Wednesday, July 23, 2014

චන්ඩියෝ, නොන්ඩියෝ, චන්ඩි පාට් සහ චන්ඩියන් පිලිබඳ අයින්ස්ටයින්ගේ නියමය.

මේ දිනවල චන්ඩින් වැහි වැහැලාය. පොලිසියේ ලයිසන් චන්ඩි හැම පැත්තකම ඉන්නවාය. ඒ මදිවාට දේශපාලන චන්ඩිත් ඉන්නවාය. ප්‍රාසභාවෙන් පටන් ගත්කල මහ කවුන්සිලේට යනකල් චන්ඩින්මය. මේ ලඟදී එකෙක් ග්‍රාමසේවක රාලහාමි කෙනෙකුට නෙලලාය. කණගාටුවට කාරණාව මේ රාලහාමි කොලුවා පත්වීම් අරගෙන මාසයකට වැඩිය නැති වීමය. මාසයකින් ඉල්ලා අස්වීම දෙන්නට සිදුවුවහොත් පුදුම වියයුතු නැත. තවත් චන්ඩි මහ ඇමතියෙක් මිනිහෙකුට ගහලාය. පැණි හැලෙන්නම දීල තියනවාය. කොහොම උනත් ඇමතිතුමා කියන විදියට ගුටිකාපු එකා‍‍ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරනු අැත. අනෙක් අත‍ට මේවගේ උත්තමයන්ගෙන් ගුටියක් කෑම පවා ජහමනයාට ආඩම්බරයක් බව හිතාගත යුතුය.

චන්ඩියන් සම්බන්ධව අයින්ස්ටයින්ගේ නියමයට අනුව චන්ඩියා නොන්ඩියා වීමට අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවය වන්නේ වඩා ලොකු චන්ඩියෙකු මුනගැසීම පමණි. හුදී ජන පහන් සංවේගය තකා මේ ඉදිරිපත් කරන්නේ පසුගිය දිනෙක නොන්ඩියෙකු වූ චන්ඩියෙකු ගැන කතාවකි.

මේ චන්ඩියා, ඇත්තම කිව්වොත් චන්ඩි පුත්‍රයා, ආන්දෝලනාත්මක චරිතයකි. සමාජ ශාලාවල සිදුවූ 'සිදුවීම්' කිහිපයකටම ඔහු සම්බන්ධ වුවද ඔහුට ලැබුනු දඬුවමක් නම් නැත. එහෙත් දිනෙක අයින්ස්ටයින්ගේ නියමයේ අවශ්‍යතාවයන් ඔහු කරා එලඹිනි. ඒ මෙසේය.

චන්ඩි පුත්‍රයා මිතුරන් සමඟ ක්‍රීඩා තරගයක් නැරඹීමට ගිය අවස්ථාවක එහි සිටි තරුණියක් ඔහුගේ බයිට් එකට හසුවිය. විහිළු ඇස් රතු වන මට්ටමට පැමිණි විට තරුණිය පළමු අවවාද ලබාදුන්නාය. එනම් තමා අහවල් කුමාරයාගෙ වෙන්ට (හිතාගෙන ඉන්න) භාර්යාව බවය. එහෙත් මත්වී සිටි චන්ඩි පුත්‍රයා ඉන් මෙල්ල නොවුනි. තරුණිය තම කුමරුන්ට පැමිණිලි කලේය. එහෙත් කුමරුන් එක්වරම 'ක්‍රියාමාර්ගයක්' ගත්තේ නැත. චන්ඩි පුතාගේ දෙවන අවස්ථාව එලඹුනි. කුමරුවන්ගේම ප්‍රවේනියට සින්නවූ ක්‍රීඩාවක ටිකට්පත් විකුණමින් සිටියේ රට රැකගත් 'සාගර විරුවන්ගේ' පෝතක පිරිසකි. විරු පෝතක පිරිස චන්ඩි පුත්‍රයා කරා එලඹ ටිකට්පත් මිලදී ගන්නා ලෙස ඉල්ලීය. එහෙත් චන්ඩි පුතා ඔවුන්ට දැම්මේ *රි ටෝකකි. (නරි ටෝකකි). එය දිරවාගත නොහැකි වූ විරු පෝතකයන් චන්ඩි පුතා සමඟ බහින්බස් වීය. ප්‍රතිපලය වූයේ නිරායුධ පෝතකයන් චන්ඩි පුතාගෙන් පහර කෑමය. පහර කා මූලස්ථානය බලා යන පෝතකයින් හට‍ ගේට්ටුව අසලදී මුනගැසුනේ අන් කවරෙකුවත් නොව ඉහත කී අහවල් කුමාරයයාය. එක්වරම කුමරුගේ රථය ඉදිරියට පැන එය නවතාගත් පෝතකයෝ තම අවනඩුව ඔහුට සැලකර සිටියහ.

දින කිහිපයකට පසු සුප්‍රසිද්ධ ඇඟළුම් වෙළඳ සැලක් අසලදී චන්ඩි පුත්‍රයා වඩා 'ලොකු චන්ඩින්' අතින් මට්ටු විය. ඒ අවස්ථාව වනවිට එම ස්ථානයේ තිබූ සීසීටීවී කැමරා අක්‍රියව තත්වයේ පැවතිනි.

මේ චන්ඩි ගැන මාතලන් කියන කතා.

35 comments:

  1. අහ්හ්.... මේ අර සිල්වා කොලුවාගේ කතා වස්තුව නේද?

    මම"ජිවිතයට science" Blog එකෙන්

    ReplyDelete
  2. ඒ කව්ද බන් අර තරුණිය

    ReplyDelete
  3. රාජ්ගෙ බෝතල් ඇනෝ දැම්ම එයිද? රාජ් එයාට කියන්න බැරිද කොමෙන්ට් ගාන වැඩිකරන්න කියල (මේකෙ හරි වෙන බ්ලොග් වල හරි )
    ඒක නෙමේ රාජ් පෝස්ට් එකක් දාන්නකො ඒ ඇනෝගෙ මෙතෙක් කොමෙන්ට්ස් compilation එකක්.

    ReplyDelete
  4. එයා කෑවට පාඩුවක් උනේ නෑ.. දැං ඔය මාතර පැත්තේ දංසලකුත් දුන්නේ.. ලඟදිම විකට් පොලු හමුදාවටයි, කුරුඳුපොලු හමුදාවටයි වැඩ තියෙයි....(දැං තියන තත්වේ අනුව ගෙදර නවතින්න වෙන්නේ හේමාල්ට)

    ජ ය වේ වා !!!

    ReplyDelete
  5. මේ කතාව එක දෙයක් ඇරෙන්න අනෙක් දේවල් හිතාගන්න පුළුවං...
    ඒත් මේ කුමාරි කවුද කියල ඉගියක් දීල තිබ්බ නං... සැක් ඉතරක්...
    අපේ ජහමනය ඉන්නකං නොන්ඩි බුවාලත් චන්ඩි තමා අනේ

    ReplyDelete
  6. ක්‍රිඞා තරග, කුමාරිකාවෝ, කුමාරයෝ, පොතකයෝ ගහගැනිලි, සමාදානවිම්, අනේ ඉතින් අහිංසක අපි මොනවා කියන්නද? බලාගෙන සාදු සාදු කියනවා ඇරෙන්න.

    ReplyDelete
  7. අඩේ අපේ උන්ගෙන් බෝවෙලාද මන්දා මේ ලඟදි NYPD නිව් යෝක් පොලිස් කාරයෙකුත් පොරකුත් මිනිහෙක්ගේ බෙල්ල මිරිකලා අල්ලලා පොර ඒ මනුස්සයා මැරිලා කියලා තියෙනව මම දැක්කා.

    අනේ අපි නම් අහිංසකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වීඩියෝ එක මම දැක්ක. ඌ කිලෝ දෙසීයක විතර අලි කල්ලෙක්. කිසිම කලබලයක්, වලියක් නැතුව නික බැන බැන විතරයි ඉන්නෙ. පොලිසිය මූව මෙල්ල කරන්න අල්ල පොලොවට තද කරනව. මේක කෑ ගහනව මට හුස්ම ගන්න බෑ කියල, ඒත් බයටද කොහෙද පොලිස් කාරයො දහයක් විතර ඇඟ උඩ නැගගෙන මූව බිමට තද කරනව. විනාඩි දෙකයි පොර සන්සුන් සදහටම.

      Delete
  8. ලංකාවේ දැං චංඩි ඉන්නවද බං චංඩි හිටියේ අපේ සීයලාගේ කාලේ කියලයි මං අහල තියෙන්නේ සහ කියවලා තියෙන්නේ ඔය දේශපාලුවන්ට මුවාවෙලා ඉන්න එවුන්ට කියන්න තරං අසීක්කිත නමක් මීටරේට වැටෙන්නෑ බං

    ReplyDelete
  9. ලයිසන් චණ්ඩි ගැන මාතලනුත් පෝස්ට් එකක් දාල තිබුනෙ.රාජ් කෝ උඹගෙ යාළු ඇනෝ.පොර තාම නැත්තෙ මොකද?

    ReplyDelete
  10. හලෝ රාජ්,

    මම අද කලින් ගෙදර ආවානේ. මොකද අපේ ලොක්කා ඊයේ උදේ හදිසියේම රට ගියානේ. ඉතිං මාත් අද ඔපිස්‌ ගිහිං ඔපිස්‌ එකේ වැඩ වගේකට අරහේ මෙහෙ ගිහිල්ලා හිමින් සැරේ ගෙදරම අවා.

    මම පහුගිය සති අන්තේ ගත්තු ලෝකල් බ්ලැක් ලේබල් බෝතලයක් තියනවනේ රාජ්. මම එක අරං එදා ගෙදර ඇවිත් පොඩි ෂොට් එකක් දානකොට හදිසියේ කෝල් එකක් ඇවිත් ආයේ එලියට ගියා. ඉතිං ආයේ ඒක බිව්වේ නෑ.
    ඉතිං මම දැන් ලෑස්ති උනේ බෝතලේ ඉතිරි තුන්කාල ගහල හාන්සි වෙන්න.

    ඔන්න මගේ පොට්ට කැබරාවෙන් පොටෝ එකකුත් ගත්තා අපේ රාජ්ට බලාගන්න. දැන් ඉතිං මම මේක ගහලා,ගොලිප් එකකුත් බිලා පස්සේ එන්නං කෝ.

    මෙන්න පින්තුරේ

    අපේ හැලපෙගේ පොස්ට් එකක් නං දැක්කේ නෑ සතියකින් විතර. මාතලන් නං පොස්ට් එකක් දාලා තිබුනා. ඒත් මම ඒක දැක්කේ පස්සේ.

    එහෙනං මම පස්සේ එන්නං කෝ.

    ReplyDelete
    Replies
    1. දැන් කීප සැරයක් ඇවිත් ගියා ඔහේ ඇවිල්ලද කියලා බලන්න. මට දැන් රාජ්ගේ පෝස්ට් එකට වඩා වටින්නේ උඹේ කොමෙන්ට් එක. හදිසියේ හරි ලොක්කා ඔෆීස් එක පැත්තෙ ආවොත් තමා කෙලවෙන්නේ.

      Delete
    2. අප්පට හුඩු,ඇනොගේ කමෙන්ට් එකයි පින්තුරෙයි මරේ මරු.ඇයි ඇනෝ මගෙ අලුත් පෝස්ට් එක දැක්කෙ නැද්ද?

      Delete
    3. රාජ් කියන්නෙ ඇනෝගෙ ක්‍රෂ් එකක් වගෙයිනෙ දැන්. ඔය මාතලන්ලා හැලපෙලා ඉන්නවා කවදාවත් කෑවද බිව්වද කියලා අහන්නෙ නෑ.

      Delete
    4. මයෙ අම්මා.... උඹ තුන්කාලම ගහන්නද හදන්නෙ? හරි කමක් නෑ රෑට මොනව හරි කාපං.

      Delete
    5. මට පේන විදිහට මේ ඇනෝ ගෑනු පරාණයක්. :-)

      Delete
    6. කලින් පින්තූරේ තිබ්බේ මාතලන්ගේ බ්ලෝග බලන ගමන් ..පට්ට අනොවෙක් මූනම්

      Delete
    7. තුංකාලක් … සීවරං දෙයියනේ … දැක්කත් සනීපයි.… !!!!!

      Delete
  11. පිංතූරේ බැළුවා කෙළ ගිලෙනවා ඇනෝ..

    ReplyDelete
  12. කුමාරිගෙ උපන් ලපේ තියෙන්නෙ කකුලෙ අහවල් තැන කියපු ක්‍රීඩකයෙක්, කාර් එක අදිවේගෙන් ගිහින් තාප්පෙක වැදිල ගිනි ඇවිලිලා මැරුන නේද ? (මුස්ල්මානු කොල්ලෙක් ).

    ReplyDelete
  13. අර වසීම් තාජුදීන් තාප්පේ සීරීමක්වත් නැතුව තාප්පේ හැප්පිලා තිබ්බේ . හැප්පිලා ගිනි අරන් මැරිලත් තිබ්බේ .

    ReplyDelete
  14. මේක පෙර එක දවසක… සඳ නැති සවසක… ඔඩෙල් එකක් ගාව උන සිද්ධි‍යක් වෙන්ටැ.

    අවි ගත්තෝ අවියෙන්ම නැසෙනවා නොවැ.

    ReplyDelete
  15. මේක මේ දුටුගැමුණු කතාවේ අනු කතාවක්නේ... ;-)

    ReplyDelete
  16. I heard "Chandi Putha" going to come back from Matara

    ReplyDelete
  17. අහිංසක කොළු පැටව් ටික දෙයියොම රැකල දෙන්ඩ ඕනැ … !!

    ReplyDelete
  18. //චන්ඩියා නොන්ඩියා වීමට අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතාවය වන්නේ වඩා ලොකු චන්ඩියෙකු මුනගැසීම පමණි. //
    අයින්ස්ටයින්ගේ නියමය?? :D

    ReplyDelete
  19. ඇයි අද දැම්මෙ මේක.....
    හොල්මන් මට.....

    ReplyDelete
  20. අන්තිමට බං අපි හැමෝම එන්නේ අර ආතල් ඇනෝ බලන්නනේ.. අනේ බං රාජෝ බොටත් ගිය කලක්.. හැක්..

    ReplyDelete
  21. ඔය චන්ඩි,නොන්ඩි කරන්න පුළුවන් අපිටම තමයි.

    ReplyDelete
  22. මහ ඇමති බැට් එකෙන් නේද නෙලුවෙ...දැන් මිනිහා කියන්නෙ ඒ පැත්ත පළාතක ගියේ නෑ කියලා....ග්‍රාමෙට නෙලුවෙ නිල්වලා විජේසිංහ කියලා ඩයල් එකක් නේද...මිනිහවත් ඇප මත නිදහස් කලා කියලා කියනවා ඇහුනා. ලංකාවෙ නීතිය පොඩි මිනිස්සුන්ට විතරයි...ඒ ගැන කථා කරලා වැඩක් නෑ.

    ReplyDelete
  23. මෙ කෙතුමති නුවරයි

    ReplyDelete
  24. ඒ වෙලාවෙම සීසීටීවි කැමරාව අක්‍රියා වුණ එක තමයි අවුල.... ඒ කියන්නේ දැන් අය තාක්ෂණය ගැනත් මාර විදිහට හිතලා තමයි රාජකාරිය කරන්නේ...... එළස්.

    ReplyDelete
  25. කුමාරයෝ අතර වගේම රට වැසියාගේ දරුවෝ අතරෙත් ඔය සිද්ධියම වෙනවා.
    ඔඩෙල් එකේ නෙවෙයි බස් ස්ටෑන්ඩ් එකේ

    ReplyDelete