Thursday, March 27, 2014

මහ රෑ පැමිණි අමුත්තා

දඩබඩාස්.....!

එකපාරටම ඇහිච්ච සද්දෙන් මම ගැස්සිලා ඇහැරුනා. මොකද්ද ඒ සද්දෙ? ජනේලෙන් එහා පැත්තෙ, එලියෙ සද්දයක් වෙන්න ඕන. නැත්තං සීලිමට නැගපු කලවැද්දෙක් වෙන්න ඕන. නිදි විකාරෙන් වගේ මට කල්පනාවුනා.
ආයෙත් සද්දයක් ඇහුන ලඟින්ම වගේ. මොකද්දෝ දෙයක් බිමින් තියන සද්දයක්. හීනයක්වත් පේනවද? මම මගේ අත කෙනිත්තුව. නෑ! මේ ඉන්නෙ මමමයි.
මොන මගුලක්ද? නෝනයි දරුවයි හිටිය නං බය වෙන්නත් පුළුවන්. මම ඔලුව උස්සල බලල මොකුත් පේන්න නැති තැන නිදාගත්ත. යන්තං විනාඩියක් යන්න ඇති. මොකද්දෝ හුරුපුරුදු මියුසික් එකක් ලඟින්ම වගේ ඇහෙන්න ගත්ත.
මොන %$$ද! හොල්මනක්වත්ද? නෝනත් නැති එකේ එනව නං එන්න තියෙන්නෙ මෝහිනී විතරයි. මේ වෙලාවට නං මෝහිනී උනත් කමක් නෑ කියල හිතනකොටම මට හිනාවක් ආව.
හපොයි! නෝන දැනගත්තොත් සුං! කල්පනාව බිඳගෙනම සද්දයක් ආව.

"මල්ලී......."

ගැඹුරු පිරිමි කටහඬක්! වටපිට බැලුවත් මොකෙක්වත් පේන්න නෑ. දැං නං බඩු ෂුවර්..... ආයෙ දෙකක් නෑ.... එක්කෝ මහසෝන නැත්තං ඔඩ්ඩි මස්සිනා.....

මගේ ඇඟ හීතල වේගෙන යනව මට දැනුන. හොල්මන් නෑ කියල බ්ලොග් වල කමෙන්ටු කොටාපුව මට මතක් උනා.... සමහර විට කවුරු නමුත් හොල්මනකට මල පැනල හොයාගෙන ආවද මංද! කොහොම උනත් පුරුෂ ධෛර්ය ඕන වෙන්නෙ මේ වෙලාවටයි. තප්පර ගනනාවක් ඇතුලත ගිගාබයිට් ගානක දේවල් ඔලුවෙ මැවිල නැතිවෙලා ගියා. ඒත් එක්කම අමුත්ත ආයෙත් කතා කලා.

"මල්ලී....."

"ඇයි අයියේ....?"

"මල්ලී මට පොඩි උදව්වක් කරන්න මල්ලී....." ගැඹුරු කටහඬක්. ඒ කටහ‍ෙඬේ තිබුන අමුතුම ලස්සනක්. මොකද්දෝ හුරුපුරුදු ගතියකුත් ගෑවිලා තිබුන.... ඇඳඋඩ වාඩිවෙලා කලුවරට හුරු වෙලා තිබුන ඇස් කරකැව්වත් කිසිම කෙනෙක් පේන් හිටියෙ නෑ. අන්තිමට මගේ සීමාව ඉක්මවා ගියා. කොහොම උනත් මේ සෙල්ලම දැං හොඳටම ඇති.

"කවුද ඕයි තමුසෙ!"

"මල්ලී මල්ලිට මාව අඳුරන්න බැරිද?"

"අඳුරන්න තමුසෙ පේන්න එනවකො!"

"මම මෙතන ඉන්නෙ මල්ලී..... මල්ලිට මාව පේන එකක් නෑ..... මට උදව්වක් ඕන වෙලයි ආවෙ"

"හරි! මොකද්ද ඕන උදව්ව? ඔහේ කවුද?"

"මල්ලි මාව දන්නව මල්ලී.... මල්ලිගෙ කොම්පියුටරෙත් මං ඉන්නව"

"හෑ! මගේ කොම්පියුටරේ ඉන්න සිංහල කතා කරන පිරිමි කෙනෙක්???????"

"ඔව් මල්ලී! ගිගාබයිට් ගානක මගේ සින්දු තියනව මල්ලි ගාව... මේ ලඟදිත් මගේ එම්පීත්‍රී වගයක් ඩවුන්ලෝඩ් කලා...."

"දෙයියනේ! මේ ජෝති අයියද?"

"ඔව් මල්ලි..... මම තමයි ජෝතිපාල"

මට ඇ‍ෙඳෙන් නැඟිටුනා.... කාවවත් පේන්න හිටියෙ නැතත් මොකක්දෝ බෑග් එකක් ඇඳ ලඟ තියල තිබුන.

"අයියට ඕන උදව්ව මොකද්ද? ඕන දෙයක් කියන්න කරල දෙන්නං....." දෙයියනේ මේ කොහොම හිටිය මනුස්සයෙක්ද!

"මල්ලී.... අර වත්ත පහල තියන මල්ලිගෙ සීයගෙ සොහොන තියනව නේද?"

"ඔව් ඉතිං...."

"දැං ඒකෙ කවුරුත් නෑ... මට ටික කාලයක් එතන ඉන්න දෙන්න...."

"ඇයි අයිය හිටියෙ බොරැල්ල කනත්තෙ නේද? එතන ඉඳල මේ ගරාවැටිච්ච සොහොන ඉල්ලන්නෙ ඇයි?"

"මල්ලි ලඟදි ටීවී බැලුවෙ නැද්ද.....? අර කැලනියෙ පිස්සු ආචාරිය මගේ සොහොන ලඟ උගේ සොහොන හැදුව මල්ලී..... කවදා නමුත් ඌ ආවට පස්සෙ මට නිදහසේ ඉන්න ලැබෙන්නෙ නෑ මල්ලී...... ඒකයි ඊට කලින් මම ආවෙ මල්ලී"

ඊට පස්සෙ වෙච්ච දේවල් වත් සීයගේ සොහොන කොහේද කියලවත් මගෙන් අහන්න එපා.

42 comments:

  1. අද රෑ නිහාල් සිල්වා අයියා ඇවිත් බොට කතා කරත් මං පුදුම වෙන්නෑ...

    ReplyDelete
  2. මෙන්න රාජ්ගේ අපිටත් කියවන්න පුළුවන් කතා. අපි ඔය දේශපාලනය අරවා මේවා ගැන දන්න කියන ඈයෝ නෙමෙයිනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා මේකෙ කටකපලා දේශපාලනයනෙ... :-O

      Delete
    2. නෑ මම කිව්වේ මේවගේ දේශපාලනය තේරුනාට අර මුං කියන වමයි තව මොනවද මොනවද ඒවයි අපිට තේරෙන්නෙම නෑ නේ. අන්තිමට මුංටත් එහෙම වෙන්න ඇති හැබැයි.

      Delete
  3. මොකක්ද ඔය හැමෝම කියන සොහොන් සින් එක :o

    ReplyDelete
    Replies
    1. ඇයි දන්නෙ නැත්ද. මර්වින් සිල්වා (මහත්තයා) තමන්ගෙ සොහොන දැන්ම හදාගෙන. ජෝතිපාල මහත්තයාගෙ සොහොන ළඟින්ම.

      Delete
  4. ඔය සිද්දිය ගැන හරි අපූරු කාටූන් එකක් මේ ළඟදි ලක්බිම පත්තරේ තිබුන. සමහරවිට කට්ටිය දකින්නත් ඇති. ඒකෙ තිබුනෙ මෙහෙම රූපයක්.

    ජෝතිපාල මහත්මයාගෙ සොහොන ඇඳල තිබුනා. ඒ ලඟම බිම වෙන්කර ඇත කියල බෝඩ් එකක් හිටවල තිබුනා. හොඳම ටික ඊට පස්සෙ. අපේ ජෝතිපාල මහත්තයගෙ ආත්මය නැඟිටල. මොකද දන්නවද කරන්නෙ. අහිංසකය තමන්ගෙ සොහොන් කොත මුදුනෙ අකුණු සන්නායකයක් හයි කරනවා!

    ReplyDelete
  5. තව ටික දවසකින් සීයාගේ සොහොන් හොඳ ගානකට රෙන්ට් එකට දෙන්න පුළුවන් , පුළුවන් නම් ඔකේ කාමර ටිකක් වැඩි කරලා ආපහු හදපන්

    ReplyDelete
  6. ඔය කියන්නේ මැරිච්ච එකෙක්ටවත් නිදහසේ ඉන්න නෑ කියලා නේද ?

    ReplyDelete
  7. ඌ නං පිස්සු යකෙක් තමා.. කවුද දන්නෙ නෑ ඒකාට ආචාර්ය පට්ටමක් දුන්නේ...

    ReplyDelete
    Replies
    1. තව පිස්සො ඕන ත‍රම් ඉන්නවනෙ එහෙම එකෙක් වෙන්න ඇති

      Delete
  8. මල් වඩම් අනවශ්‍යයි

    ReplyDelete
  9. ලොක්කට මර්වියාව අමතක වේගන යද්දී කලින් කලට ඔහොම මාධ්‍ය දර්ශන දානව.
    මාස ගානකින් ලොක්කව මුලිච්චි වෙලා නැහැ.
    "මොකක්ද යකෝ මේ කරන්නෙ"කියල කෝල් එකක් දුන්නත් සැපලු මර්වින්ට.
    අපි වැඩිය හිතන්න හොද නැහැ ඔය ගැන.
    එයා ඇඩුවේ නම් චන්දෙන් පස්සෙ එයාට ෂොට් එක ලැබෙන බව දන්වල එවපු msg එක සිහිවෙලා බව බුධු ෂුවර්,,,,

    ReplyDelete
    Replies
    1. එයාට මේ දවස් වල කට අරින්න කියලා තියෙන්නේ බත් කනකොට විතරලු ...

      Delete
  10. මෑන් හෙන ජෝකර් නෙහ්..!!!

    ReplyDelete
  11. //"ඇයි අයිය හිටියෙ බොරැල්ල කනත්තෙ නේද? එතන ඉඳල මේ ගරාවැටිච්ච සොහොන ඉල්ලන්නෙ ඇයි?"

    "මල්ලි ලඟදි ටීවී බැලුවෙ නැද්ද.....? අර කැලනියෙ පිස්සු ආචාරිය මගේ සොහොන ලඟ උගේ සොහොන හැදුව මල්ලී..... කවදා නමුත් ඌ ආවට පස්සෙ මට නිදහසේ ඉන්න ලැබෙන්නෙ නෑ මල්ලී...... ඒකයි ඊට කලින් මම ආවෙ මල්ලී"//
    මෙන්න මේ ටික නොදා තිබුන නං උත්ප්‍රාසය තවත් වැඩිවෙනව කියන්නයි මම හැදුවෙ,ඒ වුනාට කොහෙද, මොකක්ද මේකෙ තේරුම කියල බර ගාණක් අහලනෙ.

    ReplyDelete
  12. හි හි නියමයි..,මොකටත් ජෝති මහත්මයා හොද තීරණයක් අරන් ..

    මර්වින් සිල්වා කියන්නේ මාත් ආස කරන විහිළු චරිතයක් . මන් බලාගන්න සියත් එයාගේ මිනීවල වෙන් කරගෙන තියෙන්නේ අවුරුදු 18 කට කලින් ඩොලර් ලොකු ගානකට,, සීයාගේ නමත් ගහලා තියෙන්නේ දිනේ විතරයි කොටන්න තියෙන්නේ.

    ReplyDelete
  13. අනේ ඔය තාත්තයි පුතයි අපේ රටේ අශ්චර්යයේම කොටසක්නේ කලකට කලින් ....

    ReplyDelete
  14. හොර MP3 වලට කොපි රයිට්ස් ඉල්ලුවේ නැද්ද?

    ReplyDelete
  15. නියමයි කතාව. ජෝතිගේ දෙබස් කියවන විට ඔහුගේ හඬ හිතේ මැවෙනවා

    ReplyDelete
    Replies
    1. කොහෙද මකසි වහං වෙලා හිටියෙ බං ...???

      Delete
    2. ඔය කන නෙමේ මේ කන කිව කිවාමයි කොහෙද ගියේ

      Delete
  16. ටක් ටක් ටක්...

    කවුද...???


    මල්ලි මම ජෝති..

    ඇය් අය්යෙ මොකද?

    සීය ආයි ආවද? අපි දානෙකුත් දුන්න හැබයි!

    නෑ මල්ලි, මෙහෙ ඉන්න අමාරුයි. කොළඹින් පිට හින්ද නිස්කලන්කෙ ඉන්න ආවට එහෙම බෑ වගේ මල්ලි.

    ඒ මොකෙ ඒ?

    පව්, සුද්දෙක් දුක කිය කිය මෙහෙ කැරකෙනව. තව අනාත කෙල්ලො ගානක්...යන යන තැන..

    පුන්චි අත දරු ගෑණු ලමේක් තාත්තට සාප කර කර ඉන්නව එනකල් අල්ලගන්න...

    මේ තන්ගල්ලෙ අමනුස්ස ජීවිතේ කරදරයි බං...

    කොළඹ උන් මට පීචන් ගායකය කිව්වට හවසට මගේ සින්දුවක් අහල සළු වෙනව. ඒ හින්ද අර එහෙ ඉන්න විජේවීරය මෙහෙ එවල මම එහෙම ඉන්න ට්‍රයි එකක් දෙනව බන්.

    එතකොට ආචාරිය??

    ඒකත් අලි ප්‍රෝඩාවක්ලු බන්. ඌත් මැදමුලනෙ එන්නලු ඉන්නෙ. මහ එකා ආවම සෙට් වෙලා ගමේ ගේම් දෙන්න පටන් ගන්න.

    දඩාස්....


    මල්ලි..මල්ලී...

    ReplyDelete
    Replies
    1. මේ අතදරු ගෑනු ලමයගෙ කතාව ශුවර් එකක්ද බන්? සඳරුවන් කාරය ඕක කොච්චරවත් කිව්වට මම හිතන් ඉන්නෙ ඒක කෙප්පයක් කියලා. මම මෙහෙම ඇහුවට ඕකට උත්තරේ මේකෙ දැම්මොත් රාජ් ලොක්කට වෙන්නෙ සීයගෙ සොහොනට අල්ලපු ඉඩේ දැම්මම උගෙ සොහොන බැඳගන්න. ඒක හින්දා දාන්න එපා දන්නව උනත් :D

      Delete
  17. ජෝතිගේ සින්දු වලට දැන් ගිහිං තියෙන කල දැක්කොත් මැරිලා හිටියත් සියදිවි නසාගන්නවා ෂුවර්

    ReplyDelete
  18. ආචාරියට සොහොන් ලකුණු පහල වෙලාද කොහෙද?

    ReplyDelete
  19. තුන් පොලක දාන්නලුනේ,
    හත්පොලේ ගා ගාන්න හැටියට ඔය මැදෑ..

    ජය වේවා!!!

    ReplyDelete
  20. ඔය කියන විදියට ජෝති අයිය විතරක් නෙවේ, අනිත් කට්ටියත් යන්න එන්න තැන් දැන් ඉඳලම සොයන පටන් ගනීවිද දන්නෙ නෑ... පරෙස්සමෙන් රාජ්... :D

    ReplyDelete
  21. ජෝති විතරක් නෙවෙයි ඒ අහල පහල සොහොන් අයිතිකාරයෝ ඔක්කොම දැන්ම ඉඳන් වෙන නවාතැන් හොයනවද දන්නේ නෑ...

    ReplyDelete
  22. එක්වෙන්නට නොහැකි උනොත් රන් කදේ
    සැනසෙමු දෙන්නම එකතැන එකමිනිවලේ :D

    ඔව්ව අහල තමා ආචාර්ය තුමත් එන්න හදනව ඇත්තෙ :D

    ReplyDelete
  23. ආචාරියා ... සොහොන සෑදෙව්වා වාගෙයි !

    ReplyDelete
  24. බොරැල්ල කනත්තේ වල පල්ලේ ඉන්න අය රෑට රෑට ශ්‍රමදානයකින් කැලණිය පැත්තේ සොහොන් ගැබක් හදනවලු.

    ReplyDelete
  25. මට නං හිතෙන්නේ සොහොනටත් වැඩක් දෙයි වගේ. ඇත්තටම සොහොනකට වඩා ඔතන රේස් පිට්ටනියක් හැදුවනම් කොහොමද ?

    ReplyDelete
  26. හුටස් තමා කියන්න වෙන්නෙ... ආචාරිය දන්නව කොයි වෙලේ හරි සොට් එක හම්බෙනව කියල ඒනයි ඔය... මු විකාරෙන් කරන්නෙ එක එක විජ්ජුම්බර

    ReplyDelete
  27. මුන් වගේ විකාර කාරයෝ කැබිනට් ඇමතිකම් කරන කොට රට ලෝකෙට විහිළුවක් වෙන එක අහන්න දෙයක්ද...?

    ReplyDelete
  28. පට්ට ඩයල් එකක්නෙ බං ..

    ReplyDelete
  29. ඔය ආචාර්යගෙ සොහොන වටේ ඉන්න අනික් අයටත් සොහොන් ටිකක් හදල රෙන්ට් අවුට් කරන්න බැරිවෙයිද දන්නෑ.

    ReplyDelete
  30. මේ කිට්ටුව පාතකම තමා ජාතියේ පියාගේ සොහොනත් තියෙන්නේ :D

    ReplyDelete
  31. උඹත් දැං රාජෝ උත්තර නොදි අළුතෙන් දාන්න පුරුදු වෙලා නේද?? නරක පුරුද්දක්..

    ReplyDelete