Thursday, May 29, 2014

වරුණ මල්ලිගේ කතා වස්තුව

කලින් ලිපියට කමෙන්ටුවක් දාපු රංගි රවී අයියගෙ කතාවක් දාන්න කියල ඉල්ලීමක් කරල තිබුන. රීඩර්ස්ලගෙ ඉල්ලීම් වලට කවදත් කන්දෙන මංතුමා මේ හදන්නෙ ඒ ඉල්ලීම ඉෂ්ට කොරන්න.

වරුණ මල්ලි කියන්නෙ රවි අයියගෙ ගෙවල් කිට්ටුව ඉන්න බුවෙක්. ආණ්ඩුවෙ බැංකුවක වැඩ කරන මෑන් මා එක්කත් දවස් කිහිපයක් සෙට් වෙලා තියනව. වරුණ මල්ලිගෙ අවුල තියෙන්නෙ කවුරුවත් කැමති නෑ මෑන්ව ආශ්‍රය කරන්න. හේතුව එයා ණයට සල්ලි ගත්තම දෙන්නෙ නැතිවීම. කොහොම උනත් මෑන් වංචාකාරයෙක් නොවෙන වග කියන්නත් ඕන. එහෙනං කොහොමද එහෙම වෙන්නෙ?

ඒක වෙන්නෙ මෙහෙමයි. වරුණ මල්ලිට සල්ලිවල කිසි අගයක් නෑ. දාහෙ කොලේ නිකං දෙකේ කොලේ වගේ තමා වියදං කරන්නෙ. ඔන්න අපි හිතමු එයාට යම් විදියකින් රුපියල් දහදාහක් ලැබුන කියල. ඒ දහදාහම වියදම් කරන්නෙ බොන්න. එතනිනුත් නැවතීමක් නෑ. දහදාහ ඉවරවෙලා යාළුවන්ගෙනුත් නයට ඉල්ලන්නෙ තව තව බොන්න. ණය ගෙවිල්ල ගැන වගක් නෑ. ඒ වගේම එයාගෙ ලඟ සල්ලි තිබුන වෙලාවක කවුරුහරි ඉල්ලුවොත් දෙන්න දෙපාරක් හිතන්නෙ නෑ. ආයෙ ඉල්ලන්නෙත් නෑ. නමුත් මේ අසාමාන්‍ය ස්වභාවය යම් කෙනෙකුට ඔරොත්තු දෙන්න නං එයා වරුණ මල්ලිටත් වැඩිය බොන ඊටත් වැඩිය 'අරපිරිමැස්මෙන්' මුදල් පරිහරණය කරන කෙනෙක් වෙන්න ඕන. නමුත් ඒ මට්ටමේ කෙනෙක් ඒරියා එකේ නෑ. කොහොම උනත් මෑන්ට යාළුවො සෙට් එකක් නෑ කියන්නත් බෑ. ඒ අතරෙ එක්කෙනෙක් තමයි රවි අයිය.

වරුණ මල්ලිගෙ බීම නතර කරන්න උත්සාහ කරපු එයාගෙ තාත්ත අන්තිමට හති වැටුන. ගොවිතැනක් කරල ජීවිකාව ගෙනියන එයා අන්තිමේදි වරුණ මල්ලිගෙ යාළුවන්ට මේ වගේ අවවාදයක් දුන්න.
"පුතාල වරුණ එක්ක ඕන දෙයක් කරගන්න. හැබැයි එයා ගත්ත සල්ලි මගෙන් ඉල්ලන්න එපා"
මේ අවවාදය දන්න කියන හැමෝටම දෙන්න තාත්ත පසුබට උනේ නෑ. මොකද කිහිප අවස්ථාවක්ම පුතාගෙ ණය බේරන්න තාත්තට සිදුනුන නිසා. දවසක් වරුණ මල්ලි කණ සාක්කුවෙ දාගෙන බයික් එකේ ඇවිල්ල. ගේට්ටුවෙන් ඇතුලට යන්නත් අමාරුයි වගේ නිසා හේට්ටුව ලඟ තණකොල බිස්සෙ නිදිලු. උදේ තමයි ඇහැරිලා තියෙන්නෙ. එදා දවල් වෙද්දි වරුණ මල්ලිට ගමේ මනුස්සයෙක් මුනගැහිල.

"වරුණ පුතා ඊයෙ මම දෙකට විතර ගෙදර එද්දි බයික් එක තිබුන ගේට්ටුව ලඟ..... සිග්නල් ලයිටුත් දාල....."

"පොඩ්ඩක් වැඩියෙලා මම ගේට්ටුව ලඟ නිදාගත්ත අංකල්"

"ඉතිං සිග්නල් දාල තිබුනෙ?"

"සිග්නල් එක දැම්මෙ කවුරුහරි දැකල ගෙදරට එක්ක යයි කියල!"

මේ අතරෙ දවසක් වරුණ මල්ලිට කෙල්ලෙක්ව සෙට් කරල මෑන්ව 'හදාගන්න' හිතපු තවත් බැංකු සගයෙක් හිටිය. එයා රවි අයියගෙත් යාළුව. එයා වරුණ මල්ලිට කෙල්ල සෙට් කල හැටි රවි අයිය මට කිව්ව.

ඔන්න තිබුනලු බැංකු ක්‍රිකට් තරගාවලියක්. ඕකෙ මීටිමකට ආපු කොළඹ පැත්තෙ කෙල්ලක් තමයි වරුණ මල්ලිට සෙට් කලේ. ෆෝන් ලව් එක නැගල යද්දි අයියට අවුල්. මොකද හොඳ කොල්ලෙක් කියල නෙව සෙට් කලේ. කෙල්ල සෙට් උනා කියල අයිය බලාපොරොත්තු වෙච්ච විදියට මල්ලිගෙ බීම නැවතුනෙත් නෑ. ඔන්න මේ අතරෙ වරුණ මල්ලි හොඳට සෙට් වෙච්ච දවසක වෙන්ට නෝන කෝල් කරනව. මෑන් ඉන්නෙ කතා කරන්න බැරි තරමට බිල. ඒ ගමන යාළුවෙක් ෆෝන් එක අරගෙන කිව්වලු වරුණ මැච් එකක ඉන්නෙ බැට් කරනව කියල. ෆෝන් එක කට් කරපු අර දැරිවි. විනාඩි පහලවකින් විතර ආයෙත් ගත්තලු. මොන! තාම බැට් කරනව..... ඔය විදියට පැයක් විතර ට්‍රයි කලත් කොල්ල දක්ෂ ලෙස බැට් කරන කතාව තමයි අහන්න ලැබුනෙ. අන්තිමේදි කෙල්ල ඇහැව්වලු ඔයාල ඕවර කීයෙ මැච් එකක්ද ගහන්නෙ කියලත්.

එදා යන්තං නෝන ෂේප් කරගත්ත වරුණ මල්ලි යාන්තමට වගේ බීම අඩු කලාලු. මේකට නෝනටත් වැඩිය තන්තෝස අර අයියටලු. වරුණ මල්ලි ටිකක් විතර බොනව කියල කෙල්ලත් දන්නවලු. ඔය විස්තරේ කියල තවත් මාස කිහිපයකින් රවි අයියට අර 'අයිය' මුණගැහිල. වරුණ මල්ලිගෙ අලුත් තත්වෙ ගැනත් අහල.

"වැඩක් නෑ බං....අරූ හදන්න අපිට බෑ... ඊටත් අරකි අරූට එහා ගොං වැස්සියක්.... මම යන්තං කියල කියල මුගේ බීම අඩුකරගත්ත..... ඔය බීම ගැන ඒකිත් දැනගෙන ඉඳල තියෙන්නෙ.... දවස් දෙකතුනක් බීල මාට්ටුත් වෙලා.... ඊට පස්සෙ මූ කියල මාස හයක් දෙන්න බීම නවත්තල හැදෙන්නං කියල අර __තිත් හා කියල! දැං මූ ඉස්සරට වැඩිය බොනව... ඇයි ඉතිං මාස හයකට පර්මිෂන් තියනවනෙ... ඊට පස්සෙත් මොකක් හරි කියයි ඉතිං......"

ඔන්න වරුණ මල්ලි බීම නැවැත්තුව හැටි.


80 comments:

  1. අන්න ආශ්‍රය කරන්න ඕන පොරක්. කොහෙද මචං වරුණ ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ආයෙ මක්කද තකට තක :D

      Delete
    2. ඔයේ....
      මාවත් අරන් පලෝ...... :)

      Delete
    3. Naleen Dilruksha samakayawate වරුණට වඩා කෙල්ල වටිනවා බං නොබැදපු කාලෙක හමුබ වුණානම්

      Delete
    4. රාජ් -වරුණයා සිගා බොන්නෙ නැහැ නේද? ඉතිං නලියට උගෙන් වැඩක් වෙන එකක් නැහැ ;)

      රාජ් එදා කිව්ව වගේ බොද්දි කලින්ම විටමින් කූරු අරන් එනව නම් අවුලක් නැහැ..

      Delete
    5. නලින් අයියන්ඞි වරැනයා හුග දවසකින් දැක්කෙ නෑ මාවත් අරන් පලෝ

      Delete
  2. හැක්.. ආතල් ඩයල් එකක්නෙ බං. ඒ උනාට යාලුවො ඔහොම උංව හාව කරගන්න සීන් එක නං මාත් දැකල තියනව ..

    ReplyDelete
    Replies
    1. උඹේ නමත් වරුණ නේද?

      Delete
    2. අම්මපා.. ඇත්තෙයි මේ කියන්නේ?

      Delete
    3. හැක්.. උඹලා මට මඩ ගැහුවට මං සැලෙන් නෑ බොලව්.. කාණු පල්ලක නිදාගෙන බලපල්ල කොහොමද සැප කියල :D මාර ආතල් වැඩේ බං ඒක.

      Delete
    4. තමන්ගෙම ගෙදර මිදුලෙ ගේටුව ගාව බයික් එහෙකුත් බදාගෙන නිදියත්දි ඊට වඩා සැප ඇති බං. :)

      Delete
    5. මාර සැප තියෙන්නෙ නේ ?මමත් බස් හොල්ට් වල නිදාගෙන තියෙනවා ඇති වෙන්න ,බිලා නෙවෙයි බොලව් රෑ ඇව්ත් ගෙදරට යන්න බස් එකක් නැතුව...කරන්න දෙයක් නෑ බෑග් එක තියන් කණුවක් බදාගෙන නින්දක් දානවා,සීතල හුලං පාරක් එක්ක හොදට නින්ද යනවා ,..

      Delete
  3. මට නං රාජ් කතව් කිව්වට තේරුනේ නා. බඩු හින්දට කොහෙඩ්. මේක තමයි ලයිෆ් එක රාජ්. ප්රශ්න නෑ.
    කතාව තේරුනේ නැතැත් රජ්ජට අපි කොමෙන්ට් දන්වා. රාජ් හොද එකා. අපේ අනෝ කොමෙන්ට් වරණය කරන්නේ නෑ.

    අකුරු වරදිදී සමවෙන්න.වෙරි මට

    ReplyDelete
    Replies
    1. හරි හරි අපි දන්නව බොට මෙවෙලේ අවුල් කියල,වැරදි හදල රෑ වෙලා තව කමෙන්ට් එකක් දාපං.

      Delete
    2. ඇනෝ මචං උදේ පාන්දරම වැඩ අල්ලලා !!!

      Delete
    3. මේ අර අද නිවාඩු දාලා බාගයක් ගෙනැල්ලා ස්ව්ට් වෙන්න ගිය ඇනෝ විය යුතුයි...!

      Delete
  4. රත්තරං කෙල්ලෙක්...

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා ඇස්වහක් කටවහක් නැ පෙරාපු රත්තරන්

      Delete
  5. මාතා කිව්ව වගේ රත්තරං කෙල්ලෙක් වදින්න හිතෙනවා බං...

    ReplyDelete
  6. කොල්ලා බිව්වට ඔලුවත් තියෙනවා එහෙනම්...................

    ReplyDelete
  7. අර කෙල්ල ගැන ආස හිතෙනව බං,අම්මපා රත්තරං කෙල්ලක්.

    ReplyDelete
  8. ඕයේ....
    බලං ගිහාම වරුණ කියන්නෙත් පික්ෂු බුලට් එකක් නෙ ඈ...
    එයාටම හරියන ගෑල්ලමය හැක්

    ReplyDelete
    Replies
    1. අනේ මෙහෙමත් බෙබේලා සෙට් එකක්,,

      Delete
    2. අන්න අන්න ඕමා,
      බේබේලා සෙට් එකට මුකුත් කියන්න එපා.....

      Delete
  9. ඌ ඒ බොන්නෙ බඳින්න වෙනවටෙ බයේ ඒකෙ හිතේ අමාරුවට..

    ReplyDelete
    Replies
    1. @සරා අයියා,
      ඒක නම් වෙන්න පුළුවන්.

      Delete
    2. හොඳ හේතුවක්. ඊට පස්සෙ බැන්ද දුකට !!!

      Delete
  10. බැන්දට පස්සෙ ආයෙ දෙකක් නෑ වරුණයට වියදම් වැඩි වෙලා තවත් ණය වෙන්න වෙනවා.වරුණයට එගේන්ස් එකට කෙල්ලත් බොන්න පටන් ගන්නවා.පටන් ගත්තට පස්සෙ ආයෙ නවත්තන එක වෙන්නෙ අඩුවෙන්නෙ.දෙන්නෙක්ට බොන්න වියදම් හොයන්න වෙනවා.

    ReplyDelete
  11. කතාවෙ පොඩි ව්යංගාර්තයක් මට හැගෙනවා. කෙල්ලට කොල්ලා බොන එක අවුලක් නැතිවීම සහ ද්දෙනා අතර ඇති භෞතික දුරස්තතාවය තුල කෙල්ල එක්කො යකෙක් නැතිනම් කොල්ල කරටි කැඩෙන්න බීලා ගෙදර ඒම බලාපොරොත්තු වෙන කෙනෙක්. නැද්ද නිකං කට්ටියට පොඩි හැගීමක් මේක ගැන

    ReplyDelete
  12. බොන එකා මොන වැටවල් ගැහුවත් බොනවම තමා, සල්ලි කොහොමහරි හොයාගන්නවවා,

    හැදෙන්න ඕන එකාලට හැදෙන්න හේතු ඕනේ නෑ බන්,
    (හරියට මේ මං වගේ , හැක්)

    ReplyDelete
  13. //අන්තිමේදි කෙල්ල ඇහැව්වලු ඔයාල ඕවර කීයෙ මැච් එකක්ද ගහන්නෙ කියලත්// :D :D :D

    ReplyDelete
    Replies
    1. යාළුවාට කියන්න තිබ්බේ මේ ගහන්නේ ටෙස්ට් මැච් එකක් කියලා....:D

      Delete
    2. වන් බම්ප් ගහන්නෙ කීවත් හරි : D

      Delete
    3. අඩේ එහෙමත් ගැහුවනේ අපි කාලයක් මචෝ...

      Delete
    4. ඕ යේස් නලින් අයියා, ඉස්කෝලෙදි පුටු කකුලක් බැට් එකට අරං වන් බම්ප් ගැහුවා මතකද ඇටිකිච්චො කාලෙ :D

      Delete
    5. අඩේ පත්තරේ එහෙම ගහලා ලැලි කැල්ලයි බොලෙයි ඔළුව උඩ තියන් හිටියා අපි නම් ...වැරැද්ද ලෙස කිව්වෙ ඉස්කෝලෙ බොධියේ මළුවේ වන් බම්ප් ගැසිම ....තව ඉස්කොලේ නීවඩු දෙන දවසේ හෝල් හිස් වුනාම එවයේ රවුමක් ඇදලා සෙල්ලම් කරා ,:D

      Delete
    6. විද්‍යාව පීරියඩ් එකට ලැබ් එකට යන්න ඕනේ, දවසක් එකෙත් වන් බම්ප් ගහලා පංතියම පිනාගෙන් ගුටි කෑවා.

      Delete
  14. පට්ට කෙල්ලෙක්නේ..... ඔහොම එකියක් ගැන ඇහුවමයි.

    ReplyDelete
  15. ඕකිව බැන්දා නම් අරූට බොන්නේ වෙන්නේ වහ තමයි...:D

    ReplyDelete
  16. ගෑණුත් දැක්කා මේ වගෙ ගෑණු නොදැක්කා

    ReplyDelete
  17. කෙල්ල නම් ෂුවර් එකට වරුණව බඳින්න ඇති.

    ReplyDelete
  18. අඩේ රාජ් අය්යා අර රවී අයියට කියලා මටත් ඒ වගේ කෙල්ලෙක් මටත් හොයලා දෙන්නකෝ :D , අන්න කෙල්ලෝ, ඇදෙ මත අයි මාස යහෙන් හැදෙනෝ හැදිල්ලක් අයි ලෙසටම.
    //"වරුණ පුතා ඊයෙ මම දෙකට විතර ගෙදර එද්දි බයික් එක තිබුන ගේට්ටුව ලඟ..... සිග්නල් ලයිටුත් දාල....."

    "පොඩ්ඩක් වැඩියෙලා මම ගේට්ටුව ලඟ නිදාගත්ත අංකල්"

    "ඉතිං සිග්නල් දාල තිබුනෙ?"

    "සිග්නල් එක දැම්මෙ කවුරුහරි දැකල ගෙදරට එක්ක යයි කියල!"//

    මේ ටික නම් පට්ටයි.

    ReplyDelete
  19. Replies
    1. ටිකක් විතර රෑ වෙයි ඒ වැඩෙට ;)))

      Delete
    2. ඕ යේස්.. අපිවත් හදල ගන්ඩ කියපංකො එහෙමනං. :D

      Delete
  20. පව් වරුණ

    ReplyDelete
  21. අසන්නන්ගේ ඉල්ලිම් වලට කන්දුන්නට බොහොම ස්තුතියි රාජ්.

    ඒක නෙමෙයි දැන් මේ කොමන්ට් කරලා තියෙන අපේ මහත්තැන්ලාගේ කතා අනුව මේ ඔක්කොම ෆ්‍රස්ට්‍රේටඩ් වෙච්ච කට්ටිය වගේ කාන්තාවන්ගෙන් මේ බීම ගැන.
    මහත්තැන්ලා ටික ගැන අපරිමිත දුකයි ඔන්න. ඒ වුනාට මේකත් නොකියාම බෑ.
    එක්කෝ මේ මහත්තැන්ලා අඹර බේබද්දෝ වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මහත්තැන්ලාගේ නෝනලා, ප්‍රේමවන්තියො යක්ශ දෝනියන්දලා වෙන්න ඕනේ.
    ඇයි යකෝ තව එකෙක් බීවා කියලා කහනවද මුන්ට? (මම කියන්නේ මේ අර ඇල්කොලිස්ම් කියන ඇබ්බැහිය ගැන හෙම නෙමෙයි.) බොරු මොකටද මට නම් ඕනෙම කෙනෙක් හම්බ වෙලා මොනවා හරි බොන්න ගිය ගමන් මම අහන්නේ මොනවද බොන්නේ කියලා. ඒක කෝපි එකක්ද වයින් එකක්ද විස්කි එකක් පළතුරු බීම එකක්ද කියන එක මට නම් වැඩක් නෑ ඕඩර් කලා.
    මිනිස්සු බලෙන් වෙනස් කරන්න හදන එක මහ විහිළුවක්. තමන් දැන ගන්න ඕනේ තමන්ට ගැලපෙන ජීවිතය හදාගන්න. ඉතින් අර නංගි හරි මට අනුව නම්. වරුණ මල්ලිත් පව් තම්න්ගේ ලිමිට්ස් තේරුම් නොගෙන තම්න්ගේ ජීවිතය අවුල් කරගන්න එක. කෙල්ල දාලා යන එක නෙමෙයිනේ ප්‍රශ්නේ අන්තිමට අඳුරු වෙන්නේ තම්න්ගේම ජීවිතය.
    තව වීරේ අයියාගේ කතා ඕනේ........ !

    ReplyDelete
  22. ගනියෙකුට පුළුවන් වෙන්න ඕන මිනිහෙක්ව හදා ගන්න........

    ReplyDelete
    Replies
    1. ඒ මිනිහගේ අම්මට තිබුණා මිනිහා ලොකු වෙලා ගෑණියෙක් ගන්න වයසට එන්න කලින් හදන්න,.අම්මලා අතින් වෙන ලොකු වරදක්, පුතාලට අතට පයට හැමදේම දෙන එක සහ කරදඩු උස්මහත් වෙද්දී ඕනේ විදියට නටන්න දෙන එක, ඊට පස්සේ බදින කෙනාට (ගැහැණියකට) ඒ අම්මා පැහැර හැරපු වගකීමේ වන්දිය ගෙවන්න වෙනවා... ඒ වගේම පුතා වයිෆ්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් අම්මා වගේම කෙනෙක්, ඒ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ අක්කේ,,, :)

      Delete
    2. මාත් එකඟයි අපූර්වී එක්ක. ගොඩක් අම්මලා කරන්නේ පුතාලට ඕනේ විදියට නටන්න දීලා පුතාව හදාගන්න කියලා ලේලිට පවරන එක. අවුරුදු 20 ක් 30 ක් ඇතුලත පුතා හදාගන්න අම්මට බැරි උනානම් ගෑනි කොහොමද ඒක අවු 5න් 10 න් කරන්නේ? එහෙම බැරි උනාම ඒකටත් බනින්නේ ලේලිටමනේ මිනිහව හදාගන්න කියලා. එතකොට ලේලිට කියන්න වෙන්නේ ඉතින් "අම්මා එහෙනම් මකලා දෙන්නකෝ මම හදාගන්නම්" කියලා තමයි :)

      Delete
    3. ඉතින් එහෙම එකෙක් නොබැඳ.. හරකෙක් බැඳගත්තාම වැඩේ අහවරයි නේ.. :)

      Delete
    4. හදන්න කියල මිනිස්සු ගන්නෙ අහවල් කෙංගෙඩියකටද ?? තේරෙනවනං මූ මලාට හැදෙන එකෙක් නෙමෙයි කියල වෙන අතක් බලාගන්න එකයි. අනික හැදෙන්න උවමනාවක් නැති මිනිහ ආයෙ මොකා ආවත් හදනව බොරු.

      Delete
  23. මගෙ කැම්පස් යාලුවෙක් හිටිය කොල්ල බොන එකට මාර ආසයි. වෙන එකක් තියා ඒකි තාත්ත බොනවටත් මාර සපෝට්. පස්සෙ තමයි දැනගත්තෙ ඒකි කොල්ල බීපු දාට කොහොම හරි බෝඩිම ගාවට ගෙන්නගෙන පර්ස් එක අස් කරල දීල යවනවලු. අනිවා තාත්තටත් එහෙමම කරනව ඇති. වරුණගෙ කෙල්ල නම් එහෙම නැතුව ඇති නේද...

    ReplyDelete
    Replies
    1. හප්පේ,උඹට ඉන්නේ පොඩි පහේ යාලුවෝ නොවේ එහෙනම්....:D

      Delete
    2. අන්න බලපල්ලා මොන තරං අගනා වටිනා කෙල්ලක්ද,කොල්ලට කරන්නෙ පොඩිපහේ උදව්වක්ද,හොඳයි අපි කවදද කෙල්ලගෙ හෑන්ඩ් බෑග් එක අස් කරල සුද්ද කරල දීල තියෙන්නෙ.

      Delete
    3. මං අහල තියනව එක අත්තෙ වහන්නෙ එක එක ජාතියෙ කුරුල්ලො කියල.. නෑ මං මේ උඹට කීව නෙමෙයි .නිකං මතක් උනාට කීවෙ .හැක් හැක් :D

      Delete
    4. පත්තරේ උඹ අහුවෙයන්කෝ..... ඇයි යකූ.... පර්ස් සුද්ද කොරන්න වෙන්නෙ නෑ මේ කපේදි අපේ මනුස්සයා අමද්‍යප.

      Delete
    5. චැහ් .අමද්‍යපද .. අපි හදල ගන්නං ටොප් එකට !!

      අපේ නලින් අයිය හරි අටම හරි පැයකට සෙට් කරපං ... පර්ස් එක අතේ වගේ තමා.. උඹේ හොඳට අපි මේ කියන්නෙ අපේම නංගියෙක් වගේ නිසා.. ඕ යේස්.!!

      Delete
    6. @ පත්තරේ,
      හෙල්ප් එකක් ඕනේ නම් කියහන් හරිය....! :D

      Delete
    7. ආ මේ ඉන්නෙ අනිත් බේබද්දා.. :D

      Delete
  24. ඔය විදියටම බිව්වේ නැතත් බේබදු කතා මගේ ප්‍රියතම genre එකක්. ඒවයේ තියෙනවා අමුතුම කික් එකක්. සැහැල්ලු බවක්.

    ReplyDelete
  25. මාස 6 කට බොන්න පර්මිෂන් ගත්තා වගේ වැඩක් නේ. මෙහෙම කෙල්ලෝ හම්බ වෙන්නේ බොන එවුන්ගේ වාසනාවටමද මන්දා

    ReplyDelete
  26. බීලා හිටයට මොක්ද සිග්නල් ලයිට් දාලා තියලා කවුරුහරි ඒක දැකලා ගෙදර යන්න උදවු කරයි කියලා හිතන්න තරම් පුළුවන් වුනානේ මෑන්ස්ට.. අන්න ඒකම කොච්චර දෙයක්ද මම අහන්නේ..

    ReplyDelete
  27. මං මේකෙ දැම්ම කමෙන්ට් එක කොයි?

    ReplyDelete
  28. මං මේ කල්පනා කරේ ඔය බැංකු ජොබේ වැරැද්දක් ද කියලා ,ඉන්න උන් සෙරම කරටි කැඩෙන්න ගහන වුන ඉන්නෙ ,සල්ලි ගැන කතාවත් එසේ ය ,මගේ සහොදරිය ද රජයේ බැංකුවක ඉන්නෙ ,මාසෙකට පවුලකට යන වියදම එයාට යනවා....

    ReplyDelete
  29. බිව්වාම පිරිමි හරිම මෝඩපාටයි. (අනික් වෙලාවටත් වැඩි වෙනසක් නෑ ඉතින් හී හී...) ඒ හන්දා මට නම් ගොඩක් බොන අය පේන්ට බෑ...:D

    ReplyDelete
    Replies
    1. පේන්ට් බෑ කියල බෑ. මෝඩ හරි වෙන පාටක් හරි වෙනස් කරන්නනම් පේන්ට් කරන්නම වෙනව.

      Delete
    2. ප්‍රා,
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. මෝඩ පාටට පෙනුනට බිවුවම සමහර උන්දැල මාර දාර්ශනික ටෝක් දෙන්නෙ අෆ්ෆා. හිනා වෙලා පණ යනව.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ගෑනුංගෙ මොලේ හැඳි මිටයි කිව්වට එච්චර නෑ මං හිතන්නෙ .. ඕන්නං උපරිම ගිණිකූරක් විතර දිග ඇති.. ඕ යේස් !!

      Delete
  30. වරුන බන්දට පස්සෙ හනිමුන් එකට මෙහෙට එවපන්

    ReplyDelete
  31. ඉස්සර අපේ සීයා බොනවට අපි ආසයි,හොරෙන් සල්ලි ගන්න පුළුවන් එයාට ගානක් නැහැ බිව වෙලාවට, හබියටත් එහෙමයි බිවුවම කියන ඒවා අහන් ඉන්න ආසයි... "මං මේ කියන්නේ බිලා හින්ද නෙමේ හරිද?????" කියද්දී මං හරීඊඊඊඊඊඊඊ .... කියනවා .....

    ReplyDelete
  32. දැං බීල වැඩිවෙලා වාහනේ එලෝගෙන යන්න බැරි උනොත් යන්න ඕන පැත්තට සිග්නල් දාල පාර මැද නවත්තල තියන්න ඕන. එතකොට පොලීසියෙන් හරි ගෙදරට ගිහිල්ල දාන්නෙ නැතැයි. :D

    ReplyDelete
  33. කෙල්ලට බොන්න පුරුදු කරානම් කිසිම අවුලක් නෑ ..

    ReplyDelete
  34. සමහර කෙල්ලො හොදටම බොන කොල්ලන්ව කොහොම හරි නිසි මගට අරන් පවුලේ දියුණුව සලසා ගන්නවා..නමුත් ඉතින් කැපකිරීම් කියන දේ බැරි කොල්ලෙක් නම්....අනුන්ගේ බහකට ඇහුම් කං නොදෙන එකෙක් නම් කෙල්ල මොන දහිරිය දැම්මත් වැඩක් නෑ.

    ReplyDelete
  35. අනේ වාසනාවන් වරැනගේ කෙල්ල

    ReplyDelete
  36. මට බාර දීපන් වරූව. මම ඕකාව හදලා ගන්නම්. අරූට හදන්න බැරිනම් මම හදන්නම්. එක්කෝ වරූ බීම නවත්තයි. නැත්නම් මම අරූ නවත්වයි.

    ReplyDelete
  37. තාත්තගේ උපදේසේ තමයි මට නම් හිතට ඇල්ලුවේ....

    ReplyDelete