Thursday, March 6, 2014

ගම්මන්පිල ගෝඨා සහ ආයතන සංග්‍රහය (Road to PC-4)

අධික වැඩ රාජකාරී නිසා ටික දොහකින් බ්ලොග් ලියන්න කියවන්න එන්න ලැබුනෙ නෑ. ඡන්දෙ නිසා මංතුමාට තමයි වැඩ වැඩිවුනේ. මොකද මගේ ඩියුටි ලිස්ට් එකේ තිබුන එක කොටසක් තමයි මැතිවරණ රාජකාරි කියන එක. නමුත් මැතිවරණ රාජකාරි කරන්න නං මැතිවරණයක් එන්න එපැයි! ඔන්න දැං ඒකට චාන්ස් එක ඇවිල්ල. මැතිවරණ රාජකාරි ගැන වෙනම ලියන්න පුළුවන්. ඡන්දෙට ඩියුටි ගිය හැටි නං කලින් වතාවකත් කිව්ව.

මෙදා ඡන්දෙ පටන් ගනිද්දිම එලියට ආපු මාතෘකාවක් තමයි ගෝඨා බොස් ගම්මන්පිල උන්නැහේගෙ ස්ටේජ් එකට නැගපු සීන්එක. පිරිසිදු විදියට රුපියල් සීයක් එකතු කරල පෝස්ටර් කටවුට් නැතිව මැතිවරණය පටන් ගත්ත ගම්මන්පිල උන්නැහේ කිරි කලේට ගොම දාගත්ත වගේ දෙයක් තමයි කරගත්තෙ. මේක ඡන්දය අවසානය දක්වාම විපක්ෂයට පතුරු ගහන්න පුළුවන් මාතෘකාවක්. කොහොම උනත් මේ කේස් එකෙන් පස්සෙ මට හිතුන ආයතන සංග්‍රහය බලන්න. ඒකෙ තියන විදියට අධිකරණ නිලධාරියෙකුට, සන්නද්ධ සේවාවල-පොලීසියෙ-සාම නිලධාරීන්ට(ග්‍රාම නිලධාරීන්), බන්ධනාගාර නිලධාරීන්ට, රජයේ සේවයේ නියුතු මාණ්ඩලික හා අධීක්ෂණ නිලධාරීන්ට සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් නෑ.

මෙතනදි දේශපාලන අයිතිවාසිකම් කියල හඳුන්වන්නෙ ඡන්දෙ ඉල්ලීම, ඉල්ලන කෙනෙකුට කුමන හෝ විදියකින් සපෝට් කිරීම වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. (ඡන්දය ප්‍රකාශ කිරීමට විතරයි අවස්තථාව තියෙන්නෙ). ඒක කඩ කිරීමට ලැබෙන දඬුවම තමයි සේවයෙන් පහකිරීම. ඒකත් ආයතන සංග්‍රහයෙ තියනව.

නමුත් මගේ අදහස නං ටිකක් විතර වෙනස්. ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ ලංකාවෙ ජනාධිපතිගෙ මල්ලි කියල නොදන්න කෙනෙක් මේ රටේ නෙවේ ලෝකෙම නැතුවැති. මොන තනතුර දැරුවත් එයා දේශපාලන පත්වීමක් ලබපු නිලධාරියෙක්. එහෙම කෙනෙක් කාටහරි සපෝට් කරන්න දේශපාලන වේදිකාවට නැග්ග කියල අමුතු වෙනසක් නං වෙන්නෙ නෑ. ඒකෙ මහලොකු වැරැද්දක් තියනව කියලත් කියන්න බෑ. නමුත්,..........

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කියන්නෙ රජයේ මාණ්ඩලික තනතුරක් දරන නිලධාරියෙක්. එතකොට හමුදාපති කියන්නෙ....? එයත් දේශපාලන අයිතිවාසිකම් නැති කෙනෙක්...... එතකොට සරත් ෆොන්සේක ජොබ් එකේ ඉඳගෙන දේශපාලනය කලා කියල චෝදනා කරල හිරේ දැම්මෙ........? ඒක එහෙම වෙලා මේක මෙහෙම වෙන්නෙ කොහොමද.....? ටිකක් කැතයි වගේ තේරෙනව නේද.....?

මම දකින විදියට මේ කැත, මේ තියන ව්‍යවස්ථාවෙන්ම එන කැතක්. මොකද කියනව නං අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීමේ බලය තියෙන්නෙ ජනාධිපතිට. එයා දේශපාලන පුරවැසියෙක්. එයා පත්කරන කෙනා දේශපාලන පුරවැසියෙක් වෙන්න හොඳටම ඉඩකඩ තියනව. අන්තිමට එයාල ස්ටේජ් නැග්ගම ආයතන සංග්‍රහයෙ වගන්ති කැඩෙනව. එක්කෝ අමාත්‍යංශ ලේකම්ල පත්කිරීමේ බලය ජනාධිපතිගෙන් ඉවත් කරන්න ඕන. එහෙමත් නැත්තං ආයතන සංග්‍රහයේ මේ වගන්ති ඉවත් කරන්න ඕන.


ප.ලි. මේ අවුරුද්දෙ මේ වෙද්දි කියෙව්ව කැමතිම ලිපියක් තමයි මේක

38 comments:

  1. ආයතන සංග්‍රහයේ නීති බල පැවැත්වෙන්නේ පවතින ආණ්ඩුවට එරෙහිව යන්නවුන්ට පමණයි. එය ඔප්පුවී ඇති වාර ගනන බොහෝමයි. ගෝඨා පමණක් නොවෙයි තවත් බොහෝ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට සහකාර ප්‍රාදේශිය ලේකම් දක්වා (මාණ්ඩලික ශේණියේ නිධාරීන් ගත්විට) සෘජුව හෝ වක්‍රව දේශපාලකයින් ට උදවු කරනවා..
    මට හිතෙන විදියට ආයතන සංග්‍රහයේ අදාල වගන්තිය සංශෝධනය කල යුතුයි..

    ReplyDelete
    Replies
    1. //ආයතන සංග්‍රහයේ නීති බල පැවැත්වෙන්නේ පවතින ආණ්ඩුවට එරෙහිව යන්නවුන්ට පමණයි. එය ඔප්පුවී ඇති වාර ගනන බොහෝමයි.//
      ++++++++++

      Delete
  2. "ටිකක් කැතයි වගේ තේරෙනව නේද.....? " දේශපාලනේදී මොනවගේ ඒවාද බන් කැත නැති ඒවා වලට තියෙන්නේ

    ReplyDelete
  3. Les fonctionnaires du gouvernement ne peuvent pas faire de la politique en France.

    ReplyDelete
  4. AR එක ගැන විතරද? FR එක ගැනත් ලියන්න.

    ReplyDelete
  5. මම හිතන්නේ දේශපාලන අයිතිවාසිකම් නෑ කියන හැමෝටම තියෙනවා.අපිට ඇරෙන්න....:D

    ReplyDelete
  6. ඉතිං දැං වැරුද්ද පිළිගත්ත නිසා ගම්මාන්පිල පත් උනත් අයින් කරන්න් පුළුවන්නේ.. කොයි තරං දෙයක්ද ඒක..

    ReplyDelete
  7. එහෙම එකක් ගොම්ම්න්පිල මහත්තය දැනගෙන් හිටියේ නෑ කියන්නේ , එක වරදනම් සමාව ඉල්ලනවා කියලත් කිව්වේ ..ඒවා ඇහුනේ නැතෙයි මේ මහත්තයට අපහාස කොරන්නේ , අනික සරත් ෆොන්සේකා දේශ පාලනේ කරේ ආණ්ඩුවටද නෑනේ විපක්ශෙටනේ ..ආයතන සංග්‍රහයේ තියෙන්නේ විපක්ෂ දේශපාලන අයිතිවාසිකම් නෑ කියලා , හොඳට කියවලා බලන්න රාජ්.....:D අනේ ......නන්නානේ නේද ?

    ReplyDelete
    Replies
    1. //එහෙම එකක් ගොම්ම්න්පිල මහත්තය දැනගෙන් හිටියේ නෑ කියන්නේ , එක වරදනම් සමාව ඉල්ලනවා කියලත් කිව්වේ//
      අනේ පව් ගොම්මපිල බබා..
      (නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නොවේ

      Delete
    2. වැඩේ තියෙන්නේ එක අපි දැනගත්තට මිනිහා නොදන්නා එකනේ ...................!

      Delete
  8. AR හා FR ගැන අහලා තියෙන කතාවක්.

    ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති කාලේ වික්‍රම වීරසූරිය ලේකම් කාලේ ඉල්ලීමක් ආවාලු (කාගෙන්ද කියලා අහන්න එපා) සේවය අවුරුද්දක් වත් නැති ගෑණු ළමයෙක් පිටරට පුහුණුවකට අරින්න. ඒ කාලෙ සම්මතය අවුරුදු තුනක වත් පළපුරුද්ද නැතුව පිටරට නොයවන එකලු. අදාළ නිලධරයා ගැහුවලු මිනිට් එකක්. Sir, This request cannot be met. It will be against AR and FR.

    ලිපි ගොනුව ගියාලු වික්‍රම වීරසූරිය අතට. මනුස්සයා ගැහුවලු ඒකට යටින් මිනිට් එකක්. i don't know any AR and FR. I know only JR. Do it.

    දැන් ඉතින් ඊළඟට උනේ මොකද අහන්න එපා. මේ 'ගෑනු ළමයා' අද ඉන්න තැන හැටියට මේක ලිව්වෙ කවුද කියලා හොයා ගත්තොත් මගේ ජොබ් එකත් ඉවරයි.

    ReplyDelete
  9. දේශපාලනයේදි කැත ලස්සන, හොඳ නරක, ලැජ්ජ බය කියන දේවල් නෑ... තමන්, තමන්ගේ පවුල යැපීමක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වෙන මොනාද මධු ඒක තමයි ඇත්ත

      Delete
  10. අපේ රටේ තියෙන මෙව්වා එකට දේසපාලනේ කියන්න බෑනේ. ඒකට මගේ උන්ගේ සැපය වගේ කියලා කියන්න වෙන්නේ බන්. වෙනස් කරනවානම් කොච්චර දේවල් ටිකක් තියෙයිද නෙහ්.

    ReplyDelete
  11. දේශපාලනය ගැන නම් එතරම් දන්නේ නැහැ අදහස් එකතුකරන්නත් රටේ වර්තමාන තත්වය ගැන දන්නේ නැහැ ,, ඒත් දේශපාලකයෝ නම් කවුරුත් එකයි ,අර අහිංසක රනිල් මාමා හැර :)

    ReplyDelete
  12. හැම නීතියක්ම බලු වෙලා තියෙන වේලේ ආයතන සංග්‍රහය ගැන මොකට දුක් වෙන්නද..වෙහෙර ගිලපු එවුන්ට අග්ගලාවත් කජ්ජක්ද..?

    ReplyDelete
  13. ඔක්කොටම වැඩිය මුන්ගේ දේශපාලන ගඳ උහුලන්න බැරි ඒකයි ප්‍රශ්නේ.

    ReplyDelete
  14. රාජ්‍යය නම් මමයි කියලා වාචිකව නොකියන කාලෙක මොන ආයතන සංග්‍රහද :P

    ReplyDelete
  15. රජය කියන එකත් ආණ්ඩුව කියන එකත් දෙකක් හැටියට වෙන්කර බලන්න අපි ඉගෙන ගන්න කල් ඔය දේවල් වෙනව රාජ්.

    ReplyDelete
  16. ආයතන සංග්‍රහයටත් ඉතින් අනිත් නීතී රීති වලට වෙච්ච දේම තමා ඉතින් සිද්ද වෙන්නේ..

    ReplyDelete
  17. //Politicians and diapers should be changed frequently // කියලා අහලා නැද්ද? ඔය කවුරුත් එකයි අනේ. :D

    ReplyDelete
  18. වෙන්න පුළුවන් දේ තමා ආයතන සංග්‍රහයේ වගන්ති වෙනස් වීම.

    කවුද කියන්නේ ගම්මන්පිළගේ පෝස්ටර් කටවුට් නෑ කියලා ! අන්න බේස් ලයින් රෝඩ් එකේ එකක් ගහලා තියනවා. මම ඊයෙත් දැක්කා...

    ReplyDelete
  19. ආයනතන සංග්‍රහයේ තියෙන දේශපාලනයට සපොර්ට් නැති සියලූම වගන්ති අයින්කරල දාපං බං මොනාද තවත් බලබල ඉන්නේ කොහොමද මගේ ඡ්න්ද සටන බැලුවද ...!!!!

    ReplyDelete
  20. රාජ්
    ඔබ මට වඩා රාජ්‍ය සේවයේ ජ්‍යේෂ්ටයෙක්නෙ . මට කියන්න අධීක්ෂණ නිළධාරීන් කියන්නෙ කවුද කියල.

    මමත් හරි ආසාවෙන් ඉන්නෙ චන්ද ඩියුටි යන්න . ඒත් මට ඒකට අවස්ථාවක් ආවෙම නෑ. මේ චන්දෙටත් සබ්ජෙක්ට් ක්ලාක් ෆෝම් එක ගෙනත් දුන්න ට පුරවලවත් දුන්නෙ නෑ.චන්ද ඩියුටි හරි ආතල් ලු නේද?

    ගෝටාභය ගම්මන්පිළගෙ රැස්වීමට ආපු එක මහ වරදක් නොවෙයි නේද? හමුදාවෙ අය දේශපාලනේ කරන එක භයානකයි.ඒත් ගෝට මේ රටේ වෙනස්ම කාර්යභාරයක් කරන කෙනෙක් නේද?

    ෆොන්සේකගෙ කේස් එක නම් අසාධාරනයි තමයි.

    ReplyDelete
    Replies
    1. යකා ළමයා අධීක්ෂණ නිලධාරියෙක් කියන්නෙ අධීක්ෂණය කරන නිලධාරියෙකුට. තේරුනා නේද? :-)

      ඔය අධීක්ෂණ නිලධාරීන් ගැන වෙනම කතා කරන්න තරම් තියනව. 2006ද කොහෙද රාජ්‍ය සේවයේ තනතුරු බෙදුව ප්‍රාථමික ද්විතියික මාණ්ඩලික කියල. ප්‍රාථමික කියන්නෙ පහල මට්ටම් වල ඉන්න ඔය කාකාස කම්කරු වගේ උදවිය. ද්විතියික කිව්වෙ ලිපිකරු ක්ෂේත්‍ර නිලධාරීන් වගේ උදවියට. මාණ්ඩලික කියල කිව්වෙ අධීක්ෂණයක් සිදු කරන උදවියට. මේ බෙදීම කලාට පස්සෙ සමහර වෘත්තීන් වල උදවිය ඉල්ලල තිබුන තමන්ගේ වෘත්තිය තත්වය වෙනස් කරන්න කියල.

      අධීක්ෂණය කියන දේ කොටස් තුනකට බෙදෙනව.
      කාර්ය මණ්ඩල අධීක්ෂණය
      මුදල් අධීක්ෂණය
      වැඩ අධීක්ෂණය විදියට.

      ඊට පස්සෙ තැපැල් ස්ථානාධිපතිවරු, දුම්රිය ස්ථානාධිපති වගේ තනතුරු වලින් තමයි මම උඩ කිව්ව ඉල්ලීම ආවෙ. මේ තනතුරු දෙකම ලිපිකරු වගේ තනතුරු උනත් ඔවුන්ට අර අධීක්ෂණ කාර්යන් තුනම තිබුන(තැපැල්: මුද්දර, මුදල්, තැපැල් පියුන් මහත්වරු, එතන තියන කාර්යන්, දුම්රිය සේවයෙත් එහෙමයි). මම හිතන විදියට එයාලට ඒ "තත්වය" ලැබුනද කොහෙද!

      ගොඨා ගම්මන්පිලගේ රැස්වීමට ආව මට්ටමේ වරදක් තමයි ‍ෛාන්සේක කලෙත්. දකින්න ඇතිනේ මම දාපු සටහනේ තිබුන දඬුවම. නමුත් නීතියක් නැති රටක.......

      Delete
    2. උදාහරණ දුන්නොත් සියළු මාණ්ඩලික නිලධාරීන් (ඒ කියන්නෙ පරිපාලන සේවයේ ඉන්න උදවිය), පරිපාලන නිලධාරීන්, ඒ කියන්නෙ හෑම තනතුරකටම අදාලව තියන "අධි පන්තිය" කියල හඳුන්වන සේවා ගනවල නිලධාරීන්.....
      පරිපාලන සේවය, පරිපාලන නිලධාරීන්, රෝහලක මේට්‍රන්, සිස්ටර් වගේ තනතුරු)
      කාර්යාලයක ඉන්න සීසී එෆ්ඒ වගේ උදවිය උනත් සලකන්න පුළුවන්...

      Delete
    3. //ඒත් ගෝට මේ රටේ වෙනස්ම කාර්යභාරයක් කරන කෙනෙක් නේද? //

      wf is that ??

      Delete
    4. පිළිතුරට ස්තුතියි.
      මම බොහෝ විට ප්‍රශ්න අහන්නෙ මට දැනගන්නටත් වඩා බ්ලොග් බලන අනෙක් අයට දැනගන්න. බ්ලොග් ලියන ජ්‍යේෂ්ට රාජ්‍ය නිළධාරියෙක් ලෙස රාජ්ගෙ දැනුම කාටත් වැදගත් නිසයි. රාජ්ගෙ පිළිතුර මම ටිකක් පැහැදිලි කරන්නම්.ඒක ටිකක් මදි වගෙ නිසා.

      15/2003 චක්‍රලේඛය යටතෙ මාණ්ඩලික නිළධාරියා,යටත් නිළධාරියා සහ කනිෂ්ට සේවකයා වර්ග කරණු ලැබුවා. මෙය කළේ වැටුප් පරිමානයන් පදනම් කර ගෙනයි.ඒ 2004 සංශෙඔධිත වැටුප්වල ආරම්භක වැටුප්.
      නමුත් පසුව මෙම වර්ගීකරනය වෙනස් කර යටත් නිළධාරීන් යන්න ආශ්‍රිත නිළධාරීන් ලෙස හැදින්වූවා. මාණ්ඩලික නිළධාරීන් කොටස් දෙකක්. ඒ ද්විතියික හා තෘතීයික ලෙස. 22935 ආරම්බක වැටුප (6/2006 චක්‍රලේඛැයට අනුව ) ට ඉහල වැටුප් ගන්නා නිළධාරීන් විධායක සේවා ගණයේ නිළධාරීන්.

      එම චක්‍රලේඛයට අනුව මාන්ඩලික නිළධාරියෙකු ලෙස සැළකෙනුයේ එම් එන් 5 න් ඉහල නිළධාරීන්. එවිට එම් එන් 6 සහ එම් එන් 7 ද මාන්ඩලික නිළධාරීන්. එම් එන් 7 යනු කලමනාකරන සහකාර අධිපන්තිය,පරිපාලන ග්‍රාමනිළධාරීන් වැනි අය. එම් එන් 5 න් පහල නිළැධාරීන් මාන්ඩලික නොවන නිළධාරීන්.
      ඊට පහල ශ්‍රේනි පී එල් වටුප් කාන්ඩයයි. කාකාස වැනි කනිෂ්ට සේවකයන් අයත් වන්නේ පී එල් ගනයට. මෙහි නුපුහුණු කම්කරු ,පුහුණු කම්කරු ලෙස ත් නුපුහුණු කමාරු ලෙස ආදී වශයෙන් තවත් බෙදීම් තිබෙනවා.

      රාජ්ගෙ උත්තරේට ඌනපූර්නයක් ලෙසයි මේ එකතු කළේ.

      Delete
  21. අනේ මංද හැම තැනම ඉන්න හරක් වස්සො වැස්සියෙ හැම 1කාටම කඩේ යන කාලෙ එයා ගොම්මං පිලට කඩේ ගියා කියල ඒ තරං දෙයක්යැ...
    හැබැයි රාවය පත්තරේ නං ඕක සෑහෙන දරුණුවට සාකද්දා කරල තිබ්බ

    ReplyDelete
  22. ඔව මොනවද මල්ලි.තිස් වසරක යුද්ඩෙන් රට බෙරගත්තු ජාතියෙ පියා ජිනිවා වල විදුලි පුටුවෙ ඉන්දන්න හදන්නෙ.ඔයවගෙ සිල්ලර දෙවල් නැතුව අපි ඔක්කොම එකතුවෙලා ජනමතර මරා එක්ක කියල පෙන්නන්න ගොමන්පිල,රොහිතගෙ මල්ලි.අනර්කෙලි,චන්ඩි මල්ලිගෙ පුතා.වගෙ අය දිනවන්න ඔන උඩින්ම.නිකන් ජාතිද්‍රොහියෙක් වෙලා විදෙශ කුමන්ත්‍රන කාරයන්ට සහයොගය දෙන්න එපා.සමහරවිට ඔය අදහස ගොම්මන්පිලට දෙන්න ඇත්තෙත් මිනිහ නොමග යවල ඔය කුමන්ත්‍රනෙ දිනවන්න වෙන්න පුලුවන්.මොකද මිනිහ නිතිය ඉගෙන ගත්තට හරි අහින්සක මිනිහ.ඔන කෙනෙකට රැවටෙනව.කවුරුහරි කියන්න ඇති ඔය නිතිය දැන් නැ කියල.

    ReplyDelete
  23. මේ කවුද? මොනවාද කරන්නේ? මේ රටේ වෙන හැම දෙයක් ගැනම තීරන ලැබෙන්නේ අතලොස්සකගේ උවමනාවට බව පැහැදිලි ලෙසම ඔප්පුකරලා තියෙනවානේ. මැකො බැකො එකක දාලා තමයි යවන්න වෙන්නේ.

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. සීයෙ නෝට්ටු අහිංසක මිනිස්සුන්ගෙන් ඉල්ලනවට වඩා ඔය උපාසක උන්නැහේට බැරියැ තමන්ගේ ගෙයක් උකස් කරල හරි බැංකුවල හංගගෙන ඉන්න කෝටි ගණන් සල්ලි වලින් අරගෙන චන්ද කොරන්ඩ. එහෙම නැත්නම් ඔය හිගා කන ගමන්ම තමන්ගෙ වත්කම් බැරකම් ප‍්‍රකාශනෙත් බෙල්ලෙ එල්ලගෙනම එන්න.
    බුද්ධාගම විකුණගෙන තමන්ගෙ හීන හැබෑ කරනගන්න මේ වගේ උපාසකලටත් පුලුවන්නෙ අර වෙස්සන්තර රජ්ජුරුවො වගේ තියෙන දේවල් ඔක්කොම දුප්පතුන්ටම දීල දාන්ඩ. මේ වගේ ගොන් පාට් දාල අපිව ගොනාට අන්දන කට්ටිය කාලෙන් කාලෙට පහල වෙනවා.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++
      මටත් ඔය වගෙ කැටයම් නම් අල්ලන්නෙම නෑ බන්.

      Delete
  26. ලංකාවේ දේශපාලනය කියන්නෙ ජරා මඩ ගොහොරුවක්...ඉස්සර උගත් මිනිස්සු පාර්ලිමේන්තුවට ආවට දැන් වැඩි හරියක් එන්නෙ පාදඩයො. චණ්ඩි...ස්ත්‍රී දූෂකයො. ගම්මන් පිල නම් උගත් මිනිහා එයා උසස් පෙළ කරපු වසරෙ ලංකාවෙන්ම වාණිජ අංශයෙන් පළවෙනියා.

    ReplyDelete
    Replies
    1. බුලත් සිංහලApril 2, 2014 at 8:04 PM

      සිරාගේ කතාව නම් ඇත්ත තමයි. ගම්මන්පිල නම්, සාපේක්ෂව හොඳ දේශපාලඥයෙක් තමයි. මිනිහයි, හිරුණිකායි මේ පාර ආණ්ඩු පක්ෂයේ මුල් තැන්වලට පත්වුණේ ආණ්ඩුවට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණු නිසා නෙවෙයි. ඒ දෙන්නා නිසා ආණ්ඩුව ජයග්‍රහණය කළ නිසයි. උන් දෙන්නා විපක්ෂය නියෝජනය කළා නම්, මේ පාර ආණ්ඩුව කොළඹින් පරාද වෙනවා නිසැකයි. (හැබැයි එහෙම වුණා නම්, උන්ට අම්බානෙක මඩ ගාගන්න තිබුණා අයිටීඑන් එකේ විපරමා (මහින් ද අබේ සුන් දර)ගෙනුයි, ගුවන් විදුලියේ වපරයා (හඩ් සන්) ගෙනුයි.)
      කොහොමත් සන් දානේ නියෝජනය කරන සුළු පක්ෂවල ගොඩක් දෙනා මේ පාර ගෙදර. උන්ව ගෙදර යැව්වේ ඡන්ද දායකයාදා, සිරි ලංකා නිදහස් පස්සේ ලොකු ලොක්කොද කියලා උන් තේරුම් ගන්න ඕනේ. මොකද මනාප මගඩියක් නැත්තේ නැහැනේ.
      ඒ සුළු පක්ෂවල අය ප්‍රගතිශීලි නම්, ඒ ගොල්ලන්ගේ සන්ධානය මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන කටයුතු කළා නම්, ජනතාවගේ අනාගතය සුබ වේවි. ආශ්චර්යයක්, සුබ අනාගතයක් තමයි අපි කාගෙත් බලාපොරොත්තුව.

      Delete