Wednesday, July 16, 2014

තංගල්ලෙන් ලංකාව දැකීම!

පසුගිය දිනෙක වෙරළ සංරක්ෂණ අධිකාරිය විසින් තංගල්ල මැඬිල්ල ප්‍රදේශයේ මුහුදට ආසන්නව ඉදිකර තිබූ, හෝටල් කිහිපයකට අයත් 'තාවකාලික අවන්හල්' [හෝටල් භාෂාවෙන් (Restaurants)]කිහිපයක් ඉවත් කෙරිනි. මෙම ඉවත් කිරීමේ සිද්ධිය හා බැඳුනු කතාන්දරය 'ලංකාව' යනුවෙන් අනන්‍ය වූ භූමියේ වත්මන් තත්වය තේරුම් ගැනීමට නිර්මානය කල කැඩපතක් වැනිය.

මුහුදු වෙරළට ආසන්නව දැවයෙන් ඉදිකර තිබූ (මීටර 40 සීමාව තුල) මෙම තාවකාලික අවන්හල් වෙරළ සංරක්ෂණ හෝ වෙනත් නීතියකින් ආවරණය වන්නක් නොවේ. වෙනත් විදියකින් කිවහොත් නීත්‍යානුකූල නොවන ඉදිකිරීම්ය. කෙසේ වෙතත් සුනාමි අනතුරු පිළිබඳ විශේෂ බියක් නොමැති මෙවැනි වකවානුවක ඉදිකල මෙම අවන්හල් හෝටල් හිමියන්ට අමතර ලාභයක් උපයාදුනි. මේවායේ නීත්‍යානුකූල භාවය ගැන ප්‍රශ්න කිරීමට කිසිවෙකු සිටියේ නැත.

ප්‍රශ්නය මතුවන්නේ හෝටල් හිමිකරුවෙකු විසින් වෙරළ සංරක්ෂණ අධිකාරියෙහි නිලධාරියෙකුට "බැනවැදීමේ" සිද්ධියකට පසුව විගසින් සිදුවන 'ආක්‍රමණයයි'. නීත්‍යානුකූල භාවය පිළිබඳ ප්‍රශ්නය පෙරට දමමින්, පොලීසියේ පමණක් නොව හමුදාවේද සහභාගීත්වයෙන් ඉදිකිරීම් ඩෝසර් කර දමන්නේ හෝටල් හිමිකරුවන්ට තම බඩු බාහිරාදිය පවා ඉවත් කරගැනීමට අවස්ථාවක් නොදෙමිනි. රජය විසින් සිදුකරන අනවසර ඉවත් කිරීමක් ආක්‍රමණයක් වන්නේ එසේය. සිද්ධියෙන් බියපත්වූ විදේශිකයන් හෝටල් අත්හැරගිය බවද සත්‍යකි. කොහොමටත් සුද්දන්ට බියවීමට මැඬිල්ලට වඩා තැනක් ලංකාවේ වෙත්ද? සිද්ධියෙන් දින කිහිපයක් ගතවූ විට අහවල් බේබි කෙනෙකුගේ අවසරය ඇතිව නැවත ඉදිකිරීම් සිදුකිරීමට හෝටල් හිමියන් පියවර ගනිමින් සිටියි. කතාව එපමණය.

දේශපාලකයන් නොව රාජ්‍ය සේවකයන් පවා විටෙක ක්‍රියාකරන්නේ දේශපාලනඥයන්ටත් අන්ත විදියටය. ඔවුන්ට නීතිය මතක් වීමට තමන්ටම රිදෙනතුරු සිටිය යුතුය. රාජ්‍ය සේවකයන් සතුව පවතින 'ක්‍රියාත්මක කිරීමේ නීති' හොඳට මෙන්ම නරකටද යොදාගත හැකි ආයුධ වැනිය. නීතිය ක්‍රියාත්මක කිරීමේ සාධාරණ ක්‍රමවේදය ගැන තැකීමක් ඇත්තේම නැත. එසේ අවශ්‍යතාවය තිබුනද දේශපාලනය ඊට ඉහලින් ඇති අවස්ථාවක කරන්න දෙයක්ද නැත.
එක් පැත්තකින් සංචාරක ව්‍යාපාරය සම්බන්ධ නිශ්චිත නීතිරීති පද්ධතියක් නැත. එසේ නැත්නම් තිබෙන නීති ක්‍රියාත්මක වන්නේ නැත. අනෙක් පැත්තෙන් සංචාරකයන් ලක්ෂ විස්සක් පැමිණෙනතුරු බලා සිටින්නවුන් සිදුකරන්නේ සුද්දන් පැමිණි පසු ඔවුන්ට මරබිය ඇතිකිරීමයි. ලංකාව කියන්නේ මේකටය.

79 comments:

  1. මම දැක්කා ගාල්ල ප්‍රධාන ඉංජිනේරු වරිය දකුණු පළාත් රැස්වීමේදි කළහකාරි ලෙස හැසිරිලා තියෙනවා. එයා කියන්නේ අනවසර වැලි ගොඩ දැමීම් නිසා ගිං ගග විනිශ වෙනව කියලයි. ඒත් මාසෙකට ලියුං කරදහි ගණනවාක් අහිංසක දේශපාලකයන් එවනවලු අනේ අපේ අයට වැලි මල්ලක් ගොඩ දාන්න අවස්ථාව දෙන්න කියලා. ඕකට කියවල වැඩේ සමථයකට පත් උනා කියන්නේ මෙහෙමයි..

    මහ ඇමති කිව්වලු නිලධාරීන් විදියට ඔය අය, මහජන ඡන්දයෙන් පත් වෙච්චි දේශපාලකයින් සමග සාමුහිකව වැඩ කරන්න ඕන කියලා..

    බේබිලා කරන වැඩේ හරි.. එහෙම නිලධාරීන්ට එක පාරටම කෝමද නීති මතක් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය ගැටුම ඉතිං කවදත් තියනව. අපේ සර් කෙනෙක් කියනව (සර් කිව්වෙ විශයානුබද්ධ දේවල් උගන්වපු පරිපාලන සේවයේ කෙනෙක්) මේකට හේතුව පරිපාලකයන්ගේ (අද ඉන්න) දුර්වලතාවයලු. ඒවායෙන් මඟහැරල යන්න දන්නෙ නැතිකමලු.
      කොහොම උනත් එයා කියන්නෙ ඒකාලෙ අපි එහෙමයි ... ව‍ගේ නොස්ටැල්ජික් කතාවක්. මගේ අදහසේ හැටියට නං ඒකාලෙට වැඩිය දැං ඉන්න දේශපාලුවන් මෙල්ල කිරීම සෑහෙන්න අමාරුයි.(ඒකත් නොස්ටැල්ජියක්ද මංද)

      Delete
    2. @ Mash...අප්පිරියයි . මාව කන්න හදන්න එපා. මේ ඒතරම් හොඳ කතා නෙමේ. අනේ බං..උඹ නැවත හිතපන්..ඇත්තටම අපි ඔක්කොටම වැරදිලා. උඹට වැරදුනු තැන කලබල නැතිව හිතලා හදා ගනින්. උඹත් අම්මාට කියන්නේ ගෙදර බුදුන් කියලාද....හරි අප්සට් බන්..ඇත්තටම උඹේ ආදරනීය අම්මාව මතක් කරපන්. කිසිම අම්මා කෙනෙකුට මෙහෙම කියන්න එපා. උඹේ ගෑණීටත් උඹට දාව ළමයි ඇතිනේ...

      Delete
  2. හලෝ රාජ්,

    ඉතිං කොහොමද? මං පහුගිය ටිකෙ හිටියේ නෑනේ. ඒ හින්දා හරියට කොමෙන්ට් එකක් දාන්න වත්,අරක්කු ඩිංගක් බොන්නවත් බැරි උනා. ඊයෙත් ඔපිස්‌ එකේ වැඩක් තිබුනා නේ. ඔපිස්‌ එකේ මිදුලේ තනකොට අල්ලලා,ගස් හිටෙව්වා ඊයේ. ලොක්කා මට තමයි වැඩේ භාර දුන්නේ. ඒ පාර මම අදුරන කොම්පැනියකට කතා කරලා වැඩේ බාර දුන්නා. ඉතිං ඊයේ දවසෙම ගොලිප් ගගහා, අරක්කු ඩිංග ඩිංග බිබී ඔපිස්‌ එක වටේ ඇවිද ඇවිද හිටිය එක තමයි කරේ.

    ඉතිං රාජ් මම අද උදේ පාන්දරම ඔපිස්‌ ආවා. එතකොට කොහේදෝ ඉදලා ආපු බලුරාල කෙනෙක් අර ඊයේ අල්ලපු තණකොළ වල තැනින් තැන හාරලානේ. මම ලොක්කා එන්න කලින් විජහට ඒකත් වහලා දාල ශේප් කරා.

    මේ දැනුත් එලියට ගිහිං අලුතින් අල්ලපු තණකොළ වලට වතුර දාන්න එක්කෙකෙන්ට භාර දීලා ගොලිප් එකකුත් බිලා ආවේ.
    අද නන් දවල්ට භාගයක් ගහන්නේ නෑ. මොකද හරි රස්නෙයි නේ. ඒ හින්දා මම කල්පනා කරේ ජයේ අයියගේ පොට් එකට ගිහං කූල් කරපු බියර් බෝතලයක් දෙකක් බිලා හිමින් සැරේ ආයේ එන්න.

    එහෙනං මං පස්සේ එන්නං කෝ.

    ReplyDelete
    Replies
    1. උබනම් මරු පොරක් බන්. රජ් ගෙ පොස්ට් එකත් හරි උබෙ ක්මෙන්ට් එකත් හරි

      Delete
    2. මාත් දවසක හොදට ගහල එනවා උඹත් එක්ක අඩියක් ගහන්න. .හැක්..

      Delete
    3. මේ ඇනෝ ගේ ආගමනයට මග පෑදූ රාජ් ට මගේ ස්තුතිය.

      Delete
    4. ඇනෝ මිත්‍රයා,
      ආතල් එකේ ඉඳපං. මචෝ. බියර් දෙක බීල ඇවිල්ල පලයං.

      දේශකයා,
      උඹ නිසා ඌ නරක් වෙයිද ඌ නිසා උඹ නරක්වෙයිද කියල කල්පනා කලේ.

      ප්‍රා,
      :-)

      Delete
    5. අම්මේ මේ අපේ කුල් ඇනෝ මිත්‍රය නොවැ.ආයෙ ආපු එකට හරිම තන්තෝසයි.

      Delete
    6. අපේ ඇනෝ බොක්කා.. දැක්කත් ඇති උඹව !!

      Delete
    7. මම හිතන්නේ මූ තමයි මෙතෙක් පහළ උන ආතල්ම ඇනෝ. ඔය කිව්වට අද හැන්දෑ වෙනකොට සැර ජාතියකට සෙට් වෙයි..

      Delete
    8. ඕකා දවල්ට බියර් ගැහුවොත් රෑට බාගයක් ෂුවර් එකටම ගහනවා...

      Delete
  3. කොහොමත් නීතිය මතක් වෙන්නේ පාට් එකක් දැම්මොත් තමා, පී.එච්.අයි ඩෙංගු අල්ලන්නේ පගාව නොදුන්නොත්, පොලිසියෙන් දදකොලේ ලියන්නේ පගාව නොදුන්නොත්, ඔය තමයි ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන විදිහ ගැන ක්ලැසික් එක්සාම්පල්

    ReplyDelete
  4. බෙිබිලා නැත්තම් අපිට දෙයියංගේ පිහිටයි.

    ReplyDelete
  5. ඔය බෙබියා රට කන විදිහට බේබිගේ අප්පොච්චා නැති දවසක එක කටට දෙකට රට කාලා ඉවර කරනවා.

    ReplyDelete
    Replies
    1. මම නං හිතන්නෙ අප්ප‍ා නැති දවසක වැලේ වැල් නැතිවෙයි කියල.

      Delete
    2. අනිවා .. වැලේ වැල් නැති වෙන එක බුදු ෂුවර්.

      Delete
    3. නන්නත්තාරයි අප්පා නැති දාට. රට පටිනවා ෂුවර් පවුල් පිටින්.

      Delete
  6. විචාරක තුමනි, මම ඊයේ දිනයේ ඔබගේ බ්ලොග් අඩවියේ කොමෙන්ටුවක් දමා විදෙස් වාර්තාවක්‌ පිලිබදව ඔබගේ අවධානය යොමු කරා. එකේ මාතෘකාව 'දෙමළුන්ට එරහිව බ්‍රිතාන්‍යයන්ගේ අවලස්සන යුද්ධය'. ඔබ එය බැලුවද? හමුදාවේ සේවය කෙරු නිලධාරියෙක් වශයෙන් ඔබගේ අදහස කුමක්ද? සාමාන්‍ය පුරවැසියෙක් වන මම නම් එම වාර්තාව කියවනකං,එම ජායාරුප සහ බ්‍රිතාන්‍යයන් ලංකාවේ හමුදාවට උදව් කරා කියා දැන සිටියේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, දෙමළුන්ට විරුද්ධව නෙමෙයි සුද්ද මෙහෙන් ගිය දා ඉඳන් මම දන්න විදියට ලංකාවෙ හමුධා නිළධාරීන් සැන්ඩ් හස්ට් ඇකඩමියෙ පුහුණු වෙල තියෙනව. ඒක ලංකාවෙ විතරක් නෙමේ අනෙක් බ්‍රිතාන්‍ය යටත් විජිතවලටත් ලැබුන වරප්‍රසදායක්. අනික අපි කවුරුත් දන්නව බ්‍රිතාන්‍ය අයි එස් අයි එක තමා අපේ එස් ටී එෆ් එක පුහුණු කරේ කියල. ඒක රවි ජයවර්ධනම ප්‍රසිද්ධියෙ කියපු දෙයක්. ඒත් රුසියව බල්ගේරියව යුක්‍රේනෙ චීනෙ පකිස්ථානෙ තරන් අපිට ඔය සුද්දො උදව් කරල නෑ මගේ දැණුමෙ හැටියට.

      මම මිලර් ගෙ පොත මතුපිටින් කියෙව්ව. මිනිහගෙ හමුදා පුහුණු ලිස්ට් එකේ තීනව ලංකාවෙ නිළඪාරීන්ට ජාන්ත්‍යන්තර මානව හිමිකම් පුහුණු දීපු ඒවත්. ටිකක් දෙමළු සල්ලි දීල හරි නැත්තන් දෙමළු ලියල මිනිහගෙ නම ගැහුව හරි වගේ පෙන පොතක්. අනික හාදයගෙ ඔය වගේ මාතෘකා ගැන වෙන ලියපු පොත් මට හම්බ උනෙත් නෑ ජාලෙ. ඒ නිසා ඕක ඒ හැටි වද වෙන්න ඕන සොයාගැනීමක් හැටියට මම දකින්නෙ නෑ.

      කොහොම උනත් ස්තූතියි ඔබ ඒක මෙහෙම අවධානයට යොමු කරාට.

      ( විචාරක වෙනුවට නොවේ, මේ ස්වාධීන අදහසක් පමණයි - අනික පාළුවෙන් හිටියෙ යමක් නැතුව කතා කරන්න )

      Delete
  7. දේශපාලකයොයි නිලධාරිනුයි කියන්නේ එක වල්ලෙ ගෙඩි.. බේබිලාටත් ඕන එහෙම අය තමා.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. තංගල්ලෙන් පිට සියලු නීති මහජනයාට අදාල වේ......?

    ReplyDelete
  10. බේබි යන්තම් ඇවිදින්න පටන් ගත්ත විතරයි, කකුල් මාට්ටු දාන්න හොදනෑ. අනික ඔය ශිල්ප නොදා ඔටුනු පලදින්න බෑ.

    ReplyDelete
  11. තංගල්ල වගේද ඕයි කලවාන?

    කලවාන රත්නපුරයක් නේ!

    ReplyDelete
    Replies
    1. මෙන්න බලන්න දොස්තර මහත්තයෝ අම්පාර කිව්වලු!

      Delete
    2. IS THIS THE GHOST OF THAT CHAP WHO COMMITTED SUICIDE FEW DAYS AGO.
      WHO HAD BEEN WRITING ABOUT PUKA, CHOO, JOKKU, JEE, PADA ETC.,

      Delete
    3. ඇනෝ අංකල්,
      ජාති ජාතිත් පස්සෙන් පන්නනව කියන්නෙ මේක තමයි. මැරිලත් ඉන්න නෑ නෙව!

      Delete
    4. මට අවංකවම මේ කැපිටල් අංකල් ගැන දුකයි.

      Delete
    5. කකා ඒ කාලෙ මෙයාගෙ ගෑණුළමයවවත් යළු කරගත්තද?

      Delete
  12. මගෙ යාලුවෙක් තංගල්ලෙදි මලා

    ReplyDelete
    Replies
    1. ඒ පාර යාලුවො මැරිච්ච එක්කෙනා කකාගෙ බ්ලොග අතෑරලා මෙහෙ ඇවිත් වගේ.. :D

      Delete
  13. නීතිය ක්‍රියාත්මක වෙන්න කාටහරි රිදෙන්නම ඕනෙ නෙහ්..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. සංචාරකයන්ට තියන සැලකිල්ල

      Delete
  14. සංචාරක කර්මාන්තෙ දියුණුකරන්න හරි වැඩ පිළිවෙලක් තිබ්බානම් අද තායි ලන්තෙ තත්වෙ උඩ විශාල සංක්‍යාවකින් සංචාරකයින් ගෙන්වා ගන්න තිබ්බ. ඒත් හමුදා ආණ්ඩුවක් ඇති තායිලන්තෙ තාමත් අපේ රටට වඩා ආරක්ෂාකාරීයි සුදු ගෑණුන්ට !

    ReplyDelete
    Replies
    1. කතා කරන්න එපා ආරක්ෂාව සහ පහසුකම් ගැන ලංකාවෙ. එපා උනා. ගොන් කමට එක රෑක් හමුදාවෙන් කරන වාද්දුවෙ ලයරිසෝර්ට් එකේ උන්න. ඇඳේ කූඹි. ට්‍රින්කො වලදි පිස්තෝලයක් තිබ්බ කියල ඔත්තුවක් ආව කියල පොළිස් මාමල අමුතුම ගේමකට ආව. නුවරදි පොළිස් ජීප් එකේ නීත්‍යානූකූල අවිහින්සක රියදුරා නිසා නූලෙන් හෙලකට නොවැටි බේරුනා.

      කිසිම බලපුළුවන්කාරයෙක් එක්ක සම්බන්ධකමක් නැති මිනිහෙකුට ජීවත්වෙන්න බැරි රටක් වෙලා මේක. හික්කඩුවෙදි ඇර වෙන කිසිම නගරෙක සංචාරකයෙක්ට බය නැතුව ඉන්න බැරි තත්වයක් තමා දැක්කෙ.

      හැබැය් ඔය හිටිය දවස් ටිකට කිලෝමීටර් දෙදාස් අටසීයක් විතර එක දඩ කොළයක්, පගාවක්, අනතුරක් නැතුව පැදපු එක ගැන නම් මට මාර ආඩම්භරයි. හරියට සුපර්ස්ටාර් උනා වගේ සතුටින් තමා කටුණායකින් බැහැල යතුර මල්ලිට දුන්නෙ.

      Delete
    2. අපොයි ඉන්දික කටුනායක එයාෆෝට් එකට ඇතුල් වුනාම දැනෙන්නේ පුදුම සහනයක් ඒක දැනෙන තවත් එවුන් ඉන්නවා කීවම තවත් සතුටුයි. ඇයි කොයි වෙලේ මොන කුණුගොඩක් ඔළුවට පාත්වෙයි කියලා පණ බයේ ඉඳලාම එපා වෙලානේ ඉන්නේ ඔය උඩ පැනගෙන ආවට අපි.

      Delete
    3. පිටරට ඉන්න උඹලට ඔහොම කියන්න ලැබෙන එක මොන තරමේ අවාසනාවක්ද කියලයි මම කල්පනා කලේ

      Delete
  15. මේ දවස් වල ඔය අහවල් බේබි ගැන ජුංඩක් හරි දන්නව නං උගෙ රට විතරක් නෙවී...
    අනික් වුංගෙ පුකත් උගෙ අතේ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උබේ පුකත් ????????????

      Delete
  16. ඇති වුන්ට එක නීතියක්,
    නැති වුන්ට එක නීතියක්
    මේක නම් අමුතුම රටක්

    ReplyDelete
  17. ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි සිරි ලංකාවයි............. අප නිජ බුමිය ලංකාවයි .........

    ReplyDelete
  18. අහවල් බේබිගෙ අවස‍රේ ඇතිව ඉදි කලාට පස්සෙනම් පාර වැරදිච්ච මැස්සෙක් වත් වහන එකක් නෑ ඔතන වැරදි විදිහට.

    ReplyDelete
  19. ඔය බේබි කරන නොකරන හැමදේටම අහුවෙනවා නේද?
    අර කන කාපු කේස් එකටත් හේතු උනේ බේබි ගැන කථා කරපු එකම නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. දයා කිව්ව දෙයක් අන්තිමට අදින්න එයාටම සිද්ධවුනා

      Delete
  20. දකුණු ආසියාවෙ ආස්චර්යද මක්කද එකනේ.. කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බලලෝ කිව්වලු.

    ReplyDelete
  21. තන්ගල්ල කියන්නෙ මුදා නොගත් කලාපයක් නේ

    ReplyDelete
  22. කරපු වැඩේ කැත උනත් වෙරළ එක එකා වැටවල් ගහගෙන උංගේ කියන එකට නං මම මනාප නෑ.මූදේ නාන්ඩ, රැල්ල පොඩ්ඩක් පාගන්ඩ හෝටල් නැති හරියකට යන්ඩ ඕනේ.නැත්තං හෝටලෙං මොනවා හරි ගන්ඩ ඕනේ

    ReplyDelete
    Replies
    1. මේකේ පැති කිහිපයක් තියෙනවා නේද දිනුක. කොටින්ම මම නම් ලංකාවේදි පෞද්ගලික බීච් වලට කැමතියි. හේතුව අඳින්නේ මොකක්ද, ඉන්නේ හෙළුවෙන්ද, ඇවිදින්නේ කා එක්කද, සන් ක්‍රීම් ගාන්නේ කවුද කියන එක ගැනවත් ඇණයක් වෙලා බලෙන් කතාවට එන මිනිස්සුවත් නෑ. එහෙම හිටියත් ඒ වෙනුවෙන් ඔය හොටෙල් වල ආරක්ශකයෝ ඉන්නවා අපිට පැමිණිලි කරන්න පුළුවන්.
      කොච්චර හොඳ සම්පත් තිබුනත් ඒ සම්පත් හරියට පාවිච්චි කරන්න දන්නේ නැති අය ඉන්දෙදි එහෙම විකල්ප හොයන බොහෝ අය ඉන්නවා.

      Delete
    2. දෙන්නටම,
      මේ ගැන පොඩිකුමාරිහාමිට උත්තරේ දුන්න.(යට ඉඳල උත්තර දීගෙන එන්නෙ:-)

      Delete
  23. විධායක ජනාධිපති ක්‍රමය නිසා මේ අසීමිත බලය ලොකු තැනගෙන් ප්‍රාදේශීය දේශපාලුවන්ට ගලා යෑමක් වගේ දෙයක් රාජ්ට හිතෙන්නෙ නැද්ද....

    ReplyDelete
    Replies
    1. මොකෑ නැත්තෙ. ඒක තමයි අවුල

      Delete
  24. මගේ විදේශීය මිතුරෝ ලංකාවට ගිහින් යාළුවෝ දකුණේ ඉඩම් අරන් හෝටල් කරනවා. හැබැයි මම දැකපු එක නම් ඒ අය ලාංකික ප්‍රජාවට වඩා ආදරෙන් මුහුද හා වටපිටාව වෙනුවෙන් පෙනී හිටිනවා. රජයේ යම් යම් ප්‍රථිපත්තීන් ගැනත් ඒ අයට අවුල් තියෙද්දි වුනත්. නිළදාරින් හා දේස්පාලකයෝ තමයි සංවර්ධනයට අකුල් හෙලන්නේ මට හිතෙන විදියටනම් ඒකත් තම්න්ගේ කොටස වෙනුවෙන් විතරයි.

    ReplyDelete
    Replies
    1. හෝටල් අයිතිකාර විදේශිකයන් ඉන්නව මෙහෙත්. මම දන්න කෙනෙක් ඉන්නව. වයසක මනුස්සයෙක්. උදේට හවසට බීච් එකට ගොඩගහන ප්ලාස්ටික් බෝතල් එහෙම එකතු කරල ගන්නව.

      Delete
  25. දේශපාලකයන් නොව රාජ්‍ය සේවකයන් පවා විටෙක ක්‍රියාකරන්නේ දේශපාලනඥයන්ටත් අන්ත විදියටය. ඔවුන්ට නීතිය මතක් වීමට තමන්ටම රිදෙනතුරු සිටිය යුතුය.

    ඔය ක්‍රමවේදයම තමයි පොලිස් නිලධාරියෙකුට ගහපු, මරපු අවස්ථාවකදි ක්‍රියාත්මක වෙන්නේ Cop killer කෙනෙක් කිව්වම කොහෙත් එකයි. පන්න,පන්න වැඩේ දෙන්නේ. ඒ වගේම නේද ප්‍රයිවට් බස්, සෞඛ්‍ය සේවය, ඔය කොයි එකත්?

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඊයෙ පෙන්නුව මනුස්සයෙකුට ගහපු හැටි. බොහොම කණගාටුදායකයි දැන් තත්වය

      Delete
  26. බොට පිස්සුද ලංකාව ගැන පෝස්ට් ලියන්නෙ. ලියපං අපේ රට ගැන...

    ReplyDelete
    Replies
    1. අපේ රට ඉල්ලංකා(කෑ)වයි!

      Delete
  27. හෝටල් ඉස්සරහා තියෙන මූදු වෙරල තීරයේ අයිතිවාසිකමක් හෝටල් හිමියන්ට නැද්ද රාජ්?

    ReplyDelete
    Replies
    1. නෑ. මුහුදු වෙරළ කියන්නෙ නිදහස් ස්ථානයක් වියයුතුයි. ඕනම කෙනෙකුට මුහුදු වෙරළට ගිහිල්ල විනොද වීමේ අවස්ථාව තිබියයුතුයි. නමුත් වෙරළේ තියන පළලින් වැඩි ස්ථාන කිහිපයක මේවගේ නවාතැන් පලවල් හදන්නත් දියයුතුයි. සංචාරක කර්මාන්තය කියල දෙයකුත් තියනවනේ. අපි උනත් කැමතියි නෙව එහෙම තැනක ඉඳල 'තේ' කෝප්පයක් බොන්න.
      මට හිතෙන්නෙ එහෙමයි පොඩ්ඩි

      Delete
  28. මේකෙදි මට කියන්න හැකි අර මාතලන් අපේ රටට කියන නම තමා.... $%#@ සිරිලංකාව

    ReplyDelete
  29. එක් පැත්තකින් සංචාරක ව්‍යාපාරය සම්බන්ධ නිශ්චිත නීතිරීති පද්ධතියක් නැත./// නිති කොච්චර තිබ්බත් වැඩක් නෑ තියෙන එකක්වත් ක්‍රියාත්මක වෙනවද හරියට ? එත් මොකෙද කේන්ද්‍රස්ථානය කරවලු??????????ඔබ කියලා තියෙනව වගේ මර බිය ඇති කරනවා මේ රටේ අපිටත් අර කුරාම් වගේ සිද්ධි වලිදි ,පිටරට මිනිස්සුන්ට කොහොම දැනෙනවා ඇත්ද ? ....

    ReplyDelete
  30. ලංකාවෙ නීති කියන්නෙ ඉතින් රාජ්‍ය නිළදාරීන්ට කීයක් හරි හම්බ කරගන්න තියන ඉල්ලමක් තමා.. හොඳම වැඩේ කියන්නෙ ඕනෑම දේකට ලංකාවෙ නීතියක් තියනවා..සල්ලි නැත්නම් නීතියට වැඩ... ෂහ් අම්මේ ඒවයෙ දිග....

    ReplyDelete
  31. මේ හැම දේකින්ම හැම අතින්ම අන්තිමට පාඩු වෙන්නෙ රටට. අනික ඔහොම එක එකාගෙ ඕනකම්වලට කඩන්නයි හදන්නයි බඩුමුට්ටු පොඩිකරන්නයි ගියාම විනාශ වෙන ධනය වත්කම් නැවත උපදින්නෙ කොහෙන්ද. අර අපේ බදුමුදල් වැයකරන නිසි සැලසුමක් නැති සමහර සංවර්ධන වැඩත් මෙහෙමයි, අද හදනව හෙට කඩනවා. අනිද්දට ආයෙ අළුතින් හදනව. ඇමතිතුමාගෙ කොම්පැනියෙ වාහන ටිකට හැමදාම වැඩ තියෙනව. අනේ මන්ද ඉතිං...

    ආ.. රාජ්. අනවසර උනත් අදාල භූමියෙන් ඉවත් වෙන්න සාධාරණ කාලයක් තියල දැනුම් දීමක් නොකර ඔහොම හිටී ගමන් බඩුමුට්ටු එක්ක ඩෝසර් කරන එක නීත්‍යානුකූලද.

    ReplyDelete
  32. ඔය පැත්තේ නේද අර අළුතින් පිහිටවපු බිත්තර හමුදාව තියෙන්න්ත්...

    ReplyDelete
  33. ලංකාවේ සාමාන්‍ය කඩවලත් එහෙමනේ
    ඕන්නම් වරෙන් ඕන්නනම් බලපං ඕන්නම් ගනිං
    නැත්තං පලයං ඕයි

    දමිල හෝ මුස්ලිම් අයිතිකරුවන් සිටින කඩයකට ගියාම
    එන්න සෑර්, මොනද ඔනෙ සෑර්, අඩු කරල දෙන්නම් සෑර්

    සංචාරකයො ආවත් එකයි නාවත් එකයි අපිට
    මොකද අපි කලුද
    අපි අපේ ගාණ කපාගෙන ඉන්නේ
    වල් පාහර බටහිරයෝ
    යකෝ අපි ඩොලර් කොලවලින් තමයි සිගරට් පත්තු කරන්නේ
    සීශෙල්ස් වලින් අහල බලපල්ල බොරුනම්


    ReplyDelete
  34. බේබිල නෙමෙයි ලොකු තැනක පපියෙක් වුණත් ඉතිං හපා කෑවත් සනීපයි කියල ඉන්න වෙන තැනට ඇවිත් තියෙන්නෙ

    ReplyDelete
  35. අපගේ බලවත් කණගාටුව............................

    ReplyDelete
  36. බලය ඉස්සරහ හැමෝම අසරණයි බං නීතියක් නැති රටවල්වල.

    ReplyDelete