Thursday, July 10, 2014

අපිටත් ඉ හැඳුනුම්පතක්......

ඉ රාජය‍ට යන ගමනට උවමනා කරන අනිවාර්ය අංගයක් තමයි ඉ හැඳුනුම්පත. ඔන්න අපේ රටේ වැසියන්ටත් ඉ ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන්න යනව. ඒ කියන්නෙ දැන් තියන හැඳුනුම්පත අවලංගු කරල මේ අලුත් එක දෙන්නයි සූදානම් වෙන්නෙ. පහුගිය කාලෙ ආරක්ෂක අමාත්‍යාංශයෙන් මිනිස්සුන්ගෙ ඇඟිලි සලකුණු ගන්නව කියලත් හා හෝවක් ගියා මතක ඇතිනෙ. අන්න ඒත් මේ වැඩේට තමයි. ඕකට ආරක්ෂක අමාත්‍යාංශෙ ගෑවුනේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව(පුලිදෙ) ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියන එකක් නිසා. මට මතකයි දවසක් මොකද්ද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකට ඇහැව්ව පුලිදෙ අයිතිවෙන අමාත්‍යාංශය මොකද්ද කියල. මමත් දැනගත්තෙ ඒකෙන්. හැබැයි දැං නං පුලිදෙ ලිපි ශීර්ෂයේ උඩින්ම තියෙන්නෙ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කියල. මේ නාගරික සංවර්ධන කෑල්ල නං ඉතිං එච්චර ගැලපෙන්නෙ නෑ වගේ නේද? හරියට මීකිරියි වම්බටු මෝජුයි වගේ. අපිට මොකටද ඒව!

වැඩේ සිද්ධ වෙන්නෙ මෙහෙමයි. මේ එන සැප්තැම්බර් වල වගේ පටන් ගන්නව මිනිස්සුන්ගෙ විස්තර ගැනිල්ල. එතනදි සිද්ධ වෙන්නෙ එක ග්‍රාම නිලධාරී වසමකින් පවුල් 15ක් විතර එක තැනකට ගෙන්නල එයාලගෙ විස්තර ගැනීම. 15 කණ්ඩායම් අනුව තමයි ග්‍රාම නිලධාරීන් පුලිදෙට යවන්න ඕන. මේකත් හෙන කේස් එකක් මේකද 15න් එකක් හරි වැරදුනොත් ඔක්කොම කැන්සල් වෙනව. හරියට අර ඡන්දෙට නාමයෝජනා භාරදෙනව වගේ වැඩක්. ඇඟිලි දහයෙම සලකුණු ගන්නව. ආරංචි විදියට බාර්කෝඩ් එකක් එක්ක එන කිරි කිරි අයිඩෙන්ටිටියක් ලැබෙන්නෙ. මේ ඇඟිලි සලකුණු ගන්න ගෙනාපු තීන්ත පෑඩ් ගැන තමයි මේ නිව්ස් එක.

මේක වැඩසටහන ලඟදි වේගවත් උනාට මම රස්සාවට ආපු මුල් කාලෙ ඉඳලයි මේකට මූලික කටයුතු ආරම්භ කරල තිබුනෙ. හැම ප්‍රාලේ කාර්යාලයකම ඒසී කරපු කාමරයක් එහෙම හදලයි තිබුනෙ. ඒ ඒසී නං සමහර තැන්වල මේ වෙද්දි වැඩ කරන්නෙත් නෑ. කොහොම උනත් අලුත් සංවර්ධන නිලධාරීන් දෙන්නෙකුත් මේ වැඩේට යොදවල තියනව.

මේක බොහොම බරපතල වැඩක්. මොකද එකම කාලයකදි දැනට තියන පුලිදෙ හැඳුනුම්පත කැන්සල් කරල අලුත් එකක් දෙනව කියන්නෙ හැම මනුස්සයෙකුගෙම දත්ත කොතනකවත් ගබඩා වෙලා නැති, ලංකාවෙ වගේ රටකට සෑහෙන අභියෝගයක්. දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලයිසන් එකත් මේ වගේ කේස් එකක්. එතනදි එයාල වැඩේ සැහැල්ලු කරගත්ත. අලුතෙන් නිකුත් කරන හෑම ලයිසන් එකක්ම නව ක්‍රමය යටතේ ලබාදෙනව. ඊට පස්සෙ නැතිවෙන පරණ වෙන ලයිසන් එහෙමත් අලුත් ක්‍රමයට දෙනව. ටික කාලයක් යද්දි වැඩේ හරි.
නමුත් මෙතනදි එහෙම බෑ. දැන් තියන සියළු පුලිදෙ හැඳුනුම්පත් වෙනුවටයි අලුත් එක එන්නෙ. හැඳුනුම්පත් ලබාගැනීමේ අවම වයසත් 15 දක්වා පහලට ගෙනල්ල. ඒ වගේම පින්තූර ගන්න තියන ස්ටූඩියෝත් ලියාපදිංචි කරනව. ඒවායෙන්ම තමයි ගන්න ඕන. ඉස්සර වගේ එක කනක් පේන්න පින්තූර ගන්නෙ නෑ. (ඔය එක කණක් පේන්න පින්තූර ගැනිල්ලත් නිකංම සිද්ධ වෙච්ච දෙයකුලුනෙ! එහෙම නීතියක් කොහේවත් නැතිලු! සිරිතක් විදියටයි ගත්ත කියන්නෙ) කෙලින්ම මූනත්තහඩුව තමයි ගන්නෙ. බුර්කා වගේ ඇඳුම් අඳින නෝනලටත් මූන පෙන්නන්න වෙනව.


මම රාලහාමිල සෙට් වෙච්ච වෙලාවක මේ ගැන කතාකලා.

"මහත්තයෝ මේක නං අපේ පනයන වැඩක්..... මෙච්චර වැඩක් එකපාර කරන්නෙ කොහොමද? ටික ටික දුන්නනං හරිනෙ" ඒ එක රාලහාමි කෙනෙක්.

"මේක සෑහෙන්න වියදං යන වැඩක්.... දැං බලන්න ගෙදර ඉන්නව නං හතර දෙනෙක්. උප්පැන්න හතරක් ඕන. මහ දෙන්නගෙ කසාද සහතිකේ ඕන. ඔය සහතික හයේම අංක දින දන්නව කියල හිතුවත් එතෙන්ට රුපියල් හයසීයයි. පින්තූර වලට කීයක්ද? මුද්දර ගාස්තු.... මිනිස්සුන්ට ණයවෙලා තමයි මේ උලව්ව ගන්න වෙන්නෙ" ඒ තව රාලහාමි කෙනෙක්.

"හැබැයි ඇඟේ ගෑවෙන්න බැරි නෝනලාගෙ අත් අල්ලන්න නං පුළුවන්" ඒ මගෝඩි රාලහාමි කෙනෙක්.

මේ ඇඟිලි සලකුණු ගැනීමත් කලාවකට කරන්න ඕන දෙයක්. පුලිදෙ එකේ මහත්වරු රාලහාමිලා ගැන යස අපූරුවට තේරුම් අරගෙන තියනව. ඇඟිලි සලකුණු ගන්නකොටත් නීතියක් දාල තියනව. මෙහෙම,

ඔන්න යම් කාන්තාවකගෙ වම් අතේ සලකුණු ගන්නකොට එයා ඉන්න ඕන රාලහාමිට දකුණු පැත්තෙන්. එතකොට දකුණු අතේ?
දකුණු අතේ ඇඟිලි සලකුණු ගන්ද්දි කාන්තාව (මේක කාන්තා පිරිමි දෙගොල්ලටම අදාලයි) රාලහාමිගෙ වම් පැත්තට යන්න ඕන. නැත්තං දකුණු පැත්තෙ ඉඳගෙන දකුණු අත අල්ලනකොට නැත්තං වමේ ඉඳං වමත අල්ලනකොට දොඩම්, දෙළුම්, තැඹිලි, වැටකොළු ආදී එකී මෙකී නොකී දේවල් ති‍යාගන්න වෙන්නෙ රාලහාමිගෙ කරේ ☻ .ඒ වගේම කාන්තාවකගේ ඇඟිලි සලකුණු ගනිද්දි තවත් කාන්තාවකගේ සහය ලබාගන්න ඕන කියලත් තියන කතාවක් ඇහුන. කොහොම උනත් මේක අහගෙන ඉඳපු මම නං කිව්වෙ මේ සීන් එක නිසා ලංකාවෙ රාලහාමිලා දෙතුන් සීයකගෙ වත් රස්සාවල් නැති වෙයි කියල.


පින්තූරය: "ඉ හැඳුනුම්පත" Google search results වෙතිනි.

103 comments:

  1. දැන් ඔය වැඩේට සල්ලි කොහෙන්ද? ශ්‍රී ලංකාන්ඩුවේ මුදල්ද එහෙමත් නැත්නම් ලෝක බැන්කුවෙන්වත් ලොකුකුකුකුකුකු.. ණයක් අරන්ද

    ReplyDelete
    Replies
    1. දන්නේ නැත. ණය වියහැකිය

      Delete
  2. රාලාහාමිලා දෙතුන් සියක් ගෙදර යන එක වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකෑ? මොන වරදක් කලාටද ඒ අහිංසකයො?

      Delete
  3. දැං ඕව එකක් ගන්න කීයක් විතර ගෙවන්න වෙයිද දන්නෑ නේද?

    ReplyDelete
    Replies
    1. උප්පැන්නෙට සීයයි, ‍‍පින්තූර වලට දෙතුන්සීයක්, විවාහ නං විවාහ සහතිකේට සීයක් නැත්තං දෙසීයක් වගේ

      Delete
  4. මං මේ බැලුවේ ඔය සමහර තැන්වලට යන කොමිස් ගාන කොහොම වෙයිද කියලා. කාඩ් මිලියන 17 ක් වත් එපායැ?

    ReplyDelete
    Replies
    1. ඒව නං එහෙම තමයි. බැලුවද මම දුන්න ලින්ක් එක. ඒකෙ කියපු විදියට (මම ඒක දැක්කෙ එදා 'අද' පත්තරෙන්) කොහෙන්දෝ ගෙනාපු 'වල්' තීන්ත පෑඩ් වගයකට මේඩ් ඉන් යූඑස් කියල ගහනවලු. මේ පටන්ගත්ත විතරයි

      Delete
    2. @Kandyan,
      කොමිස් ගැන නම් කවර කතා ද? අඩුම තරමින් ඔය ප්‍රොජෙක්ට් එකට යන ඇස්තමේන්තුගත වියදමින් 20%ක් වත් කොමිස්ම තමයි. අනික “අද“ පත්තරේ තියනව වගේ අන්තිම බාල බඩු තමයි ගන්නෙ, නමුත් දාන්න පුළුවන් උපරිම මිල තමයි බිල් වලට දාන්නෙ. එතනත් කොච්චර ගානක් තව සෙට් වෙනවද?
      රාජ්ලත් මෙව්ව ගැන දන්නව ඇතිනෙ.

      Delete
  5. ඇඟිලි සලකුණු ගැනීමේ නීතිය කොහොම වුනත් , රාළහාමිලා ෂුවර් එකටම කිරිහට්ටි කරෙන් ගෙනියයි ,පත්තරවලත් නම වැටෙයි

    ReplyDelete
  6. හරි ඉතින් ඕක කොතනින් හරි පටන් අරන් මොන කරදර තිබුනත් කවදා හරි කරන්නම වෙන වැඩක්නේ.
    මම නම් කැමතියි ඊ හැඳුනුම්පතට. මේ පහුගිය නිවාඩුවේ පුතාට අයිඩී එක හදන්න වෙලා ජාවත්ත පාරේ වාඩිලාගෙන ඉන්නකොට මම දැක්කා ඊ හැඳුනුම්පත් අංසයක් තියෙනවා. ගිහින් ඒක ගන්න පුලුවන්ද කියලා බලනකොට කවුරුවත් ඒකේ හිටියේ නෑ. ඉතින් සාමාන්‍ය එකක් අරන් ආවා.

    ReplyDelete
    Replies
    1. මාත් මේකට කැමතියි.

      Delete
  7. වැඩේ හොදයි ඒත් මිනිස්සුන්ට අමතර කීයක් වියදම් කරන්න වේව්ද මේ වැඩේට.

    ReplyDelete
    Replies
    1. වියදම නං අවුල් තමයි. දෙතුන් දාහක් වියදම් කරනව කියන්නෙත් අමාරු වැඩක් මේ කාලෙ මේ වැඩේට

      Delete
  8. ඔය උඩ ඉන්න ටොයියගෙ සම්බන්දෙ මොකක්ද ඉ-කාඩ් එකත් එක්ක

    ReplyDelete
    Replies
    1. //පින්තූරය: "ඉ හැඳුනුම්පත" Google search results වෙතිනි.//

      Delete
  9. තවත් උලව්වක් ඒ පාර

    ReplyDelete
  10. රාජ්..! රාලහාමිලා කිව්වේ ග්‍රාමසේවක රාලහාමිලාට නේද?

    ReplyDelete
  11. රාජ්
    අලුත් හැඳුනුම්පතක් දෙන එක නම් හොඳයි නමුත් මේකෙන් මහජනතාවගෙ පුද්ගලිකත්වයට රජය ඇඟිලි ගහන්නයි හදන්නෙ.කාටහරි පැහැදිලි කරන්න පුලුවන්ද ඕකට මොකටද ඇඟිලි සලකුනු ගන්නෙ කියලා?මුලු රටම අයි ආර් සී කාරයොද? මේකෙන් හැමෝගෙම විස්තර රජය එකතු කර ගන්නවා.මේ දත්ත ඕනම ක්‍රමයකට පාවිච්චි කරන පුලුවන් බව පේන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. අවධානය යොමුකරන්න ඕන, හැඳුනුම්පතකට ඇත්තටම ඇඟිලි සලකුණු ඕනද? ඇඟිලි සලකුණු අනුව බාර්කෝඩ් එක හැදෙනව විතරක් නං අවුලක් නෑ. මටත් මේ කාරණාව අපැහැදිලියි. මේ වගේ රටේම මිනිස්සුන්ගෙ ඇඟිලි සලකුණු ගන්න තවත් රටවල් තියනවද දන්නෙ නෑ?

      Delete
    2. ඔහොම ගියාම ඩීඑන් ඒත් ගනියි..

      Delete
    3. මැද පෙරදිග රටවල (UAE, කටාර්) ඇඟිලි සළකුණු විතරක් නෙවෙයි, ඇසේ කණීනිකාවත් ස්කෑන් කරනවා. ඇඟිලි සළකුණුත්, ඇඟිලි තුඩු විතරක් නෙවෙයි සම්පූර්ණ ඇඟිල්ල (අැඟිලි දහයම) සම්පූර්ණ අල්ල, අතේ මහපට ඇඟිල්ලට විරුද්ධ පැත්තේ දාරය ආදී සියල්ලම ස්කෑන් කරනවා.

      ඇඟිලි සළකුණු ගන්නේ තීන්ත ආලේපිත පෑඩ් භාවිතා කරල නෙවෙයි. ස්කෑනරයක් භාවිතයෙන්. (සාමාන්‍ය document scanner එකක් වගේ නමුත්, අධී සංවේදී) ඡායාරූපය ගන්නෙත් ඒ වෙලාවෙමයි.

      රටේ සියළුම දෙනාගේ ඇඟිලි සළකුණු ගබඩා කර තබාගන්නේ, ක්ෂණිකව පුද්ගලයා හඳුනාගැනීමට වෙන්න පුළුවන්. ඒත් ලංකාවේ නම් ඕවා අවභාවිත වෙන්න තියෙන ඉඩකඩ වැඩී.

      Delete
  12. මේ වැඩේ කරන එකනම් හොඳයි. දවසක් මෙහෙදි අපේ ලංකාවේ අයිඩී එක පෙන්නුවා යම් කිසි වැඩකට. ඌ කිව්වා මෙහෙම එකක් අර ඉස්සරහ කඩේට ගියාමත් හදාගන්න පුළුවන්නේ කියලා. කින්ඩියට නෙමේ කිව්වේ. ඒකේ තියෙන නොවැදගත්කම. හැබැයි රාජ් මේ කියන විදිහට ලේසි පාසු වැඩක් නෙමේ වගේ.

    පාස්පෝට් එකට ෆොටෝ ගන්න කොට කණ්ණාඩි ගලවන්න කියන්නේ ඇයි? ඒ නීතිය මේ රටේත් තියෙනවා. හේතුව මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ට්‍රෙිනින් එකේදි පෙන්නුවලු පිටරටවල හැඳුනුම්පත් කිහිපයක්. ඒ ආකෘතියට තමයි මෙහෙත් හැදෙනව කියන්නෙ.
      කණ්නාඩි ගැලවිල්ල ගැන නං දන්නෙ නෑ අරූ

      Delete
    2. කෙලවියං කිව්වලු

      Delete
    3. උපැස් එක්ක ගත්තොත් ඇස් නොපෙනේ. ඇස්වල පාට අනන්‍යතා ලකුණකි.
      උපැස් නැතුව ගත් ෆොටෝව හා සැබෑ ඩයලය සැසඳීමට කළ යුත්තේ උපැස් ගැලවීම පමණි. උපැස් ඇතිව ෆොටෝව ඇතිවිට පසුව contact lens හෝ දමා ඇත්නම් එය කළ නොහැක.

      Delete
    4. තව කාරනයක් තමයි කන්නාඩි ෆ්රේම් වල උඩ දාරය බොහෝ විට ඇහි බැම කවර් කිරීම.

      ඇහි බැමේ හැඩය, ගනකම, සාමාන්යයෙන් facial recognition වල වැදගත් ෆීචර්ස්.

      Delete
    5. උපැස් යුවල එක්ක ෆොටෝ අනුමත වෙනවා නමුත් ඒවයින් ඇහේ ෆීචර්ස් කවර් වෙන්නේ නැතිව. (මෙහෙම කියන්නේ මගේ නම් හැම ඩොකියුමන්ට් එකක්ම තියෙන්නේ ස්පෙක්ස් එක්ක හින්දා. )
      ඇස් කන් වගේ හා ඇඟිළි සලකුණු හරහා බොහෝ දේවල් හෙලි කරගන්න පුළුවන්. ඒවා එකිනෙකාට අනන්‍ය ස්ටයිල් තියෙන්නේ.

      Delete
  13. රාජ් කොහොමද කාලෙකින් නේද .
    අද ටිකක් කන්තෝරුවෙ වැඩ වැඩි. ඉතින් මම ගෙදර එන ගමන් පාලගෙ පොට් එකට ගිහින් බාගයකුත් අරන් ආවා.
    දැන් මේ ඒක ගහල ගෝලිප් එකකුත් බොන ගමන්.
    කෝ අපේ මාතලන් දැක්කෙ නෑ අද දවසටම.
    බඩගිනියි බත් ඩිංගකුත් කාලම එන්නංකො ආයෙ.
    - මීට හොඳ ඇනෝ

    ReplyDelete
    Replies
    1. එළ එළ. අන්න එහෙමයි ඉන්න ඕන.

      Delete
    2. ඇනෝ බත් කාල එන්ඩ ඈ.මං බලාගෙන ඉන්නව.

      Delete
    3. ඇනෝ මමනම් බත් ටිකක් කාලා, මාර්ල්බොරෝ ලයිට් එකක් පත්තුකරගත්තා. තාම ඔෆිස් එකේ නිසා බොන්ඩනම් විදියක් නැහැ....ඉක්මනට වරෙන් බන්...

      Delete
    4. ඔක්කමල්ල රැවටුන නේ

      Delete
    5. මේ හොර ඇනෝ කෙනෙක්ද කොහෙද. මොකද ඔය උඩ කොමෙන්ට් එක වෙනදා තියෙන එව්වා තරං රහක් නෑ. දැක්ක ගමන් මට හිතුනා වෙන එකෙක් ලියපු එකක් කියලා.

      Delete
    6. අනේ බලහන් මේ යකා නිසා අර ආතල් ඇනෝ යන්න ගිහින්. එ මදිවට හිතේ අමාරුවට ත්ව බියර් එකකුත් ගහලා.

      Delete
    7. අන්න ඌ යන ගමන් මාතලන්ගේ පැත්තේ ගිහින් හිතේ දුකට තව කාලක් ගහලා

      Delete
  14. Replies
    1. ඔය පාරෙ පයින් යත්දි දකුණෙන් යන්න කිව්වට අපෙ උන් යන්නෙම වමෙන්……
      ලයිසොම ගත්දි වාහනයක් ඉස්සර කර යාමේදී දකුණෙන් ඉස්සර කරන්න කිව්වට අපෙ උන් වමෙන් ඉස්සර කරනවා හරි ලස්සනට බලන් ඉන්න ආසයි……
      ඒ ලයිසොම ගත්දිම වාහන වමෙන් පදවන්න කිව්වට තදබද වෙලාවට දකුණු පැත්තෙ පදිකවේදීකාව උඩිනුත් වාහනේ ගෙනියනවා අපෙ අයියාලා……
      ඒ තියා සමහරක් කොච්චර දකුණු අතින් බත් කාපන් කිව්වත් ඉන්නවා කන්නෙම වම් අතින් (උන් අරක හෝදන අත මොකක්ද දන්නෑ.)……

      ඉතින් එහෙම එකේ අපේ රිළා හාමි ලාට ගෑණුන්ගෙ ඇඟිලි සළකුණු ගත්දි වම, දකුණ මාරු නොවී තියේවියෑ………… :) :) :D

      Delete
    2. ඒ තියා සමහරක් කොච්චර දකුණු අතින් බත් කාපන් කිව්වත් ඉන්නවා කන්නෙම වම් අතින් (උන් අරක හෝදන අත මොකක්ද දන්නෑ.)……////
      මෙහෙම කියන්න එපා බොලන් මමත් හරි අමාරුවෙන් හුරු උනේ දකුණට,එත් ලියන්නෙ,බයිසිකල් වලට නගින්නෙ,වගේ ගොඩක් වැඩ කරන්නෙ දකුණු අතින් නෙවෙයි ...මෙවා හිතලා කරනම එවා නෙවෙයි .... :((((

      Delete
    3. අඩෙ අප්පා… ඒක මම උපහාසයට ලියපු එකක් මිස අපහාසයට ලියපු එකක් නෙමේ…

      සමාවෙයන් සහෝ, උඹලා ඕක හිතලා ක‍රන එකක් නෙමේනෙ.

      Delete
    4. බලමු සහයට කාන්තාවක් ඉන්නවලුනෙ. උඹල වම දකුණ මාරු කරගත්තට කමක් නෑ. අනිත් ඒව මාරුකරගන්නෙ නෑතිව

      Delete
  15. වැඩ වැඩි දවසටත් උඹ බාගයක් ගහනවද බන්

    ReplyDelete
    Replies
    1. මගෙන්ද ඇනෝගෙන්ද ඇහුවෙ? මම නං ඉතිං ගහන්න ඕන කියල හිතුනම ගහනව. :-)

      Delete
  16. ලංකාවේ නීතිය අනුව අයිආර්සී පොරකගෙන් අැරෙන්න ඇගිලි සලකුණු ගන්න අයිතියක් නැහැ නේද?


    අනේ මචං ඇනෝ උඹ බීල වරෙන් මේක කියවන්න.. එතකොට තමා ආතල් හොදේ...

    ReplyDelete
    Replies
    1. එහෙම නීතියක් ගැන නං දන්නෙ නෑ. කොහොමත් මේ ගොල්ලට අපි අයිආර්සී වගේ තමයි පේන්නෙ.

      Delete
    2. //අයිආර්සී පොරකගෙන් අැරෙන්න ඇගිලි සලකුණු ගන්න අයිතියක් නැහැ නේද?//
      එහෙනම් දේශාගෙ ගත්තට අවුලක් වෙන එකක් නෑ මයෙ හිතේ… :D

      Delete
  17. ඇඟිලි සලකුණු ගන්න එකේ නම් ප්‍රශ්නයක් නෑනේ. අපි ඔය සමහර රටවල්වලට යනකොටත්, රටට ඇතුල්වෙද්දි බලන එකේ අපේම රටේ එහෙම කලාට කමක් නෑ කියලා හිතනවා...අලුත් ඉ...හැඳුනුම් පත්‍ර දෙන්ට හේතුව මොකක්ද?

    අර උඩින් තියෙන්නේ ඒකට ගත්තු පින්තූරයක්ලුද? :P

    ReplyDelete
    Replies
    1. හේතුව කාර්යක්ෂමතාවය වැඩිකිරීම තමයි. ඩේටාබේස් එකක් තියන එක හොඳයි නෙව.

      අනේ මංද පොඩ්ඩි "ඉ හැඳුනුම්පත" කියල සර්ච් පාරක් දුන්නම ගූගල් දෙයිය තමයි ඕක දුන්නෙ. මම දැම්ම පේ අයියල ගැන හිතල

      Delete
    2. ඈ පොකු
      ඔයා ඉන්න රටේ හැඳුනුම්පතක් කියල එකක් නෑ නේද? ලයිසමනෙ ඒ වෙනුවට පාවිච්චි වෙන්නෙ.ඇඟිලි සලකුනු ගන්නෙ කොහෙද? අම්මට සිරි ලංකාවෙ ඕව ගත්තහම මොනවට පාවිච්චි වෙයිද කියල සක්කරයටවත් කියන්න බෑ.මිනිස්සුන්ගෙ පව්ද්ගලිකත්වයට දියියන්ගෙම පිහිටයි. අර ශිරානි නෝනගෙ බැංකු ඉනුම්වල විස්තර අරගෙන තියෙන්නෙ කොහොමද? අන්න ඒ වගේ.

      Delete
  18. පළමුව දොඩම් රැක්කා
    දෙවනුව දෙළුම් වික්කා
    පසුව වට්ටක්කා
    වැලක එල්ලී සිටිනු දැක්කා

    ReplyDelete
  19. හප්පේ...
    මයිංද0 මාමි දියුණු වෙලා තින තලමක්...
    ඌ......
    පවූූූූූූ

    ReplyDelete
  20. මේක ප්‍රායෝගිකද මන්දා . වැඩක් නැති වැඩක් කියලා තමා මට නම් හිතෙන්නේ .....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේක හොඳයි මොන අඩුපාඩු තිබුනත්

      Delete
  21. මම අවුරුදු 23ක් ජීවත්වෙච්ච ඕමාන් වල පුරවැසියන්ටත්, අපි වගේ එක්ස්පැට්ලාටත් ,ඉ අයිඩෙන්ටිටි කාර්ඩ් ( පාස්පොර්ට් සහ රෙසිඩන්ට් පර්මිට් ලෙස ) දීලා තිබුනා. චිප් එකක් එක්ක එන නිසා ඉ කාර්ඩ් එකේ ගොඩාක් තොරතුරු ඇතුලත් වෙනවා. ඉ කාර්ඩ් එක උපරිම ලෙස ෆන්ක්ෂන් වෙන්න නම් මුලු රටම නෙට්වර්ක් එකකට කනේක් කරලා තියෙන්න ඕනි මයේ හිතේ.
    සාමාන්‍යයෙන් ඔය ඉ අයිඩෙන්ටිටිය පාවිච්චිකරලා නෙට්වර්ක් එකක තියෙන රටක ගොඩාක් ආණ්ඩුවත් එක්ක තියෙන ගනුදෙනු කරගන්න පුලුවන් එතකොට. උදාහරණයකට අපි එයාපොර්ට් එකෙන් පිට වෙනකොට ඊ ගේට් එක හරහා ඔය කාර්ඩ් එක ස්ව්යිප් කරලා ඉමිග්‍රේෂන් ක්ලියර් කරන්නේ. එතකොට පාස්පොර්ට් පෝලිමේ ඉන්න ඕනි වෙන්නේ නෑ.
    රාජ් මේ සම්බන්ධව අපිව දැනුවත් කරයි කියලා මම හිතන්නේ. කාට හරි මතක නම් දැන් වේරහැර තියෙන රියදුරු බලපත්‍ර දෙන කන්තෝරුවෙ ඔය විදියට ඉ ලයිසන් දෙනවා. ඉල්ලුම් පත්‍රය පවා ඩිජිටලි ප්‍රින්ට් වෙලා හරිම එෆිෂන්ට් විදියට නිකුත් කරන චිප් එකක් එක්ක ඉ ලයිසොමක් මටත් හම්බුනා ආපහු ආවට පස්සේ.
    කවුරු මොනවා කිව්වත්, මොකා සල්ලි පිල්ලි ගැහුවත්, මේක හොඳ වැඩක්....
    රාජ් කරුනා කරලා අපිව තව දැනුවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. මාත් හරියටම දන්නෙ නෑ මචං. මේ සබ්ජෙට් එක කරන නංගි කෙනෙකුගෙන් තමයි යම් යම් විස්තර අහගත්තෙ.
      වැඩේ තියෙන්නෙ මේවායෙදි කවුරුත් හාරල අවුස්සන්නෙ නැතිවීම. උඹ ඔය අහන 'අරමුණු' මටත් ප්‍රශ්නයක්. පුහුණු වැඩසටහන් වලට අපි සම්බන්ධ වෙන්නෙ නැති නිසා අහගන්න කෙනෙක් ඇත්තෙත් නෑ. කවුරුත් බලන්නෙ ඩියුටිය හරියට කරන්න. මූලික අරමුණ මොකක්ද කියලවත් මේ නිසා ඇතිවන වෙනස මොකක්ද කියලත් අහගන්න කෙනෙක් නෑ. :-)

      Delete
    2. රාජ් මේ ලිපිය හොද ආරම්භයක්. මේ වැඩේ පටන් ගත්ත විතරයි. මම මේ ගැන යමක් දන්න නිසයි කියන්නේ. මේ තුළින් බලාපොරොත්තු වෙන්නේ පුද්ගල අනන්‍යතාවය නිවැරදිව තහවුරු කිරීම (මූලිකව) දීර්ඝ කාලීන අරමුණ නම් එකිනෙක සම්බන්ධ වන්නාවූ පුද්ගල තොරතුරු ජාල පද්ධතියක්යක් ඇති කිරීම.(සිංහල වචනය හරිද දන්නේ නෑ) උදා:- මුහුණ හෝ වෙනත් සළකුණක් හදුනාගත නොහැකි මළ සිරුරක් ඇගිලි සලකුණු මගින් හදුනා ගත හැකිය. වැඩසටහන බලාපොරොත්තු වන ආකාරයට සාර්ථක වුවහොත් බැංකුවකදී පාස්පොත් හෝ හැදුනුම්පතක් ඉදිරිපත් නොකර උනත් මුදල් ලබා ගැනීම ඇතුළු සියළු කටයුතු ඇගිලි සලකුණු මගින් කළ හැකි නේද? ( මූලික වශයෙන්නම් වියදමක් දරන්න වෙනවා තමයි.)

      Delete
  22. මචං රාජ්..ඔය ෆින්ගර් ප්‍රින්ට්ස් ගන්නත් ඕනි ඩිජිටලි නේද ඔය වැඩේට ? නැත්නම් මැනුවලි අරන් ස්කෑන් කරනවද? UK වීසා ඇප්ලිකේෂන් එකේදි නම් ඩිජිටලි තමයි ප්‍රින්ට්ස් ගන්නේ, එහෙම ක්‍රමවේදයක් තියෙනවද ඔය රාලහාමිලා ලඟ? වියදම් අධික උනත් වැඩේ ලේසි නැද්ද එහෙම? ඈ මං අහන්නේ..?

    ReplyDelete
    Replies
    1. මැනුවල් ගන්නෙ. ඒකනෙ අර තින්ත පෑඩ් ඕන

      Delete
  23. ඇගිලි සලකුණු වැඩේට වඩා කනේ වෙනම පොටෝ එකක් දැම්ම නම් හරි.මොකද මං අහලා තියනවා එක වගේ ඇගිලි සලකුණු 2ක් තිබීමේ සම්භාවිතාවට වඩා එක වගේ කන් 2ක් තිබීමේ සම්භාවිතාව අඩුයි කියලා.හැබයි ඕකත් අලුත් ල්යිසොන් 1 වගේ වෙයිද දන්නෙ නෑ.ඒක මෙලෝ රහක් නෑ.ටික දවසක් ‍යද්දි අකුරු මැකෙනවා.

    ReplyDelete
    Replies
    1. අලුත් ලයිසමේ අකුරු මැකෙනවද?

      Delete
    2. අර සිම් එක වගේ තියෙන සොර්කිට් කෑල්ල නම් කැඩෙනවා.

      Delete
  24. අර ජෙප්පෝ කිව්වා වගේ මේ රටේ භූමි පුත්තරයන්ට අහවල් එකටෙයි අයින්ටියක් කියලා මාත් හිතුවා. ඒත් ඉතින් කල්ලතෝනි ඉතරක් නෙමෙයි නේ බං දැන් පක්කොත් එනවනේ, උන් නම් අවුලක් නැතෙයි කියමු. තලෙයිබාන්ලත් එනවලු. ගෑණුද පිරිමිද කියලා අහගන්න වෙන්නෙ පැරකුම් ජයසිංහගෙන්. ඊට පස්සේ උඹලා අර අහිංසක නානසාර හාන්දුරුවන්ට අරවා මේවා කියනවා.

    ReplyDelete
    Replies
    1. මේ රටේ භූමි පුත්තරයන්ට අහවල් එකටෙයි අයින්ටියක්
      අන්න කතාව!

      Delete
  25. විය යුතු දෙයක් ......
    ප්‍රශ්නය ඇගිලි සලකුණු......
    සමහර රටකට ඇතුළු වෙද්දි නම් අපේ ඇගිලි සලකුණු ගන්නෙ වෙනත් හේතු නිසා.....
    ඇගිලි සලකුණු ගන්න වැඩේට අමතර සේවකයොත් බදව ගනියිද මචං .....?
    එහෙම වුනොත් මං බැලුවෙ ...........

    ReplyDelete
    Replies
    1. මාත් මේකට කැමතිියි. අමතර සේවකයන් නෑ බං. ග්‍රාමසේවක රාලහාමිලා වැඩේ කරන්නෙ.
      ඇඟිලි නැතුව වෙන මොකක්හරි එකක සලකුණු ගන්න ඕනවුනොත් උඹව ගන්නං :-)

      Delete
  26. ඔය ඇඟිලි සළකුණු වැඩේ නං කිරිමෙල් එකක්.

    ReplyDelete
  27. මේක කරන්න ඕනේ වැඩක්.නමුත් මොන දේකටද මේ හැමදේම ගෝඨාගේ යටතේ තියෙන අමාත්‍යංශ වලින් කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා මට.

    ReplyDelete
    Replies
    1. මේකනේ මනෝජ්, වැඩක් හරියට කරන තැනකට ඕනනේ ඒ වැඩේ බාර දෙන්න.

      Delete
    2. එහෙම සැකයක් ඇතිවීම සාධාරණයි.

      Delete
    3. //වැඩක් හරියට කරන තැනකට ඕනනේ ඒ වැඩේ බාර දෙන්න.//
      ඔය විදියට හැමෝම හිතුවොත් ඇනෝ මේ රට හමුදාකරණය වෙන එකනම් වලක්වන්න බැරි වේවි.අනික් අතට හැමදේම හරියට කරන්නේ එයලා විතරයි නම් මේ තරම් ඇමති මණ්ඩලයක් තියන් ඉන්නේ මොකටද?

      Delete
  28. ඇඟිලි සලකුණු ගන්න එකේ වරදක් නැහැ. විශේෂයෙන්ම අපරාධ විමර්ෂණ වැඩ වලදී මේක හරිම ප්‍රයෝජනවත් දෙයක්. මම වැඩ කරපු ඇතැම් රටවල මේ ක්‍රමය තියෙනවා. ඒ වගේම රටේ ආයතන කිහිපයකට, ඒ කිව්වේ පොලිසිය/ රෝහල්/ ඩීඒ ඔෆීස්/ ඉන්ටනල් එයාර්පෝට්ස් වගේ තැන්වලට නෙට් වර්කින් සිස්ටම් එකක් තියෙනවා. නමුත් හැමෝටම ඒවට ඇක්සස් නැහැ. ටෙම්පරි ඇක්සස් සිස්ටම් එකක් මගින් සාමාන්‍ය භාවිතයට ඉඩ දීලා තියෙනවා. වැඩි විස්තර සහිත වැඩකදී ඒ සඳහා වෙනම ඇක්සස් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ආගමන විගමන වැඩ වලදී, හදිසි අපරාධයකදී, රෝගියකු හඳුනාගැනීමේදී වගේ දේවල් වලදී නෙට් වර්ක් එක හරහා තොරතුරු අරගෙන වැඩ කරන එකෙන් බොහෝමයක් කාලය ශ්‍රමය ඉතිරි වෙනවා. නැත්තං ඉතිං මෙහෙ විදියට අපරාධයක් උන වෙලාවට ඔන්න එතන ඇගිලි සලකුණු අරං ඕක අරෙහෙට මෙහෙට යවලා බලද්දිම සති ගාණක් ගිහින්. ඒත් එහෙම ඇගිලි සලකුණුවලින් හැම අපරාධ කාරයම හොයන්නත් බැහැ. මොකද මුල් වතාවට අපරාධයක් කල එකෙකුගේ ප්‍රින්ගර් ප්‍රින්ට්ස් රජය සතුව නැහැනේ. ඔය ක්‍රමය යටතේ දවසක් ඇතුලත අපරාධ කාරයා හදුනගෙන අත් අඩංගුවටත් ගන්න පුළුවන්. (ඕනනං විතරක්)
    මේක රටේ නීතිය බලාත්මක කරන්නත්. අපරාධ මර්ධනය හා අපරාධ අවම කිරීමටත් හේතු වෙන දෙයක්.
    හැබැයි මේකට අකමැති අයත් ඉන්නවා. ඒ ඒ අයගේ විවිධ වැඩ වලට මේක කරදරයක් වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මම ලියන්න හිතුවෙත් ඔය ටික තමයි.

      Delete
    2. බොහොම ස්තුතියි ඇනෝ. ඔබ කියනව වගේ පළමු වතාවට අපරාධයක් කරන තැනැත්තෙකු හඳුනාගැනීම ගැන හිතුවම මේක සෑහෙන්න වැදගත්. අපරාධ විෂමාචාර ඇල්ලීමට පමණක් මේක යොදාගනිත්වා කියල පතමු

      Delete
  29. ඕකට සල්ලි චීන ණය ආධාර වලිංද බං...

    ReplyDelete
    Replies
    1. මංද සල්ලි නං.... චීනෙන් වෙන්නත් ඇති. වෙන කවුරු දෙන්නද!

      Delete
  30. ඒපාර තව එකක්...

    මේකත් අර පෝලිමේ ඉඳල එතන වැඩ කරන උන්ට අත යටින් දෙන්න වෙන වැඩක්..

    ReplyDelete
    Replies
    1. එහෙම නං වියදමක් යන එකක් නෑ. හැබැයි ඉතිං මේක අවුරුදු 5න් 5ට අලුත් කරන්න ඕන.

      Delete
  31. //පින්තූරය: "ඉ හැඳුනුම්පත" Google search results වෙතිනි. // ලෙස සඳහන් කිරීම වැරදියි. ඔබ හොයන්න භාවිතා කලේ Google image search එකක් වුවත් පින්තුරයේ හිමිකරු ගුගල් නොවේ. පින්තුරයක්කට නියම ක්‍රෙඩිට් එක දීමට නම් එය මුලින්ම පළවූ ස්ථානයේ url එක පළකරන්න. නැත්නම් නොකර සිටින්න.

    ReplyDelete
    Replies
    1. "පින්තූරය: "ඉ හැඳුනුම්පත" Google search results වෙතිනි" යනුවෙන් සඳහන් කර ඇත්තේ කාටවත් ක්‍රෙඩිට් දීමට නොවේ. ඉ හැඳුනුම්පතට කිසිදු අදාලත්වයක් නැති ඡායාරූපයක් 'සෙවීම්' තුලින් ලැබීමේ හාස්‍යජනක විහිළුව මතුකිරීමටය එම වැකිය ඇතුළු කලේ. ඔබට එය වටහාගැනීමට‍ නොහැකි වීම කණගාටුවට කරුණකි.

      Delete
    2. ශුද්ධ හිංගලෙන් කියනවා නම් මේ පෝස්ට් එක කියවපු ගමන් මමත් කලේ ඔය වචනේ සර්ච් කොරලා බලපු එක. ;) මදෑ… රාජ් අයියා තෝරන් තියෙන්නෙ අන්තිම හොද ෆොටෝවක්නෙ කියලා හිතුනා. හැක් හැක්. ;) :D

      Delete
    3. පත්තර කාරයෝ රෙෆරන්ස් දෙන්නේ අන්තර්ජාලය ඇසුරෙන් හෝ පතපොත ඇසුරෙන් කියාය කවදාවක් පොතක නමක් හෝ url එක සඳහන් නොකරයි.එසේම සමහරක්ක් බ්ලොග් කරුවන් පින්තුර ගත් තැන ලෙස ලියන්නේ "Google search results වෙතිනි" යනුවෙනි. වැරදි අවබෝදයක් ඇතිවූවා නම් සමාවන්න

      Delete
  32. හොඳයි ඔය මල දානේ කොහොම හරි කරා කියමුකෝ. ඊළඟට ඔව්වයේ වැරදි එලෝකෝටියට අහුවෙන්න ගන්නවා කල්යනකොට. එව්වා හදන්නත් සල්ලි අපෙන්. ඊළඟට කවුරු හරි ඇමෑත්ත පාත්තයෙකුගේ ඔලුවට කොම්පැනි කාරයෙක් දානවා අදහසක්. හැම පුරවැසියාගේම ඇඟේ උපදිනකොටම මයික්‍රෝ චිප් එකක් හයි කොරමු කියලා. කොමිස් කුට්ටිය දැකලා කෙල බේරෙන ඇමෑත්ත පාත්තයා වහාම ඒක පටන්ගන්න දත කනවා. අනේ කාලේ වනේ වාසේ.

    ReplyDelete
  33. රාජ්..දැන් තමයි වෙලාවක් ලැබුනෙ හරියට කොමෙන්ට් එකක් දාන්ට.
    ඉ හැඳුනුම්පතක් එන එකන් හොඳයි දැන් තියෙන 'හුචක්කුවට' වැඩිය.නමුත් ඒ වගේ එකකින් ප්‍රයෝජන ගන්ට අපේ රටේ 'ඉ' තාක්ෂනය දියුණු වෙලාද කියන එකඉ ප්‍රශ්නෙ. පසුගිය කාලෙ බටහිර රටවල් කීපයක් 'ඉ' කාඩ් එක ගේට උත්සහ කලා. නමුත් වියදම වැඩි නිසා අතHඅරලාඅ දැම්මා. දැනට තියෙන එකම වාසිය රටේ 'ආරක්ෂාව' සඳා මේක යොදා ගනීම. මේ කාඩ් එක නිසා රටේ ඉන්න සෑම පුරවැසියෙකුගේම පැටිකිරිය ඩේටබේස් එකකට 'එන්ටර්' වෙනවා. ඒවා කොයි විධියට පාවිච්චි වෙයිද කියලා අපිට තාම කියන්ට බෑනෙ. නමුත් පුද්ගලයාට කොයිතරම් වාසියක් තියෙයිද කියන එකනං මේක ගේන අයම තමයි දන්නෙ. හදිසි අනතුරකදී නං ප්‍රයෝජනවත් වෙයි කාගෙ කවුද, ලේ වර්ගය ආදි විස්තර සටහන් වෙලා තියෙනවානං.

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ප‍්රශ්නේ මේක. අපේ රටේ මේ වගේ දෙයක් මොන විදියට පාවිච්චි වෙයිද කියන එක. වඳුරට දැලි පිහිය අහු වුනා වගේ වෙයි කියලයි මට නම් බය.

      Delete
  34. වැඩේ නම් හොදයි හැබැයි.. හැබැයි ක්‍රියාත්මක වීම කොහොම වෙයිද කියන එකයි ඉතින් තියෙන ප්‍රශ්ණේ..

    ReplyDelete
  35. Heya i'm for the first time here. I found this board and I find It really useful & it helped
    me out much. I hope to give something back and aid others like you helped me.


    my blog - Fallen Arch

    ReplyDelete
  36. දෙන් මේ විප්‍රවාසෙ ඉන්න අපෙයි අපේ පොඩි උන්ගෙයි එව්ව කොහොමද ගන්නෙ රාජ් මහත්තයෝ ? අපිත් රාළහාමි හොයන් යන්න ඕනෙද ? අවුරුදු දහයකට එකොලහකට පස්සෙ මං දන්න රාලහාමියෙක් නෑ !

    ReplyDelete
  37. එතකොට පොලිසි වලට බාර් කෝඩ් රීඩර් එහෙමත් දෙන්න වෙයි නේ?

    ReplyDelete
  38. හොරට සෙටිෆිකෙට් අනම් මනම් හදන මිනිස්සුන්ට තමයි ඕවලින් බඩේ පාර වදින්නේ, මේ රටට අපි එද්දී අපේ ඇස් වලින් (කණ්නාඩි නැතුව ) දබර ඇගිලි වලින් සලකුණු ගන්නේ , අපි වරදක් කරලා අහු වුණාම හරි වෙන උවමනවකදී හරි අපෙන් අහන්නේ පාස්පෝර්ට් නම්බර් එක විතරයි අපේ මුළු හිස්ට්‍රි එකම තියෙනවා, හොද දෙයක් , ඒ වගේම ලිපියට ස්තුති, ඒත් අපේ රටේ තව ක්‍රමවත් කරනවා නම් කොච්චර අංශ තියෙනවද කරන්න

    ReplyDelete
  39. Not only finger print,but there should be DNA tests also.

    ReplyDelete
  40. ඔය වැඩෙ නම් හොදයි.එත් අර රාලහාමි කියන්න වගෙ ඔකෙන් ආන්ඩුව ලොකු ගානක් මිනිස්සුන්ගෙන් කඩා ගන්නව.උප්පැන්නෙ පිටපත්කටත් 100/=.තුවක්කු ලයිසමට අවුරුද්දකටත් 100/= කොහොමද පි බි මහත්තයගෙ සාධාරනෙ

    ReplyDelete
  41. මේක අත්‍යවශයෙන්ම වෙන්න ඕනා දෙයක්.. අර තියන අයිඩෙන්ටිය මෙලෝ රහක් නෑ.. ෆොටෝ ශොප් දන්න ඕන එකෙකුට ඒකක් හදා ගන්න එක මහලොකු ගේමක් නෙමේ.. ඔය අයිඩෙන්ටියත් එක්ක අපි යුද්දෙකුත් කරපු එකනම් ඇත්තෙන්ම ලෝක පුදුම ලයිත්තුවට යන්න ඕනා වැඩක්...

    ReplyDelete
  42. මං හිතන්නෙ නෑ මේක ප්‍රායෝගික වෙයි කියලා. දැන් බලන්න වාහන දුම් පරීක්ෂණය...කොච්චර නම් ජරාව කාලා වාහන පාස් කරනවද....

    ReplyDelete
  43. I don't even know how I ended up here, but I thought this post was great.
    I don't know who you are but certainly you're going to a famous blogger if you are not already ;) Cheers!


    My web-site; legal party pills

    ReplyDelete
  44. people who say this is a good work please see this article. http://ravaya.lk/?p=3798.

    ReplyDelete