්නේ.

      Delete
  30. බොරු කතාවක් උනත් රසවත් විදිහට කියන කොට ආසාවෙන් අහන් ඉන්න හිතෙනවා...පුංචි කාලෙ සුරංගනා කථා අහන් හිටියා වගේ..

    ReplyDelete
  31. Baron Munchhausen කතා කියවල තියනවද? සින්හල පරිවර්තනයකුත් තියනව.

    චින්තනයත් නරක නෑහෑ. හෑබෑයි ඒකෙන් වින්දනයක් ලබන්නෙ කතෘම තමයි රෑවටුනු එවුන් දිහා බලල .

    ReplyDelete
  32. ඊලඟ පරම්පරාවේ පොඩි උන්ට අහන්න වෙන්නෙ ඇන්ඩගෙ කතා තමයි

    ReplyDelete
  33. දැනුත් ලංකාවේ ඔයිට වැඩිය එවුන් ඕන තරම් ඉන්නවා ... උන් අඩන ඉන්න ජාතික අඩුම නිසා ගොඩක් අයට ඒ බොරු හදුනාගන්න බෑ

    ReplyDelete
  34. රාජ්...උඹට මතකද අපේ රෙපා(හික්කඩුවෙ අරුණ) උගෙ පච කලු මුත්තට එහා...

    ReplyDelete
  35. ඕවා මොන කතාද බන්.. ගම්මන්පිලගේ කතා නේ කතා..

    ReplyDelete
  36. දැන් කට්ටියම බේගල් කියන්න අරං වගේ.. චන්දේ උණුසුම හන්දා මේවත් මතක් වෙනවද මන්දා..

    ReplyDelete
  37. වයසක උන්දැල එක්ක බොන්න සෙට් උනාම තම සුපිරි කතා ටිකක් අහගන්න පුලුවන් හැබැයි අපි හැරෙනොට උන්දැලා බෝතලේ හිස් කොරලා

    ReplyDelete
  38. මේ වගේ කතා ඒක කාලෙක කට්ටියම කියපුවද දන්නෙ නෑ.මෙන්න අපේ බාප්ප මට කිව්ව කතා.
    එය වැඩ කලේ වන සංරක්ශනේ.. ඔව් අර ගාමිනී මහත්තගෙ ජොබ් එකමද කොහෙද.. පොර කියන්වා..
    ඔන්න අපි දවසක් කැලේ ඇවිදින්න යන්වා, එතකොට වට්ටක්ක වැලක ගෙඩියක් හැඩිල තියන්වා.. එක කොච්චර ලොකුද කියන්නෙ අපිට අපේ ජිප් එකේ වත්, ලොරියටවත් දා ගන්න බෑ.
    ඉතින් මම හිටපු කොල්ලන්ට කිවා, මුලු එකම ගෙනියන්ද බෑ ,හරස් අතට බාගයක් කපලා දාගෙන යමු කියල.
    කොහොම හරි ඒ කෑල්ල අමාරුවෙන් දාගෙන ගියා.. එදා රෑ හොන්දටෝම වැස්ස.
    පහුවදා අපි ඉතුරු කැඑල්ල ගෙන්ඩ් යනකොට, රෑ වැස්සට වට්ට්ටක්ක බාගෙට වතුර පිරිල, වල් හරක් බානක් ඒකෙ බුදි.

    ReplyDelete
  39. අඩේ මේක කොහොමද මට කියවන්න බැරි උනේ. මම හොඳටම පරක්කුයි නෙව. ඉස්සර අපිත් ගානට අනුමත වෙලා මලගෙදරකට සෙට් වෙන්නෙම ඔය වගේ පොරක් අල්ලා ගන්න බලාගෙන. ආය මුකුත් නැ පාන්දර වෙනවා හොයන්න බැ.
    තව කතා සෙට් එකක් තියනවා රාජ් මතකද ? අලින් තිස්ස , මුවන් තිස්ස කුමාරයන්ගේ කතා ටික. මට දැන් හරියටම මතක නැ. තැනින් තැන ටික ටික තමා මතක. මට අවුරුදු 10 විතර තමා ඒවා ඇහුවේ. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ අපේ ගම පොතේ පොඩි විස්තරයක් තියනවා. අලියෙක් ඇමට අරන් කිතුල් ගහක් පිත්තට අරන් මාළු බාපු සිද්දියක් එහෙම යාන්තමට මතකයි.
    දැන් ඉන්න පොඩි උන්ට ඒවා අහන්න පින නැ විතරක් නෙවේ බන් අහන්න ඕන කමකුත් නැ. අපේ එකාට තියෙන්නේ රථ ගාය. ඌ අහන්න කැමති වාහන ගැන කතා විතරයි. හවායි ඉබ්බයි රේස් දුවපු හැටි කියනකොට ඌ අහන්නේ ඇයි ඉබ්බා රෝද හයි කර ගත්තේ නැත්තේ කියලා.

    ReplyDelete
  40. අර චන්දන අයියත් ඔය කලු මුත්තලාගෙ පරම්පරාවෙ වෙන්ටෑ... අලි කෙප්ප පෝස්ට් දානවා හිනා කාල මැරෙනව එවුවට!

    ReplyDelete
  41. ලියපු කතාව එක හුස්මට අපි කියවගෙන ගියාට මේ වගේ අය කතාව කියනකොට ඇදලා,තැනින් තැන නවත්තලා,ඇස් ලොකු කරලා එහෙම කියනකොට අහන් ඉන්න ආසා හිතෙනවා..

    ReplyDelete