Thursday, July 3, 2014

එහෙන් මෙහෙන් ඇහෙන කතා......

.මේ දවස්වල ටීටී එකේ යන ඇඩ් එකක් තමයි ආර්ථික සංගණනය ගැන කියවෙන ඇඩ් එක. සංගණනයට එන නිලධාරීන්ට සත්‍ය තොරතුරු ලබාදෙන්න කියලයි එතනදි මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ. ඕක දකිනකොට මට මතක් උනේ 2001 තිබුන ජන සංගණනය. උසස් පෙල කරල ගෙදර ඉඳපු මාත් මේකට සහභාගි වුනා සංගණන නිලධාරියෙක් හැටියට. සංගණන වල තියන මූලික අවුලක් තමයි මිනිස්සු ඇත්ත තොරතුරු ලබා නොදීම. උදාහරණයක් විදියට තමුන්ගෙ මාසික ආදායම හෙලි කලොත් සමෘද්ධි මුද්දරය කැපෙන්න පුළුවන් කියල හිතනව වගේ සීන් තිබුන. මිනිස්සු එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ. මොකද මේව කොතනින් නවතීවිද කියල ඒ මිනිස්සු දන්නවයැ.

කොහොම උනත් සංගණනය වෙලාවෙදි අපිට කියපු විදියට මේකට පොඩි නීතිමය රැකවරණයක් දෙන්න සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු කරල තිබුන. "සංගණනය සඳහා ලබාගන්නා තොරතුරු වෙනත් කරුණක් සඳහා අදාල කරගත නොහැක" කියල නීතියක් දාල තිබුන. ඒ කියන්නෙ සංගණනයේදි කිව්වොත් සමෘද්ධිය තියන කෙනෙකුගෙ මාසික වැටුප 20000යි කියල. සමෘද්ධි කාඩ් එක කපල කියන්න බෑ "උඹේ ආදායම සංගණනය අනුව 20000නිසා සමෘද්ධිය කැපුව" කියල. කොහොම උනත් ඇත්ත දැනගන්න අමාරු තත්වයකට අපි පත්වුනා.

ඒක උනේ මෙහෙමයි. ඔන්න අපි ගෙදරකට යනව. ගිහිල්ල අහනව විස්තරේ. ඔන්න වැසිකිළියෙ වර්ගෙ අහනකොට කියන්නෙ මෙහෙමයි.
"ලැට් එකනං හදල තියෙන්නෙ පුතේ...., ඒත් ඉතිං ඕක දාන්න ඕන නෑ..... වල කක්කුසියක් කියල ලියාගන්න"
එහෙමත් නැත්තං සිමෙන්ති පොලවෙ ඉන්න ගමන් කියනව මෙහෙම.
"බිමට සිමෙන්ති දාල කියල කියන්න ඕන නෑ. ගොමමැටි ගාල කියල දාගන්න"

අන්තිමට මම මේකට වෙන විසඳුමක් හොයා ගත්ත. කටු සටහන් කොලයක එයාල කියන විස්තර දාල නියමිත පත්‍රිකාවෙ නිවැරදි විස්තරේ දානව.

වැසිකිලි කිව්වම මතක් උනේ. අපිට පුහුණුවක් දෙන්න ආපු මහත්තයෙක් කියපු කතාවක්. ඒ කාලෙ අපේ පැතිවලට ආපු එන්ජීඕ එකකින් වැසිකිළි ආධාර දුන්න. මුලින්ම දෙනව සිමෙන්ති කොට්ටයකුයි වැසිකිළි පෝච්චියයි. ‍අර උක්කුටික පෝච්චි කියල කියන්නෙ. අන්න ඒව දුන්නෙ. මේ ටික දීල කියනව වැසිකිළිය හදල පෙන්නන්න කියල. වැඩ ඉවර කරල පෙන්නන අයට තවත් ගානක් දෙනව. සාමාන්‍යයෙන් උවමනාව තියනව නං 'මහන්සිය' විතරක් වගේ තමයි වැයවෙන්නෙ. අර මහත්තය කිව්ව විදියට ආධාර ගන්න උදවියගෙන් සීයට පහක් විතර තමයි වැඩේ කරල තියෙන්නෙ. මට මතකයි සමහර තැන්වල වැසිකිළිය හදල පාවිච්චි නොකර ඉන්නව 'මහත්තුරුන්ට පෙන්නුවට පස්සෙ' පාවිච්චි කරන්න. හරි ආයෙත් මහත්තයගෙ කතාව, මහත්තය මේ ආධාර වැඩේට විරුද්ධ උනාලු. එයා කියන විදියට වැසිකිලි පාවිච්චියෙ තියන වැදගත්කම ගැන මිනිස්සු දැනුවත් කරනව මිසක් ආධාර දීම සාර්ථක නෑ. මේ ගැන එන්ජීඒ මහත්තුරුන්ට කිව්වත් වැඩක් වෙලා නෑ. අවුරුද්දකට විතර පස්සෙ ගමකට ගිය මහත්තය දැක්කලු ගෙවල්වල මේස යට ඇඳන් යට අර වැසිකිළි පෝච්චි තිබුන හැටි. ඒ ගැන ගෙහිමියන්ගෙන් ඇහුවම ලැබුනලු අපූරු උත්තරයක්.

"උන්ට පිස්සු! රුපියල් දාහකිං ඇහැක කක්කුසියක් හදන්න!...... උං ඕකෙන් හොඳ ගානක් ගරාගන්න ඇති!"

වැසිකිළි කිව්ව ගමන් මට මතක් වෙන්නෙ කාලෙකට ඉස්සර බ්ලොග් ලියපු මකබාස්ගෙ අන්තිම පෝස්ටුව. අපරාදෙ මකය දැන් ලියන්නෙ නෑ නෙව!

58 comments:

  1. ඇයි ඔයතරම් මහන්සි වෙලා සංගණනය කරන්නෙ?
    කබ්රාල් මහත්තයගෙන් ඇහුවනම් ටක් ගල ෆිගර් එකක් දෙනවනෙ.
    ඉල්ලුමට හරියන ඕන ෆිගර් එකක් ඒ මහත්තය ගාව තියනව

    ReplyDelete
  2. වැසිකිලි කිව්වම මට මතක් වෙන්නේ මුණූපොතේ ෂෙයාර් වෙච්චි පින්තුරයක් .ඒකේ උඩින් ගහල තිබුනා “ඕපන් ගන්දස්කාර්“ කියලා.

    ඈ බං 2012 ද කෝහේද කරපු සංගණනනේ ගිනිතිබ්බ නේද බොලා???

    ReplyDelete
    Replies
    1. මාත් දැක්ක. ගිනිතිව්ව කියල මතක නෑ

      Delete
  3. "සංගනනයකදී වැරදි/නොමග යවන සුළු තොරතුරු ලබාදීම රජයෙන් ලැබිය හැකි/දැනටත් ලැබෙන ආධාර වලට නොසුදුසු කමක් වනු ඇත" කියල නීතියක් දාන්න බැරිද, අර විබාග වංචා කරල අහු වෙන උන්ට ප්‍රමෝෂන් බ්ලොක් කරනව වගේ?

    සාමාන්‍යයෙන් සංගනන කියන්නෙ voluntary තෙරතුරු තමයි, ඒත් ඉතින් රටේ හැටියට නීතිය වෙනස් කරන්න බැරි ඇයි? බොරු තොරතුරු රෙකෝඩ් කරන එක මිනිස්සුන්ගෙ සල්ලි නාස්තියක් නේද? ඒ තොරතුරු වලින් එන නිගමන වලින් (තච තව සමුර්දි දෙන්න ඕනෑ) වෙන්නෙ මහජන මුදල් අපතේ යන එක නේද?

    ReplyDelete
    Replies
    1. බොරු කිව්වට මේව අර්ධ සත්‍ය. ඇත්ත නැත්තෙම නෑ. බොරු වෙන කොටසකුත් තියනව. ඔය ආදායම වගේ දේවල්. උදාහරණයක් විදියට ජන සංගණනයක මූලික අරමුණ මිනිස්සු ගනන හෙවිල්ල. ඒ අතරෙ ගෙවල් වැසිකිලි වගේ අමතර කරුණුත් හොයනව. මූලික දේ ඉෂ්ට කරගැනීමත් මදැයි.

      Delete
  4. හලෝ රාජ් කොහොමද? ගොලිප් එකක් වත් බොනවද? මම නං අද දවල් බියර් බෝතල් දෙකක් විතරයි බිව්වේ. රාජ් මොනවත් පාවිච්චි කරේ නැද්ද?

    ඊයේ මම බෝතලේ ගහාලා හාන්සි උනානේ රාජ්. උදේ පාන්දර තමයි ඇහැරුනේ. ඊට පස්සේ මම එහෙම්ම ඇදගෙන ඔපිස් ගියා. ලොක්කාටත් හරිම සතුටුයි මම කලින් ආව කියලා.

    දැන් තත්වේ අනුව වැඩිය ටයිප් කරන්න බෑ. මම මේ වෙරි හින්දා ඉන්ඩ හිටින්න බැරිව ඉන්නේ ඕන.

    ReplyDelete
    Replies
    1. පිස්සු පීකුදු ඇනෝ.. මම දැන් රාජ්ගේ එකට එන්නේ උඹේ කොමෙන්ට් බලන්න. අපේ පැත්තේ එනවටත් බොහොම ඉස්තූතියි.. උඹ ඉන්නේ වල්ල පට්ට ගස් තියෙන පැත්තකද බං.... ඊයේ බෝතලෙම ගැහුවද...?

      Delete
    2. හලෝ මාතලන්, ඊයේ බෝතලේම ගහලා හාන්සි උනා. උදේ 4 ට තමයි ඇහැරුනේ. ඉතින් මම ඇදගෙන ඔපිස් ගියා උදේම. අපේ ලොක්කාට සතුට උහුලන්න බැරි උනා මම උදේම ආව දැකලා.

      ඉතිං මම අද දවල් ජයේ අයියගේ පොට් එකට් ගිහින් බියර් දෙකක් බිව්වා මාතලන්. ඉන්ඩ හිටින්න බැරි උනා ඕන.

      Delete
    3. ඇනෝ උඹ රස්සාවයි පවුලෙ යුතු කම් ටිකයි හරියට කරනවද? :D

      උඹ පැරාගෙ බ්ලොග් එකේ පින්තූරෙ දානකම් මම හිතුවෙ බොරු කියන්නෙ කියලා.

      Delete
    4. බෝතල් ඇනෝ....උඹ වේලාසනින් ආපු නිසා කලින් යන්න දුන්නේ නැද්ද? එහෙම දුන්නා නම් තව බාගයක් ගහලා යන්න තිබුනානේ බන්....උඹ නීට්ද ගහන්නේ.

      Delete
    5. බියර් දෙකක් ගැහුවට ඔච්චර වෙරි වෙනවයි ඇනෝ.බොරු නේද.අර ඕල්ඩ් රිසව් එකේ කොටේ අද ගැහියෑකි නොවැ.

      Delete
    6. හලෝ හැලපෙ, බෝතල් දෙක ගහපු පාර ඉන්ඩ හිටින්න බැරිවෙන්න වැදුනා. මම හිතන්නේ ගිනි දවල් හින්දා වෙන්න ඇති. ඊට පස්සේ මම බත් භාගේකුත් කළා ගොලිප් එකක් ගහලා පාඩුවේ හිටියා.
      ඕල්ඩ්රිසව් එක ඊයේ හවස හතර පහ වෙනකොට ඉවර උනා. ඊට පස්සේ ඉතින් මම හාන්සි උනා,උදේ තමයි ඇහැරුනේ.

      ඔය අරක්කු ඩිංගක් බොන්න මම නන දාන්නේ අයිස් කැටයක් විතරයි. ඇයි මම දවසක් කකාගේ බ්ලොග් එකෙත් ඒක පැහැදිලි කරේ.

      Delete
    7. බෝතල් ඇනෝ අපිත් කන බොන මිනිස්සු උනාට උඹේ මේ බීමෙ හැටියට උඹ chronic alcoholic කෙනෙක් වත් නම් වෛද්‍ය උපදෙස් අවශ්‍ය කෙනෙක්ගෙන් ආතල් ගන්න එක වැරදි නිසා මගේ ප්‍රශ්නෙට උත්තරයක් එනකම් උඹව ඇඩ්මයර් කිරීම පොඩ්ඩකට නතර කරා.

      අරූ මචෝ කකුල දැන් සනීපද. උඹේ ඔපෙරේෂන් එකක් ගැන දැක්කා මචන් කමෙන්ට් එකක් දාන්න වත් විවේකයක් නොතිබ්බ කාලෙක, පහු වෙලා.

      Delete
    8. @ ප්‍රොෆයිල් ඇනෝ...කකුල් හොඳයි බන්. ෆිට් එකේ ඉන්නවා. තෑන්ක්ස්.

      බෝතල් ඇනෝගේ ඔය විහිළු බන්. ඌ අපිත් එක්ක ආතල් එකක් ගන්න දාන කමෙන්ට්ස් කියලා තමයි මට හිතෙන්නේ. ඌ හොඳ විහිළුකාරයෙක් වගේ.

      Delete
    9. හලෝ, ඔය හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක් බිව්වට මොකවත් වෙන්නේ නෑ.

      මම යනවා දැන් බත් ඩිංගක් කළා එන්න. පස්සේ එන්නන්කෝ.

      Delete
    10. ඇනෝ මිත්‍රයා,
      එළ! කලින් දා ගහපු බෝතලේ හින්ද බියර් වැඩ කරන්න ඇති කියලයි මට හිතෙන්නෙ. නැත්තං බියර් දෙකකට උඹට වැඩි වෙන්න බෑ.

      අනිත් උදවිය,
      උඹල නිකං වචන නාස්ති කරගන්න එපා බීමේ ආදීනව ගැනයි අරකයි මෙකයි කියල.

      අරූ,
      උඹ තමා මිනිහ! යමක් නිවැරදිව විඳින්න ඕන ඔන්න ඔහොමයි.

      Delete
  5. උඹට කියන්නේ ඉස්සර අපේ ගමේ කක්කුස්සියට යන කොට මගදිම බඩු බනිස්. හැත්ම්ම කාලක් විතර යන්න ඕන. ඒත් ගෙදර වැඩ කළ ජිනේ එහෙම ගියේ කුරුන්දට.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තගෙ මහ ගෙදර හිටියෙ අපි පොඩිකාලෙ. එහෙත් එහෙමයි. සෑහෙන්න ඈතින් තියෙන්නෙ. හොඳම වැඩේ තමයි ඒකාලෙ මිනිස්සු කතා වෙන්නෙ සෑහෙන්න පිළිකුලකින් කොළඹ මිනිස්සු ගෙවල් ඇතුලෙ කක්කුස්සි හදල කියල :-)

      Delete
  6. සංගණන වලට ගිහින් තොරතුරු ගන්න එකත් පිස්සු හැදෙන වැඩේ , කොටින්ම මිනිස්සු පුදුම බයක් තියෙන්නේ ඔය තොරතුරු දෙන්න , අනික මේ යන එවුනුත් ඉස්සෙල්ලම බලනේ කෙල්ලෝ කීදෙනෙක් ඉන්නවද කියලනේ :D

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඉවාන් මමත් කරා නොවෑ ඔය සංගනන වැඩේ එක සැරයක්

      Delete
    2. සංගණනයේදි අමාරුම වැඩක් පැවරුනා. සංගණනයට අදාල නැති වැඩක්. රුපියල් දහයෙද විස්සෙද ටිකට් එකක් විකුනන්න කියල දුන්න නෙව. අම්මප දැං කාලෙක වගේ නං දනී කරන දේ.

      Delete
  7. අපේ රටේ වෙන අනික් වැඩ එක්ක මේ සංගනන ගැන කියන්න දෙයක් නෑ ..

    ReplyDelete
  8. මම රටවල් තුනක සංගනන දැක්කා. 1993 ඕමානය. 2011 මාර්තු එංගලන්තය. සහ ඊට කලින් ලංකාව. හැම රටකම මේ වැඩේ කරන්නේ අවුරුදු දහයකට වරක්ද? ආපහු මේ රටේ 2021 මාර්තු මාසේ බව කියනවා. රටවල් තුනෙන්ම මේ වැඩේ යම් ක්‍රමවත් බවක් දැක්කේ සුද්දාගේ රටේ. විස්තර නම් මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි අරු හැම අවුරුදු දහයකටම වරක් හැමවිටම අගට 1 එන අවුරුදු වල සංගණනය පවත්වනවා.අපෙත් සිදුවන්නේ එංගලන්තෙ ක්‍රමයට බව පෙනෙනවා.

      Delete
    2. ලංකාවත් රටක්ද

      Delete
    3. ඔව් දස අවුරුදු තමයි මාත් දන්නේ. අපෙත් 2011,2001, 1991 වගේ කලේ. අපිට නම් සාමාන්‍ය දෙයක්. අපේ වැටුප් ආදයම් පවුල් පසුබිම් වෙනම මිසර් වෙන ගොඩක් අවස්ථා තියෙනවානේ.

      මම මේ අන්තිම සංගණනයේදි තමයි තේරුම් ගත්තේ ලංකාවේ මිනිස්සු පිට රටක නීත්‍යාණුකූලව මේ දේවල් කරන්නේම නෑ. රාජ්ගේ පෝස්ට් එකෙන් තමයි දැන් තේරුනේ ඒ ඇයි කියලාත්. මට පෞද්ගලිකව කතා කරලා ඔය ස්ටැටික් ෆෝම් එක පුරවපු අය දෙසීයකටත් එහා මිසක් අඩු නෑ. ගොඩාක් අය ඒක කලේ ෆයින් කරනවායි කියපු නිසා. එහෙම නොකල ෆයින් වුනාම අඬාගෙන ආපු එන අයත් ඉන්නවා
      .

      Delete
    4. අරූ හැලපෙ,
      ස්තුතියි.

      රංගි
      //මම මේ අන්තිම සංගණනයේදි තමයි තේරුම් ගත්තේ ලංකාවේ මිනිස්සු පිට රටක නීත්‍යාණුකූලව මේ දේවල් කරන්නේම නෑ.//
      මේ කියන්නෙ මොකක්ද? පැටලිලාද?

      Delete
    5. අරු- බොරු තොරතුරු දෙන එක කොයි රටටත් අදාලයි. 2001 එන්ගලන්තෙ සංගණනෙදි උතුරු පලාතේ දිස්ත්‍රික්කයක් බාරව වැඩකලා. සමහර පැතිවල ආදායම ගැන දුන්න විස්තර ඇත්තද කියලා වෙලාවකට හිතුනා.

      Delete
    6. නෑ රාජ්, මේ රටේ ඉන්න විදේශිකයෝත් අයිති වෙනවානේ සන්ගණන වලට. ලංකාවේ මිනිස්සු මා දන්නා තරමින් එක ගෙදරක බොහොමයක් දෙනෙක් ඉන්නේ. නීත්‍යාණුකූල නොවන විදියට. අර වගේ ගෙදර කී දෙනෙක් ඉන්නේ වගේ ඇහුවම ඔවුන් හරි විස්තර දෙන්නේ නෑ. ඒ අය ගෘහ ආශ්‍රිත රැකියා කරන නිසා වැටුප් ගැන වුනත් ඔවුන් දෙන තොරතුරු මිසක් වෙන කිසි දෙයක් හොයා ගන්න බෑ. ඒ වගේ වෙලාවට බහුලවම ප්‍රොෆිට් කරනවා. එක එක සමාජ සේවා අහිමි වෙයි කියලා.
      මම කීවේ ඒකයි රාජ් කීවා වගෙ ලංකාවේ පුරුද්දට මෙහෙත් බොරු ලියනවා ඇති.

      Delete
  9. සංගණන කරන එකත් ලේසි පහසු වැඩක් නෙමේ නෙ.

    //සංගණනය සඳහා ලබාගන්නා තොරතුරු වෙනත් කරුණක් සඳහා අදාල කරගත නොහැක// මෙහෙම නීතියක් තිබුනට ඒක ඒ විදිහටම ක්‍රියාත්මකද?

    ReplyDelete
    Replies
    1. ඔව්. මගේ කාලයේදි නං එහෙම සීන් එකක් දැකල නෑ. ඔය තොරතුරු පරිගණකගත කරනව. ඊට පස්සෙ කොල ටික පුච්චල දානව. වෙනත් කටයුතු වලට නං ගැනෙන්නෙ නෑ.

      Delete
  10. සංග නනේ

    ReplyDelete
  11. සම හරක් සංගන පුරවන්නේ පාලම් බෝක්කු උඩ ඉදල නොවැ.. ඉතිං කොහොමෙයි හරි තොරතුරු එන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනව නං දැකල නෑ.

      Delete
  12. රාජ් අහලා තියනවද එක වරක් බොහොම ඈත පලාතක සංගණන නිලධාරියකු මහජන පැමිණිලි නිසා පොලිස් අත්අඩංගුවට පත්වුනා. හේතුව මිනිහා ටේප් පටියක් අරන් ගිහින් කාන්තාවන්ව මැනලා.

    ReplyDelete
    Replies
    1. හහ් හොඳ වැඩේ. මගේ ඊලඟ පෝස්ටුවට ඕකත් අදාලයි.

      Delete
  13. ඇත්තමයි මටත් මතකයි ඉස්සර ටොයිලට් ආධාර දෙනවා. ලිං ආධාර දෙනවා කෑම අධාර දෙනවා. දැන් ඒවගේ එන් ජී ඕ ප්‍රජෙක්ට්ස් නැද්ද? මටත් මතක විදියට බහුතරයක් ඒ රුපියල් දාහටත් කාපු බීපු එක තමයි කලේ. ඕවා හම්බ වුනෙත් ළමයි දහයක් විතර ඉන්න ගෙවල් වලටනේ. ආයේ ප්‍රේමෙගේ ජන සවිය කියලා පාරවල් හදන එකකුත් තිබ්බා නේද? චන්ද්‍රික සමෘධි කලේ ඒක නේද? එතකොට මහින්දගේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. දැන් නං හැමෝටම වැසිකිලි තියනව. දාහ අරගෙන බීපු එක තමයි කලේ.

      Delete
  14. නියම වැසිකිලි ආධාරේ.

    ReplyDelete
  15. ඕකත් ඔය මහ බැංකුවෙන් හදන හැම වාර්ථාවක්ම වගේ ඒ අයට ඕන විදිහට දත්ත දාලා හදන්න බැරිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. මේවට ඉතිං එහෙම කරන්න ඕන නෑ. ඔය වෙනස් කිරිල්ල වෙන්නෙ අන්තිමට නෙව.

      Delete
  16. සංගණන වල තියෙන දේ සමහර විට හරිම දේ නොවෙයි, අර සමුර්දි කතන්දරේ අනුව බැලුවහම.

    ReplyDelete
  17. ඇවිත් ගියා. එල ද බ්‍රා.

    ReplyDelete
  18. අපේ සංගණන වාර්තා වලින් ඇත්ත හෙළි වෙනවාද ඇත්තටම ?
    පවතින රජය තමන්ට වාසි විදියට ඔය වාර්තා වෙනස් කරන්නේ නැතිද?

    ReplyDelete
  19. මම අහලා තියෙනවා අලුතෙන් හදලා දුන්නු ටොයිලට්වල හාල් ගෝනි තියලා තිබ්බ කතාවකුත්. ඇත්තද දන්නේ නෑ.

    ReplyDelete
  20. සංගණනයක ඇති වැදගත්කම අපේ මිනිසුන් තේරුම් අරන් නෑ. සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී මේ දේවල මොනතරම් උපකාර වනවාද යන්න ජනතාව දනනේ නෑ.

    ReplyDelete
  21. රුපියල් 100කින් මොනවා කරන්නද

    ReplyDelete
  22. 2011 සංගණනේ ගණන් ගන්නා නිලධාරිනියක් විදිහට මාත් ගියා නේ...මට අහු වුණේ දෙමළ ලයින් කාමර ටිකක්..හපෝ වින්ද දුකක්...ඒගොල්ල න්ට මං කියන ඒවා තේරෙන් නෑ ....මට එයාලා කියන ඒවා තේරෙන් නෑ .. :D

    ReplyDelete
  23. යටිතල පහසුකම් දියුණු කරන එක හරි හොඳ දෙයක්, එත් ඇලක නාලා පුරුදු මිනිහා, ගෙදර බාත්රුම් එකෙන් නාන නායිද? පහසුකම දියුණු කරනවා වගේම ඒවා හරි හැටි පාවිච්චි කරන එක ත් ඒ ඇයට කියල දෙන්න ඕනේ.
    සංගණනය කියන එකේ අපි හිතනවට වඩා වටිනාකමක් තියෙනවාම්, එත් මිනිසුන් ඒ බව හරි හැටි අඳුනගෙන නෑ.
    ඒ වගේම රජය නියමිත වෙලාවට සංගණන වාර්තා එලියට නොදැන එකත් මිනිසුන්ගේ විශ්වාසෙ කඩවෙන්නට එක හේතුවක් වෙලා.
    මතකනේ කලකට පෙර කල කොළඹ ජන සංගනයේ දත්ත වාර්තා එලියට නොදා හිටියා ජාතික සමඟියට [fingers crossed :P ] හානියක් වෙයි කියලා.

    ReplyDelete
  24. අපරාදේ සල්ලි නාස්ති කරලා බොරු තොරතුරු එකතු කරලා අන්තිමට ආණ්ඩුවට ඕනේ විදිහට තවත් වෙනස් කරලා එළියට එන්නේ වෙන කොහේ හරි රටක සංඛ්‍යා දත්ත තමයි.

    ReplyDelete
  25. අපි මැලේසියාවෙ උන්ට ඇමරිකාවෙ සංචාර යන්න සමහර වෙලාවට වීසා පත්‍රිකා පුරවනවා ඔන් ලයින්...ඒකෙ එක තැනක මාසික ආදායම ලියන්න තියෙනවා....මේ ලගදි දොස්තර කෙනෙක් අපි තොරතුරු එකතු කරගන්න දෙන පත්‍රිකාවෙ එයට පිළිතුරක් දීලා නැති නිසා මම ඇමතුමක් අරන් ආදායම ගැන ඇහුවා...එක පාරටම රිංගිට් 50000 කිව්වා. ඒ එක්කම කිව්වා එච්චර දාන්න එපා අපි 20000 වගේ දාමු නැත්තං මට ආදායම් බදු එකෙන් ප්‍රශ්න එයි කියලා...බලාගෙන යද්දි කොහෙත් එකයි.

    ReplyDelete
  26. හැමදේම අහල කියනදෙ ලියන ක්‍රමෙ නැතුව ගිරාමයත් එක්ක සෙට් වෙලා නියම තොරතූර් පුරවන කෙරෙමයක් හදන්න බැරිද.

    ReplyDelete
  27. මගේ තාත්තත් වැඩ කලේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ. සංඛ්‍යාලේඛණ නිලධාරියෙක් හැටියට.

    කක්කුස්සි ගැන මම කියවපු හොඳම කෙටි කතාව ලිව්වේ ලීල් ගුණසේකරද කියලා මම මේ කල්පනා කලේ...

    ReplyDelete